IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මහියංගණ පුද බිමට අඩි 84 බුදු රුවක්

බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කළ  අවස්ථාව නිරූපණය කරමින් මහියංගණය පුද බිමේ ඉදිවන  අඩි  84 උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ තුන්වැනි අදියර සඳහා අද(23) මුල්ගල් තැබිණි.

මහියංගණය රාජමහා විහාර භාරකාර උරුලෑවත්තේ ධම්ම රක්ඛිත හිමියන්ගේ ද මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුළු පැමිණි විශේෂ අමුත්තන් ඓතිහාසික මියුගුණ සෑයට කප්රුක් පූජාවක් පවත්වා මහා සංඝරත්නය ප්‍රතිමා වහන්සේ ඉදිකරන  මහියංගණය විල්ලුව වැව  අසළට පෙරහැරින් වැඩම කරවා දම්සක් පැවතුම් සුත්‍රය මධ්‍යයේ බුදුරුවට මුල්ගල් තැබුහ.

 

මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ සමාජිකයිනගේ එකමුතුවෙන් ඇරඹු මෙහි මුළු වියදම ලක්ෂ 300 පමණ වෙතැයි  මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියයි

www.methsaviya.org / www.methsaviya.lk යන වෙබ් අඩවි මගින් වැඩි විස්තර ලබා ගත හැකිය.

DSC09605 DSC09617 DSC09621 DSC09632 DSC09645 DSC09647 DSC09648 DSC09659 DSC09687 DSC09692 DSC09693 DSC09697 DSC09702 DSC09704 DSC09708 DSC09712 DSC09713 DSC09714 DSC09727 DSC09730 DSC09735 DSC09736 DSC09744 DSC09758 DSC09783 DSC09789 DSC09794 DSC09800 DSC09817 DSC09820 DSC09828 DSC09829 DSC09848

 



අදහස් (0)

මහියංගණ පුද බිමට අඩි 84 බුදු රුවක්

ඒ සීලවංශ හිමි Sunday, 23 November 2014 03:47 AM

තෙරුවන් සරණින් ඉක්මනින් වැඩ නිමකිරීමට ලැබේවා. ඉන්දියාවේ බරනැස්නුවර සිටියත් මියුගුණ පුදබිමේ ඉදිවන පිළිමය මට වාසනාවක් සේ දැනේ. (නදී)

:       0       0

ප්‍රසාදි Friday, 12 September 2014 09:44 AM

වටිනා පින්කමකි (නි)

:       0       0

සංජීව Thursday, 24 July 2014 06:03 AM

සියලු දෙනාගේම ආධාරය ලැබේවා (නදී)

:       0       0

රුමින්ද Wednesday, 06 August 2014 06:13 AM

මේ විදිය බුදුරුවක් ඉදිකරන්න ගත් මේ පියවර ඔබ සියලු දෙනා සිතූ ආකාරයෙන්ම ඉටුකර ගැනීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

විශ්ව Monday, 18 August 2014 04:58 AM

හරි අගෙයි ඡායාරූප ටික. ලස්සනයි. ලංකාවේද කියලා හිතෙනවා (නි)

:       0       0

මාලිංග බණ්ඩාර Friday, 12 September 2014 10:17 AM

මේ බුදුන්ගේ දේශයයි. බුදුන් වහන්සේ මාගේ මෙන්ම සෑම බෞද්ධයෙක්ගේම මනස තුළ ජීවමානයි (නි)

:       1       0

වින්ද්‍යා Friday, 26 September 2014 03:06 PM

ඉතාමත් වටිනා පින්කමක්.. (දී)

:       0       0

අනුලා ගමගේ Saturday, 23 August 2014 08:28 AM

මතු බවයට කරන පින් ගෙනයනවා නොමසුරු ආදාරය ලබා දෙමු. (නදී)

:       0       0

සුනිල් පෙරේරා Saturday, 02 August 2014 09:35 PM

අහසින් බසින බුදු රුවන ගේ රුවක් මැවෙයි සද්ධා ගගුල මහියංගන පින් බිමේ සැදෙයි දම් සිල්සුවද සග සරනින් පිපි දිළෙයි සිරිලක් දෙරණ තව දෙදහස් වසරකම දිනෙයි (නදී)

:       0       0

උදාරත් Tuesday, 21 October 2014 07:12 AM

අට මහා කුසල් වලිං එකක්. විශාල පිංකමක්.සාදූ... සාදූ.... සාදූ...!! (නදී)

:       0       0

රසික Tuesday, 23 September 2014 04:50 PM

පිළිම වහන්සේ ඉක්මනින් දැකගන්න වාසනාව ලැබේවා. (ස)

:       0       0

ඇසළ Monday, 24 November 2014 09:53 AM

මෙයට දායක වීම ඉතා කලකින් ලැබෙන දුර්ලහ පුන්‍යකර්මයක් කර ගැනීමට වාසනාවක්. මේ වගේම අපෙන් කැඩී වෙන්වියාමට මාන බලන උතුරු නැගෙනහිර පළාත්වලත් හැකි පමණින් වෙහෙර විහාර ඉදිකිරීමට උත්සාහ ගැනීමට හැකියාව ලැබේවායි පතමි. (නදී)

:       0       0

විපුල Friday, 25 July 2014 03:56 PM

බෞද්ධ ජනතාවගේ නොමසුරු ආධාර ලැබිය යුතුයි. (නදී)

:       0       0

සිසිර Thursday, 13 November 2014 06:51 AM

පින් සිද්ධ වෙන වැඩක්.තෙරුවන් සරණයි.(හේ)

