IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


මෙත්ගුණ සුපතල කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියෝ

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

(මාර්තු 10 වැනිදා  බණ්ඩාරනායක ජාත්‍යන්තර  අනුස්රණ ශාලවේ පැවැත්වෙන අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවි අක්තපත්‍ර ප්‍රදානය නිමිත්තෙනි)

අමරපුර මහා නිකායේ ප්‍රථම උත්තරීතර  මහනායක පදවිය උසුළන ලැබූවේ  අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන් වේ. අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියෝ දෙවෙනි උත්තරීතර පදවියට පත්වූහ.තෙවැනි එම පදවිය ඉසිලූයේ අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ය. සිව්වැනි මහනායක හිමි ලෙස  අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහනාහිමි යන් ගෙන් පසුව  පස්වැනි උත්තරීතර මහනායක පදවියෙන් පිදුම් ලැබූවේ, ෂඩ් භාෂා පරමේශ්වර බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනායක හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වූ   බළන්ගොඩ ධර් මානන්ද පිරිවෙන් විහාරාධිපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර් ති මහනාහිමියන්ය  මේ  වත්මන් මහනාහිමියන් වෙනුවෙන් සැකසුනු ලිපියකි.

 

ළමාවිය
මහා ප්‍රාඥයන් බිහිකළ දකුණු ලක සිය නිජබිම කරමින් කඹුරුපිටියේ කරගොඩ උයන්ගොඩ ගම්පියසේ දම්පතීන් යුවළකට දාව සුපින්වත් කුමරු මෙලොවට බිහිවිය . සම්භාවනීය පවුලකින් පැවත ආ  ඩී.එස් වීරමන් හා  මුණසිංහ වික්‍රමරත්න වීරමන් යුවළ කුල කුමරුවන්ගේ දෙමාපියන් විය .

පිරිමි දරුවන් පහක් සහා දියණියන් තිදෙනකුගෙන් යුත් මෙකී පවුලේ කතානායකයා වන ජයසේන වීරමන් අබේවික්‍රම කුල දරුවා 1948 ඔක්තෝම්බර් 1 වැනිදා මෙළොව එළිය ලබන්නට වාසනාවන්ත විය. ගමේ  ඇලේ දොළේ වෙල් සිහිල ලබමින් කෙළිදෙළෙන් ගතකළ කුමරු තෙමේ ගමේ පාසලට සමුදෙමින්  අනගාරික දම්පල්තුමන් ඇතිකළ  කොළඹ මහාබෝධි විද්‍යාලයට ඇතුළත්විය.

 

ජීවන හැරවුම් ලක්ශය 
ප්‍රකට ව්‍යාපාරයක් වූ සමයවර් ධන ප්‍රකාශන සමාගම සිය පිය පරම්පරාවේ  උරුමයක්ව පැවතිනි. පාසල් අධ්‍යාපනය ලබන අතරේ මරදාන සමයවර් ධන පොත් සාප්පුවේ වැඩට උදව්පදව් කරමින් සිය දායකත්වය ලබාදීම  ඉමහත් කැමැත්තෙන් සිදුකළේය. සාප්පුවේ පොතපත අතර ගතකල කාලය සිය දිවියේ හැරවුම් ලක්ශයක් බව මේ කුඩා දරුවාද නොදැන සිටියාට සැකයක්  නැත. මේ මහාබෝධි මන්දිර යේ වැඩවාසය කරමින්  මහාරට්ඨගුරු අග්ග මහා පණ්ඩිත  බළන්ගේඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමියෝ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ  ඉගැන්වීම කළ කාලයයි. සමයවර් ධන පොත්හළට නිතර වැඩම කරන අනඳමෙත් මාහිමියන්  සමයවර් ධන පොත්හලෙන් ඉල්ලුම් කරන සංස්කෘත පොත පත සොයා ගැනීමට එහි සේවකයන් මහත් කාලයක් ගතකරනු ලැබූවෙන් එහි බොහෝ වෙලාවක්  රැඳී සිටීමට උන්වහන්සේට සිදුවිය.  එහි සිටි මේ අපුරු කොළුගැටයා පොතක් සොයා දෙන්නැයි ඉල්ලූ සැනින් එය සොයා දීමේ රුසියෙක් විය. ටික වෙලාවක් බලා සිටිමින් මෙකී සුපින්වත් දරුවා කෙරෙහි පැහැදුණු නාහිමියෝ එක් දිනක සමයවර් ධන අධිපති වීරමන් මහතා වෙත අපූරු යෝජනාවක් කළහ. ඒ සංස්කෘත හෝඩිය උගැන්වීමට ජයසේන වීරමන් දරුවා තමන්වෙත යොමු කරන ලෙසයි. එම දෛවෝපාගත සිදුවීම මහනායක හිමිවරයා වෙතින් තවත් මහනායක හිමිවරයෙක් බිහි වනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇත. පාසල් අධ්‍යාපනයේ යෙදෙමින් විවේකය අනඳමෙත් හිමි හමුවේ ගතකරමින් ඉතා කෙටි කාලයකදී වීරමන් දරුවා සංස්කෘත හෝඩිය  උගෙන නිමා කළේය.

