හින්දු ජනතාව අති උත්කර්ෂවත්ව සමරන දීපාවලී අදට (31) යෙදී ඇත. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.
ලොව පුරා මිලියන සංඛ්‍යාත හින්දු ජනතාව සමරනු ලබන ජනප්‍රියම හින්දු උත්සවය දීපාවලිය වේ. හින්දු වියතුන්ගේ අර්ථකථනවලට අනුව මිනිසාගේ සිරුරේත් හදවතේත් භාවමය ශක්තිය ලෙස පහන් දල්වා අඥානය නැමැති අඳුර දුරුකර ඥානය නැමති සත්‍යයේ එළිය අවදිකර ගැනීම සිදුකර ගන්නා දිනය දීපාවලී දිනය වේ.
වියත් අදහස්
මානික්ක වාසගර් වියතාණන්ගේ අදහස වන්නේ හින්දුන්ගෙන් ප්‍රධාන දෙවියා වන සිව දෙවියෝ ලොව සෑම දස දෙසම බලා ආලෝකය පතුරුවා හරින නිසා එම දෙවියා වෙනුවෙන් ආලෝක පේළි දල්වා මෙම දිනය සමරන බවය.
එමෙන්ම මඩලූර් වල්ලර් ශ්‍රී රාමලිංග අඩිහල් නැමැති වියතාණන් කියන්නේ ‘‘ආලෝකා උදපාදි ඥානය උදපාදි යනුවෙනි. ආලෝකය ඉපදී ඥානය ඉපදුණ බවය.
අරුණ ගිරි නාදර් වියතාණන් කියන්නේ දීප මංගල ජෝති නමෝ නමඃ යනුවෙනි. ඉන් අදහස් වන්නේ ආලෝකය නැමැති මංගල කරුණට නමස්කාරය වේවා යන්නයි.
පුරාවෘත
වියතුන්ගේ ආර්ථකථන මෙසේ වුවත් දීපාවලිය පිළිබඳ පුරාවෘත ගණනාවක් ඉන්දීය සාහිත්‍යයේ දක්නට ලැබේ. එයින් ප්‍රධාන පුරාවෘත්තය හැටියට නරක අසුරයා වදයට පමුණුවා ඔහු විනාශ කළ දිනය දීපවාලී දිනය ලෙස හැඳින්වේ.
එම නරක අසුරයාගේ කතාව මෙසේය. නරක අසුරයා බිහිවුනේ මහා විෂ්ණුට සහ භූමා දේවියට (පොළොව මහී කාන්තාවට) දාවය.
මෙසේ බිහිවූ නරක අසුරයා සිව දෙවියන් කරා ගොස් උපවාසයක් කළේය. මෙසේ යහපත් උපවාසය නිසාත් ඔහුගේ අධිෂ්ඨාන බලය නිසාත් සිව දෙවියෝ නොයෙක් වර ප්‍රධානය කළහ. මුල් කාලයේ ඉතා හොඳින් ගත කළත් පසු කාලයේ ඔහු ඉතාම අයහපත් පුද්ගලයකු බවට පත් වුණේය. ඔහුට සිව දෙවියන් විසින් ලබාදුන් වර අයහපත් ලෙස භාවිත කළේය. වර ලබාදුන් සිව දෙවියෝ පවා අමතක කොට දැම්මේය. සාමාන්‍යයෙන් කළ උපකාර අමතක කිරීම අසුරයන්ගේ ගුණයකි. මෙසේ උපකාර අමතක කළා පමණක් නොව දේව ලෝකයේ මනුෂ්‍ය ලෝකයේත් දෙවියන්ට හිංසා කිරීමට පටන් ගත්තේය.
