IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මුහුදු කොටි නායක සුසෙයිගෙ ළමයි අද පාසල් යන්නෙ ආණ්ඩුවෙ වියදමින්

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයෙහි ලේකම් 
ගෝඨාභය රාජපක්ෂ

 

ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමත් සමග ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර බලවේග විවිධ ප‍්‍රශ්න මතුකරන්නට පටන්ගෙන ඇත. ඒ අය මතුකරන ප‍්‍රශ්න කිහිපයක් සම්බන්ධව ආරක්ෂක ලේකම්වරයා දුන් පිළිතුරු මෙහි සටහන් වෙයි.

 


ප‍්‍රශ්නය: ජිනීවා නුවරදී මානව හිමිකම් සමුළුව ආරම්භ වුණා. මෙවරත් අප රටට එරෙහිව බටහිර බලවතුන් යෝජනාවක් ගෙන ඒමට සැරසෙනව. යුද්ධය අවසන් කළාට පසු වත්මන් රජය උතුරේ ජනතාවගේ සාධාරණ අයිතීන් ලබානොදුන් බවත්, දේශපාලන විසඳුම පමා කළ බවත් ඒ අය අප රටට එරෙහිව නගන බරපතල චෝදනාවක්. මේ චෝදනාව ගැන ඔබේ පිළිතුර කුමක්ද?
පිළිතුර: මේව ඉතාම අසාධාරණ චෝදනා. අපි උතුරේ ජනතාවට කොපමණ දේ කරල තිබෙනවද? ඒක උතුරට යන  ඕනෑම කෙනෙකුට පේනව. යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචි කළා. ආර්ථික හා භෞතික සම්පත් සංවර්ධනය කළා. තවත් බොහෝ දේ සිදුවෙනව.

 


ප‍්‍රශ්නය: ඒ වුණාට ප‍්‍රශ්නයට මුල්වූ දේශපාලන අර්බුදය විසඳී නැහැ. දේශපාලන විසඳුම දිනෙන් දින පමා වෙනව. ඒක හරිද?
පිළිතුර: මේක තනිවම කරන්න පුළුවන් කාරණයක් නොවෙයි. කාගෙත් දායකත්වය අවශ්‍යයි. දේශපාලන විසඳුම ගැන මා සිතන දේ මේකයි. අපි ඒ ගැන ජනමත විමසුමකට යා යුතුයි. රටේ ජනතාවගෙන් අහන්න  ඕනෑ. දැන් ක‍්‍රියාත්මක වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් ක‍්‍රියාත්මක කළ යුතුද? නැත්ද? බෙදාදී තිබෙන බලතල මදිද නැත්නම් වැඩිද? කියල.

 

 

ප‍්‍රශ්නය: ජනමත විමසුමක් මගින් මෙවැනි බරපතල සංකීර්ණ ප‍්‍රශ්නයකට සාධාරණ විසඳුමක් ලබාගැනීම යුක්ති සහගත ද?
පිළිතුර: වෙන මොකද්ද කරන්න තිබෙන්නෙ. මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්. බහුතර ජනතාවගෙන් දේශපාලන විසඳුම ගැන මතය විමසීමයි සාධාරණම ක‍්‍රමය. එහෙම නැතුව ඇමෙරිකාවටවත්, නවනීදන් පිල්ලේටවත්  ඕනෑ  ඕනෑ හැටියට විසඳුම් හදන්න බැහැ. ජනමත විමසුමක දී එක්සත් ජාතික පක්ෂයට, දෙමළ ජාතික සන්ධානයට, මුස්ලිම් කොංග‍්‍රස් පක්ෂයට තම තමන් දේශපාලන විසඳුම ගැන දරන මතය ජනතාවට කියන්න පුළුවනි. 13 සංශෝධනයෙන් බලය බෙදුවා මදිද වැඩිද ඉඩම් බලතල පළාත්වලට දෙනවද, ජනතාවගෙන් ඇහුවම එයාල තමන්ගේ තීරණය දැනුම් දේවි. මේ ගැන නිතර නිතර කෑගහන සිවිල් සංවිධානය කියන එන්.ජී. ඕ. සංවිධානවලටත් තමන්ගේ අදහස් රටට කියල ජනමතය බලන්න පුළුවනි.

