IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මන්ත්‍රීවරුන්ගෙන් සියයට 60කට වඩා මගේ මිතුරන් - ’’ක්ලබ් වසන්ත’’

 

සුරේෂ් වසන්ත පෙරේරා මහතා නොහොත් ක්ලබ් වසන්ත, 2022 වසරේ නොවැම්බර් 18 වැනිදා ලංකාදීප යූ ටියුබ් ජාලයේ ධනුට කියන්න වැඩසටහනට එක් වී ධනු   සමඟ දොඩමළු විය. සුරේෂ් වසන්ත පෙරේරා මහතා සහ නිවේදක ධනු   අතර, පැරැණි මතකයන් අවදි කරමින් පැවැති එම සුහඳ කතාබහ ඇසුරින් මෙම විශේෂාංග ලිපිය සැකසී ඇත.

ධනු : ඔබට ක්ලබ් වසන්ත කියන නම පට බැඳුණේ කොහොමද කියලා අපි ඒ ගැන කතා කරමු.

ක්ලබ් වසන්ත: මගේ ක්ලබ් (සමාජ ශාලා) නිසා. මුලින්ම මගේ ක්ලබ් තිබ්බේ එකයි දෙකයි. කැස්කේඩ්, බ්ලූ එලිෆන්ට් වගේ තරු පහේ හෝටල්වල තමයි ආරම්භය. ඒත් කල් යද්දී හෝටල්වලින් පිටත මුලින්ම ක්ලබ් ආරම්භ කළේ මම. ඒක ට්‍රනේඩ් එකක් වුණා. ක්ලබ් 19 ක් වැඩි කරන්න මට පුළුවන්කම ලැබුණා. සභාපතිවරුන් සමඟ කතා කරලා නීත්‍යාණුකූලව, බලපත්‍ර සහිතව, මේ වැඩ කටයුතු අනෙක් අයටත් කරගෙන යන්න මැදිහත් වුණේ මම. ඉතිං ප්‍රශ්න හුඟක් ආවා. පාතලය එක්ක හැප්පෙන්න සිද්ධ වුණා. ඒත් දැන් මම ඒ සියල්ල නතර කරලයි ඉන්නේ.

ධනු : ක්ලබ් සම්බන්ධයෙන් කතා කළොත්, දැන් ඒවා ක්‍රියාත්මක වන්නේ නියාමනයකට අනුව. ප්‍රශ්නයක් ආවොත් බවුන්සර්ලා ඉන්නවා. සාමාන්‍යයෙන් කෙනකුට ක්ලබ් එකක් ඇතුළට යන්නත් අමාරුයි. ඉස්සර ක්ලබ් කිව්වම රණ්ඩු තමයි. අනෙක මුල් දවස්වල දේශපාලනඥයන්ට සැලකිලි. දේශපාලනඥයකුගේ පුතෙක් ආවොත්, එයා වටකරගෙන හුඟ දෙනෙක් එනවා. කොහොමද ඒ දේවල් කළමණාකරනය කර ගත්තේ?

ක්ලබ් වසන්ත: ඒ දේවල් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. කවුරුත් මාව හඳුනනවා. අනෙක් ක්ලබ්වල සෙල්ලං දැම්මට, කවුරුවත් අපේ ක්ලබ්වල එහෙම සෙල්ලං දාන්න ආවේ නැහැ. හොඳට කාලා බීලා විනේද වෙලා බිලත් ගෙවලා යනවා.

ධනු  : දැන් ඔබ ක්ලබ් වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නවත්වලා දැම්මා. එහෙම කළේ දරුවාගේ මංගල උත්සවය නිසාද?

ක්ලබ් වසන්ත: විරෝධයකුත් ආවා තමයි. ඒත් වැඩියෙන්ම මට හිතුනා මේ යන ක්‍රමයට ක්ලබ් පවත්වාගෙන යෑමෙන් වැඩක් නැහැ. සංචාරක කර්මාන්තයට කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒත් රජයෙන් මට කතා කළා යළිත් වරක් ක්ලබ් ප්‍රවර්ධනය කිරීමක් කරන්න. ඒ ගැන මම උනන්දුයි. ජනාධිපතිතුමාගේ අනුදැනුම යටතේ, නිසි ක්‍රමයකට අනුව, මේ කටයුතු කරන්න දෙනවා නම්, මම කැමතියි ආයෙත් ඒ වැඩ කරන්න්‍.

