ශ‍්‍රී ලංකාවේ රණවිරු දිනය අදට (18) යෙදී ඇත. අබාධිත රණවිරුවන්ගේ අත්දැකීම් අළෙලා මේ ලිපි පෙළ සැකසෙනුයේ ඒ නිමිත්තෙනි.
ශ‍්‍රී ලංකාවේ තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය 2009 මැයි මාසයේ දී අවසන් විය. එලෙස යුද්ධය අවසන් වන විට යුද ජයග‍්‍රහණ වෙනුවෙන් තිස් වසරක් තිස්සේ ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් දහස් ගණනක් දිවි පුදා තිබිණි. තවත් විශාල පිරිසක් ආබාධිත වූහ. ආබාධිත රණවිරුවෝ රැුසක් රාගම රණවිරු සෙවණේ සහ අලූතින් ඉදිකළ අභිමන්සල එක සහ දෙක යන ස්ථානවල සිටිති. අභිමන්සල තුන විවෘත කරනු ලැබුවේ මීට මසකට පමණ පෙරය. කුරිරු එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාර හමුවේ තුවාල ලැබුවෝ 42ක් පමණ එහි ද සිටිති.
ආබාධිත හමුදා සාමාජිකයන්ට රණ විරුවන් යැයි කියනුයේ ඔවුන් යුද ජයග‍්‍රහණයේ වීරයන් වන නිසාය. ඔවුන් අබාධිතයන් බවට පත් වූයේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ දරුණු ප‍්‍රහාර හමුවේ සැඟව නොසිට රට බේරා ගැනීමට දිවි දෙවැනි කොට පෙරටම ගිය නිසාය.
ආබාධිත රණවිරුවන්ගේ අත්දැකීම් සොයා අප මුලින්ම ගියේ මීට මසකට පමණ පෙර විවෘත වුණු කුරුණෑගල අභිමන්සල වෙතය. එහි සිටින රණවිරුනට තමන් ආබාධිතයන් යැයි කිසි ලෙසක නොසිතනු ඇත. සිතේ දහසකුත් බලාපොරොත්තු ඇතිව ඔවුන් එහි සිටිනුයේ සතුටිනි.
මේජර් ඩබ්ලිව්. එම්. නාමවර්ධන රණවිරුවා
ඩබ්ලිව්. එම්. නාමවර්ධන නිකවැරටියේය. නිකවැරටිය ඞී.එස් සේනානායක විද්‍යාලයයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහුට බාල සොයුරන් දෙදෙනෙක් සහ වැඩිමල් සොයුරියක් සිටී. මව, පියා සහ සහෝදර සහෝදරියෝ තිදෙනා සමග ඔහු සතුටින් ජීවත් විය.
පාසලෙන් ඉවත් වී වැඩි දවසක් යන්නට මත්තෙන් ඔහුට දැඩි ආශාවක් ආවේ ශ‍්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වීමටය. ඒ වන විට පෙම් පළහිලව්වක් ද තිබිණි. වයස අවුරුදු 18 සම්පූර්ණ වූවා පමණි. මව් පියන්ගේ සුලූ විරෝධයක් තිබුණත් ඔහුගේ ඇති බලවත් ආශාව නිසාම 1989 වසරේ යුද හමුදාවට බැඳුණේ සාමාන්‍ය සෙබළකු ලෙසය.
අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පුහුණුව ලැබූ නාමවර්ධන දකුණු පළාතේ ස්ථාන කිහිපයකම රාජකාරි කළේය. 1991 දී යුද්ධය පටන් ගනිද්දී වව්නියාව, අම්පාර, මඩකළපුව ප‍්‍රදේශවල ඔහු සේවය කළේය. අකුණුපහර, බලවේගය 2, යාල්දේවි, සජ්ජය මෙහෙයුම්වලට දායක වී ඉන් පසු දෙවැනි ලූතිනන්වරයකු විය. අනතුරුව එඩිබල, ජයසිකුරු ආදී මෙහෙයුම්වලට සහභාගී විය.
