IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මා ඔය මරාදැමීම

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

ශ්‍රී ලංකාවේ ගංගා ඇළදොළ වැඩි හරියක් විනාශ වෙන්නේ මිනිස් ක‍්‍රියාකාරකම් නිසාය. උමා ඔය ව්‍යාපෘතිය නිසා අතු ගංගා රැුසකට අත්වී ඇති ඉරණම මීට පෙර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කළෙමු. මේ කියන්නට යන්නේ ලංකාවේ තවත් විශාල ගංගාවකට අත්වෙමින් ඇති ඉරණම ගැනය. ඒ මා ඔයයි.

මා ඔය ආරම්භ වනුයේ කෑගල්ල දිස්ත‍්‍රික්කයෙනි. ඇතැම් පිරිස් මෙය ‘මහ ඔය’ ලෙස හඳුන්වයි. ඊට මහනුවර දිස්ත‍්‍රික්කයේ සිට ගලා බසින ප‍්‍රාධාන ජල ධාරාවන් තුනක් පමණ ද එක්වේ.  

චාර්ල්ස් ද සිල්වා සමරසිංහ සිරිවර්ධන විසින් රචිත ‘ලංකා වර්ණනාව‘ නම් කෘතියේ 17 වැනි මුද්‍රණයේ (1915) මා ඔය ගැන විස්තර කර ඇත්තේ මෙසේය..

‘‘දිග හැතැම්ම 68කි. දොළොස්බාගේ රාක්ෂව නමැති කන්දේ කම්මල් දොරටුව නම් ස්ථානයෙන් පටන් ගෙන උතුරු දෙසට ගොස් තලගොල්ලේ ඔය සම්භවෙන හරියේදී බස්නාහිර දෙසට හැරී පොල්ගහවෙල සමීපයේ පටන් බස්නාහිර සහ වයඹ පළාත් දෙකට මායිම්ව ගලා ගොස් කම්මල ළඟින් මුහුදට වැටේ. මහනුවර යන දුම්රිය පාර මෙය හරහයටය. රඹුක්කන් ඔය  සහ රාගල ඔය මෙහි අතුය. ’’

රඹුක්කන ඔය, හි`ගුල ඔය, කුඩා ඔය, ගොඩිගමුව ඔය, දලගල්ල ඔය ආදිය මා ඔයේ ප‍්‍රධාන අතු ගංගා වේ. දිගින් කිලෝ මීටර 130ක් වන මා ඔයේ පෝෂක කලාපය වර්ග කිලෝමීටර 1538ක් පමණ වේ. වාර්ෂිකව මා ඔය ඔස්සේ ගලා බසින ජල ප‍්‍රමාණය ඝන මීටර් මිලියන 1485ක් පමණ බවට ගණන් බලා ඇත.

මහනුවර, කෑගල්ල, කුරුණෑගල, ගම්පහ සහ පුත්තලම යන දිස්ත‍්‍රික්ක හරහා මා ඔය ගලා බසී.   මධ්‍යම පරිසර අධිකාරියේ ලේඛණ ගත වාර්තා අනුව ලක්ෂ දෙකකට පමණ ජනතාවකට සෘජු ලෙස පානීය ජලය සපයනු ලබන්නේ  මා ඔයෙනි. මධ්‍යම පරිසර අධිකාරියේ දත්ත එසේ වුවද වාර්තා වන අන්දමට ලක්ෂ 10කට ආසන්න පිරිසක් මා ඔයෙන් ප‍්‍රයෝජන ගනිති.

කෙසේ වෙතත් මේ වන විට මා ඔයට අත්වෙමින් තිබෙනුයේ ඛේදනීය ඉරණමකි. මා ඔයට සෘජුවම මෙන්ම   ජලය එකතු වන ඇතැම් ජල මාර්ගවලට ද මහා පරිමාණයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම ඊට හේතුවයි.

