IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මිනී ඔළු-මිනී අළු විකුණන මිනිස්සු

 07_page_10-th 

 

පණ පිටින් සිටින මිනිසුන්ට වඩා මියගිය මිනිසුන් බලවත් යැයි කියන මියගිය කෙනෙකුට ජීවත්ව සිටිනවුන්ට බලපෑම් කිරීමට හැකියාවක් තිබේ යැයි කියන විශ්වාසය සමාජය තුළ පැළපදියම්වී ඇත්තේ ඈත අතීතයේ පටන්ය. 

 


මියගිය කෙනෙකුට පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ හිස කෙස්, මිනිස් හිස් කබල්වලට, ආදාහනාගාරයක එහෙමත් නැත්නම් දර සෑයක දවාලන සිරුරක අළුවලට පවා ජීවත්ව සිටින කෙනෙකුට බලපෑමක් කරදරයක් හිරිහැරයක් කළ හැකි බවට විශ්වාස කරන්නෝ සමාජයේ බහුලව සිටිති. 


මියගිය කෙනෙකුගේ සිරුරු කොටස්වලට ජීවත්වී සිටින අයට ලෙඩ රෝග ඇති කිරීමට පවුල් ජීවිත කඩාකප්පල් කිරීමට, ධනවතුන් දුප්පතුන් කිරීමට තරම් ශක්තියක් ඇතැයි කියන විශ්වාසය නිසා විශේෂයෙන් මිනී ඔළු මිනී අළුවලට හොඳ ඉල්ලූමක් තිබේ. 


මේ මිනී ඔළු සම්බන්ධ ගනුදෙනු සිදු කෙරෙන්නේ නම් බොහොම රහසිගතවය. 


එනිසා මිනී ඔළු හා මිනී අළු විකිණීමේ ගනුදෙනු හා සම්බන්ධ කරුණුකාරණා එළියට එන්නේ බොහොම කලාතුරකිනි. 

2
හම්බන්තොට ප‍්‍රදේශයේ පිහිටි සුසාන භූමිවල මිනී වළවල් හාරන මිනී ඔළු කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලට ගෙන ගොස් රුපියල් ලක්‍ෂ ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් ගැන මීට වසර දෙකකට පමණ කලින් හම්බන්තොට මහ නගර සභාවේ පැවැති මාසික රැස්වීමකදී කරුණු හෙළිකර සිටියේ ඒ කාලයේ හිටිය නාගරික මන්ත‍්‍රීවරයෙක්වන අජිත් ප‍්‍රසන්න මහතාය. 


හදි හූනියම් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කිරීමට අවශ්‍ය අයට ජාවාරම්කරුවන් මිනී ඔළුවක් කොළඹට ගෙනගොස් ලක්‍ෂ 02 ක පමණ මුදලකට අලෙවි කරන බවද අජිත් ප‍්‍රසන්න මහතා හෙළිදරව් කර තිබිණි. 


මිනී අළුවලටත් හොඳ ඉල්ලූමක් තිබෙන බව මා දැන ගත්තේ පළාත් පාලන ආයතන යටතේ පාලනය වන සොහොන් පිට්ටනිවලට යොදවා සිටින මුරකරුවන් ගණනාවකගේ මාර්ගයෙනි. 


පානදුරට නුදුරු ප‍්‍රදේශයක මිනී කනත්තක මුරකාරයෙක් ලෙස වසර 15 ක පමණ කාලයක් තිස්සේ රස්සාව කරන අයෙක් පසුගිය දිනක අපට හමුවූයේ ඒ මිනී පිට්ටනියේ කට්ටඩියෙක් මිනී වළක දපා සිදු කෙරෙන තොවිලයක් ගවේෂණය කිරීමට මමත් මහනුවර මහ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාත් ගිය අවස්ථාවකය.


