IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට ලක් විය. දෙරටේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මෙම ගිවිසුම් වඩාත් වැදගත් වනු ඇති අතර වර්තමාන ලෝකයේ ගෝලීය භූ දේශපාලනය හා ආර්ථිකය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා තිබීම වැදගත් වේ.

එක්දහස් නවසිය අනූව දශකයේ මුල් භාගය වන විට ලෝකයේ ප්‍රධාන කදවුරු දෙකක් ක්‍රියාත්මක විය. ඒ ධනවාදී කදවුර හා සමාජවාදී කදවුර වශයෙනි. සමාජවාදී කදවුරේ යම් යම් පරිවර්තන හා අලු‍තින් මතුවී ආ පරිවර්තන හේතුකරගෙන ආර්ථික බලවතුන් අතර විශාල වෙනස්වීම් මතුවී එන්නට විය. චීනය, ඉන්දියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, සහ නැගෙනහිර ආසියාවේ තවත් රටවල මේ ප්‍රවණතාව දැකිය හැකි විය. මේ වනවිට ලෝකයේ ආර්ථිකය බහුවිධ බලකේන්ද්‍රීයව ක්‍රියාත්මක වන බව පෙනේ. චීනය හා රුසියාවද මේ වන විට එබදු බල කේන්ද්‍ර බවට පත් වී ඇත. ඉන්දියාව, ජපානය වැනි රටවලද ඇත්තේ එබදු බල කේන්ද්‍රයකි. අනෙක් පැත්තෙන් යුරෝපය, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, ඒ බල කේන්ද්‍රය තුළ වඩාත් ශක්තිමත්ව ඇත. ඒ නිසාම මේ සියලු‍ බල කේන්ද්‍රවල විශාල වෙනස් කම් සිදුවෙමින් පවතී.

21 වැනි සියවස ආසියාවේ ශත වර්ෂය ලෙස බොහෝ දෙනා හදුනා ගනිති. එයට විශේෂයෙන් හේතු වී තිබෙන්නේ චීනය, ඉන්දියාව ඇතුළු ආසියාවේ අනෙකුත් රටවල් බොහොමයක් විශාල වශයෙන් නැගී සිටිමින් මේ වන විට ලෝකයේ ප්‍රධාන ආර්ථික බලපෑම්කරුවන් බවට පත් වෙමින් සිටීමය. මේ නැගීසිටීම මත මේ වනවිට ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන් සතර අතරට එන්නට ඉන්දියාව හා චීනය සමත් වී තිබේ. මේ අනුව බැලූ විට ලෝක ආර්ථිකය තුළ ඉන්දියාව ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකරන බලපෑකරුවකු බවට පත්ව තිබේ.

මෙබදු පරිසරයක් තුළ ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතා වැදගත් වන කාරණයක් නම් ශ්‍රී ලංකාව යනු ලෝක ආර්ථික බලවතකු බවට පත්වී සිටින ඉන්දියාව ආසන්නයේම පිහිටා තිබෙන රටක් වීමය. ඉන්දියාවේ දිනෙන් දින සිදුවන ආර්ථික වර්ධනය ලෝකයට බලපෑම් කරමින් සිටියි. ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමග පවත්නා සම්බන්ධතාව වඩාත් වැදගත්වන්නේ මෙවන් පසුබිමක් තුළය.

 

ඉන්දියා - ශ්‍රී ලංකා ගිවිසුම්වල වැදගත්කම

වර්තමාන ආණ්ඩුව ඉන්දියාවත් සමග ගිවිසුම් කිහිපයකට එළැඹීමත් සමග විවිධ දේශපාලන බලවේග විවිධ අදහස් දරමින් සිටින බව පෙනේ. අතීතයේදී ශ්‍රී ලංකාවට ඇතිවූ ඉන්දියානු බලපෑම ඇතැම්හු විවේචනාත්මකව හදුනාගත්හ. ඒ අනුව විග්‍රහ කළහ. එහෙත් වර්තමානයේ අප දකින ශ්‍රී ලංකා ඉන්දියා සම්බන්ධය ඉන්දියානු බලපෑමක් අනුව සිදුවන්නක් නොවේ. එයින් ආර්ථික සහයෝගය ප්‍රකට කරන්නකි. එය වඩාත් අවබෝධයෙන් අප තේරුම් ගත යුත්තකි.

