IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මාර්ග තදබදය වැළැක්වීමට තාක්ෂණය යොදවාගමු

“නැවත අරඹමු මහමග විනය” යනුවෙන් යළි ක්‍රියාත්මක වූ මංතීරු නීතිය පළමු දිනයේදී දැඩි වාහන තදබදයකට හේතු වී තිබිණි. මෙකී නීතිය පිළිබඳව තමන් දැනුම්වත්ව නොසිටි බව බොහොමයක් රියැදුරන් ප්‍රකාශ කළ අතර මංතීරු නීතිය හේතුවෙන් තමන්ට පැය ගණන් මහාමාර්ගවල රස්තියාදු වීමට සිදුවූ බවට ද ඔවුහු චෝදනා කළහ. ඒ අතර මංතීරු නීතිය පිළිබඳ දින තුනක් තිස්සේ රියැදුරන් දැනුම්වත් කරන බව පවසන පොලිසියේ රථවාහන අංශය ඉන් අනතුරුව මංතීරු නීතිය කඩකරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වුව ද මුල් දිනයේ ඇතිවූ අඩුපාඩු හදාගෙන දෙවැනි දිනයේදී මංතීරු වැඩපිළිවෙළ සාර්ථක කරගත් බව රථවාහන පොලිසිය පවසයි.

මංතීරු නීතිය යළි ක්‍රියාත්මක කෙරුණේ උදය වරුවේ දැඩිව පවතින මහාමාර්ගවල රථවාහන තදබදය මගහැරැවීමේ පියවරක් වශයෙනි. කොරෝනා වසංගතයේ අනතුර තවම එලෙසම පැවැතිය ද වයිරස ව්‍යාප්තිය පාලනය කරගැනීමට සමත් වීම හේතුවෙන් රට යථා තත්ත්වයට පත්වෙමින් තිබීම මේ තදබදය යළි ඇතිවීමට හේතු විය. විශේෂයෙන් පාසල් පද්ධතිය ද යළි සක්‍රිය වීම තදබදය කලින් තිබූ තත්ත්වයටම ඔසවා තිබේ. මේ නිසා උදය වරුවේ සෑම මාර්ගයකම පාහේ දැඩි වාහන තදබදයක් දැකිය හැකිය.

අධික වාහන තදබදයක් ඇතිවීම ප්‍රමාණවත් තරමට මහාමාර්ග පද්ධතිය පුළුල් නොවීමේ අනිවාර්යය ප්‍රතිඵලයයි. මාර්ග පුළුල් කිරීම ලහිලහියේ කළ හැක්කක් නොවේ. ඒ සඳහා කාලයක් ගතවෙයි. ඒ වනතුරු දැනට පවතින මාර්ග තදබදය අඩුකිරීමට සැලැසුම් හැදීම බලධාරීන්ගේ වගකීමය. මෙහිදී මාර්ග තදබදයක් ඇතිවීමේ සම්පූර්ණ වගකීම බලධාරී පිට මත පමණක් පැටවිය නොහැකි බව ද පෙන්වා දිය යුතු වෙයි. මාර්ග නීති අමු අමුවේ උල්ලංඝනය කරන රියැදුරෝ මේ තත්ත්වයට විශාල ප්‍රමාණයකින් දායක වෙති. ප්‍රයිවෙට් බස්, ත්‍රිරෝද සහ කුඩා ලොරි රියැදුරන් සහ තරමක් දුරට මෝටර් සයිකල් පදවන්නෝ ද මාර්ග නීති අමු අමුවේ කඩා බිඳ දමති. ඇතැම් තැනක විශාල මාර්ග තදබදයක් ඇතිවීමට නීතිගරුක නොවන එවැනි එක් රියැදුරකු සිටීම පමණක් ප්‍රමාණවත්ය.