මහත්තයෝ සාමාන්‍ය අය විතරක් නෙමේ හොඳ වැදගත් මහත්වරු නෝනලා පවා හොඳ හොඳ කාර් වෑන්වලින් ?ට කනත්ත ළඟට ඇවිත් පරණ මිනී ඔළු සල්ලිවලට ඉල්ලනවා. ඒ ලොකු නෝනලා මහත්වරු දැක්කාම මට පුදුමත් හිතෙනවා. ඇයි මේ විදිහට මිනී ඔළු ඉල්ලාගෙන එන්නේ කියා. තවත් සමහර නෝනලා මහත්වරු මිනී අළුත් ඉල්ලනවා. මිනී ඔළුවක් හොඳ සල්ලි තියෙන අයට රුපියල් දහ පහළොස් දහාකට විතර කිසිම කරදරයක් නැතිව දෙන්න පුළුවනි. මිනී අළු ටිකක් ෂොපින් බෑග් එකක දාලා දුන්නාම රුපියල් 1,000-2,000 ක් ගන්න පුළුවනි. මිනී අළු ටිකක් මිනිස් හිස් කබලක් ඉල්ලාගෙන එන අය ගාන කව්වාම කේවල් කරන්නේ නැහැ.


මෙච්චර ගණන් දීලා මිනී ඔළු මිනී අළු අරගෙන යන්නේ මොනවගේ දේවල්වලට කියා අහන්නේ එහෙම නැත්ද? කියා අපි මුරකරුගෙන් විමසුවේ නිකමට වාගේය. 


ඔය එක එක්කෙනාට හදි හූනියම් කරන්න තමා ඔච්චර ගණන් දීලා මේ අය මිනී ඔළු මිනී අළු අරගෙන යන්න එන්නේ වෙන මොකටද මහත්තයෝ යැයි පැවසූ මිනී පිට්ටනියේ මුරකරු ඒ හා සම්බන්ධ අපූරු කතාවක්ද හෙළි කළේය. 


දැන් ටික කලකට ඉස්සරවෙලා ලස්සන නෝනා කෙනෙක් ආවා මාව හම්බ වෙන්න. එනකොට ටිකක් කළුවර වැටිලා තිබුණේ. මට අද වගේ මතකයි ඒ නෝනා ආවේ කළු පාට මොන්ටෙරෝ ජීප් එකකින් තවත් කවුදෝ පිරිමි කෙනෙක් ඒ නෝනා ආපු ජීප් එකේ හිටියා. නෝනා මම හිටිය මුරකුටිය ළඟට ආවා. ”අන්කල් පොඩි උදව්වක් ඉල්ලගෙනයි මම ආවේ” කියා ඒ නෝනා මාත් එක්ක කිව්වා ”නෝනේ මං වගේ කෙනෙක්ගෙන් නෝනා වගේ කෙනෙකුට කෙරෙන්න තියෙන්නේ මොකක්ද, පුළුවන් උදව්වක් තියනවා නම් කරලා දෙන්නම්” කියා මම කිව්වා. ”අනේ අංකල් මට පුළුවන්නම් මිනී අළු ටිකක් දෙන්න පුළුවන්ද?” කියා නෝනා ඇහැව්වා. ගාණ කීයක් වුණත් මට ප‍්‍රශ්නයක් නැහැ. මේ උදව්ව කොහොම හරි කරන්න කියා. 


ළඟදී පුච්චපු මිනියක අළු ටික මුට්ටියක දාලා මම අරන් තියාගෙන හිටියා. ඒ මියගිය අයගේ ඥාතීන් මිනී අළු මුට්ටිය අරගෙන යන්න එනකම්. මම ඒ මිනී අළු මුට්ටියෙන් ටිකක් අරගෙන ෂොපින් බෑග් එකක දාලා නෝනාට දුන්නා. මිනී අළු ටික නෝනාගේ අතට දෙන්න කලියෙන් ”ඇයි නෝනා මිනී අළු කාට හූනියම් කරන්නද?” කියා මම ඇහැව්වා. 


”මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්නාම ඉන්ටර් නැෂනල් ස්කූල්වලට යන්නේ. මගේ මහත්තයා ලොකු සල්ලිකාරයෙක්. අපි දෙන්නා යහළු වෙලා බැන්ඳේ. මහත්තයා ටික කාලයක ඉඳලා වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. වැඩිය ගෙදර එන්නේ නැහැ. හොර ගෑනුත් එක්ක මහත්තයා ඉද්දී මගේ අතටම අහුවුණා. ඒ ගැනිගෙන් මහත්තයාව ගලවා ගන්න මම නොගත්තු උත්සාහයක් නැහැ. මම මාතර පැත්තේ කට්ටඩියෙක් හම්බ වෙන්න ගියා. මේ සම්බන්ධය නවත්තලා දෙන්න පුළුවන් කියා මගෙන් රුපියල් ලක්‍ෂ 2 ක් ඉල්ලූවා මම කැමති වුණා. හොර ගෑනිගෙන් මහත්තයාව වෙන් කරන ගුරුකමට මිනී අළු ටිකක්  ඕනෑ කියා කිව්වා. ඒකයි මිනී අළු ටිකක් ඉල්ලාගෙන යන්න ආවේ” කියූ ඇය මගේ අතේ දාහේ කොළ කිහිපයක්ම මිට මෙලෙව්වා. මට හරියට දුක හිතුණා. සතයක්වත් ගත්තේ නැහැ. සල්ලි ටික නෝනට දුන්නා. ඊට පස්සේ නෝනා මට පිං දෙමින් යන්න ගියා. 


මිනී අළු ටිකක් නොදෙයි කියන බයට තමා නෝනා ඔය විස්තරේ මාත් එක්ක කිව්වේ. යැයි මිනී පිට්ටනියේ මුරකරු සිය කතාව අවසන් කළේ ඔය වගේ එක එක කතා කියමින් මිනී ඔළු හා මිනී අළු ඉල්ලාගෙන එන අය තමා හමුවීමට එන බව පවසමිනි. 


තඹුත්තේගම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයෙක් ලෙස සේවය කරන ආර්.එම්. අශෝක ධර්මකීර්ති මහතා මිනී ඔළු ජාවාරම ගැන හෙළිදරව්වක් කළේය.
මේ ඒ කතාවයි.


රාජාංගණය පැත්තේ තියන සොහොන් පිට්ටනියක පරණ මිනී වළවල් හාරා මිනී ඔළු ගලවාගෙන ගොස් තිබෙන බව ඒ මුරකරු දැක තිබෙනවා. දවසක් ? මුරකාරයා දැකලා තියනවා කට්ටියක් කළුවරේම මිනී වළක් හාරනවා. පොලිසියට මේ ගැන දැනුම්දීලා මිනී වළ හාරමින් හිටිය තුන් දෙනෙක් අල්ලා ගත්තා. ගමේ දෙන්නෙකුයි, මාතර පැත්තේ කට්ටඬියෙකුයි තමා අල්ලාගෙන තිබුණේ. පොලිසියට කොටුවෙන අවස්ථාව වෙනකොට මේ ගොල්ලෝ ළඟ පරණ මිනී ඔළු හතරක් තිබුණා. එක් මිනී ඔළුවක් රුපියල් 15,000 ගානේ තමා කට්ටඬියාට විකුණලා තියෙන්නේ. කට්ටඬියා මේ වැඬේට ගමේ දෙන්නෙක් හවුල් කරගෙන තියෙනවා” යැයි ග‍්‍රාම නිලධාරී අශෝක ධර්මකීර්ති මහතා කියා සිටියේ මීටවසර 1 1/2 කට පමණ කලින් වූ සිද්ධියක් ගැනයි.


හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එක්තරා ගමක අවතාර සිද්ධියක් ගැන ගවේෂණය කිරීමට ගිය අවස්ථාවක අපිට හමුවූ සොහොන් පිට්ටනියක් මුරකරන අයෙක් කී කතාවක් මෙසේ පෙළ ගස්වන්නෙමු. 


