නිරිත දිග මෝසම් සමය සක්‍රීයවීමත් සමග මහවැසි සහ සැඬ සුළං ඇතිවීම බලාපොරොත්තු විය යුතුය. එහෙත් පැය 24 ක් වැනි සුළු කාලයක් ඇතුළත දී මිලිමීටර් 400 කට ආසන්න හෝ ඊටත් වැඩි හෝ වර්ෂාපතනයක් ඇතිවීම දරුණු ප්‍රතිවිපාක ඇතිකරවන අනපේක්ෂිත බරපතළ ආපදාවකි. පසුගිය ඉරිදා (02) අලුයම් කාලයේ දකුණු බස්නාහිර සහ සබරගමුව පළාත්වල බොහෝ ප්‍රදේශවාසීහු ආපදාවේ වින්දිතයෝ බවට පත්වූහ. දරුවන් දෙදෙනකු ඇතුළු 15 දෙනකුට මරණය අත්කර දෙමින් තවත් බොහෝ දෙනකුට උන්හිටි තැන් අහිමි කරවීමට තරම් එම ආපදා තත්වය උග්‍රවී තිබිණි.
ස්වාභාවික ආපදා කල් තබා ඇඟවීම් සිදුකර අනතුරු පැමිණෙන්නේ නැත. මෝසම් සමය සක්‍රිය වූ බව ප්‍රකාශ කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගත වූ සති කිහිපය තුළදීම ඉහත කී පළාත්වලට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙනු ඇති බවට අනාවැකි පළ කළේය. එහෙත් පැය 24 ක් තුළ මෙතරම් දරුණු වර්ෂාවක් ඇදහැලෙනු ඇති බවට අනතුරු ඇඟවීමක් සිදු නොවීය.
එවැනි අනතුරු ඇඟවීමක් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හැකි වූයේ නම් සිදු වූ ජීවිත හානි කිහිපයක් හෝ වළක්වා ගැනීමට තිබූ බව අපගේ වැටහීමයි. මහවැසි ඇදහැලීමෙන් පසුව එහි බලපෑමට හසු වූ පළාත් වාසීන්ට එකී ප්‍රදේශවලින් වහා ඉවත්වන්නැයි ප්‍රකාශ නිකුත් කිරීමෙන් පළක් නැත. එවැනි ප්‍රකාශ අසා බලා ගැනීමට එකී ආපදා හමුවේ දැඩි අසරණභාවයට පත් වූ ජනතාවට හැකියාවක් ද නැත. ගේ දොර වතුපිටි දෝරේ ගලා උන්හිටිතැන් අහිමිවීමෙන් පසුව කාලගුණ නිවේදනවලට කන්දීමට වඩා එකී ආපදාවට මුහුණ දුන් අය ප්‍රමුඛත්වය ලබා දෙන්නේ තමන්ගේ ජීවිත හා දේපළ රැක ගැනීමටය. මේ නිසා නිකුත් කරන ඕනෑම අනතුර ඇඟවීමක් අඩුම තරමින් පැය කිහිපයකට කලින් හෝ සිදු කිරීමට හැකියාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතු විය යුතුය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වුවද කල්තබා මෙහෙයුම් කටයුතු සඳහා සූදානම් වීමට ද එයින් ලැබෙන්නේ විශාල අනුබලයකි.
අපේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ හැටියට ස්වාභාවික ආපදාව යනු ‘කොරේපිටට මරේ’ වැඩකි. විපතට පත්වන ජනතාවට සහන ලබාදීමටත් උන්හිටි තැන් අහිමි වන දරු පවුල්වලට ආහාර පාන ඇතුළු සහන ද විකල්ප නවාතැන් පහසුකම් ලබාදීමද සිදු විය යුතුය. ඊට අමතරව හානි පූරක වන්දි ලබාදීම් ද අවශ්‍යය. මේ සියල්ල කිහිප දෙනකු වෙනුවෙන් සිදු කිරීම අපහසු නොවුණත් විපතට පත්වන ජනතාව දහස් ගණනක් බවට පත් වනවිට එය රටට ඉතා බරපතළ ආර්ථික පීඩාවකි. බොහෝවිට සිදුවන්නේ වැස්ස නැවතී අහස පැහැපත් වන විට දුකට වැටුණ ජනතාව බොහෝමයක් බලධාරීන්ට ද අමතකවී යාමයි. ඉන්පසු එම ජනතාවට ඉතිරිවන්නේ දෙවියන්ගේ පිහිට පැතීම පමණි.