ධනු  : ඔබ හදන්නේ හැමවිටම හරි විදියට කරන්න. ආදායම් බදු නිසි වෙලාවට ගෙවීම් කරමින්, හරි විදියට මේ දේවල් කරන්න ඔබ කටයුතු කරනවා. ඔබ මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනනවා. ඇයි හැමදේම හරි විදියට කරන්න ඕනෑ තීරණයක් ගත්තේ?

ක්ලබ් වසන්ත: හරි විදියට කරන්න ඕනෑ කියන්නේ, නැතිනම් වෙන්නේ ඒ අය ළඟ නැමෙන්න වීමයි. පාර්ලිමේන්තුවේ සියයට 60 කට වඩා වැඩියෙන් ඉන්නේ මගේ යාළුවෝ. හරි විදියට වැඩ ටික කරගෙනව ගියාම, ඒ අය කියන කියන දේ කරන්න අවහ්‍ය වෙන්නේ නැහැ. එයාලටත් ගැටලු‍වක් නැහැ. මටත් ගැටලු‍වක් නැහැ.  

ධනු  : සල්ලි තියෙනවා නම්, දේශපාලන මිතුරුකම් වැඩියි. ඔබ තවමත් රාජපක්ෂ පවුල සමඟ සමීපව කටයුතු කරන කෙනෙක්. රාජපක්ෂවරුන්ට විරෝධයක් එල්ල වෙද්දී පවා ඔබට හිතුනේ නැද්ද මම ඔවුන්ගේ යාළුකම්වලින් ඈත් වුණොතේ හොඳයි කියන දේ.

ක්ලබ් වසන්ත: මට යාළුකමක් තියෙන්නේ මහින්ද මහත්මයා එක්ක. ඒ වගේමයි පුතා මගේ යාළුවෙක්. දේශපාලන දේවල් මට එයාලා එක්ක කතා කරන්න යන්න බැහැ. අපි ඒ දේවල් කතා කරලත් නැහැ. මහින්ද මහත්මයා හොඳ මහත්මයෙක්. යුද්දේ නැවැත්තුවා. මම ඒ දේවල් අනෙක් දේවල්වලට ඈඳා ගන්න යන්නේ නැහැ. ආර්ථිකය වැටුණා. ඒ වගේ දේවල් වුණා. ඒත් ඒ දේවල් මගේ යාළුකමට බාධාවක් වුණේ නැහැ. එයාගේ දේශපාලන ගමන ගැන මම දන්නවා. ඒ දේවල් කරගෙන යෑම එයාලගේ වැඩක්.

ධනු  : ඔබ ඩුබායි ගියා. ආයෝජන රැසක් කළා. ඒ ජීවිතේ කොහොමද?

ක්ලබ් වසන්ත: ඩුබායි හොඳයි. හරිම සාමකාමීයි. මෙහෙ ප්‍රශ්නවලින් මිදිලා. එහෙ බොහොම සාමකාමීව ඉන්න පුළුවන් කියලා මට හිතුණා.

ධනු  : ඩුබායිවල ශ්‍රී ලාංකික ප්‍රජාවක් ඉන්නවා. එයාලා ඔබට දැක්වූ ප්‍රතිචාරය මොකක්ද?

ක්ලබ් වසන්ත: හැමෝම යාළුවෝ. පරණ යාළුවෝ ඉන්නවා. ෆෙස්බුක් හරහා හමුවුණු අලු‍ත් යාළුවෝ ඉන්නවා. විවිධ තරාතිරමේ යාළුවෝ ඉන්නවා. පල්ලෙහා මට්ටමේ අය සහ ඉහළ මට්ටමේ අය. ඉදහිට යනවා සංගීත ප්‍රසංග බලන්න. ලංකාවේ නම කැත කරන, ගුටිබැට හුවමාරු කර ගන්නා අය ඒවායේ ඉන්නවා. ඉහළ මට්ටමේ ඉන්නේ හුඟක් සල්ලි තියෙන අය. මිලියනයක් පමණ පිරිසක් ඉන්නවා. එයාලා හොඳ ජොබ් කරනවා.

ධනු  : සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සංචාරකයන් ලංකාවට ගෙන්වා ගන්න ඕනෑ කියනවා. අපට පුළුවන් අඩුවෙන් සල්ලි වියදම් කරන සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගන්න. නැතිනම් වැඩියෙන් සල්ලි වියදම් කරන සංචාරකයන් පොඩි පිරිසක් ගෙන්වා ගන්න පුළුවන්. වඩා හොඳ දේ මොකක්ද?

