පාර්ලිමේන්තු මැති ඇමතිවරුනට ගෙවන දීමනා වැඩි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට ඉදිරිපත් වී තිබේ.
මන්ත්‍රී දීමනා වැඩි කිරීමේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසිනි. ගෘහ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට්ටුවේ හෝ රජයේ අනුමැතිය හිමි වී නැත.
මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන් කියන්නේ ලක්ෂ 90ක මුදලකට මිලදී ගන්නා වාහනය වෙනුවෙන් ලබා ගත් ණය වෙනුවෙන් මාසයකට ලක්ෂ 1 1/2ක පමණ මුදලක් වාරිකය වශයෙන් ගෙවීමට සිදුවන බවයි. මීට අමතරව විද්‍යුත් තැටි වලින් ලබා දෙන වාර්තා මුද්‍රණ කර ගැනීමට තවත් 18,000ක පමණ මුදලක් වැය වන බවයි. අති දුෂ්කර ප්‍රදේශ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ට කොළඹට ඒමටත් තම ප්‍රදේශයේ කටයුතු වලටත් ඉන්ධන දීමනාවත් ප්‍රමාණවත් නොවන බවයි.
ඉතා සුළු පිරිසකගේ තත්ත්වය එය වුවත් බහුතරය මන්ත්‍රී වැටුපෙන් ජීවත් නොවන අතර ඔවුන්ට ව්‍යාපාර ගණනාවක් හිමි බවද පැවසේ.
රටේ සිටින සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5068කි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 225කි
පළාත් සභා මන්ත්‍රීන් ගණන 455කි
නගර සභා මන්ත්‍රීන් ගණන 445කි
මහ නගර සභා මන්ත්‍රීන් ගණන 417කි
ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ගණන 4386කි.
ඉකුත් දා ගෘහ කාරක සභාවෙන් යෝජනා කරන ලද දීමනා මෙසේය.
● නිල නිවාස නැති මන්ත්‍රීන්ට මසකට පනස් දාහක්
● කාර්යාල පවත්වාගෙන යාමට මාසකට හැත්තෑපන්දාහක්
● දුරකතන දෙකකට මසකට පනස් දාහක්
● ව්‍යවස්ථා මණ්ඩල රැස්වීම් දවසට 2500ක්
● ආංශික කාරක සභා රැස්වීම් දවසකට 4000ක්
● අඩු පොලියට ලක්ෂ 150ක ණයක්
● රුපියල් 500ක පාර්ලිමේන්තුවට පැමිණීමේ දෛනික දීමනාව වෙනුවට රුපියල් 15,000.00කි.
මෙම යෝජනාව සම්බන්ධයෙන් අංශ කිහිපයක් සමඟ අදහස් හුවමාරු කර ගතිමු.
ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී විජිත හේරත් මහතා
මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමේ යෝජනාවට එකඟ නොවන බව ගම්පහ දිස්ත්‍රික් ජ.වි.පෙ. මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීන්දු තීරණ ගන්න තැනක් නොවෙයි. යෝජනාවක් ලෙස රවී කරුණානායක මහතා මන්ත්‍රී දීමනා වැඩි කිරීමට ඉල්ලීමක් කර තිබුණා. එතැන දී ජනතා විමුක්ති පෙරමුණේ අදහස් ප්‍රකාශ කර ලිඛිතවත් බාර දුන්නා.
දීමනා වැඩි කරන එක සාධාරණ නොවන බව දැන්වූවා. සමහර ඒවායේ අඩුපාඩු තිබුණා. මීට පෙර දුරකතනවලට නිදහසේ ගෙවීම් කළා. සීමාවක් නැතිව දුරකතන බිල ගෙව්වා. ඒක දැන් අඩුවෙලා. දුරකතනවලට අන්තර්ජාල පහසුකම් නැහැ. ඒ පහසුකම් දැන් අවශ්‍යතාවක්. ඒක දිය යුතු දෙයක්. ඒ අදහසට අපේ විරෝධයක් නැහැ.