එම තත්වය වඩාත් සංකීර්ණ වීමට ප්‍රබල හේතුවක් වන්නේ රටේ යටිතල පහසුකම් පිළිබඳ සොයා බැලීමේ ලොකුම වගකීම පැවරී තිබෙන පළාත් පාලන ආයතනවල දේශපාලන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබීමයි. වසර ගණනාවක් තිස්සේ අකර්මණ්‍යව ඇති පළාත් පාලන ආයතන එම තත්වයට පත් කිරීමට කටයුතු කළ සියලුම දේශපාලන නායකයන් මේ සම්බන්ධයෙන් වග කිවයුතුය. ප්‍රාදේශීය සභා, නගර සභා පමණක් නොව මහනගර සභාවල පවා මහජන නියෝජිතයන් සිටියානම් මෙවැනි ස්වාභාවික ආපදාවල දී පීඩාවට පත් වෙන ජනතාවට එසේ විශාල සහනයක් විය හැකිව තිබිණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීමේ දී පවා පළාත් පාලන මන්ත්‍රීවරුන් සිටියා නම් එය විශාල පහසුවකි. දේශපාලන වාසි වෙනුවෙන් අකර්මණ්‍ය කෙරුණු පළාත් පාලන ආයතන හේතුවෙන් දුක් විඳින්නේ පොදු මහජනතාව වීම ලොකුම ඛේදවාචකයයි. ස්වාභාවික විපත්වලින් වඩාත්ම පීඩනයට පත්වෙන්නේ අඩුආදායම්ලාභී පිරිස් බවද සඳහන් කළ යුතුය.
මහ වැසි සහ සුළං හේතුවෙන් ජීවිත හානිවූ සියලු දෙනා වෙනුවෙන් ඔවුන්ගේ සමීපතමයන්ට අපගේ සංවේගය පළ කරමු. විපතට පත් සියලු දෙනාට හැකි ඉක්මනින් සහන ලබා දීමට කටයුතු කරන්නැයි ඒ සමග බලධාරීන්ටද සිහිපත් කරමු. කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම ගැන කතාකරන රටක හරිහැටි නිවැරැදි අනාවැකියක් පළකර ගත නොහැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් තිබීම ගැන කනගාටුවන බවද ඒ සමග කිව යුතුය.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ වැස්සෙන් පීඩාවූවන්ට වහාම සහන පියවර ගනිමු
රුවන් පුෂ්පකුමාර Friday, 07 June 2024 09:58 AM
මෙරටට බලපාන ස්වාභාවික ආපදා අවම කිරීම හා ආපදා කළමනාකරණය විධිමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් පවතිනවා. එනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අනෙකුත් ප්‍රධාන ආයතන සමග එක්ව පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉටු කිරීම, සූදානම් කරන ලද සැලසුම් පවත්වා ගැනීම, අවදානම් සහගත තත්ත්වයේ පසු වන ජනතාව සඳහා පූර්ව අනතුරු හැඟවීම් සහ හදිසි ප්‍රතිචාර දැක්වීම ප්‍රමුඛව කළ යුතුයි. මීට අමතරව ආපදා කළමනාකරණ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණයට පහසුකම් සැපයීම දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් දීප ව්‍යාප්තව ආපදා කළමනාකරණ කමිටු පවත්වාගෙන යා යුතු වෙනවා.