පියවතී දිරිමත් ගැහැණියක වූවාය. තම සැමියා ඔත්පලව එකතැන් වූ දිනයේ සිට තම පවුලේ පිරිස ජීවත් කරවීමට ඇය දහදුක් වින්දාය. දරු දෙදෙනා හා සැමියාගේ එදාවේල සොයාගන්නට පියවතී කුලීවැඩ පවා කළාය. එහෙත් ඇය උභතෝකෝටික ගැටලූවකට මුහුණ දුන්නේ හදිසියේම තම සැමියා මියයාමත් සමගය.
සැමියාට මියැදීමට තරම් අසනීප තත්ත්වයක් ඇති වෙද්දී ඇය ළඟම පිහිටි රෝහලට ඔහුව රැගෙන ගියාය. නමුත් රෝහලට ගියපසුව ඔහු මියගියේය. ඔහුගේ මළසිරුර රෝහල් මෘත ශරීරාගාරයට යැවිණි. රෝගියකු රෝහලක වාට්ටුවක ප‍්‍රතිකාර ගනිමින් සිට මියගියේ නම් මියයාමට හේතුව ප‍්‍රකාශ කළ හැකි ස්වභාවික හේතුවක් නම් මරණ පරීක්ෂණයකින් තොරව මෘත ශරීරය එම වෛද්‍යවරයාට නිදහස් කල හැකි අතර පියවතීගේ සැමියාගේ මෘත ශරීරයද මරණ පරීක්ෂණයකින් තොරව නිදහස් කෙරිණි.
ඒ නිසා එදිනම වූවත් මෘත දේහය නිදහස් කරගෙන යාමට ඇයට හැකියාව තිබුණද මරණයේ කටයුතු ඉටුකර ගැනීමට තිබූ ආර්ථික අපහසුකම් නිසා ඇයට මළ සිරුර ලබාගැනීම දින දෙකතුනක් කල්ගත විය. මෘත ශරීරාගාරයේ අධිශීතකරණ කිහිපයක් තිබූ අතර ඒවායේ මෙම සිරුර බහාතැබීමට අවශ්‍ය ඉඩකඩ ද ඒනෑතරම් තිබිණි. කෙසේ වෙතත් තම සැමියාගේ සිරුර හඳුනා ගැනීමට මෘත ශරීරාගාරයට යනවිට ඔහුගේ සිරුර නිරුපද්‍රිතව තිබෙනු ඇය දුටුවාය.
දින තුනකට පමණ පසුව ප‍්‍රදේශවාසීන්ගේද උපකාර ඇතිව මල් ශාලාවක වාහනයකින් සිරුර ගෙන ඒමට රෝහලේ මෘත ශරීරාගාරයට ගිය ඇයට අසන්නට ලැබුණේ හොඳ ආරංචියක් නොවේ. ‘‘මළ සිරුර හොඳටම නරක් වෙලා, පෙට්ටිය සීල් කරන්න වෙයි.” ඒ පණිවිඩය මල්ශාලා හිමිකරුගෙනි. ඇය තම සැමියාගේ මළ සිරුර පෙන්වන ලෙස ඉල්ලූවාය. මෘත ශරීරාගාරයේ පැත්තකට වන්නට බිම දමා තිබූ මළ සිරුර කුණු වී ඕජස් ගලමින් තිබිණි. අසලකටවත් යාමට නොහැකිව මහා දුර්ගන්දයක් හමමින් තිබිණි. කෙසේ වෙතත් සීල්කර ගෙනගිය මළ සිරුර පෙට්ටිය හැර බලන්නට පියවතීටත් දරු දෙදෙනාටත් නොහැකි විය.
කූල් පෙට්ටියේ දාලා තියන්න නම් මෝචරියේ අයට ගාණක් දෙන්න ඕනෑ. නැත්නම් ඉතිං මිනිය නරක් වෙනවා.’’ මේ කාර්යභාරය පිළිබඳ හොඳින් දන්නා මල්ශාලා හිමිකරු පියවතී සමග පැමිණි හිතවතුන්ට පවසා තිබිණි. කාට කාටත් කාරණාව අවබෝධ වූයේ ඉන් අනතුරුවය. රෝහල්වල පිහිටා ඇති මෘත ශරීරාගාරවලදී සාමාන්‍ය ජනතාවට මුහුණ පෑමට ඇති තත්ත්වය කෙබඳුදැයි දැන ගැනීමට ඉහත සිදුවීමම ප‍්‍රමාණවත්ය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක්තරා රෝහල් මෘත ශරීරාගාරයක ඉහත සිදුවීම වාර්තා වී තිබූ අතර, මෘත ශරීරාගාරයේ සේවකයන්ට ‘‘සන්තෝසම්’’ දීමට තබා මළ සිරුර තබා ගැනීමට ඉඩක් තිබූ නිවසක් හෝ පියවතීට නොතිබුණි. කොළඹ දිස්ත‍්‍රික්කයේ බොහෝ රෝහල්වලද තත්ත්වය එවැනිය.
