IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මාධ්‍යවලින් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන ඉඩ ගැන අපි සෑහීමට පත්වෙනවා

 fgj  

 

පසුගිය දිනවල දේශපාලන කරළියේ උණුසුම් ලෙස කතාබහට ලක්වූ චරිතයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉරිදා ලංකාදීපය සමඟ මෙලෙස සාකච්ඡාවකට එක්වේ.

 

 

● ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පහුගියදා ඔබලා කියන විදියට ආපු අවලාද රැල්ලෙන් පක්ෂය බේරගන්න කරපු ඔපරේෂන් එක ඉවරද දැන්?
ලෝක ඉතිහාසය දිහා බැලුවමත් වමේ ව්‍යාපාරවලටත් එහි නායකයින්ටත් මේ වගේ දේවල්වලට මුහුණදෙන්න වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණටත් ඒ වගේ මඩ අවලාද ඉතිහාසය පුරාම ඇවිල්ලා තියෙනවා. ඒකනිසා මේක අලුත් දෙයක් නෙවෙයි. පහුගිය කාලය පුරාම විවිධ අය අපේ පක්ෂය පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රචාර ගෙනිච්චා දේශපාලන මණ්ඩලයේ අර්බුද ගැන, නායකත්වයේ අර්බුද ගැන විවිධ කතා පැතිරුණා. එක සැරයක් කිව්වා ලාල්කාන්ත සහෝදරයා පක්ෂෙ දාලා යනවා කියලා. ඒත් ඒවා කියපු කිසිම මාධ්‍යයක් ඒවා අසත්‍ය කියලා ඔප්පුවුණාම කනගාටුව ප්‍රකාශ කිරීමක්වත් කළේ නෑ.

h
මේ විදියට ආපු අවලාද රැල්ලේ ගුණාත්මක අවස්ථාවක් විදියට තමයි පහුගියදා සති අන්ත පුවත්පතක් කරපු මඩ ලියවිල්ල අපි දකින්නේ. පක්ෂය නිශ්චිත ලෙස නම් නොකොට, පුද්ගලයා නිශ්චිත ලෙස නම් නොකොට ලියුම්කරුගේ නම නිශ්චිත ලෙස සඳහන් නොකොට කැලෑ පත්තර ස්වභාවයේ දෙයක් තමයි කරලා තිබුණේ. ඒත් ඕනෑම කෙනෙකුට පැහැදිලිව පේනවා ඒක ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරපු ලියවිල්ලක් බව. ඒකෙන් එම පුවත්පත් තමන්ගේ නිරුවත පෙන්නුම් කළා වගේ වැඩක් සිද්ධ වුණේ. මේ පිළිබඳව අපේ පැත්තෙන් කරුණු කිව යුතුයි කියලා අපි තීරණය කළා. 
මෙවැනි තත්ත්වයකට වමේ ව්‍යාපාරයක් මුහුණ දෙන්නෙ කොහොමද, මෙවැනි තත්ත්වයන් ජනතාව තේරුම් ගත යුත්තේ කෙසේද යන පුළුල් ජනතා සංවාදය තමයි අපි කළේ. 

 


● හැබැයි රටේ ජාතික ප්‍රශ්නයකටවත් නොදන්වන ශීඝ්‍රගාමි ප්‍රතිචාරයන් මේකට ඔබලා දැක්වුවා. ඉතා හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක්, ඉතා හදිසි පෝස්ටර් ව්‍යාපාරයක් සහ ලොකු සම්මන්ත්‍රණයක් මේ වෙනුවෙන් සංවිධානය වුණා. මේ වෙනුවෙන් මේ තරම් සංවේදීවීමක් මොකද?
ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ ස්වභාවය. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ශක්තිමත් සක්‍රීය දේශපාලන භූමිකාවක් ඉටුකරන පක්ෂයක්. මේ ප්‍රශ්නය මේ විදියටම අපි විසින් ගතයුතුව තිබුණා. මොකද මේක පුද්ගලයකුගේ හුදු පුද්ගලික වුවමනාවක් නෙවෙයි. මේක දේශපාලන ව්‍යෘපෘතියක උවමනාවේ කූටප්‍රාප්ති අවස්ථාවක්. ඒක නිසා ඒ දේශපාලන බරෙන්ම ඒක ගත යුතුයි. ඒ මඩ ගැසීමේ ක්‍රියාව දේශපාලන උවමනාවක් වෙනකොට අපේ ප්‍රතිචාරයත් දේශපාලනික වෙන්න ඕනෑ. මේක අපි රටේ කරන දේශපාලනයෙන් වියුක්ත කරුණක් නෙවෙයි.

