IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මාර්ග අනතුරු වැළැක්වීම


මේ ලිපිය ලිවිය යුතුද යන්න තීරණය කරගැනීමට මට බෙහෙවින් අසීරු වූයේ මෙම විෂය ගැන දශක කිහිපයක් තිස්සේ ලියන ලද ලිපි බීරි අලින්ට වීනා වයන්නා සේ ප්‍රතිඵල නොලැබී ගිය නිසාය.

1988 දී ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ වී මාර්ග ආරක්ෂාව පිළිබඳව මා පුහුණුව ලැබීමෙන් පසුව ඒ පිළිබඳ සම්මන්ත්‍රණ දෙකක් සහ අනුරූ යොදාගෙන කළ ප්‍රදර්ශනයක්, ඊට සම්බන්ධ වෘත්තිකයන් සම්බන්ධ කරගෙන ‘මාර්ග ශික්ෂණයේ මූලිකාංග හඳුන්වාදීම’ යන මාතෘකාව යටතේ පැවැත්වූයෙමි. වෙනත් සියලු යහපත් දේ කඩාකප්පල් වන්නා සේ එම වැඩසටහන ද එයින් ආයෝජන ගන්නවුන් විසින්ම කඩාකප්පල් කර දමන ලදී. ඒ ගැන ද මම 2005 දී පුවත් ලිපියක් ලියා ඇත්තෙමි.

මාර්ග ශික්ෂණය යනු නිකම්ම නිකං වචනයක් පමණක් නොවේ. එය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා ගණිත විෂය උගත් සිසුවකුට පවා පහසුවෙන් අවබෝධ කරගත හැකි සමස්ත විෂයකි. එබැවින් අපගේ අවධානය මුලින්ම යොමු වනුයේ රියැදුරු පාසල් හා ඉහළ මට්ටමේ විෂයන් උගන්වන විවිධ සංවිධාන වෙතය. හොඳින් වැටුප් ලබන ඒවායේ ඉන්නා කාර්ය මණ්ඩල ලැබූ සුදුසුකම් වී ඇත්තේ ඔවුන් කාගේ හෝ කවුරුන් වීමය.
මෑතකදී අහිංසක මිනිසුන් 15 දෙනකු මරුමුවට යවමින් පස්සර සිදුවූ ඛේදවාචකය හොඳ උදාහරණයකි. හරි හැටි පුහුණුවක් නොලැබූ ට්‍රක් රථ රියැදුරා හට එහිදී සියලු දෝෂාරෝපණ එල්ල විය. එහි වීඩියෝ දර්ශනයෙන් පෙනී යන පරිදි:

1) පාරේ පටුබව පෙනෙන්නට තිබුණේ ට්‍රක් රථ රියදුරා සිටි පැත්තෙන් නිසා වාහනය නවතා ඉදිරියට එන බස් රථයට ඉඩ දිය යුතුව තිබුණේ ට්‍රක් රථ රියදුරාය.
2) නිසි පරිදි පාර ඉඩ දෙන්නට අසමත් වූයේ ට්‍රක් රථ රියදුරාය. බස් රථය කන්ද නැගවිත් තිබූ අතර ට්‍රක් රථය තිබුණේ පල්ලම බසිමිනි.

බස් රථ රියදුරා හට කිසිවක් කරකියාගත හැකි නොවූවා විය යුතුය. මන්දයත් සෙනඟ පිරී තිබූ බස් රථය නවතා ගන්නට සිදුවූයේ කන්ද නගින අතරේය. එම නිසා ඔහුට එය පාලනය කරගත හැකි නොවූවා විය යුතුය.
හොඳින් වැටුප් ලබන මාර්ග ආරක්ෂාව පිළිබඳ කටයුතුවල නිරතවන මහත්වරුන් මේ ගැන කියවා ඊළඟ ඛේදවාචකය සිදුවනතුරු ඒවා අමතක කර දමනු ඇත. එහෙත් මේ සිද්ධිය තුළින් මා වාර්තා කර හෝ දැක ඇති මාරාන්තික රිය අනතුරු කිහිපයක් මගේ මතකයට නැගේ.

