සමාජයේ කියමනක් තියෙනවා විවාහය කියන්නේ හරියට අඹ ගෙඩියක් වගේ කියලා. මේ අඹය කවුරුහරි රස කරකර කනවා පේනකොට කටට කෙළ උනනවා. ඒත් කන්න ගියාට පස්සේ තමයි ඒකේ ඇඹුල දැනෙන්නේ කියලා තමයි සමාජයේ මතය තියෙන්නේ. මී අඹයක් වුණත් ඇඹුල දැනෙන්න පටන් ගන්න තත්ත්වයක් සමහර විවාහ ජීවිතවල ඇති වෙන්න පුළුවන්. ඒ විවාහය පිළිබඳව අවබෝධය විවාහ වන දෙදෙනාට පවතින තරමටයි.
අද අපට පුවත්පතක් අතට ගත් පසු නිරන්තරයෙන්ම මිනී මැරුමක පුවතක් දකින්න කියවන්න ලැබෙනවා. සමහර විට එකම පුවත්පතේ එවැනි සිදුවීම් දෙකක් හෝ ඊට වැඩියෙන් තිබෙන්නට පුළුවන්. මෙවැනි මිනී මැරුම් බොහොමයක් පිළිබඳ වැඩිදුර පුවත් සොයා ගිය හොත් අපට දැනගන්නට ලැබෙන්නේ ඉන් බොහොමයකට අනියම් සබඳතාවක් මුල් වී ඇති බවය. ඒ වගේම මිනී මැරුමෙන් කෙළවර නොවුණ අනියම් සබඳතා නිසා ඇතිවූ වෙනත් ගැටුම් පිළිබඳ පුවත්ද අපට නිතර මාධ්‍යයෙන් දකින්න කියවන්න ලැබෙනවා. අපේ පවුල් ජීවිත අවුල් කරමින් තිබෙන මේ අනියම් සබඳතා ගැන යම් අදහසක් අප තුළ ඇති කර ගත යුතුව තිබෙනවා. මේ උත්සාහය විවාහය හා අනියම් සබඳතා ගැන පාඩමක් කියා දෙන්න නම් නොවේ. අනියම් සබඳතා නිසා පවුල් ජීවිත අවුල්කර ගත්තවුන් පිළිබඳව යම් කතිකාවක් කර ගැනීමටය. අපි නිතර පුවත්පත්වලින් දැක හුදු ඕපා දූපයක් ලෙස පමණක් කියවූ කතාවල සැඟවුණ පුවත කියවීමටය. අනියම් සබඳතාවයකට ගැහැණියක හෝ පිරිමියකු පත්වීමට බලපාන සමාජ වටපිටාවත් සමඟම අප ඒ පුවත කියවා ගන්නට සමත් වන්නේ නම් අපට අපේ පවුල තුළින් අරඹා සමාජයක් වෙනසකට ලක් කිරීමට මගපාදා ගැනීමට හැකි වනු ඇති. එහෙත් අනියම් සබඳතාවකට මුල පුරන සමාජ තත්ත්වයන් පවතිනා තුරු එවැනි දේ ඇති වීම සහමුලින්ම මෙවැනි ලිපියකින් නැවැත්වීමට හැකියාව ලැබේවී කියා අප සිතන්නේ නැහැ. ඒ නිසා අපේ මේ උත්සාහය අනියම් සබඳතාවක් ඇති කර ගත් තැනැත්තා හෝ තැනැත්තිය හෝ මේ සමාජයේ බරපතළම වරද කළ කෙනා සේ දැකීම වෙනුවට අවම වශයෙන් අනියම් සබඳතා ඇති වීමට බලපාන සමාජ තත්ත්වයන් තේරුම් ගැනීමට සමාජය පෙලඹවීමටය. එතුළින් වෙනස් ලෙස සිතන පරපුරකට මුල පිරීමටය.
විවාහය පිළිබඳව මෛතී‍්‍ර මූර්ති හිමි ලියූ ඇතුල් පැත්ත පොතේ මෙහෙම සඳහන් වෙනවා.