 


● මේ සිදුවීම හරහා එළියේ දේශපාලන සංවාදයන් ගොඩනගා ගන්න අවශ්‍යයි කියලා ඔබලා කියන කතාවේ අදහස මොකක්ද? 
මාක්ස් කිව්වා ධනවාදය විසින් ශුද්ධ වූ සියල්ල කෙලෙසෙන්නේය කියලා. මේ ප්‍රකාශයට රටක තියෙන සියලු ආයතන අදාළයි. පාර්ලිමේන්තුව, අධිකරණය, ආගමික සංස්ථා සියල්ල මේ ප්‍රකාශයට අදාළයි. අපේ රට දිහා බැලුවමත් මේක අපට පේනවා. මේ ආයතනවල ශුද්ධභාවය කඩාවැටීම පිළිබඳ සංවාදයක් රටේ තියෙනවා. හැබැයි අපේ රටේ මාධ්‍යවල කඩාවැටීම, ශුද්ධත්වය කෙලෙසිලා තිබීම ගැන පුළුල් සංවාදයක් නෑ. කවුරුත් ඇඟ බේරා ගැනීමේ ක්‍රමයක් අනුගමනය කරන්නේ. අපේ කල්පනාව නම් රටේ හැම ආයතනයක්ම කඩා වැටිලා තියෙන මොහොතක මාධ්‍ය ආයතන විතරක් උත්තරීතර ලෙස ආරක්ෂා වෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නෑ. ඒක නිසා මේ සංවාදය අපි සමාජය එක්ක කරන්න අවශ්‍යයි. පසුගියදා සිදුවුණු මේ සිදුවීම හරහා අපි කල්පනා කළා. ඒ සංවාදය ආරම්භ කළ යුතුයි කියලා.

 


● ජනතා විමුක්ති පෙරමුණ එක්ක බොහොම සමීපව ඉඳපු මේ මාධ්‍ය ඇයි අද හැරිලා ගහන්න පටන් අරන් තියෙන්නේ?
මාධ්‍ය සහ දේශපාලනය අතර නොබිඳිය හැකි සම්බන්ධකමක් තියෙන්නේ. එකිනෙකාට එකිනෙකා අවශ්‍යයි. අපේ රටේ තියෙන හැම මාධ්‍යයක් ගැනම සහ ඒ මාධ්‍ය හිමිකාරිත්වය පිළිබඳව අපට පැහැදිලි අදහසක් තියෙනවා. මාධ්‍යවලින් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන ඉඩ ගැන අපි සෑහීමකට පත්වෙනවා. අපි ලබාගෙන තියෙන සමාජ අවධානයට සාපේක්ෂව සාධාරණ ඉඩක් මාධ්‍යවලින් අපට ලැබෙනවා. අපේ මේ ප්‍රශ්නය මාධ්‍යවල අපේ පංගුව පිළිබඳව නෙවෙයි. අපි කළ යම් යම් හෙළිදරව් නිසා ඇතැම් අයගේ නිරුවත හෙළිවුණා වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒ අයගෙ හිත රිදෙනවා. 
අපි දූෂණ හෝ අයථා ගනුදෙනු ගැන හෙළිදරව් කරන්නේ ඒක සමාජ අවශ්‍යතාවයක් ලෙස සළකළා. ඒකෙදී ඊට අදාළ පුද්ගලයො කවුද කියලා අපට අදාළ නෑ. අපිට එතනදි කවුරුවත් බේරන්න අවශ්‍යත් නෑ. අපි සමාජය තුළ ගොඩනගන්න හදන මේ සංවාදය මාධ්‍ය ආයතන තුළත් ගොඩනැගිය යුතුයි කියලා අපි කල්පනා කරනවා.

