සැබෑ දේශප්‍රේමියකු වූ ඩී.ආර්. විජයවර්ධන මහතා ජීවත්ව සිටියදී, කොතෙකුත් ජාතික සහ සමාජමය කටයුතුවල නියළුණේ, හුදෙක් චිරප්‍රසිද්ධිය පිණිස නොව, තමා තුළ වූ සැබෑ දේශීය සහ ජාතික මෙහෙවරක් ඉටු කිරීමේ පරම අරමුණ, සාක්ෂාත් කරගැනීම උදෙසායි. 1886 වර්ෂයේ පෙබරවාරි මස 23 දින, සේදවත්ත නම් ග්‍රාමයේ සේදවත්ත වලව්වේ දී උපත ලැබූ දොන් රිචඩ් විජයවර්ධන මහතාගේ 139 වැනි ජන්ම දිනය, ඊයේට යෙදී තිබුණි.
ඩී.ආර්. විජයවර්ධන හෙවත් දොන් රිචඩ් විජයවර්ධනයන්, එතෙක් මෙතෙක් ලංකාවේ පිහිටි දැවැන්ත ප්‍රකාශන සමාගමක හිමිකරු විය. සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්, ජාතික පුවත්පත් සතක් දිනපතා සහ සතිපතා වෙළෙඳපොළට යොමු කිරීමේ පුරෝගාමියා ඔහු විය. දේශීය සාහිත්‍යය වෙනුවෙන් අනභිබවනීය මෙහෙවරක් ඉටුකළ, අතිදක්‍ෂ ලේඛකයෝ රැසක් ඔහු යටතේ එදා සේවය කළහ.
එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, ශ්‍රීමත් ඊ.ඩබ්. පෙරේරා, සර්. ජේම්ස් පීරිස් ආදි වශයෙන්, ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ කමිටුවේ නියමුවන් හා එක්ව, දැඩි අධිෂ්ඨානයකින් නිදහස් සටනේ පෙරමුණ ගත් අතිඋදාර ලංකා පුත්‍රරත්නයක් ලෙස, ඩී.ආර්. විජයවර්ධන මහතා හැඳින්විය හැක. 1948 පෙබරවාරි 04 දින සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කර, නිදහස් ජාතියක් බවට පත්කිරීමට ඩී.ආර්. විජයවර්ධන මහතාගෙන් සිදුවූ සේවය, ඔහුගේ 139 වෙනි ජන්ම දිනය සිහිපත් කෙරෙන මේ මොහොතේ, ස්මරණය කිරීම අපගේ ජාතික යුතුකමකි.
ලංකාවට නැවත නිදහස ලබාගැනීමේ දී එහි අවසන් භාගය - එනම් 20 වැනි සියවසේ මුල් දශක හතර, හාත්පසින්ම වෙනත් තත්වයක් උදාවූයේ, නිදහස් සටන මෙහෙය වූ ජාතික නායකයන්ගේ ප්‍රඥා ගෝචරභාවයත්, ඉවසීමත්, විචක්‍ෂණ බවත්, අනුගමනය කරනු ලැබූ උපාය මාර්ගවල තීක්‍ෂණ බවත්, හේතුවෙනි. ඩී.ආර්. විජයවර්ධන මහතා මෙහිදී ඉටුකළ කාර්යභාරය, ඉතා වැදගත්ය.
1912 වසරේදී අධිනීතිඥවරයෙකු ලෙස ලංකාවට පැමිණි රිචඩ් විජයවර්ධනයන්, තම ළමාකල වූ ආශාවක් මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන්, ඉතා කෙටිකලක් අලුත්කඩේ උසාවියේ නීතිඥ වෘත්තියේ නියැළුණි. ඒ සමගම සමාජසේවා කටයුතුවල ද නිරතවිය. කෝබට් නම් සුදු ජාතික මිතුරාගේ මගපෙන්වීමට අනුව, පුවත්පත් කර්මාන්තයක් පටන් ගැනීම පිණිස, විජයවර්ධන මහතා කටයුතු කළේය. සාක්‍ෂරතාව ඉහළ මට්ටමක නොතිබුණු 20 සියවසේ මුල් වකවානුව තුළ, සිංහල සහ ඉංග්‍රීසි බසින් පළවූ පුවත්පත් කිහිපයක හිමිකාරත්වය දේශීය සහ විදේශීය පුද්ගලයන් අත රැඳී තිබුණි. පුවත්පත්වල අලෙවිය ඉතා පහළ තලයක තිබුණි. එහෙත් එම යුගයේ කරළියට පැමිණ තිබූ, දේශයට නිදහස ලබාගැනීම වෙනුවෙන් දැනෙන යමක් ඉටු කිරීමට, එම පුවත්පත් අපොහොසත් විය. ඉංග්‍රීසීන් අත තිබූ පුවත්පත් මගින්, ජාතික නායකයන් අරඹා තිබූ නිදහස් සටන නිර්දය ලෙස නිරන්තරව විවේචනවලට භාජන කරන ලදී.