බලවේගය දෙක මෙහෙයුම නාමවර්ධනට අමතක නොවන මෙහෙයුමක් විය. ත‍්‍රිකුණාමලයෙන් මෙහෙයුම අරඹද්දී ඔහු ඊට සම්බන්ධ විය. අලිමංකඩ හිරවී සිටි හයවන සිංහරෙජිමේන්තුවේ සෙබළුන් බේරා ගැනීම එහි අරමුණ විය. රාත‍්‍රී අටට පිටත්වූ පිරිස පාන්දර හය පමණ වන විට වෙත්තලකර්නි මුහුදු තීරයට ළඟා වූහ. හත පමණ වන විට ඇදැහැලූනේ මහා වරුෂාවකි. රණවිරුවනට එය එතරම් බාධකයක් නොවීය. තම අරමුණ කරා යෑම ඔවුන්ගේ ඉලක්කය විය. අට සහ පළමු සිංහරෙජිමේන්තුවට සම්බන්ධ සෙබළු ඊට එක්ව සිටියහ.
වෙත්තලකේනියේ දී හත, එක සිංහරෙජිමේන්තු පිරිස් ද, පාබළ සේනාංකය ද, ගජබා රෙජිමේන්තු නිලධාරීහු ද එහි සිටියහ. පැය හතරක පමණ සටනකින් පසු වෙත්තලකේනි මුහුදු තීරය අල්ලා ගැනීමට අපේ සෙබළු සමත්වූහ. ඉදිරියටම ගිය සෙබළු පුල්ලියාන් කෝවිල අසල දී ත‍්‍රස්තවාදීන් සිටි සීමාව අත්පත් කර ගත්හ. නාමවර්ධන ඇතුළු පිරිස් දින තුනක් පමණ එහි සිටියහ. ඉන් පසු 512 කුඩා චොපර් යානයක් ආ අතර අයියකච්චියට නුදුරින් චොපර් යානය කඩා වැටිණි. දින කිහිපයක ඇවෑමෙන් සාර්ථක මෙහෙයුමකින් පසු ඔවුහු අලිමංකඩ අල්ලා ගත්හ. එහි සිටි හය සිංහරෙජිමේන්තුවේ සෙබළුන්ද බේරා ගැණිනි. ඉන් පසු තවත් මෙහෙයුම් කිහිපයකට නාමවර්ධන සම්බන්ධ විය.
ජය සිකුරු මෙහෙයුම නාමවර්ධනගේ දිවියේ අමතකම නොවන මෙහෙයුම විය. එය ජීවිතයේ තීරණාත්මක මෙහෙයුමකි. මෙහෙයුම අරඹා කනගරායම්කුලම් දක්වා ප‍්‍රධාන මාර්ග අල්ලාගත් පිරිස පසුව වැලිඔය පැත්තෙන් ඔළුමඩු දිසාවට ගියහ. එතැන් සිට පසු නොබැස පහළට ආවේය. 1998 වනවිට නාමවර්ධන සිටියේ අට සිංහ රෙජිමේන්තුව සමගය. අටවැනි සිංහරෙජිමේන්තුවේ සී කණ්ඩායමේ පළමවැනි ප්ලැටුන් එකේ ප්ලැටුන් කමාන්ඩර් ලෙස සිටියේ නාමවර්ධනය.
1998 මාර්තු 01 වැනිදා නාමවර්ධනගේ මිතුරකු වූ ජයවික‍්‍රම එම ක‍්‍රියාන්විතයේ දී මිය ගියේය. කඩවත පැවැති ඔහුගේ මළගෙදරට විත් දවස් කිහිපයක් සිටි නාමවර්ධන නැවත 11 වැනි දා ක‍්‍රියාන්විතයට ගියේය.
14 වැනිදා පාන්දර පහයි ගානට ක‍්‍රියාන්විතය ඇරැුඹිණි. සිය කණ්ඩායම සමග නාමවර්ධන පරණ නුවර පාරේ සිට මහකැළේ මැදින් කිලෝමීටර හයක් පමණ ඉරණමඩු දිසාවට ගියේය.
කැළේ බොහෝ තැන්වල කොටි විසින් බිම්බෝම්බ වළ දමනු ලැබ තිබිණි. නාමවර්ධන සිටි කණ්ඩායමේ සෙබළුන්ට ගැටලූවක් ඇති නොවන පරිදි ජොනි බට්ටන් කිහිප දෙනකු ඉවත් කළ අතර දෙකක් පමණ පිපිරී ගියේය. 12 පමණ වනවිට කොටි සමග සටන් පැවැති අතර පිරිස සාර්ථකව කොටි ප‍්‍රහාරයට මුහුණ දුන්හ. නාමවර්ධනගේ ජීවිතයේ තීරණාත්මක මොහොත පැමිණියේ දහවල් 1.30ට පමණය.