‘‘විවාහ ජීවිතයක වුවත් පරමාර්ථය සැකසෙන්නේ තත්කාලීන සමාජයට පසුබිම් වන ජීවන දර්ශනය අනුවයි. ඇතැම් සමාජයක විවාහය දිව්‍යමය වරප‍්‍රසාදයක් හෝ ආත්මීය සබඳතාවයක් හෝ වන අතර තවත් සමාජයක විවාහය දරුවන් ලබාගැනීමේ සුරක්ෂිත මාධ්‍යයක් පමණයි. තවත් සමාජයක් තුළ එය ආර්ථික සහනතා සලසාගන්නා මාර්ගයක් වන අතර වෙනත් සමාජයක එය කිසිම තේරුමක් නැතිව සිදුවන හදිසි සිදුවීමක් පමණයි.’’
විවාහය පිළිබඳ විවිධ පුද්ගලයන්ට විවිධ මත තිබෙනවා. අපි ඒ මත වරින්වර සාකච්ඡුාවට ගන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඔබ ඔබේ විවාහය සිදුවුණ ආකාරය සමඟ කල්පනා කර බලන්න. ඔබ විවාහ වුණේ සැබෑවටම ආදරයට මුල්තැන දීලාද? නැත්නම් වෙනත් සාධක මුල් කරගෙනද? ඔබේ හදවතත් සමඟම ප‍්‍රශ්න කර මේ ප‍්‍රශ්නයට උත්තරයක් සොයාගන්න. එය මේ ප‍්‍රශ්නය ගැන තේරුම් ගැනීමට සහය වනු ඇති. මේ කතා පෙළ අප ඔබට ගෙන එන්නේ පොලිස් පොත්වල සටහන් වූ පැමිණිලි ඇසුරෙන්. මේ සෑම කතා පුවතකම සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න. මෙවර අපේ කතා පුවත උපුටා ගැනෙන්නේ හෝමාගම මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා තනූජා අබේසිංහගේ මහත්මියගේ පැමිණිලි පොතෙනි. ඒ පැමිණිල්ලෙන් ඔබ්බට ඇය අපට කී කතාවයි මේ.
ඇය සුරංජිය. ඔහු සුනිමල්ය. සුරංජිට සුනිමල් හමුවුණේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඔන්න මෙන්න කියා තිබියදීය. සුරංජි නිවසේ ගත කළේ තනියමය. අම්මාත් තාත්තාත් දෙදෙනාම උදෑසනම රැුකියාවට යති. සවස ඔවුන් නිවසට පැමිණියද සුරංජිට ඔවුන් සමඟ කතා කිරීමට වේලාවක් නැත. ඒ අම්මාට ගෙදර වැඩ ගොඩ ගැසී ඇති අතර සුරංජිටද පාසලේ හා පෞද්ගලික පංතිවල අභ්‍යාස කරන්නට සිදුව තිබීම නිසාය. අම්මාත් තාත්තාත් හැම විටම කෑ ගැසුවේ දුවේ පාඩම් කරන්න, පොතක් බලාගන්න, විභාගේ හොඳට කරගන්න ආදි වශයෙනි. අම්මා දියණියකට හොඳ මිතුරියක, ගුරුවරියක විය යුතු යැයි ද පියා පුතෙකුට හොඳ මිතුරෙක්, ගුරුවරයෙක් විය යුතුයැයි කීවත් අද අම්මලාට තාත්තලාට එසේ වීමට ඉඩක් ලැබී නැත. සුරංජිගේ හා සුනිමල්ගේ අම්මාට හා තාත්තාටද එසේමය. සුනිමල්ගේ පියා ගෙදර එන්නේ මසකට වතාවකි. ඔහු දුර බැහැර රැුකියාවක් කරන්නෙකු වීම ඊට හේතුවයි. කෙසේ වුවද ඔවුන් දරුවන්ට ඉගැන්වීමට අවශ්‍ය පහසුකම් සැපයීමේදී අඩුවක් නොකර සිටීමට උත්සහ කළහ. මේ දෙමාපියන් සිතුවේ තම දරුවා අධ්‍යාපන වැඩවලට මුල්තැන දී ඇති බවය. එහෙත් එය වැරදි බව ඔවුන්ට තහවුරු වන විට සිදුවිය යුතු දේ සිදුවී හමාරය.
