IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


යුද්දෙ දිනුවේ මම නිසා කියන්න කාටවත් පුළුවන්කමක් නෑ

ත‍්‍රස්තවාදය නිමකර වසර තුනක් ගතවී තිබේ. එම යුද ජයග‍්‍රහණය ගැනත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරභාරයෙන් නිදහස්වීම ගැනත් විමසමින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.   ප‍්‍රශ්නය:- අද යුද ජයග‍්‍රහණය ගැන බොහෝ දෙනෙක් අයිතිවාසිකම් කීවත් එදා යුද්ධය ජය ගැනීම ගැන බොහෝ දෙනෙක් ගැන තිබුණෙ සැකයක් නේද? පිළිතුර:- නැගෙනහිර යුද්ධය පටන් ගන්නකොට සොල්හයිම් පවා කිව්වේ මේක දිනන්න පුළුවන් කියලා කිව්වේ ආරක්‍ෂක ලේකම්තුමා පමණයි කියලා. ඒ නිසා ඒ මේ ගැන හමුදාව ද හැමෝමද සැකෙන් හිටියේ. මොකද හමුදාවේ නිලධාරීන් පවා අවුරුදු ගාණක් තිස්සේ මේක කරලා තිබුණනේ. ආණ්ඩු එනවා. ජනාධිපතිවරුන් එනවා. ඩිෆෙන්ස් මිනිස්ට‍්‍රස්ලා එනවා. යුද්ධ කරන්න කියනවා. යුද්ධ කරනවා. ඊට පස්සෙ පරාජයවල් එනවා. අපි ජයග‍්‍රහණය කරන ඒවත් තියෙනවා. නමුත් ආපසු සාම සාකච්ඡා යනවා. සටන් විරාම එනවා. ඉතින් මේක හොඳ පුරුදු චිත‍්‍රයක්. මේ අතර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමත් එනවා. ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් විදියටත් එනවා. යුද්ධ කරමු කියලා කියනවා. ඉතින් අර කට්ටියගේ සැකයක් එනවා නේද? හැම එක්කෙනෙක්ම ඒ නිසා මේක දිහා සැකයකින් බැලූවේ. මේක කරන්න පුළුවන්ද? නිලධාරීන් පවා මේක අමාරු දෙයක්. කරන්න බැරි දෙයක් කියලා සැකෙන් තමයි කිව්වේ. නමුත් අපිට ලොකු විශ්වාසයක් තිබුණා විතරක් නොවෙයි. අපි දැනගෙන හිටියා ඇයි මේක කරන්න බැරිවුණ හේතු මොනවද කියලා. ඒ කරන්න බැරිවෙච්ච හේතුවලට උත්තර තමයි අපි මේකෙන් දුන්නෙ. ඒක හින්දා තමයි ජෙනරල් සරත් ෆොන්සේකා වුණත් මේවට සම්බන්ධවෙලා අවුරුදු තිස් පහක් තිස්සෙ පැරදිලා කරගන්න බැරිව හිටියේ. තීරණ ගන්න පුළුවන් තැන්වල හිටියේ අපි. හමුදාපතිවරුන් මේ දෙයට පොළඹවන්න පුළුවන් තැන්වල හිටියේ අපි. මෙතැනදි මම දකින විදියට හමුදාවේ මේ ජයග‍්‍රහණයට හේතු වුණ ක‍්‍රමවේද කි‍්‍රයාත්මක කළා. විවිධ පැතිවලින් පහර දෙන්න අපි තීරණය කළා. අල්ලා ගත්ත තැන් ආපසු නොයන්න අල්ලාගෙන ඉන්න අවශ්‍ය භට කණ්ඩායම් අපි දුන්නා. ඉස්සෙල්ලා හිටපු හමුදාපතිවරුත් මේවා දැනගෙන හිටියනේ. හමුදාපතිවරුන් මේවා ආණ්ඩුවලින් ඉල්ලූවනේ. විවිධ හේතුන් නිසා ජනාධිපතිවරුන් මේවා දුන්නේ නෑ. ඉතින් මේ හැම සාධකයක්ම අපි හඳුනා ගත්තා. ජනාධිපතිතුමා කිසිම බියක් නැතිව මට තාම මතකයි ඒ තීරණය ගත්තු අවස්ථාව. ආරක්‍ෂක මණ්ඩල රැස්වීමේදි මමයි කිව්වේ මේක ජයග‍්‍රහණය කරන්න  ඕන්නම් අපි විශාල වශයෙන් හමුදාව වැඩි කරන්න  ඕනැ කියල. විසි දාහක් තිස් දාහක් නොවෙයි හමුදාව වැඩිකරමු කියලා. කොච්චර  ඕනෑද කියලා ජනාධිපතිතුමා ඇහුවම මම කිව්වා අපේ හමුදාව දෙගුණයක් කරන්න වෙයි කියලා. ඒ කියන්නේ පනස් දාහකින් වැඩි කරන්න වෙයි කියලා. එතකොට ජනාධිපතිතුමා පී.බී. ජයසුන්දර ලේකම්තුමා දිහාට හැරිලා කිව්වා ”ඩොක්ටර් යුද්දෙ දිනන්න  ඕන්නම් අපිට මේක දෙන්න වෙනවා” කියලා. මේක විශාල මුදලක්නේ. හමුදාව දෙගුණයක් කරනවා කියන්නේ අවි ආයුධ ගේන්න  ඕනැ. ඇඳුම් පැළඳුම් ගේන්න  ඕනැ. හැම දෙයක්ම වැඩි කරන්න  ඕනැනේ. මහ විශාල මුදලක්. ඉතින් ජනාධිපතිතුමා ඒ තීරණය නොබියව කිසිම පැකිලීමක් නැතිව ගත්තා.  ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන්. දැන් හිටපු හමුදාපතිවරුන් තාම ඉන්නවනේ. ඒ අයගෙන් අහලා බලන්න පුළුවන්. හිටපු ආණ්ඩුවලින් අඩුගානේ සියයට දහයකින් හරි වැඩි කරගන්න කොච්චර අමාරු වුණාද කියලා. ජනාධිපතිතුමා එකවරම ඒ තිරණය ගත්තා. මොකද අපි තේරුම් අරගෙන තිබුණා දිනන්න අවශ්‍ය සාධක මොනවද කියලා. ඒකට අවශ්‍ය සියලූම දේවල් ජනාධිපතිතුමා කළා. ඒ වගේම වැදගත් තීරණයක් තමයි කිසිම අවස්ථාවකදි විදේශීය කිසිම බලපෑමකට මම යටත් වෙන්නේ නෑ කියන ජනාධිපතිතුමාගේ තීරණය. ඒකත් ඉතිහාසයේ හොඳටම පැහැදිලි වෙලා තියෙනවා. ඒ බලපෑම් නිසා කොහොමද හමුදාවට ජයග‍්‍රහණය කරන්න බැරි වුණේ කියලා. මේකෙදිත් අපි දැක්කනේ කොපමණ බලපෑම් ආවද කියලා. මුලින්ම රට තුළ ඉන්න විදේශීය තානාපතිවරුන්ගෙන් ආපු බලපෑම්. ඊළඟට පිටරට විවිධ නිලධාරීන් ඇවිත් කරපු බලපෑම්. ඊළඟට විදේශ ඇමතිවරු මේ රටට ඇවිත් කරපු බලපෑම්. ඊට පස්සෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා කරපු බලපෑම්. ඉන්දියාවෙන් බලපෑම් මේ මොනම අවස්ථාවකදිවත් ජනාධිපතිතුමා මොන හේතුවන් නිසා හරි වෙනස් වුණා නම් අපි අර මුලින් හිටපු තැනටම යනවා. මේ විදේශීය බලපෑම්වල තවත් විශේෂ වැදගත් දෙයක් තමයි කොච්චර කවුරු මොනවා කිව්වත් අපි ඉන්දියාව ටැකල් කරපු හැටි. මුළු යුද්ධ කාලෙම අපි ඉන්දියාව තියා ගත්තනේ. මේක තමයි බලපාපු විශේෂම දේ. ඉස්සර කරගන්න බැරිම දේ. විදේශ අමාත්‍යාංශය හරහා සාමාන්‍ය ක‍්‍රමයට පමණක් කරන්නේ නැතිව විශේෂ වැඩපිළිවෙළක හදලා එහෙ නිලධාරීන් මෙහෙ නිලධාරින් එක්කහු කරලා ඒ කරපු කි‍්‍රයාදාමය ඉතාමත්ම වැදගත්. මේක තමයි යුද ජයග‍්‍රහණයට හේතු. මමයි, ලලිතුයි, බැසිලූයි අර පැත්තෙන් නාරායන්, සංඛ මෙනනුයි, විජේ...... අපි අතර කොයි තරම් සාකච්ඡා වුණාද? ඒවා තමයි යුද ජයග‍්‍රහණයට හේතු වුණේ. කොයි තරම් අවස්ථා තිබුණ ද මේක විනාශ වෙන්න. දේශපාලන අතින් බලන්න. ජනාධිපතිතුමාට හම්බ වුණේ කිසිම බලයක් නැති ආණ්ඩුවක්. ඔය මොන වෙලාවක හරි රජය පෙරළුවානම් යුද්දෙ කරලා ඉවරයිනේ. විදේශ බලපෑමකට යටත්වෙලා නම්බියාර්ට ඉඩ දුන්නානම් වෙල්ලමුල්ලිවයික්කාල්වලට යන්න මොකද වෙන්නේ? වැඬේ ඉවරයිනේ. එහෙමනම් කවුද බැනුම් අහන්නේ? මිනිස්සු මරලා බාගෙට කරලා නැවත්තුවමා කියලා කුණු බැණුම්නේ. මේ හැම දෙයක්ම ටැකල් කළානේ. ජනාධිපතිතුමා 2005 දී ගන්නකොට මොකද්ද කිව්වේ. විපක්ෂය කිව්වේ එයාට විදේශ ප‍්‍රතිපත්තිය හදාගන්න බෑ කිව්වා. නමුත් ඉන්දියාව එක්ක ටැකල් කරපු විදියට කිසිම කෙනෙක් කරලා තිබුණේ නෑනේ. ඒක කොහොමද කළේ? ඊළඟට එයාට ආර්ථික දැනුමක් නෑ කිව්වා. මෙච්චර අමාරු තත්ත්වයක් තුළ තිබියදීත් යුද්ධ වියදම් තුන් හතර ගුණයකින් වැඩි වෙනකොට ඒක බැලන්ස් කරගත්තනේ. අනිත් එක තමයි මේ මොනවා කළත් අවසාන මොහොත දක්වාම කවුරුවත් විශ්වාස කළේ නෑනේ. අපට මේ ජයග‍්‍රහණය ලබන්න පුළුවන් කියලා. විපක්‍ෂයවත් හිතුවේ නෑනේ. ඒකනේ කිලිනොච්චි යනකොට මැදවච්චි කතා කිව්වේ.  ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වනේ.  ඕවා කිව්වේ මේක ඉවරයක් වෙන්නේ නෑ කියලා හිතාගෙන. යුද්දෙ යුද්දෙ කියලා ඔයගොල්ලෝ මේක කරනවා. මේක කවදාවත් දිනන්න බෑ නිකම් මිනිස්සු මැරෙනවා කියලා මංගල එහෙම කිව්වෙ. මේ වගේ චෝදනා ලැබෙනකොට මේවත් එක්ක ජනතාව තමන් එක්ක තියාගන්න පුළුවන්වීමත් ලොකු දෙයක්නේ. ඒ තියා ගැනීම, පොහොර සහනාධාරය දීලා එහෙමනේ තියා ගත්තේ. ආර්ථිකයත් මැනේජ් කරගෙන ජනතාවත් තියාගෙන, යුද්දෙත් ඉදිරියට අරගෙන ගිහින් ජයග‍්‍රහණය කළේ ජනාධිපතිතුමයි. හමුදාපතිවරයා කියන්නේ පුංචි කොටසක් විතරයි. අතනින් ගහන්න මෙතැනින් ගහන්න කියලා කියන එක විතරයි එයා කියන්නේ. ඒකට උපකාරෙට තමයි නාවික හමුදාපති කෙනෙක් ඉන්නෙ. ගුවන් හමුදාපති කෙනෙක් ඉන්නෙ. ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම, අවශ්‍ය දේවල් දීම, සම්බන්ධීකරණය දීම ඊට අමතරව තව කොච්චර තියෙනවද? හමුදාපති වරයා එක පුංචි කොටසයි කළේ. අනික් අය තව කොච්චර දේවල් කළාද? නාවික හමුදාව එක් කොටසක් කළා. පොලිසිය තව කොටසක් කළා. සිවිල් ආරක්‍ෂක බළකාය අපි හදලා ඒක වෙන පැත්තකට යවනවා. බුද්ධි අංශ විනාශ කරලා තිබුණේ. ඒවා හදලා ඒක කරනවා. කොළඹ ආරක්‍ෂා කිරීම අතිශයින්ම වැදගත් වුණා. ඒක කළා. එතකොට ඒවා කරපු මිනිසුන්ට මොනවද අපි කරන්නේ. එතකොට සහනාධාර. සිවිල් වැසියන්ට බේත් යවන්න කියනවා. කෑම යවන්න කියනවා. ඒවානේ මේ ඇවිත් තියෙන චෝදනා. ඒක කවුද කළේ. ඒ නිසා විශාල පැත්තක් සියයට 90ක් විතර පැත්තක් තියෙනවා මේකේ. අනිත් අයට කියන්න පුළුවන්නේ එහෙමනම් ෂවේන්ද්‍ර ද සිල්වා ගේන්න කියලා. කමල් ගුණරත්න ගේන්න කියලා. ජගත් ඩයස් ගේන්න කියාල තව කෙනෙකුට කියන්න පුළුවන්. අර වීර විභූෂණ ලබපු ළමයි. ඒ ළමයි මොනවද කළේ. හැම කෙනෙක් අතින්ම සෑහෙන්න වැඩ කොටසක් වුණා. ජනාධිපතිතුමා අතින් මේ මම කියපු දේවල් වුණේ නැත්නම් වැඬේ ඉවරයිනේ. ඊට පස්සෙ මම කොටසක් කළා. හමුදාපතිවරුන් කොටසක් කළා. ඊට පහළ හිටපු පිරිස තව කොටසක් කළා. අන්තිම සෝල්ජර් තව කොටසක් කළා. දොස්තරවරු තව කොටසක් කළා. රටේ හාමුදුරුවරු තව කොටසක් කළා. මේ ඔක්කොම අර නායකත්වය යටතේ සම්බන්ධ වෙච්ච කොටස්. පහළ හිටපු කෙනෙකුට කියන්න බෑ මේක මේ මම කරපු දෙයක් කියලා.   ප‍්‍රශ්නය:- ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ඔබ පත්වීම යුද ජයග‍්‍රහණයට ලොකු පිටිවහලක් වුණ බවත් කියවෙනවා? පිළිතුර:- සියයට සියයයක්ම පැහැදිලි එකක් තමයි ජනාධිපතිතුමා එක්ක හරියට මේ දෙය සම්බන්ධ කරන්න මම හිටියේ නැත්නම් මේක කිසිසේත්ම සිද්ධ වෙන්නෙ නෑ. ඒකට හේතු විශාල ප‍්‍රමාණයක් තියෙනවා. එකක් දැන් වෙන දේවල් හිටපු නිලධාරින් හුඟක් දන්නවා. වෙනත් නිලධාරියකු හිටියානම් ජනාධිපතිතුමා හා මේ සම්බන්ධිකරණය ඇතිවෙන්නේ නෑ. බොහෝ අවස්ථාවලදී හමුදාපතිවරයා විතරක් නොවෙයි මෙතැන විශේෂ වැදගත්කමක් තියෙනවා. මම හිටපු හමුදා නිලධාරියෙක් හින්දා යුද බිමේ හිටපු නිලධාරින්ගෙන් බොහෝ දෙනෙක් මගේ යටතේ හිටපු අය. ශවේන්ද්‍ර ද සිල්වා, ජගත් ඩයස්, කමල් ගුණරත්න මගේ යටතේ හිටපු අය. ඒ අය මම පෞද්ගලිකව දන්නවා. සමහරු කමාන්ඩර්ටවත් කතා කරන්නෙ නෑ. මමයි කතා කරන්නේ. වෙන එක්කෙනෙක් යටතේ  ඕක සිද්ධ වෙන්නේ නෑනේ. මම උදේ කතා කරලා අවශ්‍ය දේවල් කියනවා. මම මේ වෙලාවල් බලා ඉන්නේ නෑ. කෙළින්ම ජනාධිපතිතුමාට කියනවා. මම  ඕනෑම වෙලාවක ගිහින් ජනාධිපතිතුමා හමුවෙනවා. මට ඒ හැකියාව තිබුණා. කවුරුවත් දන්නවනේ. වෙන ලේකම් කෙනෙකුට එහෙම කරන්න බෑනේ. රෑ ගිහින් කතා කරලා මේ බෝම්බ වර්ගය ගේන්න  ඕනැ. අතනට කතා කරන්න  ඕනැ. පාකිස්ථානයට කතා කරන්න  ඕනැ. චීනයට කතා කරන්න  ඕනෑ කියලා එතුමා ලවා කතා කරවපු අවස්ථා අප‍්‍රමාණයි. ඊට පස්සෙ... බලන්න විශ්වාසය? කොච්චර පසුබෑමක් තිබුණද? පසුබාන අවස්ථා තිබුණනේ. මම කෙළින්ම කිව්වානේ. නෑ මේක මේ වගේ දෙයක් කියලා. ඒක ජනාධිපතිතුමා විශ්වාස කරනවනේ. ඔය විශ්වාසය එන්නේ නෑනේ වෙනත් පුද්ගලයෙක් හරහා. ඉතින් මෙතැන අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධතාව නොතිබුණා නම් මේ යුද්දේ ඉවර වෙන්නෙ නෑ. මේවා තමයි කෙටි කාලයකින් මේ යුද්ධය ඉවර වෙන්න මූලික හේතු. ජනාධිපතිතුමා හා එතුමා ගත් තීරණ හා මා හරහා සිදු කෙරුණ සම්බන්ධීකරණය මම හා හමුදාපතිවරුන් අතර තිබුණ සම්බන්ධය. මේවා නිසා තමයි මේ කි‍්‍රයාදාමය සාර්ථක වුණේ. එතකොට මේ වැඬේ මම නිසා කියලා කියන්න කාටවත් පුළුවන්කමක් නෑ.   