IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


යුද සමයේ අපි සමහර ඉලක්ක ගත්තේ සති ගණන් නිරීක්ෂණය කරලා

 

 

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරයෙන් නික්ම යන රොෂාන් ගුණතිලක සමග කතා බහක්

 

නියත දහම ලෙස වෙන් වී යන්නට දවස ඇවිත් ඇත. සියල්ලෙන් කෙදිනක හෝ සමුගත යුතුමය. සැඟව යා නොහැකි සොබාදමේ එකී නියතයට   ඔහු නුදුරේදීම රාජකාරියෙන් නික්ම යන්නට සැරසෙයි. ඒ 35 වසරක ගුවන් හමුදා ජීවිතයට සමුදෙමිනි.

නිසැකයෙන්ම ඔහු සෙන්පතියෙකි. දශක තුනක කාලය මුළුල්ලේ දෙරණ ළය මඬල ගිනි ඇවිල වූ යුද්ධයේ සමාප්තියක් දකිනු වස් දියත් කළ මානුෂීය මෙහෙයුමේදී අහස දිග් විජය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කළ අනුපමේය මෙහෙවරට අභිමානවත් නායකත්වයක් සැපයූ සෙන්පතියාණන් ලෙස ඉතිහාසයේ ඔහු නාමය නිසැකයෙන්ම යුගයෙන් යුගයට රැඳෙනු ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි රොෂාන් ගුණතිලක ගුවන් හමුදාව වෙනුවෙන් ප‍්‍රශංසනීය දායකත්වයක් සැපයූ ගුණතිලක පරපුරේ දෙවැනි පරපුරයි. හිටපු ගුවන් හමුදාපති හැරී ගුණතිලක මහතාගේ වැඩිමහල් පුතු වූ රොෂාන් ගුණතිලක සහ ඔහු සොහොයුරු ශිරන්ත ගුණතිලක ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ගුණතිලක පරපුරේ දෙවැනි පරපුරයි. ගුවන් නියමු ශිරන්ත ගුණතිලක එදා යුද්ධය වෙනුවෙන් තම ජීවිතය පූජා කළේය. හැරී ගුණතිලක මහතා ගුවන් හමුදා ජීවිතයට මෙන්ම අද වනවිට තම ජීවිතයටද සමු දී හමාරය. ඒ පරපුරේ ජීවමය සාධක ලෙස රොෂාන් ගුණතිලක සහ ඔහු පුතු අදටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තම මෙහෙවර සපයයි.

සදා නොමියෙන මතක කන්දරාවක් රැගෙන තම වෘත්තීය ජීවිතයට තව දින කිහිපයකින් සමුදෙන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී රොෂාන් ගුණතිලක මහතා සමග අප කළ කතාබහේ සටහනයි මේ.

  ප‍්‍රශ්නය: මානුෂීය මෙහෙයුම අවසන් වී වසර හතරක කාලයක් ගෙවී අවසන්. එදා මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් ති‍්‍රවිධ හමුදාපතිවරු අතරින් අදටත් නිල ඇඳුමෙන් අප දකින්නේ ඔබව පමණයි. පළමුවෙන්ම මොහොතකට ඒ අතීතය නැවත සිහිපත් කරමු.
 පිළිතුර: 2006 ජූනි මස 12 වැනිදා තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මා 12 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කළේ. ඒ වෙද්දි මම ගුවන් හමුදාවට එකතුවෙලා අවුරුදු 28යි. මට අවුරුදු 50 ලැබුවේ පෙබරවාරි මාසයේදී. වසර 50ක් ජීවිතයට සම්පූර්ණ වෙද්දි තමා මට ඒ ධුරය ලැබුණේ.