කොටි ත‍්‍රස්තවාදීන් විසින් එල්ල කැරුණු මෝටාර් බෝම්බයක් නාමවර්ධනගේ ඇඟ මත පතිත විය. මහා හඬක් ඇසෙද්දීම සියල්ල නිලංකාර විය. ඔහුගේ සිහිය නැති විය. නැවත විනාඩි විස්සකින් පමණ සිහිය එද්දී ඔහු කැලේ මැද්දේය. තවත් පිරිසකගේ කර මතින් රෝහලට ගෙන යන ගමන්ය.
ඔහුගේ අත් පා වැඩකළේ නැත. ලෑල්ලක දමා ගෙන ආ ඔහු පැත්තකින් තබා තිබුණේ නැවත යථා තත්ත්වයට පත් වෙතියි නොසිතාය. ඔහු දැන් දැන් මිය යතියි සියල්ලෝම සිතූහ.
ටික වේලාවක් පැත්තක දමා තිබුණු ඔහුට සිහිය ආවේය. අපහසුවෙන් හිස සොලවද්දී එතැන සිටියකු පහත් විය.”පයිලට් අනුරුද්ධගේ මල්ලි තුවාල වෙලා ඉන්නවා කියන්න” නාමවර්ධන කීවේය. අනුරුද්ධ යනු ඔහුගේ ඥාති සොයුරෙකි.
එම අවස්ථාවේම එහි සිටි පුද්ගලයා ඔහුගේ වොකිටෝවෙන් එස්එයි24 යානයට ඇමතුමක් ගෙන සිද්ධිය දැන්වීය. සොයුරා ආවේය. ගුවන් මගින් අනුරාධපුර රෝහල වෙත ගෙන එනු ලැබීය.අනුරාධපුරයට එද්දී වේලාව සවස 6.30ට පමණ ඇත. ආ විගස දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. විටින් විට සිහිය එද්දී ඔහුට පෙනෙනුයේ ලයිට් එළි පමණි. දැඩිසත්කාර ඒකකයේ සිටියත් ඔහු කිසිදු ශල්‍ය කර්මයකට භාජනය කළේ නැත.
මේජර් නාමවර්ධන |
පසුදින උදෑසන වෛද්‍යවරයකු ඔහු අසලින් යද්දී ඉතා අපහසුවෙන් නාමවර්ධන ඇසුවේ ”ඇයි ඩොක්ටර් මාව ඔපරේෂන් එකට ගන්නේ නැද්ද?”
”ඔයාට වැඩිය අමාරු ලෙඞ්ඩු ඉන්නවා.” වෛද්‍යවරයා කීවේය. උදේ හයයි තිහට පමණ වෛද්‍යවරයා ඔහුගේ සහෝදරයාට දුරකතන ඇමතුමක් දුන්නේය. ඉන් අනතුරුව වෛද්‍යවරයා හඩ අවදි කළේ.”ඔයාගේ සුසුම්නාවට ගොඩක් හානිවෙලා. ඔයාගේ කකුලකුත් අයින් කරන්න වෙයි.” වෛද්‍යවරයා කීවේය. ඔහු හිස සැලූවේ බරපතල කමක් නොදැනය. අනතුරුව දීර්ඝ ශල්‍යකර්මයකින් පසු ඔහුගේ එක් පාදයක් ඉවත් කැරිණි. අනතුරුව තවත් රෝගීන් හතරදෙනකු සමග ඔහු ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට ගෙන එනු ලැබීය.
ජාතික රෝහලේ දී පසු දින පාන්දර පහට පමණ ඔහු තවත් ශල්‍යකර්මකයට භාජනය කැරිණි. පැය හයක් පමණ ශල්‍යකර්මය කළ අතර ඔහුට සිහිය එද්දී සවස පහට පමණ ඇත. ඇස් ඇර බලද්දී බිරිය ඇතුළු කිහිපදෙනෙක් ඇඳ වටා සිටියහ. සුළු වේලාවකින් වෛද්‍යවරයා ආවේය. ඔහුගේ ශරීරයට ඇතුළු වී තිබූ බෝම්බ කැබැල්ලද වෛද්‍ය වරයා අත විය.
