IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මේ ආණ්ඩුවේ වැඩ ලෝකයාටත් තිත්තයි

බහුතර ජනතා මතය, විපක්ෂයේ විරෝධතා මෙන්ම අධිකරණ තීන්දු පවා පිළි නොගෙන දෝෂාභියෝගය හරහා අග‍්‍රවිනිශ්චයකාරතුමිය ඉවත් කිරීමට වැර දරන ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත ගැන එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කරන විග‍්‍රහයයි මේ.

කුරුණෑගල දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී නීතිඥ දයාසිරි ජයසේකර

* ප‍්‍රශ්නය: අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය හා එම ක‍්‍රියාවලිය මෙතෙක් ගමන් කළ ආකාරය ගැන එජාප මන්ත‍්‍රීවරයකු මෙන්ම නීතිඥවරයකු ලෙස ඔබ කරන විග‍්‍රහය කෙබඳුද?
පිළිතුර: මේ දෝෂාභියෝගය එන්නේ වෛරයක් පිරිමසා ගැනීමට මිසක ඇයට එරෙහි විෂමාචාර පවතින නිසා නොවෙයි. මේ ආණ්ඩුව හා ඇය ඉතා සමීප දේශපාලන මිතුරන්. එතුමිය ඇමැති ජී.එල්. හා ජනාධිපතිතුමා එකම බඩවැල කඩාගෙන ආපු අය වගෙයි හිටියේ.

 

* ප‍්‍රශ්නය: ඔය එකම බඩවැල කඩාගෙන ආපු පවුලේ ඉස්සර ඔබත් හිටියා නේද?
පිළිතුර: ඔව්. ඇමැතිතුමා හා මෙතුමියගෙන් මම නීතිය ඉගෙන ගෙන තියෙනවා. ඒත් අද එතැන නැතිවීම ගැන මට සතුටකුත් තිබෙනවා. මේ එකම පවුලේ අය විධියට හිටපු නිසයි ඇගේ සැමියාට රක්ෂණ සංස්ථාවේ හා ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිකම පවා මේ ආණ්ඩුව ලබා දුන්නේ.

 

* ප‍්‍රශ්නය: අග‍්‍රවිනිශ්චයකාරතුමිය ලෙස ක‍්‍රියා කරද්දී   සැමියාට ආණ්ඩුවේ තනතුරු බාර ගැනීමට ඉඩ දීමත් ආණ්ඩුවේ ඉහළ අය විසින් එවැනි තනතුරු ලබා දීමත් ගැන මොකද කියන්නේ?
පිලිතුර: මේ දෙගොල්ලම විශාල වරදක් කරලා තියෙන්නේ. ඇයගේ  සැමියාට ආණ්ඩුව තනතුරු දුන්නේ ආදරේටම නොවෙයි. නඩු තීන්දු ආණ්ඩුවට වාසි ලෙස ලබා ගැනීම සඳහා ලබාදුන් අල්ලසක් ලෙසයි අපි ඒ සිද්ධිය දකින්නේ. මම  ඕක පාර්ලිමේන්තුමේදී කිව්වාම මේවා පළල්ව දකින්න මොළයක් නැති ආණ්ඩුවේ අය මට ගහන්නත් හැදුවා. අද තමන්ට  ඕනෑ විදියට කපල කොටල ආණ්ඩුවේ පචවාහිනීවල දාන්නෙත් මගේ ඒ ප‍්‍රකාශයයි. සැමියාට තනතුරුදීමෙන් විශාල අවුලක් වෙලා අධිකරණයේ ස්වාධීන බව නැතිවෙන බවට මම කිව්වා. ඒක මෙයාල දාන්නෙ නැහැ.

