IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මහින්දගේ පරාජය ජ්‍යොතිෂ ඇසින්

565

 

 

පසුගිය වසර හා සසඳන කල ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු වී තිබේ. 2014 මුල බැබළෙමින් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයට මොකද වුණේ? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මොකද වුණේ? සියලූ දේ අදහාගත නොහී අවසන් විය.

 

  •  මෙවැනි තත්ත්වයකට එම රජය මුහුණ දෙන බව තමා කල් ඇතිව පැවසූ බවත් එයින් මිදිය හැකි මගද ඉරිදා ලංකාදීපය හරහා ප‍්‍රකාශ කළ බවත් සුජිත් නිශාන්ත යෝගීතුමා කියයි.


එහෙත් ඒ කිසිවක් සිද්ධ වූයේ නැත.


2014 ජූලි 06 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ ඒ බව පළ විය.

14pg-18d-taks--pgs
අද අප කතා කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයෙන් පහ වී, මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිධුරය අහිමි වී, එදා රජයට බර ඇදි පිරිස් වෙනම සන්ධාන ගත වී, තිස්ස අත්තනායක වැනි ප‍්‍රබලයෙක් (හිටපු එ.ජා.ප. මහ ලේකම්) සිරගතව සිටින මොහොතකය.


යෝගිතුමා කල් ඇතිව මේ අනාවැකි කීවේ සිය අධ්‍යාත්මික යෝගී බලය, ජ්‍යොතිෂය පදනම් කර ගත් කාරනා අනුව යමිනි.


ඇත්තටම මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වුණේ ඇයි...? එතුමාට සිදුවුණේ කුමක්ද? මෙය බොහෝ ජ්‍යොතිෂඥයන්ට රාජකීය දෛවඥයන්ට කියන්නට බැරි වුණේ ඇයි....? සුජිත් නිශාන්ත යෝගීතුමා අද ඔබ හමුවේ කියයි.

 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කන්‍යා ලග්නයෙන් උපත ලබා ඇත. එතුමාගේ කේන්ද්‍රයට අනුව බාධක ස්ථානය වන මීන රාශියේ හත්වැන්නාධිපති ගුරුට හිමි ගුරු දිනයක මෙම ජනාධිපතිවරණය පැවැත්විණි. තත්කාල හෝරාවේ ගුරුගේ රවි පංචම හෝරාවේය. මේ කාලය තුළ එතුමාට ගුරු මහ දශාව ගත වෙමින් තිබුණු අතර ලග්නය ක්ෂෂේත‍්‍රව, රාහුද, ගුරු ග‍්‍රහයා කටක රාශිය වන එකොළොස්වැන්නේ උච්චවද ගෝචර ගමනේ යෙදී තිබිණි.


මෙරට රාජ කාරක රවි ග‍්‍රහයා එතුමාට සතුරු නැකතක් වූ උත‍්‍රසල නැකතේ වැය ස්ථානය වන දොළොස් වැන්නේ ගමන් කළ මොහොතක මැතිවරණය පැවැත්වීම පරාජයේ එක හේතුවකි.


බාධක ස්ථානය අධිපති ගුරු මැතිවරණ දිනයේ තත්කාල කේන්ද්‍රයට අනුව අවපක්ෂයේ සඳු සමග සිටීම මහ ජනයා නියෝජනය කරන චන්ද්‍රයා මහින්ද රාජපක්ෂ මහතාට අවාසියක් ගෙනාවේය. එයට හේතුව අදාළ දිනය ජනපතිගේ මහජන ප‍්‍රසාදය අඩු කිරීමට ප‍්‍රබල බලපෑමක් කිරීමයි.ඊළඟට 2014 නොවැම්බර් 03 දායින් පසු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කේන්ද්‍රයේ උපතින් චන්ද්‍රයා මේෂ රාශිය වූ අටවැන්නේ පිහිටා තිබේ. චන්ද්‍රයාගෙන් අටේ ද වන වෘශ්චික රාශිය වන සතුරු ස්ථානයට සෙනසුරු පැමිණීම 2017 ඔක්තෝම්බර් 25 පසුවන තෙක්ම එතුමාට අෂ්ටම ඒරාෂ්ටක අපල කාලයකි.