21_PAGE_18_M

 

● ඔබට ඒ ආපු චෝදනා නම් ටිකක් බරපතළයි නේද?

මා ඉලක්ක කරලා තිබුණු ඒ අවලාද සියල්ල තනිකරම අසත්‍යයි. මේවා කිසිම පදනමක් නැති හිතාමතා නිර්මාණය කරන ලද ප්‍රලාප පමණයි.
ඔබේ අයර්ලන්ත ගමන ගැනත් විවිධ කතා පැතිරුණා. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ අයගේ විදේශ සංචාර පිළිබඳ තියෙන ක්‍රමවේදය මොකක්ද?
අපි දේශපාලන පක්ෂයක් විදියට ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙනුත් ක්‍රියාත්මක වෙනවා. මේකෙදි අපි නොයෙක් රටවල්වලට නොයෙක් අවස්ථාවල නොයෙක් හේතු මත සංචාරය කරනවා. අපේ පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරයෙක් ඉන්නවා. ජාත්‍යන්තර දේශපාලන කටයුතු පිළිබඳ ක්‍රියාත්මක වන සංවිධානයක් අපට තියෙනවා. අපට විදේශවලින් එන ඇරයුම් හෝ යෝජනා සියල්ල මධ්‍යම කාරක සභාව තුළ සාකච්ඡා කරනවා. මධ්‍යම කාරක සභාව තමයි අවසාන තීරණය ගන්නේ. පක්ෂය නියෝජනය කරමින් අදාළ අවස්ථාවට හෝ සංචාරයට යන්නේ කවුද කියලා තීරණය කරන්නේ මධ්‍යම කාරක සභාව. මම අයර්ලන්තයට ගියෙත් එහෙමයි. එහෙම නැතුව මේ ගමන මගේ පුද්ගලික අවශ්‍යතාවයකට හෝ පුද්ගලික ආශාවකට ගිය ගමනක් නෙවෙයි. ඒක ඉතා පැහැදිලියි. මම වගේම අපේ පක්ෂයේ අනෙකුත් බොහෝ දෙනෙක් පහුගිය දවස්වල විදේශ සංචාරවලට එකතු වුණා. බිමල් රත්නායක සහෝදරයා මේ මොහොතෙත් විදේශ ගතවෙලා ඉන්නේ පක්ෂයේ අවශ්‍යතාවයක් වෙනුවෙන්. 


ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ ආණ්ඩුවට ගහපු මාත්‍රාවට වඩා බොහොම සැර අඩු මාත්‍රාවකින් තමයි යහපාලනයට විරුද්ධ වෙන්නේ. ඇයි මේ?
දැන් රාජපක්ෂ කණ්ඩායම උත්සාහ කරනවා ජනතා විමුක්ති පෙරමුණ යූඑන්පි එකට පූට්ටු කරලා පෙන්නන්න. මොකද අපි ප්‍රබල ලෙස විපක්ෂ කණ්ඩායමක් ලෙස පේන එක ඔවුන්ගේ පැවැත්මට අහිතකර බව ඔවුන් දන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් ඔවුන්ගේ දුබල බලය ආරක්ෂා කරගන්න පාක්ෂිකයින්ට පණිවිඩයක් දෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඉන්නෙ ඔවුන් එක්ක කියලා. ඒ වගේ දෙයක් ඔවුන් උපක්‍රමශීලීව කරගෙන යනවා. මේ අයට හිතවත් මාධ්‍යයන් මේ මත දෙකම විවිධ විවිධ ප්‍රමාණයන්ගෙන් ව්‍යාප්ත කරනවා. ඒ නිසා සමාජයේ සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂලාට ගහපු ගැහිල්ල යහපාලන ආණ්ඩුවට ගහන්නේ නෑ නේද කියලා. අපිට රාජපක්ෂ එක්කවත් මෛත්‍රීපාල සිරිසේන එක්කවත් රනිල් වික්‍රමසිංහ එක්කවත් පුද්ගලික වෛරයක් හෝ පුද්ගලික ලෙංගතුකමක් නෙවෙයි. අපිට මේ අය එක්ක තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. ඒක දේශපාලනිකයි.


