IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


යුක්තිය මුක්තියට පාවාදීම

(ජයතිලක ද සිල්වා)

කෝපයෙන් මත් වූ විට අනුන් කුමක් කරන්නේ ද යන වග පසෙක තබා තමන් කුමක් කරන්නේ ද යන වගවත් අපි නොදනිමු. බොහෝ විට හදිසි කෝපය නිවී ගිය පසු තමන් කළ දේ ගැන අපම කනගාටු වන අවස්ථා ද එමට ය. කෝපය ඇවිළීමත් සමඟ ඉතිරි වන්නේ තිරශ්චීන සංවේදනා පමණකි. බොහෝ අපරාධ සිදු වන්නේ එවිය.

හුදකලා පුද්ගලයන් මෙන්ම කණ්ඩායම් නැතහොත් ජනරාශි ද අපරාධවලට පෙළැඹෙන්නේ එපරිද්දෙන් සිහි බුද්ධිය නැතිකමෙනි. ජාතිවාදය නමැති හලාහල විෂ පෙවූ කළ ඔවුන් අතින් කෙතරම් මහා අපරාධ සිදු කැරෙත් ද යන්න පිළිබඳ අපට හොඳ මතකයක් පවතී. ඉතා මෑත දී ද අපි එය අත් දුටුවෙමු.

බොහෝ දෙනා සංහිඳියාව දේශනා කරත්. එහි ගුණ වණත්. එහෙත් ශ‍්‍රාවකයෝ බීරි අලින්ට වීණා වයන්නා සේ නෑසූ කනින් සිටිත්. මන් ද යත්, ඔවුන් සිහි බුද්ධියෙන් නොවන හෙයිනි. සිහි බුද්ධියෙන් සලකා බලන කල මෑත මහත් ආන්දෝලනයන්ට විෂය කැරැගත් බොහෝ සිදුවීම්, මහා ගැටුම්වල පෙර නිමිති සේ කණ කොක් හඬ තැලූ බොහෝ සිදුවීම් ඒ සා කලබල නොවිය යුතු සාමාන්‍ය දේ බව නිදසුන් සහිතව සාධනය මෙම ලිපියෙහි අරමුණය.

පළමුවෙන්ම, දේශපාලනඥයන්ගේ සිට උගතුන්, පඬිවරුන්, ධර්මධර විනයධර යතිවරුන් සහ මහමඟ මයික‍්‍රෆෝනයට හඬ මුසු කරන්නවුන් දක්වා උදහසට පත් කළ වවුනියාවෙහි ජාතික ධජය නොඑස වූ පළාත් ඇමැතිගේ චර්යාව ගන්න. සැබැවින්ම එය එක් පුද්ගලයකුගේ එක් ක‍්‍රියාවක් පමණකි. එවන් ක‍්‍රියා පෙළක් සිදු වූයේ නැත. එය හුදකලා වූවකි.

දිය තලියෙහි කිඹුලන් දැකිය යුතු නැත. ජාතික ධජය පිළිබඳ අප මතකය ඈතට ගෙන ගිය හොත් 1948 පෙබරවාරි 4 වැනි දින මෙරටට ඩොමිනියන් ආණ්ඩු ක‍්‍ර‍්‍රමය පිළිගැන්වුණු දින නිදහස් දිනය ලෙස නොපිළිගත් වාමාංශිකයෝ එදා ජාතික ධජයට ගරු බුහුමන් නොකළහ. එදා කිසිවෙක් ඔවුනට දේශද්‍රෝහී ලේබල් ඇලවූයේ නැත. ගැරැහූයේ නැත. එය නීත්‍යනුකූල විරෝධයක් සේ පිළිගත්හ.

උතුරු පළාත් ඇමැති වරදක් කෙළේ නම් ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රකින්නට පොරොන්දු ව සිටි රජයේ සේවකයකුගේ වගකීමක් පැහැර හැරීම විය හැකිය. ඊට රාජකාරි මට්ටමෙහි විනය ක‍්‍රියාමාර්ග ගත හැකිව තිබිණි. පොරොන්දු ගැන කියන්නට ඇත්තේ ඒවා කැඞීම ජාතික පුරුද්දක් බවයි. බොහෝ බෞද්ධයෝ යටත් පිරිසෙයින් මසකට වරක් වත් පන්සිල් ගනිත්. එහෙත් ඉඩ ලද පළමු සැණින්ම එම පොරොන්දු පහම කඩ කරත්. දේශපාලකයන්ගේ පොරොන්දු ගැන නොකිව මනාය.

කලකට පෙර ජාතික ගීය දෙමළ බසින් ගායනා කැරීමට එරෙහිව ද මහත් කලබැගෑනියක් කළහ.  එයින් සිංහලයට වූ හානියක් නැති බවත් ඔවුහු අමතක කළහ.

