අවතාර සහ හොල්මන් කතා ගැන කියන විට රාගමට නුදුරු මහබාගේ ගමෙහි දැනට වසර හැටකට පමණ පෙර සිදුවූ හොල්මන් කතාවක් පිළිබඳව මගේ මතකයට නැගෙයි.
දැනට මේ ගමේ නම මහබාගේ වුවද වසර දෙතුන් සියයකට පමණ පෙර මෙය හඳුන්වා ඇත්තේ දෙවොල්බාගේ යනුවෙනි. එකල මහා ඝන වනාන්තරයක් වූ මෙහි දෙවොල් මඩු පැවැත්වීම කරගෙන ගොස් තිබුණු නිසා දෙවොල්බාගේ යනුවෙන් හඳුන්වා තිබූ බැව් එකල ගමේ පැරැන්නෝ පැවසූහ. වැඩිපුරම එකල දෙවොල් මඩු පවත්වා තිබුණේ මේ ගමේ මාර ගොඩැල්ල යනුවෙන් හඳුන්වන කොටසෙහිය. මාරගොඩැල්ල අවතාර සහ හොල්මන් බහුල ප්‍රදේශයක් ලෙස එකල ගම්මු හැඳින්වූහ. යන්තම් කළුවර වැටුණු පසු මෙම ප්‍රදේශයට යාමට ගම්මු බිය වූහ. මාරගොඩැල්ලෙහි අතු පතර විහිදී වැඩුණු විශාල ගොරොක් ගහක් ද තිබුණි. රෑ බෝවූ පසු මහසෝනා, රීරියකා වැනි ඉතා භයංකර යකුන් මෙම ගසේ ලැග සිටින බවටද කට කතාවක් පැතිර ගොස් තිබුණි.
එකල ගමේ සිටි ගණංකාරයා කිරිනේලිස්ය. ඇඟ පුරාම සුදු කබර තිබූ හෙයින් ඔහුට ගමේ අය කීවේ ‘පුල්ලිකිරා’ කියාය. පුල්ලි කිරා එකල හොඳ සද්දන්ත නාම්බෙකි. ඔහු යකෙකුටවත් බය නැතැයි වහසි බස් දෙඩූවෙකි. මහසෝනා, රීරියකා වැනි මහා භයංකාර යකුන් පුල්ලිකිරාට නම් පූස් පැටව් ගානය.
උදේ සිට දහවල් වනතුරු මුතුරාජවෙල මහ ඇලේ කරක් ගසා වෙල් මාළු අල්ලන පුල්ලි කිරා ඒවා විකුණා ලැබෙන සල්ලි වලින් කරන්නේ තම වයසේ නාම්බන් රැළ සමග එකතුවී කට ගොන්නක් කසිප්පු බොන එකය. දවසක් මේ කසිප්පුවලින් සප්පායම් වන වෙලාවක මාරගොඩැල්ලේ ගොරොක් ගහේ රෑට ලගින යකුන් පිළිබඳව කතාවක් ඇතිවිය. ‘කාටද පුළුවන් රෑ දොළහට ඔය යක්කු ලගින ගොරොක් ගහ ළඟට ගිහින් එන්න’ එක් මිතුරෙක් කීවේය. හා අපි ඔට්ටුවක් අල්ලමු. නිකං ගිහින් එන්න නොවෙයි. පුලුටුත් අරගෙන රෑ දොළහට ගොරොක් ගහ ළඟට ගිහින් පුලුටු කාල ගොරොක් ගහේ ඇණයක් ගහල එන්න ඕනෑ. එම ඔට්ටුවට කවුරුත් එකඟ වූහ. ‘හැබැයි නොබී තමයි යන්න ඕනෑ එයටද සියල්ලෝම කැමැති වූහ. හොඳයි ඔට්ටුව මොකක්ද? ඒ ප්‍රශ්න ඇසුවේ පුල්ලිකිරාය. අලුත්ම පට සරමක් හොඳ නැද්ද? ඒ තවත් මිතුරෙකුගේ අදහසකි. අපොයි පට සරම විතරක් මදි. හොඳවයින් බෝතලයක් බැරිද? ඒ තවත් මිතුරෙකි. ආ ඒක හොඳයි. ඔට්ටුව තීන්දු විය. ඔට්ටුව සඳහා අවශ්‍ය මුදල් ද එකතු විය. ‘එහෙනං හෙට රෑ හරියටම මෙතැනට කට්ටිය එකතු වෙමු’ සියල්ලෝම ඔට්ටු තීන්දුව ගෙන විසිර ගියහ.
