IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මා ඉතාම ඉක්මනින් විශ‍්‍රාම යන්න බලාගෙනයි ඉන්නෙ

දේශපාලන ක්‍ෂේත‍්‍රයේ පෙරැළිකාර මෙන්ම කටකාර චරිතයක් ලෙස ද වැඩකාරයකු ලෙස ද ඔහු හඳුනා ගැනේ. එහෙත් ඔහු කියන්නේ ඉතාම ඉක්මනින් දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවය. එසේ විශ‍්‍රාම ගෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයකු ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට උදවු කිරීමේ අරමුණෙන් සිටින බවය. මේ ඔහු, උසස් අධ්‍යාපන අමාත්‍ය සුමනවීර බණ්ඩා දිසානායක හෙවත් එස්.බී. දිසානායක ය. මේ ඔහු සමග කළ කතාබහේ සටහනය.

 

උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක

 

 

ප‍්‍රශ්නය:- ඔබේ හිටපු නායිකාව, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියත් අලූත් දේශපාලන සන්ධානයකට අරඅදින බව පේනවා. මොකක් වෙයිද?
පිළිතුර:- මම නම් හිතන්නේ එතුමිය මේ ලංකාවේ බිහිවෙච්ච අසාර්ථකම රාජ්‍ය නායිකාවයි. එතුමියගේ අවුරුදු එකොළහේ මම කරපු මම නිර්මාණය කරපු සමෘද්ධි ව්‍යාපාරය හැරෙන්න එතුමියට කියන්න වෙන මුකුත්ම නෑ. ක‍්‍රීඩා අංශයෙන් ගත්තොත්, කි‍්‍රකට් ලෝක කුසලානය දිනපු එක, ඔලිම්පික් මැඞ්ල් ගත්ත එක. ඒෂියන් මැඞ්ල් අපි එක පාරකට 8ක් ගත්තා. මේවා මම ක‍්‍රීඩා ඇමතිවෙලා ඉන්න කාලේ ගත්ත ඒවා. ඔය අද හුඟාක් කරලා තියෙන දේවල් ඒ කාලේ කරන්න තිබුණ ඒවා. ඔය අධිවේගී මාර්ග, විදුලි බලාගාර, ගුවන් තොටුපළවල්, වරායවල් ඒ කාලේ කරන්න තිබුණේ. නමුත් ඔය මොකක්වත් එයාට කරගන්න බැරි වුණා. එහෙම බැලූවම එතුමිය ඉතාම අසාර්ථක රාජ්‍ය නායිකාවක්. ඒ නිසා එයාට ලජ්ජා වෙලා නිකම් පච වෙලා දේශපාලයෙන් විසි වෙන්න හොඳම මාර්ගය තමයි ඔය තෝරාගෙන තියෙන්නේ.

 


ප‍්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත්, හිටපු ජනාධිපතිනියගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සමුළුවකට යන්න ඔබත් සූදානමින් සිටියා. ජනාධිපතිතුමා ජපානයේ ඉඳලා ඔබට කතා කළාට පස්සේ ඔබ තීරණය වෙනස් කළා කියලයි ආරංචි?
පිළිතුර:- නෑ.. නෑ.. නෑ.. එහෙම වුණේ නෑ. එතුමියගෙන් මට එහෙම ආරාධනයක් ලැබුණෙත් නෑ. ආරාධනා කළත් මම යන්නෙත් නෑ.

 


ප‍්‍රශ්නය:- එතකොට ජනාධිපතිතුමා ජපානයේ ඉඳලා ඔබතුමාට කතා කළා කියන එකත් බොරුවක්ද?
පිළිතුර:- මෙහෙමයි. ජනාධිපතිතුමා මගෙන් ඇහුව ”යනවද?” කියලා. ජනාධිපතිතුමා මට එපා කිව්වෙත් නෑ. මොකුත් කිව්වෙත් නෑ. ”මොකද්ද මන්දා එකක් තියෙනවා. ඒකට චන්ද්‍රිකත් යනවා. එස්.බී. යනවද කියලා ඇහුවා. මම කිව්වා නෑ නෑ මට එහෙම ආරාධනාවක් නෑ. මම යන්නෙත් නෑ කියලා. ඒ හැරෙන්න වෙන කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ.

