IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මෝදි සුළඟ ලංකාවට කෙසේ හමයිද?

තුන්වැනි වරට ද පත්වන නායකයකු ලැබිය හැකි උපරිම ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි පෙරේදා (ජූනි 5) සමත් වූවේ ය. ඇතැම් මාධ්‍ය විසින් උලු‍ප්පා තිබුණේ මෝදි පරාජිත ජයග්‍රාහකයකු ලෙසිනි. ඇත්ත වශයෙන්ම එය කරුණු නිසි පරිදි නොදැන හෝ හිතාමතා කරුණු විකෘති කරමින් කළ අර්ථකථනය. ඇතැම්විට ඔවුන් මෝදිගේ ජයග්‍රහණ අපකීර්තිමත් කිරීමට සිතුවා විය හැකිය.

මෙම ලිපිය තුළ නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය, එහි සුවිශේෂ අවස්ථා, එම ජය ඉන්දියාවට සැබෑ ජයග්‍රහණයක් වන්නේ කෙසේ දැයි සේම එය ලංකාවට බලපානු ඇත්තේ කෙසේ ද සාකච්ඡා කරනු ඇත.

නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හා එම සන්ධානය ජූනි 5 වැනි දින නිකුත් කළ ප්‍රතිඵල අනුව සමස්තයක් වශයෙන් ආසන 292ක් ලබාගෙන ඇත. එම සන්ධානයට එරෙහිව තරග වැදි රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු ‘ඉන්දියා’ (I.N.D.I.A) නමින් හැඳින්වෙන සන්ධානය ලබාගෙන ඇත්තේ ආසන 233කි. ඉන්දියානු ලෝක් සභාව හෙවත් පාර්ලිමේන්තුව ආසන 543කින් සමන්විත වන අතර ඉහත සන්ධාන දෙක මගින් ගත් ඒවාට අමතරව ඉතිරි ආසන 18 සෙසු කලාපීය පක්ෂ විසින් දිනාගෙන ඇත.

මෙවර තනි පක්ෂයක් ලෙස ගත් කල භාරතීය ජනතා පක්ෂය පසුබෑමකට ලක්ව තිබෙන බව පැහැදිලි කරුණකි. ඔවුන්ගේ සංඛ්‍යාව ආසන 240කි. 2014 දී එම පක්ෂය ආසන 282ක් ලබාගත් අතර, 2019 දී එය 303 දක්වා වර්ධනය විය. කෙසේ වෙතත් මෙවර එය, 2019ට සාපේක්ෂව 63කි අඩුවීමකි. මේ අතර, කොංග්‍රස් පක්ෂය සිය ආසන ගණන තනි පක්ෂයක් ලෙස සැලකිය යුතු ලෙස වැඩි කරගෙන ඇත. 2014 දී එම පක්ෂ ආසන 44ක් ලබාගත් අතර, 2019 දී යම් වර්ධනයක් ලබමින් ප්‍රමාණය 52කට වැඩි විය. මෙවර ඔවුන් ආසන 99ක් ලබා ගැනීමෙන් පෙන්වා සිටින්නේ, 2019ට සාපේක්ෂව ආසන්න වශයෙන් එකට එකක වැඩිවීමකි.

මේ අතර, නරේන්ද්‍ර මෝදි මෙවර තෙවැනි වරටත් එක දිගට පත්වෙමින් වාර්තාවක් ද තබා ඇත. මෙම වාර්තාව මීට පෙර තිබුණේ ජවහල්ලාර් නේරු මහතාට ය. ඒ 1962 දී ය.

කිසියම් තනි පක්ෂයකට ලෝක් සභාවේ සරල බහුතරක් ලබාගැනීමට නම් ආසන 273 සීමාව ජයගත යුතු ය. මීට පෙර අවස්ථා දෙකේ දීම එම සීමාව ජයගත් මෝදී, මෙවර එය අහිමි කරගෙන ඇත. ඒ අනුව, ඔහු ආණ්ඩුව පිහිටුවනු ඇත්තේ තම සන්ධානය තුළ සිටින අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ චන්ද්‍රබාහු නයිදුගේ තෙළිඟු‍ දේශම් පක්ෂයේ ආසන 16 සහ බිහාර් හි නිතිෂ් කුමාර්ගේ ජනතා දාල් පක්ෂයේ ආසන 12 ද සමගිනි. මෙම පක්ෂ දෙකම මෝදිට දැනටමත් සහාය පළ කර ඇත.

