උපතිස්ස ගමනායකට ද අනතුරක් බව දැනගත් සිරි අයියා (සෝමවංශ අමරසිංහ) බණ්ඩාරගමින් පිටත් වුණේ විදුලි වේගයෙනි. කලින් දා දහවලේ (නොවැ. 12) දා දේශපාලන මණ්ඩලයේ දී හමුවූ රෝහණ විජේවීරත්, ගමනායකත් දෙදෙනාම අත්අඩංගුවට පත්වූ බව ස්ථිර ය. ඊට අමතරව දේශපාලන මණ්ඩලයට නොපැමිණි ඞී. ඇම්. ආනන්ද ද අත්අඩංගුවේ ය. එතැනින් එහා කිසිවක් සිරි අයියා දන්නේ නැත. කෙසේ නමුත් බලවත් පිපිරීමක ලකුණු පහළ වීමෙකි. සිරි අයියාට (සෝමවංශ අමරසිංහට) ඊළඟට ළඟාවීමට තිබුණු ළඟම තැන වූයේ දේශපාලන මණ්ඩල සභික ගුණරත්න වනසිංහ සහෝදරයාගේ නිවස ය.
කොට්ටාවේ සිට අතුරුගිරිය පාර දිගේ සිරි අය්යා ගමන් කළේය. කොට්ටාව පසුකර ටික දුරක් යනවිට හතරමං හන්දියට යාබදව පොළ හන්දිය හමුවේ. එදා සිකුරාදා පොළ දවසකි. සිරි අයියා පොළ පසු කරනවාත් සමගම වයසක අම්මා කෙනෙක් වාහනයට අත දැමුවාය.
කවුදැයි තහවුරු කර නොගෙන රථය නැවැත්වීම ද හොඳ නැති තත්ත්වයකි. මීටර් 30-40ක් තවත් ඉදිරියට යද්දී මේ අම්මා ගැන මතකය සිරි අයියාගේ හිතට වැදිණි. ‘මේ වනසිංහ සහෝදරයාගෙ ගෙදරට ඉස්සරහ ගෙදර අම්මනෙ’ ඒ සමගම ගිය වේගයෙන්ම වාහනය ආපස්සට ගැනුණි.
ඇය වනසිංහට පමණක් නොව ඔහුගේ ගෙදර ආගිය පක්ෂයේ හැමට ඇත්තම අම්මා කෙනෙක් වූවාය. ඇයට ඒ සියල්ලෝ පුත්තු වූහ.
‘අම්මේ මට එක පාර හඳුනාගන්න බැරිවුණා’ ගෙදර යන්නද එන්න යන්න’ සිරි අයියා කතා කළේය.
අම්මා බියට පත්වූ සෙයකි. එහෙ යන්න එපා. හමුදාවෙන්ද පොලිසියෙන්ද ඇවිත් ගේ ඇතුළෙ ඉන්නවා.
ඒ කතාව ඇසීමත් සම`ග සියලූ දේ උඩු යටිකුරු වන බව සිරි අයියාට දැනුණි.
‘එදා ඒ අම්මා නොහිටින්න තව විනාඩි දෙකෙන් මම වනසිංහ සහෝදරයාගෙ ගෙදර. හිතාගන්න බැරි බේරීමක් වුණේ. ඒ අම්මා තමයි එදා මගේ ජිවිතේ බේර ගත්තෙ. මම විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආපු ගමන් මේ අම්මව බලන්න ගියා. ඒත් එයා ජීවතුන් අතර හිටියෙ නෑ’ ඔහු කියයි.
ගුණරත්න වනසිංහ ගැන කියන විට ඔහු ගමේ ජීවත් වුණේ රෙදි මසා ජීවිතය ගැට ගසන පවුලක් හැටියටය. ගුණරත්නත්, ඔහුගේ බිරිඳත්, නෑනාත් නිවසේ මැෂින් දමා රෙදි මැසීම කළහ.