 

* ප‍්‍රශ්නය: දෝෂාභියෝගයේ ගලායාම ගැන මගේ මුල් ප‍්‍රශ්නයට යොමුවෙන්න?
පිළිතුර: ඇය අග‍්‍රවිනිශ්චයකාරතුමිය වෙන්න පෙර පැනල්වල ඉන්න කාලෙ සිට රටට ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අහිතකර තීන්දු දීලා ආණ්ඩුව සතුටු කළා. එජාපයෙන් ඡන්ද අරන් තනතුරු වරප‍්‍රසාදවලට ආණ්ඩුවට පැනපු අය රැුකගැනීම ඊට නිදසුන්. අග‍්‍රවිනිශ්චයකාරධුරයට ඇවිත් 17 වැනි සංශෝධනය අහෝසි කරලා ඒකාධිපති 18 රටේ ව්‍යවස්ථාවට පටහැනි නැති බවට තීන්දුවක් දුන්නා. ඒ හරහා ඇයගේ බලය පවා නැතිකර ගත්තා පමණක් නෙවෙයි රටත් ජනතාවත් විපක්ෂයත් අනාථ කළා. අධිකරණ සේවා රාජ්‍ය සේවා හා පොලිස් කොමිසම අහෝසි වෙලා සියලූ බලතල ජනාධිපති අතට ගියේ ඒ තුළයි. එදා මේ දෙගොල්ල මධු සමයේ හිටියේ. ඒ නිසාම මහ නගර සභා හා නගර සභාවලට අදාළවත් රටට අහිතකර තීන්දු දුන්නා.



* ප‍්‍රශ්නය: ඒත් පසුව ඇය රටට ජනතාවට හිතකර තීන්දුත් ලබාදුන් බව ඔබ පිළිගන්නෙ නැද්ද?
පිළිතුර: මම එතැනට තමයි එන්න හැදුවේ. ආණ්ඩුව ”ඉසෙඞ් ස්කොර්” එක අනාගෙන ලකෂ 02ක සිසුන්ගේ ජීවිත අනාථ කරන්න හදනකොට අසාධාරණයට ලක්වූ සියලූ දෙනා විශ්වවිද්‍යාලයට ගන්නැයි ඇය තීන්දු කළා. ඉන් පසුව දිවි නැගුම පනතට අදාළවත් ඇය ඇතුළු පිරිස රටට හිතකර තීන්දු ලබාදුන්නා. ඒ පනතේ කරුණු 16 ක් ව්‍යවස්ථාවට පටහැනි බව කිව්වා. අනික රාජපක්ෂ කෙනෙකුට සම්බන්ධ අරමුදලේ රු. කෝටි 10,600 ක දැවැන්ත මුදලේ තනි පරිහරණයත් එතැන දී වැලකී යන පසුබිමක් ආවා. මේ තීන්දු දෙක ප‍්‍රගතිශීලි රටට හිතකර ඒවා වුණා. ඒත් තිබුණු  මධු සමයට හෙණගැහුවා.



* ප‍්‍රශ්නය: රු. කෝටි ගණනක ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ඇයගේ සැමියා සභාපතිධුරය දැරූ ඉතිරි කිරීමේ බැංකුව මිලදී ගැනීම තුළ විශාල පාඩුවක් සිදුවූ බවට මතුවූ චෝදනා මේ ප‍්‍රශ්නයට අදාළ නැද්ද?
පිළිතුර: අදාළයි. ඒ දුෂිතයයි කියන ගනුදෙනුව සිදුවෙද්දී ආණ්ඩුවේ ඉහළ සිට පහළ අය නිහඬව හිටියා. එජාපය ඒ ගැන හඬ නගන කොටයි ඔවුන් ගනුදෙනුව නැවැත්තුවේ.