මෝදිගේ පක්ෂයේ ඇතැම් ප්‍රාන්තවල පසුබෑම පිළිබඳ පසුවිපරමක් සිදුකිරීම අපට මේ යුගයේ මැතිවරණවල දී ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ යම් අදහසක් ගැනීමට සහාය වන්නේ ය. භාරතීය ජනතා පක්ෂයට සිය අපේක්ෂිත ඉලක්කය කරා යෑම අහිමි වන්නේ ඉන්දියාවේ වැඩිම ජනගහණයක් සිටින උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ පසුබෑම නිසා ය. 2014 දී භාරතීය ජනතා පක්ෂය එම මෙම ප්‍රාන්තයෙන් ආසන 71ක් ලබාගත් අතර, 2019 දී එය 62කට අඩුවිය. මෙවර එය 33 දක්වා අඩුවී තිබේ. ආසන 80කින් සැදි එම ප්‍රාන්තයේ මෙවර වැඩිපුරම ආසන ලබාගෙන ඇත්තේ කොංග්‍රස් සන්ධානයේ සිටින සමාජවාදී පක්ෂයයි. ඔවුන් ජයග්‍රහණය කළ ආසන සංඛ්‍යාව 37කි. කොංග්‍රසය 6ක් ලබාගෙන ඇත.

උත්තර් ප්‍රදේශ ප්‍රාන්තය වත්මන් ඉන්දියානු මැතිවරණ සිතියම තුළ ප්‍රමුඛස්ථානයක් හිමිකරගන්නකි. ඒ භාරතීය ජනතා පක්ෂයේ මූලික දෘෂ්ටිවාදී පදනම වන හින්දුත්ව සංකල්පය එම ප්‍රාන්තය මූලික කරගනිමින් බාහිරව පෙනෙන බැවිනි. කලක් තිස්සේ පවතින හින්දු මුස්ලිම් සංවේදීතා පවතින්නේ මෙම ප්‍රාන්තයේ ඇති අයෝධ්‍යාහි ආගමික මධ්‍යස්ථානයක් මුල්කරගෙනයි. බාබරි මස්ජිද් නමින් හැඳින්වෙන 16 වැනි සියවසේ දී ආක්‍රමණික මෝගල් අධිරාජයකු ඉදිකළ බව පැවසෙන ප්‍රසිද්ධ මුස්ලිම් පල්ලිය, කලක සිට ගොඩනැගුණු ව්‍යාපාරයක ප්‍රතිඵල ලෙස 1990 දී කඩා බිඳ දැමුණි. හින්දු විස්වාස වන්නේ මෙම පල්ලිය ගොඩනගා ඇත්තේ රාම දෙවියන්ගේ ජන්මභූමිය සිහිවීම පිණිස තිබූ දෙවොල මත බවයි. ඒ අනුව පසුකාලීනව එහි රාම් දෙවොලක් ඉදිකළ අතර අගමැති මෝදි විසින් එය 2024 වසරේ දී විවෘත කරනු ලැබීය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මේ ආගමික සංවේදීතාව නිසාම හා එහි ජනගහණය හා ආසන සංඛ්‍යාව නිසාම ම සන්ධාන දෙකෙන් ම මෙම ප්‍රාන්තයට වැඩි බරක් යොදවනු ලැබීය. ඒ අනුව, භාරතීය ජනතා පක්ෂයේ ආගමිකත්වයට එරෙහිව, කොංග්‍රස් ප්‍රමුඛ සන්ධානය විසින් කුලය මතු පිටට ගෙන එන ලදී. ඔවුන් සිය ප්‍රචාරක කටයුතුවල දී අවධාරණය කළේ, භාරතීය ජනතා පක්ෂය ජයගතහොත් රටේ ව්‍යවස්ථාව වෙනස් කර, අඩුකුල ඩාලිත් වැනි ජනකොටස්වලට තිබෙන ව්‍යවස්ථාපිත ආරක්ෂාව හා වරප්‍රසාද නැති කරනු ඇති බවයි. එය පදනම් කරගෙන ගෙන ගිය භීතිය දනවන ව්‍යාපාරය මෝදිගේ ඡන්ද සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට හේතු විය. තවද තරුණ කොටස් අතර විරැකියාව මෙන්ම භාරතීය ජනතා පක්ෂ පාලනය මගින් ගව ඝාතනය තහනම් කිරීම ද ගොවියන් අතර නොරිස්සුමක් ඇති කළේ ය. ඒ අයාලේ යන ගවයින් ගොවීන්ගේ භෝගවලට හානි කිරීම වැනි කරුණු නිසා ය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ පාලක භාරතීය ජනතා පක්ෂය වෙත සාමාන්‍යයෙන් ලැබෙන වැදගත් ඡන්ද බැංකුවක් ඔවුන්ට එරෙහිව යෑමයි. එක් ප්‍රාන්තයකින් පමණක් ආසන 29ක් අහිමි වීම යනු සුළුපුටු දෙයක් නොවේ. ආන්ද්‍රා ප්‍රාන්තයෙහි නයිදුගෙන් හා බිහාර් හි නිතිෂ්ගෙන් යන දෙදෙනාගෙන්ම මෝදි ලබන ආසන 28ටත් තව එක් අසුනක් මෙයින් අහිමි විය.