ප‍්‍රශ්නය:- සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධුරයට ගෙනාවේ ඔබද? පිළිතුර:- ඔව්, මම තමයි ගෙනාවේ. නමුත් ඔහු දැන හඳුනාගෙන හිටියත් ඔහුත් මාත් අතර එතරම් මිත‍්‍රත්වයක් තිබුණේ නෑ. අපේ ජනාධිපතිතුමා අගමැති කාලේ හම්බන්තොට උත්සවයක් තිබුණා. සුනාමියෙන් නිවාස අහිමි වෙච්චි අයට නිවාස තනාදීමේ උත්සවය සංවිධානය කරලා තිබුණේ කැලණිය පන්සලයි. මගේ ස්කෝලේ යාළුවෙක් හිටියා පද්මසිරි හපන්ගම කියලා. ඔහුත් මෙම උත්සවයට ඇවිත් හිටියා. අගමැතිතුමා එක්ක මාත් මේ උත්සවයට ගියා. අගමැතිතුමා පිළිඅරගෙන වේදිකාවට පෙරහැරෙන් එක්කරගෙන යනකොට මාත් ගියා. එහෙම යනකොට ගහක් යට පද්මසිරියි, සරත් ෆොන්සේකායි ඉන්නවා දැක්කා. අගමැතිතුමා ඉන්න වේදිකාවට මටත් කතා කළා. මම ඒක ප‍්‍රතික්ෂේප කරලා අර දෙන්නා ඉන්න තැනට ගියා. එතැනදි සරත් ෆොන්සේකා මහතා මා සමග යුද්ධය ගැනත් හමුදාවේ තොරතුරුත් කතා කළා. ඔහු එවකට හිටපු හමුදාපති ශාන්ත කෝට්ටගොඩ මහතාවත් දෝෂ දර්ශනයට ලක්කළා. අවස්ථාවක් දුන්නොත් යුද්ධය ජයග‍්‍රහණය කරන හැටිත් ඔහු කිව්වා. ඒ වෙලාවේ ඔහුට ඒ සඳහා අවස්ථාවක් දිය යුතුයි කියලා මම හිතුවා. එහෙම හිතලා තමයි මම ඔහුට එම අවස්ථාව දෙන්න කටයුතු කළේ. ඒ කාලේ හිටපු හමුදාපති ශාන්ත කෝට්ටෙගොඩ මගේ හොඳ මිත‍්‍රයෙක්. සරත් ෆොන්සේකා හමුදාපති කරන්න යාම ගැන ඔහු බොහොම කනගාටු වුණා. මටත් යුද්ධ කරන්න පුළුවන් නමුත් දේශපාලන නායකත්වය ඊට අවසර නොදුන් බව ඔහු කීවා. ජනාධිපතිතුමා හමුවෙන්න අවස්ථාව දෙන්න කියලා එතුමා මගෙන් ඉල්ලා සිටියා. පසුව මම ඔහු ජනාධිපතිතුමා ළඟට එක්කරගෙන ගියා. එතැනදි ජනාධිපතිතුමා කිව්වේ ඔබතුමා මේ තනතුරේ හිටියනේ. වෙන කෙනෙකුට අවස්ථාව දෙමු කියලයි. ඒ විදියටයි සරත් ෆොන්සේකා හමුදාපති ධුරයට පත් වුණේ.   ප‍්‍රශ්නය:- ෆොන්සේකා මහතා නිදහස් කරන්න හේතුව. පිළිතුර:- මම ඒකේ හේතුවක් හැටියට දකින්නේ මේකේ ඔය ටිරාන් අලස් එක්ක සාකච්ඡා එහෙම තිබුණනේ. මාත් එක්ක එහෙමත් කතා කළා. එතැනදි මම කිව්වේ ජනාධිපතිතුමා තමයි තිරණය ගත යුත්තේ කියලා. මගේනම් කිසිම විරුද්ධත්වයක් නෑ. නමුත් ජනාධිපතිතුමා තමයි ඒ තීරණය ගත යුත්තේ කියලා. ඒ තීරණය ගන්න දේශපාලන හේතු බලපෑවා. ඇත්ත වශයෙන්ම ඒ කරන වැරැදිවලට නඩු යා යුතුයි. ඒවට දඬුවම් දිය යුතුයි. දඬුවමට අනුව හිරේ යා යුතුයි. ඇත්ත වශයෙන්ම මේවා වැඩිපුර කතා නොකළාට ඇමති මණ්ඩලය, පාක්‍ෂිකයෝ දැන් වුණත් බලන්න කොයිතරම් විරුද්ධද එළියට දැම්මට. මොකටද එළියට දැම්මේ කියලා අහනවනේ. කී දෙනෙක් මගෙන් අහනවද? මේක හොඳයි කියන පාක්‍ෂිකයෙක් මම නම් තාම දැකලා නෑ. ඔය කොච්චර කිව්වත් මම අද වෙඩින් දෙකකට ගියා. ඊට ඉස්සෙල්ලා ඔය ඇවිදින්න ගියාම මොකටද එළියට දැම්මේ කියලයි අහන්නේ. අනේ කමක් නෑ. එළියට ආපු එක හොඳයි කියන එක්නෙකෙක් මට තාම හම්බ වෙලා නෑ. ඉතින් ඔය බලපෑම ජනාධිපතිතුමාට තිබුණා. ඉතින් ඒක නිසා මම කිව්වේ මේක ජනාධිපතිතුමා තීරණය කළ යුතු දෙයක් කියලයි.   