 

 

ප‍්‍රශ්නය: බලය බෙදීම ගැන සමාජයේ තිබෙන්නේ උග‍්‍ර මතගැටුමක්. ඒ සංකීර්ණ ප‍්‍රශ්නය දේශපාලන වේදිකාවට ගෙන ඒමෙන් තවත් උග‍්‍ර බල පොරයක් නිර්මාණය වනවා මිස විසඳුමක් නොලැබේ යැයි තර්ක කරන්න පුළුවනි?
පිළිතුර: අපි මේ ප‍්‍රශ්නයට කොහොම හරි විසඳුමක් ලබාගන්න එපායැ. ඔබ කියනව වගේ කට්ටියක් කියනව බලය බෙදන්න  ඕනෑ කියල. තවත් කට්ටියක් කියනව බලය බෙදන්න බැහැ කියල. මෙතන ඇත්තටම බහුතර ජනතාවගේ හරි මතය අපි කවුරුවත් දන්නෙ නැහැ. ඒ නිසා රජයට කළ හැකි හොඳම දේ ජනතාව වෙතට ගිහිල්ල ඒ අයගෙන් මේ ප‍්‍රශ්න විමසීමයි. එතකොට ජාත්‍යන්තරයටවත් කියන්න දෙයක් නැහැ. අනික මේ අර්බුදය අද තිබෙන ආණ්ඩුවට හෝ අනාගතයේ එන ආණ්ඩුවකට බලපාන ප‍්‍රශ්නයක් පමණක් නොවේ. දේශපාලන පරම්පරා ගණනාවකට බලපාන ප‍්‍රශ්නයක්.

 

 

ප‍්‍රශ්නය: ඔබ යෝජනා කරන ජනමත විමසුමේදී බලය බෙදිය යුතුද? නැත්ද කියන ප‍්‍රධාන ප‍්‍රශ්නයට ජනතාවගෙන් පිළිතුරක් ලබාගන්න පුළුවන් වුණත් දේශපාලන විසඳුම හා බැඳුන අර්බුදකාරී ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවනේ?
පිළිතුර: එක ප‍්‍රශ්නයක් නොවෙයි, ජනතාවට ප‍්‍රධාන ප‍්‍රශ්න කිහිපයක් එහිදී යොමු කළ යුතුයි. මෙතන සංවේදී ප‍්‍රශ්න වන්නේ ඉඩම් බලය, පොලිස් බලය වගේ දේවල්. සමහරවිට ජනතාවගෙන් අහන්න පුළුවනි. 13 සංශෝධනය අහෝසි කළ යුතුද? අලූත්ම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුද? කියලත්. ඒ නිසා අද තිබෙන රජයට පමණයි මෙය කළ හැක්කේ. රජයට තුනෙන් දෙකක බලයක් තිබෙනව. ඒක පාවිච්චි කරල ජනමත විමසුමකින් විසඳුමක් ලබාගැනීම හැර වෙන විකල්පයක් නැහැ.

 

 

ප‍්‍රශ්නය: අපි කුමක් කල්පනා කළත් තවත් දින ගණනාවකින් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරන්නයි යන්නෙ. එම යෝජනාවේ ඇතුළත් කරුණුත් දැන් තරමකට ප‍්‍රසිද්ධයි. එමගින් රජයට එල්ල කරන චෝදනා බරපතලයි?
පිළිතුර: එල්.ටී.ටී.ඊ.යට හිතවත් කණ්ඩායම් තමයි මේ චෝදනා නගන්නෙ. මම කිව්ව වගේ ඒ කිසිම කෙනෙක් පසුගිය අවුරුදු තුනහමාරේ අපි දෙමළ ජනතාවට කරපු කිසිම දෙයක් ඇගයුමට පාත‍්‍ර කරල නැහැ. බිම් බෝම්බ ඉවත් කිරීම, ජනතාව නැවත පදිංචි කිරීම දැන් ඉවරයි. මෙයාල කලින් කිව්ව අවසන් සටන සිද්ධ වුණ වෙල්ලමුල්ලි වෛක්කාල්වල කවදාවත් ජනතාව පදිංචි කරවන්නෙ නැහැ කියල. ඒකට හේතුව ලෙස සමහරු කිව්වෙ එතන මිනීවළවල් තිබෙනවය කියලයි. නමුත් අද වෙනකොට එහෙත් ජනතාව පදිංචි කරල තිබෙනව. මේ කරපු වැඩ ගැන කිසිම සඳහනක් මේ යෝජනාවෙ නැහැ.

