පියෙක් තම දියණියගේ අත තම ජීවිතයේ කෙටි කාලයකට අල්ලාගෙන සිටින අතර ඔහු ඇගේ හදවත සදහටම අල්ලාගෙන සිටින්නේය.
2022 පෙබරවාරි 04 වැනිදා මගේ පියා, ස්ටැන්ලි ජයවීරගේ පස්වන ගුණ සමරුවයි. ලංකා මාතාවගේ සැබෑ දේශප්‍රේමියකු වූ ඔහු ශ්‍රී ලංකාවට නිදහස ලබා වසර 69 ක් සපිරෙන දිනයේ දී ම, අපෙන් සමු ගැනීම විශේෂත්වයෙකි.
ඔහු අයත් වූයේ සාරධර්ම සහ ප්‍රතිපත්ති රකින, දැන් සොයා ගැනීමට අපහසු පරම්පරාවකට ය. මගේ මතකයෙහි, ඔහු රැඳෙන්නේ අවංක, සෘජු, නිර්භීත, කිසි විටෙකත් ඔහුගේ හෘද සාක්ෂිය නියම කරන දේ ක්‍රියාත්මක කිරීමට අසමත් නොවන මිනිසෙකු ලෙසයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, 1949 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේ ය. ඉගැන්වීමට දැඩි ආශාවක් තිබූ ඔහු විශ්වවිද්‍යාලයෙන් පිටව ගිය විගසම, ගුරු වෘත්තියට පිවිසියේ ය. එමඟින් ඔහුට ඔහුගේ ජීවන සහකාරිය වන මාගේ මව හමු වූවාය. 1954 දී ඔහු ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු අතර, ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ජීවිතයට කැපවී වසර 36 ක් පුරා සිංගප්පූරුව, ඉන්දියාව, රුසියාව, පකිස්ථානය සහ ජර්මනිය යන අපගේ දූත මණ්ඩවලද සේවය කළේය.
තම පරමාදර්ශ සහ ප්‍රතිපත්ති අනුව ජීවත් වූ මිනිසෙකු වූ ඔහු තම දරුවන්ට ඉගැන්වූ බොහෝ දේ ආදර්ශයෙන් විය. සරල බව ඔහුගේ පෞරුෂයේ ප්‍රධාන ලක්ෂණයක් වූ අතර අපි සාමාන්‍ය ශ්‍රී ලාංකික නිවසක ජීවත් වූ අතර ඔහු 1986 නිෂ්පාදනය වූ Volkswagen Golfමෝටර් රථයක් පැදවීය. අපේ නිවස අවංක රාජ්‍ය සේවකයකුට කදිම නිදසුනක් බව අප නිවසට පැමිණි කිහිප දෙනෙකු පවසා ඇත.
ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ සියලු දරුවන් අපේ මව් භාෂාව චතුර ලෙස හසුරුවාලීමට. එබැවින් අප නිවසේ සිංහල භාවිතා කිරීම අනිවාර්ය විය. ඔහු තානාපති ලෙස ජර්මනියට පැමිණි විට තානාපති කාර්යාලයේ නාම පුවරු ඉංග්‍රීසි සහ ජර්මානු භාෂාවෙන් පමණක් තිබූ බව ඔහුට දක්නට ලැබිණි. සිංහල, දෙමළ සහ ජර්මානු භාෂාවලින් කියවීමට නව පුවරුවක් සවි කිරීමට ඔහු වහාම පියවර ගත් අතර, එය ඔහුගේ පාලන සමයේ දී ශ්‍රී ලාංකීය ප්‍රජාව සමග වගා කළ යහපත් සබඳතාවලට පදනම විය. නිල උත්සවවලදී තම රට නියෝජනය කරන විට ජාතික ඇඳුම ඇඳිය යුතු බව ඔහු තරයේ විශ්වාස කළ අතර ජර්මනියේ ශීත සෘතුවේ දී පවා ඔහු සියලුම රාජ්‍ය උත්සව සඳහා ජාතික ඇඳුම ඇන්දේය.
ඔහු සිය රාජකාරි කටයුතුවලදී ඉතා සූක්ෂ්ම වූ නමුත් සිය කාර්යයන් සම්පූර්ණ කිරීමට වෙහෙස මහන්සි වූයේය. ඔහුගේ කාර්යබහුල කාලටසහන් තිබියදීත්, සෑම විටම ඔහුට ලැබෙන සියලු සටහන්වලට හා ලිපිවලට ප්‍රතිචාර දැක්වීමට කාලය සොයාගත් අතර, සෑම පෞද්ගලික හෝ වේවා රාජකාරි හෝ වේවා සියල්ලන්ටම අනිවාර්යෙන්ම පිළිතුරු සැපයීම ඔහුගේ පුරුද්දක් විය.