දේවස්ථානවල කෝවිල්වල ආ පූජා උත්සව හෝමකර්ම සිදුකිරීමට ද මොහු තහංචි දැම්මේය. මේ නිසා සියලුම දේවස්ථාන පාළුවට ගියේය. මිනිසුන්ට එහි ගොස් දෙවියන් පිදීමට තහංචි දැම්මේය. එම නිසා දෙවියන් පිදීමට නොහැකි විය. තවද මිනිසුන්ට නොයෙක් වද හිංසාවලට ඔහු ලක් කළේය. ඔහු සෑම තැනකටම අඳුර එක් කළේය. සෑම මිනිසකුම දුකට පත් කළේය.
මේ කාලයේ දී මහා විෂ්ණු ක්‍රිෂ්ණගේ අවතාරය වෙස් ගත්ත කාලය වෙයි. එහිදී නරක අසුරයා විසින් කරන ලද නොයෙක් වද දුටුවේය. මේ අතර සියලුම මිනිස්සුත් දෙවියෝත් එක්ව ඔහුගේ වද හිංසා ගැන ක්‍රිෂ්ණා අවතාරයට පත් වූ මහා විෂ්ණු වෙත ගොස් මේ බව සැළකර සිටියහ.
මොහුව විනාශ කරන ලෙස ඉල්ලීමක් ද කළෝය. එවිට මහා විෂ්ණු මේ භවයේදී තම භාර්යාව වන සත්‍යභාමාට ඔහුව විනාශ කිරීමට හැකි බව දැන ගත්තේය. මන්ද සත්‍යභාමා පෙර භවයේ ද භූමා දේවිය වී නරක අසුරයාගේ මවු නිසාය.
මිනිස් දිව්‍ය අසුරයන්ගේ ඉල්ලීම පරිදි සත්‍යභාමා සමඟ විෂ්ණු මහා දෙවෝත්තමයාණන් දවාලක් නැති රාත්‍රියත් නැති වෙලාවක මෙම නරක අසුරයා වදයට පමුණවන විට සත්‍යබාමා හීයකින් විද නරක අසුරයා විනාශ කළේය.
මෙසේ විනාශ කළ නරක අසුරයා මරණාසන්න මොහොතේ දී තම පියාගෙන් වරයක් ඉල්ලා සිටියේය. එම වරය නම් තමා මැරෙන දිනය සිහි ගැන්වීමට ආලෝක පහන් පේලි දල්වා පූජා පවත්වන ලෙසය. මෙම ඉල්ලීමට අනුව ද්‍ීපාවලිය නිර්මාණය වී ඇත. දීපාවලියේ අරුත වන්නේ දීප යනු ආලෝකය. ආවලි යනු පේලියයි. මෙහි අර්ථය වන්නේ ආලෝක පේලිය යන්නයි.
රාමගේ පුනරාගමනය
ඉන්දීය පුරාවෘතයකින් දීපාවලිය සැමරීම හේතු පැහැදිලි කරන ප්‍රවෘත්තියක් රාම රාවණ කතා වස්තුවේ දැක්වේ. එනම් එය රාම දෙවියන්ගේ පුනරාගමනය වශයෙන් හැඳින්වේ.
මෙහිදී රාවණා රජු පරාජය කිරීමෙන් පසු රාම නැවත අයෝධ්‍යාවට පැමිණීමය. රාමායණ වීර කාව්‍යයට අනුව රාම ඔහුගේ බිරිඳ සීතා සහ ඔහුගේ විශ්වාසවන්ත සහෝදරයා වන ලක්ෂමණ වසර 14 කට පිටුවහල් කිරීමෙන් පසු නැවත ඔවුන්ගේ රාජධානියට පැමිණියහ. ආයෝධ්‍යාවේ වැසියන් පහන් දල්වමින් සහ ගිනිකෙළි පුපුරවමින් සිය නැවත පැමිණීම
සැමරූ අතර එම නිසා දීපාවලී උත්සවයට එම සිදුවීම සිහි ගැන්වීමට ඇතිවූ බව කියැවේ.