 


ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් ටිකත් කළකිරීමෙන් ඉන්න බවක් කියැවෙනවා. ඔබත් කළකිරීමෙන්ද? සතුටෙන්ද?
පිළිතුර:- මම නම් බොහොම සතුටෙන් ඉන්නේ. මට බොහොම අභියෝගාත්මක අමාත්‍යාංශයක් බාරදීලා තියෙනවා. මම ඒක හදාගෙන යනවා. ක‍්‍රීඩා ඇමති හැටියට, යෞවන කටයුතු ඇමති හැටියට, කෘෂිකර්ම හා පශු සම්පත් ඇමති හැටියට මම හිතනවා මම බොහොම සාර්ථක ඇමති කෙනෙක් කියලා. ඔය අද දෙන පොහොර සහනාධාර මුකුත් නැතුව 2003 දී අපි සහල් අතිරික්තයකට ගියා. පරාක‍්‍රම බාහු රජතුමාගෙන් පස්සෙ එහෙම තැනකට ගියේ මගේ කාලයේ. මං හිතනවා ඒ අනුව මම බොහොම සාර්ථක කෙනෙක් කියලා. ඒවගේම ලොකු අභියෝගයක් තමයි විශ්වවිද්‍යාල ඇතුළු විශ්ව අධ්‍යාපන ආයතන ටික. ඒ විශ්ව අධ්‍යාපන ආයතන ලෝක තලයේ ඉහළට ගෙනයෑම මගේ අභියෝගයයි. මගේ දරුවෝ මහ මග උපාධිධාරී සංගම් හදාගෙන රැකියා හිඟමනේ යන තත්ත්වයෙන් මුදවලා ලෝකයේ හා මේ රටේ මිලක් තියෙන දරුවන් බවට පත් කරන්න මේ විශ්වවිද්‍යාල හදන්න  ඕනෑ. ඒක කළ යුතු දෙයක්. අවුරුද්දකට සැරයක් මේ රටේ සමස්ත සමාජයම එකතුවෙලා හදන හොඳම මානව සම්පත විශ්වවිද්‍යාලවලට අරගෙන රස්සාවක් හොයාගන්න බැරි අසරණයෙක් විදියට එළියට ආවා නම් ඒකේ විශාල වරදක් තියෙනවා. ඒකට රජය වග කියන්න  ඕනෑ. උසස් අධ්‍යාපන ඇමැතිවරයා හැටියට මම වගකියන්න  ඕනෑ. විශ්වවිද්‍යාල ප‍්‍රජාව වගකියන්න  ඕනෑ. මේ තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගය මම බාර අරගෙන තියෙනවා. ඒක මම සාර්ථකව කරගෙන යනවා. හැබැයි ඉතින්. හැමදාම ගැටුම්... ගැටුම් තමයි. බුද්ධිමත් සමාජයක් එක්ක හැසිරෙනකොට ඒක තමයි විදිය. මේ විශ්වවිද්‍යාල අවුරුදු තිහක් එක පැත්තකින් එල්.ටී.ටී.ඊ. එකත් අනික් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණත් පාලනය කරපු යුගයක් තියෙනවා. ඒක වෙනස් කරන්න ගියාම ලේසි නෑ. නමුත් ඒක කරගෙන යනවා.

