හර්ෂණ තුෂාර සිල්වා
ධීවරයන් සාගරයට මුදා හරින ප්ලැස්ටික් ප්‍රමාණය ඉතා අධික බැවින් එය නැවැත්වීමට ස්ථීරසාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර උපදේශක සභාවට උපදෙස් දී ඇත.
මේ අනුව ධීවර යාත්‍රාවල රැගෙන යන ප්ලාස්ටික් ප්‍රමාණය පරීක්ෂා කිරීම, රැගෙන යන ප්ලාස්ටික් ප්‍රමාණය සීමා කිරීම, නිසි උපදෙස් පිළිනොපදින ධීවර යාත්‍රාවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ආදී යෝජනා ධීවර උපදේශක සභාවට ඉදිරිපත් වී තිබේ.
සාගරයට එකතුවන ප්ලාස්ටික් සහ පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය ප්‍රමාණය හැකිතාක් අඩු කිරීම සඳහා කඩිනමින් ස්ථීර වැඩපිළිවෙළක් සැකසීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි දැනටමත් පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය සඳහන් කළේය.
ධීවරයන්ගෙන් දිනකට මුහුදට එක්වන ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 6ත් 10ත් අතර බව සඳහන් කරන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය ඒ හේතුවෙන් ශීඝ්‍ර වේගයකින් මුහුදු සම්පත විනාශ වෙමින් තිබෙන බව ද පෙන්වා දෙයි.
මේ තත්ත්වයට ධීවරයන් පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලු දෙනාම වගකිව යුතු බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවැසීය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ ද කීය.
“ධීවරයන් පමණක් නෙමෙයි ලංකාවේ සියලු දෙනාම මේ තත්ත්වයට වගකිව යුතුයි. සාගරයට අපද්‍රව්‍ය මුදා හරින රටවල් අතර අපි පස් වැනි තැනට පත්වෙලා. අපේ මිනිස්සු කසළ බැහැර කරන්න තෝරාගෙන තිබෙන්නේ අපේ ගංඟා. අපි අද ලෝකයට විස බෙදා හරින තැනක් බවට පත්වෙලා.
ප්ලාස්ටික් පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය එකතු වීමෙන් ලංකාවට අයත් සාගරය වගේම සමස්ත ඉන්දියානු සාගරයේම සාගර ජෛව විවිධත්වය අවදානමකට ලක්වෙනවා. අපේ රටේ ගංඟා 103ක් තිබෙනවා. අපේ මිනිස්සු ගංඟාවලට කසළ බැහැර කරනවා. ධීවරයන් පමණක් නෙමෙයි, රටේ සියලු දෙනාම ඊට වගකිව යුතුයි. මහනුවරින් බැහැර කරන කුණු පවා එකතු වෙන්නේ සාගරයට. කොරොල් පර මත පොලිතින් හා ප්ලාස්ටික් රැඳෙනවා. ඒ නිසා කොරොල් පරවලට ඉර අව්ව වැටෙන්නේ නැහැ. අපද්‍රව්‍ය නිසා කොරොල් පර හදන්න උපකාරී වන මුහුදු ජීවින් පවා විනාශ වෙනවා. මේ දේවල් නිසා කොරොල් පර නිෂ්පාදනය වීම නවතිනවා.
මේ දේවල් නිසා දරුණු සෞඛ්‍ය සහ පාරිසරික හානියක් ඇතිවෙලා තිබෙනවා. පොලිතින් සහ ප්ලාස්ටික් නිසා ජලයේදී විස නිපදවෙනවා. මාළු බිත්තරවලටවගේම මත්ස්‍යයන් සමඟ විස මුහුවෙනවා. අපි මත්ස්‍ය අපනයනයේ යෙදෙනවා. අවසානයේදී අපි අපනයන කරන්නේ විස සහිත මසුන්. අපි තවමත් සිටින්නේ පසුගාමී තත්ත්වයක. කසළ බැහැර කිරීම, පොලිතින් භාවිත කිරීම සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල් විවිධ අත්හදා බැලීම් කරනවා. පරිසරයට හිතකර අයුරින් කටයුතු කරනවා. ඊට අදාළ නීතිරීත අනුගමනය කරනවා. එහෙත් අපි එහෙම නැහැ. මෙය මහා ඛේදවාචකයක්” යැයි ද ඔහු තවදුරටත් කීය.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුහුදට කුණු දැමීම ලොකු ප්‍රශ්නයක්
apo Friday, 16 June 2017 05:08 PM
අනේ මන්දා මේ ප්‍රශ්න කවදා ඉවර වෙයිද කියල
chaminda Saturday, 17 June 2017 02:36 AM
වැඩි වශයෙන් මුහුදට අපද්‍රව්‍ය එකතු කරන්නේ ඉන්දියාවෙන් , ඒවා දිය පාරවල් සමග විවිධ පති වලට යනවා , ලංකාව ළඟම රට නිසා බලපෑම වැඩියි.