“නැවත අරඹමු මහමග විනය” යන හේතු පාඨය වැදගත් වන්නේ මෙතැනදීය. විනය නොතකන ප්‍රයිවෙට් බස් රියැදුරන්ට මගීන් ගැනීමට බස් නැවැතුම්පොළක් අවශ්‍ය නැත. බස් රියට ගොඩවීමට සිටින මගියකු දකින විට රියැදුරුට බ්‍රේක් පෑගෙයි. බස් රිය නවතී. ඊට පිටුපසින් එන සියලු‍ වාහන ද ඒ සමඟ නතර වෙයි. උදේ වරුවේ දැඩි තදබදයක් පවතින අවස්ථාවල එසේ නවතින වාහන සංඛ්‍යාව විනාඩියකට 100කට ආසන්නය. මෙවැනි විනාඩි කොතරම් ප්‍රමාණයක් බස් රථ හේතුවෙන් අපතේ යනවා දැයි දන්නේ ඒ අවස්ථාවේ මාර්ගවල සෙසු වාහනවල සිටින රියැදුරන් පමණි. පොලිසිය නැති තැන මෙවැනි වැරැදි කරන රියැදුරන් අල්ලා ගැනීමට තාක්ෂණය යොදවා ගැනීම ද වරදක් නැතැයි අපි සිතමු. සී.සී.ටී.වී. කැමරා පද්ධති පමණක් නොව ඩ්‍රෝන යානා ද මෙහිදී යොදාගත හැකිය. මංතීරු නීතිය යළි ක්‍රියාත්මක කිරීමේදී එම තාක්ෂණය යොදවාගන්නා බව සඳහන් වෙයි. අප කියන්නේ මංතීරු නීතිය ක්‍රියාත්මක නොවුණ ද වැරැදි කරන රියැදුරන් අල්ලා ගැනීමට තාක්ෂණය භාවිත කිරීම අනිවාර්යය කළ යුතු බවය. වැරැදි අඩු වුවොත් මාර්ග තදබදය යම් පමණකින් හෝ ලිහිල් කරගැනීමට එයම හේතුවනු ඇත.

විනය නොමැතිව කිසිදු සේවාවක කාර්යක්ෂම බව සහ ඵලදායීතාව රැකෙන්නේ නැත. බස්, ත්‍රිරෝද, කුඩා ලොරි රියැදුරන්ට විනය විරෝධී ලෙස හිතුමතේ ධාවනයට ඉඩ දී තිබුණොත් මාර්ග තදබදය අඩු කරගැනීමේ අදහස ඉවත් කරගැනීමට සිදුවනු ඇත. විනයගරුක නොවන ආකාරයට තම රිය හසුරුවන රියැදුරන් රටටම සිදු කරන්නේ බරපතළ හානියකි. අවසානයේ එම ගැටලු‍ව නිරාකරණය කරදීම සඳහා මංතීරු නීතිය වැනි තදබල මාර්ග නීති පැනවීමට ක්‍රියා කරන විට එයට එරෙහි වන්නෝ ද එම රියැදුරෝමය. තමන් අතින් විනය රැකෙන්නේ නම් මහාමාර්ගවල තදබදය යම් ප්‍රතිශතයකින් අඩු කරගැනීම අපහසු නොවන බව රියැදුරන් තේරුම්ගත යුතුය.

රථවාහන පොලිසිය මගින් මීට පෙර අවස්ථාවලදී ද තාක්ෂණය භාවිත කරමින් විනය විරෝධී ලෙස රිය පදවන රියැදුරන් කොටු කරගැනීමේ වැඩපිළිවෙළ කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. එහෙත් ඒවා දිගටම පවත්වාගෙන ගොස් ඒවා වැඩිදියුණු කරගත් බවක් දැනගන්නට නැත. මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ කොළඹ ප්‍රධාන මංසන්ධිවල පිහිටා ඇති ආලෝක සංඥා පද්ධති ආශ්‍රිතව සී.සී.ටී.වී. කැමරා සවි කිරීමය. එම කැමරා හරහා ලබාගන්නා රූපරාමු මගින් නීති කඩන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම එයින් අරමුණු කරගෙන තිබිණි. එහෙත් එවැනි වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. මෙරට රියැදුරෝ රථවාහන පොලිසියේ නිලධාරියකු දකින්නට නොසිටීම තමන්ට මාර්ග නීති කැඩීමට ලැබෙන “වරප්‍රසාදයක්” හැටියට සලකති. රියැදුරන්ගේ එම මානසික තත්ත්වය වෙනස් නොකළොත් මාර්ග නීති කැඩීමෙන් ඔවුන් වළක්වා ගැනීම අසීරු වනු ඇත.

(***)

 



අදහස් (7)

මාර්ග තදබදය වැළැක්වීමට තාක්ෂණය යොදවාගමු

sam Thursday, 17 September 2020 06:18 AM

දැන් කාර් හැම මංතීරුවකම යනවා.