මා ඔයට ජලය සපයන ප‍්‍රධාන ජල ධාරාවක් වන ගැරඬියා ඔය ගලා බසින්නේ කඩුගන්නාව කිරිමැටිය හරහාය.  යටිනුවර ප‍්‍රාදේශීය සභාවේ අපද්‍රව්‍ය කළමනාකරණ හා කාබනික පොහොර නිෂ්පාදන ඒකකය නිසා ගැරඬියා ඔයට අපද්‍රව්‍ය එකතු වෙමින් තිබෙන්නේ මහා පරිමාණ වශයෙනි.

2014 නොවැම්බර් 13 වැනි දා මෙය විවෘත කර ඇත්තේ අපද්‍රව්‍ය කළමනාකරණයට බව කීව ද එය නිසි ආකාරව සිදුවී ඇත්තේ ටික දිනකි.  මේ පිළිබඳ වාර්තා වීමත් සමඟ පසුගිය දිනෙක අප එහි යන විට අපද්‍රව්‍ය කළමනාකරණයක් හෝ කාබනික පොහොර නිෂ්පාදනය කෙසේ වෙතත් දකින්නට ලැබුණේ නිසි ක‍්‍රමවේදයකින් තොරව කුණු බැහැර කර ඇති අන්දමයි.

වැසි ජලයෙන් කුණු ගොඩේ අපද්‍රව්‍ය මා ඔයට එකතු වේ. ගැරඬියා ඔය යනු එන් ප‍්‍රධාන ජල පහරකි. මේ කුණු ප‍්‍රශ්නය නිසා මා ඔයේ හා මා ඔයේ අතු ගංගාවල ජලයෙන් ප‍්‍රයෝජන ගන්නා විශාල පිරිසකගේ සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ කියයි. එපමණක් නොව කුණු දමා ඇති ප‍්‍රදේශය ආශ‍්‍රිත ජනතාවට ද මුහුණ දීමට සිදුවී ඇත්තේ අභ්‍යාග්‍ය සම්පන්න ඉරණමකටය.

‘මෙතන ඉතාම ලස්සන ප‍්‍රදේශයක්. වටේම තේ වතු වගේම විවිධ බෝග වර්ග වගා කර තිබෙනවා. අපි මුල ඉඳන්ම විරුද්ධ වුණා මෙතනට කුණු ගෙනවිත් දානවට. මේ පැත්තම දැන් දුඟදයි. ඒ වගේම මැස්සොත් හැම තැනම. වතුර පාරවලටත් කුණු එකතු වෙනවා. අපි බොන්නෙත් ඒ වතුර. මේ වතුර පාරවල් එකතු වෙන්නේ මා ඔයට.’ යැයි ප‍්‍රදේශවාසියකු වන ටී ඩබ්ලිව් ජෝන් (65) මහතා පැවසීය.

ප‍්‍රදේශයේ නිවෙස්වල සෑම ස්ථානයක්ම වැසී ඇත්තේ මැස්සන්ගෙනි. අතට ගන්නා බත් පිඟාන ද මිනිත්තු කිහිපයකින් මැස්සන්ගෙන් වැසී යෑමෙන් මැස්සන් කරදරයේ තරම මනාව පෙන්නුම් කළේය.

මේ නිසා කුඩා දරුවන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ ඉඩක් ඇතැයි ප‍්‍රදේශවාසියකු වන පුෂ්පා කුමාරි දමයන්ති මහත්මිය ප‍්‍රකාශ කළාය.

‘අවුරුදු දෙකක විතර වෙලේ ඉඳන් මේ කුණු ගොඩ නිසා මැස්සන්ගේ ප‍්‍රශ්නය තියෙනවා. දැන් ඒක හොඳටම වැඩියි. අපට තේ එකක් බොන්නවත් නෑ. මට පොඩි බබෙක් ඉන්නවා. එයාට දැන් අවුරුද්දයි. එයාට කෑමක් දෙන්නවත් බැරි තරමට මැස්සෝ. පීඑච්අයිට කිව්වත් මොනවත් වුණේ නෑ. කුණු කන්ද නිසා එක්තරා දේශපාලකයෙක් අපේ පාර හරස් කරලා ගේට්ටුවකුත් දැම්මා. ගමේ මිනිස්සුන්ට යන්න අඩි දෙකයි ඉතුරු කළේ. මැරුණහම මිනී පෙට්ටියක් උස්සන් යන්නවත් අඩි දෙකක් ඇද්ද?’ පුෂ්පා කීවාය.