බලවත් තොරතුරක් මත දේශපාලන මණ්ඩලයම නවාතැන් ගත් ගෙවල්වලට හමුදාව රහසේම කඩා පනින සෙයකි.
කලින්දා දේශපාලන මණ්ඩලයේදී නවාතැන් වෙනස් කිරීමේ ක්ෂණික තීන්දුව සියල්ලන් ගත්තා නම් තත්ත්වය මීට හාත්පස වෙනස් වනු ඇත. අවාසනාවට කීප දෙනෙක් පමණක් එදාම පරණ නවාතැන් වෙනස් කර ගත්හ. සිරි අයියා නුවර නවාතැනේ හිටියා නම් ඇතැම් විට ඔහුද 12,13 වන විට ගෙදරදීම කොටු වෙන්නට තිබිණි.
දැන් කළ යුතු දේ කුමක්ද?’ තවදුරටත් කල්පනා කළේය. දේශපාලන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් සොයා යාම මෝඩකමකි. ඒ නිසා පක්ෂයේ ක‍්‍රියාකාරී මෙහෙවර කළ තවත් සහෝදරවරුන් හමුවී වහාම ඔවුන්ගේ නවාතැන් මාරු කිරීමට සිරි අයියා කටයුතු කළේය. ඔහුගේ නියෝගයට අනුව ඒ මොහොතේ වැඩ කළ කිසිවෙකු අත්අඩංගුවට පත් නොවීමද විශේෂත්වයකි. තවත් හෝරාවක් දෙකක් තුළ ඇඳිරි නීතිය වැටීමට නියමිතව තිබිණ.
බලාපොරොත්තු දල්වාගෙන සිරි අයියා මීගමුවට ගියේය. ගෙදර තිබුණු පක්ෂයේ ලියකියවිලි රැසක් ගොඩ ගසා ගිනි තැබුවේය. ඒ පක්ෂය කෙරේ අනාදරයක් නිසා නොව බරපතළ බියජනක තත්ත්වයක් තුළ යළිත් නැගී සිටිය හැකි නිසාය.
අපට තවදුරටත් මීගමුවේ ඉන්න බෑ. මම මීගමුවේ ඉන්න බව දන්න අය ඉන්නවා. තොරතුරක් ගියොත් ප‍්‍රශ්නයක්. සිරි අයියා සිය බිරිඳට තත්ත්වයේ බරපතළකම කියා සිටියේය.
‘අපි යමු’ ඒ අනුව යළිත් නවාතැන වෙනස් විය.
සති දෙක තුනක කාලයක් කුරුණෑගල, නුගේගොඩ, හික්කඩුව වැනි ප‍්‍රදේශවල ඔවුහු ජීවත් වූහ. සමහර නවාතැන්පළවල්වල හිටියේ වරුවක් හෝ දවසකි. ඒ තරම් ක්ෂණිකව ස්ථාන වෙනස් විය. හික්කඩුවේ දින ගාණක් නවාතැන් ගත්තා සිරි අය්යාට මතකය. ඒ හැම අවස්ථාවකම පක්ෂයේ ඊළඟ මොහොත වෙනුවෙන් සම්බන්ධීකරණය හදා ගන්නට ඔහු උත්සාහ කළේය.
පක්ෂය විසිරිලා ගියා. සම්බන්ධතා හදාගන්න සහෝදරවරුන් ඉන්න තැන් හෙවීම හරිම දුෂ්කර වුණා. අත්අඩංගුවට ගත්ත අය ගැන රූපවාහිනියෙ කියනවා. ඒ පිළිබඳව හොඳ අවධානයෙන් හිටියා. හිතාගන්න බැරි මොහොතක්. ‘ඉතුරුවෙලා ඉන්න සහෝදරවරුත් තැන් මාරු කරලා ඇති. ඊට වඩා ලොකුම ප‍්‍රශ්නය තිබුණේ රැුල්ලක් වගේ බොහෝ දෙනකු එකට අත්අඩංගුවට පත්වීම. ඒ නිසා පාරවල්වල බිල්ලෝ තියාගෙන ඉන්නවා. පාරක බැහැලා යන්න බෑ’
සිරි අයියා ‘බිල්ලන්’ ලෙස කියන්නෙ ජවිපෙහි අත්අඩංගුවට පත් ක‍්‍රියාධරයන්ගෙන් පිරිසක් ගැනය. ඔවුහු වනාහි හමුදාව දෙන දඬුවම් ඉසිලිය නොහැකිව ජීවිතය යැද්දෝය.