”අපේ පැත්තේ මිනී ඔළුවලට, මිනී අළුවලට හොඳ ඉල්ලූමක් තියෙනවා. කීයක් දීලා හරි මිනී ඔළු හොයාගෙන එක එක ලොකු ලොකු නෝනලා මහත්වරු එනවා. ඒ වගේම යමක් කමක් නැති අයත් එනවා. මේ සේරම දෙනා මේවා හොයාගෙන එන්නේ හදි හූනියම් කරන්න ගන්න තමා. 


ඔන්න එක දවසක් තරුණ මහත්තයෙක් ආවා මාව හම්බ වෙන්න. මට පරණ මිනී ඔළුවක් හොයලා දෙන්න පුළුවන්ද කියා ඇසුවා. මම කිව්වා කාරණය කිව්වොත් ඒ වැඬේ කරලා දෙන්නම් කියා. මම කෙල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නවා. කෙල්ල දුප්පත් කියලා අපේ ගෙදරින් කැමති නැහැ. දැන් මට ඒ කෙල්ලගේ ගෙදර අයගෙන් කිසිම ගැලවීමක් නැහැ, දුව බඳින්න කියා. ඒ පවුලේ චණ්ඩියෙක් දෙන්නෙක් ඉන්නවා. මම යාළුවෙලා ඉන්න කෙල්ලගේ ගෙදර කට්ටියට හූනියම් කරන්න හිතා ගත්තා. කට්ටඬියෙක් වැඬේ කරන්න බාර ගත්තා. ඒකට මිනී ඔළුවක්  ඕනෑ කියා කිව්වා. ඒකයි මිනී ඔළුවක් හොයාගෙන ආවේ කියා. ඉල්ලන  ඕනෑම ගාණක් දෙන්නම් කිව්වත් මම පරණ මිනී ඔළුවක් හොයලා දෙන්න කැමති වුණේ නැහැ” යැයි මුරකාරයා පැවසීය. 


ඒ ඇයි කියා අප විමසා සිටියේ ඇතිවූ කුතුහලය නිසාය. 


”ඇයි මහත්තයෝ අහිංසක පවුලකට වින කටින්න යන නිසා තමා මම කැමති වුණේ නැත්තේ. ඔය වගේ වැඩ කරලා කීයක් ගත්තත් මොකටද මහත්තයෝ” යැයි මුරකාරයා කියා සිටියේ නැති බැරිකම් කොච්චර තිබුණත්  ඕවා මහ පවුකාර වැඩ. බව පවසමින්ය. 


මිනී ඔළුවකට මිනී අළු ටිකකට ජීවත්ව සිටින අයට කරදරයක් හිරහැරයක් හෝ යම් විනාශයක් සිදු කිරීමට පුළුවන් කියා විශ්වාස කරන්නන් ලක්‍ෂ ගණනක් වියදම් කර යම් යම් අයට හදි හූනියම් කිරීමට පෙළඹී සිටින්නේ ඔවුන් තුළ පවිතින නොදැනුවත්කම නිසාය. මිථ්‍යා විශ්වාස කරපින්නාගෙන සිටීම නිසාය. ඒ බව අවධාරණය කළ යුතුය. 


හදි හූනියම් ගැන විශ්වාස කරන අය ඒවා කරන්නේ ඉඩකඩම් හා ව්‍යාපාරික ස්ථාන පිළිබඳ ආරවුල් මුල්කරගෙන බව අප කළ සොයා බැලීම්වලදී හෙළිවිය. 
මීට අමතරව වෙනත් කරුණු කාරණා මුල්කරගෙන ඇතිකරගත් පෞද්ගලික කෝන්තර නිසාද ඇතිකරගත් පළිගැනීමට සිතා හදි හූනියම් කිරීමට තවත් සමහරු පෙළඹී සිටින බවද අප කළ සොයා බැලීම්වලදී වැඩිදුරටත් දැන ගැනීමට ලැබිණි. 