ක්ලබ් වසන්ත: වැඩි මුදලක් වියදම් කරන්න වැඩි සංචාරකයන් පිරිසක් ගෙන්වා ගන්න පුළුවන්. ගැටලු‍වක් වෙන්නේ නැහැ ඒක. මෙහෙ හොඳ හෝටල් තියෙනවා. ප්‍රවර්ධන කටයුතු හොඳින් කරන්න පුළුවන්.

ධනු  : ඔබ හොඳින් ආදරේ පෙන්වන කෙනෙක් කියනවා. ඒක ඇත්තද?

ක්ලබ් වසන්ත: ඇත්ත.

ධනු  : ඔබේ ආදරේ ගැන කීවොත්? ඔයාගේ පුතා සුදු බෝලේ.

ක්ලබ් වසන්ත: එයා වෙනුවෙන් මම හැමදේම කරනවා. එයා හම්බ වෙන්න ඉන්නකොට, හොඳ දොස්තර මහත්මයෙක් තමයි එයාගේ වර්ධනය සහ පෝෂණය ගැන බැලු‍වේ. ඉතිං එයා ලස්සනට සුදු බෝලේ වගේ ඉන්නවා. ඉපදුණේ අපි හිතපු බාබා නෙවෙයි. විදෙස් පෙනුමක් එයාට තියෙනවා. මම හිතන්ටෙන් විටමින් නිසා එහෙම වෙන්න ඇති.

ධනු  : ක්ලබ් වැඩ කරද්දි ඔබ වැඩිපුරම වැඩ කළේ රෑ. ඉතිං, ඩුබායි සිටිද්දී දවල් කාලය ගත කළේ කොහොමද?

ක්ලබ් වසන්ත: ඩුබායි ඉන්නකොට සඳුදා සිට සිකුරාදා දක්වා වැඩ. සිකුරාදා සිට ඉරිදා විනෝද වෙනවා. සාද තමයි.

ධනු  : දැන් පන්දාහක් මදි. හරි නං දහ දාහක්වත් දෙන්න ඕනෑ?

ක්ලබ් වසන්ත: අවුරුදු දෙකහමාරක් තිස්සේ ඡන්දයක් තිබ්බේ නැති නිසා දැන් පන්දාහ මදි. විසි දාහක් වත් දෙන්න වෙනවා.

ධනු  : ෂොපිං යද්දී ඔබ මිල ගණන් සන්සන්දය කිරීමක් කරනවාද? ආසා හිතෙන දේ ගන්නවාද?

ක්ලබ් වසන්ත: ආසා හිතුනොත් ඕනෑ දෙයක් ගන්නවා.

ධනු  : ඔබ දැන් ලංකාවට ඇවිත් වාහනයක් පාවිච්චි කරනවා. ඒ වාහනය ඔබ වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කරන ලද්දක් නේද?

ක්ලබ් වසන්ත: ඒක ඇත්ත.

ධනු  : ඒකේ නැති දේ මොකක්ද?

ක්ලබ් වසන්ත: වැසිකිලියක් නැහැ.

ධනු  : ඉතිරි හැමදේම තියෙනවා?

ක්ලබ් වසන්ත: තියෙනවා. මේ වාහනේ මෙහෙ හැදුවේ. තායිලන්තයෙන් සහ ජර්මනියෙන් කොටස් ගෙනල්ලා. තව වාහනයක් නිර්මාණය කරන්නයි හදන්නේ වැසිකිළියක් තියෙන. ඒ වාහනය ඩුබායිවල හදන්නේ. මෙහෙ අය මම ඒකට එහෙට අරන් යනවා.

ධනු  : අපේ විවිධ ක්ෂේත්‍රවල විවිධ පිරිස් ඉන්නවා. ඔබට හිතවත් වෙලා වාසි ගන්න හිතන ඒ වගේ ක්ෂේත්‍රවල අය ඉන්නවාද?

ක්ලබ් වසන්ත:  එහෙම නැහැ. මම ඕනෑ කෙනෙක් එක්ක විනෝද වෙන්න ලෑස්තියි.

ධනු  : ඔබගෙන් කඩා වඩා ගන්න එන අය ඉන්නවාද? එයාලා හඳුනා ගන්න ඔබට පුළුවන්ද?

ක්ලබ් වසන්ත:  නැති බැරි කෙනෙක් ආවොත් දෙනවා. පුළුවන් විදියට උදවු කරනවා.

