IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


මුහුදට කුණු දැමීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉහළම තැනක්

ලෝක පරිසර දිනය  ජුනි 05 වැනිදාට යෙදී ඇත. මෙවර පරිසර දින තේමාව වන්නේ පල්ස්ටික් භාවිතය අවම කරමු  යන්නයි. මෙවර ජාත්‍යන්තර පරිසර දින උත්සවයේ සත්කාරක රට වන්නේ ඉන්දියාවයි.  ලංකාව ද මේ වන විට ලෝක පරිසර දිනය සැමරීමට සූදානම් වන අතර මෙම ලිපිය පරිසර දින තේමාව සහ අප සිටින්නේ  කොතැනකද යන්න තේරුම් ගැනීම සඳහාය. 

මුහුදුට ප්ලාස්ටික් ඇතුලු   ඝණ අපද්‍රව්‍ය වැඩියෙන්ම බැහැර කරන රටවල් විස්ස අතුරින් මෙවර පස්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.  ‘ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස්‘  (Intranational Busness Times ) සඟරාව කළ පර්යේෂණයකට අනුව එහි  එමියි නොර්ඩම් (Amy Nordum ) පෙන්වාදෙන ආකාරයට ලොව පුරා  රටවල් 192ක් පිළිබඳ අවධානය යොමු කර මෙම පරීක්ෂණය සිදු කර තිබේ.    එම රටවල් 192 අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අප ද්‍රවය මුදහරින ප්‍රධාන රටවල් 20 ලැයිස්තු ගත කර තිබෙන අතර එහි ලංකාවට හිමිව ඇත්තේ පස් වැනි ස්ථානයයි.

 එම ලැයිස්තුව පහත දැක්වේ.

ස්ථානය

 මුහුදට වැඩි වශයෙන් කුණු දැමූ රටවල්

 වසරකට දමන මෙට්‍රික් ටොන් ප්‍රමාණය

01

චීනය

8'82

02

ඉන්දුනීසියාව

3'22

03

පිලිපීනය

1'88

04

වියට්නාමය

1'83

05

ශ්‍රී ලංකාව

1’'59

06

තායිලන්තය

1'03

07

ඊජිප්තුව

0'97

08

මැලේසියාව

0'94

09

නයිජීරියාව 

0' 85

10

බංගලිදේශය

0'79

11

දකුණු අප්‍රිකාව 

0'63

12

ඉංදියාව

0'6

13

ඇල්ජීරීයාව

0'52

14

තුර්කිය 

0'49

15

පාකිස්තානය

0'48

16

බ්‍රසීලය

0'47

17

බුරුමය 

0'46

18

මොරොක්කෝව

0'31

19

උතුරු කොරියාව 

0'3

20

ඇමරිකා එක්සත් ජනපදය

0'28

 

එකතුව

26'5

(INTERNATIONAL BUSINESS TIMES/HANNA SENDER)

මෙම සඟරාව පෙන්වා දෙන පරිදි වසරකට    ප්ලාස්ටික් හා   දිරා නොයන අප ද්‍රව්‍ය    ටොන් මිලියන 13 කටත් වඩා ලොව පුරා සාගර පරිසර පද්ධතියට එකතුවේ. එයින් 80%ක්     එකතු වන්නේ රටවල් 20 කින් පමණ බව මෙම පර්යේෂණය මගින් පෙන්වා දී ඇත. චීනය විසින්  සාගරයට මුදා හරිනු ලබනු ලබන ප්ලාස්ටික් හා දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රමාණය 30%කි.

එලෙස මුහුදට කැළිකසල එකතු වන්නේ එම රටවල ඇති කසළ කළමනාකරණයේ දුර්වලතා නිසාය.  ප්ලාස්ටික් හා   දිරා නෙයන අප ද්‍රව්‍ය නිසා ලොව පුරා සාගර වල වෙසෙන සත්ත්ව හා ශාඛ විශේෂ අධික ලෙස විනාශ වීමට පටන් ගෙන තිබේ. එය මෙම දශකය තුල හා ඉදිරියේදී ලොව මුහුණ දෙන බරපතල ගැටලුවක් බවට දැනටමත් පත්වී හමාරය.

‘ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස්‘  (Intranational Busness Times ) පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන සෑම පුද්ගලයෙකුම දිනකට (නිෂ්පාදිත කුණු ජනගහණය අනුව බෙදා බැලීමේදී) කුණු කිලෝ 5.1ක් පරිසරයට මුදාහරින අතර මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය පමණක් ග්‍රෑම් 300ක් පමණ වන බවයි.

ඒ අනුව දිනකට රටතුල ගොඩ ගැසෙන ප්ලාස්ට්ක් හා නොදිරන කසල ප්‍රමාණය  කිලෝ ග්‍රෑම් 5163689  වන අතර දිනකට පරිසරයට එක්වන මුළු කසළ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 74297687 ක් පමණ වේ.

අප භාවිතයට ගන්නා ප්ලාස්ටික් දිරායාම සඳහා වසර ගණනාවක් ගතවේ. අද අප භාවිතා කරන   ප්ලාස්ටික් ජල බොතලයක් සමිපුරණයෙන් දිරායමට  වසර 450ක් පමණ ගත වේ.  

2017 වර්ෂයේ බීබීසීහි    Seven charts that explain the plastic pollution problem  හිසින් පළවු ලිපියට අනුව  ප්ලාස්ටික් බොතල් දිරායාමට වසර 450 පමණවත් අවම වශයෙන් ගත වන අතර ස්ටයිරොෆොම්හා වසර 50ක්, ඇලුමෙනියමි කෑන් සහා වසර 200ක් ද, කුඩා දරුවන්ට අන්දන නැපි සහා වසර 450ක් ද ගතවේ.