එසේම රණවිරුවන් අධිකරණයට කැඳවතැ යි ජනතාව උසිගැන්වීම සඳහා මහත් ඝෝෂාවක් කරනු ලැබේ. එහෙත් ලක්ෂ ගණනක් වන ආරක්ෂක හමුදා සාමාජිකයන් එසේ කැඳවන්නේ නැත. කැඳවන්නේ යුද පිටියෙන් බැහැර නිරායුධ පුරවැසියන්ට එරෙහිව අපරාධ කළැ යි චෝදනා ලද්දවුන් පමණකි. එනම් අතළොස්සක් පමණකි.

මෙය අද ඊයේ පටන්ගත් අලූත් දෙයක් නොවේ. පේ‍්‍රමවතී මනම්පේරි ඝාතනය, ක‍්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය ආදිය නිදසුන්ය. චූදිතයන්ට සිය නිදොස් බව අධිකරණයෙහි දී සනාථ කළ හැකිය. පූර්ණ නඩු විභාගයක් අවසානයෙහි මිස කැන්ගරු උසාවියක දඬුවම් දීමක් නැත.

හමුදාවෙහි පමණක් නොව භික්ෂු ශාසනයෙහි සහ පූජක වරිගයා අතර පවා වරදකරුවන් සිටින්නට පිළිවනි. ඔවුන් තෝරා බේරා වරදට දඬුවම් දීමෙන් ශාසනයට මෙන්ම හමුදාවලට ද සිය කීර්තිනාමය සහ ගෞරවය රැක ගත හැකිය. 

කෙළෙහි ගුණ නාමයෙන් වරදට දඬුවම් නොදී මුක්තිය ප‍්‍රදානයක් ශිෂ්ට ජාතීන්ගේ ලෝකචාරයෙහි නැත. කලක් තිස්සේ දිග් ගැස්සුනු යුද්ධයක මෙන් ජය උරුමය බෙදා ගන්නට හවුල්කරුවන් නැතිව තනිවම ලෝක පරිමාණ ෆැසිස්ට් හමුදා සමඟ සටන් මෙහෙයවා සිය රටවැසියන් මිලියන 20කගේ පමණ ජීවිත පරිත්‍යාගයෙන් ලෝකයම නිදහස් කැර දුන් ජෝසප් ස්ටාලින්ට පවා වරදට දඬුවම් පමුණුවන ලද බව සිහිපත් කළ යුතුය. පුංචි ස්ටාලින් ලා ගැන නොකිව මනාය.

වරදෙහි බැඳුණු භික්ෂූන්ට දඬුවම් පැමිණවීම ද යහපාලන ආණ්ඩුව හා පුරා කියා පටන් ගත් දෙයක් නොවේ. සෝමාරාමලා, බුද්ධරක්ඛිතලා ගැන අමතක ද?

දශක ගණනාවක් පුරා මෙරට දේශපාලකයන්ගේ කියුම් කෙරුම් සම කළ හැකි වන්නේ ජනතාවගේ සැබෑ ප‍්‍රශ්න යටපත් කරමින් ඔවුන් අයාලේ යවන මගඩි නාටකයකටය. බොහෝ විට කිසියම් දේශපාලකයකුගේ කට කැඩිච්ච කතාවක් පස්සේ දඩබල්ලන් මෙන් පැන්නීමෙන් ජනතාවට පහත් විනෝදයක් සැපැයීමට මිස ජනතා ප‍්‍රශ්නවලට සාධාරණ පිළියම් සෙවීමක් නැත.

විටෙක හිටපු ජනපතිනියගේ අත්බෑගයක් පිළිබඳවත්, විටෙක තවත් කාගේ දෝ දුරස්ථ පාලකයක් ගැනත්, විටෙක නැති බිල්ලන් මවමින් ජනතාව නොමඟ යවන්නටත් රඟපෑ ආන්දෝලනාත්මක ජවනිකා සිහි ගන්වන්න. නිදසුනකට ජාතික ප‍්‍රශ්නයට විසඳුම් සොයනු වෙනුවට කවර හෝ සිල්ලර සිද්ධියක් දඩමීමා කැරැ ගනිමින් ඇතැම් දේශපාලකයෝත් ජනමාධ්‍යයත් මහත් ඝෝෂාවකින් සමාජයම වෙළා ගනිත්. ඒ ඔස්සේ සති ගණනාවක් ගත කරත්.

සිදුවන්නේ කුමක්දැයි විචාරා බලන්නට සිහි බුද්ධිය නැති කළ ජනතාවට ද නොපිළිවනි. එහෙයින් ජනතාව රැවැටීම ද පාලකයන්ට පහසුය. ඇට රාත්තල් අටට, හඳෙන් හාල්වලට, කරට රන්මාල අතට බේරේස්ලට් සාක්කුවට සල්ලි, විජ්ජා රැකියා දසලක්ෂ ආදී පොරොන්දු ඔවුන් ගිල දමන්නේ මාළුන් බිලී පිත්තේ ඇම ගිලින්නාක් මෙනි.