 

පැවිදි සිත හා ඥාති සමුහයේ අකමැත්ත.
නිතර මහ නාහිමි සමාගමය ප්‍රියකළ වීරමන් දරුවා එවකට 10 වැනි ශ්‍රේණියේ පසුවිය. නාහිමි ඇසුර සමග වීරමන්  දරුවා උනවහන්සේ කෙරෙහි මහත්සේ පැහැදීමකින් පසුවිය. කල්යල් බලා නාහිමියන් වෙත තම අදහස ඉදිරිපත් කරන ලදුව ඒ සඳහා නිසි අවසරය ලැබිය යුතු බව සැළකර ඇත. ඒ අනුව  නාහිමියන්ගේ හිත දිනා සිටි වීරමන් දරුවා සිය සාසනික අභිරුචිය පිළිබඳ සිය දෙමව්පියන් වෙත දන්වා සිටියේය. පවුලේ වැඩි දෙනාගේ අකමැත්ත ප්‍රකාශවුන අතර සිය මෑණියන්ගේ ආශිර්වාදය දරුවාට හිමිවිය. සිය කැමැත්තට ඉඩ නොලැබේ නම් පාසල් ගමනද නතර කරමින් කිසිදු වැඩක නොයෙදෙන බවට දරදඬු තීරණයකට එල්බ සිටියේය.  සිය මතය ජයගනන්නට හැකිවීමත් සමග සිය දෙමව්පියන් චාරිත්‍රානුකූලව  ආනන්ද මෛත්‍රී හිමියන් වෙත සිය දරුවා ශාසනයට භාර කිරීම සිදු කළේය. ඒ අනුව කොළඹ සිට බළන්ගොඩ ධර් මානන්ද පිරිවෙන වෙත පින්වත් කුමරු කැඳවා එන ලදි. 1962  ජූනි 18 වැනිදා කුළකුමරු බළන්ගොඩ  ආනන්ද මෛත්‍රී මහ නාහිමිගේ ආචාර් යත්වයෙන් කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර් ති හිමි යන නම් ලබමින්   සාසනයට එක් විය.

 

සසුන් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය
සාමනේර මෛත්‍රී මූර් ති හිමි පැවිදි දිවියේ මූළික දැනුම හා සිංහල, සංස්කෘත, ඉංග්‍රීසි, ගණිතය විෂයයන් ගුරුහිමියන් ඇසුරේ ප්‍රගුණ කරන ලදි. දියතලාව සුධර් මාලංකාර පිරිවෙණට ඇතුළත්ව ප්‍රාචීන භාශෝපකාර සමාගම පවත්වන ප්‍රාරම්භ විභාගයෙන් ප්‍රථම පන්තියේ සාමාරථය ලබීය. මධ්‍යම  විභාගයේදී සංස්කෘත විෂ්‍යට ත්‍යාග සහතිකද ලැබීය. අධ්‍යාපන උසස්පෙළ සමත්වෙමින් විශ්වවිද්‍යාල ප්‍ර වේශයට සුදුසුකම් ලැබීය. ඒ වනවිට මූළික අධ්‍යාපනික සුදුසුකම් සපුරා සිටි  මෛත්‍රී මූර් ති හිමියෝ  1971 ජූලි 17 වැනිදා  ධර් මානන්ද පිරිවෙන් සීමා මාලකයේදී අනඳමෙත් මහ නාහිමිගේ ආචාර්යත්වයෙන් අධිශිල සංඛ්‍යාත උපසම්පදාව ට පත්වූයේ බොහෝ ජනකායකගේ සහභාගිත්වයකිනි. පේරාදෙනිය සරසවියේ දර් ශනය පිළිබඳ දෙවනපෙළ ඉහළ සාමාර්ථයක් ලබන්නට මෙත්මහ නාහිමියෝ භාග්‍යවන්ත වූහ. සරසවි සාමාර් ථ ප්‍රතිපල නික්මෙන්නටත් පෙරාතුවම  දර්ශනය පිළිබඳ සහකාර කථිකාචාර් ය ධූරය හිමිවනුයේ මහාචාර් ය කේ.එන් ජයතිලක මහතාගේ තේරීමට අනුවය.  වසර 3ක එම සේවාවෙන් අනතුරුව  බළන්ගොඩ ධර්මානන්ද පිරිවේනාධිපති ධූරයේ කටයුතු වලට එළඹියහ. සිය ගුරුදේවයානන් ඇතිකළ  ධම්නද පිරිවෙන භෞතික හා මානව අධ්‍යාපනය ඉහළට ඔසවා තබමින්  රුවන්පුර දිස්ත්‍රික්කයේ ඩහ විද්‍යායතනයක් බවට  පත්කිරීමට දායක වූයේ දහස් සංඛ්‍යාත සිසු පරුපුරක් දැයට දායාද කරමිනි. 