* ප‍්‍රශ්නය: ඇයගේ සැමියා ඉතිරි කිරීමේ බැංකු සභාපතිවරයා ලෙස එම ගනුදෙනුව කළේ ආණ්ඩුවේ හා මහ බැංකුවේ ඉහළම අයගේ උපදෙස් මත බවට පවතින ආරංචිය ගැන ඔබ මොකද කියන්නෙ?
පිළිතුර: ඔව්. කෝප් කමිටු සාමාජිකයෙක් ලෙස මේවා දිගටම ප‍්‍රශ්න කරනකොට ආණ්ඩුවේ ඉහළ අයගේ උපදෙස් හා බලපෑම් මත ඒ ගනුදෙනුව සිදුව ඇති බවට තහවුරු වන කරුණු රැුසක් මට එළිවුණා. ජනාධිපතිතුමා කියලා තිබුණා සභාපති අපේ මිනිහෙක් මම එයා බේරුවා කියලා. අපේ මිනිහෙක් නම් හොරකම් කරන්න මිනීමරන්න පුළුවන්. ඒවා ෂේප් කරන්නත් පුළුවන් කියන එකද මේ කිව්වේ කියල අපි ප‍්‍රශ්න කරනවා. මේ පසුබිම තුළ එතුමියට එරෙහි මේ දෝෂාභියෝගය ආවේ ඇගේ විෂමාචාර නිසා නොව කට්ටියම එකතුවෙලා කරපු දේවල්වල ඇතිවූ වෙනස් ප‍්‍රශ්න නිසයි.
අනික ඇයගේ බැංකු ගිනුම්වල විස්තර එන්.ඞී.බී. බැංකුව ආණ්ඩුවට ලබාදීම ඉතා වැරදියි. උසාවි නියෝගයකින් විතරයි බැංකුවක ගනුදෙනු ඉදිරිපත් කළ  හැක්කේ. මෙතුමියගේ ගිණුමේ විස්තර දුන් එකත් සදාචාර විරෝධීයි.

එතුමියට බොරු චෝදනා 14 ක් දාලා දෝෂාභියෝගය ගෙනාවා. ආණ්ඩුවේ 07 දෙනකුට විපක්ෂයෙන් 04 ක් වැනි අසාධාරණ තේරීම් කාරක සභාවකුත් පත්කළා. දෝෂාභියෝගයට අත්සන් කරපු අයම නඩු අහලා වධකයා ලෙස ඇගේ හිස ගසා දාන්නයි ගියේ. ඇයට ලියකියවිලි පිටු 1000කට වඩා දීලා පැය 16කදී පිළිතුරු ඉල්ලූවා. කල් මදි කීවාම ඇයට පහත් ලෙස නින්දා අපහාස කළා. කුණුහරුපෙන් බැන්නා. ඇයව පන්නා ගත්තා. කාන්තාවක් ළඟ ඇමැතිවරු 07 දෙනෙක් ප‍්‍රදර්ශනය කළේ මොන තරම් පහත් හැසිරීමක්ද? පසුව විපක්ෂයත් නැතිවෙලා ගියා. පස්සෙ සාක්කිකාරයෝ ගෙන්නන්නෙ නැති බවට කමිටුවේ සියලූ පාර්ශ්ව එකඟව  හිටියත් සාක්කිකාරයො ගෙනාවා. කැකිල්ලේ රජුවත් මෙහෙම වැඩ කළේ නෑ. තනියම  එදා ? එළිවෙන තෙක් වාර්තාව හදලා කතානායකට බාර දුන්නා.