සුරංජිට සුනිමල් හමුවන්නේ පාසල් යන අතරතුර බසයේදීය. ඔහුද සුරංජිට වඩා වසරකින් වැඩිමහලූ පාසල් ශිෂ්‍යයෙකි. දෙදෙනා අතර කාලයක් පටන් තිබුණ දැන හැඳුනුම්කම සුරංජිගේ විභාගය අත ළඟ තිබියදී ආදර සම්බන්ධයක් බවට පත්විය. විභාගය ලියා සුරංජි ගෙදර නැවතීමට පෙර තම හිතේ තිබෙන අදහස කිව යුතු යැයි සුනිමල් කල්පනා කිරීමෙන් මෙසේ සිදුවන්නට ඇත. ඉන්පසු සුරංජිට තනිකමක් පාළුවක් දැනුනේ නැත. දෙමාපියන් ඉක්මනට ගෙදර එනවාට වඩා පරක්කු වීම හොඳ යැයි සිතෙන තරමට ඇය පත්විය. සුනිමල්ටද අමතර පංති වැඩිපුර වැටෙන තරමට හොඳ යැයි සිතුණේ ඒ කාලය සුරංජි හමුවීමට යොදාගත හැකි බැවිනි. මෙසේ දළුලා වැඩුණ ආදරයට මසක් ඉක්මයද්දී සුරංජි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියාය. ඉන්පසු නිවසින් බැහැර යාමට ඇයට හේතු සොයන්නට සිදුවිය. පුස්තකාලයට යන මුවාවෙන්, යමක් ගන්නට නගරයට යන මුවාවෙන් ඇය සුනිමල් හමුවීමට උත්සාහ කළාය. කල්යාමට මත්තෙන් මේ සම්බන්ධතාව පිළිබඳ පුවත සුරංජිගේ තාත්තාගේ කනට වැටිණ. ගෙදර පැමිණ දියණියට ගෝරනාඩු කළ තාත්තා ඇයට නිවසින් බැහැර යාම සම්පූර්ණයෙන්ම තහනම් කළේය. මවත් පියාත් පාසල් යන නැගණියත් නිවසින් බැහැර ගිය පසු ඇය නිවසේ තනි වූවාය. නිවසේ සිටින ආච්චි අම්මා සමඟ තමන් මොනවා කතා කරන්නද? ඇයට සිතුණේ එසේය. දැන් ඇයට සුනිමල් හමුවීමේ අවශ්‍යතාව වැඩි වැඩියෙන් දැනේ. සියලූ දෙනා තමන්ට එරෙහිව ගිය විට ඒ දුක කියන්නට ඇයට සිටියේ සුනිමල් පමණක් වීම එයට හේතුවයි. අන්තිමට ඇය තීරණයක් ගත්තාය. සුනිමල්ට පණිවුඩයක් යැවූ සුරංජි නිවසට හොරා පැන යාමට කතිකා කරගත්තාය. එදාත් පුරුදු පරිදි දෙමාපියෝ රැුකියාවට ගියහ. නැගණිය පාසල් ගියාය. ආච්චි අම්මා කඩයට යැවූ සුරංජි තම ඇඳුම් බෑගයත් ගෙන නිවසින් පලා ගියාය. එහෙත් ඇය තම නිවසට ගෙන යාමටද සුනිමල්ට නොහැකිය. ඒ නිසා ඔහු තාවකාලිකව කාමරයක් කුලියට ගත්තේය.
ඒ දෙමාපියන්ගෙන් සොරාගත් මුදලක් භාවිත කරමිනි. සුනිමල්ගේ දෙමාපියන් මේ සම්බන්ධතාව දැනගන්නේ ඔහු නිවසින් බැහැරව ගිය පසුවය. මේ සිදුවීමෙන් කෝපයට පත් දෙපාර්ශවයේම දෙමාපියෝ පොලිසිවලට පැමිණිලි කර තම දරුවා මිය ගියා සේ සලකන බව පවසමින් අමතක කර දැමූහ. තමන් මේ තරම් විශ්වාස කළ මේ තරම් අගහිඟයක් නැතිව අවශ්‍යතා පිරිමැසුව දරුවන් තමන්ට බොරු කිරීම ගැන ඔවුන්ට දුකක් ඇතිවීම වගේම සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම එයට හේතුවන්නට ඇත.