හමුදාවලට යටත්වූ ත‍්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරල සමාජගත කළා. අපි ළඟ අදටත් රැුඳවුම්කරුවො ඉන්නවලූ. ඉන්නවනම් කොහේද කියල පෙන්වන්න. අපි ළඟ රැඳවුම්කරුවො නැහැ.

 

 

ප‍්‍රශ්නය: පසුගිය කාලයෙ උතුරේ තරුණයන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගන්නා බවට චෝදනා නැගුණ. උද්ඝෝෂණ පවා තිබුණා නේද?
පිළිතුර: රටේ පොදු නීතිය හා සාමය රකින්න ගියාම යම් යම් වැරදි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්න වෙනව. අපි ඒ අය අත්අඩංගුවට ගත්තෙ රටේ සාමාන්‍ය නීතිය යටතෙ. දැන් රටේ හදිසි නීතිය නැහැ. වරදක් කරන පුද්ගලයෙක් සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගන්න අයිතිය රජයට තිබීම වරදක්ද? ඒ අයිතියත් නැති වුණොත් රටේ නීතිය සාමය රකින්නෙ කොහොමද?

 

 

ප‍්‍රශ්නය: යාපනයේදී අත්අඩංගුවට ගත් සරසවි සිසුන් හා සෙසු පුද්ගලයන් ගණනාවක් විදේශ යුද පුහුණුවක් ගැන හෙළිදරව් කර තිබූ බව කියන්නේ ඇත්තද?
පිළිතුර: ඔව්. ඒ අයගේ තොරතුරුවලින් පැහැදිලි වුණා ඉන්දියාවේ පුහුණුවීම් කරනවය කියල. අපි ඒක ඉන්දියානු රජයට දැන්නුව. ඉන්දියානු ආරක්ෂක අංශ ඔය කියපු පුහුණු මධ්‍යස්ථානය වටලල, පුහුණුවෙමින් සිටි අය අත්අඩංගුවටත් ගත්ත. ඉතින් ඒ වගේ වැරදි කරන අය අපේ රටේදිත් අත්අඩංගුවට ගන්නව. එහෙම නොකර කොහොමද මේ රට පාලනය කරන්නෙ. ඒ අය අත්අඩංගුවට ගැනීමට හේතුව සාධාරණ බව ඉන්දියාවේදිත් ඔප්පු වුණා. කොහොම නමුත් මේ අත්අඩංගුවට ගත්ත අයත් අපි පුනරුත්ථාපනය කරල නිදහස් කරළත් ඉවරයි. පසුගිය කාලෙ පුනරුත්ථාපනය කළ කොටි තරුණයො සමහරෙක් දැන් ආරක්ෂක අංශ සේවයටත් අරගෙන තිබෙනව.

 

 

ප‍්‍රශ්නය: කෙසේ කීවත් ජිනීවා සමුළුවේදී අප රටට එරෙහිව චෝදනා පත‍්‍රයක් එල්ලවෙලා තිබෙනව. ඒකට මුහුණ දෙන්න ක‍්‍රමෝපාය ගැනත් රජයට පැහැදිලි අදහසක් නෑ වගෙයි?
පිළිතුර: මේකෙ තිබෙන්නේ පදනම් විරහිත අභූත චෝදනා. ඉතින් ඒ අය සිතාමතාම එහෙම කරනව නම් ශ්‍රී ලංකාවට තිබෙන්නෙ අහක බලන් ඉන්න. වෙන මොකද්ද කරන්න පුළුවන්?

 

 

ප‍්‍රශ්නය: රජය විසින්ම පත්කරපු උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවට පසුගිය ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාව පොරොන්දු වුණා. ඒවා නිසි ලෙස ඉටුවුණා යැයි ඔබ සිතනවාද?
පිළිතුර: ඔව්. ඒ වාර්තාවෙ හොඳ නිර්දේශ රාශියක් තිබෙන බව බටහිර රටවලූත් කියනව. ඒ නිර්දේශ තමයි අදත් ක‍්‍රියාත්මක වෙන්නෙ. වැදගත් ප‍්‍රධාන නිර්දේශවලින් සියයට අනූවක් විතර දැනටම කරල ඉවරයි.

 

 

ප‍්‍රශ්නය: උතුරේ ජනතාවට බරපතළ ඉඩම් ප‍්‍රශ්න තිබෙනව නේද?
පිළිතුර: ඉඩම් ප‍්‍රශ්න තිබෙන්නෙ කොටි සංවිධානය කලින් බලහත්කාරයෙන් අල්ලාගත්ත ඉඩම් සම්බන්ධවයි.