*  ප‍්‍රශ්නය: මේ වාර්තාව එළිදැක්වූ පසු එජාප ඇතුළු විපක්ෂය කිව්වේ මේ දෝෂාභියෝගය ඉදිරියට ගියේ අසාධාරණ හා අසෝබන ලෙස නිසා වාර්තාව පිළිනොගන්නා බවයි. මෙතැනදී විපක්ෂය ගත්තේ දේශපාලන තීන්දුවක් නේද?
පිළිතුර: දෝෂාභියෝග ක‍්‍රියාවලියම දේශපාලන එකක්. ජේ.ආර්. මැතිතුමාගේ මිත‍්‍රයාවු නෙවිල් සමරකෝන්ට විරුද්ධව එදා කළෙත් දේශපාලන ක‍්‍රියාවලියක්. ඒත් මේ දෝෂාභියෝගයට සාපේක්ෂව එදා එක ඉතා සාධාරණ ලෙස කර තිබෙනවා. පේ‍්‍රමදාස හා ඇතුලත්මුදලි මැතිතුමන්ලාගේ මූලිකත්වයෙන් කමිටු 02ක් පත් කරලා මාස 06 ක් පුරා ශිෂ්ට සම්පන්න වඒ පරීක්ෂණ කළා. අන්තිමට නෙවිල් මැතිතුමා නිදහස් කරන්නත් ක‍්‍රියා කළා. එතුමා විශ‍්‍රාම ගියේ ඒ එක්කමයි. ඒ ක‍්‍රියාවලියට සාපේක්ෂව මේ දෝෂාභියෝග ක‍්‍රියාවලිය බලූ වටින්නෙ නෑ. චෝදනා දැක්ක ගමන් මෙතුමිය අස්වේවි කියන ලණුවයි ආණ්ඩුවේ ඉහළ අයට සමහරු දීල තියෙන්නේ. ඒත් ඇය හා නීතිඥයො කීවේ කාලය දෙන්න මේ සියලූ චෝදනා බොරු බව ඔප්පු කළ හැකි බවයි. ආණ්ඩුව ඔල්මාදෙන් වගේ පහත් ලෙස ක‍්‍රියා කළේ ඒකයි. ඇය නිර්දෝෂි නිසා වෙන්නැති මේකට දිගටම මුහුණ දුන්නේ.



* ප‍්‍රශ්නය: ඒත් ඇය මේකට දිගටම මුහුණ දෙන්නේ විපක්ෂය හා බෙදුම්වාදීන් මෙන්ම ජාත්‍යන්තර බලවේගවල ශක්තියෙන් බවට ආණ්ඩුවට කරන චෝදනාව බරපතල එකක් නේද?
පිලිතුර: වීරවංශ හා රණවක ඇතුළු ආණ්ඩුවේ කීප දෙනෙක් අව්ව වැස්සටත් ජාත්‍යන්තර හෝ කොටි බෙදුම්වාදීන්ගේ කුමන්ත‍්‍රණ කියනවා. මේ ඔලමොට්ටලකම් හා මානසික රෝගවලට බේත් නැහැ. මේ කුමන්ත‍්‍රණ කතාව දැම්ම ගමන් ජනතාව ඒ ලණුව කනවා කියලත් මොවුන් හිතනවා. ඒත් ඒ පරණ තැටියට යළිත් රැවටෙන්න තරම් ජනතාව මෝඩ නෑ. මේ ආණ්ඩුව මඩ ගැසීමේ සීමාවවත් දන්නෙ නෑ. බලයෙන් මත්වෙලා ආණ්ඩුව තමන් හිතන  ඕනෑම දෙයක් කළ හැකි බව හිතනවා.

 