මේ සම්බන්ධයෙන් සෑම තැනකටම පැමිණිලි කළත් නිසි විසඳුමක් නොලැබුණු බව කිරිමැටිය ආනන්දාරාමාධිපති වළගෙදර සද්ධාතිස්ස හිමියෝ කීහ.

‘මෙතනට කුණු ගෙනත් දාන්න කලින් කිරිමැටිය ඉස්කෝලේ රැස්වීමක් තිබ්බා. පරිසර අධිකාරියෙනුත් එතනට ආවා.  ඔවුන් කිව්වා නිසි ප‍්‍රමිතියකට අනුව හරියට මේ වැඩේ කරනවා කියලා. නමුත් වැඩේ පටන් ගත්තම ඔවුන් කියපු විදියට වුණේ නෑ. මෙහෙට ගේන්නේ මේ ගමේ අයගේ කුණු නෙවෙයි. පිට ප‍්‍රාදේශීය සභාවල කුණු තමයි ගෙනල්ලා දාන්නේ. කුණු ටික හේදිලා ඔයට එකතු වෙනවා. මේ ඔයෙන් බොහෝ දෙනෙක් නානවා. දැන් මේ හරියේ නාන්නත් බෑ. මේ ගැන කියන්න  ඕන තැන්වලට කිව්වත් ස්ථිර විසඳුමක් නෑ. ’  

ඒ මා ඔයට අපද්‍රව්‍ය එකතු වන එක් ස්ථානයක් පමණි.

මා ඔය ආසන්නයේ  නිත්‍යනුකූල සහ නීති විරෝධීව ඉදි කළ ඉදි කිරීමේ රැසක් වේ. ගංගාවක් අසල ඉදි කිරීමක් කළ යුත්තේ නියමිත දුරකිනි. ගංගා රක්ෂිතයේ ඉදි කිරීම් කළ නොහැකිය. මා ඔය ආරම්භයේ සිට මුහුදට වැටෙන ස්ථානය දක්වා ගියහොත් මෙවැනි නීති විරෝධී ඉදි කිරීම්  ඕනෑ තරම් සොයා ගත හැකිය. මෙම නීති විරෝධී ඉදි කිරීම් ගඟ ආශ‍්‍රිත පාරිසරික පද්ධතියට සිදු කරනුයේ දැඩි තර්ජනයකි.

මා ඔය ආශ‍්‍රිත ඇතැම් වෙළෙඳ සල්, නිවාස ආදියෙන් පිටකරන අපද්‍රව්‍ය කෙළින්ම හරවා ඇත්තේ මා ඔයටයි. මාවනැල්ල සහ අරණායක ප‍්‍රදේශවල මෙය හො`දින් දැක ගත හැකිය. ඇතැම් කඩ සහ හෝටලවල වැසිකිළි පද්ධතිය පවා හරවා ඇත්තේ මා ඔයටය.

මධ්‍යම පරිසර අධිකාරියේ 2013 වසරේ වාර්තාවක ස`දහන් වී තිබුණේ එම වසරේ කළ ජල නියැදි සමීක්ෂණයක දී මාවනැල්ල පාලම දක්වා වන ඉහළ ගංගා කලාපයේ මළ මිශ‍්‍රවීම සියට 16.7ක් තිබූ බවයි. ඉන් වසර හතරකට පසු අද එම ස්ථානවලින් ජල සාම්පල ගෙන පරීක්ෂා කළහොත් තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් විය යුතුය. ඒ මේ වන විට ස්ථාන රැුසකින් මා ඔයට මළ අපද්‍රව්‍ය එක්වන බැවිනි.