තඹුත්තේගම ප‍්‍රදේශයේ සොහොන් පිට්ටනියක භූමදානය කර තිබූ තරුණියකගේ සිරුරක් ගොඩගෙන ඇයගේ රහස් ප‍්‍රදේශය කපාගෙන ගොස් තිබුණේ භූමදානය කළ දවසේම රාත‍්‍රියේය. 


ඒ මීට පවසර තුන හතරකට පමණ කලින්ය.


ගුරුකමක් කිරීමට රැගෙන යාමට මෙවැන්නක් කරන්නට ඇති බව පොලිසිය සැක කළ අතර අදටත් මේ තිරිසන් වැඬේ කළ අය අල්ලා ගැනීමට නොහැකිවී ඇත. 


කරගෙන එන ව්‍යාපාරයක් පාඩුවන විට දරුවාගේ අධ්‍යාපන කටයුතු අඩාලවන විට එසේ වීමට හේතුව අල්ලපුගෙදර අය හූනියම් කර තිබීම යැයි විශ්වාස කර ඔවුන්ටද ඊට වඩා බලගතු හූනියමක් කිරීමට පරණ මිනී ඔළු හා මිනී අළු සොයාගෙන එන අයද සිටින බව සොහොන් පිටි මුරකරන්නෝ ගණනාවක්ම පැවසූහ. 


කාලයකට පස්සේ කුළුඳුලේ උපන් දැරු පැටියා ඉපදී ටික දවසකට පසු හදිසියේ රෝගාතුරවී මියගියේ අල්ලපු ගෙදර සිටින දරුවන් නොමැති විවාහක කාන්තාවක් හා ඇයගේ සැමියා එක්ව කළ හූනියමක් නිසා බව කියා ඒ අඹු සැමි යුවළගෙන් පළිගැනීමට හූනියමක් කරවා ගැනීමට පරණ මිණී ඔළුවක් සොයා පැමිණි අයෙක් ගැන කතාවක් කිව්වේ ගාල්ල පැත්තේ ගිය අවස්ථාවක අපට හමුවූ වසර ගණනාවක් සොහොන් පිට්ටනියක මුරකරු රැුකියාවක් කර මේවනවිට විශ‍්‍රාම ලබා සිටින අයෙකි. 


හදි හූනියම් කිරීමට පරණ මිනී ඔළු, මිනී අළු සොයාගෙන එන්නන් පමණක් නොව වෙනත් ආකාරයේ මන්ත‍්‍ර ගුරුකම් කිරීමටද, තවත් සමහරුන් මිනී පිට්ටනි සොයාගෙන එන බව අප දැනගත්තේද සොහොන් පිටිවල සේවය කරන අයගෙන්මය.


මේ හලාවත මැතිවරණ බල ප‍්‍රදේශයේ පිහිටා තිබෙන සොහොන් පිට්ටනියක් මුරකරන සේවකයෙක් මීට දවස් කිහිපයකට කලින් මා හා කී කතාවකි. 
 ? මුර කුටියට වෙලා ඉද්දී මිනී පිට්ටනියේ කෙළවරකින් මට මන්තර ජප කරනවා වගේ හඬක් ඇසුණා. ටෝච් එක අතකට අරගෙන අනිත් අතට පොල්ලකුත් අරගෙන එළියට බැහැලා බැලූවා. ඈත කෙළවරක තියන මිනී කන්දක් ළඟට වෙලා කීප දෙනෙක් ඉන්නා බව මම ටෝච් එළියෙන් දැක්කා. මම ඉක්මනට එතැනට ගියා. 