* ප‍්‍රශ්නය: දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නීතිමය පදනමක් නැති බවත් පාර්ලිමේන්තුව උත්තරීතර යයි කීවාට එතැනින් ගෙනා දෝෂාභියෝගය ව්‍යවස්ථාවට එකග නැති බවටත් අභියාචනාධිකරණය හරහා තීන්දු දෙකක් පැමිණීම තුළ මේ ගැටලූවට අලූත් පසුබිමක් ලැබුණා. නීතිඥයකු ලෙස ඒ ගැන ඔබේ විග‍්‍රහය කුමක්ද?
පිළිතුර: චන්ද්‍රා ජයරත්න ව්‍යාපාරික මහතා නඩුවක් දැම්මා මෙහෙම ක‍්‍රියා කරන්නේ රටේ ව්‍යවස්ථාවට අනුව බලයක් නැති බව තහවුරු කරන්න කියලා. අභියාචනාධිකරණය කීවේ තමන්ට ඒ සඳහා බලය නැති නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට යැව්වා. ඔවුන් දුන් තීන්දුව වුණේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග නීතියක් නොවන බවයි. ඒක නිවැරදි අර්ථ දැක්වීමක්. 2001 අනුර බණ්ඩාරනායක මහතා දුන් තීන්දුවේත් මේ බව තිබෙනවා. 2001 දී කතානායක දුන් තීන්දුව හා ඒ පසුබිම මේ කතානායක හා අද පවතින පසුබිම අහසට පොළව වගේ දුරස්ථයි. ඒ එක්කම එදා කතානායක කිව්වේ 2000 චන්ද්‍රිකා ආණ්ඩුවේ ව්‍යවස්ථාවේ තිබූ දෝෂාභියෝගයකට අදාළ ක‍්‍රියා පටිපාටිය සම්මත වුණොත් ඒක ඉදිරියට ක‍්‍රියාත්මක කළ හැකි බවයි. එජාප ආණ්ඩුව එදා සරත් එන්. සිල්වා මහතාට එරෙහි දෝෂාභියෝගය විමර්ශනයට පොදුරාජ්‍ය මණ්ඩල විනිශ්චයකාරවරු ගෙන්නල සාධාරණව  කරන්න හැදුවේ. ඒත් ආණ්ඩුව විසුරවල ඒ වටිනා පූර්වාදර්ශය රටට නැති කළේ 2004දීයි. මේ දෝෂාභියෝගයේදීත් කතානායක පාර්ලිමේන්තුවේදී කිව්වේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ අයිතිය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවයි. මේ තීන්දුව දෙන්නේ එවැනි පසුබිමකයි. අලූත් නීති හදලා හෝ ව්‍යවස්ථාවට සංශෝධන ගෙනැත් දෝෂාභියෝගය ගැන සාධාරණව ක‍්‍රියා කරන්න කියලයි අධිකරණය තීන්දු කළේ. මොකද නිවැරදි පූර්වාදර්ශ හෝ අග‍්‍රවිනිශ්චයකාරවරයකුගේ හෝ වෙනත් විනිශ්චයකාරයකු ඉවත් කිරීමේ සැබෑ ප‍්‍රතිපාදන අපේ ව්‍යවස්ථාවේ නැහැ. 84දී එජාපය කෑලි පූට්ටු කරලා කරපු ගොන් වැඩක් සැබෑ පූර්වාදර්ශයක් වෙන්නෙ නෑ. ඒත් 2001 එජාප ආණ්ඩුව පොදුරාජ්‍ය මණ්ඩල විනිශ්චයකාරවරු දාලා දෝෂාභියෝගය විමර්ශනය කරලා නිවැරදි පූර්වාදර්ශයක් දෙන්න කළ උත්සාහය බණ්ඩාරනායකලා රාජපක්ෂලා ඒ ආණ්ඩුව විසුරවලා විනාශ කළා. ඊළඟ නඩුව පවරන්නේ ශිරාණි මැතිනියයි. දෝෂාභියෝගය ව්‍යවස්ථාවට එකඟ නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ආවේ ඒකටයි. ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ අයිතිය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට විතරක් නිසා ඒ තීන්දුව කාටත් පිළිගන්න වෙනවා. ඒ අනුව දෝෂාභියෝගය හා ඒ වාර්තාව නීති විරෝධීයි.



