දේශපාලන වංශකතාවේ සේනානායක පරපුර අමරණීය වන්නේ, ඔවුන් මහත්වරුන්ගේ දේශපාලනය රටට හඳුන්වා දුන් නිසාය. ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතා ‘ජාතියේ පියා’ විය. ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා ‘බත් දුන් පියා’ විය.
මීරිගම, බෝතලේගම නිජබිම කොට උපන් දොන් බර්නල් ඩියු සේනානායක, සේනානායක පරපුරේ මෑත යුගයේ පැරැන්නාය. ඔහුගේ පුත් දොන් ස්පේටර් සේනානායක මුදලිතුමාය. වැවලි කර්මාන්තයට මිරිස් කර්මාන්තයට යොමු වූ මෙතුමා කෙහෙල්ඇල්ල වලව්වේ කැතරින් එලිසබෙත් පෙරේරා ගුණසේකර සමග විවාහ විය. ඔවුනට දොන් චර්ල්ස්, ෆෙඩ්රික් රීචඩ්, දොන් ස්ටීවන් යන පුතුන් තිදෙනකු හා මේරි ප්‍රාන්සස් නමින් දියණියක් ද වූවාය. ජනතාව ඔවුන් හැඳින්වූයේ ඩී.සී., ඇෆ්.ආර්., ඩී.ඇස්. යන නම්වලිනි. ලංකාවේ අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කළේ ඔවුන්ය. ඉතා දැවැන්ත, ශක්තිමත් සේනානායක පවුල් ගසේ දේශපාලනයේ අන්තිම පුරුක් වූයේ රුක්මන්, රුවන්, වසන්තයි. මෙයින් රුවන් හා වසන්ත තවමත් ක්‍රියාකාරි දේශපාලනයේ යෙදෙන අතර, රුක්මන් හදිසියේම ජීවිතයෙන් සමු ගත්තේය.
රුක්මන් සේනානායක, ඩී.ඇස්. සේනානායක (ජාතියේ පියා) ගේ මුනුපුරා වූ අතර, රුවන් හා වසන්ත මීමුනුපුරෝ වූහ.
1948 ජුනි 21 වැනිදා රුක්මන් සේනානායක මෙලොව එළිය දුටුවේය. ඔහුගේ පියා රොබට් පරාක්‍රම සේනානායකයි. මව ස්වර්ණා නීලා මැතිනියයි. ඔවුන්ගේ දූ දරුවෝ දේවින්ද, රංජනී, රංජිත්, රුක්මන්, යස්මින් නමින් වූහ. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රුක්මන් සේනානායක පසුව ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබීය. තම සීයා (ඩී.ඇස්.) හා මහප්පා (ඩඩ්ලි) අධ්‍යාපනය ලැබුවේ ද එහිය.
කුඩා කල තම මහප්පා වන ඩඩ්ලි සේනානායක මහාතගේ ඇඟිල්ලේ එල්ලී දේශපාලන රැස්වීම් බලන්නට ගිය රුක්මන්, මහප්පාගේ අභාවයෙන් පසු දැදිගම ආසනයට පත්වූයේ බිහිසුණු සටනකින් ජය ගනිමිනි.
දැදිගම අතුරු මැතිවරණය පැවැත්වූයේ 1973 ජුලි 9 වැනිදාය. ඔහු සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන ලද්දේ ධර්මසිරි සේනානායක මහතාය.
දැදිගම අතුරු මැතිවරණය රාජ්‍ය බලය උපරිම ලෙස යෙදවූ තීරණාත්මක එකක් විය. බිය ගැන්වීම්, පහරදීම්, දේපළ හානි නාමයෝජනා භාර දුන් දවසේ පටන් සුලබ සංසිද්ධි විය. භීෂණය, දූෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය ඉහවහා ගිය මෙම මැතිවරණය එකම යුද්ධයක් විය.
අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා දැදිගම, කෑගල්ල පොලිසිවලට නියෝග නිකුත් කරන්නට වීම නිසා පොලිසිය අසරණ විය. රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු වාහන ප්‍රසිද්ධියේ ඡන්ද වැඩට යොදා ගත්තේය. කොළ පාට කොඩියක්, ඡන්ද කාර්යාලයක් පෙනෙන්නට තිබුණේ නැත.