නමුත් පොදුවේ නිවාසවලට රුපියල් 50,000ක් දීම ගැන විරුද්ධයි. ගිය පාර්ලිමේන්තුවේදී නිවාස ප්‍රශ්නයක් ඇතිවී තිබුණේ නැහැ. හැමෝටම මාදිවෙල හෝ රජයේ නිවසක් ලැබී තිබුණා. මේ පාර මන්ත්‍රීවරු කීප දෙනකුට නිවාස නැහැ. අපි කිව්වෙ. ඉන්න අය ඉවත් කරලා. නිවාස නැති මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දෙන ලෙසටයි. රුපියල් 50,000ක් නිවසකට ලබා දුන්නොත් මාදිවෙල ඉන්න මන්ත්‍රීවරුනුන් වෙනත් නිවාස ඉල්ලාවි. 50, ගන්න. ඒකට විරුද්ධවයි. පොදුවේ හරයක් ලෙස විවිධ දීමනා වැඩි කිරීම සාධාරණ නොවන බව ලිඛිතව දුන්නා.
ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමති පී. හැරිසන් මහතා
රටේ ජනතාවට ප්‍රශ්න ගණනාවක් තිබියදී මේ මොහොතේ මන්ත්‍රී දීමනා වැඩි කිරීම සුදුසු නොවන බව පී. හැරිසන් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මන්ත්‍රී දීමනා වැඩි කිරීමේ යෝජනාව පිළිබඳව ඇමැතිවරයා මෙසේද කීය.
මැති ඇමතිවරුන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳව මෙතෙක් කිසිදු තීන්දුවක් අරගෙන නැහැ. මේක යෝජනාවක් පමණයි. යෝජනා විවිධයි. ඒවා ක්‍රියාත්මක වෙනවාද? නැද්ද? කියන එක ගැනයි කතා කළ යුත්තේ.
මේ යෝජනාව පළමුවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ පක්ෂ නායක රැස්වීමට. එතැන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයත් ඉඳලා තියෙනවා. ඒ වෙලාවෙ විරෝධයක් දක්වලා නැහැ, කැමැති වෙලා. දැන් එළියට ඇවිත් බොරුවට දේශපාලන වාසි ගන්න කෑ ගහනවා. මොන බොරුවක්ද මේක. එහෙම නම් පක්ෂ නායක රැස්වීමේදී විරුද්ධ වෙන්න එපායැ.
කොහොම උනත් මන්ත්‍රීවරුන්ගේ අමාරුකම් බැලීමට මේක අවස්ථාවක් නොවෙයි. ඊට පළමුව රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍යයි. ඒ විසඳුම්වලට ප්‍රමුඛ ස්ථානය ලබා දිය යුතුයි. මන්ත්‍රී දිමනා වැඩි කිරීමට මේක අවස්ථාව නොවෙයි.
එ.ජ.නි.ස. මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම
රටේ ජනතාවට තිත්ත බෙහෙත් බොන්න සූදානම් වෙන්න යැයි කියා මන්ත්‍රීවරුනට පැණි රස බෙහෙත් දීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
මන්ත්‍රී දීමනා වැඩි කිරීමේ යෝජනාව පිළිබඳව ඒ මහතා මෙසේද කීය.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා හිටිය බවට කරන ප්‍රකාශය මුළුමනින්ම බොරුවක්. මන්ත්‍රීවරුන්ට මේ අවස්ථාවේ දීමනා වැඩි කිරීම ගැන අපි පැහැදිලිවම විරුද්ධයි. ජනතාවට තිත්ත බෙහෙත් බොන්න කියලා මන්ත්‍රීවරුනට පැණි රස බෙහෙත් බොන්න දෙන එක වැරදියි.
මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය දීම වගේ දේවල් වෙන්න ඕනෑ. නමුත් මහජනතාවට පීඩනයක් ඇති මේ වෙලාවෙ මන්ත්‍රීවරුන්ට විශාල සහනයක් ලබා දීම ගැලපෙන්නේ නැහැ.