”ඔයාගේ ඇෙඟ් තිබුණු එක තමයි මේ. ඒක අයින් කළා. දැන් ඔයාට ප‍්‍රශ්නයක් නැහැ.” වෛද්‍යවරයා කීවේය. දවස් 28ක් පමණ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබීමට ඔහුට සිදු විය. ඉන් අනතුරුව යුද හමුදා රෝහලට මාරු කරනු ලැබීය.
”මල්ලි උඹ ඉන්නවද?” යැයි කට හඬක් ඇසිණි. ඒ ඔහු අසල සිටින වෛද්‍යවරයකුගෙනි. මාන්කුලම්වලදී ඔහුට වෙළුම් දැමුවේ එම වෛද්‍යවරයාය.
”ඇයි ඩොක්ටර් එහෙම කියන්නේ?
”නෑ ඔයාගේ ඩැමේජ් එක දැක්කම මං අනුරාධපුරේට දෙපාරක් කෝල් කළා. ඒ ඩැමේජ් එකත් එක්ක ඔයා මැරෙයි කියලා තමයි අප හිතුවේ.” යැයි වෛද්‍යවරයා පුදුමයෙන් මෙන් කීවේය. තමා සිටි බරපතල තත්ත්වය ගැන නාමවර්ධනට තේරුම් ගියේ එවිටය.
අවුරුද්දක් පමණ යුද හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලැබීමට ඔහුට සිදුවිය. අනතුරුව නිවසට ගිය ඔහු 2001 දී නැවත අඹේපුස්ස කඳවුරට වාර්තා කළේය.
කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ මෝටාර් ප‍්‍රහාරය නිසා ඒ වනවිට ඔහුට එකක් කකුලක් අහිමි වී තිබුණා පමණක් නොව අනෙක් පාදයද පණ නැති වී තිබිණි. සුසුම්නාවට දැඩි හානි සිදුවීම නිසා ඔහුට දැඩි හානියක් වී තිබිණි. දෑත්ද සෙලවීමට අපහසු තත්ත්වයේ තිබූ අතර නිවසේ සිටි කාලයේ කළ සිංහල වෙදකම් නිසා දෑත් යථා තත්ත්වයට පත්විය.
ඔහුගේ සුසුම්නාවට හානි වී තිබුණේ ටී දෙක මට්ටමේය. තවත් ටිකක් එහා මෙහාවී ටී එක මට්ටමට හානිවී නම් ඔහුගේ දෑත් ද අකර්මණ්‍ය වීමට ඉඩ තිබු බව වෛද්‍ය මතය විය. 2005 දී පමණ ඔහු කපිතාන්වරයෙක් විය. 2009 දී පමණ ඔහු මේජර්වරයෙක් විය. දැන් ඔහුගේ වයස අවුරුදු 44කි. අවුදුරු 55 වන තුරු තව ඔහුට වසර 11ක් පමණ රාජකාරි කිරීමේ හැකියාව ඇත. ඔහුගේ හමුදා දිවියට වසර 24කි.
යුද්ධය කොහොම හරි දිනනවා කියා ඔහුගේ සිතේ තිබිණි. 2009 මැයි මාසයේ යුද ජයග‍්‍රහණයත් සමග ඔහුට දැඩි සතුටක් දැනුණේය. විශාල පිරිසක් දිවි පුදා තමන් ඇතුළු විශාල පිරිසක් අබාධිතයන් කළ කුරිරු ත‍්‍රස්තවාදය පරාජය කළ නිසාය.
ඒ ඔහුගේ යුද හමුදා දිවියයි.
ඔහුට පෞද්ගලික ජීවිතයක් ද ඇත. යුද හමුදාවට යන්නට පෙර ඔහුට පෙම් පළහිලව් කිහිපයක් තිබුණත් ඒවා නතර විය. සියලූදේ ගැන හොඳට අධ්‍යයනය කිරීම ඔහුගේ සිරිත විය. යුද හමුදාවට බැඳෙන්නට මාස කිහිපයකට පෙර මවගේ ඥාතියකු මිය ගියේය. එම මළගෙදරට ගිය නාමවර්ධනට මිය ගිය ඥාතියාගේ දියණිය ගැන මහත් දුකක් වේදනාවක් ඇති විය.