අවසානයේ රුක්මන් සේනානායක දැදිගම අසුන වැඩි ඡන්ද 4,509කින් ජයග්‍රහණය කළේය. ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව 23,306කි. 1970 දී ඩඩ්ලි දිනුවේ ඡන්ද 19,513කිනි. එතැන් පටන් ඔහුගේ දේශපාලන ජීවිතය පුරාම තිබුණේ සටන්ය.
මහප්පාගේ ඇවෑමෙන් දැදිගම මන්ත්‍රීවරයා වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් අතර ඉතාම ජනප්‍රිය පුද්ගලයා රුක්මන්ය. වරෙක ජේ.ආර්. රැස්වීමක් අමතමින් සිටියදී එතැනට රුක්මන් ගිය අවස්ථාවේ රැස්ව සිටි පිරිස ජේ.ආර්.ගේ කතාව ඇසීම පසෙකින් තබා ‘දැදිගම මන්ත්‍රීතුමාට ජය වේවා’ කියන්නට වූහ. තවත් අවස්ථාවක කොල්ලුපිටියේ සිරිකොත මන්දිරයේ එ.ජා.ප. රැස්වීමකදී රුක්මන් පැමිණි විටකදී පාක්ෂිකයන් කෑගැසුවේ ‘නායකතුමාට ජය වේවා’ කියා නොව ‘රුක්මන්ට ජය වේවා’ කියාය.
එ.ජා.ප. නායකයා සහභාගි වන රැස්වීමකට නායකයා ඒමට පෙර සියලුම මන්ත්‍රීවරුන් හා සංවිධායකයන් පැමිණිය යුතු යැයි ජේ.ආර්. නියෝගයක් ගෙන ආවේ මේ හේතුව නිසාය.
ජේ.ආර්. ජයවර්ධන මහතා එ.ජා.ප. නායකයා ලෙස පත්වීමෙන් පසු ඩඩ්ලි සේනානායක ප්‍රතිපත්ති වෙනුවට ජයවර්ධන ප්‍රතිපත්ති හැඳින්වූයේ යැයි චෝදනාවක් නැගුණි.
කෝට්ටේ සංවිධායක ජිනදාස නියතපාල, ගාමිණී ජයසූරිය, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, මහනුවර දොස්තර සී.ඩී.ඇල්. ප්‍රනාන්දු, කුණ්ඩසාලේ ආර්.පී. විජේසිරි, රත්තොට චන්ද්‍රසේන මුණවීර, සිරිපාල පාදුක්ක, ඔසී අබේගුණසේකර, රුක්මන් වටා සිටි පිරිසේ ප්‍රබලයෝ වූහ.
එ.ජා.ප. නායකයා විසින් සිරිකොතේදී සේනානායක යොන් මැරිල්ලක් මෙසේ සිදු වෙමින් තිබියදී අපූරු සිදුවීමක් සිදු විය.
කලාවැව අතුරු මැතිවරණයට අනුර බණ්ඩාරනායකට ශ්‍රී.ල.නි.ප.යෙන් නාමයෝජනා ලැබුණොත්, එ.ජා.ප.ය තරග නොකර සිටිය යුතු යැයි ජේ.ආර්. යෝජනාවක් ගෙනාවේය. මෙය වූයේ 1975 ජුලි 23 වැනිදා කොල්ලුපිටියේ සිරිකොත මන්දිරයේදීය.
මේ යෝජනාවට රුක්මන් සේනානායක, සූරියප්පෙරුම, නියතපාල ආදිහු විරෝධය පළ කළහ. එයින් සිදු වූයේ, රුක්මන්, නියතපාල හා සූරියප්පෙරුමගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වීමයි. ඉන් පසු පක්ෂයේ විශාල දෙදරුම්කෑමක් ඇති විය. රුක්මන්, ජේ.ආර්. සමග දේශපාලන විරහය ඇති වූයේ ඉන් පසුවයි.