තීරණාත්මක කාලයකදී මට ඒ ධුරයේ කටයුතු කරන්න ලැබීම ගැන මා අදටත් හුඟාක් සංතෝෂ වෙනවා. ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා මා ගැන තැබූ විශ්වාසය ගැන මම අදටත් ස්තුතිවන්ත වෙනවා. ආරක්ෂක ලේකම්තුමාගේ අනුමත කිරීම තුළ තමා ජනාධිපතිතුමා මා ඒ ධුරයට පත් කළේ.

1978දී මම ගුවන් හමුදාවට බැඳුණේ ගුවන් නියමුවෙක් විදිහට. 1982-83 වෙද්දි රටේ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්න මතුවුණා. ගුවන් හමුදාපතිවීමට පෙර සිටත් වසර දෙක තුනක කාලයක් හැරෙන්න මුළු කාලයම ගෙවුණේ යුද්ධයත් එක්ක. 2009 මැයි මාසේ 19 වන තුරුම යුද්ධයත් එක්ක තමා ජීවිතය ගෙවුණේ. මම විතරක් නෙවෙයි සමස්ත ගුවන් හමුදාව, ගුවන් හමුදාව කළ කාර්යභාරයේ කොටස්කරුවන්. මගේ යහළුවෝ විදිහට හිටපු ගුවන් නියමුවන් හුඟ දෙනෙක් අද ජීවතුන් අතර නෑ. ඔවුන් යුද්ධය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළා. 2006දී ආරම්භ වුණේ ලෝකයේ කළ විශාලතම මානුෂීය මෙහෙයුමයි. ඒ ආරම්භයත් එක්ක මම සිහිපත් කරන්න කැමතියි ගුවන් හමුදාව කණ්ඩායමක් විදිහට ලොකු වැඩ කොටසක් කළා. තනියම අපට යුද්ධ කරන්න බෑ. සුදුසු අයව සුදුසු තැන්වලට දාලා කටයුතු කළා. අපි අපේ කාර්යභාරය ස්වාධීනව ඉටු කළා. නාවික හමුදාවට, ගුවන් හමුදාවට, පොලිසියට අවශ්‍ය සහාය හැම විටකම ලබා දුන්නා.

ත‍්‍රස්තවාදීන්ගේ යුද්ධ කිරීමේ හැකියාව බිඳ දැමීම තමා අපට සෘජුවම කරන්න තිබුණ කාර්යය. ත‍්‍රස්තවාදීන්ගේ වෙඩි උණ්ඩ, බෝම්බ, හදන ස්ථාන, පුහුණු කිරීමේ ස්ථාන, සැපයුම් ස්ථාන, ඔවුන්ගේ තුවක්කු ඇති ස්ථාන, නායකයන් සිටි ස්ථාන ඉලක්ක කරලා තමා අපි අපේ කාර්යභාරය පටන් ගත්තේ. උඩට හැරෙන ත‍්‍රස්තවාදීන්ගේ තුවක්කු මැද මේ රාජකාරිය කළ යුතු බව අප තේරුම් ගත්තා. අපේ ගුවන් නියමුවන් ඉතා නිවැරදිව ත‍්‍රස්තවාදීන්ගේ ඉලක්කවලට පහර දුන්නා. සිවිල් ජනතාවගෙන් අපට කවදාවත් කිසිම චෝදනාවක් නැගුණේ නෑ.

අප ඉලක්කය ගත්තේ නිවැරදි බුද්ධි තොරතුරු හා චන්ද්‍රිකා ඡුායාරූප බලලා. සමහර විට ඉලක්කය සුමානයක් දෙකක් නිරීක්ෂණය කරලා. හැම කෙනකුටම බොහෝම වැදගත් කාර්යභාරයක් තිබුණා. මම කියන්නේ ඉතා සුළු නිලධාරියා පවා දැක්වූ සහයෝගය හැම ජයග‍්‍රහණයක් පසුපස තිබුණා. තිරයෙන් පිටුපස සිට යුද්ධයට දායකත්වය දුන්න හුඟක් අය හිටියා.