අඩු වරප්‍රසාද ඇති අය කෙරෙහි ඔහුට තිබුණේ අප්‍රමාණ අනුකම්පාවකි. ඔහු සාමාන්‍ය මිනිසාගේ වේදනාව හොඳින් වටහාගත් අතර ඔහුට හැකි සෑම ආකාරයකින්ම ඔවුන්ට උපකාර කිරීමට පසුබට නොවීය. තරාතිරම නොබලා ඕනෑම කෙනෙකු සමග ඇසුරු කිරීමේ හැකියාව ඔහුට තිබුණි. ආපසු පැමිණෙන විදේශ සේවා නිලධාරීන්ට තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා තමන් කැමති පාසලක් තෝරාගත හැකි වුවද, කොළඹ ප්‍රභූ කවය සමග පමණක් නොව, සෑම තරාතිරමක දරුවන් සමග අපට ඇසුරු කිරීමට හැකි විය යුතුය යන දැඩි මතයේ සිටි ඔහු, තම සියලුම දරුවන්ට රජයේ පාසල් තෝරා ගත්තේය. නිවසේ දී හෝ රැකියාවේ දී ඔහු කිසිවෙකුට අනුග්‍රහය දක්වන බව ඔබට කිසිදා දැකිය නොහැක. ඔහුගේ දරුවන්ට හෝ පවුලට කිසිම විටකදී මනාප සැලකිල්ලක් නොලැබුණි. පිටස්තරයින්ට ලබා දුන් සැලකිල්ලම අපට ද ලැබුණි. ගෙදර දී වුනත් කිසිම දරුවෙකුට විශේෂ මනාපයක් දැක්වූයේ නැත.
ඒ හා සමානව, ඔහුට ආගමික සහනශීලී හැඟීමක් තිබුණි. දැඩි බෞද්ධ පසුබිමක සිටි ඔහු අපට පන්සල් යාමට හෝ සිල් සමාදන් වීමට කිසි විටෙකත් බල කළේ නැත. “ඒහිපස්සිකෝ” (ඔබම පැමිණ බලන්න) යන බෞද්ධ වචනයේ සැබෑ අරුත අනුව ජීවත් වීමට, ඔහු තම සියලුම දරුවන්ට පූර්ණ නිදහස ලබා දුන්නේය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවට අමතරව ඔහු ජේසුස් ක්‍රිස්තු වහන්සේ, හින්දු දෙවිවරුන් කිහිප දෙනෙකු සහ සායි බබාගේ පින්තූර ඔහුගේ පූජා කාමරයේ තබා තිබුණේ ඔවුන් සියල්ලක්ම සමාජයට හොඳ පණිවුඩ ලබා දුන් අය බව විශ්වාස කිරීමෙනි.
ඔහු සිය විශ්‍රාම කාලය ගතකළේ ඔහුගේ ප්‍රියතම ආශාව වන ඉගැන්වීම සහ ලිවීම සඳහාය. කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වූ ඔහු සිසුන්ගේ දෛනික විෂය මාලාව අවසන් වූ පසු ඔවුන්ට නොමිලේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඉදිරිපත් වූයේය. බොහෝ විශ්‍රාමිකයන් සවස් වරුවේ තම නිවසේ සැප පහසු දිවා කෙටි නින්දක් ලබන විට, ඔහු ඉගැන්වීමට දැඩි හිරු එළියේ යමින් සිටියේ ය. එලෙසම රාජගිරියේ වික්ටෝරියා ආබාධිත නිවාසයේ නේවාසිකයන්ට ස්වේච්ඡාවෙන් ඉංග්‍රීසි ඉගැන්වූයේ ය.
ඔහුගේ ඊළඟ ආශාව වූයේ කාලීන සිදුවීම් සහ රටේ සිදුවන අසාධාරණයන් පිළිබඳව විවිධ මාතෘකා යටතේ නිරන්තරයෙන් පුවත්පත්වලට ලිපි ලිවීමටය. ඔහුට විශිෂ්ට ඉංග්‍රීසි දැනුමක් සහ ලිවීමේ දක්ෂතාවක් තිබූ අතර ඔහු පෑනක් අතට ගත් විගස, වචන දෝරේ ගලා ආවේය. ඔහු රට තුළ නිසි පාලනයක් ඇති කිරීමට උපකාර කළ “අවධි ලංකා” ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකි.
වසර 5ක් ගත වී ඇතත්, මා ඉතා ආඩම්බරයෙන් සිහි කරන මගේ පියා වන ස්ටැන්ලි ජයවීරගේ සිහිවටන, මගේ මතකයෙන් කිසිදා මැකී නොයයි. රාජකීයන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ සාමාන්‍ය ජනතාව සමග එකට ඇසුරු කිරීමට හැකි වූ පුද්ගලයා පමණක් නොව, මම මගේ පළමු පියවර තබන විට මගේ අතින් අල්ලාගෙන මට නැගිටීමට උදව් කළ විශේෂ පුද්ගලයා ලෙස ඔහු මගේ සිතෙහි සදා අමරණීයයි.
විමුක්තා ජයවීර
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිනිසාගේ දුක හඳුනාගත් අපේ තාත්තා