 


ප‍්‍රශ්නය:- සරසවි ශිෂ්‍යයන්ට හමුදා පුහුණුව දීලා විශ්වවිද්‍යාල යුද කඳවුරු බවට පත් කරන්න ඔබ සැලසුම් කරන බවට ඔබට නැගෙන චෝදනාවක්?
පිළිතුර:- ඒක හරි වැරැදියි.  ඕක දැන් වලංගු නෑ. සමහර ආචාර්යවරුන් ඔය කතාව කිව්වනේ. මහාචාර්යවරු ආචාර්යවරු අසූ හතර දෙනෙක් හා උපකුලපතිවරුන් සියලූ දෙනාගෙම සහභාගිත්වයෙන් තමයි ඔය වැඩසටහන අරගෙන යන්නේ. ඒ නිසා දැන් ඔය කතාව කියන්නේ නෑ. තමුන්ගේ ජීවන රිද්මය හදාගන්න හැටි, ජීවන කාල සටහන හදාගන්න හැටි, ආත්ම ශක්තිය ගොඩනගා ගන්න හැටි, සාර්ථකව වැඩ කරගෙන යන හැටි, ඔවුන්ට ඔවුන් පිළිබඳවම අධි මානයක් ගොඩනගන්න හොඳම ක‍්‍රමය හා තැන තමයි අපේ හමුදා කඳවුරු. මේ හමුදාව තමයි ලෝකයේ කවුරුත්ම නොහිතපු විදියට අපේ රට එක්සේසත් කළේ. මේ හමුදා කඳවුරුවල මේ සෙබළු ඉතාම පිරිසිදුවට, පිළිවෙළට, විනයගරුකව ජීවත් වෙනවා. අපේ විශ්වවිද්‍යාලවල ළමයින්ගේ කාමරවලට ගියාම ශෝචනීයයි තත්ත්වය. විශ්වවිද්‍යාලයේ ළමයින්ගෙන් සියයට 93ක්ම ශාරීරික අභ්‍යාසවලට යන්නේ නෑ. දැන් ලෙඩ නැති වුණාට ඒ දරුවාට හතළිහ වෙනකොට ලෙඩ වෙනවා. ඉහළ මනසක් තියෙන බුද්ධිමතෙක් හදන්න නම් ඔහුගේ මානසික ඒකාග‍්‍රතාව වගේම ශාරීරික යෝග්‍යතාව තිබිය යුතුයි. ලෝකයේ පළමු වැනිම අධ්‍යාපන ආයතනය හදපු ප්ලේටෝගේ අධ්‍යාපන ආයතනයේ නම තමයි ”ඇකඩමුස්”. ඒකේ ඉගැන්නුවේ විෂයන් තුනයි. දර්ශනය, ගණිතය හා ශාරීරික විද්‍යාව. ඊට පස්සේ දෙවැනි උසස් අධ්‍යාපනය තමයි ”ඇරිස්ටෝටල්ගේ” ”ලයිසිම්” ආයතනය. ඒකේ ඉගැන්නුවේ විෂයන් හතරයි. දර්ශනය, ගණිතය, ශිෂ්ටාචාරය හා ශාරීරික විද්‍යාව. ශාරීරික අභ්‍යාස මනුෂ්‍යයකුගේ ජීවිතවලට හරි අවශ්‍යයි. 1970 දශකයට කලින් අද මේ රටේ සියලූ දේවල් දුන්නේ විශ්වවිද්‍යාල තමයි. අපට පැළ හදලා දුන්නේ, ඇට හදලා දුන්නේ, දියුණු බීජ වර්ග හදලා දුන්නේ, භාෂාව, ව්‍යාකරණ හදලා දුන්නේ, නාට්‍ය, කවිය, සාහිත්‍ය හදලා දුන්නේ, ගීත සම්ප‍්‍රදාය හදලා දුන්නේ, ජන කලාව හදලා දුන්නේ විශ්වවිද්‍යාලයි. 1980 දශකයේ දී මේවා කඩා වැටුණා. දැන් අපි හිතන්නේ ඊට වඩා එහා ගිය නොබෙල් ත්‍යාග ගන්න පුළුවන් ජාත්‍යන්තර පේටන්ට් රයිට් යන්න පුළුවන් අලූත් නිර්මාණ අලූත් නිබන්ධන ගන්න පුළුවන් විශ්වවිද්‍යාල හදන්න  ඕනෑ. දැන් ඒ විශ්වවිද්‍යාල නැගිටිමින් එනවා. හත්දාහින් එහාට තිබ්බ අපේ විශ්වවිද්‍යාල දැන් පළමු දාහ අතරට ඇවිත් තියෙනවා. දාහතර දාහෙන් එහාට තිබ්බ යාපනය විශ්වවිද්‍යාලය දැන් හත්දාහ අතරට ඇවිත් තියෙනවා. ඒවා අපි ලබපු ජයග‍්‍රහණ.

