IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු

ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කරු ජනයාට ලංකාදීපයේ හෘදයාංගම ශුභාශිංසන පළමුව පිරි නමමු.

දෙවනුව අවධාරණය කළ යුතු කරුණු කිහිපයකි.

කම්කරු දින සැමරුම වාර්ෂික ලිත් සැමරුමක් බවට පත්ව තිබේ. කැලැන්ඩරයේ එවන් දිනයක් සටහන්ව ඇති හෙයින් එම දිනය මගහැර යා නොහැකි නිසා සමරන්නක් බවට පත්ව තිබේ. එසේ නොමැතිව කම්කරු පන්තියේ බලය මහෝගයක්ව පෙරට ගැනීමේ වුවමනාවක් නොමැති සෙයකි. එය එසේ සිදුවී තිබෙන්නේ මැයි දිනයේ සැබෑ අරුතෙන් මැයි දින සමරන්නන් දුරස්ව ඇති හෙයිනි.

මැයි දිනයේ සැබෑ අරුත පැය 8 ක වැඩ දිනයක් ඉල්ලා වැඩබිම් සටන් බිම් බවට පරිවර්තනය කළ චිකාගෝ නුවර කම්කරුවන්ගේ රුධිරය හා ජීවිත පූජාවන් උත්කර්ෂයට නැංවීමය. කම්කරු පන්තියට සටන් කර ඉල්ලීම් දිනාගන්නා යුරු ඉගැන්වූ ‘ගුරුවරුන්’ සැමරීමය. ශ්‍රම සූරාකෑමට එරෙහිව අරගල කළ චිකාගෝ නුවර කම්කරුවන්ගේ සිරුරු විනිවිද ගිය වෙඩි උණ්ඩ නිසා ඔවුන්ගේ ඇඳුම් ලෙයින් තෙත බරිත විය. ලේ තැවරුණ එම ඇඳුම් ඔසොවාගෙන ජීවිත දානය ලද කම්කරුවෝ නිර්භීතව සටන් කළහ. එම සටනේ ආනුභාවයෙන් පැය 8 ක වැඩ දිනය ප්‍රකාශයට පත් කිරීමට පාලකයන්ට සිදුවිය. ධනය, බලය හා තුවක්කු බට ඉදිරියේ නියාලුව, නිවටව පසුබා යාමේ මාවත තෝරා නොගත් චිකාගෝ නුවර කම්කරුවන්ගේ වීරත්වය සමකාමීත්වය මැයි දින සැමරුමේ ප්‍රමුඛ අංගය විය යුතුය.

එහෙත් අපේ රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මෙරට කම්කරුවා දේශපාලන පක්ෂ වශයෙන් බෙදී වෙන්වී ගොස් තිබේ. කම්කරුවාට පන්තිය වෙනුවට පක්ෂය තෝරා ගැනීමට සිදුවී තිබේ. පන්තියට වෘත්තිය සමිතියක් නිර්මාණය කිරීම වෙනුවට පක්ෂයේ වෘත්තිය සමිතිය තෝරා ගැනීමට සිදුවී තිබේ. පක්ෂය සරසන ආයිත්තමක් බවට කම්කරුවා පත්වී තිබේ.

වෘත්තිය සමිති පිහිටුවා ගනු ලබන්නේ එම  ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීමටය. එහෙත් බොහෝ වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ එම අරුතින්දැයි කම්කරුවා සිතා බැලිය යුතුය. තමන්ගේ ශක්තිය පාලකයාගේ දෙපාමුල දියකර හැරීම හරහා තම නායකයන් පාලකයන්ගේ වරදාන වරප්‍රසාද ලබාගෙන සුර සැප විදීම අත්හැර කම්කරුවාගේ අයිතිය මෙනෙහි කළ යුතුව තිබේ. දළ රළ පෙළක්ව උස්ව නැගිය යුතු කම්කරු පන්තියේ අයෝමය බලය දුබල තත්වයට පත්ව තිබෙන්නේ අහේතුකව නොවන බව දැන්වත් තේරුම් ගත යුතුව තිබේ.

දූවිල්ලෙන් සහ දාහයෙන් පිරුණු මංමාවත්වල දිවාකල සටන් පාඨ වගුරා සවස් කල වේදිකා පාමුල හිඳ දේශපාලකයන්ගේ වාගාඩම්බර අසා නිවෙස් කරා යාමේ ඉරණම කම්කරුවාට මෙවරද බාර ගැනීමට සිදුවී තිබේ. මෙවැනි මැයි දින සැමරුමකින් තම ජීවිතවලට එල්ල වූ අල්ප මාත්‍ර හෝ බලපෑමක් වේදැයි යන්න සන්සුන් මනසින් වැඩිය යුතු භාවනා කමටහනකි. කම්කරු පන්තිය, දේශපාලන පක්ෂවල අතිරේක බළ ඇණියක්ව තිබෙන තුරු කම්කරුවාට අත්වන සුගතියක් නැත.

‘‘සකළ දේශවාසී නිර්ධනයනි එක්වව්‘‘ හඬ ගා කියමින් දහ පහළොස් තැනක කම්කරු දිනය සමරා නික්ම යන සම්ප්‍රදායිකත්වයෙන් හා වාර්ෂික ලිත් චාරිත්‍රයෙන් මිදී ජාත්‍යන්තර කම්කරු දිනය දා පමණක් හෝ කම්කරු පන්තිය එක්ව කම්කරු දිනය සමරණ නැවුම් අකෘති, නවමු මාදිලි නිර්මාණය කරගත යුතුය. සටන් සියයක් ජයග්‍රහණ සියයක් නිර්මාණය වනු ඇත්තේ එමගින් පමණි.

(***)



අදහස් (0)

මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 450 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 219 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 663 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 557 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 401 0

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 417 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site