රටේ උද්ගතව තිබෙන ප්‍රශ්නවලට පිළියම් යෙදීමට නව නීති සම්මත කළ යුතු බව ආණ්ඩුකරණයට සම්බන්ධ බොහෝ දෙනා කියති. එහෙත් ආණ්ඩුකරණය දෙස විමසිල්ලෙන් බලා සිටින බොහෝ දෙනා කියන්නේ කළ යුත්තේ නව නීති සම්පාදනය කිරීම නොව තිබෙන නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම බවය.
රජයේ මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් ද ලංකාවේ විවිධ නීති තිබේ. එහෙත් අද ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත්ව තිබෙන්නේ රජයේ මුදල් කළමනාකරණය නිසි ලෙස නොවීම නිසා බව කාගේත් පිළිගැනීමයි. ඒ නිසා රජයේ මුදල් කළමනාකරණයට නව නීතියක් හඳුන්වා දිය යුතු බව ආණ්ඩුව ද දැන් කියයි. දැනට තිබෙනවාට වඩා දැඩි රෙගුලාසි සහිත නීතියක් අවශ්‍ය බව රජයේ පිළිගැනීමයි.
ඒ සම්බන්ධයෙන් පර්ෙ ය්ෂණ පවත්වන වෙරිටේ රිසර්ච් පර්ෙ ය්ෂණායතනය කියන්නේ පවතින නීති ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව පියවර ගත හැකි ප්‍රතිපාදන සඳහන් නීතියක් අද රටට අවශ්‍යව තිබෙන බවය. රටේ පවතින ප්‍රශ්නය නීති නැතිකම නොව, පවතින නීති ක්‍රියාත්මක නොවීම බව වෙරිටේ රිසර්ච්හි නිරීක්ෂණ නිගමනයයි.
මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අතුරු අයවැයේ දී සඳහන් කළේ මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් නව නීතියක් ගෙනෙන බවය. එහි අරමුණ වඩාත් ශක්තිමත් අයවැය ප්‍රතිපත්ති හඳුන්වාදීම බව ජනාධිපතිවරයා කියයි. රජයේ මුදල් කළමනාකරණයට අවශ්‍ය නීති හා රෙගුලාසි අවශ්‍ය තරමට ලංකාවේ නොමැතිකම නිසා එවැනි නීතියක් ගෙනෙන බව ආණ්ඩුව පැත්තෙන් කියැවෙයි. අවශ්‍ය නීති අවශ්‍ය තරමට නැති බව වසර 2002දී ද හඳුනාගත් ප්‍රශ්නයකි. 2003 අංක 03 දරන ‘‘මූල්‍ය කළමනාකරණ වගකීම් පනත’’ වසර ආරම්භයේදීම සම්මත කර ගත්තේ එහෙයිනි. 2003 ජනවාරි 09 වැනිදා සිට එය රටේ සම්මත නීතියකි.
රජයට වියදම් කළ හැකිසහ රජයට ණය ගත හැකි සීමා ඒ පනත මගින් පැනවිණි. එදා සිට රජයට ඒ සීමාවලින් එහාට යා නොහැකිය. අය වැය පරතරය ඒ සීමාවලින් ප්‍රධාන එකකි. දෙවැනි සීමාව පැනවූයේ භාණ්ඩාගාරයෙන් ඇප වන හෙවත් සහතික වන ණය සම්බන්ධයෙනි. තෙවැනි සීමාව පැන වූයේ මධ්‍යම රජයේ ණය සම්බන්ධයෙනි.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයේ අය වැය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වගකිවයුතු ආයතනය පාර්ලිමේන්තුවයි. ඒ අනුව ‘‘මූල්‍ය කළමනාකරණ වගකීම් පනත’’ අනුව කටයුතු කිරීම පාර්ලිමේන්තුවේද වගකීමකි. මන්දයත් ඒ නීතිය තමන් විසින්ම සම්මත කරනු ලැබූවක් වන හෙයිනි.