ධනු  : ඔබේ යාළුවෙක් වෙන්න නම් ඔබ ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ?

ක්ලබ් වසන්ත:  හොඳ චරිතවත් කෙනෙක් වෙන්න ඕනෑ. එයා එයාගේ පවුලේ අය වෙනුවෙන් වැඩ කරන කෙනෙක් කැමතියි. මට විනාඩි පහක් යද්දි කෙනෙක් මොන වගේ ද තේරුම් ගන්න පුළුවන්. අපෙන් කාලා ගිහින් අපිට බණින අය හඳුනා ගන්න පුළුවන්.

ධනු  : ඔබ හුඟක් අයට උදවු කරපු සහ උදවු කරන කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි. එහෙම උදවු කරලා ඒ ගැන පසු තැවීමක් වෙලා තියෙනවාද?

ක්ලබ් වසන්ත:  එහෙම වෙලා තියෙනවා. ඒ ගැන මම හිත හදාගෙනයි ඉන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ හැටි දන්නවානේ. ආයේ උදවු ඉල්ලන් ආවාත් මම උදවු කරනවා.

ධනු  : සල්ලි සේරම නැතිවෙලා කාත් කවුරුවත් නැතිවෙලා අසරණ වුණොත් කාටද මුලින්ම ඒ ගැන කියන්නේ?

ක්ලබ් වසන්ත:  එහෙම නොවෙන තැනට වැඩ කරගැනීමයි මම කරන්නේ. මම මගේ දරුවෝ ළඟටවත් යන්නේ නැහැ. මට තියෙන දේපොල සහ ධනයෙන් ජීවත් වෙනවා. මමයි බිරිඳයි දරුවෝ නැතිව වෙනම ජීවත් වෙන්න සැලැසුම් සකස් කරලයි තියෙන්නේ.

ධනු  : ලංකාවට වෙන්න ඕනෑ දේ මොකක් කියලද හිතන්නේ?

ක්ලබ් වසන්ත:  හොරකම් කරන්න බැරි වෙන්න නීති දැඩි වෙන්න ඕනෑ. ගෞරවණීය චරිත පාර්ලිමේන්තුවට යන්න ඕනෑ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා හම්බ කරගන්න අය හරියන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ගියොත් ජනතාව වෙනුවෙන්, ජනතා සේවයක් දෙන්න ඕනෑ.

ධනු  : ලංකාව දාලා ඩුබායි යන්න හේතුව මොකක්ද?

ක්ලබ් වසන්ත:  මම දාලා ගියේ නැහැ. එහෙත් මෙහෙත් මම ව්‍යාපාර කරගෙන යනවා. අලු‍ත් ව්‍යාපාර මෙහෙ පටන් ගන්නවා. මගේ දරුවෝ ඒ රටවල්වල. එයාලා එහෙට කැමතියි. එයාලා එහෙන් වෙන රටවලට යන්නයි හදන්නේ. එයාලා හොඳට ඉගෙන ගත්තා. එයාලා මෙහෙට කැමැති නැහැ. එයාලගේ වැඩ නිසයි මම ඩුබායි ගියේ.

ධනු  : ලෝකේ කොහෙ ගියත් ලංකාවේ මිනිස්සුන්ට කවුරුත් ආදරෙයි. ඒත් මෙහෙ අපි අපි ඒක එකිනෙකාට පෙන්වන්නේ නැහැ. හිනාවෙන්නේ නැහැ. ඒත් ඔබ කැපිලා පෙනෙන කෙනෙක්. ඒ ඔබ කෙළින් කතා කරන කෙනෙක් නිසා. ඔබ බොහෝ දෙනකුට ආදර්ශමත් පුද්ගලයෙක්. ඒ ගැන මම ස්තුති කරන්න ඕනෑ.

 



අදහස් (8)

මන්ත්‍රීවරුන්ගෙන් සියයට 60කට වඩා මගේ මිතුරන් - ’’ක්ලබ් වසන්ත’’

රංබොඩ Tuesday, 09 July 2024 01:45 PM

කන්ජපානී ඉම්රාන්ගෙන් ඇහුවත් මේකම තමයි කියන්නෙ .