කේන්ද්‍රයේ සතුරු ස්ථානයේ අධිපති සෙනසුරු වීමත්, මැතිවරණ දිනයේ දී තත්කාල කේන්ද්‍රයට අනුව සෙනසුරු සතුරුව අයස්ථානයේ පිහිටීමත්, සෙනසුරුට සිටි රාශියක් වන මකර රාශියේ තත්කාල කේන්ද්‍රයට අනුව උදාවන බැවින් සෙනසුරුට අයත් දිනයක් මැතිවරණයට යොදා ගැනීමත් පරාජය සඳහා හේතු කාරක විය. මේ කාරණා සඟවා සමහර ජ්‍යොතිෂඥයන් කටයුතු කළේ ඇයිද යන්න ප‍්‍රබල ගැටලූවකි.

5
ඉහත තත්ත්වය දුටු සමහරු මහින්ද රාජපක්ෂ මහතාට ප‍්‍රබල රාජ යෝග ඇති නිසා කිසිම ගැටලූවක් නැති බව කීහ. චන්ද්‍රයාගෙන් 7-8-9හි ග‍්‍රහයන් සුබව පිහිටීම චන්ද්‍ර අධියෝගයක් නිසා දෝෂ භංග වන බව පැවසූහ.


එහෙත් යෝගීතුමා පවසන්නේ ඊට විරුද්ධ අදහසකි. පුරාතන ජ්‍යොතිෂයයේ සඳහන් වන ආකාරයට උපතින් චන්ද්‍රයා අටේ සිට අන්‍ය ග‍්‍රහයන්ගේ දෝෂ සහිතව වසර 30කට වරක් යෙදෙන අෂ්ටම ඒරාෂ්ටකයේදී හෙවත් චන්ද්‍රයාට සෙනසුරු සතුරුව ගමන් කරද්දී යම් පාලකයකු සිය ජීවිතය අභියෝග මැදින් ජයගතහොත් දෙවැනි ලග්න ඒරාෂ්ටකයේදී ඔහු නියත වශයෙන්ම රජ වේ.


උදාහරණ ලෙස ඔහුගේ මුල්ම ලග්න ඒරාෂ්ටක කාලය තුළ දී හෙතෙම ලාබාල මන්ත‍්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමත්, තරුණයකු හැටියට ජනාදරයට පත්වීමත් සිදුවිය.


ඉන්පසුව කේන්ද්‍රයේ ඇති වූ ඒරාෂ්ඨක දෝෂවලදී එවක පාලකයන්ගේ මර්දනය හමුවේ පාද යාත‍්‍රා සහ ජන ඝෝෂා වැනි කටයුතු හරහා සටන්කාමීව අභියෝග මැදින් ඉදිරියට එන්නට සිදුවිය. 1988-1989 ජ.වි.පෙ. භීෂණ සමයේ පවා එතුමා ඉදිරියට පැමිණියේ කේන්ද්‍රයේ බලවත් කම නිසාය.


මෙවැනි කේන්ද්‍රයක පළමු ඒරාෂ්ටක අපලයෙන් බේරුණොත් ඔහු දෙවැනි ලග්න ඒරාෂ්ටකයට මුහුණ දෙන්නේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙමිනි. මෙය හරියට කන්දක් නැග්ගොත් පල්ලමක් ඇත යන කියමනට සමානාර්ථයකි.