පසුදින මෙම ආරංචිය ගම පුරාම පැතිර ගියේ ලැව් ගින්නක් ලෙසය. පුලුටුත් අරගෙන මහ රෑ දොළහට මාරගොඩැල්ල ගොරොක් ගහ ළඟට ගොස් ඇණයක් ගැසීම කාටවත්ම කළ නොහැකි දෙයක් ලෙසට ගමේ වැඩිහිටි උදවිය පැවසූහ. හැබැයි මේ වැඩෙන් ගමේ කොල්ලෝ නං යස පාඩමක් ඉගෙන ගනීවි. මාරගොඩැල්ල කියන්නෙ මහසෝනාගෙ අඩවිය. යකා ගහල ඕකුන් නිරපරාදේ මැරුම් කයි. ගමේ වයසකම පුද්ගලයා වූ ගිරාන් මාමා කඩමණ්ඩියේදී එසේ පැවසීය. අනේ විකාර මං තමයි ඉස්සරින්ම ගොරොක් ගහ ළඟට යන්නෙ. පුල්ලිකිරා උදම් ඇනුවේ එසේය.
මිතුරු කැල තීරණය කරගත් පරිදි ඔට්ටුව සඳහා සූදානමින් පැමිණියහ. මෙය සියැසින් දැක ගැනීම සඳහා ගමේ වැඩිහිටියන් ඇතුළු සෑහෙන පිරිසක්ද පැමිණ සිටියහ. ‘හා මං ඉස්සරහින්ම යන්නම්’ පුල්ලි කිරා ඉදිරිපත් විය. මහ සෝනාගෙ කණින් ඇදගෙන තමයි මං එන්නේ’ ඔහුගේ අතෙහි බැදපු මාළු පෙත්තක් සහ කැවුම් ගෙඩි තුනක්ද විය. ‘ඔන්න බලාපල්ල මා පුලුටු කකාමයි යන්නේ’ කියමන් බැදපු මාළු පෙත්තෙන් කෑල්ලක් හපමින්ම මාරගොඩැල්ලේ ගොරොක් ගහ තියෙන ඉසව්ව බලා ගමන පටන් ගත්තේය. දැන් වෙලාව හරියටම රෑ දොළහයි. පුල්ලි කිරා අඳුරේ නොපෙනී ගියේය. පුල්ලි කිරාට මොනවා වේදැයි රැස්වී සිටින පිරිස කසු කුසු ගාමින් සිටියහ.
අඳුරේම ඉදිරියට යන පුල්ලි කිරාගෙ හිතේ තිබුණ දහිරිය ටිකින් ටික අඩු වෙමින් යන සෙයක් ඔහුට දැනුණේය. කසිප්පු ටිකක් තොල ගෑමටත් ඉඩක් නොලැබුණ නිසා පුංචි චකිතයක් හිතේ මෝදු වෙන බැව් ඔහුට දැනෙන්නට විය. මහ රෑ පුලුටු කමින් යන ගමන ඒතරම් හොඳ ගමනක් නොවන බැව් ඔහුට වරින් වර මතකයට නැගෙන විට හිතේ පැවති බිය ගතිය ටිකෙන් ටික වැඩි වෙයි. තමා මහ කැලෑවක් මැද තනිවී ඇති බැව් පුල්ලි කිරාට දැනිණි. ඔහු ගමන ඉක්මන් කළේය. මා වවුලෙකු ක්‍රීස් යනුවෙන් හඩක් නගමින් ඔහුගේ හිසට ඉහළින් ඉගිලී ගියේය. තමාගේ ඇගේ හිරි ගඩු පිපීගෙන එන බැව් ඔහුට දැනිණ. යකුන්ට බය නැතැයි කොතරම් කට පූචානම් දෙඩුවද පුල්ලිකිරාගේ මුළු ඇඟම දැන් ගැහෙන්නට පටන්ගෙන ඇත. ආපසු හැරී දිව යන්නටද ඔහුට සිතෙයි. ඒත් මිතුරන්ගේ සමච්චලයට ලක්වන නිසා ඔහුට එයද කළ නොහැකිය. කෙසේ හෝ සිතට තව තවත් දිරිය ගෙන ඔහු ගොරොක් ගහ ළඟටම ගියේය. එකවරමට නරි රැලක් හූ කියන්නට පටන් ගත්හ. ඒත් එක්කම ගොරොක් ගහේ මුදුනේ සිටි උලමෙකු නොකඩවාම හඩ තලන්නට පටන් ගත්තේය.