කලක් තිස්සේ මෙරට මෝරා ගිය දේශපාලන සංස්කෘතිය කෙසේ ද යත් නීතිය බලාත්මක කරන ආයතන සහ නිලධරයන් ද තවමත් අකර්මණ්‍ය වන අවස්ථා එමටය. අසරණ රොහින්ගියා සරණාගත කඳවුරට පහර දෙන ජන සමූහය ඉදිරියේ පොලිසිය රාජකාරිය අතපසු කෙළේ සහ ප‍්‍රහාරකයන්ට රැකවරණය දුන්නේ එබැවිනි.

සිරුරෙහි බුදු රුව හණ ගසා සිටි සංචාරක කාන්තාවක් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන්නට පොලිසියත් අධිකරණයත් කැන්ගරු නීතියක් අතට ගත්තේ එහෙයිනි. වැලිකඩ හිරගෙදර සිදු විනැයි කියන කැරැල්ලේ දී බන්ධනාගාර නිලධාරීන් මෙන්ම සන්නද්ධ හමුදා සාමාජිකයන් ද නීතියෙන් බැහැර විනැ යි චෝදනා නැඟෙන්නේ එහෙයිනි.

සියල්ල දරුවන් සඳහා යැයි දේශපාලකයෝත්, පඬිවරුත්, පූජකයෝත් හැමදා දෙසති. එහෙත් අප දරුවන්ට දෙන ආදර්ශය කුමක් ද? බහ තෝරන වියෙහි සිටම බොරුව උගන්වති. උප්පැන්නය පවා  හොරට හදා දරුවන් පාසල් යවන්නට තැත් කරති.

බාලාංශයේ සිටම එකිනෙකා පරයන තරගයකට හුරු කරවති. දරුවන්ගේ ළමා කාලය නාස්ති කරති. ජාති ආගම් කුලමල භේද ඔවුන්ගේ හිසට දමා ඒවා දුෂණය කරති. අනුන්ගේ දුකට සංවේදී පරපුරක් නො තනති. ආත්මාර්ථයම පෙරමුණට ගෙන එති. මේවා සිහි බුද්ධියෙන් තොර සමාජයක ලක්ෂණ නොවන්නේ ද?

එහෙයින් සිහි බුද්ධිය ඇති සමාජයක් වුවමනාය. සන්හිඳියාව, සාමය, සංවර්ධනය, සෞභාග්‍යය කැඳවා ගත හැකි වන්නේ එවිට පමණකි, මවුපියන්, වැඩිහිටියන්, ගුරුවරුන්, ආගමික දේශපාලන නායකයන් සියල්ලන්ම අසමත්ව ඇති සැටියෙකි. වෙනස ඔවුන්ගෙන් පටන්ගත යුතුයි.



අදහස් (9)

යුක්තිය මුක්තියට පාවාදීම

ඉන්දික Thursday, 30 November 2017 12:37 PM

දිය තලියෙහි කිඹුලන් දැක්කේ නැති හින්දා තමා 30 අවුරුදු යුද්ධයක් පැවතුනේ... ජීවිත දේපළ විනාශ වුනේ. පෙරහැර එන බව අපි දැනගන්නේ කස කාරයින්ගේ සද්දෙන්. හැබැයි ඒවා බීරන්ට කියලා වැඩක් නැහැ...

:       0       188

සෙනෙවි Thursday, 30 November 2017 11:51 PM

සංඝ සමාජය බොරු ජාතිවාදය අතහැරල වගකීමකන් කටයුතු කල යුතුය. අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටිය යුතුය. අධීකරණයට යමෙක් කැඳවතොත් එයින් වලක්වනවා වෙනුවට අධීකරනයට ඉදිරිපත් කර නිදොස් වීමට ඉඩ දිය යුතුය. අධීකරණය වැරදි නම් ඒබව සමාජ කතිකාවකත් අරඹා කළ යතුය. රජ්‍ය පාලනයට අනවශ්‍ය ලෙස අත පෙවීමෙන් රට අරාජික වනු ඇත. සංඝ සමාජහේ හැසිරීම සම්බන්දව කෙටිම උදාහරණය වන්නේ එකම කරුණ සම්බන්ධව දෙසන බණ දෙදෙනෙක් දෙවිදියට වීමයි . බොරු දිව්‍යලෝක බොරු අපායන් මැවීම මෙම පරම්පරාවෙන් වත් නතර කර සංඝ සමාජය යථාර්තයට ලංවිය යුතුය..................

