IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මහනුවර තවත් මුදා නොගත් ගමක්

මහනුවර, අම්පිටිය, මී කණුව ප්‍රදේශය රට පුරා අවධානයට ලක් වූයේ 16 හැවිරිදි පාසල් සිසුවකු අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් ගිනි තබා බරපතළ තුවාල සිදු කිරීමත් සමගය. එහෙත් එවැනිම අපරාධ කල්ලියක් මේ වන විට ගාල්තැන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. එම ප්‍රදේශයේ ජනතාව ද සවස හයෙන් පසු ගෙවල් දොරවල් කඩසාප්පු වසා තම ආරක්ෂාව තහවුරු කර ගනු ලබන්නේ ප්‍රදේශය පුරා ක්‍රියාත්මක මැර කල්ලියක් හේතුවෙනි. මෙම මැර කල්ලිය කරළියට එනු ලබන්නේ මීට වසර දෙකකට පමණ පෙර පුද්ගලයකු ගාල්තැන්න ප්‍රදේශයේ පාළු කඳු ගැටයකට ගෙනගොස් කුරුසයකට සමාන ලෙස තබා ඇණ ගැසීමත් සමගිනි. එම ප්‍රවෘත්තිය එදා ප්‍රධාන පුවතක් බවට පත්විය.

එදා පුද්ගලයකු කුරුසයට සමාන ලෙස තබා ඇණ ගැසූ සිද්ධිය ජනමාධ්‍යයේ පළ නොවන්නට අදටත් එම අපරාධකරුවන් නිදැල්ලේ සිටිනු නොඅනුමාන ය.


මේ වන විට එම සිද්ධියේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටියත් ඔහු එහි සිට අපරාධ කල්ලි මෙහෙයවමින් ගාල්තැන්න ප්‍රදේශය පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම ඇතුළු භීෂණකාරී ක්‍රියා මෙහෙයවමින් සිටින බව තම අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් පවසන්නේ මෙම අපරාධ කල්ලියේ ප්‍රධාන සැකකරු දිනපතා ජංගම දුරකථන මාර්ගයෙන් ඔහුගේ නිවසට දුරකතන ඇමතුම් දෙන බවත් ඔහුගේ නිවසට අවශ්‍ය මුදල් වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලෙස ලබා ගනිමින් ඔහුගේ නිවසට ලැබීමට සලස්වන බවයි. එහෙත් එම කප්පම් මුදල් ගෙවන පුද්ගලයන් කිසි දිනක එම අපරාධකරුට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන්නේ ඔහුට ඇති බිය නිසාත් එසේ කළ හොත් එළියේ සිටින ඔහුගේ ගෝලබාලයන්ගෙන් ලැබෙන දඬුවම දන්නා නිසාත් බව ඔවුහු කියති.


මේ අයුරින් ජංගම දුරකථන භාවිතා කරමින් කප්පම් මුදල් ලබා ගැනීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කිරීමටත් බන්ධනාගාරය ඇතුළෙන් ඔහුට අනගි සහායක් ලැබෙන බව ප්‍රදේශවාසීහු කියති.

සැකකරුවන්ගෙන් අල්ලාගත් අවි ආයුධ


ගාල්තැන්න ප්‍රදේශයේ මේ වන විට ක්‍රියාත්මක භීෂණයේ ආරම්භය සිද්ධ වන්නේ 90 දශකයේ දී එම ප්‍රදේශයට සංක්‍රමණය වූ එක්තරා කාන්තාවක සමඟිනි. තලාතුඔය පොලිස් වසමේ කලාප 03 යනුවෙන් හැඳින්වෙන පොලිස් බල ප්‍රදේශයට පැමිණි මෙම පවුල අතර සිටි රූමත් කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන පොලිස් නිලධාරියකුගේ ආනුභාවයෙන් මේ වන විට ගාල්තැන්න ප්‍රදේශයම ගිලගෙන ඇති භීෂණයේ අරුණලු‍ එම ප්‍රදේශයට පහත් වූ බව ප්‍රදේශවාසීහු කියති. ගාල්තැන්න ගල්පිහිල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකු මහනුවර ප්‍රදේශයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ඔහුගේ නිවස අලෙවි කිරීමත් සමග එම ස්ථානයේ සුවිසල් වෙළෙඳ සංකීර්ණයක් ඉදිකොට එහි අසල්වැසියන් කිහිප දෙනෙකු ද සම්බන්ධ කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බව ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශයේ අපරාධ කල්ලි සාමාජිකයන් ද මෙම ජාවාරම්කරුවා සමඟ සම්බන්ධකම් පවත්වන බවද කියයි.


ගාල්තැන්න ප්‍රදේශයේ පාළු කඳු ගැටයකට පුද්ගලයකු රැගෙන ගොස් කුරුසයක තබා ඇණ ගසා දස වධ දීමේ සිද්ධියත් සමගින් දෙස් විදෙස්හි මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියක් වාර්තා වීමත් සමග ගාල්තැන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක භීෂණය සම්බන්ධයෙන් බොහෝ දෙනකු කතා කරන්නට වුවත් මේ වන විට එය යටපත් වී ඇත්තේ මෑතකදී යම් ආකාරයක ආන්දෝලනාත්මක සිදුවීමක් එම ප්‍රදේශයෙන් වාර්තා වී නොමැති බැවිනි.