ඉංග්‍රීසි බසින් පළවූ පුවත්පතක් ලෙස, සිලනීස් පුවත්පත 1908 වර්ෂයේ ආරම්භකොට තිබුණේ, රාමනාදන් මහතා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ ලාංකික මන්ත්‍රී ධුරය සඳහා ඉදිරිපත්වූ අවස්ථාවේ, ඔහුට ආධාරයක් සහ ශක්තියක් ලෙසටයි. සිලනීස් පුවත්පත මුද්‍රණය කළේත්, කාර්යාලය පිහිටා තිබුණේත්, ආනන්ද ශාස්ත්‍රාලය ඉදිරිපිට තිබූ ස්ටොක් වත්ත නම් ස්ථානයේ යි. එම ස්ථානය පුවත්පතකට කිසිසේත් ඔබින තැනක් නොවන බව විජයවර්ධන මහතාට වැටහිණි. තිබූ මුද්‍රණ යන්ත්‍ර ප්‍රමාණවත් නොවීය. දැන්වීම් කරුවන්ට යාම් ඒම් කිරීමට අපහසු ස්ථානයක් විය. තමන්ට අවශ්‍ය අන්දමින් පුවත්පත කරගෙන යාමට නම්, තවත් බොහෝ දේ සිදු කළයුතු බව ඔහු කල්පනා කළේය. කෙසේ නමුත් විජයවර්ධන මහතා එම පුවත්පත වෙන්දේසියකින් මිලදී ගෙන පුවත්පත් කර්මාන්තය සඳහා අවතීර්ණ වීමට තීරණය කළේය.
වෙනත් ඉංග්‍රීසි පුවත්පතක් මිලට ගැනීමට කල්පනා කරමින් සිටි විජයවර්ධන මහතාට, ඩී.බී. ජයතිලක මහතා විසින්, එච්.එස්. පෙරේරා නම් තැනැත්තෙකුට අයත්ව තිබූ දිනමිණ පුවත්පත මිලට ගැනීමට සැලැස්වීය. තම සොහොයුරකු හා සමගින් විජයවර්ධන මහතා දිනමිණ පුවත්පත මිලට ගත්තේය.
1918 ජනවාරි 03 දින සිලෝන් ඩේලිනිවුස් නමින්, විජයවර්ධන මහතා තමාගේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ආරම්භ කළේය. එංගලන්තයේ ඩේලිනිවුස් පුවත්පතේ නාමය අනුකරණය කරමින්, සිලෝන් ඩේලිනිවුස් නමින් ඉංග්‍රීසි භාෂාවෙන් පුවත්පත බිහිකළේ උසස් තත්වයේ පුවත්පතක් ඇරඹීමට ලාංකිකයාට ද හැකි බව පෙන්වා දීමටයි. සිලෝන් ඔබ්සර්වර් පුවත්පත විජයවර්ධන මහතා මිලට ගනු ලැබුවේ 1923 වර්ෂයේදීයි. එහි හිමිකරුවෝ යුරෝපා ජාතිකයෝ වූහ.