කෙසේ වුවද ටික කලකින් කඩයක රස්සාවක් සොයාගත් සුනිමල් සුරංජිද සමඟ සතුටෙන් තම විවාහ ජීවිතය ඇරඹුවේය. ඔවුන්ට දරුවෙක්ද ලැබිණ. දැන් නිවසේ අවශ්‍යතා පිරිමැසීමට සුනිමල්ගේ ආදායම ප‍්‍රමාණවත් නැත. ඒ නිසා අගහිඟකම් වැඩිය. සැප විඳ පුරුදු සුරංජිට දැන් මේ ජීවිතය අමිහිරිවීමට පටන් ගත්තේය. එසේම සියලූ පහසුකම් සහිතව කිසිම වගකීමකින් තොරව ජීවත් වුණ සුනිමල්ටද දැන් දරු පවුලක වගකීමක් දරන්නට සිදුවීම දරාගත නොහැකිය. ඔවුන්ට උපදෙස් දීමට වැඩිහිටියෙක්ද නැත. ඒ දෙදෙනාගේම දෙමාපියන් ඔවුන්ව අතහැර දැමීම නිසාය. ඒනිසා උපදේසයක් ලැබුණා නම් ඒ සුනිමල්ගේ වැඩපළේ කාගෙන් හෝ පමණි. නැත්නම් ඔහුගේ මිතුරන්ගෙන් පමණි. සුරංජිට ඇගේ අසල්වැසි මිතුරියන්ගෙන් උපදෙස් ලැබිණ. එහෙත් ඒවා කිසිවක් පරිණත අත්දැකීමක් සහිත වැඩිහිටියෙකුගෙන් ලැබෙන උපදෙස් නොවිණ. ඒ නිසා සුනිමල් බීමටද අබ්බැහි වූයේය. දැන් ගෙදර නිතර අඩදබරය.
මේ විදිහට අවුරුදු පහක් ගත විය. දරුවා මොන්ටිසෝරි යන වයසටද පැමිණ ඇත. ඒ නිසා දැන් වියදම තවත් වැඩිවී ඇත. දැන්නම් සුරංජි මේ ජීවිතය ගෙවන්නේ බැඳගත්ත බෙරේ ගැසීමක් ලෙස හැර අන් කිසිවක් නිසා නොවේ. රක්ෂණ නියෝජිතයෙක් සුරංජිලාගේ නිවසට පැමිණෙන්නේ මේ අල්ලපනල්ලේය. රක්ෂණයක වැදගත්කම ගැන ඔහු මොනවා කිව්වද රක්ෂණ ගිවිසුමකට එළැඹීමට තරම් ඔවුන්ට වත්කමක් නැත. ඇය ඒ බව රක්ෂණ නියෝජිතයාට කීවාය. ඔහු කඩවසම් තරුණයෙකි. සුරංජිද දුක විඳ තරමක් වැහැරී සිටියද ඇගේ සුන්දර පෙනුම තවමත් දැක ගත හැකිය. සුරංජිගේ දුක අසා ඇය කෙරෙහි අනුකම්පා උපදවා ගත් රක්ෂණ නියෝජිතයාට යළිත් ඒ පාරෙන් යන අතුරතුර දරුවාද සුරතල්කර බලායාමට සිත්විය. ඒ නිසා නැවත දිනක ඔහු සුරංජිගේ නිවසට ගියේය. මෙලෙස වතාවක් දෙවතාවක් පැමිණ පසු ඔහු එන්නේ තමා වෙනුවෙන් බව වටහා ගැනීමට සුරංජිට හැකිවිය. විටින් විට සුරංජිගේ නිවසට යන්න එන්නට වූ රක්ෂණ නියෝජිතයා මේ දුක විඳින්නේ නැතුව තමා සමඟ යන්නට එන්නැයි ඇයට ආරාධනා කළාය. දුක විඳ තිත්ත වී සිටි ඇයට මෙය සුරලොව යාමට කතා කිරීමක් සේ දැනෙන්නට විය. දියණිය දමා යාම සිතට තරමක දුකක් දුන්නද පළමුව තමා ගැන සිතූ ඇය දරුවා පෙර පාසලට ඇරළවා රක්ෂණ නියෝජිතයා සමඟ පළා ගියාය. සුනිමල් දරුවා සමඟ තනිවිය. සුරංජිව සොයාගැනීමට නොහැකි වූ කළ ඔහු පොලිසියට පැමිණිල්ලක් දැමුවේය.
දරුවන් ගැන නොබැලූ මව්පියන් නිසා මේ යුවතිය අමාරුවේ වැටුණා.
මේ පැමිණිල්ල මෙහෙයවීමට උප පොලිස් පරීක්ෂක තනූජා අබේසිංහට සහය වූ හෝමාගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක රණබාහු මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.