එහෙත් සිදුවී තිබෙන්නේ ඒ පනතේ සඳහන් සීමා කඩන්නට පාර්ලිමේන්තුව ද නිරන්තරයෙන් සහාය දීමය. එදා සිට පැවැති ආණ්ඩු කළේ පනතෙන් පැන වූ සීමා කැඩෙන විට පනත සංශෝධනය මගින් සීමාව ඉහළ නංවා ගැනීමය. එසේ කර ගැනීමට පාර්ලිමේන්තුව සෑම අවස්ථාවකදීම ආණ්ඩුවට සහාය දී තිබේ. එමගින් සිදුවී තිබෙන්නේ ආණ්ඩුව නීති කැඩීම පාර්ලිමේන්තුව මගින් නීත්‍යානුකූල කිරීමය.
අය වැය හිඟය සම්බන්ධයෙන් ඒ පනතේ පනවා තිබෙන සීමාව වන්නේ එය එනම් අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට පහක් විය යුතු බවය. සියයට පහ නොඉක්මවිය යුතුය.
එහෙත් මේ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ක්‍රියාත්මක වන 2003 ජනවාරි 09 වැනිදා සිට සෑම වසරකම රජයේ සැබෑ අය වැය හිඟය සියයට පහට වැඩිය. ඉන් අනාවරණය වන්නේ පාර්ලිමේන්තුවත් මුදල් අමාත්‍යාංශයත් අය වැය හිඟය සියයට පහකට නොවැඩි විය යුතුය යන නීතියට අනුගතව කටයුතු කර නැති බවයි. 2003 සිට ගතවී තිබෙන මේ අවුරුදු 20දී අය වැය හිඟය සියයට පහක මට්ටමක තබාගෙන තිබෙන්නේ අවුරුදු හතරක දී පමණකි. තමන් සම්මත කළ නීතිය තමන් විසින්ම කඩ කරනු ලැබීම ගැන අදටත් පාර්ලිමේන්තුවේ අවධානය යොමු නොවීම රට වැටී සිටින අර්බුදයට එක් හේතුවකි.
2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනතෙන් දෙවැනි සීමාව පනවන්නේ මධ්‍යම රජයේ ණය සම්බන්ධයෙනි. මධ්‍යම රජයේ දේශීය විදේශීය සම්පූර්ණ ණය ප්‍රමාණය 2006 වෙද්දී දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 85ක් විය යුතු බව 2003දී පනත සම්මත කළ අවස්ථාවේ පැවැති නීතියයි. 2013 වෙද්දී ඒ මුළු ණය ප්‍රමාණය සියයට 60කට වැඩි නොවිය යුතු බව ද ඒ පනතේ සඳහන් වෙයි. ඉන් අනාවරණය වන්නේ පනතෙන් සීමා දෙකක් පනවා තිබෙන බවය. පළමුව එනම් 2006 වෙද්දී මධ්‍යම රජයේ දෙස් විදෙස් මුළු ණය ප්‍රමාණය සියයට 85 දක්වා අඩු කරගෙන 2013 වෙද්දී එය සියයට 60 දක්වා අඩු කළ යුතු බවයි. නීතිය පැනවීමේ පාර්ලිමේන්තුවේ අපේක්ෂාව එයයි. පනතෙන් යෝජනා කර තිබෙන්නේ දිගුකාලීන ගමනකි. එය ප්‍රායෝගිකය. හේතුව කෙටි කාලයකදී එවැනි ඉලක්කයකට යා නොහැකි බැවිනි.
එහෙත් 2006දී සේම 2009දී ද රජයේ මුළු ණය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 85කට වැඩිය. එසේම එය 2013 වෙද්දී සියයට 60 දක්වා අඩු කර ගැනීමට ද ආණ්ඩු අසමත් වෙයි. 2013 දී රජයේ මුළු ණය දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 72ක් වීමෙන් ඒ බව අනාවරණය වෙයි. 2013දී සියයට 60කට වැඩි නොවිය යුතුය කියා පාර්ලිමේන්තුව නීතිය පැනෙව්වත්, එය පැවතුණේ සියයට 72කය. පාර්ලිමේන්තුවෙන් පැනවූ ණය සීමාව පවත්වාගෙන යන්නට නොහැකි නිසා ආණ්ඩුව ඒ නීතිය වෙනස් කරයි. අය වැය පරතරය සම්බන්ධයෙන් පැන වූ සීමාව හෙවත් නීතිය කඩ කළ ආණ්ඩු ණය සීමාව වෙනස් කර ගැනීම සඳහා නීතිය සංශෝධනය කරයි. ආණ්ඩුවට එසේ කර දෙන්නේ පාර්ලිමේන්තුවයි.