හිටපු ජනාධිපතිට දෙවැනි ලග්න ඒරාෂ්ටකය උදාවන්නේ ඔහු ප‍්‍රථම වරට ජනාධිපතිධුරයේ දිවුරුම් දුන් සමයේය. මෙය ඉතා බලගතු සමයකි. එම නිසා තිස් වසරක යුද්ධය නිමා කර, රටේ යම් සංවර්ධනයක් කොට ජනී ජනයාගේ ප‍්‍රසාදයට පත්වීමට මනා භාග්‍යයක් තිබිණි. එතුමා එම අවසරයෙන් දෙවැනි වර ජනාධිපතිධුරයට තරග කොට සුවිසල් ජයග‍්‍රහණයකට උරුමකම් ලද්දේය. එය සිය කේන්ද්‍රයේ වඩා උච්චතම භාග්‍යමත් අවස්ථාවකි.


නමුත් ජ්‍යොතිෂයට අනුව පළමුවැනි හා දෙවැනි ඒරාෂ්ටක අවස්ථාවල ජීවිතය දිනූ රජකුට වුවත් චන්ද්‍රයාගෙන් අටේ හෙවත් අටෙන් අට සෙනසුරු සතුරුව ගෝචරව යෙදුණොත් එයට රාජ්‍යය හැඳි ගෑවීම නියත කාරණයකි. ඒකාන්තයෙන් ඔහුට විනාශයක් සිදුවේ. එම කාලය තුළ රාජ්‍ය නායකයාට පහත දේවල් සිදුවිය හැක.


බුද්ධිය පහළ වැටීම, අදූර දර්ශී වීම, නින්දා අපවාද ලැබීම, මහජනයා කැළඹී රජුට විරුද්ධව නැගී සිටීම, සමකාලීන දේශපාලනඥයන් විසින් කුමන්ත‍්‍රණ කොට පාලකයා බලෙන් පහ කරන්නට යාම, විරුද්ධවාදීන් කැරලි ගැසීම, ගව මහේෂාදීන් (වාහන තනතුරු ආදී) විනාශ වී යාම, රාජ්‍යය තුළ දරුණු ස්වභාවික විපත් ඇති වීම, නිදන්ගත රෝග ඉස්මතු වීම, හිතවතුන් අහිතවතුන් වීම, අපරාධ හා කුරිරු ක‍්‍රියා තම රාජ්‍යය තුළ සිදුවීම, දේව කෝපයන්ට ගොදුරු වීම මින් සමහරකි.

1


තවද පෙර රජදරුවන් දසරාජ ධර්ම ප‍්‍රතිපත්ති රකිමින්, සිල්වත්ව, ගුණවත්ව මහරහතන් වහන්සේලාගේ හා පුරාණ දෛවඥයන්ගේ උපදෙස් මත රුවන්වැලි සෑය වැනි මහදාගැබ් කරවූහ. නමුත් මේ ක‍්‍රියාපිළිවෙත් අනුව නොයා තරගයට කරන්නට ගිය ජේතවනාරාමය, අභයගිරිය වැනි මහසෑයවල් තවත් නිමකිරීම් අවසන් නැත. හිටපු ජනාධිපතිතුමා සඳහිරු සෑය ඉදිකිරීමට ක‍්‍රියාකිරීම වටිනා කාර්යයක් වුණත් එහි කටයුතු කොයිතරම් දුරට සාර්ථක ප‍්‍රතිඵල දුන්නා දැයි අපි කතා කරන්නට යන්නේ නැත. කෙසේ නමුත් දස රාජධර්මානුකූලව, සිල්වත්, ගුණවත් මහා සංඝයාගේ අනුශාසනා මත පුරාණ චාරිත‍්‍රානුකූලව අසහාය මහා චෛත්‍යයන්ට ”අවනම්බු” නොවන සේ මෙවැනි නිර්මාණ කළ යුතුය.


චෛත්‍ය කරවීම ඒකාන්ත වශයෙන් මහත්ඵල ආනිශංස ගෙන දෙන මුත් සඳහිරු සෑයේ ධාතු නිධන් කොට දින ගණනාවක් තුළ රාජ්‍ය බලය පවා අහිමි වූයේ ඇයිද යන්න වඩා කල්පනා කිරීම වටී. එයට හේතුව මෙහි යම් බලපෑමක් වේ නම් ඉදිරි කාලයට ද බලපෑ හැකි නිසාවෙනි.