 


ප‍්‍රශ්නය:- ඔබ එහෙම කියන ගමන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවා. මොකද්ද මේ වෙනස?
පිළිතුර:- ඒ වැඩපිළිවෙළ ඉතාම සාර්ථකයි. විදේශ විශ්වවිද්‍යාලවල උපාධි දෙන ආයතන 24ක් තියෙනවා. ලංකාවේ උපාධිය දෙන, මම ගැසට් කරලා බලය දීපු ආයතන 11ක් තියෙනවා. මේ සියල්ලෙන්ම ඉතාම උසස් මට්ටමේ උපාධි දෙනවා. ඒවා හොඳට යනවා. අපේ ළමයි ඒවායේ ඉගෙන ගන්නවා.

 


ප‍්‍රශ්නය:- මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මොකද්ද?
පිළිතුර:-  ඕකට ලොකු ප‍්‍රශ්නයක් තිබුණනේ. මේ ලංකාවේ ඒx3 ක් අරගෙන ලංකාවේ මෙඩිසින්වලට තේරුනේ නැති නුවර, කෑගල්ල, ගාල්ල සහ මාතර ළමයි හත් දෙනෙක් හිටියා. ඒ 3යි. ඒත් කිසිම විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට තේරිලා නෑ. අඩුම තරමේ මඩකළපුවටවත් තේරුනේ නෑ. එතකොට ජනාධිපතිතුමා අපේ අමාත්‍යාංශයට ආපු වෙලාවේ මේ ළමයින්ට මොකක් හරි කරන්න කිව්වා. ඒ ළමයි සේරම ”ඩෙන්ටල්” තේරිලා තිබුණේ. ඒ ළමයින්ට එන්න කිව්වා. ඒ ළමයි හත් දෙනාගෙන් පස් දෙනෙක් ආවා. දෙන්නෙක් ඩෙන්ටල් කරනවා කියලා නැවතුනා. ඒ පස් දෙනා ගන්න කොට තව හිටියා ඒ-2 යි බී-1 යි නමුත් ලකුණු වැඩියි. ඒ සියලූ දෙනාට ලක්‍ෂ 70ක ශිෂ්‍යත්වයක් දීලා අද සතුටු කඳුළු හෙළලා අද මාළඹේ ඉගෙන ගන්නවා. ඉතින් ඒක වැරදි ද?

 