* ප‍්‍රශ්නය: ඒත් තමාගේ නඩුව තමාම අහන එක හරිදැයි ආණ්ඩුව තර්ක කරනවා නේද? හොරාගෙ අම්මාගෙන් පේන අහන බව ඇමැති වීරවංශ කියනවා නේද?
පිළිතුර: නීතියේ මුල් අකුරුවත් දන්නෙ නැති ගස්යට පෙරෙකදෝරුවෝ දෙන අර්ථ දැක්වීම් ගැන මට කියන්න තේරෙන්නෙ නැහැ. හොරාගෙ අම්මගෙ කතාවත් එහෙම එකක්. දෝෂාභියෝගයට අත්සන් කරලා පැමිණිලි කරලා නඩු අහලා කැකිල්ලේ තීන්දුව දෙනකොට වීරවංශට මේ ප‍්‍රස්ථා පිරුළ මතක් වුණේ නැත්තේ ඇයි? අනික එතුමියගේ චෝදනා විමර්ශනය කරන්න කලින් ආණ්ඩුවේ ඔක්කොම අය කණ්ණාඩි ළගට ගිහින් තමන් කරපුවා ගැන බලාගත්තනම් කොච්චර අගේද? ජනපතිට මුක්තියක් තිබෙන නිසා උසාවි ගේන්න බැහැ. ඒත් අග‍්‍රවිනිශ්චයකාරතුමියගේ සිට ජනතාවට යුක්තිය ඉල්ලා අධිකරණයට යාමේ අයිතිය තිබෙනවා. පණ්ඩිතයන්ට මේවා තේරෙන්නෙ නෑ. ඒකයි අධිකරණය රැුක ගන්න කියලා අපි ජනතාවට කියන්නේ. එතුමියත් උසාවි ගිහින් තමාට සිදුවූ අසාධාරණය ගැන රිට් ආඥාවක් ගත්තේ ඒ තුළයි. ඒ අයිතිය හිඟන්නෙකුටත් තියෙනවා. දෝෂාභියෝගය ව්‍යවස්ථාවට පටහැනි බවට ලබාදුන් ඒ තීන්දුව දෙන්න කලින් රාජ්‍ය මැරයො ඒ විනිශ්චයකාරවරුන්ටත් මරණ තර්ජන  කළා. බ‍්‍රහස්පතින්දා දෝෂාභියෝගයට එරෙහි සාමකාමී උද්ඝෝෂණවලට පවා රාජ්‍ය මැරයො ගැහුවා රූපවාහිනියෙන් රටම දැක්කා. ආණ්ඩුව ඒ තරම් බංකොලොත්.



* ප‍්‍රශ්නය: දෝෂාභියෝගයට එරෙහිව අධිකරණයෙන් දුන් තීන්දු දෙකට ආණ්ඩුව මායිම් කරන්නෙ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පිළිගැනීම පාර්ලිමේන්තුව ඇතුළු කාගෙත් වගකීම බව බොහෝ අය කිව්වත් ආණ්ඩුව කියන්නේ පාර්ලිමේන්තුව උත්තරීතර නිසා උසාවි නියෝග ගණන් ගතයුතු නැති බව කියමින් දෝෂාභියෝග ක‍්‍රියාවලිය ඉදිරියටම යාම ගැන ඔබේ ප‍්‍රතිචාර?
පිලිතුර: ඒකාධිපති වෙලා රටත් ජනතාවත් වළපල්ලට ගෙනයන්න ආණ්ඩුව ක‍්‍රියා කරනවා. පාර්ලිමේන්තුව උත්තරීතර නැහැ. කුඩුකාරයො, හොරු, පාතාලයොත් ඉන්න විපක්ෂයේ අය සල්ලි හා තනතුරුවලට මිලට අරන් 2/3ක හදපු තැනක් උත්තරීතර වෙන්න කොහොමද? මේ ඇමැතිවරුන්ම විනිශ්චයකාර ජොබ් එකත් කරලා ආණ්ඩුවට අවශ්‍ය විදියට තීන්දු ගත්ත කියලයි අපි කියන්නේ. ඒ වගේ වැඩක් තමයි ආණ්ඩුව මේ කරන්න හදන්නේ.
මොකද විනිශ්චයකාරවරු ලබාදෙන සැබෑ තීන්දු පිළිනොගෙන වනචාරීන් ලෙස යන්නයි මේ හදන්නේ. ලෝකය මේවා අනුමත කරන්න නැහැ. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව මාර්තුවල ලංකාවේ තියෙන්නේ. හුඟක් රටවල් එනවද කියලත් දැන් දෙගිඩියාවෙන් ඉන්නේ. ඒ නිසා ජනතාවට සාධාරණය ලබාගන්න ඉතිරිවන අන්තිම තැනවූ අධිකරණයේ ස්වාධීන බව වළදාන්න දෝෂාභියෝගයට කඬේ ගිය පෙළපාලි ගිය හා පාර්ලිමේන්තුවේ අත උස්සන සියලූ දෙනා ද්‍රෝහීන් ලෙස ඉතිහාසගත වේවි. රිසානගේ ජිවිතය බේරගන්නත් බැවුණේ මේ ආණ්ඩුව ලෝකය තුල අනාථවී ඇති නිසයි.