ගුවන් නියමුවන්ට ත‍්‍රස්තවාදීන්ගේ වෙඩි හුවමාරුවීම් සිදුවෙන අවදානම් කලාපයටම යන්න වුණ අවස්ථා තිබුණා. හමුදාවේ අයට වෙඩි වැදුනම එයාලව ගන්න, හමුදාවට කෑම දෙන්න, අවදානම් තත්ත්ව දරාගෙන ඔවුන් ගියා. සතුරා ළඟටම ගියා.

අවසන් මානුෂීය මෙහෙයුමේදී අපි මෙහෙයුම් 3000කට වඩා කළා. එක මෙහෙයුමකදි සමහර විට ඉලක්ක දෙක තුනක් ගත්තා. අපේ දැක්ම වුණේ ත‍්‍රස්තවාදියාගේ හැකියාව, චිත්ත ශක්තිය බිඳ දැමීම. අපි ඒ දේ කළා.

 

පුතු, බිරිය සහ දියණිය සමඟ

 


ප‍්‍රශ්නය: තම තමන්ව අමතක කරලා තමන්ගේ පෞද්ගලික ජීවිතය අමතක කරලා රටක හමුදාවක් යුද්ධයකදී කරන මෙහෙවර හුදෙක් රැුකියාවකට සීමා කරන්න පුළුවන්ද?
පිළිතුර: යුද්ධයක් නැති කාලයක හමුදාවක් කරන්නේ රස්සාවක් කියලා කියන්න පුළුවන්. ඒත් යුද්ධයක් තියෙද්දි හමුදාවක නිලධාරියකුගේ සොල්දාදුවකුගේ කාර්යභාරය සාමාන්‍ය කාර්යභාරයට එහා යනවා. කවුරු හරි කීවොත් අප පුහුණු කරලා තියෙන්නේ ඒකට කියලා ඒක හරි. ඒත් තමන්ගේ මාතෘභූමිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය අමතක කරලා කරන කැප කිරීම රස්සාවක් විතරක් කියලා කියන්න බෑ. සතුරා ඉදිරියට යන එක, ආපසු එන්න ලැබෙයිද නැද්ද නොදැන සතුරු භූමියට යන එක හැමෝටම කරන්න බෑ. ඒ කැප කිරීම උත්තරීතර දෙයක්. ඔය ප‍්‍රශ්නය මීට පෙර කවුරුත් මගෙන් අහලා තිබුණෙත් නෑ. මම ඒ ගැන හිතුවෙත් නෑ. ඒත් ඔව් ඒක රැකියාවක් විතරක් නෙවෙයි.

 

ප‍්‍රශ්නය: යුද්ධයෙන් පසුව යුද්ධයට දායකවුණු ඇතැම් හමුදා ප‍්‍රධානීන් හා රජය අතර යම් යම් ප‍්‍රශ්න ඇතිවුණා. ඔබට සංතෝෂ වෙන්න පුළුවන්ද ඔබ ඔබ කෙරේ තබපු විශ්වාසය අවංකවම රැක ගත්තා කියලා.
පිළිතුර: ඔව්.... අපි සෙන්පතියන් විදිහට යුද්ධ කළා. ඒත් රටක නායකයෙක් ඉන්නවා. රටක නායකයෙක් රටේ දේශපාලනය, ආර්ථිකය මේ හැමදේම වගකීම දරන්නෙක්. රටේ පාලකයායි හමුදාවට අණ දෙන සේනාධිනායකයා වෙන්නෙත්. මේ රාමුව තුළ වැඩ කරලා ත‍්‍රස්තවාදය අවසන් කරන්න කියන අණ රටේ සේනාධිනායකයාගේ.

ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා ත‍්‍රස්තවාදය අවසන් කරන්න කියලා. අප වැඩ කළ යුතු වන්නේ එතුමාගේ නායකත්වය යටතේ. ස්වාධීනව යුද්ධ කරන්න බෑ. අපි තමයි මෙය ජයග‍්‍රහණය කළේ කියනව නම් ඒක වැරදියි. මොකද අප වැඩ කළේ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ. නායකත්වයක් යටතේ වැඩ කරන්න බැරිනම් නායකයෙක් වෙන්නත් බෑ. මට කවදාවත් ඒක අමතක වුණේ නෑ. ඒ තමයි ක‍්‍රමය. රජ කාලයේ වුණත් සෙන්පතියන් යුද කළේ රජුන් වෙනුවෙන්. අපි සංතෝෂ වෙන්න  ඕනෑ අපට පවරපු රාජකාරිය අපි හරියට කරන එක ගැන. ජයග‍්‍රහණය කියන්නේ තනි පුද්ගලයකුගේ දෙයක් නෙවෙයි. පද්ධතියක් එකතු වී ලබාගත් දෙයක්.

යුද්ධය යුදහමුදාපතිවරුන් සොල්දාදුවන්, ත‍්‍රස්තවාදීන් ඒ තමා යුද්ධය කියන චිත‍්‍රයේ ප‍්‍රධාන භූමිකා විදිහට සමාජයට පේන්නේ. හැබැයි මෙය පිටුපස හිටපු ලොකුම නායකයා හුඟාක් අයට පෙනුණේ නෑ.

යුද්ධය කෙරෙද්දි ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් කොච්චරවත් බලපෑම් ආවා යුද්ධය නතර කරන්න කියලා. අර තීරණය ගන්න මෙහෙම කරන්න කියලා බලපෑම් ආවා. මට තාම මතකයි ජනාධිපතිතුමා කීවා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට දුන්න පරාසයේ ඔයගොල්ලන්ගේ රාජකාරිය කරන්න මේවා මම බලාගන්නම්. මම මේක බලාගන්නම්. ඒක මගේ වැඩක්. මම ඒ බර අරගෙන ඒක කොහොම හරි කරන්නම් ඔයගොල්ලෝ යුද්ධ කරන්න කියලා. ජනාධිපතිතුමා යුද්ධයේ විතරක් නෙවෙයි තව ලොකු බරක් ඉසිලූවා. එය මතක් කිරීම අද අපේ යුතුකමක්.

 

 

  ප‍්‍රශ්නය: යුද්ධයේදි සිවිල් ජන ජීවිත තුරුම්පුවක් වුණේ නෑ කියන එක පිළිබඳව ඔබට දිය හැකි සහතිකයක් තියෙනවද?
පිළිතුර: ලෝකයේ පළමු රට වෙන්න ඇති ත‍්‍රස්තවාදීන්ව මේ විදිහට පුනරුත්ථාපනය කරලා ඔවුන්ට සාමාන්‍ය සමාජයේ ඉඩප‍්‍රස්තා උදා කරලා දුන්න. ඒ වගේම යුද්ධයෙන් පීඩිත ජනතාවගේ ජීවිත නගාසිටුවන්න කොයි තරම් දේවල් කළාද? යුද්ධය තිබියදී වගේම යුද්ධයෙන් පසුවත් ති‍්‍රවිධ හමුදාව මේ රටේ දියුණුව වෙනුවෙන් කැප වුණා. ලෝකයේ අනික් හමුදා සමග බලද්දි අපේ රටේ හමුදා හුඟාක් ඉදිරියෙන් සිටිනවා. යුද්ධය යුද්ධය කළ ආකාරය, හමුදාවේ හැසිරීම අනික් රටවලට ආදර්ශයක් ලෙස ගන්න පුළුවන්. තමන් සටන් වදින සතුරු හමුදාවේ ජාතියට අයත්වන සිවිල් වැසියන් බේර බේරා සටන් කළ හමුදාවක් ලෝකයේ තවත් හිටියද කියලා අප ඇසිය යුතුයි. අපේ ති‍්‍රවිධ හමුදාව යුද්ධ කළේ එහෙම. දෙමළ මිනිස්සුන්ව පාරාවළල්ලක් කර ගත්ත එල්.ටී.ටී.ඊ.යෙන් ඒ ජනතාව බේරා ගත්තෙත් අපේ ති‍්‍රවිධ හමුදාව.