:       722       157

ජිවන්Saturday, 02 December 2017 03:36 PM

සංඝයා වහන්සේ මේ රට වසර 2500ක් තිස්සේ ඔබ වැනි අයගෙන් රට ආරක්ෂා කර නොගත්තේ නම් අද ඉතියෝපියාවටත් අන්ත තත්වයකට රට පත්වෙනු ඇත. අධිකරණය යනු වත්මන් ආණ්ඩුවේ බළල් අතක් බව තේරුම් ගත නොහැකි ඔබ නැවත මොන්ටිසෝරියෙන් ගමන පටන් ගත යුතුය. හාමුදුරුවෝ නැත්තන් කොටි කොළඹ අල්ලන්නේ මීට වසර 20කටත් කලිනි. ගිහියා වසර 200ක් රට කන හැටි හාමුදුරුවෝ හොඳින් බලා වැඩ සිටියේය. ඉතුරු රොඩ්ඩත්, හප කරන්නට ජඩයන්ට ඉඩ නොදිය යුතුය....

:       85       2

GihanSaturday, 02 December 2017 03:40 PM

සංඝයා වහන්සේ යථාර්ථයට ලං වෙන්නලු. නිර්වස්ත්‍රව ඉඳන් අනිත් කෙනාගේ කමිසේ පාටට හිනා වෙන්න එපා. එතකොට අප්පිරිය හිතෙන්නේ නිර්වස්ත්‍රව ඉන්න එකා ගැන.

:       0       72

චින්තකSaturday, 02 December 2017 04:00 PM

එකම කරුණ මොන විදියට කවුරුන් කිව්වත්, මොන පොතේ තිබුණත්, මොනම පිළිවෙතින් පැවත ආවත් ඒක තමන්ගේ විචාර බුද්ධියෙන් පිළිගත යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කල බව අපිට කියලා දුන්නේ හාමුදුරුවෝ. ඒ නිසා, කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව අපි දන්නවා. ඒ වගේම අපේ දහමෙන් තියෙන අපාය සහ තියෙන දෙව්ලොව පෙන්නුවා මිස නැති ඒවා මවා පෑවේ නෑ. විද්‍යාවට බොරු කළ නොහැකි දහමක් බිහිවූයේ එහෙමයි. ඉස්සෙල්ලාම සංඝයාගේ වැරදි දකින මිසදි‍ටුවන් සල්ලි වලට කඩේ යාම නවතා දහම ඉගෙන ඒ ගැන කථා කරන්න ඕනේ.

:       0       33

Haja Sahabdeen Friday, 01 December 2017 01:15 AM

මධ්‍යස්ථ වාර්තාවක් අගය කරමි...........

:       179       265

don Saturday, 02 December 2017 07:19 AM

කාලීනව ලියන ලද හොඳ වාර්තාවක්. අවාසනාවකට නූතන ජනමාධ්‍ය වාර්තාකරණයෙහි යම් ජාතිවාදයක් දක්නට ඇත. ඒ කුමක්ද යත් නිතර පලවෙන්නේ සිංහල වාදයට පක්ෂව වන අතර අනෙකුත් ජාතීන්ගේ සැබෑ ප්‍රශ්න වාර්තා කරණය ජනමාධ්‍ය විසින් එක්කෝ පලවන්නේ නැත. නැතිනම් පල කරන්නේ නැත. මේ නිසා සිංහලයන්ට නියම සන්නිවේදනයක් ලැබෙන්නේ නැත. එම නිසා පෙනෙන්නේ බහුතර ජනයා ජාතික ප්‍රශ්නයේදී පටලවා ගෙන ඇති සැටියකි. රටක් හැටියට ලද විශාල පාඩුවකි.

:       158       180

HewageSaturday, 02 December 2017 03:06 PM

හීනෙන්ද නැගිට්ටේ? සිංහලයා ගැන විතරක් කියන ඔය මාධ්‍ය මටත් කියන්නකෝ බලන්න. මොකද මට තාම එහෙම එකක් හම්බවුනේ නෑ. දෙමළෙක්ට ක‍ටුවක් ඇනුණත්, මුස්ලිම් මිනිහෙක්ට හීරුණත් වැලපෙන සිංහලයෝ මරණකොට නිහඬයි. බුදු පිළිම කඩනකොට නිහඬයි. දාගැබ් ඩෝසර් කරනකොට නිහඬයි.

:       19       1

darsha Sunday, 03 December 2017 08:02 PM

බුදු පිළිමවල නෙමෙයි නියම බුදු බණ තියෙන්නේ. පිළිමයක් කඩලා බුදු දහම විනාශ කරන්න නොහැකිය. බුදු පිළිම කඩන්නේත් ඒවගේ සිද්ධි මතු කරලා කෑ ගහන්නේත් ජාති වාදියෝ තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 237 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 290 0

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 166 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 8329 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 190 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1312 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 808 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 533 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site