කාලි දේවිය
ඉන්දියාවේ බෙංගාලි දේශයේ දීපාවලියට පුද පූජා පවත්වනුයේ කාලි දෝස සිහිගැන්වීම පිණිසයි. සෑම දෙයක්ම විනාශ කිරීම ඉතා දැඩි ලෙස පෙරට ගත් මැයගේ එම ශක්තිය නිමකළ දිනය ලෙසද මෙම දිනය සමරති.
ස්නානය කිරීම
මෙම දිනය සැමරීමේ වැදගත් කාරණය වත්මන් ස්නානය කිරීමයි. මේ බව කියැවෙන පුරාණ ග්‍රන්ථයක් ඇත. එනම් එය තුලා මහත්මීය ග්‍රන්ථයයි. එහි මෙසේ සඳහන් වේ. තෛලේ ලක්ෂි ජලේ ගංගා දීපාවලි දිනේ වශෙත් මෙයින් පෙන්වා දෙන්නේ තෙල්වලින් නෑම තුළින් ලක්ෂ්මි දෙවියන් ජලයෙන් නාන විට ගංගා දෙවියන් සිහිගන්වන බවයි. දීපවාලී දිනයේ දී අනිවාර්යෙන්ම හිසට තෙල් ගල්වා සෑම කෙනෙක්ම ස්නානය කරනු ලැබේ. මෙහිදී ඉරු දින ස්නානය කළ හොත් හිත් වේදනා ද සඳු දින ස්නානාය කළහොත් ඉසුරත් බ්‍රහස්පතින්දා සිරුර සනීප බවත් සිකුරාදා අඟ හිඟකමත් සෙනසුරාදා තමන් කැමති දේ ලබා ගැනීමටත් හැකි වන බව හින්දු ශාස්ත්‍ර කියනු ලැබේ. එහෙත් කාන්තාවන්ට අඟහරුවාදා, සිකුරාදා තෙල් ගල්වා නෑම සිදු කළ හැකි බව එම ශාස්ත්‍ර වැඩිදුරටත් පෙන්වා දෙයි.
දීපාවලියේ පූජා විධි
දීපාවලියට විශේෂ වූ පූජා විධි කීපයක් හින්දු ධර්ම චාරිත්‍ර විධිවල දක්නට ලැබේ. එනම් ලක්ෂ්මි පූජාව නරක සඳුර්ති, සමන්ත වලිපාඩු යනුවෙන් නම් කර ඇත. මෙම පූජා විධික්‍රම දින හතරකින් සමන්විත වේ. ඒ අනුව එක් එක් දිනයට එක් එක් පූජාවන් නියම වී ඇත. ඉන් පළමුවැන්න හින්දූන් සිදුකරනු ලබන්නේ ලක්ෂ්මි දෙවඟන උදෙසාය. එය සිදුකරනු ලබන්නේ ලක්ෂ්මි ඉසුරට අධිපති දෙවඟන නිසාය.
දෙවැනි දිනය නරක අසුරයා මරණයට පත් වූ දිනය ලෙස සලකති. තෙවැනි දිනයේ දී තෙල් ගල්වා ස්නානය කොට පහන් පේලි දල්වා පුද පූජා පවත්වනු ලබති.
හතරවන දිනයේ දී සිදුකරනු ලබන සරත් හින්දු පුරාණය නැමැති කෘතිය පෙන්වා දෙන දේවකතාවකට ද සම්බන්ධයක් ඇත. එනම් යෙමන් හෙවත් යමගේ සහෝදරිය වූ යමුනාට ඔහු විසින් තෑගි බෝග ලබා දෙන්නේය. එය සිහි ගන්වන හින්දු නිවෙස්වල පිරිමි දරුවන් තම සහෝදරියන්ට තෑගි බෝග ලබා දෙන්නෝය. හින්දුන් ඔවුන්ගේ ජීවිතයත් හින්දු ධර්මයේ සඳහන් වන ජීවිතයක් දෙකක් නොව එකක් බව පවසයි. මෙම ධර්මය උපවාස උත්සව හෝමකර්ම වලින් පිරී පවතී. මෙසේ කිරීමෙන් සියලුම මිනිස් වර්ගයා යහපත් මාර්ගයට යොමුවන බව හින්දුන්ගේ විශ්වාසයයි.