ජේ.ආර්. විසින් රුක්මන් සේනානායක එ.ජා.ප.යෙන් ඉවත් කළ පසු, රුක්මන් එ.ජා.ප. සේනානායක හිතවාදින් එකතු කොට ‘ඩඩ්ලි පෙරමුණ’ නමින් සංවිධානයක් පිහිටෙව්වේය. එහි ප්‍රථම සාකච්ඡාව පැවැත්වූයේ 1976 නොවැම්බර් මාසයේ මුල් සතියේය. ඩඩ්ලි පෙරමුණ පසුව ‘එක්සත් ලංකා ජනතා පක්ෂය’ බවට පත්වුණේය. එහෙත් එය සාර්ථක වූයේ නැත. ප්‍රේමදාස මහතා ජනාධිපති බවට පත්වීමෙන් පසු රුක්මන්ට යළිත් එ.ජා.ප.යට එක්වන ලෙසට ආරාධනා ලැබුණි. ඒ අනුව, රුක්මන් එ.ජා.ප.යේ පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රීවරයා විය. 1994 අගෝස්තු 16 වැනිදා පැවැති මහ මැතිවරණයේදී දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ලබාගත් මන්ත්‍රීවරයා වූයේ ඔහුයි. පොලොන්නරුවෙන් පසු කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වූ ඔහු, පාරිසරික, ස්වභාවික සම්පත් ඇමැතිවරයා විය. එක්සත් ජාතික පක්ෂයේ සභාපති, උපනායක ආදි තනතුරු දැරූ ඔහු චන්ද්‍රිකා මැතිනිය රජය විසුරුවා හැරීමෙන් පසු දේශපාලනයෙන් සමුගත්තේය.
වනෝද්‍යානවල ජීවිතය ගත කිරීම රුක්මන් කුඩා කල සිටම කරගෙන ආ පුරුද්දකි. යාල වරහන බංගලාව රුක්මන් පරිසර ඇමැතිවරයා කාලයේ ඉදිකරන ලද්දකි. සෑම වනෝද්‍යානයකම රුක්මන් ඇමැතිවරයා වශයෙන් සිටියදී ඉදිකළ මොන යම් හෝ ඉදිකිරීමක් දැකිය හැකිය. ජීවිතයේ කිසි දිනෙක මස් මාංශයක් අනුභව නොකළ මේ අපූරු මිනිසා සතුන්ට දැක්වූයේ අසීමිත ආදරයකි. ඔහු ඉඩකඩම් පමණක් නොව යාන වාහන පවා දන් දුන්නේය. බොරැල්ලේ වුඩ්ලන්ඩ් මන්දිරයේ තිබූ පාරම්පරිකව උරුමව තිබූ වටිනා ගෘහභාණ්ඩ පවා දන් දුන්නේය. ආගමට දහමට ළැදි ඔහු සෑම විටම මහා සංඝරත්නයේ දුක සැප සොයා බැලූ අයෙකි.
තම මහප්පා වූ ඩඩ්ලි සේනානායක මහතා මියගිය දිනය වෙනුවෙන් සෑම අප්‍රේල් මසකම 13 වැනිදා හෝ 14 වැනිදා ඥාතීන්ට පින් පතා විශාල දානමය පින්කමක් කිරීම ඔහුගේ සිරිතක්ව තිබුණි.
මේ මහා පරිසරවේදියාට නිවන් සැප ලැබේවා.
(***)
පී.ඇම්. සේනාරත්න
පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම්
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහත්මා දේශපාලනයේ සලකුණක් වූ රුක්මන් සේනානායක
M. SAMAN PERERA Tuesday, 27 August 2024 10:34 AM
මහත්මා ගති ඇති දේශපාලනයේ එක් පුරුකක්... ඔබට සුබ ගමන්...
chandima Friday, 30 August 2024 12:46 AM
වික්‍රමසිංහලා, ජයවර්ධනලා එජාපයේ සේනානායක වරුන්ගෙන් පැහැරගත්තේ නැතිනම් අදටත් ලංකාවේ ප්‍රබලම පක්ෂය ලෙස ඔබතුමාට මහත්මා දේශපාලනයේ යෙදෙන්න තිබුණා. නමුත් අපේත් රටේත් අවසන් වරට එක්සත් ජාතික පක්ෂයත්, මහත්මා දේශපාලනයත් අභාවයට ගියා. ගියා නෙවෙයි ඇදලා දැම්මා. අද අපි ඒකෙ විපාක විඳිනවා. ඔබතුමාට නිවන් සුව ලැබේවා... නොඑසේනම් නිවන් සුව ලැබීමට පෙර මහත්මා දේශපාලනයේ යළි සිථාපිත වූ පසුව ලක් භූමියේ නැවත ඉපදීමට ලැබේවා... !