ප‍්‍රශ්නය:- හුඟාක් ඇමැතිවරුන් අද ආර්ථික ඝාතකයෙක් ගැන කියනවා. ඔබටත් එහෙම ආර්ථික ඝාතකයෙක් ඉන්නවද?
පිළිතුර:- නෑ. නෑ. අපේ රට ගැන, අපේ ආර්ථිකය ගැන දැනුම තියෙන පළපුරුද්ද ඉතාම ක්‍ෂණිකව තීන්දු ගන්න පුළුවන් තිරසාර ලේකම්වරයෙක් තමයි පී.බී. ජයසුන්දර කියන්නේ. එතුමා මෙතැනට ගෙනාවේ චන්ද්‍රිකායි. එතුමා දක්‍ෂයෙක් නොවුණා නම් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමග ඔච්චර කල් ඉන්න බෑ. එතුමාට උසාවියෙන් නීති දැම්මා. නීති දාල එළියට දැම්මා. ජනාධිපතිතුමා ඒ වෙලාවේ සරත් නන්ද සිල්වා එක්ක හැප්පෙන්න ගියේ නෑ. හැබැයි ඊට පස්සේ ටක් ගාලා ගත්තා. එතුමා ඉතාම ප‍්‍රායෝගික ආර්ථික විද්‍යාඥයෙක්. ඒ වගේම අපේ රටේ ආර්ථිකය මෙහෙම නැගිට්ටවන්න ඉතාම දක්‍ෂ කෙනෙක්. දැන් අපි නිකම් හිතලා බලමු. දැන් ණය සීයට හතයි... අටයි... නවයයි කිය කියා තර්ක කරනවා. ගිනි පොලියට ණය ගන්නවා කියලා කියනවා. නමුත් සමස්ත ණය පොලී අනුපාතය සියයට තුනෙන් පල්ලෙහාට එහා තියාගෙන ඉන්නවා. අපි කියනවා ණය වෙලා ණය වෙලා දැන් රට ඉවරයි කියලා. නමුත් රනිල්ගේ කාලේ සියයට 106ට ගියා. මමත් ඒකෙ ඇමති කෙනෙක් තමයි. චන්ද්‍රිකා ආණ්ඩුව දෙනකොට සියයට 102 යි ණය අනුපාතය. ආර්ථිකය ඍණ 1.4යි. මේ යුද්දෙත් දැන් මේ ණය අනුපතය බලන්න. ගිය සැරේ සියයට 79 යි. දැන් සියයට 78 යි. මේ වසර ගෙවෙනකොට  ඕක සියයට 77ටත් ගෙනෙයි. ඒ නිසා එතුමාට නගපු චෝදනා ඔක්කොම පුස්. මම තමයි ගිය පාර අයවැයේ අවසාන කතාව කළේ. මම ඒකෙදි සම්පූර්ණයෙන්ම මේ කරුණු කිව්වා.

 


ප‍්‍රශ්නය:- ග‍්‍රීසියේ කොටස් වෙළඳ පොළේ මුදල් ආයෝජනය කරලා රටට විශාල පාඩුවක් වුණා?
පිළිතුර:- සමහර තැන්වල එහෙම පාඩු වෙනවා තමයි. නමුත් සමස්තයක් විදියට ගත්තම මිලියන 688 ක් වගේ ගාණක ශුද්ධ ලාභයක් ලැබුවා. ඒ විදේශ ආයෝජනවලින්. ඒ නිසා ඒවා හරියට කරගෙන යන්න පී.බී. ජයසුන්දර දක්‍ෂයි කියලයි මම හිතන්නේ.

 


ප‍්‍රශ්නය:- ඇයි ඔබට දැනෙන දේ සමහර ඇමතිවරුන්ට දැනෙන්නේ නැත්තේ?
පිළිතුර:- මම නම් හිතන්නේ දැනෙනවා. නමුත් සමහර අයගේ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමේ තියෙන අඩුපාඩුකම් නිසා ඒවා විග‍්‍රහ කරගැනීමේ අපහසුකමක් තියෙන්න ඇති. නමුත් සමස්තයක් වශයෙන් ගත්තොත් ඔහුගේ සාර්ථකත්වය හැමෝම දන්නවා.

 


ප‍්‍රශ්නය:- ඒ නිසාද විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කරපු ලියවිල්ලට ඇමැතිවරු විරුද්ධ වුණේ?
පිළිතුර:- එහෙම ප‍්‍රශ්නයක් මතු වුණේ නෑ. මමත් කැබිනට් ඇමැතිවරයෙක්. මමත් කැබිනට් මීටින්වලට යනවා. එහෙම ප‍්‍රශ්නයක් මතු වුණේ නෑ.