 

 

ප‍්‍රශ්නය: දෙමළ ජාතික සන්ධානය කියනව රජය අධි ආරක්ෂක කලාපවලට උතුරේ ජනතාවගේ ඉඩම් පවරාගන්නා බව...?
පිළිතුර: සුමන්තිරන් මන්ත‍්‍රීතුමා එහෙම කියල තිබුණලූ. ඒක සහමුලින්ම වැරදියි. අද අධි ආරක්ෂක කලාප නැහැ. යුද්දෙ කාලෙ අධි ආරක්ෂක කලාප ගොඩක් තිබුණා. අද වෙනකොට පලාලි හැර අනෙක් සියලූම ආරක්ෂක කලාපවල තිබුණ පෞද්ගලික ඉඩම් අපි නිදහස් කරල ඉවරයි. අපි එදා තිබුණ සමහර යුද කඳවුරු වැහුව. වහල ඒව පලාලිවලට ගෙනාවා. දැනට තිබෙන කඳවුරුත් රජයට අයිති ඉඩම්වලයි පවත්වාගෙන යන්නෙ.

 

 

ප‍්‍රශ්නය: පලාලි අධි ආරක්ෂක කලාපය තුළ පෞද්ගලික ඉඩම් තිබෙනව කියල චෝදනා කරනව?
පිළිතුර: පලාලිවල විශාල අධි ආරක්ෂක කලාපයක් තිබුණ. තෙලිප්පලෙයි, කීරමලේ, තොණ්ඩමනාර් වගේ ප‍්‍රදේශත් මේ කලාපයට අයිතිව තිබුණ. නමුත් අද වෙනකොට මේව ඔක්කොම නිදහස් කරලා. අද ඉතිරිව තිබෙන්නෙ අත්‍යවශ්‍යම කොටස පමණයි. පලාලි යුද කඳවුර මුලින්ම පිහිටෙව්වෙ සෙබළු 100කට විතර ඉන්න. ඒ මීට අවුරුදු පනහකට විතර කලින්. ඉතින් කඳවුර හැමදාම ඒ ගණනට තියාගන්න බැහැනේ. කඳවුර විශාල කරන්න අවුරුදු විස්සක් විසිපහක් තිස්සේ පවරාගත් එක්තරා භූමි ප‍්‍රමාණයක් තිබෙනව. අපි ඒ ඉඩම්වලට වන්දි ගෙවන්න සූදානම්. ඒක ලංකාවේ  ඕනෑම තැනක සිද්ධ වෙන දෙයක්. ඉතින් කවුරුහරි ඔලූවෙන් හිටගෙන කිව්වත් අපිට මේ ඉඩම් දෙන්න බැහැ.

 

 

ප‍්‍රශ්නය: ඔබ කියනව පලාලි කඳවුරට පවරාගත් ඉඩම්වලට වන්දි ගෙවන බව. දැන් කී දෙනෙකුට වන්දි ගෙවල තිබෙනවද?
පිළිතුර: ඒක තවත් පුදුම වැඩක්. අපි වන්දි ඉල්ලන්න කිව්ව. නමුත් තවම එක පුද්ගලයෙක්වත් ඇවිත් නැහැ ඒ වන්දි ගන්න. ඒ මිනිස්සු මේ ඉඩම්වලින් අයින්වෙලා දැන් පිරටවල්වල පදිංචි වෙලා ඉන්නවලූ. ඉතින් සැබෑ ඉඩම් අයිතිකාරයො ආවොත් වන්දි මුදල් හෝ වෙනත් ඉඩම් දෙන්න අපි සූදානම්. ඒ බව දැන්වීම් මාර්ගයෙන් දැනටමත් ප‍්‍රචාරය කරල තිබෙනව. අනික පලාලි කඳවුර ඇතුළෙ තිබෙන ගුවන් තොටුපොළටත් කන්කසන්තුරේ වරායටත් අද සිවිල් ජනතාවට ගන්න එන්න පුළුවනි. ඒවට කිසිම බාධාවක් නැහැ.