ඒ අනුව 2013දී රජයේ ණය සීමාව සියයට 60 සිට 80 දක්වා වැඩි කර ගනියි. ඒ 2013 අංක 15 දරන පනතිනි. එමගින් කළේ 2003 අංක 03 දරන පනත සංශෝධනය කිරීමය. තමන්ට පනවා ගත් සීමාව මත කටයුතු කළ නොහැකි නිසා නීතිය සංශෝධනය කර ඒ සීමාව ඉහළ නංවා ගනියි. ඒ සියයට 60 සිට 80 දක්වාය. ඒ ණය සීමාව 2020 වන විට සියයට 60 දක්වා අඩු කරන බවට 2013දී සංශෝධනය කළ නීතියෙන් පාර්ලිමේන්තුව රටේ ජනතාවට පොරොන්දු වෙයි. ඒ අනුව 2013 වන විට සියයට 60කට අඩු කරන බවට තමන්ම පනවා ගත් සීමාව 2020 දක්වා කල් දමා ගනියි. එසේ කර ගත්තේ නීතිය නොකඩා සංශෝධනය කර ගැනීමෙනි.
එහෙත් 2020 වන විටත් රජයේ මුළු ණය ප්‍රමාණය රටේ දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 80 වඩා ඉහළය. 2021 වන විට ලංකාවේ මධ්‍යම රජයේ මුළු ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 101ක් විය. එහෙත් 2013 දී කළ නීති සංශෝධනයෙන් පාර්ලිමේන්තුව රටේ ජනතාවට පොරොන්දු වූයේ ඒ ණය ප්‍රමාණය සියයට 101ක් නොව සියයට 60ක් කරන බවය. දෙවැනි වරට දුන් ඒ පොරොන්දුවත් ඉටු කළ නොහැකි නිසා 2021දී නීතිය යළිත් සංශෝධනය කරයි.
ඒ සංශෝධනයේ දී පාර්ලිමේන්තුව කියන්නේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 60 දක්වා අඩුකර ගැනීමට බලාපොරොත්තු වන්නේ 2030දී බවය. 2003 දී පැනවූ නීතියෙන් 2013දී සපුරා ගන්නා බව කී ඉලක්කය සපුරා ගන්නේ 2030දී බව 2021දී කියයි. අපේ පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ එලෙසිනි. එය පනින රිළවුන්ට ඉනිමං බැඳීමේ පිළිවෙතක් බව ඉතා පැහැදිලිය.
2023 දී සම්මත කළ මූල්‍ය කළමනාකරණ වගකීම් පනතින් තෙවැනි සීමාව පැනවූයේ භාණ්ඩාගාරයෙන් ඇප හෙවත් සහතික වන ණය සම්බන්ධයෙනි. පළමුවැනි සීමාව කඩ කරන ආණ්ඩු දෙවැනි සීමාව ඉහළ නංවා ගනියි. මේ තෙවැනි සීමාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ එය වැරැදි ලෙස අර්ථ නිරූපණය කර ගනිමිනි. මහා භාණ්ඩාගාරයේ ඇප හෙවත් සහතික මත බැංකු වලින් වැඩියෙන්ම ණය ගන්නේ ලංවීම සහ එයාර් ලංකා වැනි රාජ්‍ය සංස්ථා මණ්ඩලය. මූල්‍ය කළමනාකරණ වගකීම් පනත 2003දී සම්මත කරද්දීම ඒ භාණ්ඩාගාර ඇප සම්බන්ධයෙන් ද සීමා පනවයි. එහෙත් ඒ සීමාව ගැන සඳහන් කරන්නේ ඉතා ඇපැහැදිලි සහ අවුල්සහගත ලෙසය. ඒ නිසාම ආණ්ඩු තමන්ට වඩාත් වාසිසහගත ලෙස ඒ නීතිය අර්ථකථනය කරගනියි.