දීපාවලී උත්සවයේ දී දීපය නොහොත් ආලෝකයෙන් බොහෝ සත්‍ය පෙන්නුම් කරන බව බොහෝ පුරාණ ග්‍රන්ථ පෙන්වා දෙයි. තවද ධර්ම මාර්ගයෙන් මිනිස් දිවියේ අඳුර නසා ආලෝකය දෙන්නට උපකාරී වේ. මෙමඟින් මමත්වය නැති කරලීමට මෙම ධර්මය උපකාරී වේ. ඝන දෙවියන් ක්‍රිෂ්ණා දෙවියන් සිව දෙවියන් ඇතුළු දෙවියන්ගේ මහිමයෙන් පරම ආත්මය නැති කොට හොඳ මිනිසුන් ආරක්ෂා කර නොහොද දේ විනාශ වේ, යන සංකල්පය මෙම දිනයේ දී සිදුවන බව සෘෂිවරු පෙන්වා දෙති.
භගවත් ගීතාව
භගවත් ගීතාව පෙන්වා දෙන්නේ නරක අය විනාශය කරන්නටත් ධර්මය දිගුකල් රැඳෙන්නට දීපාවලිය මං පෙත් පාදන බවය. එම නිසා මෙම දිනයේ දී පහන් පේලි දල්වා අලුත් ඇඳුම් ඇඳ දෙවියන් වැඳ සියලුම දෙනා මනස පිරිසුදු කරගනිමින් මෙම උත්සවය සමරති.
පුරාණ ග්‍රන්ථවලින් දීපාවලිය සමරන ආකාර පෙන්වා දෙන අයුරු.
උදේ පාන්දරින් අවදි වී තෙල් ගල්වා ස්නානය කර පහන් දල්වා ලක්ෂ්මි දේවිය හිඳුවා ධ්‍යාන වැඩිය යුතුය. බුලත්, කෙසෙල් ගෙඩි, පුවක් මල් ආදිය ලක්ෂ්මි දෙවඟන පුදා පසුව මවගෙන් හෝ බිරිඳගෙන් තෙල් ගෙන සිරසට ගල්වා ගත යුතුය. තල තෙල් ලක්ෂ්මි දේවියට සුවඳ හමන බවත් එදින ස්නානය කරන ජලයෙහි ලක්ෂ්මි සුවඳ හමන බවත් පුරාණ ග්‍රන්ථ පෙන්වා දෙයි.
මේ නිසා මිනිස් දිවියට ඉසුරක් දෙන බව මෙයින් වැටහේ. මේ අනුව ලෝකයේ සියලුම හින්දු ජන කොටස් දීපාවලිය සමරති. ශ්‍රී ලාංකික අපට ද මෙම දිනය සහෝදරත්වය මිතු දම නිසා වැදගත් වේ.
මෙම කාල වකවානුවේදීවත් අප රටට යහපත් වී ඉසුර මතු වී මිනිස් දිවියට ආලෝකය උදා වේවා, දීපාවලිය සමරන සෑම දෙනාටම සෞභාගය සපිරි දීපාවලියක් වේවා.
(***)
දෙමළ පණ්ඩිත් පන්මොළි,
විත්තහර් පන් මොළි පුලවර් ,
දෙමළ ජනශ්‍රැති පර්ෙය්ෂක.
මඩුළුගිරියේ විජේරත්න
(ඡායාරූපය අන්තර්ජාලය ඇසුරින්)
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්‍රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මනුලොවට එළිය ගෙනෙන දීපාවලී