 

මේ අතර, නරේන්ද්‍ර මෝදිගේ ගුජරාට් ප්‍රාන්තයේ ආසන 25න් 24ක්ම ජයගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකිවි ය.

නරේන්ද්‍ර මෝදි පසුගිය වසර 10ක කාලය තුළ ඉන්දියාව සැලකිය යුතු ලෙස යහපත් පැත්තට වෙනස් කළ නායකයෙකි. මේ වන විට එරට ආර්ථිකය සියයට 7.2 කින් පමණ වර්ධනය වෙමින් තිබේ. දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 3.4කි. 2022 වසරේ දී ඉන්දියාව එක්සත් රාජධානියේ ආර්ථිකය පසුකරමින් ලොව පස්වැනි විශාලතම ආර්ථිකය බවට පත්විය. 2027 වසරේ දී ඉන්දියාව විසින් ජර්මනිය හා ජපානය ඉක්මවා යමින් ලොව තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වන බව ගෝලීය මූල්‍ය ආයතන විසින් පුරෝකථනය කර ඇත. මෙම ගමනේ දී මේ වන විට බිලියන 1.3ක ජනගහණයෙන් මිලියන සිය ගණනක් දිළිඳු බවින් මුදාගෙන ඇත.

තත්වය එසේ තිබියදීත් ඡන්දදායකයන් එම පක්ෂය වටා පෙර පරිදි ගොනු නොවීමෙන් අපට කියා පාන්නේ කුමක්ද? ඒ අනෙකක් නොව, වර්තමාන සමාජ මාධ්‍ය යුගයේ ජන කොටස් අතර දිගට හරහට ඇතිකර තිබෙන ද්‍රවීකරණයයි ((polarization). අද මෙය ආසියාවට පමණක් නොව, යුරෝපය හා ඇමරිකාව වැනි රටවල මැතිවරණවලට ද බෙහෙවින් බලපා ඇත. විවිධ සමාජ මාධ්‍ය මෘදුකාංග මගින් මහජන මනස් ස්වකීය ප්‍රමුඛතාවලින් ගලවා වෙනත් කෘතීම තත්වය තුළ ගල්වා තැබීමට උත්සාහ කරනු ඇත. ඒ මතට දුස්තොරතුරු (misinformation)  හා තොරතුරු මුළාව (Mal-information)  මුදාහැර අද සමාජ කතිකාව දූෂණය කර ඇත. ඉන් අදහස් කරන්නේ, මෝදිගේ පසුබිම ඉහත තත්වය නිසා පමණක් කියවිය හැකි බව නොවේ. එහෙත් වර්තමාන සමාජ මත හා ප්‍රවණතා පොදුවේ මෙසේ වී තිබෙන බවයි. ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මේ තත්වය බැරැරුම්ව තේරුම් ගෙන ඊට සරිලන ලෙස ක්‍රියාකළ යුතු කාලය පැමිණ ඇත.

ඒ කෙසේ වෙතත්, භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කිරිමත් සමගම ඉන්දියාවේ පවති ආර්ථික වර්ධනය අඩාල නොවී ඉදිරියට යෑම ලංකාව වැනි රටකට යහපත් තත්වයකි. ඉන්දියාව සැම විටම, විශේෂයෙන්ම බෙදුම්වාදී ත්‍රස්තවාදය පැවති සමයේ පවා ලංකාව පැත්තේ සිටගත්තේ විවිධ අභියෝග පවා මැද ය. ඊට අමතරව, පසුව පැනනැගි මානව හිමිකම් ප්‍රශ්නවල දී ද රාජ්‍යතාන්ත්‍රිකව රටක් ලෙස අපට බෙහෙවින් උපකාරී විය. ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් ගෙනගිය ප්‍රතිපත්තියේ ආසන්නතම පෙනී සිටීම ලෙස 2022 ආර්ථික අර්බුදය සැලකිය හැකි ය. එහි දී ඩොලර් බිලියන 4කට ආසන්නව ඉන්ධන, ඖෂධ හා සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ලබාදුන් ණය පහසුකම අද්විතීය එකකි. එමෙන්ම ගෙවිය යුතුව තිබූ ඇතැම් ණය කල්දමා ගැනීමට ද එරට මැදිහත් විය.