විවෘත විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධිය හිමිකර ගනිමින් බෞද්ධ කටයුතු  පිළිබඳ ( පිරිවෙන් හා පාසල් ආගමික කටයුතු )සබරගමු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හොබවමින් ආගමික ප්‍රවර් ධන කටයුතු සිදුකරන ලදහ  . 

සැනසිලිදායක ජීවිතයකට මග, දැවෙන සිතට සමාධී සුවය, තැවෙන සිතට සැනසිලි සුවය, සැලෙන සිතට සමාධි සුවය, මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය, මානසික රෝග සුවපත් කරන අයුරු,ඔබේ සිත දෙස බලන්න බුද්ධ ගද්‍යය හා සකස්කඩය,තරහෙන් ලෝකය දෙස නොබලමු,මෙත් සිසිලෙන් සිත් සැනසේ,සතුටෙන් සැනසිල්ලෙන් ජීවත්වෙමු. ඔබේ සිතට සමාධි සුවය,බොදු සිතට වදනක්, පොදුජන යුගයේ නිර්මාතෘවරයා යන ශාස්ත්‍රීය පොතපත ලියමින් ප්‍රකාශයට පත්කරන ලදහ. බුදුසරණ පුවත්පතෙහි ඉඩකඩ උන්වහන්සේගේ ධර් ම කථිකාවට නිරන්තර වෙන්විය.
කිසිවිටක අයුක්තියට නොනැමෙන සෘජු ගුණයෙන් හෙබි හිමියෝ ජාති ආගම් කුලභේද නොතකා සෑම විටෙකම සහජීවනය ඉවසමින් කටයුතු කළහ. ප්‍රදේශයේ ඔනෑම හින්දු බෞද්ධ ඉස්ලාම් ආගමික කටුයුතු වලදී සමසිතින් කටයුතු කළහ.උන්වහන්සේ සැමට මුදු හා ප්‍රතාපවත් මෙන්ම කරුණා මෙත්ගුණය පැතිරූහ. ඇතැම් උත්සවයන් අනවශ්‍ය ලෙස දීර් ඝ  කිරීම මෙන්ම වෙලාවට ආරම්භ නොකිරීම  හා අවසන් නොකිරීම නොරිස්සීය. උන්වහන්සේ සතු සියළු ගුණාංග හමුවේ නිරායාසයෙන්ම තනතුරු උන්වහන්සේ අභියසට පැමිණුනි.