අපේ රටේ ග‍්‍රාමීය රෝහල්වල මෘත ශරීරාගාර නොතිබුනද නාගරික හා අර්ධ නාගරික රෝහල්වල මෘත ශරීරාගාර පිහිටා තිබේ. එහෙත් ප‍්‍රදේශ භේදයකින් තොරව මෙම ‘‘සන්තෝෂම්’’ මුදල් ලබාදීම කළයුතුව ඇත. නැතිනම් සිදුවන්නේ තම ඥාතියාගේ මළසිරුර මෝචරියේ භාරකරුවන්ගේ අභිමතය පරිදි හැසිරවීමයි.
කොළඹට නුදුරු මහා රෝහලක පසුගිය කාලය පුරා වාර්තාවූයේ මෙවැනි තත්ත්වයකි. මියගිය අයගේ සිරුරේ ‘‘නැවුම් බව’’ ආරක්ෂා කිරීම තීරණය වන්නේ තමන්ට ලැබෙන තුටු පඬුරුවල වටිනාකම අනුවය. මරණ පරීක්ෂණවලින් තොර එදිනම නිදහස් කරන මළ සිරුරු ලබාදීමට පවා මෙම මෘත ශාරීරාගාර භාරකරුවෝ මුදල් ඉල්ලා සිටිති. සෘජුව හෝ වක‍්‍රව මෙම මුදල් ඉල්ලීම කරන අතර බොහෝවිට මෙම ගනුදෙනුවේ අතරමැදියන් ලෙස කටයුතු කරන්නේ මල්ශාලා හිමි කරුවන්ය. බොහෝවිට මල්ශාලා හිමිකරුවන් හෝ මෝචරියේ භාරකරුවන් අතර දැඩි සබඳතාවක් ඇති අතර මල්ශාලා හිමිකරුගේ ‘‘හර්ස්’’ එකට මිනිය පටවනු ලබන්නේ මෝචරි භාරකරුවන්ය. ‘‘අර ගොල්ලන්ට කීයක් හරි දෙන්න ඕනේ’’ මළ සිරුර අයිතිකරුවන්ට ඒ බව සංඥා කරන්නේ ඔහුය.
බොහෝවිට මෙම ගනුදෙනුව පටන්ගන්නේ රුපියල් දහසේ (1000) සිටය. මෙම ගනුදෙනුව නිසාම රෝහල් වාට්ටුවෙන් කෙළින්ම ලබාගැනීමට හැකි මෘත ශරීර මියගොස් පැයක් දෙකක් ඇතුළත දී මෘත ශාරීරාගාරයට පැමිණෙයි. මෘත ශරීරාගර භාරකරුවන් මළ සිරුරුවලට ‘‘ලංසු’’ තබන්නේ ඉන් පසුවය.
විශේෂයෙන්ම ‘‘දියේ ගිලීම’’ හා රිය අනතුරුවලින් මියගිය මළ සිරුරු අනිවාර්යයෙන්ම ශීතාගාරවල තිබිය යුතුවූවද බොහෝ රෝහල්වල එම තීරණය ගනු ලබන්නේ මෘත ශරීරාගාරවල සේවකයන් බව ජනතාවගේ චෝදනාවයි. මෘත ශරීරාගාර ඇති ශීතාගාර නොමැති රෝහල්වලද මිනිය නිදහස් කර ගැනීමට යම් සන්තෝෂම් මුදල් ලබාදිය යුතුබවද බොහෝදෙනා චෝදනා කරති.
බොහෝ දෙනා පවසන පරිදි ‘‘සන්තෝෂම්’’ ලබාදීමට අමතරව තවත් ක‍්‍රියා රැසක් මෘත ශරීරාගාවල සිදුවේ. කොළඹ ප‍්‍රදේශයේ රෝහලක මෘත ශරීරාගාරයේදී තරුණ කාන්තාවන්ගේ මළ සිරුරු සමග ලිංගික ක‍්‍රියාවන් පැවැත්වූ මෘත ශරීරාගාර සේවකයන් කිහිප දෙනෙකු පිළිබඳව පසුගිය කාලයේදී අනාවරණය විය. රූමත් කාන්තා මළ සිරුරුවල උණුසුම පහවයාමට මත්තෙන් මෙම අශිෂ්ට ක‍්‍රියාව සිදු වන බවද එහිදී අනාවරණය වී තබිණි.
මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී පසුගිය කාලයේදී වෙඩිතබා ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරු ආසන්න රෝහලකට රැගෙන ගොස් තිබිණි. මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීයකුහට මියගිය අයගේ නම ගම ආදී විස්තරය සොයාගන්නට අවශ්‍ය විය. විවිධ මූලාශ‍්‍ර හරහා එය සෙව්වද සොයාගත නොහැකි වූ විට මාධ්‍යවේදීයා අවසන්වරට ගියේ රෝහලේ මෝචරියටය. ඒ මළ සිරුරේ කලිසම තුළ මුදල් පසුම්බිය ඇතැයි සිතාය. එහි තිබෙන්නට හැකි හැඳුනුම්පත මගින් නම, ගම, සොයාගන්නට හැකි වෙතැයි ඔහු විශ්වාස කළේය.
