IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මුහුදෙන් කුඩු ගෙන ආ අටදෙනෙක් පෝරකයට

අඩුම මහන්සියකින් වැඩිම ආදායම් උපද්දවිය හැක්කේ ජාවාරම්කරුවන්ටම පමණි.


මිනිස් ජාවාරම් වේවා, ආයුධ ජාවාරම් වේවා, මේ හැමකෙකටම වඩා වැඩියෙන් ලාභ ලැබිය හැක්කේ මත් ද්‍රව්‍යය ජාවාරම් වලිනි.
කසිප්පු, ගංජා, රා ජාවාරම් වලින් පැවතෙන මෙම මත් ද්‍රව්‍යය ජාවාරම් වලින් අද වන විට හිණිපෙත්තටම නැග ඇත්තේ හෙරොයින්ය.


පොපි මල් නිස්සාරය කොට ලබා ගන්නා මෙම හෙරොයින් ජන ව්‍යවහාරයේ ”කුඩුධ් යනුවෙන් හඳුන්වති. නමුත් එහි විද්‍යාත්මක නාමය වන්නේ ”ඩයි ඇසිටයිල් මොෆීන් ය.


දවස පුරා මතින් සිටින්නට කැමැත්තෝ ඊයම් කොළෙන් රත් වී ඉහළ නගින හෙරොයින් දුම උරා බොන්නෝය.
ලංකාවට කුඩු ගෙන එන පාරවල් සියල්ලම ඇහිරීමට නිලදරුවෝ කොතෙකුත් උත්සාහ ගත්තද ජාවාරම්කරුවෝ අලූත් අලූත් ක‍්‍රම සොයා ගනිති. මෙය විද්‍යාව මෙන් දවසින් දවස අලූත් වේ.

KUDU-ATA-DENA_PAGE-_10
කුඩු ජාවාරම්කරුවනුත් ත‍්‍රස්තවාදීනුත් අතර වෙනසක් නැත්තා සේය. සාමාන්‍ය මිනිසුන් පලිහක් කරගෙන රජයේ හමුදාවන්ට කොටි පහර එල්ල කළ ආකාරය ගැන පසුගිය වසර 30ක කාලය තුළ අපිට තවම අමතක නැත. එමෙන්ම කුඩු ජාවාරමිනුත් හෙරොයින් ජාවාරම් කරන්නේ සාමාන්‍ය මිනිසුන් අතර සිටය.


 මේ ජාවාරමුන්ට රටක්, ජාතියක්, ආගමක් නැත. තමුන්ගේ මඩිය තරකර ගැනීම මේ ජාවාරම්කරුවන්ගේ එකම ආගමයි. ජාතියයි ජන්මයයි.


ලංකාවෙත් ඉන්දියාවෙත් කඳවුරු බැඳ සිටින  කුඩු ජාවාරමුන් ධීවර වෙස් ගෙන පැමිණ මහ මුහුද මැද කුඩු ජාවාරම් කිරීම කලක පටන් පැවැත ආ ක‍්‍රමවේදය වුවත් එය කොටුකර ගැනීමට නිලදරුවන්ට නොහැකි විය. ඒ ජාවාරම්කරුවන් ඉතා  සූක්ෂම අන්දමින් තම ජාවාරම පැතිරවීම නිසාය.


නමුත් 2011 නොවැම්බර් මස 28 වැනිදා ලංකාවේත් ඉන්දියාවේත් කුඩු ජාවාරම්කරුවන්ට වැරදුණු දිනයක් විය.
2011 නොවැම්බර් 28 වැනිදා සවස රාමේෂ්වරම් තුඩුවෙන් ඉතා අබලන් තත්ත්වයේ ට්‍රෝලර් යාත‍්‍රාවක නැගුණු ධීවර වෙස්ගත් ඉන්දියානුවන් පස්දෙනෙකු මුහුදු ගමනකට සැරසුණි. ඒ ශ‍්‍රී ලංකාවේ පිරිසක් සමග කලින් කතා කරගෙන සකස් කළ සැලසුමකට අනුවය.