:       2       37

පිටිගල මිලානෝ Tuesday, 09 July 2024 02:03 PM

ක්ලබ් වසන්තට මේ ඔක්කොම පුළුවන් , නමුත් බල්ලෙක් වගේ මුඩුක්කු කාමරේක මැරී වැටුණා , බැරි මිනිස්සු කොහොම කොහොම හරි ගේම ගහගෙන සාක්කු පුරවාගෙන දිගටම ජිවත් වෙනවා

:       0       29

නන්දන පනා-මිලානෝ Tuesday, 09 July 2024 03:09 PM

ක්ලබ් වසන්ත සමඟ යාළු වෙන්නේ රීරිමාංස වලට වඩා නාරිමාංස වලට ලොබ බදින යක්කු….

:       1       32

Lalla Wednesday, 10 July 2024 10:03 AM

ඒකද රාජපක්ෂ පියා සහ පුතා එක්ක යාලු....

:       2       5

saman Wednesday, 10 July 2024 07:21 AM

මන්ත්‍රීවරුන්ගෙන් සියයට 60%කට යනු 135 දෙනෙකු මොහු සමග ඍජුව හෝ වක්‍රව ගනුදෙනු කරන බව පැහැදිලියි. මත්ද්‍රව්‍ය ජාවාරම, casino, spa ආයතන මෙවැනි කටයුතු සිදුවේ. එසේම මෙම ජාවාරම්කරුවන් දේශපාලන සම්බන්ධතා... පොලිසියේ ඉහළ නිලධාරින්ගේ සහයෝගය ලැබෙන බව කියා වේ. දේශපාලනයට මුදල් ලබාදීමේ සහ වෙනත් දූෂිත කටයුතු සිදුකිරීමට රැකවරණය සහ ආශීර්වාදය දේශපාලකයින්ගෙන්ද ලැබේ. මේ වනවිට සමාජයේ සිදුවන මත්ද්‍රව්‍ය සහ දූෂණ ක්‍රියා නැවැත්වීමට රජය ක්‍රියාකරමින් සිටීම අගයකළයුතුවේ. පොලිසිය මේ වනවිට සිදුකරමින් පවතින මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් නිසා ජාවාරම් කරුවන් අතර ගැටුම් පවතින බවක් පෙනෙන්නට ඇත..

:       1       3

විමල් Wednesday, 10 July 2024 08:36 AM

හරියටම ගණන කිව්වොත් 222 ක් මැති ඇමැතිවරු.

:       3       3

Perera Wednesday, 10 July 2024 08:55 AM

ඒ කියන්නේ මැති ඇමැති ගොල්ලන්ගේ වැඩි හරිය ඇසුරුම්කරන්නේ මේ විදිහේ පාතාලයට සම්බන්ධකම් තියන පුද්ගලයින්ව රටට හෙන ගහලා තියෙන්නේ එකත් නිසා නේ

:       1       8

pakeer Saturday, 13 July 2024 09:18 AM

කීමට හුඟක් දේ ඇතත් ඒවා කියලා වැඩක් නැහැ .හොඳම දේ සද්ද නැතුව ඉන්න එක කියලා හිතුනා .හොඳ රටකට වීසා ලැබෙනකම්

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 44 0

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 57 0

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


​ජනතා සිහින සැබෑවේද?
2024 සැප්තැම්බර් මස 25 77 0

තවත් වසර පහක කාලසීමාවකට අදාළව නව විධායක විධායක ජනාධිපතිවරයකු ජනතාව විසින් පත් කර ගනු ලැබ අවසන්ය. නව ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලන තන්ත්‍රය හමුවේ ඇති ප්‍ර


ඩබ්ලිව් හතරේ හිතුවක්කාරයා
2024 සැප්තැම්බර් මස 24 904 1

ප්‍රවීණ රංගධරයකු, තිර රචකයකු, ගීත රචකයකු වූ ඩබ්ලිව්. ජයසිරි කලාකරුවාගේ අවසන් කටයුතු අද (24) බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. මේ සටහන ඒ නිමිත්තෙනි.


ජනපතිගේ අනාගත අභියෝග
2024 සැප්තැම්බර් මස 24 1110 0

ගාලු මුවදොර පිටිය පිරෙන්න රැස්වීම්වලට සෙනඟ ගෙනාවත් මෙතෙක් මැතිවරණවල ඡන්ද ගණන් කළ විට ලක්ෂ 04 ට 05 ට වඩා ඡන්ද නොලැබුණු පක්ෂයක් මෙවර ජනාධිපතිවරණය ජය ගැනීම


අනුරගේ ගමන්මග
2024 සැප්තැම්බර් මස 23 2809 3

දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36908 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24348 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site