විජයවර්ධන මහතා පුවත්පත් කර්මාන්තයක් මෙරට පටන් ගත්තේ, ලාභය පෙරදැරිව නොවේ. ධනය ඉපයීමට අවශ්‍ය වූයේ නම්, මෙවැනි වගකීමක් සහ කැපකිරීමක් නොකර, ඉතා පහසුවෙන් මුදල් උපයා ගැනීමට විජයවර්ධන මහතාට අවකාශ තිබුණි. පරපුරින් තමන් සතුවූ අතිවිශාල ධනස්කන්ධයත්, අධිනීතිඥයකු ලෙස උසාවියේ කටයුතු කිරීම තුළින් උපයා ගතහැකිව තිබූ ධනයත් එලෙස වැඩි වෙහෙසක් නොදරා උපයාගත හැකිව තිබූ මුදල්ය.
ඩී.ආර්. විජයවර්ධනයන් පුවත්පත් කර්මාන්තයට යොමුවීමේ හේතු පිළිබඳව, ආනන්ද තිස්ස ද අල්විස් මහතා විසින් ඉතා පැහැදිලි ප්‍රකාශයක් කර තිබේ. “ඩී.ආර්. විජයවර්ධන පුවත්පත් ආරම්භ කළේ, රටේ නිදහස් සටන ප්‍රතාපවත් කරමින් සිටි එෆ්.ආර්., ඩී.එස්., ශ්‍රීමත් බාරොන් ජයතිලක ආදී ආණ්ඩු ප්‍රතිසංස්කරණ සාමාජිකයන්ගේ සංකල්ප, අදහස් සහ ප්‍රකාශ, ජනතාව අතරට ගෙන යාමටත්, ඒ තුළින් සුදු පාලකයන්ට පණිවිඩයක් ලබාදීමටත් ය.
එංගලන්තයේ හෝ වේවා, එංගලන්ත දේශපාලන ප්‍රතිසංස්කරණ නියෝජිතයන් අතර හෝ වේවා, තම පෞද්ගලික දැන හැඳුනුම්කම් තුළින්, වටහාදීම් සහ බලපෑම් ඔස්සේ ක්‍රියාකරමින්, පුවත්පත් ඔස්සේ ජාතික චින්තනයකට දොර කවුලු විවෘත කර දෙමින්, විජයවර්ධන මහතා දරන ලද අප්‍රතිහත ධෛර්යයේ මල්පල ගැන්වීම, 1948 පෙබරවාරි 04 දින සිදුවූයේ ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමෙනි. සෝල්බරි කොමිසම මෙරට ක්‍රියාත්මක වූ කාලය තුළ, ඩී.ආර්. විජයවර්ධන මහතා මඳ අසනීප තත්වයකින් පසුවූවත්, කොමිසමේ කටයුතු පිළිබඳව හෙතෙම නිරන්තර අවධානයකින් පසුවිය. ඩී.එස්. සේනානායක, ඩී.ආර්. විජයවර්ධන, සර් අයිවර් ජෙනින්ග්ස්, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්, සෝල්බරි කොමිසම සමග පවත්වන ලද පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවලදීත්, බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ක්‍රමය අනුව සැකසුණ පාර්ලිමේන්තු සහ කැබිනට් ක්‍රමයක් ලංකාව වෙනුවෙන්ද ලැබිය යුතු බවට ප්‍රබල ඉල්ලීමක් කරන ලදී.
සිලෝන් ඩේලිනිවුස් පුවත්පතේ කර්තෘවරයකු ලෙස සේවය කළ, එච්.ඒ.ජේ. හුළුගල්ල මහතා විජයවර්ධන මහතාගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් පිළිබඳව, හොඳින් දැන සිටි අයෙකි. ඔහු විසින් හෙළිකර ඇති තොරතුරුවලට අනුව, අර්ධ ස්වාධීන පාලනයක් පිළිබඳව විශ්වාසයක්, සෝල්බරි කොමිසම නොතබන ලදී. ලංකාවට පූර්ණ වශයෙන් ස්වාධීන වූ පාලන තන්ත්‍රයක් ලබාදීමට, කොමිසම නිර්දේශ කළේය. කොමිසම් වාර්තාව ප්‍රකාශයට පත්කර තෙවසරක් යාමට මත්තෙන්, ලංකාවට නිදහස ලැබිණි. නිදහස ලබාගැනීම වෙනුවෙන්, තිරය පිටුපස සිට විජයවර්ධන මහතා ඉටුකරන ලද කාර්ය භාරය, අතිමහත්ය.