ඒ අවුල් සහගත 3-ඉ වගන්තියේ සඳහන් වන්නේ ‘‘ඇපකරය හෙවත් සහතිකය දෙන වසරට අමතරව ඊට පෙර වසර දෙක ද ඇතුළත්ව දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.5 නොඉක්මවිය යුතු’’ බවය. ආණ්ඩු සහ ආණ්ඩුවේ නිලධාරීන් එය අර්ථ නිරූපණය කරගෙන තිබෙන්නේ තමන් කැමති උපරිම සීමාවක් දක්වා ගෙනය.
ඉතිහාසයේ දී තිබෙන සියලුම භාණ්ඩාගාර ඇපකරවලට ගැළපෙන ලෙස ඒ සීමාව පනවා ගෙන තිබේ. ඇපකර තොගයම සියයට 4.5 ඉක්මවන වෙලාව පැමිණෙන විට පනත සංශෝධනය කරයි. පළමුව 2013දී එක් වරක් ද 2016දී දෙවරක් ද 2022දී එක් වරක් ද වශයෙන් මේ වන විට ඒ ඇපකර සම්බන්ධ සීමාව හතර වතාවක් සංශෝධනය කරගෙන තිබේ. ඒ සංශෝධනවල දී ආරම්භයේ දී සියයට 4.5ක් වූ ඒ සීමාව සියයට 15 දක්වා ඉහළ නංවාගෙන තිබේ.
ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ රජය මූල්‍ය කළමනාකරණ පනතෙන් පනවා ගත් සීමා මත කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරියෝත් ආණ්ඩුත් පාර්ලිමේන්තුවත් කිසිම උනන්දුවක් හෝ වුවමනාවක් දක්වන්නේ නැති බවය.
මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ තවත් දුර්වලතාවක් වන්නේ ඒ පනත අනුව කටයුතු කළ යුත්තේ සහ එහි සඳහන් සම්පූර්ණ වගකීම් පැවරෙන්නේ කාටදැයි නිශ්චිතව සඳහන් නොවීමය. වසර මැද වාර්තාව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු බව නම් පනතෙහි සඳහන් වෙයි. පනතේ 26 වැනි වගන්තියේ සඳහන් වන්නේ දී තිබෙන ඉලක්කවලින් බැහැර විය යුත්තේ අතිවිශේෂ අවස්ථාවල දී පමණක් බවය. එයද පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් මගින් කළ යුතු බවය.
ණය සම්බන්ධයෙන් පමණක් ආණ්ඩුව එසේ කළත්, අනෙක් කොන්දේසි සහ සීමා සම්බන්ධයෙන් එසේ කළ බවක් නොපෙනෙයි. එසේම මේ පනතේ සඳහන් නියමයන් මත කටයුතු නොකරන අවස්ථාවල දී ලැබෙන දඬුවම් මොනවාදැයි මේ පනතේ සඳහන් නොවෙයි. ඒ පනත යටතේ රජයේ නිලධාරියකු විසින් සද්භාවයෙන් කරන ලද හෝ නොකරන ලද යම් දෙයක් සම්බන්ධයෙන් ඒ නිලධාරියාට විරුද්ධව සිවිල් හෝ අපරාධ නඩුවක් නොපැවරිය යුතු බව ද පනතේ 25 වැනි වගන්තියෙහි සඳහන් වෙයි. ඉන් අනාවරණය වන්නේ මේ පනත ප්‍රායෝගික වටිනාකම් රහිත වූවක් බවය. වැරැදිකරුවන්ට නීතිමය රැකවරණ සලසන පනතක් බවද?.