මෝචරියට යනවිටද එහි සේවකයින් මියගිය පුද්ගලයාගේ මුදල් පසුම්බිය තම භාරයට ගෙන එහි මුදල් බෙදාගනිමින් සිටියහ. මෙය නොදැක්කා සේ එම මාධ්‍යවේදීයා මුදල් පසුබ්මිය තුළවූ හැඳුනුම්පත ඉල්ලාගෙන තම කාර්යය ඉටුකර ගත්තේය. මීට අමතරව හදිසි අනතුරු මගින් මියයන පුද්ගලයන්ගේ මුදල් හා වටිනා දේ මෘත ශරීරාගාරවලදී අතුරුදහන්වන අවස්ථා පිළිබඳවද බොහෝ කතාබහ අපට අසන්නට ලැබේ.
මෘත ශරීරාගාරවල සේවය කරන්නන්ට එල්ල වී ඇති මෙම චෝදනා පිළිබඳව කියන්නට ඇත්තේ කුමක්දැයි අපි එම සේවකයකුගෙන් විමසුවෙමු. ඔහු කියා සිටියේ ‘‘මෝචරියක සේවය කරන්නට කැමති වන්නේ කීයෙන් කී දෙනාද?” යනුවෙනි. ‘‘මහත්තයා කැමතිද තමන්ගේ කෙනෙක් මෝචරියෙ වැඩට එවන්න.” ඔහු පෙරළා ප‍්‍රශ්න කළේය ‘‘අපි ඉන්නේ මළ සිරුරු සමග. මළ සිරුරුවලට සාත්තු සප්පායම් කරන්නේ අපි. ඒවා ආරක්ෂා කරන්නේ අපි. අපි කරන සේවය දන්නේ මළසිරුරු විතරයි. ඒවාට කතා කරන්න පුළුවන්නම් අපි කරන සේවය ගැන කියයි. අපිට සලකයි. ඒත් අපේ කරුමෙට ඔවුන්ට කතා කරන්න බෑ. ජීවත්වෙලා ඉන්න අයගෙන් කීයක් හරි ගත්තාම මොකද මහත්තයා” ඔහු කීවේය.
”අපි නැතිබැරි අයගෙන් කීයක්වත් බලාපොරොත්ත වෙන්නේ නෑ” ඔහු වැඩිදුරටත් කීවේය.
මල් ශාලා හිමිකරුවකුගෙන් ද මේ ප‍්‍රශ්නය විමසූවිට ඔහු කියා සිටියේද මෘත ශරීරාගාරයේ සේවකයාගේ උත්තරයට සමාන පිළිතුරකි. ‘‘අනිත් අයත් ගන්නවානම් මේ අය ගත්තාම මොකද වෙන්නේ’’ මල් ශාලා හිමිකරුගේ ප‍්‍රකාශයේ එම වදනද ඇතුළත්ව තිබුණි.
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිනී කාමරේට එන මළ සිරුරෙනුත් කප්පම් ගන්න මිනී කාක්කෝ
නිත්‍යා Saturday, 02 February 2013 03:13 PM
මැරිලවත් මුදල් අතේ නැතුව බෑ..(ස)
රවිනාත් Thursday, 31 January 2013 09:21 AM
අල්ලසට හෝ දූෂනයට අවනත වීමෙන් ජාතික අපරාධයක කොටස්කාරයෙක් ද වෙයි. නොපමාව එරෙහි වෙන්න. ඒ සඳහා ඔබට ශුද්ධවූ අයිතියක් ඇත. (නු)
චන්නි Monday, 28 January 2013 05:26 PM
මේ කතාවට මම අලුත් යමක් එක් කරන්න කැමතියි. ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ මෘත ශරීරාගාරයේ ඉන්නා උතුම් මිනිසෙක් ගැන සොයා බලන්න. කලු කඩවසම් දේහධාරි ඒ සුන්දර මිනිසාගේ කැපවීමට මුදලින් වටිනාකමක් දෙන්න බැහැ. (නි)
දිල්ශාන් Tuesday, 29 January 2013 11:41 AM
උල තියන්න ඕනි මේ කරන අපරාධ වලට .(ස)
ලසන්ත Wednesday, 30 January 2013 06:23 AM
මේ කතාව හරියටම හරි. මේ අයට අමතරව තවත් සල්ලි ඉල්ලන කට්ටිය ඉන්නාව. පානදුරේ පැත්තේ ලොකු රෝහලක මට ඒ දේ වුණා. කාට කියන්නද?
මුතුකුඩ Tuesday, 29 January 2013 02:36 AM
සෞදියේ මීනීකාමරයක ඇබෑර්තුවක් පවතිනවා. ඉහල වැටුප්... මෙවැනි අයට විශේෂ අවස්ථාවක් ලබා දීමට පුලුවන්. (නි)
සුසුකි Monday, 28 January 2013 10:25 AM
මිනිහෙක් මැරිලාවත් ඉන්න නැහැ (දී)