මේ අනුව ප්ලාස්ටික් යනු ලොව  බරපතල පාරිසරික අර්බුදයකට ගෙන ය    නිෂ්පාදිතයක්ය. එම නිසාම ලොව පුරා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය   කිරීම ආරම්භ කර ඇති අතර රටක් ලෙස අප කුණු කඳු මත ගොඩ ගසා පසුව ගංවතුර හා ගංගා ඔස්සේ මුහුදට බැහර කරනු ලබයි .

ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණයට නිසි වැඩ පිළිවළක් නොමැති අතර දිනේන් දින ගොඩ ගැසෙන කුණු රට තුල දැවැන්ත අර්බුදයක්   නිර්මාණය කර ඇත. රටේ දේශපාලන අධිකාරිය  කොළඔ ගොඩ ගැසෙන කුණු විල්පත්තු රක්ෂිත මායිමට ගෙනයාමට මේ වනවිට සුදානම් වෙමින් ඇත.

එමෙන්ම  මුහදට ප්ලාස්ටික් හා නොදිරන කසල දැමිම  2025 වන විට  ලංකාව තුල බරපතල ලෙස ඉහළ යනු ඇති බව පෙන්වාදෙන ‘ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස්‘  (Intranational Busness Times )  සගරාව එය  වසරකට මෙට්‍රික් ටොන් 1.92ක් බවට පත්වීමේ අවධානමක් ඇති බව තහවුරු කර ඇත.

පොලිතින් හා ප්ලාස්ටික් භාවිතා කරමින් තම රටත් මහා සාගරයත් විනාශ කරන මිනිසුන් සිටින රටක, කුණු කන දේශපාලකයන් විසින් හෙට දින ලොව පළමු තැනට කුණු වූ රට ලෙස  f,daක වාර්ථාවට  ලංකාව ඔසවා තබන තුරු   නායකන් හා පාලකයන්ගේ නරිවාදන්  අසමින් නිහඩව සිටින මිනිසුනි,  අපට සිදුවන්නේ කුමක්ද තේරුම් ගැනීමට මෙය කදිම උදාහරණයකි.

- ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් (පරිසරවේදී) -



අදහස් (9)

මුහුදට කුණු දැමීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉහළම තැනක්

sanath Sunday, 03 June 2018 05:20 PM

ලංකාව වටේටම මුහුද නිසා අපිට ඒක පරෙස්සම් කරන්න අමාරුයි. පරිසර අධිකාරියේ ඉන්න උපාදිධාරී නිලධාරීන්ට ලැබෙන්නේ බැංකුවක පියන් කෙනෙකුට ලැබෙන වැටුපටත් අඩු එකක් නිසා එයාල ජීවත්වෙන්න වෙන මොකක් හරි සයිඩ් බිස්නස් එකක් කරනවා. ඒ නිසා එයාලගේ රැකියාවට උනන්දුව බොහොම අඩුයි.

:       14       44

Kumar Monday, 04 June 2018 01:51 AM

ලංකාවේ මුහුද එතරම් අපිරිසිදු නැති වග කියන්න ඕන. මේ රටේ සමහර මුහුදුවෙරල් හරිම අපිරිසිදුයි. සමහර නගර අසල කැලිකසල නිසා මුහුදේ නෑම තහනම් කරනවා.

:       13       62

kalani Monday, 04 June 2018 04:01 AM

පරිසර ක්‍රියාකාරම් ගැන පාසල් දරුවන් දැනුම්වත් කලත් ,එම උත්සාහය ප්‍රායෝගිකව ක්‍රියාත්මකවීම ප්‍රමාණවත් නැති බව සිතේ. ජාතියක සදාචාරවත් පෙළ ගැස්ම සිදුවිය යුත්තේ දරුවන් මුල්කර ගෙනය .අප සෑම අංශයකින්ම අසාර්ථකවී දුර දකින සැලසුම් නැති වීම නිසාය. මෙම ප්‍රශ්නය අපට කියා දෙන්නේ එයයි.

:       0       25

jerryTuesday, 05 June 2018 01:18 PM

පාසල් දරුවන්ට කෙසේ පැහැදිලි කරත් ඔවුන් පාසල් නිමවී නිවසට යන විට ටොෆි ආදී රසකැවිලි වල කොල ආදි දෑ පාර දෙපසට විසිකරමින් යයි මේවා දරුවන් ක්‍රියාවට නංවන්නේ නැත. එය පුරුද්දක් බවට දරුවන් හා වැඩිහිටියන් පත් කරගෙන ඇත ,පොලිතීන් /ප්ලාස්ටික් තහනම් කල යුතුය නැතිනම් මෙය කිසිදිනක නැවැත්විය නොහැක

:       0       0

wijith Monday, 04 June 2018 04:10 PM

ලැජ්ජයි...

:       0       43

dharshana Tuesday, 05 June 2018 02:49 PM

ජනාධිපති නේද පරිසර ඇමති

:       0       0

sunil Tuesday, 05 June 2018 03:27 PM

කුණු බක්කි තියලා නැනේ. එම නිසා මිනිසුන් තැන තැන දානවා. වරද පාලකයන්ගේ.

:       29       0

akila Wednesday, 06 June 2018 05:25 AM

ලංකාවේ පොලිතින් තහනම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ, පොලිතින් රජයෙන් හඳුන්වා දුන්නු දෙයක් නොවන නිසා, එයට ආදේශක රජයෙන් සොයා දිය යුතු නැහැ

:       0       1

Bamunuarachchi Thursday, 07 June 2018 07:01 AM

ඕනෑම කුණු වැඩකට ලංකාව ඉදිරියෙන් නැතිනම් හවුල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 105 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 68 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 419 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 519 3

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 464 1

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 12269 4

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 883 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 548 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site