ඔළුව හිල් කරන්නට, කන් පසාරු කරන්නට පරාල ඇණ ගනිද්දී සමහරු ජීවිතේ ඉල්ලා කෑ ගැසූහ. තවත් අයගේ ගුද මාර්ගය දිගේ කටු කම්බි යැවීමට සූදානම් වෙද්දී ජීවිතය ඉල්ලූහ. ලේ හලන්නට හා හිස කෙස් බූ ගාන්නට බෝතල් කටු ගෙනෙද්දී සමහරු ජීවිතේ ඉල්ලූහ. එසේ කෑ ගසන අයට ‘තොපිට ජීවිතේ දෙන්නම් හැබැයි තොපේ මහ එවුන් අපට පෙන්නපියව්. එහෙම වුණොත් තොපිට වාසියි’ හමුදාවේ ලොක්කෝ කෑ ගැසූහ.
ඒ අනුව මර බියේ ජීවිතය හෙවූ අය ඉහිලිය නොහැකි තැන පාවා දීම් කළහ. ඔවුහු ‘බිල්ලෝ’ වන්නාහ.
මේ බිල්ලන් අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් යන එන තැන්වලට ගිය ඔවුන්ගේ ගේ දොරට ගිය පණිවුඩකරුවෝ වූහ. මධ්‍යම කමිටුවේ අය වූහ. විවිධ මට්ටමේ අය වූහ. විවිධ මට්ටමේ ක‍්‍රියාකාරීහු වූහ.
ඔවුහු තමන් දන්නා තොරතුරු කීමට හමුදාවේ වාහනවල නැගී ‘ මේ අසවලාගේ ගේ’ වශයෙන් ගේ ළඟටම ගොස් පෙන්නූහ.
පාරේ බැරියර් ළඟ සිට ‘අර යන කෙනා අසවලා’ යී කීහ.
මේ බිල්ලන් නිසා විශාල පිරිසක් 1989 නොවැම්බර් මාසවලදී දෙසැම්බර් පක්ෂයට අහිමි වූහ.
‘ඔය ආසන්න දවසක මාවත් බිල්ලෙක් හඳුනාගෙන තිබුණා. ඒ කැලණි පාලම උඩදි. ඒත් ඔහු නොපෙන්නුවේ ඇයි කියන එකත් ගැටලූවක්’ කොහොමත් හුඟක් සහෝදරවරුන් ඒ දීපු දඬුවම් හමුවේ මානසිකව වැටුණා. දුර්වල වුණා. සිරි අයියා කියයි. අවසන් ජවනිකාව වනවිට දේශපාලන මණ්ඩලයෙන් හමුදාවට හසු නොවී බේරුණේ හතර දෙනෙකි. ඒ සෝමවංශ අමරසිංහ, ලලිත් විජේරත්න, සමන් පියසිරි ප‍්‍රනාන්දු හා ශාන්ත බණ්ඩාර පමණි.
කොහොමහරි අවසානෙ බොහොම අමාරුවෙන් අපි හතර දෙනා සම්බන්ධීකරණය වුණා. අපි එකම දවසක් එක තැනකදී එකට හමුවුණා. පක්ෂයට වෙච්ච දේ, ඉදිරි කටයුතු කෙරෙන්නෙ කොහොමද? පක්ෂය ප‍්‍රතිසංවිධානයට ගත යුතු පියවර මොනවාදැයි අප දීර්ඝව සාකච්ඡුා කළා. මේ වෙද්දී දරුණු භීෂණයක් තිබුණත් අපි නිකන් හිටියෙ නෑ. දිනපතාම වැඩ කළා.