ඩී.ආර්. විජයවර්ධන මහතා පුවත්පත් කර්මාන්තයට යොමුවීම තුළ දක්‍ෂ පුවත්පත් ලේඛක පරපුරක් රටේ නිර්මාණය විය. ඔවුන්ට ක්‍ෂේත්‍රය තුළ මනා පුහුණුවක් ලබාදීමට අවශ්‍ය කටයුතු ද එතුමා විසින් යොදන ලදී. ඕනෑම අසාර්ථක ව්‍යාපාරයක් දියුණු කළ හැකි බව අසාර්ථක පුවත්පත් සාර්ථක කිරීමෙන්, ක්‍රියාවෙන් ඔප්පුකොට පෙන්වීය. විවිධ ස්ථානවල මුද්‍රිත පුවත්පත් එක් වහලක් යටට ස්ථාන ගතකර සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නමින් දැවැන්ත ප්‍රකාශන සමාගමක් 1926 වර්ෂයේ අරඹා, ඉන් රැකියා අවස්ථා දස දහස් ගණනක් නිර්මාණය කළේය. මාර්ටින් වික්‍රමසිංහ, ඩී.බී. ධනපාල, පී. නිශ්ශංක, එච්.ඒ.ජේ. හුළුගල්ල, ඊ.සී.බී. විජේසිංහ, ආනන්ද තිස්ස ද අල්විස්, විජයවර්ධන මහතාගේ මගපෙන්වීම ඔස්සේ කරළියට පැමිණි කතුවරු වූහ. මෙයට අමතරව ජී.බී. සේනානායක, ටී.ජී.ඩබ්. ද සිල්වා ආදීහුද විජයවර්ධන මහතා යටතේ සේවය කළ දක්‍ෂ මාධ්‍යවේදී කිහිප පලක් වෙති.
40 දශකයෙන් එපිට නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් විසිරී නොතිබූ දිවයිනෙහි, ලේක්හවුස් පුවත්පත් තුළින් උගතුන් බිහිවීමේ සහ බිහිකිරීමේ, මූලික පදනම වැටිණි. විජයවර්ධන මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් බිහිවූ සිඵමිණ පුවත්පත, ශත 10 විශ්වවිද්‍යාලය ලෙස විරුදාවලී ලබන ලදී. ඔහුගේ දේශපාලන දර්ශනයෙන් එහාගිය නිදහස් මතවාදයක ව්‍යාප්තියක් වෙනුවෙන්, ලේක්හවුස් පුවත්පත් පෙනී සිටින ලදී. ඒ වෙනුවෙන් එකල ලංකාවේ සිටි විද්වතුන් ලිපි, සංවාද, වාර්තා සහ අදහස් ලේක්හවුස් පුවත්පත්වලට නිරන්තරව සපයන ලදී.
උසස් අධ්‍යාපනය මෙරට ස්ථාපිතව නොතිබූ යුගයක, ඇතිකිරීමට යෝජිත විශ්වවිද්‍යාලය ඇරඹිය යුත්තේ අගනුවරද, ඉන් බැහැරද යන තර්කයට විජයවර්ධන මහතාගේ ඒකායන පිළිතුර වී ඇත්තේ, කර්කශ පරිසරයෙන් බැහැරව, සිසු දරු දැරියන්ගේ මානසික ඒකාග්‍රතාව ඒකාත්මික කළහැකි, දුම්බර මිටියාවතේ විශ්වවිද්‍යාලය ඉදිකිරීම උචිත බවයි. එතුමා ඒ අදහසේ තදින්ම එල්බ සිටියේය. පසුව කොතලාවල සහ ඩී.එස්. සේනානායක යන නායකයන්ගේද උපකාර ඇතිව පේරාදෙණියේ අක්කර 2000 ක ඉඩමක විශ්වවිද්‍යාලය ඉදිවිය. එතුමා පේරාදෙණියේ විශ්වවිද්‍යාලය ඉදිකිරීම වෙනුවෙන් අපමන ලෙස කටයුතු කළත්, එය ඉදිකර නිමවනු දැකීමට ජීවත්ව නොසිටියේය. විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ සහ ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් කරන ලද අනභිබවනීය සේවය සිහිකිරීම වස්, විශ්වවිද්‍යාලයේ එක් ශිෂ්‍ය නේවාසිකාගාරයක් අද දිනයේද ඩී.ආර්. විජයවර්ධන ශිෂ්‍ය නේවාසිකාගාරය නමින් නම් කර ඇත. විශ්වවිද්‍යාලයට උසස් අධ්‍යාපනය සඳහා වැඩමකරවනු ලබන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ අනන්‍යතාව ගෞරවනීය ලෙස තහවුරු කිරීම උදෙසා, සංඝාරාමය නමින් භික්‍ෂු නේවාසිකාගාරයක් ඉදිකිරීමට කටයුතු කළේය. ඒ සඳහා අරමුදලක් පිහිටුවා තම පෞද්ගලික ධනයෙන්, රු 250,000 ක පමණ මුදලක් එදා ඔහු පරිත්‍යාග කළේය. සුප්‍රකට පර්ගියුෂන් පුස්තකාලය අතිවිශාල මුදලක් ගෙවා මිලට ගෙන, විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ගේ පරිහරණය වෙනුවෙන් පරිත්‍යාග කළේය.