ප‍්‍රශ්නය:- මේ තරම් ජාත්‍යන්තර බලපෑමක් තිබුණද? පිළිතුර:- මොන ජාත්‍යන්තර බලපෑම්ද? හුඟාක් ඉස්සර මේක පටන් ගත්තේ කතා කරන්න. ටිරාන් ආවම මම කිව්වා ජනාධිපතිතුමත් එක්ක කතා කරන්න කියලා ඇත්තටම ජනාධිපතිතුමා එක්ක ටිරාන් කතා කළා. ඉතින් ඇත්තටම ජනාධිපතිතුමාට හිතුනා මෙයා එළියට දාන්න  ඕනැ කියලා. එහෙම නැතිව කාගෙවත් බලපෑමක්වත්, වෙන හේතුවක්වත් නෑ. ජනාධිපතිතුමා හිතුවා එළියට දැම්මා. ඒක තමයි ඇත්තම කතාව. මෙයාව නිදහස් කරන්න කියලා කිසිම බලපෑමක් නෑ. එල්එල්ආර්සී ආදිය ගැන කතා කළා මිසක් මෙහෙම කෙනෙක් ඉන්නවා එයාව එළියට දාන්න කියලා කිව්වේ නෑනේ. කවුරුවත් කිව්වේ නෑ. කිසිම බලපෑමක් ඒ සම්බන්ධව තිබුණේ නෑ. එහෙම කිසිම බලපෑමක් නෑ. අනිත් එක දේශපාලනිකව ජනාධිපතිතුමාට කිසිම බලපෑමක් තිබුණේ නෑනේ. ජනාධිපතිතුමත් ඔය කෑගහපු අයගේ පැත්තත් දැනගෙන හිටියනේ. එක පැත්තකින් ගිහින් කෑගහන ගමන් ජනාධිපතිතුමාට අතට අත දෙමින් විවිධ පණිවිඩ දෙන අවස්ථාත් තිබුණනේ. ඉතින් ජනාධිපතිතුමා ඒ පැත්තත් දන්නවනේ. ජනාධිපතිතුමාට හිතිලා තමයි නිදහස් කළේ. මේ යෝජනාව ගෙනාවේ ටිරාන් අලස්. ඒක මම කියන්න එපැයි. ටිරාන් අලස් තමයි මේක මුලින්ම මට කිව්වේ. ඊට පස්සෙ ටිරාන්ට මම කිව්වා ජනාධිපතිතුමාත් එක්ක කතා කරන්න කියලා. මං මේ කියන්නේ හුඟක් ඉස්සර. ඒ නිසා ජනාධිපතිතුමාගේ සිතිවිල්ල මිස වෙන කිසිම කාගෙවත් බලපෑමකට මේ දේ කළේ නෑ. සමහරු ඔය පෙත්සම් එහෙම අත්සන් කළා තමයි. නමුත් වෙන පණිවිඩයක් තමයි මේ පැත්තට ආවේ. ටිරාන් දවසක් මට කතා කළා. දිලිප් ජයවීර මට කතා කරලා කිව්වා අහවලා හම්බවෙන්න  ඕනෑ කියලා. මං ඇහුවා මොකටද? ලෙඩක්නම් මට දාන්න එපා. එක ලෙඩක් මම කාලා ඉන්නේ කියලා. එහෙම තමයි මුලින්ම ටිරාන් හමුවුණේ. ඊට පස්සේ මම කිව්වා ජනාධිපතිතුමා හමුවෙන්න කියලා. ඒ වගේම තමයි එයත් කැමැති වෙන්න එපැයි. මම එහෙම කිව්වම නැහැ එයත් කැමතියි. එයා දැනුම්වත්ව ඉන්නේ කියලා මට කිව්වා.   ප‍්‍රශ්නය:- ෆොන්සේකා මහතා හමුදාපති තනතුරට ගෙනාවෙත් ඔබ නම් ඔහු ඔබ සමග විරසක වෙන්න හේතුව මොකක්ද? පිළිතුර:- ඒක නම් මට තාමත් තේරුම් ගන්න බැරි හේතුවක්. කිසිම වැදගත් හේතුවක් නෑ. එකම හේතුව තමයි මේ තියෙන බලයට තියෙන ආශාව. එයා හොඳටම දන්නවනේ මංගල සමරවීර මේ අවුරුදු තුනේ නොවෙයි ඊට ඉස්සර ඉඳලා යුද්දෙට විරුද්ධ මිනිහෙක්නේ. කොහොමද ඔහු සරත් ෆොන්සේකාව හැඳින්වූවේ. ගැලවීමේ හමුදාවකට හොඳයි කියලනේ කිව්වේ. යුද්දෙ බොරුවක්. මේක දිනන්න බෑ. මේ අය රට විනාශ කරනවා කියලනේ කිව්වේ. එයා එහෙම එකකෙනෙක්. අනිත් එක්කෙනා රවී කරුණානායක. කිලිනොච්චි යනවා කිය කියා මැදවච්චි යනවා කිව්වා.  ඕනෑ ගොනෙකුට යුද්දෙ කරන්න පුළුවන් කියලා කිරිඇල්ල කිව්වා. රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා කිව්වා තොප්පිගල කියන්නේ කැලයක්. ඔය විදියට ඒවා මේවා කිව්වා. ඒ විතරක් නොවෙයි, සන්ඬේ ලීඩර් කර්තෘවරයා මැරිච්ච වෙලාවේ, අද අරන් බලන්න හැන්සාඞ් එක. ඒකෙ බලන්න ඒ ඝාතනය ගැන යූඑන්පී එක මොකද්ද කිව්වෙ කියලා. ජෝෂප් මයිකල් පෙරේරා කතා කළා. අනිත් එක්කෙනා රනිල්. මේ දෙන්නම කෙලින්ම කියලා තිබුණ සරත් ෆොන්සේකා තමයි මේකට වග කියන්න  ඕනෑ කියලා. අන්න ඒ විදියට යුද ජයග‍්‍රහණයට අබමල් රේණුවක තරමින්වත් සහයෝගයක් නොදුන්නු, ඒකට විරුද්ධව කටයුතු කරපු කණ්ඩායමක් එක්ක මේ එක පාරටම ගිහින් හිටගන්න පුළුවන්ද? මෙතැන ජනාධිපතිතුමා, මම, අනිත් හමුදා නායකයෝ හමුදාව මේ ඔක්කොම අය අතහැරලා දාලා මොළේ යන්තමින් හරි තියෙන කෙනෙක් හිතන්නේ නෑනේ ෆොන්සේකා මේක තනියෙන් දිනුවා කියලා. අර විරුද්ධ වුණ කණ්ඩායම එක්ක හිටගන්න තරම් මොකද්ද වුණේ? මොකද්ද හේතුව? මේක අතහැරලා දාලා ඇත්තෙන්ම යන්න හේතුව මොකද්ද? හොඳයි මම කියනවානම් මම තමයි යුද්දෙ දිනුවේ කියලා එහෙමනම් මම මේ ජයග‍්‍රහණය දිවි හිමියෙන් රකින්න එපැයි. එතකොට එයා හිතනවා නම් එයා තමයි යුද්දෙ දිනුවේ කියලා, එහෙමනම් එයා උන් එක්ක ජන්මාන්තර