යුද හමුදාවට ගොස් නැවත නිවාඩුවකට ආ පසු ඔහු ඇය බැලීමට ගියේය. කෙසේ හෝ දෙදෙනා අතර පේ‍්‍රම සම්බන්ධයක් ඇති වූ අතර ඇය ගැන හොඳින් අධ්‍යයනය කර දෙදෙනා විවාහ වූහ. දැන් නාමවර්ධන දෙදරු පියෙකි.
නාමවර්ධන ප‍්‍රහාරයට ලක්වීමට පෙර ඔහුගේ බිරියට ද අමතක නොවන සිදුවීමක් විය. ඒ සිද්ධියට දින තුනකට පමණ පෙර උන් හිටි ගමන් නිවස අසලට සුදු නාගයෙක් ආවේය. ඇය යන යන තැන එම නාගයා යන්නට විය. දෙවැනි දිනයේ ඇය නිදා සිටින ඇඳ යටට ද නාගයා ආවේය. දරුවන් සිටින නිවෙසක නාගයකු සිටීම භයානක නිසා ඇගේ ඥාතියෙක් නාගයා මරා දැමීය.
එදින සවස දරුවාට හොදටම උණ ගැණිනි. රාත‍්‍රී ඇඳේ නිදාගත් මව අවදි වන විට සිටියේ බිමට පෙරළීය. තවත් පැය කිහිපයක් යද්දී අසන්නට ලැබුණේ සිය සැමියා මෝටාර් ප‍්‍රහාරයකට ලක්වූ බවයි. සුදු නයා පැමිණීම හා එම සතා මරාදැමීමෙන් පසු ඇතිවූ තත්ත්වය ඇයට මෙන්ම පවුලේ උදවියට ද තවමත් ප‍්‍රහේලිකාවකි.
කෝප‍්‍රල් තුසිත කුමාර එරංග ජයවර්ධන රණවිරුවා -
එච්.එම්. තුසිත කුමාර එරංග ජයවර්ධන දෙහිඅත්තකණ්ඩියේ ගිරාඳුරුකොට්ටේ පදිංචිකරුවෙකි. ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු වයස අවුරුදු 20ක් පමණ වන විට 2006 සැප්තැම්බර් 29 වැනි දා ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණේය.
මින්නේරිය කාලතුවක්කු කඳවුරේ මාස හයක පුහුණුවෙන් පසු 2007 මැයි මාසයේ අට වැනි ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි ආරම්භ කළේය.
වව්නියාව, මුන්නිමුරුප්පු හිදීද පාඨමාලවක් හැදැරූ ඔහු ඉන්පසු ගියේ මාන්කුලම් ප‍්‍රදේශයටය. එතැන අටවැනි පාබල සේනාංකයට අනුයුක්තව කටයුතු කළා. අපට අණදුන්නේ කැප්ටන් කුලසේකර. ඒ යටතේ අට දෙනකුගේ කණ්ඩායමක් වශයෙන් අපි කටයුතු කළා. ඒ වනවිට ඔහු සිටියේ ආධුනික සෙබළෙක් ලෙසය. ඔහු සිටියේ ලූතිනන් බණ්ඩාරගේ කණ්ඩායමේය. ඔවුනට පැවරී තිබුණේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ තොරතුරු සෙවීමය.
2007 සැප්තැම්බරයේ මාන්කුලම් ඉදිරි ආරක්ෂක වළල්ලට ඔවුහු රාජකාරියට ගියහ. 2008 ජනවාරි 25 වැනි දා ජයවර්ධනගේ හොඳම මිතුරා කොටි ත‍්‍රස්තවාදීන්ගේ ස්නයිපර් ප‍්‍රහාරයක් හමුවේ ජීවිතක්ෂයට පත්විය. ඔහු කෑගල්ලේ මළගෙදරට ගොස් පෙබරවාරි 03 වැනි දා නැවත ක‍්‍රියාන්විතයට ගියේය.