1) තම කුළුදුල් දරුවා ලැබෙන්නට ගර්භණීව සිටි කාන්තාවක් යතුරුපැදියක පසුපස ආසනයේ තම මව හමුවන්නට යමින් සිටියදී ටිපර් රථයක හැපී එතැනම මරුමුවට පත්වූවාය. ටිපර් රථ රියැදුරු එහි වැලි පටවාගෙන පාර්ලිමේන්තු පාරේ ගිය අයෙකි.
2) කැලණි පාලමේ ගිය ඩබල් ඩෙකර් බස් රථ රියදුරකු අතින් රථය අත් කරත්තයක ගැටිණි. පාරේ වැරදි පැත්තෙන් ගිය අත් කරත්තයේ පුරවා තිබුණේ උණ බම්බුය. එය තල්ලු කරගෙන ගිය අසරණ කොළුවාගේ උදරය පසා කරගෙන උණ බම්බුවක් ගොස් තිබිණි.
ඉහත කී රියදුරන් දෙදෙනා තවමත් පාරේ වාහන පදවනු නොඅනුමානය.
3) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන තරුණ වෛද්‍යවරියක් ගිලන් රථයක ගමන් ගනිද්දී අනතුරකින් ජීවිතය අහිමි කර ගත්තාය. ඒ වනවිට අපගේ විශ්වාසය වූයේ ගිලන් රථය වඩාත් ආරක්ෂාකාරීව ගමන් යා හැකි වාහනයක් ලෙසය. රිය අනතුරු වැළැක්වීම පිළිබඳ ජාතික මණ්ඩලයේ (NCPA) ලේකම් ධුරයේ සේවය කළ තවත් කාන්තා වෛද්‍යවරියක් එම ආයතනයේ සේවය කළ සියලුම ඉංජිනේරුවන්ගෙන් එය මුදවා, එය NCPI ලෙස නම වෙනස් කළේය. ඉන් පෙනී යන්නේ ඇගේ මානසිකත්වය පරීක්ෂා කළ හැක්කේ වෛද්‍යවරුනට පමණක් බවය.

මම වඩාත් කනගාටුවට පත්වූ දිනය වූයේ NCRC (මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික මණ්ඩලය) ගොඩනැගීම සඳහා වූ යෝජනාව විග්‍රහ කරමින් ඊට අදාළ දිවා භෝජන සංග්‍රහයට සහභාගි වූ දිනයයි. මා එහිදී කියා සිටියේ එය දේශපාලකයන්ගේ ඥාති මිත්‍රාදීන්ට රැකියා ලබාදීම පිණිස වූ සුදු අලියකු වන බවයි.