යම්කිසි පාලනයකට විරුද්ධව පහරදීමේ රිද්මය රඳා පවතින සාධක ගොඩක් තියෙනවා. රාජපක්ෂලා 2005 බලයට ආවට පස්සේ මුල් කාලයේ අපි දක්වපු විරෝධයේ රිද්මයට වඩා ගොඩක් වැඩියි 2010 න් පස්සේ අපේ පහරදීමේ රිද්මය. අවසාන කාලයේ ඒක තවත් වැඩි වුණා. ඒක තමයි ස්වභාවය. ආණ්ඩුවක් බලයට ආවට පස්සේ ඔවුන් ක්‍රියාත්මක වෙන හැටි නිරීක්ෂණය කරන්න කාලයක් අරගන්න ඕනෑ. පැවැති පාලනයට පහරදීපු ශක්තියෙන් හෝ වේගයෙන් මේ ආණ්ඩුවට පහර දෙන්න ගියොත් ඒක අනවශ්‍ය දෙයක් වෙනවා. අපි අද මේ මොහොතට අවශ්‍ය ප්‍රමාණයට සහ රිද්මයට අනුව අපේ විරෝධය දක්වනවා. ඒක ඉදිරියේදී මීට වඩා බොහෝදුරට වෙනස් වෙයි. දැනුත් මේ ආණ්ඩුවෙ ප්‍රබලතම විවේචකයා වෙන කවුරුවත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ. රාජපක්ෂ කල්ලිය තමන්ගේ අය එෆ්. සී.අයි.ඩී. එකට ගෙනියනකොට කෑ ගහපු තරමට බඩු මිල වැඩිවෙනකොට කෑ ගහනවද? ඒක නිසා අද රාජපක්ෂ කල්ලිය මේ ආණ්ඩුවේ විවේචකයෙක් නෙවෙයි. විපක්ෂයේ සැබෑ භූමිකාව අදත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. රාජපක්ෂ කල්ලිය මේ ආණ්ඩුවට ගහනවා වගේ පෙනුනට ඒ ගහලා තියෙන්නේ තමන්ගෙ බේරුමට සහ තමන්ගේ පැවැත්මට. නැතුව මහජනතාව ගැන හිතලා නම් නෙවෙයි. පහුගිය කාලය පුරාම රටේ ප්‍රශ්න ගැන කතා කළේ අපි තමයි. කවුරුවත් කලබල වෙන්න එපා. අපේ පහරදීම වේගවත් නැත්නම් අපි අවශ්‍ය ප්‍රමාණයට ඉදිරියේදී ඒක වේගවත් කරන්නම්.