මාලූ දැල් ඇතුළු ධීවර ආම්පන්න ට්‍රෝලර් යාත‍්‍රාවේ පටවාගෙ1න මේ පිරිස කිසිදු කලබලයකින් තොරව ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පිහිටි ජාත්‍යන්තර මුහුදු සීමාව දක්වා පැමිණෙන විට ලංකා අහසින් හිරු සැඟව ගොස් තිබුණේ නැත.


ජාත්‍යන්තර මුහුද හොඳින් පැහැදිලිව දකින්න තරම් ආලෝකය තිබිණි.


හොරු අපරාධකරුවෝ මෙන්ම ජාවාරම්කරුවෝද ආලෝකයට බියවෙති. ආලෝකයට වෛර කරන ඔව්හු අඳුරට ආලය කරති.


රාමේෂ්වරම් තුඩුවෙන් ගමනාරම්භ කළ මොව්හු තමන් ආලය කරන හෝරාව එනතුරු ජාත්‍යන්තර මුහුදු  සීමාවේදී සිය යාත‍්‍රාවේ වේගය අඩාල කළහ. යක්ෂයාගේ හෝරාව එළැඹෙනතුරු අබලන් ට්‍රෝලර් යාත‍්‍රාව IMBL යන කෙටි නමින් හඳුන්වන ජාත්‍යන්තර මුහුදු සීමාවට සමාන්තරව තම යාත‍්‍රාව ඉතාම සීරුවට යාත‍්‍රා කළහ.


මන්නාරමට එපිටින් ඇති ”ආදම්ගේ පාළම නමින් හඳුන්වන වැලි පරය ආසන්නයේ ඇති ඩෙල්ෆ්ට් දූපත අසල නාවික හමුදාවේ ලූතිනන් කර්නල් චරිත ගුණවන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු නාවික භට පිරිසක් ඩෝරා යාත‍්‍රාවක විමලිසිමත් රාජකාරියේ නිරතව සිටියහ.


අඳුර වැටෙත්ම මුහුදු සීමා උල්ලංඝණය කරමින් ඉන්දියානු ධීවර යාත‍්‍රා 500ක් පමණ එකවර  ලංකා මුහුදට පැමිණ අපේ ධීවරයන්ට අයත් මාලූ අස්වැන්න කොල්ලකෑමෙන් වැළැක්වීම සඳහා චරිත ගුණවන්ත මහතා ඇතුළු නාවික පිරිස උකුසු ඇස් යොමා සිටියහ.


මේ අතරතුර ලංකාවේ ඩෙල්ෆ්ට් දූපත අසලින් පිටත් වූ කුඩා ඩිංගි බෝට්ටුවක්ද IMBL තීරය වෙත පැමිණියේය. මෙහි සිටි තිදෙනාද ධීවරයින් මෙන් විය. පිටතින් බලන්නෙකුට කිසිදු වෙනසක් දක්නට නොමැත.රාමේෂ්වරම් වලින් පිටත් වූ ට්‍රෝලර් යාත‍්‍රාවෙනුත් ඩෙල්ෆ්ට් දූපත අසලින් පිටත් වූ ඩිංගි බෝට්ටුවෙනුත් ජී.පී.එස්. යන්ත‍්‍ර කි‍්‍රයාත්මක විය. නාවික හමුදා ඩෝරා යාත‍්‍රාවේ සිටි චරිත ගුණවන්ත මහතා ඇතුළු නිලධාරින් ඒ අවට මුහුදේ මසුන් අල්ලමින් සිිටි බෝට්ටු ගැන විමසිලිමත් වෙමින් සිටියේ රාජකාරි කටයුතු කිරීම සඳහා යොදා ගනු ලබන එම්.එස්.අයි.එස්. යනුවෙන් හඳුන්වනු ලබන අති නවීන කැමරාවක් උපයෝගි කරගනිමිනි.


