IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මහ බැංකු නිලධාරීන් මෙහෙම බෙදාගැනීම හරිද?

මෙරට පෞද්ගලික අංශයේත්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලත් සේවකයන්ගේ අනාගත ආර්ථික සුරක්ෂිත බව රැක දෙන ප්‍රධානම විශ්‍රාමික පාරිතෝෂිකය වන සේවක අර්ථසාධක පොලිය ගෙවීමේදී සිදු වන විශාල අසාධාරණයක් අපගේ ලංකාදීප ප්‍රධාන පුවතකින් අනාවරණය කළෙමු.

රටේ සාමාන්‍ය ජනතාවට සියයට 9ක පොලියක් ලබා දීමේදී ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල තම සාමාජිකයන්ට සියයට 29ක පොලියක් ගෙවන බව එම පුවතේ සඳහන්ය. බැලූ බැල්මට පවා ඉතා විශාල අසාධාරණයක් පෙන්වන මේ ගෙවන පොලියේ විෂමතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබෙන පෙත්සමක් මගින් අනාවරණය වී තිබේ.

මේ වන විට වත්කම ට්‍රිලියන 3.1ක් ඉක්මවා තිබෙන සේවක අර්ථසාධක අරමුදල සැලකෙන්නේ මෙරට තනි විශාලම අරමුදල වශයෙනි. දකුණු ආසියාවේ සෙසු බොහොමයක් රටවල පවතින මේ ආකාරයේ තනි අරමුදල් අතර ද ශ්‍රී ලංකාවේ අර්ථසාධක අරමුදලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. එවන් ජාතික සහ ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් අරමුදලක ප්‍රතිලාභ ගෙවීමේදී සේවකයන්ට කුඩා හැන්දකිනුත්, එම අරමුදල පාලනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව ලොකු හැන්දකිනුත් බෙදා ගැනීම බලවත් අසාධාරණයකි. එසේ ගෙවන පොලියේ විෂමතාවක් තිබීමට කුමන හේතුවක් ඉදිරිපත් කළත්, එය යුක්ති සහගත නොවන බව අපගේ අදහසයි. සංඛ්‍යා ලේඛනවලින් දැක්වෙන පරිදි, වාර්ෂිකව රුපියල් බිලියන 70කට ආසන්න ලාබයක් තම අරමුදල් කළමනාකරණයෙන් උපයන අර්ථසාධක අරමුදල මගින් තම සාමාජිකයන්ට තවදුරටත් අඩු පොලියක් ගෙවීමට හේතුව පැහැදිලි නැත.

අරමුදලේ සාමාජිකයන්ට ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කෙරුණේ ඒ සම්බන්ධයෙන් රජය මගින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දුවක් හේතුවෙනි. රටේ ආර්ථික අර්බුදයත් සමග සිදු වූ ආර්ථික කඩාවැටීමත් සමග එතෙක් ගෙවමින් තිබූ වාර්ෂික පොලිය සියයට 13 සිට සියයට 9 දක්වා අඩු කරනු ලැබීය. කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමට නම්, රටේ සියලු ජනතාවට පටි තද කරගනිමින් විශාල කැප කිරීමක් කළ යුතු වන බවට කෙරුණු ප්‍රකාශවලට සමගාමීව අර්ථසාධකයේ පොලිය ද අඩු කරනු ලැබීය. දැන් සිදු වී ඇත්තේ රටේ පොදු මහජනතාව බොක්කටම තම පටි තද කරගෙන සිටියදී, අර්ථසාධක අරමුදලේ පාලකයන් කඳ බඩ පුරා ප්‍රතිලාභ භුක්ති විඳීමය. මහ බැංකුවේ අරමුදල වෙනම කළමනාකරණය කෙරෙන බැවින්, මෙසේ එහි සාමාජිකයන්ට ඉහළ ප්‍රතිලාභ ලැබෙන බවට හේතු දැක්විය හැකි නමුත්, මෙතරම් බරපතළ විෂමතාවක් තිබිය නොහැකි බව කුඩා දරුවකුට වුව ද තේරුම් ගැනීමට අපහසු නැත. සියයට 9ත් සියයට 29ත් අතර වෙනස අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙක්ට හඳුනා ගැනීමට නොහැකි යැයි මහ බැංකුවේ නිලධාරීන් සිතනවා දැයි අපි නොදනිමු.

මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් වූ වහාම එහි කාර්යාල කාර්ය සේවකයෝ පටන් මහ බැංකු අධිපති දක්වාම ඉතා විශාල මට්ටමකින් වැටුප් වැඩිකර ගත්හ. ඒ පිළිබඳව රට පුරාම දැඩි කතාබහක් ඇති වුවත්, මේ දක්වා එහි වෙනසක් සිදු වී නැත. මෙරට ජනතාවට එහිදී ඇති වූ ප්‍රශ්නය වූයේ මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම නොව තමන්ට පටි තද කරගෙන රටේ මූල්‍ය තත්වය ඉහළ නංවා ගැනීමට සහාය දක්වන්නැයි කියූ මහ බැංකු නිලධාරීන්ම ජනතාවට සොච්චම් වැටුප් වැඩි කිරීමක් ලබා දෙමින් ඔවුන් මහා පරිමාණයෙන් වැටුප් වැඩි කරගැනීමය. ඒ අවස්ථාවේදී රටේ ජනතාව නිහඬ වුවත්, අර්ථසාධක අරමුදලේ මේ වන විට සිටින සාමාජිකයන් ලක්ෂ 27 ක සංඛ්‍යාවකට බලපාන පොලියේ වෙනස සම්බන්ධයෙන් ඔවුන් නිහඬව සිටිනු ඇතැයි නොසිතිය යුතුය. මේ අසාධාරණය සම්බන්ධයෙන් ඔවුන් දිගින් දිගටම හඬ නගනු ඇත.

මහ බැංකුව මෙසේ තමන්ගේ වැටුප් පමණක් නොව අර්ථසාධකයේ පොලිය පවා මහා පරිමාණයෙන් ඉහළ දමාගෙන සිටියදී රජය මෙතරම් නිහඬව සිටීම ජනතාව දැඩි සමාජ අසාධාරණයකට ඇද දමා තිබෙන බව පැවැසිය යුතුය.

(***)



අදහස් (3)

මහ බැංකු නිලධාරීන් මෙහෙම බෙදාගැනීම හරිද?

himal Wednesday, 22 May 2024 01:50 PM

ලංකාවේ යම් ආයතනයකට තමන්ගේම සේවක අර්ථ සාධක අරමුදලක් නීත්‍යානුකූලව පවත්වා ගැනීමට හැකි බවත් එහෙම පවත්වාගන්නවා නම් සාමාන්‍ය අර්ථ සාධක අරමුදලෙන් දෙනවාට වඩා වැඩි ප්‍රතිලාභ එම සේවකයින්ට දිය යුතු බවත් දන්නේ නැද්ද? ඕනෑ නම් වෙනත් පුද්ගලික බැංකු වල පවත්වා ගෙන යන අර්ථසාධක අරමුදල් ගැන හොයලා බලන්න.

:       17       12

AmarabanduWednesday, 22 May 2024 03:25 PM

මෙය සත්‍යයකි... ඊපීඑෆ් එක සහ මහ බැංකුවේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක වෙන වෙනම පවතින අරමුදල් 2 කි.

:       9       7

බන්ඩාර Wednesday, 22 May 2024 09:10 PM

ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනෙ.

:       6       8

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1303 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4681 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 127 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 514 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 421 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1686 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site