අදහස් (0)

මේ ආණ්ඩුවේ වැඩ ලෝකයාටත් තිත්තයි

සුදේශ් Monday, 14 January 2013 01:42 PM

අනේ මන්දා (දී)

:       0       0

අන්ද්‍රා Thursday, 17 January 2013 04:12 PM

ජය වේවා .! (ස)

:       0       0

චමින්ද Friday, 18 January 2013 03:08 AM

එක එක පුද්ගලයට ඒක වෙනස් වෙනවා (දී)

:       0       0

දීපාල් Friday, 18 January 2013 03:09 AM

මිනිස්සුන්ට අවශ්‍ය විටෙක අවශ්‍ය වැඩේ කරයි (දී)

:       0       0

සරත් Friday, 18 January 2013 04:07 AM

මටනම් එහෙම පෙන්නේ නැහැ (දී)

:       0       0

පෙරේරා Wednesday, 16 January 2013 07:36 AM

ඇත්තටම ඔබ ගොඩක් හොද කෙනෙක්. (නි)

:       0       0

තිස්ස Friday, 18 January 2013 05:33 AM

අනේ මන්දා (දී)

:       0       0

දිල්ශාන් Tuesday, 15 January 2013 11:51 AM

ඒන ඇත්ත තමයි (ස)

:       0       0

ප්‍රනාන්දු Monday, 21 January 2013 04:04 AM

අපිට සුදුසුම පුද්ගලයා ඔබයි කියන එක අපි හැමෝම දන්නවා. ඒ තැන ඔබතුමාට නොලැබෙන එක ගැන අපිට හරිම කණගාටුවක් තියෙන්නේ. ඒ දවස ඉක්මනට උදාවෙයි කියල අපි හැමෝම ලෝකයේ සැම තැනම ඉදලා බලාගෙන ඉන්නවා. ඒ සදහා හදවතින්ම සුභ පතනවා! (නි)

:       0       0

තරුෂ Tuesday, 15 January 2013 11:53 AM

ඒ බව පෙන්නනම් නැහැ නේද (දී)

:       0       0

සුනිල් Thursday, 17 January 2013 02:21 AM

සමහරුන්ට එහෙම හිතෙනවාත් ඇති (දී)

:       0       0

අමිල Tuesday, 15 January 2013 09:13 PM

මේ රටේ පාර්ලිමේන්තුවට රටට ඔබවැන්නන් ඉතා අවශ්‍යයි. ජනතාව තේරුම් ගතයුතුයි, තමාගෙ ඡන්දය රට විනාශයටත්,සංවර්ධනයටත් දෙකටම හේතුවන බව. ඔබව අගයකරමි. ජය වේවා! (නි)

:       0       0

එඩ්වර්ඩ් Tuesday, 15 January 2013 04:42 AM

මේක නම් සාමාන්‍යයෙන් හොද ප්‍රකාශයක්. (නි)