ඒ අනුව මෑතදී අත්සන් කෙරුණු ගිවිසුම්වලින් ශ්‍රී ලංකා -ඉන්දියා ආර්ථික සම්බන්ධතාව තවදුරටත් වර්ධනය වනු ඇත. මේ වනවිට ලංකාව ඉන්දියාවේ ආර්ථිකයට වඩාත් සම්බන්ධ වී සිටින නිසාත් ඉන්දියාව ශීඝ්‍රයෙන් දියුණුවන රටක් නිසාත් ඉන්දියාව සමග කෙරෙන ගනුදෙනු අන්‍යෝන්‍ය සුහදත්වයෙන් යුතුව ඉදිරියට පවත්වාගත යුතු බව මගේ අදහසය. මේ සම්බන්ධතා මත දෙරටටම වැදගත් වන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන කාරණය කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කිරීම වැදගත් ය. එබදු සම්බන්ධයක් දෙරට අතර ගොඩනැගෙන්නේ නම් ඉන්දියාවේ සිදුවන ආර්ථික වර්ධනයේ තාක්ෂණික ප්‍රගතියෙන් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් වාසි අත්කරගැනීමේ හැකියාව පවතී. ඒ අනුව ඉන්දියාවේ ආර්ථික දියුණුවෙන් ලංකාවට කෙරෙන බලපෑම පුළුල් වනු ඇත.

ඉන්දියාවේ මේ වනවිට ඇතිවෙමින් තිබෙන ශීඝ්‍ර තාක්ෂණික ප්‍රගතිය කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු වීම වැදගත් ය. මෙරට සංවර්ධනයට තාක්ෂණික කාරණා අත්‍යවශ්‍ය ය. ඒ නිසාම ඉන්දියාවේ තාක්ෂණික සහයෝගීතාව ලබාගැනීම වැදගත් දෙයකි. ඩිජිටල් තාක්ෂණය ඒ අතරින් විශේෂ වේ. ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙද පරතරය සලකා බැලු‍වහොත් එය මේ වනවිට ලංකාවට වාසි සහගත වන අන්දමින් සකස් වෙමින් පවතී. එය සාධනීය කරුණකි. මේ වර්ෂය වනවිට වෙළෙද ශේෂය ධන අගයක් දක්වා වර්ධනය වී තිබීමෙන් ඒ බව හදුනාගත හැකිය. ඉන්දියාවේ ධනවත් ප්‍රජාව සහ මධ්‍යම පන්තිය සලකා බලනවිට එය ඉහළ අගයක් ගන්නා බව පෙනේ. මධ්‍යම පාන්තිකයන්ගේද සාධනීය ක්‍රමික වර්ධනයක් දැකිය හැකිය. එය ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට විශේෂයෙන් හේතුවනු ඇත. දෙරට අතර වන ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා ද ඒ සදහා ඉවහල් කරගත හැකිය. ශ්‍රී ලංකාව කුඩා රටක් නිසාම එහි පවතින්නේ කුඩා ආර්ථිකයකි. එම හේතුවෙන් ලෝකයේ ගෝලීය තත්වයන් සමග අපේ රට කිසියම් පීඩාවවලට ලක්වීමේ අවදානම වැඩිය. ඉන්දියාව වැනි අසල්වාසී ප්‍රබල රටක් සමග පවත්වාගෙන යන සුහදශීලී ආර්ථික සමාජ දේශපාලන හා සංස්කෘතික සම්බන්ධතා ඉහත කී පීඩා අවම කරගැනීමටද විවිධ අංශවලින් හේතුවනු ඇත. ශශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් විවිධ අර්බුදවලට ගොදුරු වන අවස්ථාවල ඉන්දියාවේ සහයෝගය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. උදාහරණයක් වශයෙන් පසුගිය කාලයේ අප ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව සිටි අවස්ථාවේ ඉන්දියාව අපට දැක්වූ සහයෝගය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා සැලකියයුතු දායකත්වයක් සැපයූ බව අමතක නොකළ යුතුය. ඉන්දියාව ඒ වන විට අපගේ මිත්‍රශීලී රටක් නොවුයේ නම් අපට අවශ්‍ය සහයෝගය නොලැබෙන්නට තිබුණා පමණක් නොව පැවැති ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇත. එයින් අවධාරණය වන්නේ තවදුරටත් මෙරට ආර්ථික සංවර්ධනයේදී ඉන්දියාවේ සහයෝගය අතිශයින් වැදගත් වන බවය.

නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ගේ ශ්‍රී ලංකා සංචාරයත් එහිදී අත්සන් තැබුණු ගිවිසුම් ආදියත් පිළිබදව සමාජ කතිකාවක් මේ වන විට ගොඩ නැගී තිබේ. මෑතකදී අත්සන් තැබුණු පූර්ණ ගිවිසුම් පිළිබදව සියල්ල අධ්‍යයනය කිරීමට නොලැබුණත් එයින් ගිවිසුම් කිහිපයක් පිළිබදව සාකච්ජා වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් යමක් සදහන් කළ හැකිය. ඉන් එකක් නම් ලංකාවේ දුම්රිය පද්ධතිය නවීකරණය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවීමය. පසුගිය කාලයේ මෙරට පැවැති ප්‍රාග්ධන හා තාක්ෂණ ගැටලු‍ හේතුවෙන් දුම්රිය ක්ෂේත්‍රයෙහි අපේක්ෂා කළ සංවර්ධනයක් සිදුකිරීමට හැකියාව ලැබුණේ නැත. ඉන්දියාව යනු ලෝකයේ දුම්රිය තාක්ෂණය අතින් ඉතාමත් ඉදිරියෙන් සිටින රටකි. වර්තමානය වන විට එරටේ දුම්රිය ගමනාගමනය ඉතාම ක්‍රමවත් හා ශක්තිමත්භාවයට පත්ව තිබේ. එබැවින් ලංකාවේ දුම්රිය සේවාව වඩාත් දියුණු සාධනීය මාවතට යොමු කරගැනීම සදහා ඉන්දියාවෙන් ලැබෙන සහයෝගය තීරණාත්මකය. එහි ආරම්භයක් ලෙස මහව - ඕමන්තේ දුම්රිය මාර්ගය හා ගමනාගමන සේවා සම්බන්ධයෙන් තාක්ෂණික වශයෙන් ඉන්දියාව කළ මැදිහත්වීම වැදගත් වනු ඇත.

එසේම මෙරට කඳුකර දෙමළ ජනතාව සම්බන්ධයෙන් යොමු කළ අවධානය සාකච්ජාවට ලක් විය යුතු එකකි. කඳුකර දෙමළ ජනතාවට ශ්‍රී ලංකා පුරවැසියන් ලෙස ඔවුන්ගේ නිරවුල් පුරවැසිභාවය තවමත් තහවුරු නොවූ තත්වයක් පවතී. එබදු තත්වයක් තුළ ඔවුන්ගේ නිවාස ඇතුළු වෙනත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා ඉන්දියාව විශේෂ දායකත්වයක් ලබාදීමට එකගතාව පළ කිරීම අගය කළ යුතු කරුණකි.

 

ආර්ථිකය සාධනීය මාවතකට

ඊටත් අමතරව සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉන්දියාවත් සමග සම්බන්ධ වී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීමෙන් ලංකාවට වාසි සහගත තත්වයක් ඇති විය හැකිය. ඉන්දියාව සූර්ය විදුලි තාක්ෂණය අතින්ද ඉතාමත් ඉහළ තාක්ෂණයක් දක්වා ගිය රටකි. එබදු අත්දැකීම් සහ ඉහළ ඉල්ලු‍මක් ඇති රටකින් සහයෝගය ලබාගැනීම වඩාත් හිතකර වේ. මේ සියල්ල ලංකාවේ ඉදිරි ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා වඩාත් තීරණාත්මක වනු ඇත. එබැවින් මේ මොහොතේ ඉන්දියාවෙන් ලැබෙන ආර්ථික සහයෝගය දෙස අප බැලිය යුත්තේ විවේචනාත්මකව නොව ධනාත්මකවය.

මෙම ඉන්දියානු මැදිහත්වීමේ හා ගිවිසුම්ගත කාරණාවල ලංකාවට යම් අහිතකර තත්වයක් පවතීදැයි ඇතැම් දේශපාලන හා සමාජ කණ්ඩායම් විමසමින් සිටින බවද පෙනේ. මගේ අදහස අනුව නම් මේ අන්දමට ඉන්දියාවත් සමග ඇතිකරගන්නා ගිවිසුම් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව යන මූලධර්ම මත කටයුතු කරගෙන යන්නේ නම් ලංකාවට ආර්ථික හා දේශපාලන වශයෙන් කිසිදු හානියක් වීමේ ඉඩකඩක් ඇති නොවේ.