මා ඔයේ ඉහළ ගංගා කලාපය ලෙස හැඳින්වෙන්නේ මාවනැල්ලේ පාලම දක්වා වූ කිලෝමීටර 30ක ප‍්‍රදේශයකි. එතැන් සිට ඉඩල්ගම දක්වා කිලෝමීටර 70ක පෙදෙස මධ්‍යම ගංගා කලාපය ලෙස ද, ඉඩල්ගම සිට මුහුද දක්වා කොටස පහළ ගංගා කලාපය ලෙස ද හැඳින්වේ.

මධ්‍යම ගංගා කලාපයට අයත් හිරිවඩුන්න පාලම ප‍්‍රදේශයේ 2013 වසරේ දී කළ ජල සාම්පල පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ සියයට 33.3ක් මළ මිශ‍්‍රවී ඇති බවයි.  2013 අලව්ව ප‍්‍රදේශයේ කළ ජල සාම්පල පරීක්ෂාවේදී මළ මිශ‍්‍ර වීම සියයට 50කි. පෙර සඳහන් කළ පරිදි වර්තමානයේ එය පරීක්ෂා කළහොත් ඇතැම් විට එය අතිශයින් වැඩි වී තිබිය යුතුය. ඒ තරමට මා ඔයට මළ අපද්‍රව්‍ය එක්වීම වැඩි වී තිබේ.

මේ දහස් ගණනකට ජලය සපයන මා ඔයට අත්වී ඇති ඛේදනීය ඉරණමේ එක් පැතිකඩක් පමණි. මෙහි තවත් පැත්තක් තිබේ. මා ඔය ඉහළ ප‍්‍රදේශයේ වනාන්තර විනාශය ද සැලකියයුතු ලෙස ඉහළ යමින් තිබේ. එය තදින්ම දේශගුණ විපර්යාසවලට බලපාන බව පරිසරවේදීහු කියති. පරිසර විනාශය වැඩි වන්නට වැඩි වන්නට එම ප‍්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අඩුවී මා ඔයේ ජල මට්ටමද අඩුවිය හැකි බවට පරිසරවේදීහු අනතුරු හඟවති.

ස්වභාව ධර්මයෙන් ලැබුණු ඇළ දොළ ගංගා මිනිස් ක‍්‍රියාකාරකම් නිසා විනාශ වීමේ අභාග්‍ය සම්පන්න ඉරණමේ ප‍්‍රතිඵල මිනිසාට පමණක් නොව සතා සීපාවාටද සම්පූර්ණ පාරිසරික පද්ධතියටමද බලපායි. පාරිසරික පද්ධතියේ ඇති වන වෙනසේ අහිතකර බලපෑම්වල අවසන් ගොදුර වනුයේ ද මිනිසාමය.

වගකිව යුතු ආයතන මා ඔය ගැන මීට වඩා වැඩි සැලකිල්ලක් නොදැක්වුවහොත් නුදුරේදීම විශාල පරිසරික හානිවලට මෙන්ම සෞඛ්‍ය ප‍්‍රශ්නවලට ද මුහුණදීමට සිදු වනු ඇත.
  

මා ඔය සුරැකීමේ සංවිධානයේ චන්දන සෙනවිරත්න
අපි ජීවත් වන්නේ මාඔයට ඉහළ. ඒ කියන්නේ අරණායක ප‍්‍රාදේශීය ලේකම් කොටඨාසයේ. එන්න එන්නම මා ඔයට තර්ජන වැඩි වෙලා තිබෙනවා. ජල පෝෂක ප‍්‍රදේශයේ හොඳ වර්ෂාපතනයක් කලින් තිබුණා. නමුත් දැන් එය අඩුවෙලා. ඉහළ ප‍්‍රදේශයේ ගස් කැපීම ඊට හේතුවක්. ඉඩම් පරිහරණ රටාව වෙනස් වීමත් ඊට හේතුවක්. මිනිස්සු ගස් කැපුවට නැවත හිටුවන්නේ නෑ. ගස් කපන එක අඩුකරනවා වෙනුවට එය වැඩි කරන දේවල් සිදුවෙන්නේ.  මේ ප‍්‍රදේශයේ ගස් කපන්න ජංගම කැපුම් උපකරණ තිස් ගණනකට අවසර දීලා තියෙනවා. ඒ වාගේම මා ඔයට අපද්‍රව්‍ය එකතුවීම වැඩිවෙලා. සමහර පැතිවල වැසි කාලයට කෙලින්ම මළ අපද්‍රව්‍ය හරවනවා. කම්හල් රැසකින් අප ජලය මාඔයට හරවා තිබෙනවා. සමහර හෝටල් තිබෙන්නේ ගංඉවුරෙයි. මා ඔය සුරකින්න අපි පුලූවන්කරම් දැනුම්වත් කිරීම් සිදු කරනවා.