 

අලූත වළ දාපු මිනී කන්දක් උඩ පොල්තෙල් පහන් කිහිපයක් පත්තු කරලා තිබුණා. මිනි කන්ද උඩ ගැහැනු කෙනෙකුගේ පොටෝ එකක් හිටවලා තිබුණා දැක්කා. සුදු සරමක් ඇඳගත්තු උඩුකය නිර්වස්ත‍්‍රව සිටි රතු පාට රෙදි පටියක් ඉණවටා බැඳගත්තු කෙනෙක් ඒ පොටෝ එකට දුම්මල අල්ලමින් මන්තර වගයක් ජපකරමින් හිටියා. රතු පාට මල් දාපු වට්ටි කිහිපයක්, බිත්තර කිහිපයක්ද මිනී වළ වටා තබා තිබුණා. තවත් පිරිමි කිහිප දෙනෙක් හා කාන්තාවන් කිහිප දෙනෙක් වැඳගෙන සිටියා. මොකක්ද ඔය කට්ටිය මේ කරන්නේ. කාගෙන් අවසරයක් අරන්ද මිනී පිට්ටනියට ආවේ කියා මම ඇසුවා. මේ සිද්ධිය වෙනකොට ? 12.00 ත් පහුවෙලා. 


”අනේ අයියා අපි වැරදි වැඩක් කරන්න ආපු කට්ටියක් නෙමේ” කියා එතැන හිටිය පිරිමි කෙනෙක් කිව්වාම මම විස්තරේ ඇහැව්වා. එතකොට තමා ඔවුන් මාත් එක්ක විස්තරේ කිව්වේ.”


”මිනී කන්ද උඩ හිටවලා තිබුණ පොටෝ එකේ හිටියේ තරුණ ගැහැණු ළමයෙක්. ඒ ගැහැනු ළමයා මැද පෙරදිග රටක රස්සාවකට ගිහින් තියෙනවා. මේ ළමයාට ගෙදර හාම්පුතුන්ගෙන් නිතර කරදර, හිරිහැර වෙනවා කියා ඒ හිරිහැර කරදරවලින් මිදෙන්න සෙත් ශාන්තියක් තමා මේ විදිහට කර තිබෙන්නේ. මහත්තයා දන්නවාද මේ ශාන්ති කර්මයට කට්ටඩියාගේ ගාස්තුව. ඔහුට රුපියල් 75,000 ක් දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා.”


මේ කතාව අසා මම පුදුමයෙන් පුදුමයට පත්වීමි. 


කට්ටඩියා මේ අහිංසකයන් රවටා මෙච්චර ලොකු මුදලක් කඩාගෙන ඇත්තේ මේ ශාන්ති කර්මයෙන් පස්සේ ගෙදර හාම්පුතුන්ගෙන් දියණියට කිසිම කරදරයක් හිරිහැරයක් සිදු නොවන බව පවසමින්ය. 


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, නිකවැරටිය මෙත්තා බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති පූජ්‍ය වඳුරැුස්සේ අරියවංශ හිමියෝ හදි හූනියම් බලි තොවිල් ගැන අදහස් දක්වමින් මෙසේ පැවසූහ. 


”හදි හූනියම්, බලි තොවිල්, යන්ත‍්‍ර මන්ත‍්‍ර, ගුරුකම් විතරක් නෙමේ නැකත් බැලීමත් බුදු දහමේ එන ඉගැන්වීම් අනුව තිරස්චිත විද්‍යා හැටියට තමා සලකන්නේ. සම්බුදු දර්ශනයට මේවා කිසිසේත්ම එකඟ නැහැ. බුදු ගුණවලට වඩා ඉහළින් වෙනත් කිසිම බලයක් නැහැ. සැබෑ බෞද්ධයන් මේවාගේ මිථ්‍යා පසුපස යාම වැරදියි. බෞද්ධයන් බුදුන් සරණ යා යුතුයි. නැකත් පසුපස යාමත් කිසිම තේරුමක් නැති වැඩක්. මා කිසිම දෙයක් නැකතකට සුබ වෙලාවකට කරන්නේ නැහැ. මම වැඩ වාසය කරන බෞද්ධ මධ්‍යස්ථානය හා ළදරු පාසල පවා හදන්න පටන් ගත්තේ නැකතට අනුව නෙමේ. මේ වගේ දේවල් පසුපස යාම කිසිම තේරුමක් නැති දෙයකි. හදි හූනියම් කරලා කෙනෙකුට බලපෑමක් කරන්න, විපතක් කරන්න බැහැ. 