එහෙත් එම ප්‍රදේශය පුරා ක්‍රියාත්මක අපරාධකරුවන්ගේ භීෂණය රැයක් දවාලක් නොමැතිව ඒ අයුරින්ම එම ප්‍රදේශ පුරාම ක්‍රියාත්මක බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ එම පිරිස විසින් ප්‍රදේශය පුරා විසුරුවා පතුරුවා තිබෙන භීෂණය කෙතරම් භයංකාර ද යත් ඒ පිළිබඳව කටක් හෙළවීමට හෝ එම ගම් පළාත්වල වැසියන් ඉදිරිපත් නොවීම තුළින් ම එම ප්‍රදේශ පුරා භීෂකයන් විසින් පවත්වාගෙන යන භීෂණයේ භයංකාරත්වය කොතෙක්ද යන්න පැහැදිලි වේ.


ආහාර ද්‍රව්‍ය අලෙවි කරන අලෙවිසල්වලට පැමිණෙන මෙම කල්ලිය තමන්ට අවශ්‍යය භාණ්ඩ ගැනීමට භාණ්ඩ ලයිස්තුව කියවනු ලබන්නේ සාමාන්‍ය පරිදිය. භාණ්ඩ ලයිස්තුවේ මිල 5000 ද 10000 ද 20,000 ද යන්න අපරාධකරුට අදාළ නැත. භාණ්ඩ ලැයිස්තුව සකස් වූ පසු වෙළෙඳසැලේ කවුන්ටරය මත තැබෙන්නේ කඩුවක් කිණිස්සක් වැනි ආයුධයකි. ඉන් අනතුරුව වෙළෙඳසැලේ හිමිකරුගෙන් හෝ කළමනාකරුගෙන් ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ මෙම ආයුධයෙන් අපට වැඩක් ගන්න වෙයිද යන්න පමණි. ඉන් අනතුරුව සිදුවන දේ සිතාගැනීම පාඨක ඔබට භාරය.


පෙර සඳහන් කළ පරිදි මහනුවර පොලිස් කොට්ඨාශයේ කලාප 03 යනුවෙන් හඳුන්වනු ලබන්නේ ගාල්තැන්න ප්‍රදේශයයි. 90 දශකයේ දී මෙම පොලිස් කලාපයේ බලධාරියකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යනු ලබන මෙම ප්‍රදේශයේ එක්තරා කාන්තාවක ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම සුළු වශයෙන් ආරම්භ කර ඇත්තේ එම නිලධාරියාගේ ද ආනුභාවයෙනි. එම කාලයේදී කුඩා අවදියේ සිටි එම කාන්තාවගේ පුත්‍රයෙකු කර දඬු උස් වූ පසු අම්මාගේ හෙරොයින් ජාවාරමත් සමග කරළියට පැමිණ හෙරොයින් ජාවාරම ද සමග ඉතා පහසුවෙන් මුදල් ඉපයිය හැකි කර්මාන්තයක් වන දේවාලයක් පටන් ගන්නේ මහනුවරින් පිට පළාතකය. එම කර්මාන්ත දෙකෙන් යහමින් මුදල් අතපත ගෑමත් සමඟ ඔහුගේ පවුලේ ඥාති ගැටවරයන් පිරිසක් එක් කර ගනිමින් මැර කල්ලියක් බිහි කර ගෙන ඇත.


ගාල්තැන්න ප්‍රදේශයේ භීෂණයේ අරුණලු‍ උදා වන්නේ එම මැර කල්ලිය බිහිවීමත් සමගිනි. එම මැර කල්ලියේ අණසක ගාල්තැන්න ගමෙන් එහාට විසුරුවා හරිමින් අම්පිටිය, මී කණුව, ඉන් පහළට ඇති තැන්නෙකුඹුර, දිගන දක්වා ගෙන යන්නේ පසුගියදා සිසුවෙකුට ගිනි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පැතුම් හෙවත් ඉදිච්චා ගේ පුතා යන අයගේ කල්ලිය ද එක්කර ගනිමිනි. පසුකාලීනව මෙම කල්ලි දෙක වෙන් වන්නේ එම කල්ලි දෙක අතර ඇති වූ දරුණු ගැටුමකින් අනතුරුව ගාල්තැන්න කල්ලියේ අයෙකුගේ ඇඟිල්ලක් කපා වෙන්කර දමමින් පැතුම් හෙවත් ඉදිච්චා ගේ පුතා අම්පිටිය මී කණුව ප්‍රදේශය තම බල ප්‍රදේශය කරගනිමිනුත් කඩු කල්ලිය නමින් හඳුන්වනු ලබන අනෙක් කණ්ඩායම ගාල්තැන්න ප්‍රදේශය තම බල ප්‍රදේශය කරගනිමිනුත්ය.