ආර්ථිකය මැනවින් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය දෙයක් බව වළෙහි වැටී සිටින අපට දැන් ප්‍රත්‍යක්ෂය. මූල්‍ය කළමනාකරණ පනතෙන් පැවරුණු වගකීම් ආණ්ඩු සහ නිලධාරීන් විසින් කඩ කරනු ලබන බව විගණකාධිපතිවරයා නොයෙක් වර පෙන්වා දී තිබේ. විගණකාධිපතිවරයා එය ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබුණත් වගකීම් සහ සීමා උල්ලංඝණය කිරීම් දිගටම සිදුවෙයි. ආණ්ඩුවල සහ නිලධාරීන්ගේ කළමනාකරණ නොහැකියාව වසා ගැනීම සඳහා නීතියෙහි කෙරෙන සංශෝධන ද අඛණ්ඩව සිදුවෙයි.
රටකට යම් නීතියක් රීතියක් හඳුන්වා දෙන්නේ රජය හා රජයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව ජනතා විශ්වාසය වර්ධනය කිරීමටය. එහෙත් ලංකාවේ එසේ නොවෙයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බවට ජනතාව අතර විශ්වාසයක් ද නොපවතියි. එහෙයින් ක්‍රියාත්මක නොවන නීති තිබුණාට වැඩක් නැතැයි යන මතය හා හැඟීම ජනතාව අතර වර්ධනය වෙයි.
එවැනි තත්ත්වයක් මත රජයේ මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් හොඳ විනයක් ඇති කිරීමට අලුත් නීතියක් හඳුන්වා දුන්නාට ප්‍රයෝජනයක් වෙතැයි ජනතාව විශ්වාස නොකරති. එහෙයින් නව නීතියකින් විසඳුමක් ලැබේ දැයි ඇත්තේ සැකයකි. පනවන නීතියත් වගකීම් නිශ්චිතව නොපවරණ, අවුල්සහගත සහ නොහැකියාව වසා ගැනීමට වරින් වර සංශෝධනය කළ හැකි සේම වගකීම් ඉටු නොකරන නිලධාරීන්ට සහ දේශපාලකයන්ට දඬුවම් දිය නොහැකි නීතියක් වුවහොත් ඉන් රටට කවර ප්‍රතිඵලයක්ද?
ලංකාව රටක් ලෙස පනවන නීති තමන් විසින්ම උල්ලංඝනය කරන්නේ නම් රටට ණය දෙන පුද්ගලයන් සහ ආයතන රට දෙස බලන්නේ සැකයෙනි. ඒ නිසා ණය ගැනීමේ දී අපට ගෙවන්නට සිදුවන පිරිවැය ඉහළ යයි. ඒ නිසාම අපේ විශ්වාසනීයත්වය රැක ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන මත යැපීමට දිගින් දිගටම සිදුවෙයි. එසේ වන්නේ අප පනවන නීති අප විසින්ම කඩ කරනු ලබන නිසයි. පනවා ගත් නීති මත රජයේ මුදල් කළමනාකරණය නොකරන නිසා මූල්‍ය අරමුදල වැනි තුන්වැනි පාර්ශව ඔස්සේ තම විශ්වාසය ගොඩනගා ගැනීමට ලංකාවට දිගින් දිගටම සිදු විය හැකිය.
එහෙත් අතීතයේ එනම් 2003 දී ගෙනා මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සම්බන්ධයෙන් ගෙවුණු අවුරුදු 20දී කටයුතු කර තිබෙන ආකාරය මැනවින් විශ්ලේෂණය කරන්නකුට නව නීතියක් ගෙනාවාට ඒ අනුව කටයුතු නොකරන බවට සාධාරණ සැකයක් ඇති වෙයි. එහෙයින් කළ යුත්තේ දැනට පවතින නීති ක්‍රියාත්මක නොවීම පිළිබඳ ඛේදවාචකයට විසඳුමක් හෙවත් ප්‍රායෝගික යාන්ත්‍රණයක් නව නීතියත් සමග හඳුන්වාදීමය. නැතහොත් රාජ්‍ය නිලධරයෝත්, දේශපාලකයෝත් සුපුරුදු පාරේම යනු නිසැකය. මේ ආර්ථිකය යළි යළිත් බංකොලොත් වනු ද නියත බවට සැක සංකා පහළ වෙයි.
ගුණසිංහ හේරත්
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුල්‍ය නීති කඩා රට වට්ටන දේශපාලකයෝ