මහනාහිමියන්ට විවිධ පාර්ශවයන්ගෙන් ගෞරව නාම ප්‍රණාම ප්‍රසාද පිටපිට පැමිණෙන්නට විය. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සමාජිකත්වය උන්වහන්සේට පිරිනමා ඇත. ශ්‍රී ලංකා ප්‍රාචීන භාශෝපාකාර සමාගමේ යාවජීව සාමාජිකත්වය පිරිනමා ඇත. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජිකත්ව දැරූ අතර අනුරාධපුර භික්ෂූ  විශෟවවිද්‍යාල උත්තරීතර පාලක සභා සාමාජිකත්වයද හොබවයි. සබරගමු සාමාග්‍රී සංඝ සභාවේ සභාපතිධුරයද හෙබවීය. අමරපුර මහා නිකායේ රාස්සගල පාර් ශවයෙන් උන් වහන්සේ වෙත  ආනන්ද මෛත්‍රීය මහා වංතාවතංස මහෝපාද්‍ය යන ගෞරව නාමය පිරිනැමුණි. එක්නැලිගොඩ පාර් ශවය වෙතින් ප්‍රවචන කීර් ති ශ්‍රී සද්ධම්මාචාර් ය යන නාමයෙන් පුදලදහ. අමරපුර මහා නිකායේ  බස්නාහිර පළාත් සංඝ සභාව මගින් සම්බුද්ධ සාසන  කීර් ති ශ්‍රී ගෞරව නාමයෙන් ප්‍රදානය කර ඇත. සබරගමු පළාත් සියම් මහා නිකායේ සිරි සුමංගල මහා සංඝ සභාවෙන් කීර් ති ශ්‍රී ත්‍රිපිටක විශාරද නාමයද, අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍ර ලංකා පරිවේණාධිපති කෘත්‍යාධීකාරී සංගමයෙන් පර් යාප්ත ශාසන ධර් මඡත්‍ර නාමයත්, ශ්‍රීමත් අනගාරික ධර් මපාල පදනමෙන්  සිරි සුගත ශාසන වංශාලංකාර සද්ධර් ම විභූෂණ  නාමයත් , ශ්‍රී ලංකා රාමඥ්ඥ මයා නිකායෙන් පිරිනමන ලද විශ්ව කීර් ති ශ්‍රී  ආනන්ද මෛත්‍රී වංතාවසංස සද්ධර් ම කීර් ති සාසන ජෝතික ගෞරව නාමය, රත්නපුර දිස්ත්‍රික් අයුර් වේද සංගමයෙන්  ධම්මෝසද සෝභිත නාමයත්  ප්‍රදානය කිරීම තුළ උන්වහන්සේ කෙරෙහෙි ඇති ප්‍රසාදය මොනවට පැහැදිලිවෙයි.

ශාසනික වශයෙන් තම සඟපරපුර වූ  රාස්සගල විහාර පාර් ශවයේ කාරක සංඝ සභික ධූරය හිමිවිය. ඉන් අනතුරුව නියෝජ්‍ය ලේඛකාධිකාරී, ලේඛකාධිකාරී තනතුරු නිතැනින්ම හිමිවූයේ තමන්සතු සහජගුණයන් හා දක්ෂතාව පදනම් කරමිණි. අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී ධූරය මෙන්ම එම උප සභාපති ධූරයද හෙබවූහ.  තම පාර් ශවයේ  මහනායක හිමියන් අපවත්වීමෙන් අනතුරුව  2004 වසරේ අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ ශවයේ මහනායක ධූරයට පත් වෙමින් ඉටුකළ මෙහෙවර අමිළය. උන්වහන්සේ සිදුකළ මෙහෙයයන් හමුවේ  අමරපුර සංඝ සභාවේ සභාපතිධූරය මෙන්ම වැඩ බලන උත්තරීතර මහනායක ධූරය හෙබවූහ.

විචිත්‍ර ධර් ම කථික හිමි නමක ලෙස ජනතා ප්‍රසාදයටපත් මහනායක හිමියෝ රූපවාහිනිය ගුවන්විදුලිය නාළිකවන් ගෙන් මෙන්ම දේශසීමාවන්ගෙන් ඔබ්බට යමින්   මියැන්මාරය, ඉන්දියාව, කායිලන්තය, මැලේසියාව මෙන්ම චීනය වැනි රටවලද ධර්ම දූත මෙහෙවරෙහි යෙදුනාහ. ඇති නැති භේදයකින් තොරව දුප්පතාගේ පැළට මෙන්ම පොහොසතාගේ මාලිගයටද එකසේ ගොඩවැදෙමින්  දහම් සිසිල සැලසූහ. කුළුණු ගුණ මෙත් මහිමයෙන් සපිරි හිමියෝ  අඩු ආදායම් දරුවන්ට පොත්පත් ශිෂ්‍යත්ව මෙන්ම  නිවෙස් තැනීමට උපකරන මෙන්ම වියළි අහාර සළාක ගැබිණි මවිවරුනට අවැසිදෑ  ආදී සමාජ සත්කාරක වැඩසටහන් බොහෝමයක් ක්‍රියාත්මක කළහ.    ධර් මයේ පැවැත්ම උදෙසා සිය පිය සටහන් ඔස්සේ . තම සඟපරපුරේ පසුපෙළක් දැයට දායාද කරන්නටද අමතක නොකළහ.