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න තියෙනවා. දෙවැනි ආදායමක් මාර්ගයක් නැති, මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් වශයෙන්, මට දෙවැනි ආදායම් මාර්ගයක් නැහැ. මම මගේ ප්‍රශ්නවලට වඩා මහජනතාව මත පැවරී ඇති ප්‍රශ්න බරපතළයි. බදු වැඩි කරලා. රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 10.000ක් කරන්න කියන ඉල්ලීම තවම කෙරිල නැහැ. මේ වෙලාවෙ අපි රුපියල් 50,000 දෙකක් දාගන්න යන එක සාධාරණ නැහැ.
ඒ නිසා මන්ත්‍රීවරුන්ට සහනයක් දිය යුතු වෙලාවක් නෙවෙයි. මේක වැරදි වෙලාවක්. මහජනතාවට ආර්ථික පීඩනයක් නැති වෙලාවක මන්ත්‍රී දුක්ගැනවිලි ගැන අවධානය යොමු කරන එකේ වැරැද්දක් නැහැ.
දෙතුන් තැනකින් ආදායම් මාර්ග ලබන මන්ත්‍රීවරු වගේම, මන්ත්‍රී වැටුප හැර වෙනත් ආදායම් මාර්ග නොලබන මන්ත්‍රී පිරිසකුත් සිටින බව අප අමතක කළ යුතු නැහැ. ඒවා කවුරවත් කතා කරන්නේ නැහැ. කෝටිපති ව්‍යාපාරිකයකුගේ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න දරුවටත් දෙහිඅත්ත කණ්ඩියේ දරුවටත් නොමිලයේ නිල ඇඳුම් රෙදි ලබාදීම දෙකක්. ඒ වගේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරත් දෙපැත්තක් තියෙනවා.
මාධ්‍ය මගින් පළවූ වාර්තා සම්බන්ධව කතා නායක කාර්යාලය නිකුත් කළ නිවේදනය මෙසේය.
2016.03.08 දින පාර්ලිමේන්තුවේදී එය නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විතව රැස්වූ ගෘහ කාරක සභාව විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට දැනට ගෙවනු ලබන දීමනාවන්හි සිදු කිරීමට යෝජනා කළ නව සංශෝධන පිළිබඳව පැහැදිලි කිරීමයි.
මෙම කරුණු දැක්වීම සිදු කරනුයේ විවිධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි මේ පිළිබඳ මහ ජනතාවට සන්නිවේදනය වූ තොරතුරු මගින් පාර්ලිමේන්තු නියෝජිතයන් සම්බන්ධව යම් වැරැදි චිත්‍රයක් ඇතිවීම වළක්වනු පිණිසය.
රාජ්‍ය සේවක පඩි වැඩි කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තිබූ නමුත්, මැතිවරණ කීපයක් පැවැත්වූ හෙයින් ඒ ගැන අවධානය යොමු නොවිණි. සියලු දෙනාම අදහස් කළේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පමණක් මේ ගැන අවධානය යොමු කිරීමටය.
ගෘහ කාරක සභාව විසින් සංශෝධන යෝජනා සැකසීමේදී ගරු මන්ත්‍රීවරුන් විසින් සිය ප්‍රවාහන පහසුකම්, ලිපි ලේඛන වියදම්, කාර්යාල පහසුකම් හා වෙනත් දීමනාවන් කාලානුරූපව ප්‍රමාණවත් නොවන බවට වසර කිහිපයක් තිස්සේ පෙන්වා දී තිබීම.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවසන් වරට දීමනාවක් වැඩි කරන ලද්දේ වසර 09 කට පෙර එනම් 2007 වසරේ වීම, 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් පසුව ඇති කරන ලද වෙනස්කම් හේතුවෙන් පෙර පැවැති තත්ත්වයට වඩා පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ කාර්ය භාරයන් හා වගකීම් ප්‍රමාණය ඉතාමත් පුළුල්වීම.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නියෝජනය සහිතව බිහි කරන ලද නවතම ව්‍යුහයක් වන ආංශික කාරක සභා සඳහා පාර්ලිමේන්තු දිනවලට අමතරව මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය අත්‍යවශ්‍යවීම.
දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල ව්‍යවස්ථාදායකයන්හි නියෝජිතයන්ගේ වැටුප් හා දීමනාවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තත්ත්වය බෙහෙවින් පහළ මට්ටමක පැවැතීම යන කරුණු කෙරෙහි ද ගෘහ කාරක සභාවේ අවධානය යොමු කරන ලදී.
(1) රු. 50,000/= දීමනාව ලැබෙනුයේ දැනට මාදිවෙල නිවාසයක් ලබාදීමට නොහැකි වූ මන්ත්‍රීන් වෙනුවෙනි. ඔවුන්ට රැස්වීම්වලට සහභාගිවීමට අතින් වියදම් කර හෝටල් හා පෞද්ගලික නිවාසවල නැවතීමට සිදුව ඇත. මේ හේතුවෙන් මෙම මන්ත්‍රීන්ට අසාධාරණයක් සිදුවිය. ඒ අනුව මෙම නිවාස දීමනාව ලැබෙනුයේ දැනට මාදිවෙල මන්ත්‍රී නිවාස අයදුම්කර ඇතත් ලබාදිය නොහැකිවූ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු සඳහා පමණි.
(2) දුරකථන සඳහා දැනට රු. 40,000/= දක්වා බිල්පත් ප්‍රතිපූර්ණය කරන නමුත් අන්තර් ජාල (ෂබඑැරබැඑ* පහසුකම් ලබාදී නැත. ඒ වෙනුවට යෝජිතව ඇත්තේ මෙම සියලුම පහසුකම් වෙනුවට අමතර රු. 10000/=ක් ලබාදීමයි. වර්තමාන තාක්ෂණ පහසුකම් ලබාදීම පාර්ලිමේන්තුවේ වගකීම වේ. මේ තුළින් වඩා දියුණු සේවාවක් ලබාදීමට මෙන්ම පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු පහසුකර ගැනීමට හැකිවීමද ගෘහකාරක සභාවේ අවධානයට යොමුවිය.
(3) ජනතා සේවාවක් ලබාදීම සඳහා සිය ආසනයේ කාර්යාලයක් පැවැත්වීම අත්‍යවශය වේ. දැනට ලබාදෙන දීමනාවෙන් එය කෙසේවත් කළ නොහැකි නිසා මෙම යෝජනාව ඉදිරිපත්වී ඇත. කාර්යාලයක් සඳහා රුපියල් 75000ක දීමනාවක් යෝජනා කර ඇත්තේ ගොඩනැගිල්ල, අනෙකුත් කාර්යාලයීය උපකරණ ආදී සියල්ලෙහි නඩත්තුව ද සැළකිල්ලට ගෙනය.
(4) ව්‍යවස්ථා මණ්ඩල රැස්වීම් හා ආංශික කාරක සභා රැස්වීම් සඳහා දීමනාව ලැබෙන්නේ පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දින සඳහා සහභාගි වුවහොත් පමණි. පාර්ලිමේන්තුව නොපැවැත්වෙන එම දිනවල මන්ත්‍රීවරුන්ට වෙනම වියදමක් දරාගෙන පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවන බැවින් එම පැමිණීම එක් සාමාජිකයෙකුට රුපියල් 4000 ක්ද කාරක සභා සභාපතිවරයෙකුට රුපියල් 5000 ක්ද ගෙවීමට යෝජනාවී ඇත.
(5) පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස ක්‍රියාකරනු වස් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වීමේදී ඒ සඳහා සහභාගි වන මන්ත්‍රීවරුන්ට රුපියල් 2500ක දීමනාවක් ද යෝජනාවී ඇත. මෙම දීමනාව ගෙවීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කටයුත්ත නිමා වීමත් සමග අවසන් වනු ඇත.