 

 

 ශ්‍රී ලංකා ජල සංසදයේ කුසුම් අතුකෝරල

කැලණි ගෙඟන් පස්සේ වැඩිපුරම කර්මාන්ත තියෙන්නේ මා ඔය  පහළ ප‍්‍රදේශයේයි. මෙහේ හැම දේකටම වතුර අවශ්‍යයයි. ගඟේ පහළ සිටින අයත් ගඟේ ඉහළ ගැන සැලිකිලිමත් විය යුතුයි. මිලියන දෙකක් පමණ ප‍්‍රයෝජන ගන්නා මාඔය ගැන සිතා බැලිය යුතුයි. විශේෂයෙන්ම පරිසර ඇමැතිවරයා හැටියට ජනාධිපතිවරයාත් රජයත් මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමුකොට ප‍්‍රතිපත්තිමය තීන්දු ගත යුතුයි. ජල සම්පත සුරැකීමට සියලූ දෙනා එකතු විය යුතුයි. නුදුරේදීම මෙය බරපතළ ප‍්‍රශ්නයක්

 

මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේ.පී වැලිකන්නගේ

යටිනුවර ප‍්‍රාදේශීය සභාවේ අපද්‍රව්‍ය කළමනාකරණ හා කාබනික පොහොර නිෂ්පාදන ඒකකයට මුවා වී මා ඔයට ජලය සපයන ගැරඬියා ඔයට කුණු බැහැර කිරීමක් සිදුවෙනවා. මේ ගැන මධ්‍යම පරිසර අධිකාරිය දැනුම්වත් ද?  

ප‍්‍රාදේශීය සභාවෙන් එවැනි ව්‍යාපෘතියක් කරන බව අපි දන්නවා. ගොඩක් වෙලාවට පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ඒවායේ සභාපතිවරු අස් වූ ගමන් වැටෙනවා. මෙතැනත් එහෙම ප‍්‍රශ්නයක්ද කියා බැලිය යුතුයි. මේ විදියට කෙලින්ම කුණු ඔයට බැහැර කිරීමක් වෙනවා නම් එය වැරැදියි. අප කිසිසේත් එය අනුමත කරන්නේ නෑ. මේ තත්ත්වය ගැන වහාම සොයාබැලීමක් කරන්නට අප පියවර ගන්නවා.

ඒ වගේම මා ඔය ආසන්නයේ  නීති විරෝධීව ඉදි කළ ඉදි කිරීමේ රැසක්ම තිබෙනවා. මේ ගැන නීතිමය පියවර නොගන්නේ ඇයි?

ඒක නම් මෙහෙමයි. ලංකාවේ  ඕනෑම ඇළක දොලක ගංඟා මායිමක පෞද්ගලික ඉඩම් තිබෙනවා නම් වෙනම කලාප වෙන් කිරීමක් නෑ. රජයේ ඉඩම් නම් තමයි එහෙම වෙන්නේ. මා ඔයේ තිබෙන ප‍්‍රශ්නය වන්නේ වැඩි ප‍්‍රමාණයක් තිබෙන්නේ පුද්ගලික ඉඩම් වීමයි. මීට කලින් මධ්‍යම පරිසර අධිකාරියෙන්ම නඩුවකුත් දැම්මා. ඒ නඩුවෙදිත් ආවේ මේ ප‍්‍රශ්නයයි. ඉදිකිරීම් බලතල තිබෙන්නේ පළාත් පාලන ආයතනවලටයි නාගරික සංවර්ධන අධිකාරියටයි. ගංගා රක්ෂිතවල ඉදිකිරීම් සඳහා අවසර නොදී සිටීමට මේ ආයතනවලට හැකියාව තිබෙනවා.