ඩෝරා යාත‍්‍රාවේ තිබූ ලයිට් සම්පූර්ණයෙන්ම නිවා දමා තිබිණි. මහ මුහුද යටට  වන්නට සවිකර තිබූ එහි එන්ජින් වල ශබ්දය පිටතට නොඇසිනි. ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් නිරීක්ෂණය කරමින් කාලයක් පුරා ලත් අත්දැකීම් උපයෝගී කරගනිමින් සිය රාජකාරි කරන අතරතුර මාලූ බෝට්ටු අතරින් ට්‍රෝලර් යාත‍්‍රාව ලංකා මුහුදේ බොහෝ දුරක් බොහෝ සුපරික්ෂාවෙන් කඩින් කඩ පැමිණෙන අන්දමත් ඩිංගි බෝට්ටුවද හෙමි හෙමින් ට්‍රෝලරය දෙසට කිට්ටු කරන අන්දමත් IMBL කැමරාවෙන් නිරීක්ෂණය කළ ගුණවන්ත මහතාට එකවරම මහ අමුත්තක් දැනිණි.


”මෙතැන මොකක් නමුත් සිදුවෙනවා.ධ් ඔහුගේ ළඟින් සිටි ලූතිනන් නලින් මාධව හේරත් මහතාට කතා කළ ඔහු IMBL කැමරාව පෙන්වමින් කීය. ”සර් අපි ඒ පැත්තට යමු. ලූතිනන් හේරත්ගේ යෝජනාව සම්මත කළ ලූතිනන් කමාන්ඩර් ගුණවන්ත මහතා ”පෙන මතුවෙන්නෙ නැති විදියට හෙමින් ඒ පැත්තට කිට්ටු කරන්නැයි කීය.


අඳුරට පෙම් බඳිමින් ජවාරම්කරුවන් හොර රහසේ කළ ජාවාරම් IMBL කැමරාවෙන් වසන් කිරීමට නොහැකි විය. ට්‍රෝලර් යාත‍්‍රාවේ සිටි අයෙකු අතට ගත් යම් පාර්සලයක් ඩිංගි බෝට්ටුවට දෙනු නාවික නිලධාරින් හොඳින් නිරීක්ෂණය කළහ.


”ඉක්මනට අපි එතැනට යන්න  ඕනෑ. වේගය වැඩි කරන්න. චරිත ගුණවන්න කෑ මොර දුන්නේය. කුලප්පු වූ අලියා මහ වනය දෙවනත් කරමින් දිව යන්නා සේ හිටි වනම මහ මුහුදේ ජලය කළඹමින් ඩෝරා යාත‍්‍රාව ඉදිරියට පැන්නේය.


ෆ්ලෑෂ් ලයිට් එක ගහන්න. ඩෝරා යාත‍්‍රාවේ වහලේ සවිකර තිබූ වෝට් දාහකින් යුත්  ෆ්ලෑස් ලයිට් එක එකවරම දැල්වුණේ මහ මුහුද මත හඳ කඩා වැටුණා ලෙසය.


ඩිංගි බෝට්ටුවේ  සිටි අය මෙන්ම ට්‍රෝලර් යාත‍්‍රාවේ සිටි අයද ගල් ගිල්ලා සේ බලා සිටියද මහ මුහුදේ රැළි වලට යාත‍්‍රා දෙක පැද්දුනත් එහි සිටි අය තුෂ්නිම්භූතව බලා සිටියහ. නමුත් අපරාධකරුවන්ට ගණදෙවි නුවණ ඇති බව කියන්නේ කට කහනවට නොවේ.


ඩිංගි බෝටුවේ සිටි තිදෙනා අතුරින් ට්‍රෝලර් යාත‍්‍රාවෙන් බෑග් එක ගත් පුද්ගලයා වහාම කි‍්‍රයාත්මක වී ඔහුගේ දෙපා මුල තිබූ බෑග් එක තුළ තිබූ පැකට් හතරකින් එකක් ගෙන කටින් කඩා මහ මුහුදට වීසි කළේය.