කොහොම වැඩ කළත් ජවිපෙ ක‍්‍රියාකාරීන් එකෙකුටවත් සමාව නොදෙන පරිදි ආණ්ඩුවේ සැර වැඩි විය.
ඒ කෙසේද යත් ආණ්ඩුව ළඟ ජවිපෙ ක‍්‍රියාධරයන් සිය ගණනකගේ ලැයිස්තුවක් තිබිණි.
අත්අඩංගුවට ගෙන ඝාතනය කරන අයගේ නම ඉදිරිපිට ‘හරි’ ලකුණක් වැටෙයි. මේ විදිහට දවසින් දවස නම් ඉදිරියේ හරි ලකුණු වැඩිකර ගැනීම හමුදාවේ, පොලිසියේ අරමුණ විය. රෝහණ විජේවීර අත්අඩංගුවට ගත්තා කියා හෝ දේශපාලන මණ්ඩලයේ භාගයක් අවසන් කියා හෝ වැඬේ බාගෙට නතර කරන බවක් පෙනෙන්නට තිබුණේ නැත.
මේ හේතුව නිසාම 1990 මුල වෙනවිට ශාන්ත බණ්ඩාරත්, ලලිත් විජේරත්නත්, සමන් පියසිරි ප‍්‍රනාන්දුත් අත්අඩංගුවට පත්විය. සමන් පියසිරි අල්ලාගෙන තිබුණේ නුගේගොඩ ප‍්‍රදේශයේදීයි. ලලිත් විජේරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලය දෙසට යද්දී අත්අඩංගුවට පත්ව තිිබිණි.
‘මට මෙතනදී ශාන්ත බණ්ඩාර ගැන විශේෂයෙන් යමක් කියන්න තියනවා’
සිරි අයියා එසේ කියා මගේ මුහුණ දෙස මොහොතක් බලා සිටී.
‘ඒ කුමක්ද? මම අසමි.
‘ශාන්ත බණ්ඩාර අත්අඩංගුවට අරන් ගෙනිහින් තියෙන්නෙ මත්තෙගොඩ කෑම්ප් එකට. එතැන අපේ සාමාජිකයො විශාල පිරිසක් අත්අඩංගුවෙ ඉඳලා තියෙනවා. මෙතනදී ශාන්තට අන්තිම නරක විදිහට වධ දීලා තියෙනවා. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ අයගෙන් අත්අඩංගුවේ දී දරුණුම විදිහට දඬුවම් වින්දෙ ශාන්ත වෙන්න ඕනෙ.
හැබැයි ඒ දඬුවම් මැද්දේ ඔහු පක්ෂයේ අනෙක් සාමාජිකයන්ට කතා කරනවා.
‘මෙතන සහෝදරවරු කවුරු හරි නිදහස් වෙලා එළියට යනවනේ. ඒ යන අය එළියට ගිහින් කියන්න ශාන්ත බණ්ඩාරට මේ වගේ වධ දුන්නා කියලා. පක්ෂයේ කාටවත් බය වෙන්න එපා කිවුවා. මම කවුරුවත් ගැන කිව්වෙත් නෑ. තව මොන දඬුවම් දුන්නත් කියන්නෙත් නෑ කියලා කිවුව බව.
වීරත්වයේ හඬින් ශාන්ත කඳවුර පුරා කෑ ගැසුවේය. වේදනාවේ ඉඳිමින් ඔහු සටහන් රැසක් පොතක ලීවේය. එය ලියද්දී ශාන්ත බණ්ඩාර බාගෙට මැරුණු ලේ ගලන මළ කඳකි. සටහන් පොත හමුදා සෙබළෙකුට දී මරණය සුවදායක කර ගත්තේය.