අවසන් සටනේදි පාලම්පිණ්ඩි ගම්මානයට ඇතුල්වෙන තැන ප‍්‍රධාන මාර්ගයේ ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධාන බංකර පෙළක් තිබුණි. එම බංකර පෙළට පහරදීමට ජයවර්ධන ඇතුළු කණ්ඩායමට පැවැරිණි. ඔවුන්ගේ අරමුණ වූයේ එම බංකර පෙළ විනාශ කිරිමයි. පෙබරවාරි පහළොස් වැනිදා පාන්දර හතරට පමණ බංකර පෙළට පහර දීම ඇරැුඹිණි. උදේ දහය පමණවනතුරු ඔවුහු පහර දුන්හ.
ජයවර්ධන ඇතුළු කණ්ඩායමේ සහායට තවත් කණ්ඩායමක් එවූ අතර කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරයක් හමුවේ ඔවුහු තුවාල ලැබූහ.
එක් බංකරයකට ප‍්‍රහාර එල්ල කළ ඔවුහු ගම්මානයක් ඉදිරියෙන් තිබුණු තවත් බංකරයකට ප‍්‍රහාරයක් එල්ල කළේය. නැවත උපකරණ ගෙන ඒමට කිලිනොච්චිය ප‍්‍රදේශයට යාමට ජයවර්ධන ඇතුළු කණ්ඩායම පිටත් විය. එම ප‍්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර බිම්බෝම්බ වළ දමා තිබිණි. ඒවා මගරිමින් පිරිස පැමිණියෝය.
ඔවුනට පැමිණීමට හැකිවූයේ මිනිත්තු කිහිපයක් පමණි. එකෙනෙහිම විශාල ශබ්දයක් නැගිණි. ඒ සමගම තවත් ශබ්ද ගණනාවක් ඇසිණි. ජයවර්ධන බිම ඇද වැටුණේය. හිස දෙපසට කර බලන ජයවර්ධනට කිසිවක් නොපෙණිනි. ඔහු සමග ආ සෙසු හත්දෙනා කොහේදැයි හරි හැටි නුදුටු ඔහු ලේ ගලන තුවාල සහිතව ඉතා අපහසුවෙන් මඳක් ඉදිරියට ආවේය. ඔවුන්ගේ සහායට පැමිණි තවත් කණ්ඩාමක් හමු වූයේ එවිටය.
”අපිට යන්න අමාරුයි. කොටි වටකරලා වගේ අපට පහර දෙනවා.” එහි සිටියෙක් කීවේය. ජයවර්ධනට දැඩි වේදනාවක් දැණිනි. ඒ සමගම ඔහුගේ දෑස් නිලංකාර විය. කෙතරම් වේලාවක් සිහිය නැතිව සිටියාදැයි ඔහුට නොදැනිණි. නැවත ඇස් හැර බලන විට ඔහු සිටියේ මාන්කුලම් ඔවුනට බෙහෙත් කරන කඳවුරේය. ජයවර්ධනගේ දෙපා බැන්ඬේජ් කර තිබිණි. විනාඩි දහයකින් පමණ නැවතත් සිහිය නැති විය. නැවත සිහිය එන විට ඔහු සිටියේ චොපර් යානයක ඉහළ අහසේය. ගුවන් මඟින් ගෙන ආ ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඒ වන විට හවස හතරට පමණ ඇත.
ශල්‍යකර්මයකට භාජනය කිරීමට ශල්‍යාගාරයට ගෙනයමින් තිබිණි. තමා රෝහල්ගතව සිටින බව නිවසට කීමට මතක් වූයේ එවිටය. ළඟ සිටි කෙනකුගෙන් දුරකතනයක් ඉල්ලා ගත් ජයවර්ධන නිවසට කතා කළේය. දුරකතනයට ප‍්‍රතිචාර දැක්වූයේ මවය.
”අම්මේ මට පොඩි තුවාලයක් වුණා. දැන් අනුරාධපුර ඉස්පිරිතාලෙට ඇවිත් ඉන්නේ.” යැයි කියද්දීම දුරකතනය විසන්ධි විය. එම පණිවිඩුය ඇසූ මව සිහිසුන්ව ඇද වැටී රෝහල්ගත කර ඇතැයි ඔහු දැන ගත්තේ ඉන් පසුවය.