එදා විභීෂණ රජුට ද කළ නොහැකි වූ කැලණියේ විෂ්ණු රූපය ස්ථාපනය කිරීම පසුගිය රජයේ ප‍්‍රබල ඇමතිවරයකු සිද්ධ කළේය. මේ කාර්යය රාජ්‍ය පාලකයාට හා කරවන ඇමතිවරයාට හා රාජ්‍යයට සුබ නැති බව යෝගීතුමා එම ඇමතිවරයාට ප‍්‍රකාශ කළේය. මෙවැනි බොහෝ අසාහාය, ඉතිසාහය ඉක්මවන දාගැබ්, දේවාල අවදානම් බව නොසලකා නිසි පුරාතන පිළිවෙතින් බැහැරව සිද්ධ කිරීම රජයට දෝෂයක් වූ බව විශ්වාස කළ හැකිය.රජුට මෙවන් ඒරාෂ්ටක කාලයක් පවතින අවස්ථාවක පුරාතනයේ සිද්ධ කෙරුණේ කුඩා රුවල් නැවක් තනා ප‍්‍රධාන අමාත්‍යවරු හතර දෙනෙක් තම පරිවාර කොට බුදුපාමොක් මහ සඟරුවන (සර්වඥ ධාතු, ධර්මරත්නය හා සඟරුවන) නැවේ වඩා හිඳුවා තම රාජ්‍ය තුළ පිහිටි ගංඟාවේ යොදුන් හතක් හෝ සැතපුම් 7ක් පිරිත් සජ්ජායනා කරමින්, තවත් බොහෝ චාරිත‍්‍ර ඉටු කරමින් උඩුගං බලා යාත‍්‍රා කිරීමයි. එමගින් රජුගේ අපල දුරු වී ගව මහීෂාදීන් රැකී, ජනයා සහ රට සුරක්ෂිත වන බව රජවරු විශ්වාස කළහ.


කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම කේන්ද්‍රයට අනුව 2017 වන තුරු අපල තත්ත්වය තදින් පවතී. එම නිසා එතුමාට තවත් වසර දෙකක් ජනාධිපතිධුර කාලය තිබුණු බැවින් අපලය ගෙවෙන තුරු ජනාධිපතිවරණයකට නොයා සිටීමේ භාග්‍යය තිබිණි. ඒ ගැන එතුමාට උපදෙස් ලැබිණි දැයි අප දන්නේ නැත. ඔහුට අවශ්‍ය නම් ජ්‍යොතිෂයට අනුව කළ යුතුව තිබුණේ මහා මැතිවරණය කැඳවා ඒ දෙස බලා සිටීමයි. එසේ වී නම් පක්ෂ විපක්ෂ වශයෙන් තරග වදින්නේ එතුමා නොව වෙනත් අපේක්ෂකයන් දෙපළකි. ඒ අනුව තමන්ගේ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයාගේ කේන්ද්‍රය ප‍්‍රබල නම් මැතිවරණ ජයග‍්‍රහණය පහසුවෙන් තමා නතුකර කරගන්නට තිබිණි. එසේ වී නම් මහින්ද රාජපක්ෂ මහතාගේ නරකට සිටින වසර දෙක තුළ (2017) රටේ වංචා, දූෂණ, මත්කුඩු, මනුෂ්‍ය ඝාතන හා කඩිනම් නීතිය ක‍්‍රියාත්මක කරවීම, මගින් ජනතා ප‍්‍රසාදය ලබා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත හෙළා තුන්වැනි වර බලය ගැනීමට අගනා සහ ඒකාන්ත භාග්‍යයක් තිබිණි.ඉහත දක්වන ලද විග‍්‍රහය සුජිත් නිශාන්ත යෝගීතුමා ජ්‍යොතිෂයේ සියුම් කරුණු හා ජ්‍යොතිෂ්‍ය රහස් කරුණු මත පිහිටා සකස් කර ගත් ඒවාය. මෙම විග‍්‍රහය සාරාංශයක් වන අතර අවශ්‍ය නම් පවුලේ කෙනකුට යෝගීතුමා හමු වී පුළුල් විග‍්‍රහයක් ලබා ගත හැක. එයට හේතුව තවත් ප‍්‍රසිද්ධ නොකළ යුතු කාරණා බොහෝමයක් ජ්‍යොතිෂයට අනුව සඳහන් කළ යුතු හෙයිනි.