පාර්සලය තුළ තිබූ කුඩු විසිරී ගියේ එය කටින් කැඩූ පුද්ගලයාගේ මුහුණේද කුඩු තවරමින්ය.
තවත් මොහොතක්වත් ප‍්‍රමාද නොකළ චරිත ගුණවන්ත මහතා ඩෝරා යාත‍්‍රාව වහාම ඩිංගි බෝට්ටුවට ළං කළේය. ලූතිනන් නලින් මාධව හේරත් ඩිංගි බෝට්ටුවට පැන කුඩු පාර්සලය කටින් කැඩූ කෙනාගේ කකුල් දෙක අසල තිබූ රෝස පැහැති පාර්සලය ගෙන ගුණවන්ත මහතා අතට දී ඊළඟ නිමේෂයේදී මහ මුහුදට පැන එහි ගිලෙමින් තිබූ පාර්සලය අල්ලාගෙන යළි ඩිංගි බෝට්ටුවට ගොඩ විය.


ඩෝරා යාත‍්‍රාවේ සිටි සෙසු නිලධාරිහු ඩිංගි බෝට්ටුව දෙස මෙන්ම ඒ වන විට කිසිවක් නොවූවා සේ ඉන්දියාව දෙසට හෙමින් ගමනාරම්භ කර තිබූ ට්‍රෝලර් යාත‍්‍රාව දෙසද ඇස ගසාගෙන සිටියහ.


ඩිංගි බෝට්ටුවේ සිිටි පිරිසද සමග එය ඩෝරා යාත‍්‍රාවට තබා බැඳගත් නිලධාරිහු ඊළඟ නිමේෂයේදී ඉන්දියානු ට්‍රෝලර් යාත‍්‍රාව  අසලට ගොස් එයද නවතා ගත්හ.


”උඹලා කවුද? උඹලා මොකටද ආවේ? නාවික නිලධාරින්ගේ ප‍්‍රශ්න හමුවේ ට්‍රෝලරයේ සිටි පිරිස කීවේ ”අපි ඉන්දියාවේ අය මාළු අල්ලන්න ආවා. කියා පමණි.


ලූතිනන් කමාන්ඩර් ගුණවන්තගේ තියුණු ඇස් ට්‍රෝලර් යාත‍්‍රාවේ හතර අතට දිව්වේය. ඉන්දියාවේ ඉඳලා හැතැප්ම ගාණක් ලංකාව කිට්ටුවට පැමිණි මෙම ට්‍රෝලර් යාත‍්‍රාව මාළු අල්ලන්න ආවා නම් එහි මසුන් සෑහෙන ගොඩක් සිටිය යුතුය. ඒත් එහි කිසිම අලූත් මාළුවකු නැත. මෙම මුහුදු ගමනට කලින් ඇල්ලූ කිලෝ 4ක 5ක පමණ මසුන් ටිකක් පමණක් ට්‍රෝලරයේ තිබිණි.


ධීවර ගමනක යෙදෙන ධීවරයින් මසුරං ලෙස සළකන තෙල් ටික පුච්චමින් මෙපමණ දුරක් මෙම ට්‍රෝලරය පැමිණ ඇත්තේ නිසැකයෙන්ම මසුන් අල්ලන්නද යන පැනය මතු වූ පසු නාවික නිලධාරින් එහි තිබූ දැල් දෙස විමසිලිමත් වූහ.


ඉන්දියානු ට්‍රෝලර්වල පිටුපස සවිකර ඇති ”බොටම් ට්‍රෝලින්ධ් ලෙස හඳුන්වනු ලබන මඩියක් වැනි දෙයක් මුහුදට දමා එය ට්‍රෝලරයෙන් ඇදගෙන යෑම මගින් මසුන් අල්ලා ගන්නා නිසා මුහුදු පතුලේ ඇති පාසි වර්ග බෙල්ලන් ආදිය එම දැල්වල පැටලීම සාමාන්‍ය දෙයක් වුවත් මෙම ට්‍රෝලරයේ තිබූ දැල්වල එවැනි කිසිදු ලකුණක් දක්නට නොමැති විය.