 


ප‍්‍රශ්නය: ජිනීවා සමුළුව ආසන්නයේ දී ප‍්‍රචාරය වූ චැනල් 4 මාධ්‍ය වාර්තාවක දැක්වුණා හිටපු කොටිනායක ප‍්‍රභාකරන්ගේ පුතා ආරක්ෂක අංශ විසින් ඝාතනය කළ බවට. මේ සම්බන්ධව ඡායාරූපත් ඉදිරිපත් කළා. මේ ගැන ඔබේ පිළිතුර කුමක්ද?
පිළිතුර: පින්තූර දාන්න පුළුවනි. මේ පින්තූරෙ කොතනදි ගත්ත පින්තූරයක්ද? කොයිවෙලාවෙ ගත්ත එකක්ද කියල කියන්න බැහැ. මුලින් ළමයෙක් වාඩිවෙලා ඉන්න පින්තූරයක් තියෙනව. ඊට පස්සෙ මැරිල ඉන්න තවත් පින්තූරයක් තිබෙනව. මෙයට කලින් මේ වගේ විකෘති කරපු පින්තූර රාශියක් එයාල ප‍්‍රචාරය කළා. යුද්ධ කාලෙත් දැම්ම. මන්නාරම පළාත අල්ලගත්ත කාලෙ ඔය වගේම ළමයි දෙන්නෙක් හමුදාව මැරුවය කියල පින්තූර දැම්ම. ඒක අමූලික බොරු බව පසුව ඔප්පු වුණා.

 

 

ප‍්‍රශ්නය: ප‍්‍රභාකරන්ගෙ පුතා හමුදාව විසින් ඝාතනය නොකළ බවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙනත් සාක්ෂි මොනවාද?
පිළිතුර: ඒ කාලෙ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයා පවා කියල තිබුණා මෙබඳු සිදුවීමක් කිසිසේත්ම සිදු නොවූ බව. ඉන්දියානු විදේශ ඇමැතිතුමන් පින්තූර සැකසහිත බව කිව්ව. ඒ කතා මොනව වුණත් අපි මෙහෙම බලමු. ප‍්‍රභාකරන්ගෙ පවුලෙ අය මරණව නම් එයාගෙ අම්ම තාත්ත හමුදාව බේරගන්නවද? ඒ අයට රැකවරණ දුන්නෙ හමුදාව. සුසෙයි කියන්නෙ කොටි සංවිධානෙ දෙවැනිය, තුන්වැනිය වගේ හිටපු කෙනෙක්. එයාගෙ පවුල ළමයි අදටත් ඉන්නෙ හමුදා රැකවරණ යටතේ. සුසෙයිගේ ළමයි අද ඉස්කෝලෙ යන්නෙත් රජයේ වියදමින්. තමිල් චෙල්වම්ගෙ පවුල ළමයි අදටත් ඉන්නෙ අපේ රැකවරණ යටතේ. මේ විදියට කොටි නායකයන්ගෙ ළමයි දැනටත් රැකබලාගන්නෙ රජයේ ආරක්ෂක අංශ. ප‍්‍රභාකරන්ගෙ පුතා මැරුවය කීම විශාල බොරුවක්.

 

 

ප‍්‍රශ්නය: ප‍්‍රභාකරන්ගේ පුත‍්‍රයාගේ මරණය සම්බන්ධව පසුව පරීක්ෂණයක් කළේ නැත්ද?
පිළිතුර: මේක අලූත් චෝදනාවක් නොවෙයි. ඉස්සරවෙලත් ආපු චෝදනාවක්. මේ සිද්ධිය යුද්දෙ උග‍්‍රම අවස්ථවෙ වුණ දෙයක්. ප‍්‍රභාකරන් මැරුණ හැටිත් අපි දන්නව කළපුවෙදි. ප‍්‍රභාකරන්ගෙ ලොකු පුතා මැරුණ හැටිත් අපි දන්නව. මේකෙ සමහර අය අපිට සොයාගන්නත් බැරිවුණා. එදා මෙතන තිබුණ වාතාවරණය හිතාගන්න පුළුවන්නේ. ප‍්‍රභාකරන්, සුසෙයි, පොට්ටු අම්මාන් කියන සියලූම කොටි නායකයො එතැන හිටිය. අවසන් සටන් බිමේදී කොටි සටන්කරුවො දොළොස්දාහක් යටත්වුණා. යටත්වනතුරු ඒ අය මහ සටනක් දුන්නා. ඒ සටන කෙරෙන වෙලාවෙ ප‍්‍රභාකරන්ගෙ පුතා අපට ලේසියෙන් අල්ලගන්න පුළුවන් වේවි කියල ඔබ හිතනවද? අනික ඔබ හිතවද ප‍්‍රභාකරන් තමන්ගෙ පුංචි පුතාවයි බිරිඳවයි දාල වෙන තැනකට පැනල යයි කියල. ඒ වගේම තිස් අවුරුද්දක් යුද්ධ කරපු ඔය කොටි නායකය සටනක් නොකර හමුදාවට යටත් වෙයි කියල හිතනවද? එහෙම සටනක් යන අවස්ථාවෙ ප‍්‍රභාකරන් ළඟ හිටපු පුතා වෙඩි නොකා බේරෙයි කියල හිතන්න පුළුවන්ද? මෙන්න මේ ගැනයි ඔය චෝදනා කරන අය කල්පනා කළ යුත්තෙ. අනික එතැන හිටපු කිසිකෙනෙක් ප‍්‍රභාකරන්ගෙ පුතා හෝ භාර්යාව එළියට එනව දැක්කෙ නැහැ.