:       0       0

ලංකා Monday, 22 September 2014 10:47 AM

මෙම උතුම් පින්කමට දායක වීමට ලැබීම අප ලැබූ මහත් භාග්‍යකි. මෙත් සවිය පව්ලේ අප සැමට නිවන් මග පහදා දෙන අපගේ ගුරු පියාණන්ට සුඛ ආයු හා දිර්ඝු ලැබේවා! (නදී)

:       0       0

ලක්ෂ්මන් Saturday, 09 August 2014 11:28 AM

ඉතාම වැදගත් පින්කමක් සාදු! සාදු!! සාදු!!! (දී)

:       0       0

කුමාර් Saturday, 22 November 2014 07:08 PM

පිළිම නමස්කාර කරලා කොයිවල යන්නද ? (ස)

:       0       0

උපාලි Saturday, 16 August 2014 02:50 AM

මෙය ඉතා වටිනා පිනකි (නි)

:       0       0

තාරක Saturday, 11 October 2014 02:10 PM

මහියංගනය තවත් බැබලේවී.(හේ)

:       0       0

ඉන්ද්‍රාණි Sunday, 09 November 2014 05:40 AM

සාදූ සාදූ .(හේ)

:       0       0

ප්‍රදීප් Sunday, 05 October 2014 10:57 PM

කොච්චර පිළිම හැදුවත් මිනිසුන් ධර්මයට අනුව හැසිරෙන්නේ නැත්තම් වැඩක් නැහැ (නි)

:       0       0

තාරක Tuesday, 23 September 2014 04:03 AM

සාදූ... සාදූ.... සාදූ...!! වටිනා පිං කමක්. (නදී)

:       0       0

ඉන්ද්‍රාණි Sunday, 09 November 2014 05:47 AM

යොමා බුදු නෙත කුලුනිනේ - වඩිනු මැන නිදුකානනේ !(හේ)

:       0       0

ගීතාංජලී Friday, 25 July 2014 09:47 AM

මෙම පිළිම වහන්සේ, බුදුරජාණන් වහන්සේ දඹදිව සිට ලංකාද්වීපයට සෘධියෙන් වඩින අයුරින් දිස්වන විරළ වූ අවස්ථාවකි. අට මහා කුසල් වලින් එකක් වන මෙම උතුම් පිංකම දැකබලා සතුටුවීමට ලැබීමත් පිනක් වන අතර, හැකි පමණින් හෝ අපි සැවොම ආධාර මුදලක් ලබා දී මෙම උතුම් සේවාව වෙනුවෙන් වෙහෙසී කටයුතු කරනු ලබන චන්දන ජයරත්න මහාචාර්යතුමා ඇතුඵ මෙත් සවියට තුණුරුවනේ පිහිට හා සියඵ දෙවි ආශිර්වාදය ලැබේවායි පතමු. (නි)

:       0       0

ගීතාංජලී Friday, 25 July 2014 09:48 AM

මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ දඹදිව සිට ලංකාද්වීපයට සෘද්ධියෙන් වඩින අයුරින් දිස්වන විරළ වූ අවස්ථාවකි. අට මහා කුසල් වලින් එකක් වන මෙම උතුම් පිංකම දැක බලා සතුටු වීමට ලැබීමත් පිනක් වන අතර, හැකි පමණින් හෝ අපි සැවොම ආධාර මුදලක් ලබා දී මෙම උතුම් සේවාව වෙනුවෙන් වෙහෙසී තටයුතු කරනු ලබන චන්දන ජයරත්න මහාචාර්යතුමා ඇතුඵ මෙත් සවියට තුණුරුවනේ පිහිට හා සියඵ දෙවි ආශිර්වාදය ලැබේවා ! යි පතමු. (ස)

:       0       0

සුමින්ද Sunday, 26 October 2014 02:40 AM

නෙත සැනසීම බුදු හිමි රුව දැකීමය. (නදී)

:       0       0

රුවන් Tuesday, 29 July 2014 04:41 AM

හොදේ කියන්නේ අපිට තව බුදුදහම ගැන ඇති ආදරය වැඩිවනවා . අපේ සහය පතන ලෙස ඉල්ලමි.(නදී)

:       0       0

මහේෂිකා Friday, 25 July 2014 10:49 AM

සැමගේ ආධාර ඉක්මනින් ලැබී බුදු පිළිමය කඩිනමින් ඉදි වේවා (අ)

:       0       0

දිලීප Wednesday, 26 November 2014 05:56 AM

අනේ සාදු. අපිට සතුටුයි.අනේ ඔය දායක මහත්තුරු ටිකක් උරුලවත්ත රාජ මහා විහාරයටත් එන්නකෝ. ලැජ්ජයි අප්පා. ජරාවාස වෙලා. හිඟන මඩුවක් වගේ. ලෝකෙට පරකාසේ-ගෙදරට මරගාතේ කියන්නේ ඕවට තමයි. (ස)

:       0       0

අරුන Friday, 07 November 2014 02:49 PM

සාදූ... සාදූ.... සාදූ...(හේ)

:       0       0

එරංද Friday, 01 August 2014 07:47 AM

ඉක්මනින්ම මෙය නිර්මාණය කිරීමට සැමටම හැකි වේවා (නදී)

:       0       0

හෂාන් Tuesday, 09 September 2014 04:11 PM

අති විශිෂ්ට කාර්යයක්. (නි)

:       0       0

සුභාෂිණි Tuesday, 09 September 2014 04:15 PM

කොයි පැරණි පොතේද බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියලා තියෙන්නේ? (නි)

:       0       0

අනුර Tuesday, 09 September 2014 04:17 PM

සාදූ... සාදූ.... සාදූ...!! (නි)

:       0       0

රූපවතී Friday, 15 August 2014 04:54 PM

සාදු සාදු සාදු! (නි)

:       0       0

මහේෂ්‍ Tuesday, 09 September 2014 04:19 PM

හරිම සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 705 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site