(6) විශේෂ ආහාර සැපයුම් ගැන වාර්තා වුවත්, කමිටුව නිර්දේශ කළේ බොහෝ ආහාර හා ව්‍යංජන සපයනු වෙනුවට රසවත් අඩු ආහාර වේලක් සපයන ලෙසයි.
(7) පාර්ලිමේන්තුවේ පැවැත්වූ සෞඛ්‍ය සායනය ගැනද වැරැදි ප්‍රවෘත්තියක් පළවී තිබුණු අතර එය පාර්ලිමේන්තුවේ සියලුම සේවකයින් වෙනුවෙන්, රජයේ වෛද්‍යවරුන් විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කරන ලද ඉල්ලීමක් අනුව පවත්වන ලද පරීක්ෂණයකි.
මෙම තීරණ ගත් ගෘහකාරක සභා සහ පාර්ලිමේන්තු කටයුතු සභා රැස්වීම්වලට සියලුම පක්ෂ නියෝජිතයන් සහභාගිවී මෙම තීරණ ගැනීමට එකඟත්වය පළ කළහ.
කෙසේ වෙතත් උක්ත කාරණා ගැන තවම රජය අවසාන නිගමනයකට පැමිණ නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පෙබරවාරි මාසයේ වැටුප මෙසේය.
වැටුප රු. 54285
සංග්‍රහ දීමනාව රු. 1000
ජංගම දුරකතන බිල රු. 2000
රැස්වීම්වලට සහභාගිවීම රු. 3000
රියැදුරු දීමනාව රු. 3500
ඉන්ධන දීමනාව රු. 54032
ප්‍රවාහන දීමනාව රු. 10,000
මුළු වැටුප 127812.00
මාසික වැටුප රුපියල් 54285 කි.
පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500කි.
කොළඹින් බැහැර අයට නිල නිවාසයක් (ව. අඩි 900 ක දෙමහල් නිවසක්)
රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම
තීරු බදු රහිත වාහනයක් වසර 5 කට වරක් ගත හැකිය. ඩොලර් 50,000 ක් වටිනා වාහනයක් තීරුබදු රහිතව ලබා ගත හැකිය. මෙම වාහන බලපත්‍රය වසර 5ක් යනතුරු විකිණීමට නොහැකිව තිබූ අවස්ථාව තුරන් කර එම වාහනය විකිණීමට අවස්ථාව ලබාදී ඇත. බොහෝ විට තීරුබදු රහිත වාහනයක් කෝටි 2 1/2ක පමණ මුදලකට අලෙවි කෙරේ.
දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලේ සැපයේ.
සම්බාහන පහසුකම් නොමිලයේ සැපයේ.
විශේෂඥ වෛද්‍යවරයකු නියම කරන ඖෂධ නොමිලයේ ලබාගත හැකිවීම
වසර 5ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම
ලිපි ද්‍රව්‍ය පහසුකම් නොමිලේ
ලැප්ටොප් පරිගණකයක්
ෆැක්ස් යන්ත්‍රයක් හිමිවේ
විදේශ සංචාර
පාර්ලිමේන්තු රැස්වීම් වාරවලදී අවශ්‍ය නම් බේකන්, පැණි, කෝන්ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ඇතුළු ආහාර
මන්ත්‍රි වෛද්‍ය රක්ෂණ ගාස්තුව ලක්ෂ 3.5කි
දරුවන් ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රී දීමනා වැඩි කිරීමේ යෝජනාව
සදුන් Thursday, 24 March 2016 10:33 PM
බුදු අම්මෝ 4 පාරක් පාර්ලිමේන්තු ගියොත් ලක්ෂ 1000 ක් විතර වාසි නේද මේ කාර් පර්මිට් එක හින්ද? මේක පත්තරේ මුල් පිටුවට යන්න ඕන ප්‍රවුර්තියක්. (අ)
රංජන් Wednesday, 23 March 2016 03:18 AM
මේ රටේ මම ජීවත්වෙන ප්‍රවාහන ඇමතිතුමා ඔෆිස් යන්නේ කෝච්චියේ (බ)