 


● දැනට පහරදීමේ රිද්මය පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න කිරීම්වලට සීමා වුණාම ප්‍රමාණවත් කියලද ඔබ කියන්නේ?
නෑ. ඔබට මතක ඇති පහුගිය දවස්වල ගොවි ජනතාවගේ ප්‍රශ්නය ආපු වෙලාවෙ රටේ විවිධ ප්‍රදේශවල පාරවල් වැහුණා. ගොවි ජනතාව පාරට බැස්සා. කුඩා තේවතු හිමියන්ගේ ප්‍රශ්නවලදී ඒ අය පාරට බැස්සා. මේවා සිද්ධ වුණේ නිකං නෙවෙයි. ඒ පිටුපස හිටිය බලවේගය ජනතා විමුක්ති පෙරමුණ. පාර්ලිමේන්තුවෙන් පිටත අපි සටන අරඹලා ඉවරයි. අපි ඒ සටන දැනටත් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.
පහුගිය දවස්වල රටේ ජාතික ප්‍රශ්නය විදියට අනුර දිසානායකලා කර කියාගෙන ගිය අර ඇවන්ගාඞ් ප්‍රශ්නයට මොකද වුණේ. ඒක කෙළවරක් වුණාද?

 

● සද්දයක් නැත්තේ දැන්? 


ඒ ප්‍රශ්නය අවසන් වෙලා නෑ. ඒ ප්‍රශ්නය තවදුරටත් ඉතිරි වෙලා තියෙනවා. ඇවන්ගාඞ් වෙනුවෙන් පෙනී ඉඳපු මහත්තුරු නම් නිරුවත් වෙලා තියෙනවා. අපිට ඔය පරීක්ෂණ සීයට සීයක් විශ්වාස නෑ. ඒ වගේම ඔය පරීක්ෂණය කරන ආයතනත් සීයට සීයක් විශ්වාස නෑ. අපේ රටේ විවිධ සිදුවීම්වලට අදාළව කොමිෂන් සභා දාලා පරීක්ෂණ පැවැත්වූවා. ඒත් අදාල පුද්ගලයින්ට ඒ කොමිෂන් හරහා නියමිත දඬුවම් ලැබුණෙ නෑ. එෆ්.සී. අයි.ඩී. එක ගැනත් අපට ඒ නිසා පූර්ණ විශ්වාසයක් තියන්න අමාරුයි. ඒක නිසා ඔය ඇවන්ගාඞ් සිදුවීමත් කොයි ආකාරයට කෙළවරවෙයිද කියලා කියන්න බෑ. ඒක විතරක් නෙවෙයි. දැන් කෙරෙන කිසිදු පරීක්ෂණයක් නිශ්චිත ලෙස සිදුකරලා අදාළ අයට දඬුවම් කරයි කියලා අපිට විශ්වාස නෑ. ඒත් ඒ පිළිබඳ අපිට අරගලයක් තියෙනවා. ජනතාවට මේ දූෂිතයින් කවුද කියලා හෙළිදරව් කිරීම අපේ යුතුකමක්. ඒක අපි දිගටම කරනවා. මේ අය වේදිකාව තුළ ප්‍රසිද්ධියේ විරුද්ධවාදීන් ලෙස ගහගෙන තිරෙන් පිටිපස්සෙදි වැළඳ ගන්න අය. මේ දෙගොල්ලො ගැනම අනාවරණය කළ යුතුයි. ඒක අපි කරනවා.

 