ඒ වගේම ඔවුන්ගේ මළ අපවහන පද්ධතිත් ඔයට හරවා තිබෙනවා. මීට එරෙහිව පියවර ගන්න නොහැකිද?

සාමාන්‍ය නිවාසවල මළ අපවහන පද්ධතිවලට වගේම මේවා සම්බන්ධයෙනුත් කටයුතු කළ හැකියි. මේ ඉදිකිරීම් ගැන මාවනැල්ල, අරණායක, රඹුක්කන ප‍්‍රාදේශීය සභාවලට හොයන්න පුළුවන්. ඒ කාරිය හරියට නොකිරීමේ පලවිපාක තමයි මේ තිබෙන්නේ. රජයේ ඉඩම් තිබෙන්නේ වන සංරක්ෂණයටයි ප‍්‍රාදේශීය ලේකම්ටයිටනේ. හොර ඔප්පු හදාගෙන ඉන්නවා නම් ඔවුන් මේ ගැන සෙවිය යුතුයි. මා ඔය තිබෙන ප‍්‍රශ්නය වන්නේ මේ දේවල් නිරවුල් නොවීමයි. මා ඔය ප‍්‍රශ්නය ගැන දිගටම අපි විමර්ශනය කරනවා. මීට කලිනුත් නඩු දාලා තිබෙනවා. මේ තාක්ෂණික ප‍්‍රශ්න නිසා නඩු ඉදිරියට ගෙන යා නොහැකි තත්ත්වයක් ආවා.



අදහස් (4)

මා ඔය මරාදැමීම

Nandasiri jayarthna Wednesday, 25 October 2017 11:37 AM

මෙය කණගාටුදායක තත්වයක්. මම ද මහ ඔය දිගු කලක සිට භාවිතා කල අයෙකු ලෙසට රජයේ නිලධාරීන් සහ මාධ්‍ය වෙදින් දැනුවත් කරා. පින්නවල සත්තුවත්ත අසල හිරිවඩුන්න විදුහල ඉදිරිපිට ප්‍රදේශය පිටතින් පැමිණෙන සංචාරකයන්, (දේශීය) විශාල වශයෙන් මා ඔය ඉවුර දෙපස සහ ජලය කුණු කසල වලින් අපවිත්‍ර කර තිබෙන බව. එය තවමත් එලසම සිදුවෙනවා. මේ සදහා දැඩි ක්‍රියා මාර්ග ගත යුතු වෙනවා.

:       0       23

ANANDA JAYASINGHE Thursday, 26 October 2017 12:21 AM

අගනා තොරතුරු ඇතුලත් ලිපියක්. පරිසර නියාමන බලතල අන පනත් වලින් ලබා බෝලය පාස් කරන සිරිත වෙනස් වෙලා නැත.

:       0       2

ලුම්බිණි Friday, 27 October 2017 03:45 AM

පරිසර අධිකාරියට තිබෙන බලතල වැඩි කල යුතුයි. එක එක දේශපාලකයන්ට ඕන විදියට වැඩ කරන්න පරිසර අධිකාරි සුදානම් නොවිය යුතුයි. මේවා නිදහස් ආයතන ලෙස තමන්ගේ රාජකාරි කල යුතුයි.

:       0       1

සිරි Friday, 27 October 2017 12:50 PM

ලංකාවේ විවිධ ක්ෂේත්‍ර අතරින් අකාර්යක්ෂමතාව අතින් නීති ක්ෂේත්‍රය ළඟටම ඉන්නෙ පරිසර ක්ෂේත්‍රය. මේ ක්ෂේත්‍ර දෙකේම බලධාරීන් ධනවතුන් සහ බලවතුන් ඉදිරියේ නිවට නියාලු බවක් තමයි පෙන්වන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 449 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 40 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 160 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 196 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 142 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 204 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site