අභිමංසලේ දිවි ගෙවන විරුවෝ |
ශල්‍යකර්මයෙන් දෙදිනකට පමණ පසු ඔහුට නැවත සිහිය ආවේය. ඒ වනවිට අලූයම එකට පමණ ඇත. ”එතකොට මම දැක්කා මගේ වම් කකුල වෙන්වෙලා වගේ හමෙන් එල්ලිලා වගේ තිබුණා. දකුණු කකුල බැන්ඬේජ් කර තිබුණා.” කුමක් සිදුවීදැයි ඔහුට සිතා ගැනීමටත් වත් බැරිය. දෙපා අහිමි වීම ගැන ඔහුට ඇතිවූයේ අපමණ දුකකි.
”පහුවදා අප්පච්චයි අයියයි ආවා. එයාලා දන්නෙත් නැහැ මගේ කකුල් වලට මොනවද වෙලා තිබුණේ කියා. මගේ බෙල්ල ගාවට වෙනකම්ම ෂීට් එකක් පොරවලා තිබුණේ. කෙනෙක් ඇවිත් ෂීට් එක අයින් කරද්දි එයාලා දැක්කා මගේ දෙපා නෑ කියලා. ඒ වෙලාවේ ඒ දෙන්නා ගොඩක් ඇඬුවා. පස්සේ දොස්තරලා කිව්වා ඔයාගේ පුතා මෙහෙම බේරුණු එක ගැන සතුටු වෙන්න කියලා.”
ඔහු සමඟ ගිය සෙසු අට....?? හත්දෙනාම මිය ගොස් ඇතැයි ජයවර්ධන දැනගත්තේ එවිටය. තමා මෙසේ හෝ බේරීම ගැන සතුටු වන්නට ඔහුට බැරිවිය. ඒ තමා සමඟ එකට ගිය සෙසු හත්දෙනා කුරිරු ත‍්‍රස්තවාදීන් අතින් මැරුම්කා ඇතැයි දැනගත් පසු දැනුණු වේදනාව නිසාය. ඉතිරි හත්දෙනාට තුවාල වී දෙපා අහිමි වී හෝ ජීවාත්වූවානම් කොපමණ හොඳදැයි ජයවර්ධනට සිතිනි.
කොළඹ ජාතික රෝහලේ හා යුද හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලැබූ ජයවර්ධනට සැත්කම් 23ක් සිදු කළේය. ඔහුගේ ශරීරයට දමා ඇති මැහුම් ගණන 91කි.
2009 මාර්තු මාසයේ රාගම රණවිරු සෙවණට ඇතුළත් වූ ඔහුට 2009 මැයි මාසය ජීවිතයේ අමතක නොවන මාසයක් විය. මැයි ඇරැුඹි දා පටන් ඔහු සිටියේ සෙසු අය සමග රූපවාහිනිය ඉදිරිපිටය. මැයි 18 වැනි දා උදේ පටන් දසදෙසින් රතිඤ්ඤා හඩ හැසිණි. රණවිරු සෙවණේ සිටි සියලූදෙනාගේ දෙනෙත් සතුටු කඳුලෙන් තෙත් වී තිබිණි.
දහස් ගණනක් ජීවිත පූජා කරන්නට සිදු වූ තමන් ඇතුළු බොහෝදෙනෙක් අබාධිතයන් බවට පත් කරවූ කුරිරු යුද්ධය නිමා කර ඇතැයි දැනගත් ජයවර්ධනට දැනුනේ වචනයෙන් කිව නොහැකි සතුටකි. මහරගම ප‍්‍රදේශයේ සිය පුංචිගේ නිවසට යෑමට ඔහු ත‍්‍රිරෝද රියෙන් රාගම නගරයට පැමිණියේය.
එකෙනෙහිම බස් නැවතුම්පොළේ සිටි පිරිස් වටවූහ. දස දෙසින් රතිඤ්ඤා හඩ ඇසෙද්දී පිරිස වටවී ජයවර්ධන ඔසවා ගත්හ.
”මල්ලි උඹලා නිසා තමයි අද ඉඳන් අපට බය නැතිව ඉන්න පුළුවන් වුණේ.” යැයි කියූ පිරිස වෑන් රියක් ගෙන්වාගෙන එම වෑන්රියෙන් ජයවර්ධන මහරගම සිය පුංචි අම්මාගේ නිවසට ඇරැුළවීය. දෙපා අහිමි ඔහුගේ අත ගැනීමට තරුණියක් කැමති වූවාය. දැන් ඔහු එක්දරු පියෙකි.
