(උපුල් තම්මිට)
රජයේ ප්‍රමුඛතම සංවර්ධන යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ කටයුතු මැනුම් කටයුතුවල පවතින ප්‍රමාදයන් හේතුවෙන් මේවන විට ව්‍යාපෘතියේ ඉදිරි සියලු කටයුතු ප්‍රමාද වෙමින් පවතී.
පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස හා දේපළ අහිමි වන පවුල් සඳහා නව නිවාස හා ඉඩම් ලබාදීමට පෙර ජලාශයේ අධි ගංවතුර මට්ටම් හා ජලාශයේ ගිල්ම මිනුම් ගත කිරීමේ කටයුතු පවරා ඇත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට වන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී දැනට මාස කිහිපයක් ගතවී ඇතත් මෙතෙක් එම රාජකාරී ඉටුවී නැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මිනුම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය නිලධාරී හිඟය මේවන විට බලපා ඇතැයි පෙන්වා දෙන මිනින්දෝරු දෙපාර්තමේන්තුව,මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි හා බලපත්‍රලාභී මිනින්දොරුවන් මෙම කටයුත්ත සඳහා යොදා නොගැනීම මෙන්ම රජයේ ප්‍රධාන පෙළේ සංවර්ධන කටයුත්තක් සඳහා ප්‍රමුඛතාවය ලබා නොදීම පිළිබඳව මිනින්දෝරු දෙපාර්තමේන්තුව සඳහා රජයේම ආයතන රැසක් අප්‍රසාදය පළකර සිටියි.
පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර බවත් පසුගියදා එම කමිටුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්වූ අතර එහිදී ද මිනින්දෝරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගි වූ නිලධරයකු පැවසුවේ මීට පෙර මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය පිළිබඳ සිදුකර ඇති මිනුම් සටහනක් ඇත්නම් එය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ වාරිමාර්ග ප්‍රධානියකු පවසා සිටියේ 1962 දී මේ පිළිබඳව මිනුම් ගත කිරීමක් සිදුකර ඇති බවත් එහි ද්‍රෘඩ පිටපතක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඇති බවත් සඳහන් කළේය.
භූමිතික සිතියම් හා මිනුම් කටයුතු අවසන් වන තෙක් ජලාශය හේතුවෙන් නිවාස හා දේපල අහිමිවූවන් පිළිබද සමාජ හා ආර්ථික සමීක්ෂණයක් සිදුකරන ලෙස දිසිත්‍රික් ලේකම් අදාළ නිළධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදුන් අතර ලබන මස යළිත් වරක් මෙහි ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
පහළ මල්වතුඔය බහුකාර්ය ජලාශ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම දේශීය අරමුදල් මත රුපියල් කෝටි එක්දහස් තුන්සීයක මුදලින් ක්‍රියාත්මක කෙරෙන අතර මෙහි ප්‍රධාන ඉලක්කයන් වන්නේ මන්නාරම යෝධවැව යටතේ සහල්නැලිය ලෙස විරුධාවලිය ලත් ගොවිබිම් වසරකට අවම වශයෙන් කන්න දෙකක් වගාකිරීම හා අමතර කන්නයක් වගාකිරීම ඇතුළු වර්ෂා කාලයේදී අනුරාධපුර නගරයට ඇතිවන ගංවතුර පාලනය කිරීම හා තන්තිරිමලය, මැදවච්චිය සහ වවුනියාවට අයත් ගම්මාන රැසකට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙන්ම වගා වපසරිය ඉහළ නැංවීම මෙන්ම ජල විදුලිය උත්පාදනය කිරීම අරමුණූ කර ගෙනය.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිනුම් ප්‍රමාදයෙන් මල්වතුඔය ව්‍යාපෘතිය ඉබි ගමනේ