ආචාර්ය  බළන්ගොඩ මෙත්තානන්ද හිමි, ගොඩකුඹුරේ පඤ්ඤාදේව හිමි ඇතුළු පිරිස එම මෙහෙවරට දායක වෙති. සුවිසල් මෙහෙවරක නිරතව අවසානයේ, දහම් මිණිපහණක් ලෙසින් දිදුළ උන්වහන්සේ අමරපුර මහා නිකායේ  උත්තරීතර මහනායක පදවිප්‍රාප්ත වූහ . 

ආනන්ද මෛත්‍රී මහනායක හිමියන් සිය ශිෂ්‍ය රත්නයවූ  මෛත්‍රී හිමියන්  එච්.එස්. සී විභාගය  සමත්වීම පිළිබඳව මැයි 1967. 27 වන දින සිය දිනපොතේ තැබූ සටහනකි මේ.

“මෛත්‍රී මූර් ති එච්.එස්. සී විභාගයෙන් සමත් වූ බව දැන ගතිමි. සත්පූරුෂ පුණ්‍යවතාට ගුරු ආශිර්වාදයෙන් හැමවිටම ජය ලැබේ.

මෛත්‍රී ඉතා ගුණවත් සත්පුරුෂයෙකි. ආචාර් යවූ මාගේ ආශිර් වාදයෙන් හැම කාර් යයෙන්ම ජය ලබයි.”

කුඩාකාලයේ සිය සුරතේ වෙලෙමින්  ගුරුදේවයන් වූ ආනන්ද මෛත්‍රී මහනායක හිමියන් හා යන යන තැන හිමි පසුපස යමින් උන්වහන්සේගේ රථයේ ගමන්බිමන් යන්නට ඇළුම් කළ මේ කුඩා සාමනේර හිමි අද  රැඳුණ තැන ගැන, එදා සමයවර් ධනපොත් සාප්පුවේදී  අනඳ මෙත් හිමි සිය ප්‍රඥා මහිමයෙන්  අනාගතය දුටු බවට සාක්ෂි මේ සියල්ලෙන් ගම්‍යමාන වෙයි.  කුළුණු මෙත් ගුණ සපිරි පරම පූජනීය උත්තරීතර මහනායක නාහිමි සමිඳුන් හට  දැවුණු තැවුණු  සිත් දම් සිසිලෙන්  නිවාලන්නට  නිරෝගී චිරජීවනය ලැබේවා!

 



අදහස් (0)

මෙත්ගුණ සුපතල කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියෝ

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

රට යන ගමන නිවැරැදිද?
2025 මාර්තු මස 10 57 0

වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්‍


මෙත්ගුණ සුපතල කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියෝ
2025 මාර්තු මස 10 53 0

අමරපුර මහා නිකායේ ප්‍රථම උත්තරීතර මහනායක පදවිය උසුළන ලැබූවේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන් වේ. අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියෝ දෙවෙනි උත්තරීත


සංස්කෘතික ජීවිතය අහිමි කාන්තාව
2025 මාර්තු මස 08 154 0

නව පරපුරකට ජීවය ලබා දෙමින් මිනිස් පරපුරේ පැවත්ම තීරණය කරනු ලබන්නේ කාන්තාව විසිනි. තවත් විටෙකදී කාන්තාව යනු වච නයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංතෙ


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් එදා සහ අද
2025 මාර්තු මස 08 130 1

විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පෙබරවාරි 25 වැනිදා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි ස්ථාවර සැසිවාරය ඇමතීය. එදිනම තරුණ පිරිසක් සමග පැවැති හමුවක දී


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?
2025 මාර්තු මස 07 346 4

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී


ජාතික ආරක්ෂාව සුරක්ෂිතද?
2025 මාර්තු මස 06 168 0

අප රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සමාජ කථිකාවක් හදිසියේ මතු වන්නේ පසුගිය සති කිහිපය තුළ නැවත ඉදිරියට පැමිණි සංවිධානාත්මක අපරාධ සිදුවීම් සමගිනි. විපක්‍ෂයේ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 101 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 179 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site