‘ශාන්ත බණ්ඩාර වගේම තවත් සාමාජිකයෙක් ඔය කාලෙ හිටියා. මේ දෙන්නට හමුදාව පවා බොහොම ගෞරව කළා. ඒ තමයි මොන දඬුුවම් දුන්නත් වචනයකින් හෝ පාවා දීමක් නොකිරීම.
සිරි අයියා කියයි.
එතැනින් පසු ඊළඟ මොහොත 1990 මුල භාගය වෙනවිට දේශපාලන මණ්ඩලයේ ඉතුරු වුණු එකම සාමාජිකයා බවට සෝමවංශ අමරසිංහ පත්විය.
ඒත් හමුදාව ලැයිස්තුව ඉදිරියේ ‘හරි’ දැමීම නතර කර තිබුණේ නැත. දවසින් දෙකින් පදිංචිය මාරු කරමින් ගින්දරක ජීවත් වෙන සිරි අයියාට දැන් හැඳුනුම්පත ද නැත.
අවසන් මොහොත දක්වා රෙජිනෝල්්ඞ් නමින් පෙනී සිටි හැඳුනුම්පත දැන් භාවිත කළ නොහැකිය.
ඊළඟට බිල්ලන් රොතු පිටින් හන්දි ගානේ නිසා එළි පහළියේ යාමට ද තහංචිය.
කාලයක් රහසේ වෙසෙමින් හිමින් සීරුවේ ‘රෙජිනෝල්ඞ්’ නමින් වෙන නමකට පෙරළුණි. එදා ඔහු ‘දිසානායක’ බවට පත්විය. දිසානායක වූ සිරි අයියාට දැන් හැඳුනුම්පතක් ඇත. එහෙත් එතැනින් එහා ඇත්තේ කුමක්ද? පක්ෂයක වගකීම ඔහු පිට පැටවී ඇත. 1989 නොවැම්බර් 12 ? සිට මාස 3ක් යනවිට තමන් එකට ගනුදෙනු කළ මුළු දේශපාලන මණ්ඩලයම ජීවතුන් අතර නැත. සමහරු පොළව යට මිහිදන්වී ඇත. සමහරු අළු දූලි බවට පත්වී ඇත. මේ රටේ පක්ෂයක් හැටියට පක්ෂයක ප‍්‍රධානීන් හැටියට පාර්ලිමේන්තුව දිනා ගන්නට රටේ ජනතාවගේ පැත්තේ හිටගෙන ඉන්දියන් හමුදාව පන්නන්නට ආණ්ඩුවට එරෙහිව කළ විප්ලවය අමානුෂික ලෙස අවසන් වී ඇත.
මිහිදන් වූද අළු දූවිලි වූද විප්ලවවාදීන්ගේ ජීවිතය සිරි අයියාගේ හිත දෝංකාර දුන්නේය. ඔවුන් රට ගැන සිතූ හැටි රට ගැන කී දේ පැතූ දේශය සියල්ල යළි ගොඩනැගීම අපහසු වන්නකි. යළිත් උලපනේ යාමක් නැත. යළි අරලිය උයනක් හමුවීමක් නැත. මතකය ගුලි කරගෙන සිරි අය්යා ඊළඟ පියවරට සූදානම් විය.
‘අන්තිමේ මම තනි වුණා’
දේශපාලන මණ්ඩලයේ වෙන්වීම සිරි අයියා මට කියයි. එතකොට ඊළඟ මොහොත?
ඊළඟ පියවර ලබන සතියේ.....