:       0       0

කුමාර් Thursday, 17 January 2013 01:09 PM

ඔබ වැනි මිනිසුන් මේ ලංකාවට තවත් අවශ්‍යයි. (නි)

:       0       0

ගාමිණි Thursday, 17 January 2013 04:56 AM

ඔබතුමා හොඳ ශුර දේශපාලකයෙක්. ඔබ දැන් දන්නවා මීළඟට වෙන දේ. දැන්ම තියා සුදානම් ශරීරෙ කියලා ඇත්ත විස්තරේ කියපු එක ඔබේ දූරදර්ශීකමකි. (නි)

:       0       0

ජනක Tuesday, 15 January 2013 10:00 PM

මට නම් කියන්න මොකුත් නැහැ (දී)

:       0       0

ලලිත් Wednesday, 16 January 2013 06:54 PM

ඔබගේ ප්‍රකාශ මම සියයට සියයක් අනුමත කරමි. තමුන්ට වෙනකොට තමා කාට කාටත් ජනතාව මතක් වෙන්නේ. මේ සී ජේ විතරක් නෙමේ කලින් සී ජේ ත් යන දෙන්නම ගත් තීරණ නිසා තමයි මේ රටයි ජනතාවයි අතරමන් වුණේ. පුද්ගලයන්ට වෙන අසාධාණයට වඩා ඔබ රටේ ජනතාවට වෙන අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම ගැන ඔබට ගරු කරමි. (නි)

:       0       0

හේෂාන් Thursday, 17 January 2013 07:15 AM

ඔබතුමාගෙ නිර්භීතකමට අපි ගරුකරනවා. ඔබතුමා කවදත් කෙළින් කතාකරන කෙනෙක්. (නි)

:       0       0

සුනිමල් Thursday, 17 January 2013 08:02 AM

ඔබගේ මෙම සාකච්ඡාව ඉතාම වැදගත්. ඔබගේ අනාගතය ඉතාම සුභයි. (නි)

:       0       0

කල්ප Tuesday, 15 January 2013 08:25 AM

ඔබතුමාගේ ලිපියක් බැලුවේ ගොඩක් කාලෙකින් .ජනතාවට හරි පාර පෙන්වනවාට ඔබට ස්තූතියි (ස)

:       0       0

පෙරේරා Tuesday, 15 January 2013 08:49 AM

මහජනතාව දැන්වත් පාඩමක් ඉගෙනගනිවීද මන්දා? (නි)

:       0       0

විශ්ව Monday, 14 January 2013 05:43 PM

ඔබ බුද්ධියක් ඇති අපේම මිනිහෙක් වීම ගැන අපට සතුටකුත් තිබෙනවා. (නි)

:       0       0

සුභා Monday, 14 January 2013 05:44 PM

මම නම් කවදාවත් හිතන්නේ නැහැ ඒ කතාව (දී)

:       0       0

විමල් Wednesday, 16 January 2013 03:28 PM

ඔබ බුද්ධිමත් නිරහංකාර පුද්ගලයෙක්. (නි)

:       0       0

රාජා Monday, 21 January 2013 11:35 AM

ජනමතයයි වැදගත් (දී)

:       0       0

විජිත Tuesday, 15 January 2013 06:53 PM

ඔබට බොහෝමත් ස්තුතියි. මේ දෝශාභියෝගය ගැන, රටේ නියම තත්වය ගැන හරි අවබෝධයක් ලැබුනේ ඔබේ ලිපිය කියවීමෙන් පසුවයි. ඔබ කොහෙදිදෝ කියලා තිබුණා වගේ මමත් පතන්නේ ලබන ආත්මයේ නම් ලංකාව කියන රටේ නම් නැවත උපදින්නට එපා කියලායි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 105 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5884 3

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 866 6

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1451 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 133 1

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 212 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39190 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1092 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site