වෙන්න එපැයි. ඇත්තටම මම නම් එහෙමයි. ඒකනේ මම මීඩියා කාරයන්ට බැන්නේ. විරුද්ධ වෙච්ච අයට බැන්නේ. මේකට විරුද්ධ වුණානම් මට එයා පිළිකෙව්. මේක මම හදවතින්ම කරපු යුද්ධයක්. ඒ නිසා කැපවෙලා කළා. මේකට යම් හෙයකින් කවුරුහරි විරුද්ධ වුණානම් මට එයා අපි‍්‍රයයි. එහෙම වෙන්න එපැයි. ලොකු කාලයක් නොවෙයිනේ. දවස් ගානකින්නේ. දවස් ගානක් ඇතළත අර කට්ටියක් එක්ක එකතුවෙලා කොහොමද ගමනක් යන්නෙ. මොන හේතුවක් නිසාද? තමන්ව හමුදාපති කරලා යුද්දෙට නායකත්වය දෙන්න අවස්ථාව ලබාදීපු ජනාධිපතිතුමාට ජම්පර් අන්දන්න කියන තරමට මෙයා දරුණු වෙන්නේ කොහොමද? ධර්මාශෝකයට ගිහින් කරපු කතාව, අර හමුදාව ඉස්සරහට ගිහින් කරපු කතාව පුදුම විදියට ජනාධිපතිවරයාව විවේචනය කළානේ. මේ තත්ත්වයට එයා වැටුණේ තමන් ගැන විතරක් හිතලා බලලෝභය නිසයි. එහෙම නැතිව වෙන කිසිම හේතුවක් නෑ.   ප‍්‍රශ්නය:- ෆොන්සේකා මහතා සිරගත කිරීමෙන් ඔහුට නැති බලයක් ලබා දුන්නා කියලා සමහරු කියනවා. පිළිතුර:- එක පැත්තකින් අනවශ්‍ය දෙයක් වුණා කියලානම් මම හිතනවා. බලයක් නොවෙයි. කතාබහක් ඇතිවුණානේ. පසුගිය දවස්වල පත්තර බැලූවොත් හෙඞ් ලයින්වල යන්න හරි හේතුවක් වුණානේ. නැත්නම් මතකවත් නෑනේ. ඇත්ත වශයෙන්ම ඒක අනවශ්‍ය දෙයක් වුණා කියලා මමත් හිතනවා. නැත්නම් මේ දවස් වෙනකොට එහෙම කෙනෙක් ඉන්නවාද කියලවත් දන්නේ නෑ. හේතුව සාධාරණද අසාධාරණද කියලා නොවෙයි මම මේ කියන්නේ. මෙයාට මෙයින් අනවශ්‍ය මාතෘකාවක් හැදුණා කියලයි මම හිතන්නේ. නිවුස් එකේ ඉන්නෙ ඒ නිසයි.   ප‍්‍රශ්නය:- ෆොන්සේකා මහතා ඉදිරියේදී ආණ්ඩුවට අභියෝගයක් වෙයි කියා හිතෙන්නෙ නැද්ද? පිළිතුර:- මමනම් හිතන්නේ නෑ. මොකද එහෙම වෙන්න හේතුවක් නැ. ආණ්ඩුව හරියට වැඩ කළොත් කිසිම ප‍්‍රශ්නයක් නෑ. ජනතාව අද බලන්නේ යුද්දෙ ඉවරකරලා දැන් ජනාධිපතිතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවනේ. මෙච්චර කාලයකට කරන්න බැරි වෙච්ච දේ ජනාධිපතිතුමා කළා කියලා. ඊළඟට අවශ්‍ය කරන්නේ මෙච්චර කාලයකට අපිට නැතිවුණ වර්ධනය ඉස්සරහට යන්නයි. ඒ සම්බන්ධයෙනුත් ජනතාව ජනාධිපතිතුමා කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා තියෙන්නේ. මේ ඇමතිවරු, මන්ත‍්‍රීවරුන්, ලේකම්වරුන්ගේ වගකීම වෙන්නේ ජනාධිපතිතුමා ඉලක්ක කරන දෙය හරියට කරලා දීමයි. එහෙම නැතිව මේ අභියෝග තියෙයිද නැද්ද කියලා හිතනවාට වඩා මේව හරියට කරනවානම් කිසි අභියෝගයක් වෙන්නේ නෑ. ජනාධිපතිතුමා ගැන ජනතාව ලොකු විශ්වාසයකින් ඉන්නේ. ආදරයක් තියෙනවා. ඒ විශ්වාසය රකින්න අපි හැමෝම කැපවෙනවානම් කිසිම අභියෝගයක් එන්නේ නෑ. දැන් සමහර ප‍්‍රශ්න තියෙනවා යුද්ධය නිසා අවුරුදු විසි තිස් ගණන් හරියට හොයලා බලලා නොකරපු නිසා මතුවෙච්ච දේවල්. මේවා බලන් නෑ. ඒ අයට  ඕන මේවා අද විසඳාගන්න. ඉතින් ඒවාට ලොකු අභියෝග තියෙනවා. අපි නාගරික සංවර්ධන අධිකාරිය ගත්තොත් සෑහෙන කාලයක් පුරා වෙච්ච දේවල් තියෙනවා. ඉතින් ඒවා නිවැරදි කරගන්න කිසියම් කාලයක් ගත වෙනවා. ඒවා ලොකු අභියෝගයන්. ජනතාව ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ අභියෝග ජය ගැනීමයි. පොලිසියට චෝදනා තියෙනවනේ. හැබැයි මේ චෝදනා අද ඊයෙ වෙච්ච දේවල් නොවෙයි නේ. පටන් ගත්ත දවසේ ඉඳලම තියෙන චෝදනා. හැබැයි ජනතාව ඉල්ලන්නේ ජනාධිපතිතුමාගෙන් ඉක්මනට මේවාට විසඳුම්. ඒවා අභියෝග. ඉතින් අපි බලන්න  ඕනැ ඒ අභියෝග ජයගෙන ජනතාවගේ ඒ අපේක්‍ෂාවන් ඉටු කරන්න. ඒක තමයි අවශ්‍ය. එහෙම කළොත් කිසිම අභියෝගයක් නෑ.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ

විශේෂ ලියුම්කරුවකු විසිනි



අදහස් (0)

යුද්දෙ දිනුවේ මම නිසා කියන්න කාටවත් පුළුවන්කමක් නෑ

අජිත් Tuesday, 29 May 2012 10:50 PM

අනේ බොරැනම් කියන්න එපා...

:       0       0

අලුත් කෙනා Tuesday, 29 May 2012 10:54 PM

ජනාධිපති වෙන්න දැන්ම බොරැ කියනවා...තව ටික දවසයි!

:       0       0

ප්‍රනාන්දු Monday, 28 May 2012 11:54 PM

බොරු කියන්න එපා.යුද්ධෙ පවතින වෙලේ ඔබ හිටියේ වෙන රටක නේද?

:       0       0

ලලා Tuesday, 29 May 2012 01:03 AM

ඔවු ඒක ඇත්ත. ඔබට දේව ආශිර්වාදය!

:       0       0

පුෂ්පා Tuesday, 29 May 2012 01:19 AM

මැතිතුමනි, යුද්ධය ඉක්මනට දිනුවා වගේ ඇයි කුඩු කාරයෝ ටික අල්ලන්න බැරි?

:       0       0

අලිබබා Tuesday, 29 May 2012 01:21 AM

යුද්දෙ දිනුවේ මම නිසා කියන එක වැරදියි. ඒක ඒක වචනයක් වෙන්න බෑ. ඒක බහුවචනයක් වියයුතුයි. යුද්දෙ දිනුවේ අපි සියල්ලන්ගේම එකමුතුකම නිසා.