20 වැනි සියවසේ ලංකාවේ සිටි දේශප්‍රේමීන් අතර, ප්‍රමුඛ දේශප්‍රේමියෙකි දොන් රිචඩ් විජයවර්ධන මහතා. ඔහු ගෞරවයත් ප්‍රසිද්ධියත් හඹා නොගියා පමණක් නොව, බොහෝ අවස්ථාවල තමා වෙත ලැබුණු ගෞරවයත්, ප්‍රසිද්ධියත් ගෞරවයෙන් ප්‍රතික්‍ෂේප කළ අයෙකි. ඔහු පුවත්පත මෙන්ම තොරතුරු දැනගැනීමේ සහ තොරතුරු ප්‍රකාශ කිරීමේ අයතියට ගරුකළ ප්‍රතාපවත් නියමුවෙකි. දක්‍ෂ නීතිඥයෙකි. දේශයේ අනාගත පරපුරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යුතුකම් ඉටුකළ මහා ප්‍රාඥයෙකි. අන්‍ය ආගම් කිසිවිටකත් පහත් නොකළ පස් පවින් වැළකී සිටී සුපිරිසිදු බොදුනුවෙකි. දියණියන් තිදෙනෙකුට සහ පුතණුවන් දෙදෙනකුට සෙනෙහෙබර වූ පියතුමෙකි. හිතමිතුරන්ට කල්‍යාණ මිත්‍රයෙකි.
ශ්‍රී ලංකාවේ පුවත්පත් වංශකථාවේ අමරණීය නාමය දොන් රිචඩ් විජයවර්ධන ශ්‍රීමතාණන් වේ. විජයවර්ධන මහතා, 1950 වර්ෂයේ ජුනි මස 13 වැනි දින, සිය දිවි මගේ හැට හතරවැනි සැතපුම් කණුවෙන් බැස ගියද, ශතවර්ෂ ගණනාවක් මුඵල්ලේ ඉදිරියටත්, මේ දේශප්‍රේමී, ජනහිතවාදී, බොදු බැති නායකයාණන් ඉතිරිකර තබා ගිය අගනා දායාද, එතුමාගේ ශ්‍රී නාමයත් සමගින් බොහෝ කලක් ලාංකික සමාජය තුළ රැඳී පවතිනු ඇත.
(*** නිමල් වික්‍රමසිංහ)
සැබෑ දේශප්‍රේමියකු වූ ඩී.ආර්. විජයවර්ධන මහතා ජීවත්ව සිටියදී, කොතෙකුත් ජාතික සහ සමාජමය කටයුතුවල නියළුණේ, හුදෙක් චිරප්‍රසිද්ධිය පිණිස නොව, තමා තුළ වූ සැ
අභාවප්‍රාප්ත ප්‍රවීන ගායිකා අමිතා වැදිසිංහ කලාශිල්පිනයගේ අවසන් කටයුතු හෙට (25) සවස 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
මෙරට පුවත්පත් වංශ කතාවේ අමරණීය නාමය ඩී.ආර්. විජයවර්ධන