 

 

ප‍්‍රශ්නය: එහෙම නම් ඇයි මේ ආකාරයට දිගින් දිගටම ජාත්‍යන්තරය චෝදනා නගන්නෙ?
පිළිතුර: චෝදනා නගන්න කාට බැරිද? දැන් බලන්න සුසෙයිගෙ පවුල ළමයි සමග පැනල යන්න හැදුව. මූද මැද බෝට්ටුවකදි ඒ අය අපි ඇල්ලූව. මරන්න  ඕනෑනම් කවුරුවත් දන්නෙ නැහැ. අපිට ඒ ගොල්ල මූද මැදදිම මරල දාන්න තිබුණනේ. අදත් සුසෙයි කියන මේ ප‍්‍රබල කොටි නායකයගෙ බිරිඳ හා ළමයි යහතින් හමුදා ආරක්ෂාව යටතේ ඉන්නවා. ඒ වගේ විනයගරුක හමුදාවක් ප‍්‍රභාකරන්නෙ පුංචි ළමය මරල දායිද? ඒ නිසා තිබුණ වාතාවරණය තේරුම් ගන්න  ඕනෑ. නවනීදන් පිල්ලේ නෝන වායුසමීකරණය කරපු කාමරේක ඉඳන් මේ වගේ චෝදනා කරනව. එයා දන්නෙ නැහැ නැත්නම් අවබෝධයක් නැහැ එතන තිබුණ යුද වාතාවරණය ගැන.

 

 

ප‍්‍රශ්නය: මෙම බරපතල චෝදනාව ගැන ඒ ස්ථානයේ ඒ මොහොතේ සිටි හමුදා සෙබළුන් හා වගකිවයුතු නිලධාරීන් මොකද කිව්වෙ?
පිළිතුර: ජනාධිපතිතුමා හෝ මම හෝ හමුදාපතිවරයා හෝ විශ්වාස කරන්නෙ එතන හිටපු හමුදාව අපිට මේ ගැන කියූ දෙයයි. එතැන යුද බිමේ තිබිල මේ සිරුර හම්බවුණා. සමහර අයගෙ සිරුරු හම්බවුණෙත් නැහැ. ඒ කතාව තමයි අපි දන්නෙ.

 

 

ප‍්‍රශ්නය: පසුගිය දිනවල ”හලාල්” ප‍්‍රශ්නය සම්බන්ධව සිංහල සමාජය හා මුස්ලිම්වරු අතර මත ගැටුමක් හටගත්ත. ඒ මතගැටුම විසඳීමට ඔබ මැදිහත්වූ බව අප දන්නව. දැන් ප‍්‍රශ්නය විසඳිලද?
පිළිතුර: අපි මේ රටට සාමය දිනාගත්තෙ ඉතාම අමාරුවෙන්. කවුරුවත් ඒ සාමය කඩවන විදියට ක‍්‍රියා නොකළ යුතුයි. මේ ප‍්‍රශ්නය නිසා සිංහල බෞද්ධ ජනතාවට ගැටලූවක් එන්න පුළුවනි. නමුත් ඒව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න  ඕනෑ. ත‍්‍රස්තවාදී සටන වෙලාවෙ මුස්ලිම් අයත් අපි සමග සටනෙ හිටිය. බුද්ධි අංශවල ඒ ගොල්ල විශාල මෙහෙවරක් කළා. පරම වීර විභූෂණ ගෞරව නාමය ලබපු මුස්ලිම් සටන්කරුවො හිටිය. අදටත් සෑහෙන මුස්ලිම්වරු පිරිසක් රට වෙනුවෙන් ශ්‍රී ලාංකිකයො හැටියට ඉන්න බව අපි දන්නව. නමුත් සමහරු අනවශ්‍ය විදියට මේ වගේ ප‍්‍රශ්න මතු කරනව. හලාල් ප‍්‍රශ්නය ඒ වගේ එකක්...