ආචාර්ය සුජිත් නිශාන්ත යෝගීතුමා මහනුවර, වේල්ස්පාක්හි නගරාධිපති නිල නිවස අසල යෝගාශ‍්‍රමයේදී හමුවිය හැක.

    m



අදහස් (0)

මහින්දගේ පරාජය ජ්‍යොතිෂ ඇසින්

විමුක්ති Wednesday, 25 February 2015 11:16 PM

ජ්‍යොතිෂය කොහොම වුණත් දක්ෂයාට නිසි තැන ලැබෙනවා (නි)

:       0       0

සූරියනත Wednesday, 18 February 2015 07:43 AM

මිනිස්සු හිතෙන හිතෙන විදියට කියනවා . දෙවියන්වහන්සේ තමාගේ අභිමතය මත සියලු දේ සිදුකරනවා .එතකොට කියවපු මිනිස්සු පච වෙනවා ඕක තමයි වෙන්නේ. (අ)

:       0       0

වාසන් Tuesday, 17 February 2015 03:34 PM

මේ මොන බොරුද මේ වුණේ බාගෙන කන වල ඉහගන කන්න ගියා මේ ලෝකේ දෙවි කෙනෙක් ඉන්නවා හැමදේම බලාගෙන (අ)

:       0       0

දීපා Friday, 20 February 2015 10:51 AM

අමුලික බොරු මේවට රැවැටිල තමා ජනපති පැරදුණේ (අ)

:       0       0

ජනක Wednesday, 18 February 2015 09:47 AM

මේවට තාම කියන්නේ සුරන්ගනා කතා කියල. (අ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 16 February 2015 08:41 PM

මේ ඔක්කොම නිකම් විහිලු කතා. මහින්දත් ප්‍රේමදාසත් අනාවැකි වලට මුලාවී අමාරුවේ වැටුනා (නදී)

:       0       0

හරීන්ද්‍ර Tuesday, 17 February 2015 08:40 AM

මේවා පිළිගන්න නම් ලංකාවේ මිනිස්සු මෝඩයෝ වෙන්න ඕනි. මේ මනුස්සයා දන්නවා මෛත්‍රීපාල මහත්තය අවුරුදු 4ක් වත් බලයේ ඉන්නවා කියලා. ඉතින් ඒ කාල සීමාව මහින්දට අපලයි කියල එයාගේ අනාවැකිය අවුරුදු 4ක් ඇත්ත කරලා පෙන්නලා ලොක්ක වෙන්න හදනවා. තව අවුරුදු 4ක් ගියාම වෙන මොනවා හරි බයිලයක් ගහයි.(නදී)

:       0       0

යෝෂිත Wednesday, 04 March 2015 04:23 PM

කේන්දරයේ තියෙන්නේ උපදින වෙලාව දක්වා කරපු කර්ම අනුව විග්‍රහයක්. ඉපදුනාට පසුව කරන කර්ම කෙන්දරය අනුව විග්‍රහ වෙන්නේ නැහැ. කේන්දරය අනුව ඔහු දිනනවා. නමුත් ඉපදුනාට පසුව කරපු ඡරා වැඩ එනම් පාප කර්ම ඉතා බලවත් ඒවා නිසා කේන්දරේ සඳහන් එවා යටපත් වෙලා ප්‍රබල ඒවා ඉස්මතුවි පල දුන්නා. ඒකයි ඇත්ත කතාව. (ස)

:       0       0

ගයාන් Monday, 23 February 2015 04:59 PM

දැන්නම් ජ්‍යොතිෂයත් එපාවෙලා අපිට (නි)