ආරක්ෂාව සම්බන්ධ කාරණයේදී ලංකාවේ භූමිය හෝ ලංකාවට අයත් මුහුදු කලාපය ඉන්දියාවට පමණක් නොව ලෝකයේ වෙනත් කිසිදු රටකට බලපෑම් කළ හැකිවන ආකාරයෙන් භාවිත නොකරන බවට ප්‍රකාශ කිරීම සහ ඒ සදහා ගිවිසුම් ගතවීම ඉතාම වැදගත්ය. ලංකාව නැගෙනහිර බටහිර ප්‍රධාන මුහුදු ප්‍රවාහන මාර්ගයේ පිහිටි රටකි. එම නිසා බෙංගාල බොක්ක සහ ඉන්දියානු සාගරය ආශ්‍රිත වෙළෙදාම, නැව් කටයුතු ආදියෙහි ආරක්ෂාව අතිශයින් අවශ්‍ය වූවකි. මේ භූගෝල ස්ථානීය වටිනාකම නිසාම ලෝකයේ විවිධ රටවල ඇතිවන ගැටුම්වලට තරගකාරිත්වයට භේදවලට ලංකාවේ භූමිය සහ සාගර සම්පත භාවිත කළ නොහැකි බවට වන ස්ථිර මතය ලෝකය හමුවේ ප්‍රකාශ කිරීම අතිශය වැදගත් ය. මේ ස්ථානීය වැදගත්කම යහපත් අන්දමින් යොදාගත හැකිවන පරිදි ලෝකයේ සෑම රටක් සමගම මිත්‍රශීලීව කටයුතු කිරීමේ හැකියාව සොයා බැලීමත් වැදගත් වේ. එබැවින් මේ සම්බන්ධයෙන් කළ ගිවිසුම් ගතවීම් සුළුවෙන් තැකිය නොහැකිය. ලංකාව ආසන්නයේ පිහිටි ඉන්දියානු භූමිය හෝ වෙරළ කලාපය සහ මුහුදු කලාපය ඉන්දියාවට එරෙහිව කිසිවකුට හෝ භාවිත කිරීමට ඉඩනොදෙන බව ප්‍රකාශ කිරීම වඩාත් යහපත් තත්වයකි. එයින් ඉන්දියාවට ලංකාව කෙරෙහි වන විශ්වාසය තවදුරටත් තහවුරු වේ. එම විශ්වාසය අනෙක් පැත්තෙන් රටේ ආර්ථික දේශපාලන ස්ථාවරය ඉදිරියට ගෙන යාමටද හේතු වනු ඇත.

අනෙක් පැත්තෙන් ඉන්දියාව බිලියන 1.4ක ජනගහනයක් වෙසෙන විශාල රටකි. එහෙත් ලංකාවේ සිටින්නේ මිලියන 22ක් පමණ ජනගහනයකි. වෙළෙදපොළ අතින් ගත්තත් සංචාරක කර්මාන්තය අතින් ගත්තත් තාක්ෂණික දැනුම හා භාවිතය අතින් ගත්තත් කුඩා රටක් වන ශ්‍රී ලංකාවට අන්‍යෝන්‍ය ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන මූලධර්මය මත කටයුතු කළොත් ඉන්දියාවෙන් විශාල වශයෙන් ප්‍රතිලාභ අත්කරගත හැකි බව කල්පනාවට ගත යුතුය.

ඉන්දියාව මේ වනවිට ඇමෙරිකාවත් සමග දැඩි සහයෝගීතාවෙන් කටයුතු කරන සන්දර්භයක අප කළ යුත්තේ චීනය රුසියාව වැනි රටවල් ද සුහදව තබාගනිමින් ඉන්දියාවත් සමග කටයුතු කිරීමය. ඇමෙරිකාවේ තීරු බදු සම්බන්ධ කාරණයද එයින් යම් වාසි සහගත තත්වයකට හරවා ගැනීමේ වක්‍ර මාර්ගයක් සැකසෙනු ඇත.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 340 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 181 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 696 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 338 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 215 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 269 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 51 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site