 

 

ප‍්‍රශ්නය: පැවැති සාකච්ඡාවලදී දෙපාර්ශ්වයේම දැඩි මත නිසා ගැටලූ පැනනැග්ගේ නැත්ද?
පිළිතුර: අපි යථාර්ථය ඒ ගොල්ලන්ට තේරුම් කරල දුන්න. මේ රට සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න රටක්. ඉතින් ඒ අයගෙ මනසට වද දෙන කාරණයක් ඇති වුණොත් ඒක හොඳ නැහැ. සුළු ජාතීන්ගේ ප‍්‍රශ්නය ගැන බලනව වගේම සිංහල බෞද්ධයන්ගේ ප‍්‍රශ්න ගැනත් දැඩි අවධානය දක්වන්න  ඕනෑ. මේ ප‍්‍රශ්න ගහ බැන ගන්නෙ නැතුව ආරවුල් ඇතිකරගන්නෙ නැතුව විසඳගන්න  ඕනෑ. ඒ විදියට කතාබස් කරල අපි දැන් ප‍්‍රශ්නය විසඳල තිබෙනව. එයාල සිංහල බෞද්ධ ජනතාවගේ සිත් රිදීමක් වුණා නම් කනගාටු වෙනව කීවා.
මුස්ලිම් ජනතාවට පමණක් හලාල් නිෂ්පාදන සීමා කරන්නත් එකඟවුණා. දැන් අපි මේ ගැන ව්‍යාපාරික පිරිස් සමග සාකච්ඡා කරල කිව්ව විදියට භාණ්ඩ අලෙවි කරන්න වැඩපිළිවෙළක් යොදාගන්නව. ඒ නිසා මේව ගැන  ඕනෑවට වඩා ආවේගශීලී වෙන්න  ඕනෑ නැහැ.

 

සාකච්ඡාව:  රන්ජින් ආනන්ද ජයසිංහ

 



අදහස් (0)

මුහුදු කොටි නායක සුසෙයිගෙ ළමයි අද පාසල් යන්නෙ ආණ්ඩුවෙ වියදමින්

මිහිරංග Sunday, 10 March 2013 10:19 AM

මානව හිමිකම් එකේ ලොක්කන්ට ඇහුනද (දී)

:       0       0

රුවන් Monday, 04 March 2013 09:04 AM

අපි ඒ තරම් කාරුණිකයි (දී)

:       0       0

කවී Tuesday, 05 March 2013 11:42 AM

ඔබ ශේෂ්ඨයි ..අපගේ ආචාරය සැමදා ඔබටයි....(ස)

:       0       0

සුගත් Thursday, 07 March 2013 05:04 AM

මානව හිමිකම් කමිටුවට ඇහුනේ නැද්ද දන්නේ නැහැ (දී)

:       0       0

නදිනි Monday, 04 March 2013 10:10 AM

අපි මේ වග ලෝකෙටම කියමු. ජිනීවා වලට ඇහෙන්නම කියමු (දී)

:       0       0

නිශාන්ත Wednesday, 06 March 2013 10:43 AM

ලංකාව ඒ තරම් මානුෂිකයි (දී)

:       0       0

සුසීම හිමි Sunday, 03 March 2013 08:18 PM

ජාතීන් අතර ගැටුමක් ඇති නොවන අන්දමේ ප්‍රකාශයක් කළ ආරක්ෂක ලේකම්තුමාට බොහොම ස්තුතියි.(නදී)

:       0       0

ආනන්ද Sunday, 03 March 2013 08:42 PM

දේශපාලනය පැත්තක දාමු. ඒත් ගෝඨාභය කියන්නේ ත්‍රස්තවාදයෙන් අපි රැකගත් ශ්‍රේෂ්ඨ ජන නායකයෙක්. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

පිටිගල Saturday, 09 March 2013 11:06 PM

අනෙක් දේශපාලඥයොත් ඔබව අනුගමනය කරනවා නම් ලංකාවට හොද කලක් යාවි. (නි)