 


ප‍්‍රශ්නය:- අගමැති පොරයක් ගැනත් කියැවෙනවා. ඔබ ඔබේ සුදුසුකම් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද?
පිළිතුර:- හානේ... හිතන්නවත් එපා. හිතන්නවත් එපා. මම ඉතාම ඉක්මනින් විශ‍්‍රාම යන්න බලාගෙන ඉන්නේ. ඉතා ඉක්මනින්. වැඩිම වුණොත් මම තව එක මැතිවරණයක් තරග කරයි. හැබැයි ඒකෙන් ඉවත්වීම ගැනත් මම ජනාධිපතිතුමාට කතා කරනවා. මම ඉතාම කැමැත්තෙන් ඉවත්වෙලා ජනාධිපතිතුමාට උදව් කරන්න කැමැතියි. ජනාධිපතිතුමාගේ කාර්යාලයේ සේවකයෙක් විදියට වැඩ කරන්න කැමැතියි. ඒ නිසා ඔය පොරයට මම එන්නේ නෑ. හැබැයි මම දන්නවා... සුදුසුකම් තියෙන අය ඉන්නවා. නමුත් ලොකු සටනක් තියෙනවා කියලා මට නම් පේන්නේ නෑ. පුංචි පුංචි බලාපොරොත්තු තියෙන අය කීප දෙනෙක් ඇති. හැබැයි අපේ අගමැතිතුමා තාම හොඳින් ඉන්නවනේ.

 


ප‍්‍රශ්නය:- එතුමාගෙන් පස්සේ අගමැති ධුරයට හොඳයි කියලා ඔබ හිතන්නේ කවුද?
පිළිතුර:- මම ඒක කියන්නේ නෑ. මගේ ඔළුවේ එහෙම අදහසක් නැත්නම් මට ඔළුවේ අමාරුව තියෙන්න එපැයි. මගේ ඔළුවේ තියෙනවා මෙයා තමයි හොඳ කියලා. නමුත් මම ඒක කියන්න යන්නෙ නෑ. ඒක ජනාධිපතිතුමාට අයිති දෙයක්. මේ රටේ ජනතාව ලක්‍ෂ 18 න් වැඩිපුර ඡුන්දෙ දුන්නේ එතුමාටයි. ඒ මනුස්සයාට ඒ තීරණය ගැනීමේ ශුද්ධ අයිතිය දෙන්න  ඕනෑ.

 

සාකච්ඡා කළේ ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්

 

 



අදහස් (0)

මා ඉතාම ඉක්මනින් විශ‍්‍රාම යන්න බලාගෙනයි ඉන්නෙ

දමිත් Saturday, 20 April 2013 09:29 AM

සිංහල කොල්ලන්ගේ අඩු කඩනවා කියපු උන්දෑ නේද මේ ? (නදී)

:       0       0

පද්මා Sunday, 31 March 2013 04:29 PM

ඇයි පුතා එනවා කිව්වද ඉතුරු ටිකට.(නදී)

:       0       0

සේන Sunday, 31 March 2013 04:29 PM

ඔව් දැන් අවුරුදු ගානක්ම හම්බ කලානේ.(නදී)

:       0       0

ලසන්ත Sunday, 31 March 2013 04:29 PM

මේ ලෑස්ති වෙන්නේ පුතාට බාරදෙන්න.(නදී)

:       0       0

මාලක Monday, 01 April 2013 09:38 AM

ඔව්, ඔව් විශ්‍රාම ගිහින් අර පොලවේ මාළු ටැංකි හයි කරපු මාලිගාවේ වැඩවසන්න. පුතා එවන්න ඉතුරු ටිකට. අපි එයාටත් දෙන්නමි කතිරේ.(නදී)

:       0       0

ගාමිණි Sunday, 31 March 2013 09:17 PM

පරණ කතාවක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 67 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5774 2

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 834 4

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1424 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 126 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39165 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25593 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site