මෙම කල්ලි දෙක අතරින් ගාල්තැන්න කඩු කල්ලිය මෙහෙයවූ තැනැත්තාට ඉහළ දේශපාලන අධිකාරියේ ආශිර්වාදය හිමි වූයේ ඔහු දේවාලයක් ද පවත්වාගෙන යන බැවිනි. හෙරොයින්, ගංජා ජාවාරම ජයටම කරමින් ප්‍රදේශයේ ජනතාව බියගන්වමින් ඉඩම් අල්ලමින් කොල්ලකමින් ප්‍රදේශය පුරා භීෂණය වැපිරීමට ඔහුට හැකි වූයේ එම දේශපාලන රැකවරණය හේතුවෙනි. ඕනෑම මොහොතක මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයන් හමුවීමට හා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ඔහුට තිබූ හැකියාව නිසාම ඉහළ සිට පහළට සිටින පොලිස් නිලධාරීන් ද ඔහුගේ අතකොළු‍ බවට පත්වූයේ ඔහුගේ මැර ක්‍රියාකාරකම් තව තවත් ශක්තිමත් කරවමිනි. ඉහළ පොලිස් නිලධාරීන්ට පවා ඔහු ඇමතුවේ මචං හෝ අයියා යන වදනෙනි. මෙවැනි පසුබිමක් තුළ ඔවුන්ට මිනිසෙකු ඝාතනය කිරීම පහරදීම කපා කොටා තුවාල කිරීම ඉතාමත් සුළු දෙයක් විය. කඩු කල්ලියේ නායකයාගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ ඥාතියෙකු රිය අනතුරකින් මිය යන්නේ ඉතාමත් සැකකටයුතු ආකාරයෙනි. ඔහුගේ මළ සිරුර භූමදාන කරන අවස්ථාවේදී එම බලවතා ඉතාමත් හැඟු‍ම්බරව එම මළ සිරුරට රන් මාලයක් වැනි යමක් පැලඳවීය. එය බලා සිටි එම කල්ලියේම යකා නමැත්තෙකු ඔහුගේ භාර්යාව ද සමඟ පැමිණ මළ සිරුර මිහිදන් කොට තිබූ අම්පිටිය මැද්දේපතන පොදු සොහොන් පිටියට පැමිණ රාත්‍රී කාලයේ එම මිනිය ගොඩ ගෙන තිබුණේ එම රන් මාලය ලබාගැනීම සඳහාය. එහෙත් එය රන් මාලයක් නොවන බව ඔවුන්ට වැටහී ඇත්තේ මිනිය ගොඩ ගෙන එය පරීක්ෂා කළ අවස්ථාවේදීය. මෙම මිනිය ගොඩ ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොවීම ද විශේෂ සිදුවීමකි.
මේ අතර ඉදිච්චාගේ පුතා හෙවත් පැතුම් නමැත්තා ඔහුගේ බල ප්‍රදේශය තුළ තම අණසක පතුරුවා සිටියේ කිසිදු දේශපාලකයෙකුගේ උදව්වක් නොමැතිවය. ඔහු ඇතුළු කණ්ඩායමට තිබූ ලොකුම හයිය වූයේ දූෂිත ඇතැම් පොලිස් නිලධාරීන්ය. ඔහුගේ කල්ලියට තිබූ පොලිස් සම්බන්ධතා සම්බන්ධයෙන් ගිනි තබා තුවාල කළ සිසුවාගේ මව විසින් ලබාදුන් ලිපියක් ඉකුත් සඳුදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති පළාත් ආරක්ෂක කමිටු රැස්වීමේදී මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අතට පත් කෙරිණි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේය එම නිලධාරීන්ට එල්ල වී ඇති චෝදනා ඔප්පු වුවහොත් තරාතිරම නොබලා පොලිස් විනය නීති සංග්‍රහය අනුව ක්‍රියා කරන බවයි.

 

 

 

සටහන හා ඡායාරූප 
ෂේන් සෙනෙවිරත්න

 



අදහස් (3)

මහනුවර තවත් මුදා නොගත් ගමක්

ajith Monday, 19 December 2022 06:23 PM

අපරාධ කල්ලියක් මේ වනවිට ගාල්තැන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් පවතින මැරකල්ලි/ කටයුතු නවත්වා ආරක්ෂාව තහවුරු කිරීමට වගකිවයුතු පොලිසියක් නැති බව පෙනේ...

:       0       17

ගල්තැන්න Thursday, 22 December 2022 08:39 AM

හොඳ කොන්දක් ඇති එඩිතර පොලිස්පතිතුමෙක් ශ්‍රීලංකා පොලිසියට ඕනේ වෙලාව දැන්...!

:       0       8

sampath Monday, 26 December 2022 10:47 PM

චෝදනා ඔප්පු වෙනකන් ඉන්න ඕන නැහැ, චෝදනා තියේනම් වහාම ස්ථාන මාරුවක් ලබා දීලා හෝ සේවය අත් හිටුවලා විමර්ශන පටන් ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1369 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 8089 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 465 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 854 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 877 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 459 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site