:       0       0

බණ්ඩා Monday, 18 June 2012 12:33 AM

මොකද මේ අයියා, මලෝ කතාකරනකොට අත පෙන්නලා දාගෙන ඉන්න මුද්ද පෙන්නන්නේ. අපල නිසද​???? යුද්දේ කලේ ඇමරිකවේ හිටියේ රටට ආදරේ නිසාද​?? ඇයි ආවෙ නැත්තේ ''' ජනතාව කන්නෙ බත්, අපිට මුසාවාද එපා.

:       0       0

දයා,saudi Tuesday, 29 May 2012 03:52 PM

මැතිතුමනි, ඔබ වැන්නවුන් පහළ වෙන්නේ රටේ පිනටයි.ඔබ දුටුගැමුණු රජුගේ ප්‍රභල යෝධයෙක් වෙන්න ඇති ඒ කාලේ

:       0       0

අනුරාධ Saturday, 02 June 2012 10:43 AM

කවුරු මොනව කිව්වත් ඇත්ත මේකයි..

:       0       0

මෙල්බන් වැසියා Tuesday, 29 May 2012 04:18 PM

ජනධිපතිතුමාගේ කොන්ද පණ තිබීමත් එතුමාට ඔබව සැකයෙන් තොරව විශ්වාශ කිරීමට හැකිවීමත් නිසා මේ යුද්ධය දිනන්න පුලුවන් උනා කියලයි මගේ අදහස.

:       0       0

මල් කොහා Tuesday, 29 May 2012 11:11 AM

වැරදි කලාම දඩුවම් දිය යුතුයි. හැබැයි සාදාරන විය යුතුයි. ඔබලා කරුණා වගේ කාලයක් එල්ටිටි සාමාජිකයෝ වෙලා හිටපු අයට කිසිම දඩුවමක් නොකර ලගින් තියාගෙන ඉන්න පුලුවන්නම් රට වෙනුවෙන් හමුදාව මෙහෙයවපු පුද්ගලයෙක්ට සහ රට වෙනුවෙන් ලේ හලපු උතුම් මිනිහෙක්ට පත්තරේකට වාර්තාවක් දුන්නා කියන එකට හිරේ දාන්නේ මොන හේතුවකටද? මේක තමයි ලංකාවේ මිනිස්සුන්ට තියෙන මුලිකම ප්‍රශ්නේ. හැබැයි මේකට උත්තර යක් දෙන්නේ නැ කවුරුවත් අනිත් එක මේ රටේ මිනිස්සු වැඩි දෙනෙක් කැමති සරත් පොන්සේකා ව නිදහස් කලාට, පාක්ෂිකයෝ සහ ඇමති මණ්ඩලය විතරක් නෙමේ මේ රටේ ජීවත් වෙන්නෙ. කොහොම උනත් හැමෝම යුද්ද ජයග්‍රහණය බෙදා ගන්න දගලන් නැතුව නිදහස් ලංකාවේ නිදහස් මිනිසුන් වගේ ජීවත් උනානම් සහ ජීවත් වෙන්න ඉඩ දුන්නනම් තමා හොඳ.

:       0       0

සමන් Monday, 11 June 2012 04:50 PM

ඇයි ඔබ තුමා අයියා ජනාධිපති වෙනකන්ම හිටියේ ලංකාවට එන්න. යුද්දේ තිබුන කාලයේ ඔබ තුමා හිටියේ මුලින්ම ඇමරිකාවෙනේ.

:       0       0

සුදත් Tuesday, 29 May 2012 11:38 AM

ප්‍රනාන්දු, ඔයාට ඉතිහාසය මතක නැද්ද? ලේකම්තුමා හිටියෙ ලංකාවෙ. එතුමට කෙටි බෝම්බ ගහපු බව මතක නැද්ද?

:       0       0

බරත Tuesday, 29 May 2012 11:53 AM

ඔක්කෙම කළා වගේනෙ කතාව...

:       0       0

Keerthi Saturday, 02 June 2012 01:00 PM

අපේ මිනිස්සු ඇත්තටම කන්නේ තණකොළද???

:       0       0

මම Tuesday, 29 May 2012 12:13 PM

මම හිටියේ නැත්නම් මේක කිසිසේත්ම සිද්ධ වෙන්නෙ නෑ-මම මම මම මම ඔක්කම මම

:       0       0

වසන්ත Sunday, 10 June 2012 09:56 PM

නිකම් ලිනට ආණ්ඩුවෙන් යැපෙන්න බලන් ඉන්න මිනිස්සු ඉන්න එකම රට ලංකාව

:       0       0

ක්‍රිෂ් Wednesday, 30 May 2012 12:05 PM

පොදුවේ ලාංකිකයින්ගෙන් තුනෙන් දෙකක් දකින ඇත්ත මේක තමයි

:       0       0

සුමනා Wednesday, 30 May 2012 12:06 PM

ලේකම්තුමනි, ඔබේ කතාව අපි අනුමත කරනවා

:       0       0

චම්පි Monday, 28 May 2012 09:25 PM

ඔබතුමා කියන කතාව අපි හදවතින්ම පිළි ගන්නවා.

:       0       0

නලින් Monday, 28 May 2012 09:27 PM

නියමයි.... ඒකතාව තමයි ඇත්ත...

:       0       0

සම්පත් Tuesday, 29 May 2012 09:19 PM

අපේ මිනිස්සු ඇත්තටම කන්නේ තණකොළද???

:       0       0

නිලන්ත Monday, 28 May 2012 10:01 PM

මම ඔබ තුමාගේ කතාවට ගරු කරනව වගේම ඒක සම්පූර්ණයෙන්ම අනුමත කරනවා...මගේ ගෞරවය සැමදා ඔබ තුමාටයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 489 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 538 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 106 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 376 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 544 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 917 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1989 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site