විශේෂ ස්තුතිය -
යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් ජයවීර මහතාටත්, මාධ්‍ය අංශයේ කර්නල් ටිකිරි දිසානායක මහතාටත්, කුරුණෑගල අභිමංසලේ ලූතිනන් කර්නල් අලූදෙනිය මහතාටත්, මේජර් විජේරත්න මහතාටත්, සහාය දුන් අමිල දර්ශනටත් ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුද ජය පතා ඇස් ඉස් ලේ මස් දන් දුන් විරුවන්ගේ කතාව
සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 11:41 PM
මේ එඩිතර රණ විරුවන්ට අපි සදා ණය ගැති වෙමු .ඔවුන්ව රැක බලා ගැනිමට රජය දරන උත්සාහය අගය කරන්නෙමු. ඔවුන් නිදුක් නිරෝගී වේවා. (ස)
රෝයි Wednesday, 21 May 2014 05:29 PM
නොදකින දෙවියන්ට වඩා මේ මිනිසුන් මොන තරම් උතුම්ද? (ස)
රොහාන් Wednesday, 21 May 2014 12:08 PM
සියලුම රණවිරුවන් ජාතික වීරයන් ලෙස සලකා හැම වසරකම සමරමු. මෙවන් ලිපි පලකරන ලංකාදීපයට ස්තුතියි.(නදී)
රම් වසන්ත Thursday, 22 May 2014 09:08 AM
අපි සදා ණය ගැති වෙමු. (ස)
සංජීව Wednesday, 21 May 2014 12:47 PM
මොවන්ට පින්සිදු වන්නට අද අපි බයක් නැතුව ජීවත් වන්නෙමු.. අනේක වාරයක් පින්සිදු වේවා ,,,මතු උපදින ආත්මයන් හිදී මෙසේ නොවී සැපවත් දිවි පෙවෙතක් උරුම වේවා,,,(ස)
ප්‍රියන්ත Friday, 23 May 2014 02:17 AM
හරිම සංවේදී පුවතක් (නි)
පහන්දී Saturday, 24 May 2014 11:23 PM
මමත් රෝමෙෂ්ගේ අදහස අනුමත කරමින් ඉල්ලා සිටින්නේ මොවුන් සම්බන්ධ කර ගැනීමට හැකි විස්තරයක් දමන්න (අ)
නිලුපුල් Thursday, 22 May 2014 11:37 AM
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදු මේ පින් බිමේ... පස් පිඩක් ගිලිහි නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ.... නෙත් පූරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ.... දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ ........ ඔබ සියලු දෙනාගේ දුක් කදුළු මතින් මුළු රටම සුරක්ෂිත විය.. රණ විරුවනි ඔබ සියලු දෙන තිසරණ සරණින් දෙව් රැක වරණින් උපදින්නාවූ සියලු භවයන්හිදී නිදුක් නිරෝගී වේවා........(ස)
චමින්ද Wednesday, 21 May 2014 03:33 AM
අපේ මුර දේවතාවෝ ,ගොඩක් සංවේදී විස්තරයක් , අපි වෙනුවෙන් කරපු පරිත්‍යාග අමතක නෑ, මොනවා කරන්නද ඉතින්, ලබන අත්මයේදිවත් ඔබ සියලු දෙනාට ම යහපතක් වේවා. !!!! (ස)
දිස්නා Sunday, 25 May 2014 10:11 PM
අපි ඔබලාට සදා ණය ගැති (දී)
දිනේෂ් Thursday, 22 May 2014 12:53 PM
රණවිරුවන් නිසා තමයි අද අපි සතුටින් ඉන්නේ. අපි සමදා ඔබට නයගැතියි.(නදී)
රොමේෂ් Friday, 23 May 2014 09:22 AM
මෙවැනි අබිමන්සල තිබෙන තැන් වලට සාමාන්‍ය ජනතවට යන්න පුලුවන්ද ? මෙවන් විරුවන් අතර දවසක් හරි ගෙවන්න අපිත් කැමතියි. සම්බන්ධ කරගන්න විස්තර දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි. (ස)