:       0       0

අනුර Saturday, 09 March 2013 01:58 PM

ඔබතුමා චිරාත් කාලයක් වැජඹේවා! (නි)

:       0       0

රසල් Sunday, 03 March 2013 09:47 PM

උසස් මනුස්සයෙක්.(නදී)

:       0       0

සිතිජ Thursday, 07 March 2013 09:11 AM

ගෝඨභය මැතිතුමනි, ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

සෙනරත් Wednesday, 06 March 2013 03:29 AM

හලාල් තිබීම සංචාරක ව්‍යාපාරයට රුකුලක්. (නි)

:       0       0

ශිලා Monday, 04 March 2013 11:45 AM

ලෝකෙටම ඇහෙන්න කියමු (දී)

:       0       0

ධම්ම Wednesday, 06 March 2013 12:27 PM

අචිනි, එයාගේ සල්ලි වලට මොකද වුණේ කියලා එයාගෙන්ම අහන එක නේද වඩා හොඳ? (නි)

:       0       0

පද්මා Monday, 04 March 2013 11:47 AM

මානව හිමිකම් කමිටුවට පෙන්නේ නැද්ද (දී)

:       0       0

ලීසා Monday, 04 March 2013 05:16 PM

මොනතරම් පින්වන්තද මේ 'ගෝඨාභය රාජපක්‍ෂ' කියන ශ්‍රේෂ්ඨ මිනිසා, අහන දකින හැමකෙනෙකුගේම ගෞරවය හිමිවෙන්න තරම්.(නදී)

:       0       0

ඡායා Wednesday, 06 March 2013 12:47 PM

අනේ ඉතින් අපිත් රට ගැන නොහිත රට විනාශ කරන වැඩක් කලානම් අපේ ළමයි ගැනත් කවුරු කවුරුත් බලාවිනේ.රට ගැන හිතන අපි හැමදාමත් වලේ.(නදී)

:       0       0

මනෝජ් Monday, 04 March 2013 12:54 AM

ඔබ දුන් විශිෂ්ට පිළිතුරු වලට අපේ ආචාරය සර්! (නි)

:       0       0

අචිනි Monday, 04 March 2013 06:22 PM

නොදන්න හින්දයි මහත්තයෝ අහන්නේ අර කේ.පී ගේ සල්ලි වලට මොකද වුනේ?(නදී)

:       0       0

වාසල Sunday, 03 March 2013 02:36 PM

බොහොමයක් දුර්මත නැතිකළ හැකි කාලෝචිත සාකච්ඡාවක්.... (නි)

:       0       0

රෝයි Monday, 04 March 2013 01:21 PM

විශිෂ්ට පුද්ගලයෙක්. ඔබට අපගේ ගෞරවය! (නි)

:       0       0

ලීසා Monday, 04 March 2013 07:07 PM

මොනතරම් පින්වන්තද මේ 'ගෝඨාභය රාජපක්‍ෂ' කියන ශ්‍රේෂ්ඨ මිනිසා, අහන දකින හැමකෙනෙකුගේම ගෞරවය හිමිවෙන්න තරම්...

:       0       0

ගීත් Friday, 08 March 2013 11:16 AM

ඇයි ජිනීවා වල ඉන්න අයට මේවා ඇහෙන්නේ නැද්ද? ඇත්තෙන්ම ඔබතුමා අවංකයි. (නි)

:       0       0

භාතිය Saturday, 09 March 2013 05:32 PM

ඔන්න දැන් මොකද කියන්නේ (දී)

:       0       0

රසික Friday, 08 March 2013 11:55 AM

ඔබ අපේ වීරයෙකි (ස)

:       0       0

නීල් Sunday, 03 March 2013 04:01 PM

ගෝඨාභය මැතිතුමණි, ඔබ සිංහල ජාතියේ හදවතයි. (නි)

:       0       0

ලලිත් Friday, 08 March 2013 07:24 PM

සුසෙයිගේ ළමයින්ටත් ලංකාවේ අනෙක් ළමයින්ට හිමි මානව අයිතිවාසිකම් හිමියි නේද? (නි)

:       0       0

අරුණ Monday, 04 March 2013 08:43 AM

මෙවැනි උසස් අදහස් ඇතිවන්නේ උසස් පසුබිමක හැදුණු වැඩුණු අයටයි. ඔබට අපගේ ආචාරය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 90 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5832 2

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 847 5

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1439 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 128 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 210 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site