:       0       0

සත්ත්‍යා Wednesday, 04 March 2015 04:33 PM

රටේ නායකයාගේ කේදරේ බලගතු උනහම ග්‍රහ තාරකා පිහිටිම වෙනස් උනහම රටේ බහුතරය මෝඩයෝ වෙනවද. බොරු කතා. මේක කෙටි කාලයක් තුල කරපු දේවල ප්‍රතිඵල අනුව සිදුවුන දෙයක් මිසක් ඔය කියන ග්‍රහතාරකා කැරකිම මත වෙච්ච්දෙයක් නොවෙයි. කේන්දරයේ සටහන් වෙන්නේ උපදින අවස්ථාව වෙනකොට තිබ්බ තත්වයයි. ඊට පසුව කරපුවා කේන්දරයට එන්නේ ඊලග ඉපදිම උනාට පස්සේ හදන කේන්දරයටයි. (ස)

:       0       0

චතුර Friday, 20 February 2015 12:15 PM

මේ වගේ දේවල් විස්වාසකරන්න තරම් අපේ ම්නිස්සු මෝඩ නැහැ. මුන්ට පුළුවන් දෙයක් තියනවද? ජෝතිෂ්‍ය කියන්නේ අමුම අමු බොරුවක්. කිසිම ඇත්තක් නැහැ. අනේ අපේ මෝඩ මිනිස්සුන්ට මේක තේරෙන්නැති හැටි. (අ)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 16 February 2015 11:14 PM

රස්සාවක් වුණත් කරන්න ඕනෑ බොරු නැතුව.අපේ රටේ ඉන්න මිනිසුන් මුලාකරන්නේ නැතුව. (නි)

:       0       0

බුද්ධි Thursday, 19 February 2015 03:50 AM

ඔය අනාවැකි කියන ලොක්කන්ට බැරිවුණානේ හරි අනාවැකියක් කියාගන්න අපේ රටේ අහිංසක කොල්ලෝ දහස් ගණනක් මැරෙද්දි ඔවුන්ව බේරාගන්න. ප්‍රභාකරන්ගේ හඳහන බලගතුවුණ නිසාද දන්නෙ නැහැ අවුරුදු 30ක්ම රජකළේ. (නි)

:       0       0

ලක්ෂ්මී Saturday, 21 February 2015 06:25 PM

රාජපක්ෂ මහත්තයට උනේ දිට්ට ධම්ම වේදනීය ධර්මය පටිසන් දීපු එකයි. (නදි)

:       0       0

ලසිත් Wednesday, 18 February 2015 02:52 AM

කවදාද අපේ මිනිස්සු පාඩමක් ඉගෙනගන්නේ? (නි)

:       0       0

සාමා Thursday, 19 February 2015 04:50 AM

මේ අපේ මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

එඩ්වර්ඩ් Tuesday, 17 February 2015 04:55 AM

මේවා පට්ටපල් බොරු (නදී)

:       0       0

රූපා Sunday, 22 February 2015 03:40 AM

නැකැත් බලන, ශාස්ත්‍ර කියන /අහන, කේන්දර විශ්වාස කරන, සහ මිත්‍යා විශ්වාස හිස් මුදුනින් අදහන ලාංකිකයෝ තමන්ගෙ රටේ සල්ලි හම්බ කරන්න එකී මාර්ගවලින් ප්‍රයෝජනයක් නැති නිසා මිත්‍යා විශ්වාස තුට්ටුවකටවත් පිළිගන්නෙ නැති අධිසංවර්ධිත විදේශයන්ට බැලමෙහෙවර කරනවා. (දිල්)

:       0       0

ලක්මාල් Tuesday, 17 February 2015 11:40 AM

හොර බොරු වංචා දුෂණ කරන නායකයෝ පළවාහරින්න ඕවා ඕනෑද? (නි)

:       0       0

විමුක්ති Wednesday, 25 February 2015 11:08 PM

ආයෙත් අපිව රවටන්න නම් ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 161 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 126 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 61 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 137 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 76 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 619 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 612 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 315 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site