මේ ප‍්‍රශ්නයට බලපාන කාරණා කිහිපයක්ම තියෙනවා. එකක් අද පවතින සමාජ තත්ත්වය. විශේෂයෙන්ම දෙමාපියන්ට දරුවන් සමඟ ජීවත්වීමට කාලයක් නොමැතිවීම. ඒ නිසා දරුවන් මොනවා කරනවාද කියලා දෙමාපියන් දන්නේ නැහැ. දැන් දෙමාපියන් දරුවන්ට හදිසියකට පාවිච්චි කරන්න කියලා ජංගම දුරකථන ලබාදෙනවා. ඒවාත් දුරකථන සම්බන්ධතාවක් පවත්වා ගැනීමට සෑහෙන ඒවා නෙවෙයි. අන්තර්ජාල පහසුකම් සහිත නවීනතම ඒවා. මේවා නිසාත් දරුවන් අධ්‍යාපනයෙන් බැහැර වෙලා නොමඟ යනවා. මේ කිසිවක් දරුවන්ට ගැළපෙන්නේ නෑ කියලා අපි කියන්නේ නැහැ. නමුත් දෙමාපියන්ට දරුවන් ගැන සොයන්න කාලයක් නැති තත්ත්වයක් තුළ මේ දේවල් වැරදි දේවල්වලට යොදා ගැනීමට තියෙන ඉඩ වැඩියි. මෙතනදීත් දෙපැත්තේම දෙමාපියන් දරුවා ගැන බැලූවේ අවශ්‍යතාවන් මිල මුදල්වලින් සම්පූර්ණ කිරීම කියන පැත්තෙන් විතරයි. ඒ නිසා ඔවුන් ඔවුන්ගේ ලෝකයක තනිවුණා. ඊට පස්සේ පළමු වැරැුද්ද සිදුවූ ගමන් දෙමාපියෝ ඔවුන් සම්පූර්ණයෙන්ම අතහැර දැමුවා. ඒ නිසා පවුල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය උපදෙසක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඔවුන් පවුල් ජීවිතයක් ගත කිරීම ආරම්භ කරන්නේ පවුල් ජීවිතයක් නෙවෙයි ආදරය කියන්නේ මොකක්ද කියලාවත් හරියට අවබෝධයක් ගන්න බැරි වයසකදීයි. ඒ නිසා දරුවෝ ලැබිලා අගහිඟකම් වැඩි වෙනකොට ප‍්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නකොට ඒවා තේරුම් බේරුම් කරගන්න ඔවුන්ට බැරි වෙනවා. මේ ප‍්‍රශ්නයට මුල ඒකයි. දරුවන් අපි කියන දේ අහන්නේ නැතිව හිතුවක්කාරකම් කරනවා තමයි. ඒත් අත්දැකීම් ඇති දෙමාපියන් කළ යුත්තේ වරදට උඩගෙඩි දීම වෙනුවට ඔවුන්ගේ ජීවිතය තවත් අඳුරට පත් නොවී පවත්වාගෙන යාමට සහය ලබාදීමයි. නමුත් අද සිදු නොවන්නේම මෙයයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මව්පියන්ගේ නොසැලකිල්ලෙන් ජීවිතය අඳුරු කරගත් දියණියක්
ශානිකා Saturday, 10 October 2015 10:11 AM
අම්මලා දරුවෝ ගැන මිට වඩා උනන්දු වෙනවානම් දරුවෝ හදාගන්න පුළුවන්. දරුවන්ට යාලුවෙක් වෙන්නම ඕනේ. නැත්නම් එයාලව හදාගන්න බැරි වෙනවා. (ර)
නිරෝෂ් Wednesday, 14 October 2015 08:31 AM
අපි හැමෝටම හොද පාඩමක්. ජීවිතේ කියන්නේ සෙල්ලමක් නෙමෙ. අම්මා, තාත්ත තරම් අපට කවූරුත්ම ආදරේ නෑ යාලුවනේ. එයාලගේ මුළු ලෝකයම අපි. (ර)
මාලා Friday, 09 October 2015 09:12 PM
මටත් සත්‍ය කතාවක් පවසන්න තිබෙනවා. එමඟින් සමාජට යමක් දීමට හැකිවේවී කියා සිතනවා.ඒ සඳහා මට අවස්ථාවක් ලබාදෙන්න (නි)
නුවන් Saturday, 10 October 2015 01:42 AM
හොඳ කතාවක් (නි)