එය හරියටම මළ ගෙදරක විලාප නැගීමක් බඳුය. ඔහුගේ බය දෙගුණ තෙගුණ වෙයි. දැන් ඔහුට දැනෙන්නේ ගොරොක් ගහ මහ හයියෙන් සෙලවෙනවා වගේය. යටිගිරියෙන් කෑ ගසන හඬක් ද ඇසෙයි. පුල්ලි කිරාගේ මුළු සිරුරම දහඩියෙන් තෙත්වී ඇත. පරල වූවෙකු පරිද්දෙන් සට සට ගා වෙව්ලන ඔහු අතේ තිබුණු පුලුටු සියල්ලම ඉවතට විසි කළේය. වෙව්ලන දෑතින් සරමද කැසපට කවාගෙන මෙතෙක් ඉණේ ගසාගෙන තිබුණු පරාල ඇණයද, මිටියද ගෙන ඔට්ටුවේ අවසන් කොටස ඉටු කරන්නට උත්සාහ කළේය. ඇණය මෙන්ම මිටියද කීප වරක්ම අතින් ගිලිහින. අඳුරේ අතපත හා ඇණයද මිටියද සොයාගෙන ඇණය ගසට තබා කිහිප වරක්ම මිටියෙන් ගැසුවේ වැඬේ අහවර වී හනික ආපසු දුවන්නට බලාගෙනය. දුවනවා තබා ඔහුට අඩියක්වත් එසවීමට නොහැකිය. කවුදෝ ඔහු වැරෙන් අල්ලාගෙන සිටින්නා සේ දැනෙයි. එකක් එකටම මහසෝනා තමා අල්ලාගෙන ඇති බැව් ඔහුට වැටිහිණ. ‘මගේ අම්මෝ’ මගේ අම්මෝ යනුවෙන් ඔහු බෙරිහන් දෙන්නට පටන් ගත්තේ මෙලෝ සිහියක් නැතිවය.
පුල්ලි කිරා ආපසු ඒමට ප්‍රමාද වීම ගැන රැස්ව සිටි මිතුරෝ මෙන්ම වැඩිහිටි අයද බියට පත්වූහ. මොකක් හෝ කරදරයක් සිදුව ඇතැයි සිතු සියල්ලෝම හුළු අතු දල්වාගෙන ගොරොක් ගහ දෙසට පිය නැගූහ. පුල්ලි කිරා බෙරිහන් දෙන හඬ ඈතින් ඇසෙයි. එකක් එකටම මූට යකා ගහල. මේ කොල්ලන්ගේ පණ්ඩිත කං හිංද ලොකු වින්නැහියක් කොරගන්නව බොල. සුනංගු වෙන්නෙ නැතුව ගොහිල්ල ඔය පුල්ලියා ද මොකාද කියන එකාව කුදලගෙන වරෙල්ලා. ගිරාන් මාමා ඉදිරියට දිව යන කොල්ලන්ට කීවේය.
මොකද මොකද උඹට උණේ. කියමින් මිතුරෝ පුල්ලි කිරා වටකර ගත්හ. ඇස් දොඹ ගෙඩි දෙකක් ලෙස ලොකු කරගෙන දිව එළියට දාගෙන හති දමමින් දඟලන පුල්ලි කිරා මහසෝනා මහසෝනා මාව බේරගනිල්ලා කියමින් යටි ගිරියෙන් කෑ ගසන්නට විය. සිදුවී ඇති දෙය තේරුම් ගන්න වැඩි වේලාවක් ගත වුණේ නැත. කලබලයෙන් පුල්ලි කිරා ගොරොක් ගහට ඇනේ ගසා ඇත්තේ ඔහුගේ සරමේ කොටසක් ද අහුවෙන ලෙසටය. මිතුරු කැල මෙන්ම වැඩිහිටි අයද මහ හඩින් සිනාසෙන්න වූහ. ඇණයෙන් සරම මුදාගෙන පුල්ලිකිරාව බේරාගෙන සිදුවු දෙය පැහැදිලි කළද ඔහු එය පිලිගත්තේ නැත. ඔහු දිගින් දිගටම අනං මන දොඩවන්නට විය. පුල්ලිකිරාට පියවී සිහි ලැබුණේ ගමේ කට්ටඩියකු වෙත ගෙනගොස් තොවිලයක්ද කිරීමෙන් පසුවය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහසෝනා පුල්ලිකිරාගේ සරමෙන් අල්ලාගනී
ආලෝක Saturday, 23 April 2016 06:12 AM
මහසෝනා යනු තාමත් ආත්ම භාවයක් නොලද අයෙක් ලෙසද, නොයෙකුත් දිෂ්ටි ලෙස මහසෝනා සැරිසරන බවද පැවසේ. අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යයේත් මේ මහසෝනා ගැන සඳහන් වෙනවා (නි)
ගිහාන් Wednesday, 20 April 2016 04:06 PM
නියම කතාව නියම කොලිටිය (බ)
මැටිපහන Thursday, 21 April 2016 06:05 AM
මේ පිටුව පැහැදිලිවම වෙනසකට ලක් වෙලා. ලංකාවේ මිනිස්සු හදන්න නම් මේ වගේ ලිපි වැඩි වැඩියෙන් පල කරන්න ඕන. (ර)
ගයන් Monday, 25 April 2016 11:27 AM
නියම කතාවක්..ලනුවක් දෙකකම අපි බය වෙන්නේ සර්පයෙක් කියල. (අ)
චන්දි Friday, 22 April 2016 11:39 AM
මේ හා සමාන කතාව මන් අහල තිබුනේ 1974දි විතර. (ර)