ඊට අනුග්‍රහය දැක්වූවෝ අගමැතිවරයා නොමග යවා මෙම සුදු අලියාට අනුමැතිය ලබාගෙන සාර්ථකත්වය ලැබූහ. ඔවුන් 2011 සිට 2020 දක්වා දශකයක් තිස්සේ කළ කටයුතුවලින් ඔවුනට ගැටලු විසඳාලිය නොහැකි බව සනාථ කළහ. දැන් 2021-2030 දෙවැනි දශකයට එළැඹ ඇති අවස්ථාවේ අපට තවත් අපේක්ෂා කළ හැක්කේ මොනවාද යන්න 2021 ජනවාරියේ මාර්ග අනතුරු තීව්‍ර ලෙස වැඩිවීමෙන් පෙනේ.
මාර්ග ආරක්ෂාව පිළිබඳ විෂය පැවතිය යුත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ, ‘මාර්ග ඉංජිනේරු අංශය’ නම් වූ වෙනම ශාඛාවක් යටතේය. සිංගප්පූරුවේ, මාර්ග ආරක්ෂාව පිළිබඳ හොඳින් පුහුණුව ලැබූ සිවිල් ඉංජිනේරුවරුන්ගෙන් මෙකී අංශය සමන්විතය. නිවැරදි මාර්ග සලකුණු, නිවැරදි මාර්ග සංඥා, මාර්ග සංඥා එළි පවත්වා ගැනීමේ මෙහෙයුම්වල වගකීම ඇත්තේ ඔවුන්ටය. පොලිසිය නිරත වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල පමණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විෂය තමාගේ යටතට ගැනීමේ බලාපොරොත්තුවේ එළි දල්වති. මේ පිළිබඳව පෞද්ගලිකව මැදිහත් වෙමින් මාර්ග ආරක්ෂාව සඳහා ක්‍රියාකරන අති දක්ෂ වෘත්තිකයන් මේ සඳහා පත්කිරීම, ප්‍රමාණවත් ලෙස විදේශ රියදුරු අත්දැකීම් ලැබූ අය යොදා ගැනීමට මගින් පිළියම් යෙදීම ඔහුට කළ හැකිය. ඔවුන් විසින් කටයුතු සොයා බලා තොරතුරු වාර්තා කිරීම කළ යුතු අතර ඒ සඳහා වාර්තාව ලබාදීමට තුන් මසකට වඩා ඔවුන්ට කල් නොදිය යුතුය.

NCPI, CEYSPA, AA, NCRC ආදී ආයතන වෙතින් මෙම විෂය ඉවත් කිරීම උදෙසා කළ යුතු හොඳම කාර්ය එයයි. වඩාත් හොඳ අරමුණක් කරා යමින් මූල්‍ය වියදම් අඩුකර ගැනීම ද එමගින් කළ හැකි වේ.

 

(***)
ඉංජිනේරු ඇන්ටන් නානායක්කාර
වරලත් සිවිල් ඉංජිනේරු.



අදහස් (1)

මාර්ග අනතුරු වැළැක්වීම

Pradeep Sunday, 18 April 2021 08:05 AM

මාර්ග අනතුරු සඳහා ප්‍රධානම සාධකය රියදුරන්ගේ ඇති නොහික්මුණු කමයි. ඊට ආසන්නතම සාධකය අප රටේ ඇති අවිධිමත් අධ්‍යාපන ක්‍රමයයි. මෙම අධ්‍යාපන ක්‍රමය හානි කරන්නේ මාර්ග අනතුරු සඳහා පමණක් නොව රටේ සමස්ථ පද්ධතියේම කඩා වැටීමට මූලිකම කරුණ එයයි. අනෙකාගේ ජීවිතය ගැන සංවේදී නොවන වෘත්තිකයින් අපට සෑම ක්ෂේත්‍රයකින්ම දකින්නට ලැබේ. වෛද්‍ය, ගුරු යන සමාජයේ බුහුමනට පාත්‍රවන වෘත්තිකයින්ගේ පටන් සෑම වෘත්තිකයෙකුම මෙන් උත්සාහ කරන්නේ තමාගේ පැවැත්ම පවත්වා ගැනීම පමණි. යම්කිසි රාජකාරී කටයුත්තක් ඉටුකර දීමට අල්ලස් ලබා ගන්නා පුද්ගලයන් සිටින තම හිතවතුන්ට අවශ්‍ය විදියට රටේ නීති වෙනස් කරන නීති වේදීන් සිටින සහ මේ සෑම දෙයක්ම නොදුටූ දෑස්ව, නොඇසූ කන්ව සිටිමින් ඔවුන්ට අනුබල දෙන පාදඩ දේශපාලකයින් සිටින රටක් මාර්ග භාවිතයෙන් පමණක් සංවර වේවිද..?

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 954 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 471 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 150 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4372 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12785 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 712 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site