මේ අනුව, අප ඉන්දියාව දෙස බැලිය යුත්තේ, එවක මාක්ස්වාදීන් විසින් පතුරුවාහරින ලද පන්ති පහෙන් එකක තිබූ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ නම් කවුළුවෙන් නොවේ. අද එය පැතිරූ පක්ෂ පවා ඉන්දියාවට සංචාර යනු පෙනේ. එහෙත් ඔවුන් පැතිරූ විෂබීජ නම් තාමත් සේදී නැත.

ඉන්දියාව ඥාතියකු ලෙස සලකන ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ එරට වත්මන් ආර්ථික දියුණුවෙන් අප උපරිම ඵල නෙළාගැනීම අනිවාර්යයෙන් කළ යුතු දෙයකි. ඉන්දියානු ආයෝජන මෙන්ම සංචාර කර්මාන්ත අංශය දැනටමත් හොඳින් ක්‍රියාත්මක වන අතර, වෙනත් මාර්ග සොයා බැලිය යුතු වේ. මෝදි ආණ්ඩුවේ අසල්වැසියාට පළමු තැන ප්‍රතිපත්තිය මේ සම්බන්ධය වැඩිදියුණු කළ යුතු වේදිකාව වේ.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (3)

මෝදි සුළඟ ලංකාවට කෙසේ හමයිද?

Kantha Friday, 07 June 2024 11:13 AM

අනිවාර්යෙන් ම ඉන්දියාවේ මෝධි සුළග ලංකාවේ රනිල් සුළඟ වෙනවා

:       11       3

බද්රානි Friday, 07 June 2024 04:28 PM

"අනුන්ගේ පහනින් එළිය බලන්න හපන්නු වන සිරි ලාංකික තක්කඩියන් දැන් මෝදි මහත්මයාගේ කරමතින් හෝ ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්නයි දඟලන්නේ... ඒ කාලේ යුරෝපයේ බස් හා ජපානයේ මෝටර් සයිකල් වලින් ගමන් කළ අයට, දැන් ඉන්දියාවේ ලොරි චැසි උඩ දුවන බස් මෙන්ම ඉන්දියාවේ අබලන් දුම්රිය හා ත්‍රී වීලර් ගමන් යද්දී සැප දැනෙනවා ඇතිනේ... චීනෙන් ණය දෙනකොට චීනෙට නකුට වනනවා. ලොකු ලොකු හයි කාරයින්ට ආවැඩීම මෙවුන්ගේ ජානමය ස්වභාවයක්... සල්ලි වලට අම්මා අප්පාවත් විකුණගෙන කන මෙවුන්ගෙන් මේ භූමිය ගලවාගෙන, අපිටත් ඉන්දියානුවන් මෙන් ලෝකයේ ප්‍රෞඩ ජාතියක් ලෙස ජීවත් වෙන්න අවස්ථාව සලසා දෙන්න. එට්කා ගිවිසුමත් තවදුරටත් ක්‍රියාකාරී කොට, ඉන්දියානු රුපියලුත් මේ රටේ භාවිතයට ගේන්න... ඉඳහිට අහසින් කෑම ටිකක් දැම්මොත් මෙහෙ ඉන්න හිඟන්නන්ට එය ප්‍රයෝජනවත් වේවි... ලංකාවේ ඉන්න ගොබ්බ රැල ඉන්දියාව අපේ ලොකු අයියා කියලනේ කියන්නේ. ඒ නිසා මේ අඳ බාලයින්ව තරවටු කරමින් ඔබතුමාගේ අණසක යටතේ තබා ගන්න.

:       2       6

Pbudu Saturday, 08 June 2024 09:14 AM

මහත්තයාවගේ හිතන්නේ ලංකාවේ තාමත් ඉන්නේ 1990 මිනිස්සු කියලා හොර රාජපක්ෂලා රකින රනිල්ට මිනිස්සු නැවත වතාවක් බලය දෙන්නේ නැ

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 214 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 43 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 81 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 171 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 224 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 869 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site