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මරණයෙන් බේරුණු හතර දෙනාගේ අවසන් දේශපාලන මණ්ඩල රැස්වීම
සංජීව Wednesday, 18 November 2015 08:05 AM
‘ඔය ආසන්න දවසක මාවත් බිල්ලෙක් හඳුනාගෙන තිබුණා. ඒ කැලණි පාලම උඩදි. ඒත් ඔහු නොපෙන්නුවේ ඇයි කියන එකත් ගැටලූවක්’ මෙයා කොහොමද දන්නේ බිල්ලා අදුනාගත් බව. මට හිතෙන්නේ මෙයත් බිල්ලෙක් වෙන්න ඇති. (ස)
අභයසේන Thursday, 19 November 2015 05:39 AM
මෙච්චර තරුණ තරුණියො මියගිහිල්ලා රැකගත් පක්ෂය විනාශකළ අයත් එක්ක එකතුවීම කණගාටුවට කරුණක්. (නි)
කුලරත්න Tuesday, 24 November 2015 03:41 AM
මෙවන් කතා තවතවත් ඉදිරිපත් කරන්න (නි)
ඔලිවර් Wednesday, 18 November 2015 11:30 PM
මෙවන් ලිපි කියවන්න අපි කැමතියි (නි)
කල්ප Wednesday, 18 November 2015 11:30 PM
බොහොම හොඳ ලිපියක් (නි)
කුමුදිනි වත්සලා Monday, 23 November 2015 03:59 PM
මොහු ගැන ඇත්තෙන්ම මා තුළ ඇත්තේ නම් පිළිකුලකි (නි)
බන්දු Monday, 23 November 2015 04:05 PM
මේ අය කවුද කියන්න අපි දන්නවා (නි)
කල්පිත Tuesday, 17 November 2015 05:50 PM
හරිම ආශාවෙන් කියවූ ලිපියක් (නි)
කළුආරච්චි Tuesday, 17 November 2015 12:47 PM
මෙයා තමයි කට්ටියව පාවලා දුන්නේ. කළුතර අපි මෙයාගැන දන්නවා. (බ)
ටිකිරි Wednesday, 18 November 2015 04:29 AM
කියන කතාව සහ කරන කෙරුවාව පරස්පරයි. පුද්ගලයා මත රඳා නොපවතින පක්ෂයකින් අයින්වෙලා පුද්ගලවාදී පක්ෂයක් ගොඩනැඟීමට දරන උත්සාහයෙන් පෙනෙන්නේ නැවත ධනේශ්වර දේශපාලනයකට අවතීර්ණවීමක් හැටියටයි. (නි)
ගමගේ Monday, 23 November 2015 04:00 AM
මටත් මෙයා ගැන තියෙන්නේ සැකයක් ? (ම)
තුෂාර Tuesday, 17 November 2015 10:07 PM
කුතුහලයෙන් පිරි ඊළඟ කොටස ඉක්මණින් බලාපොරොත්තු වෙනවා (නි)
පීරිස් Tuesday, 17 November 2015 09:41 AM
මෙයා හෙමින් සැරේ ආණ්ඩුවේ පිහිටෙන් බෝට්ටුවෙන් ඉන්දියාවට පැනගෙන එතනින් එංගලන්තයට මාරුවෙනවා, මොකද, මෙයාගේ මාම කෙනෙක් තමයි එදා හිටිය ප්‍රේමදාස ආණ්ඩුවේ බලවත්ම, ප්‍රේමදාසගේ දකුණු අත වූ සිරිසේන කුරේ!. ඒ උදව්ව නැත්නම් මෙයත් ඉවරවෙලා. බේරුනේ සිරිසේන කුරේ නිසා. නැතිව , මෙයාගේ දක්ෂ කමකට නෙමෙයි. (ස)
පාර්තිපන් Tuesday, 17 November 2015 02:22 PM
මහා පාවාදෙන්නෙක් වගේ පෙන්නේ ...මැරෙන මොහොතේ මතක් වෙයි (බ)
සුනිමල් Wednesday, 18 November 2015 02:48 AM
ජවිපෙ කියන්නෙ පුද්ගලයො මතම පවතින පක්‍ෂයක් නෙමෙයි. ඒක ප්‍රතිපත්ති මත පවතින පක්‍ෂයක්. (නි)
අමල් Tuesday, 17 November 2015 10:46 AM
මෙවන් නිව්ස් පලකරන ලංකාදීප ඔබට තුති. (ර)