:       17       21

sachith Thursday, 17 September 2020 06:28 AM

මේක නරකම නැහැ. මොකද මේකේ අලුතෙන් නීතියක් දාන්නේ නැහැ.

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 17 September 2020 10:00 AM

ඉතාමත් හොඳ අගය කළයුතු වැඩපිළිවෙළක්. පාරේ සෑමතැනම හුටු හුටු ගගා අස්සක් මුල්ලක් නෑර කිසිඳු මාර්ග නීතියක් පිළිපදින්නේ නැති ව ඉබාගාතේ යන ත්‍රිරෝද රථ නිසා මාර්ග තදබදය ඇති නොවුණහොත් තමයි පුදුමය කියන්නේ... මේ විනාශකාරී වාහනය පාලනය කළ යුතුමයි. ඇතුලට ලයිට් එකක් දැමිය යුතුමයි. මීටරයක් සවිකළ යුතුමයි. ඒත් කරුමය කියන්නේ ඒවා කිරීමට බලධාරීන් පැකිලෙන්නේ ඇයි ද යන්නයි. මෙය මේ රටේ අහිංසක මිනිසුන් ගසා කන මොවුන්ට බලධාරීන් ලයිසන් දීලා වගේ පේන්නේ. බොහෝ බස් රියදුරන් ද එසේමයි. කිසිඳු විනයක් නැහැ. පාර හසුරුවන්නේ පාර එයාගේ බාප්පාගේ කියලා හිතාගෙන.... මොවුන්ට විරුද්ධව නිසි පියවර ගත යුතුමයි.

:       0       175

de silva Thursday, 17 September 2020 10:32 AM

කොළඹ වාහන තදබදය අඩු කරන්න නම් අධිවේගී මාර්ගවල තිබෙන ප්‍රමිතියේ ගුවන් පාලම් 5වත් වසරකට ඉදිකරන්න ඕනේ... මෙම ප්‍රතිපත්තියම තීරණය දිගින් දිගටම ඉදිරි වසර 10 තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ... නුගේගොඩ තිබෙන ආකාරයේ ප්‍රමිතියෙන් අඩු පටු ගුවන් පාලම් ප්‍රශ්නයට විසඳුම් නොවේ. මන්තීරු නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ නිසි පාලනයක් ඇති මාර්ග සහ ගුවන් පාලම් වැනි අත්‍යාවශ්‍ය සාධක ඇතිවටදීය.

:       0       32

asanka Thursday, 17 September 2020 11:58 AM

පසුගිය වසර 10 තුළ රටේ වාහන ප්‍රමාණය සිය ගුණයකින් ඉහළ ගියත්, රටේ මාර්ග පද්ධතියේ විශාල වර්ධනයක් ඇතිවී නැහැ. ඊට හේතුව නම් රටේ ඇති දුප්පත්කමයි. අලුතින් මාර්ග තැනීම ඉතා වියදම් අධික කාර්යයක් වන අතර, අඩු බදු ආදායමක් ඇති ලංකාව වැනි රටකට එවැනි දේ කිරීම අපහසු කරුණකි. එසේ නම්, සිදුවිය යුත්තේ රියදුරන් වගකීමක් සහ විනයක් ඇතිව, දැනට තිබෙන මාර්ග පද්ධතිය භාවිතා කිරීමයි. අවාසනාවකට අද බොහෝ රියදුරන් මාර්ගය භාවිතා කිරීමේදී ආත්මාර්ථකාමී වන බැවින්, ඔවුන්ගේ විනය ඇති කළ හැක්කේ දඩ ගැසීමෙන් පමණි.

:       0       50

janahithaFriday, 18 September 2020 09:45 AM

වංචා කරනලද දේපළවලින් මෙවැනි නගර දෙකක ෆ්ලයි ඕවර යොදා නවීකරණය කළ හැකිව තිබුණු වැට් වංචාව සහ හිටපු ඇමැතිවරුන්ගේ විදෙස් ගිණුම උදාහරණයක්...

:       0       0

NANJU Friday, 18 September 2020 11:04 AM

ප්‍රධාන මංසන්ධි වලට බුද්ධිමත් පොලිස් නිලධාරින් යොදවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 451 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 984 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 907 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 162 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 105 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 987 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16156 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site