● ගුරු සමුපකාර සමිතියේ බලය ජනතා විමුක්ති පෙරමුණට හිමිවිම මඟින් කෙරෙන සංඥාව පිළිබඳ ඔබලාගේ අදහස මොකක්ද?
ගුරුවරුන්ගේ සමුපකාර සමිතියක් තියෙනවා. ඒකෙන් ගුරුවරුන්ගේ සුභසාධන වැඩ කටයුතු කෙරෙනවා. ඒක සැළකිය යුතු ක්‍රියාවලියක්. ඒකට නියමිත කාලයකට අධ්‍යක්ෂ මණ්ඩලයක් තෝරනවා. ඒක තෝරන්නේ ඒකෙ සාමාජික ගුරුවරුන්ගේ ඡන්දයෙන්. ඒකට අපේ පක්ෂය පැත්තෙන් ඉදිරිපත් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ ගුරු සංගමයට සම්බන්ධ කණ්ඩායම. අනෙක් කණ්ඩායමුත් නිශ්චිත ලෙස දේශපාලන පක්ෂවලට අයිති කණ්ඩායම්. මේ වතාවෙ මේ ඡන්දයෙන් වැඩි බලයක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ගුරු සංගමයට හිමිවුණා. ඒක ඉතා හොඳ සංඥාවක් විදියට අපි දකිනවා. මේ බලය දුන්නේ මේ රටේ උගත් පිරිසක්. ඒක ඉතාම වැදගත් සාධකයක්. මේක අපි සාධනීය දේශපාලන සංඥාවක් විදියට තමයි අරගන්නේ. ගුරුවරු අපි කෙරෙහි දක්වපු විශ්වාසය පිළිබඳ අපිට පැහැදිලි අදහසක් තියෙනවා. මේ හරහා ගොඩනැගෙන ධනාත්මක ලක්ෂණය ප්‍රවර්ධනය කරගන්නෙ කොහොමද කියලා අපි කල්පනා කරනවා. 


ඔබට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දෝතින්ම දීපු සෝමවංශ අමරසිංහ පහුගිය දවසෙ කියලා තිබුණ ජනතා විමුක්ති පෙරමුණේ විනාශය අත ළඟයි කියලා.


ඔහු විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණේ විනාශය ප්‍රාර්ථනා කරන ගොඩක් අය ඉන්නවා. හැබැයි ඒ අයට ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්න බැරිවෙලා තියෙනවා. කොහොම වුණත් ඒ අයගෙ සිහින දැකීමේ අයිතියට අපි අකුල් හෙළන්නේ නෑ. ඒ අය ඔහේ සිහින දැකපු දෙන්. කවුරු කොයි විදියට සිහින දැක්කත් ජනතා විමුක්ති පෙරමුණ මේ පොළොවේ පැළවෙලා තියෙන්නේ කාටවත් ලේසියෙන් විනාශ කරලා බිම දාන්න පුළුවන් ආකාරයට නෙවෙයි. 

 


ඔබලා මැයි දිනේදී පොරොන්දුවක් දුන්නා ජනතාවගේ ප්‍රශ්න එක්ක ඉදිරියේදී අනිවාර්යයෙන්ම පාරට බහිනවා කියලා. කවද්ද ඒ දිනේ?
මේ පවතින අයහපත් කාල ගුණයෙන් බාධාවක් එල්ල නොවුණොත් පාරට බැහීමේ ආරම්භය එළඹෙන 26 වෙනිදා සිද්ධ වෙනවා.

m



අදහස් (0)

මාධ්‍යවලින් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන ඉඩ ගැන අපි සෑහීමට පත්වෙනවා

ශෂික Thursday, 26 May 2016 03:58 PM

බහින්න දෙයක් නැහැ ඔයගොල්ලෝ කොහොමත් පාරට වැටිලා තමා ඉන්නේ..ඡන්දයක් තිබ්බ ගමන් ඒක සහසුද්දෙන්ම පෙනෙනවා.මන්ත්‍රීවරු 4ක් පාර්ලිමේන්තුවට යවන්න විතරනේ පුළුවන් (බ)

:       0       0

ධම්ම Friday, 27 May 2016 05:32 AM

ඔබ රාජපක්ෂ දැඩි ලෙස විවේචනය කළා. රාජපක්ෂ පැරදුනා. යහපාලනය දිනුවා. දැන් යහපාලනය විවේචනය කරන්න පටන් අරන්. දිනෙක යහපාලනය පරදින විට රාජපක්ෂ නැවත එනවා. ඒක තමයි මේ රටේ ජන මනස ක්‍රියාත්මක වන ආකාරය. මේ ප්‍රායෝගික තත්වය වෙනස් කරන්න ඔබට නව ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. හැමදාම 'ට්‍රයල්' කර කර ඉන්නද කල්පනාව? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2437 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 331 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 961 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 84 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 232 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site