අවුැරදු 12 ක් විතර මා ජපානයේ වැඩ වාසය කළා. තායිලන්තය, බුරුමය හා සිංගප්පූරුව වාගේ රටවල්වල ධර්ම ප‍්‍රචාරයේ නිරතව තිබෙනවා. මේ රටවල්වල අය ඔවුන්ගේ ආගම දහම අදහනවා. හදි හූනියම් වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. මේ වගේ දේවල් විශ්වාස කරන අය ඉන්නේ බොහොම ටික දෙනයි. 


මේ හා සම්බන්ධව මනෝවිද්‍යාත්මක පසුබිම දැන ගැනීමට කතා කළේ හම්බන්තොට මහ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය අමිත් බස්නායක මහතාටය. 


විශේෂඥ මනෝ වෛද්‍ය බස්නායක මහතා දැක්වූ අදහස් මෙසේය. 


”කය ලෙඩ වුණාම මනස ලෙඩ වෙනවා. මනස ලෙඩ වුණාම කය ලෙඩ වෙනවා. ඒ නිසා කය හා මනස කියා වෙන් කරලා ගන්න පුළුවන්කමක් නැහැ.

තමන්ට කවුරුන් හෝ කොඩිවිනයක් එහෙමත් නැත්නම් හූනියමක් කරලා කියා දැන ගත්තොත් එතැන් පටන් ඔහු හෝ ඇය ඒ ගැන නිතරම හිතන්න පටන් ගන්නවා. රැට නින්ද ගියත් ඒ ගැන මතක් වෙනවා. මේ නිසාම මනස ලෙඩ වෙන්න පටන් ගන්නවා. තමන්ගේ එදිනෙදා කටයුතු නිරවුල්ව  කරගෙන යන්න අපහසු වෙනවා. මට හූනියමක්, කොඩිවිනයක් කරලා කියා හිතේ ඇතිවන බලපෑම නිසා කෙනෙක් රෝගී විය හැකියි. එය කොඩිවිනයේ හෝ හූනියමේ බලපෑම නිසා කිසිසේත් සිදුවන තත්ත්වයක් නෙමේ. මානසික කැලඹීම නිසා සිදුවන දෙයක්. මිනී ඔළුවකට, මිනී අළු ටිකකට ජීවත්ව සිටින්නන්ට විපතක් හානියක් කිරීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. මේ වගේ දේවල් පසුපස යාම අනුවණකමක්. මේ වගේ දේවල්වලට බියවීම නිසා රෝගී  වූ අය අපේ මානසික රෝග සායනවලට එනවා. ඔවුන්ට ප‍්‍රතිකාර කරලා සුවකර තිබෙනවා.

m



අදහස් (12)

මිනී ඔළු-මිනී අළු විකුණන මිනිස්සු

ලක්මාල් Wednesday, 11 November 2015 07:18 AM

අදහස් දක්වා ඇති අර අතරින් කීපදෙනෙක් මේවා පිළිගෙන තිබෙන බවත් පෙනෙනවා. අපේ මිනිස්සු හරිම මිත්‍යාදෘෂ්ටිකයි සමහර තැන්වලදී (නි)

:       0       0

රූපවතී Wednesday, 11 November 2015 07:23 AM

අපි පුංචි කාලේ කනත්තේ අලුත් මිනී වළවල් කද්දී පරණ ඒවායෙන් මතුවුණු ඔලු කටු නැවත වහන්න අමතකවෙලා තිබෙනවා දැක්කහම රෑට ගිහින් ඒවා ගෙනවිත් ගමේ අපි දන්න වෙනත් තරහකාරයන්ගේ මිදුලේ ඉන්නක ගහලා යනවා. අනේ ඊළඟ දවසේ තරහකාර ගෙවල් දෙක නැවතත් ටිකක් වැඩියෙන් තරහ අලුත් කරගන්නවා. ඒත් අද කාලේ එහෙම වුණොත් හෙට ඒ ගෙවල් දෙකෙන් එකක කව්රුහරි කපලා කොටලා මරනවා. අද මිනිසුන් පිරිහිලා තිබෙන තරම දැක්කහම පුදුම බයක් ඇතිවෙන්නේ (නි)