ඇත්තෙන්ම මේ පිරිස කියන පරිදි මේ මාළු දැල් මුහුදට දමා නොමැති බව ප‍්‍රත්‍යක්ෂ කරගත් නාවික නිලධාරීහු ඩිංගි බෝට්ටුවත් ට්‍රෝලරයක් රැගෙන P 480 දරණ ඩෝරා යාත‍්‍රාව කන්කසන්තුරේ බලා යාත‍්‍රා කරවීය.


එහිදී කළ මූලික පරීක්ෂණවලදී හෙරොයින් කිලෝ 20ක පමණ ප‍්‍රමාණයක් ධීවර වෙස්ගත් ඉන්දියානුවන් විසින් ධීවර වෙස්ගත් ශ‍්‍රී ලාංකික ජාවාරම්කරුවන්ට ලබාදී ඇති බව අනාවරණය විය.


යුද්ධය පැවැති සමයේ කොටින්ගේ උදව් ඇතිව සිදුවුණු බව කියන මෙම ජාවාරම දැන් ධීවර වෙස්ගත් ජාවාරමුන් විසින්ම කරන බවට මෙය හොඳම සාක්කියක් වන අතරම ඉන්දීය ධීවරයෝ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය නිරන්තරයෙන් ආක‍්‍රමණය කරන්නේ මාළු ඇල්ලීමට පමණක්ම නොවන බවටද මෙය කදිම නිදසුනකි.


මෙම පාර්සල්වල ඇත්තටම ඇත්තේ මොනවාද? එය තහවුරු කර ගත යුතුය. එයට හොඳම තැන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවය. නිලධාරීහු කල් නොයවාම කිලෝ 20ක පමණ බරින් යුතු පාර්සල් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට බාරදුන්හ. එලෙස බාරදුන් පාර්සල් අතර තෙත බරිතවීමෙන් පසුව තලපයක් බවට පත්ව තිබූ හෙරොයින් පාර්සලයද විය. එම සියලූ පාර්සල් දැඩි පරීක්ෂාවට ලක් කළ රජයේ ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂිකා සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය එම පාර්සල් හතරේ ශුද්ධ හෙරොයින් ග‍්‍රෑම් 955ක් ඇති බව සනාථ කළාය.


ඇය කොළඹ මහාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන මහතා හමුවේ සාක්කි දෙමින් මෙම පාර්සල් 4 න් එක් පාර්සලයක ඇති හෙරොයින් තලපයක් බවට පත්ව ඇත්තේ එය ජලයට වැටීම නිසා ජලය මිශ‍්‍රවීමෙන් බව විද්‍යානුකූලව පහදා දුන්නාය.


එදා මෙදාතුර ලංකා අධිකරණ ඉතිහාසයේ කවරදාකවත් චන්ද්‍රිකා තාක්ෂණය මගින් ස්ථාන සෙවීම හෙවත් ජී.පී.එස්. තාක්ෂණය කිසිම නඩුවක් සඳහා යොදාගෙන තිබුණේ නැත. තාක්ෂණය අතින් දියුණුවෙන ලෝකයක සිටින අපි එය අපේ අධිකරණ ක‍්‍රමයටත් රැගෙන ආ යුතු බව තීරණය කළ හිටපු නීතිපති ජනාධිපති නීතිඥ පාලිත ප‍්‍රනාන්දු මහතාගේ අවසරය මත රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා මුල්වරට ජී.පී.එස්. තාක්ෂණය මෙම නඩුවට යොදා ගත්තේය.


මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනින්දෝරු භූමිතික අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය සර්වෙයර් ජනරාල් සිරි භූපති පද්මනාග ජයරත්න දාම්පේගම මහතාගේ විශේෂඥ ඥාණය යොදා ගනිමින් ජී.පී.එස්. තාක්ෂණය අධිකරණ කරළියට කැන්දාගෙන පැමිණි මාධව තෙන්නකෝන් මහතා ඉන්දියානු ට්‍රෝලර් යාත‍්‍රාවේ සහ ශ්‍රී ලාංකික ඩිංගි බෝට්ටුවේ තිබී සොයාගත් ජී.පී.එස්. උපකරණ දෙක කි‍්‍රයාත්මක කළ අවස්ථාවලදී සළකුණු වූ ස්ථාන ගණනය කොට එම යාත‍්‍රා දෙක දෙකෝණයකින් ගමන් ආරම්භ කොට මහ මුහුද මැද එක ආසන්නයට පැමිණ ඇති ආකාරය කදිමට විස්තර කළේය.
මෙම මුහුදු යාත‍්‍රා දෙකේ ගමන් විලාසය ප්‍රොජෙක්්ටරයක ආධාරයෙන් අධිකරණයට පෙන්වා දුන් දාම්පේගම මහතා සෙසු ධීවර බෝට්ටු අභිබවා යමින් ඉන්දියානු ට්‍රෝලර් යාත‍්‍රාව ලාංකික සැකකරුවන් පැදවූ ඩිංගි බෝට්ටු සොයාම පැමිණ ඇති බවට කුකුසක් නොමැතිව අධිකරණයට කරුණු තහවුරු කළේය.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ කරුණු මෙන්ම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කෙස් පැලෙන තර්ක දෙස විනිශ්චයාසනාරූඪව පද්මන් සූරසේන මහතා පිටු 320 ක් පුරා මේ සියලූ කරුණු විස්තර කළේය.
විත්තිකරුවන්ට කිසිදු තැනකින් පළා යා නොහැකි වන ලෙසට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා මනා ලෙස ඔවුන් කොටුකර ඇති බව තීන්දුව අවසානයේදී පැහැදිලි කළ විනිසුරුවරයා විත්තිකරුවන් මාළු ඇල්ලීමේ යෙදී සිටි ධීවරයින් නොව හෙරොයින් ජාවාරම්කරුවන්ම බව තීරණය කළේය.


මුළු රටක්, මුළු සමාජයක් දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණත් මගේ පැල හැමදාම එළිය වෙලා තියෙන්නෙ යැයි සිතමින් හඳ අල්ලන්න උත්සාහ කරන මෙවන් ධීවරයින්  අප සමාජයේ හැම අස්සකින් මුල්ලකින්ම මතුවන්නේ වැහි කාලයට මෙරු මතුවන්නා සේය.


ගිනි සිළුවේ හැපි හැපී මෙරු රංචු පිටින් වැනසී යන්නා සේම පවුල් පිටින් වළපල්ලට යවා තමා පමණක් රජවීමට වෙර දරන ජාවාරම්කරුවෝ මහ උළු ගෙවල් තුළ ගාල් වන දිනය වැඩි ඈතක නොවන බවට මෙම නඩුව හොඳම සාක්කියකි.


m



අදහස් (0)

මුහුදෙන් කුඩු ගෙන ආ අටදෙනෙක් පෝරකයට

සම්පත් Friday, 07 November 2014 07:25 AM

නම් ගම් දාන්න.(හේ)

:       0       0

රවී Sunday, 09 November 2014 01:10 PM

මගේ බලවත් ස්තුතිය සහ උපහාරය ශ්‍රී ලංකා අදිකරණයට සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට. (නදී)

:       0       0

ජෙසිකා - සයිප්‍රස් Monday, 10 November 2014 09:50 AM

ඔව් අනිවාර්යෙන්ම නම් ගමි දැමිය යුතුයි (නදී)

:       0       0

නෙල්කා Monday, 10 November 2014 09:51 AM

මේ වගේ අයට උපරිම දඩුවම දීම සම්බන්ධයෙන් සතුටුයි.(හේ)

:       0       0

විශාකා Monday, 10 November 2014 09:50 AM

ඒ දඩුවම ගැන සතුටු වෙනවා.(හේ)

:       0       0

විනීතා ධර්මසිරි Monday, 10 November 2014 05:10 AM

බුද්ධිමත් ශ්‍රී ලාංකීය නියමුවන් හා නූතන තාක්ෂණයෙන් විපුල ඵල ලොවටම පෙන්වා දුන් ජාතියේ විරුවනි ඔබ හැමට ජාතියේ ප්‍රණාමය හිමි වේවා! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4931 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 671 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1246 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 111 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 198 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site