nandaka Saturday, 17 June 2017 05:15 AM
අපේ කර්මාන්තශාලා වල අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රනයකර මුදාහැරීම සිදුවන්නේ කලාතුරකින් පරිසරයට ආදරය කරන මිනිහෙක් මහා පුටුවේ හිටියොත් පමනයි. නැත්නම් ඒසඳහා වන විදුලි ඇතුළු අනෙකුත් ලක්ෂ ගණනක වියදම් කපා හැර ලාබ ලැබීමට විශේෂයෙන්ම වැහි කාලයෙදී රසායනික අපද්‍රව්‍ය ඇළ දොළ ගංගා වලට නිදහස් කිරීම ලංකාවේ සාමාන්‍ය දෙයක්. කැළණි ගඟට එක්වෙන රුවන්වැල්ල ගෝනගල මාපිටිගම ඇලෙන් මීට වසර 10 කට පමණ පෙර නිදහසේ තම ජල අවශ්‍යතා ඉටුකරගත් මිනිස්සු වතුරට ඇඟ කසන නිසා දැන් ඇලට බහින්නේත් නැහැ. හිටපු මාලුවොත් නැහැ. හේතුව ඇළ උඩහ .......කර්මාන්තශාලාවෙන් ඇලට "ජරාව" එකතුවෙනවා කියල මිනිස්සු දන්නවා. එත් ඒ "ජරාව" (chemical waste ) කොච්චර දරුණුද කියල ඒ අසරණ මිනිස්සුන්ට ලොකු අවබෝදයක් නැහැ බලන්න හොයන්න නිසි අවංක බලදාරියොත් නැහැ. බුදුහාමුදුරුවොත් ජලයට අඩුම තරමේ කෙල බිඳක්වත් හෙලන්න එපා කියල වදාරලා තියෙන්නේ එහි ප්‍රතිවිපාක වලින් මිනිසුන්ට දරුණු ප්‍රතිපල අත්වෙන නිසා. අද අපි අත්විඳින්නේ ඒ හේතුපල දහමම තමයි !
athula Sunday, 18 June 2017 06:41 AM
හොදින් හෝ නරකින් මිනිසුන්ට මෙම විනාසය ගැන දැනුවත් කිරීම කලයුමයි එහෙම නොවුනොඅහොත් අපි සැමට මෙම ලෝකය අහිමි වෙන දිනය අතලගයි අද මාලුන්ටත් පිලිකා හැදෙනවා මෙහෙම ගියොත් ලෝකෙයට අත්වන ඉරණම කුමක් වේවිද ?
[email protected] Sunday, 18 June 2017 06:43 AM
මුහුදට කුනු දාන එක හොද නෑ. ඒත් අපේ රටේ මිනිස්සු කුනු හින්ද විදින දුක් දැක්කම මේ වෙලාවෙ හැටියට කරන්න තියෙන්නෙ කුනු මුහුදට දාන එක තමයි. ලොකෙම මුහුදට කුනු දානවනන් අපි විතරක් නොදා ඉදල වැඩකුත් නෑ. පොලිතින් කියන මාරය තහනම් කරනකන් මේකෙන් ගැලවීමක් නෑ.
දිලිප් මාතර Sunday, 18 June 2017 11:55 AM
ලංකාවේ ධිවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ඉඳල පහළට ඉන්න නිලධාරින් එක්කෙනෙක්වත් ධීවර කටයුතු ගැන සාර්ථක දැනුමක් තිබෙන අය නෙමෙයි.. මෙවැනි නිලධාරින් ඉන්න ආයතනයකින් ධීවරයන්ට සහ රටේ ජනතාවට කිසිම යහපතක් වෙන්නේ නැහැ. ධීවරයන් හෝ මත්ස්‍ය සම්පත නගාසිටුවන්න කිසිම සාර්ථක සැලැස්මක් හෝ අදහස් මොවුන් සතුව නැහැ. මොවුන් දන්නේ තමන්ගේ රැකියාවේ පහසුවට නව නීතිරීති ඇතුලත් කර පුටු රත්කරමින් කාලය ගෙවා වැටුප් ලබාගැනීමට පමණයි.. වර්තමාන ඇමතිතුමා මේ ගැන අවධානය යොමුකළොත් හොඳයි.. විශේෂයෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල් ලඟට ගිහින් කිසිම ප්‍රශ්නයකට පිළිතුරක් ලබාගන්න බැහැ. ධිවර දෙපාර්තමේන්තුව තියෙන්න ඕන ධීවරයන්ගේ කටයුතු කිරීමට මිස නිතරම විවිධ නීති යොදා ඔවුන්ව අපහසුවට පත්කිරීමට නොවෙයි.. ලංකාවේ ධිවර දෙපාර්තමේන්තුව සහ නිලධාරින් වැඩ කරන්නේ ඔවුන්ට හිතෙන හිතෙන හැටියටයි..