:       0       0

ජනක Tuesday, 10 November 2015 08:51 AM

ඔව් ගුරුකම් හරියටම හරි. ඒවගෙන් තමන්ට අවශ්‍ය වැඩේ වෙනවා නම් එච්චරයි. (ර)

:       0       0

ප්‍රනාන්දු Monday, 09 November 2015 07:08 AM

ඉතාමත් හොද ලිපියක් මෙවැනි ලිපි මගින් ජනතාව ගොනාට අන්දන හොර කට්ටඬිඅන් තේරුම් ගත හැක.(අ)

:       0       0

ගයාන් Monday, 09 November 2015 07:22 AM

මේ සම්බන්ධයෙන් මගේ අදහස නම්, මේ ගුරුකම් කියන ජාතිය හරියටම හරි. ඒත් අද වෙලා තියෙන්නේ ඒවා කරන්න දන්නා අය නැතිකමයි. ඒ කියන්නේ දන්නවා වගේ පෙන්වන හොරු ටිකක් තමයි ඉන්නේ. ඒකයි ඕවා බොරු වෙලා තියෙන්නේ. (නි)

:       0       1

සමන් Friday, 13 November 2015 06:43 AM

රුපවති මහා නරක වැඩනේ පොඩි කාලේ කරලා තියෙන්නේ, (ස)

:       0       0

ගිහාන් Thursday, 12 November 2015 08:24 AM

ලක්මාල් අපේ මිනිස්සු මිත්‍යාදෘෂ්ටිකයි කියලා කියන්න හේතුව මොකක්ද? ඔයා නොදන්නවා වුණාට අපේ ගොඩක් ගුරුකම් මන්තර තියෙනවා! මිනිස්සු බොරු කරාට කරන්න දෙයක් නැ! එත් එහෙම වටිනා දේවල් තියනවා (ම)

:       0       1

රූපවතී Friday, 13 November 2015 09:29 AM

සමන් ඒකාලේ අපි කල ඒ වගේ...අර කතාවට තියෙන්නේ "කොලුවැඩ" කියල..අපේ අයියලයි එයාලගේ යාළුවොයි අක්කලයි එයාලගේ යාළුවොයි මාත් ඒවාට හවුල් වෙලා කරපු ඒ කෙලි වැඩ අද සමජෙත් එක්ක සැසදුවාම..හිතට දැනෙන්නේ ..එඩිතර කමක් ..අපි කල ඒ දේවල් නිසා කිසිවෙකුට පාඩුවක් අලාභයක් උනේ නැහැ ...? මට වෙලාවකට හිතෙනවා ඒ කල දේවල් වලින් මල ගිය ඇත්තන්ගේ හිස්කබල් උස්සගෙන ගිහින් අනුන්ගේ දොරකඩවල තියල පව් පුරෝගත්තද කියල..එහෙම උනානම් ඒ මල ගිය ඇත්තෝ සමා වෙන්න ඕනේ ..අපි නොදැනුවත්ව කලේ ..? (ස)

:       0       0

සුධාරි Wednesday, 11 November 2015 04:36 AM

මේවා ඇත්ත තමයි. හරිම පවුකාර වැඩ. (නි)

:       0       1

දිල්රුක්ෂි Friday, 13 November 2015 02:07 AM

ඉතාමත් හොඳ ලිපියක්. මිනිස්සු හරිම මිත්‍යාදෘෂ්ටිකයි සමහර තැන්වලදී (නි)

:       0       0

මහින්ද Sunday, 15 November 2015 01:54 PM

ඉතාමත් හොඳ ලිපියක්.,,,,(බ)

:       0       0

බුද්ධි Friday, 01 October 2021 04:28 PM

මේවා නරක වැඩ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 512 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 62 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 87 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 308 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 211 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 106 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 667 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 480 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site