සමහර වෙලාවට ගුවන් හමුදාවට හොඳ ඉලක්ක ආවා. ඒත් ඒ ඉලක්ක ළඟ සිවිල් වැසියන් හිටි නිසා අපි ඒ ඉලක්ක ගත්තෙ නෑ. නෑ අපි මේ ඉලක්කය ගන්නෙ නෑ. ඒ ඉලක්කය ගත්තොත් ත‍්‍රස්තවාදීන්ට ලොකු හානියක් වුණාට සිවිල් වැසියන්ට හානියක් වෙන්න බෑ කියලා අපි ඉලක්ක මඟහැරියා. ලෝකයේ යුද්ධ කරන මොන හමුදාවද ඒ තරම් මානුෂිකව යුද්ධ කළේ. අපි ඉලක්කයක් ගද්දි මුලින්ම බැලූවේ එයින් සිවිල් වැසියකුට හානියක් වෙයිද කියලා.

තමිල් සෙල්වම්ගේ ඉලක්කය ගනිද්දිත් ඒ මෙහෙයුම් අපි ඉතා කල්පනාවෙන් කළා. අතිදක්ෂ ගුවන් නියමුවෙක් එයට යෙදෙව්වා. අපි සිවිල් ජනතාව ගැන හිතලා මෙතෙන්ට මොකුත් කරන්න බෑ කියන තහංචිය අපි අපටම දා ගත්තා. යුදමය අතින් පාඩු වුණාට අපි මනුෂ්‍යත්වය අමතක නොකළ හමුදාවක්. ජීවත්වීමට මිනිසුන්ට ඇති අයිතිය අමතක නොකළ හමුදාවක්.

දවසක් ජනාධිපතිතුමා කීවා ”ඉලක්ක ගත්තට කමක් නෑ. හැබැයි කිසිම සිවිල් වැසියකුට හානියක් වෙන්න බෑ කියලා. යුද්ධය අවසන් කාලයේ අපි ගුවන් මෙහෙයුම් නතර කළේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ගැන හිතලා. මේ තමා අපට දෙන්න ඇති සහතිකය.

 


  ප‍්‍රශ්නය: ඉලක්ක කොපමණ විතර සංඛ්‍යාවක් සිවිල් ජනතාව ගැන හිතලා ඒ විදිහට ගුවන් හමුදාව මඟහැරියද?
පිළිතුර: ඉලක්ක 150ක් විතර නොගෙන හිටියා.

 


  ප‍්‍රශ්නය: ඔබ හිතනවද අද අපට මානව හිමිකම් කඩ කිරීම ගැන චෝදනා කරන රටවල්වත්, මානව හිමිකම් ගැන කතා කරන රටවල්වත් ඒ විදිහට යුද්ධයකදි කි‍්‍රයා කරයි කියලා.
පිළිතුර: මම දන්නෑ. යුද්ධයක මේ වගේ තීරණාත්මක අවස්ථාවක් ආවොත් ඒගොල්ලෝ ඒක කොහොම කරයිද කියලා. හැබැයි අපි මානව හිමිකම් පිළිබඳ නීතිරීති කඩ කරලා යුද්ධ කළේ නෑ. එසේ නොවුණා නම් ඇත්තටම යුද්ධය මීට පෙර අවසන් කරන්නත් තිබුණා. ඔය රටවල් එල්ල කරපු ප‍්‍රහාරවලදි ඉලක්කය වැරදීමෙන් කියලා සිවිල් ජනතාව විශාල වශයෙන් ඝාතනයට ලක් වූ අවස්ථා මම මාධ්‍ය මගින් දැක තිබෙනවා. දේශපාලන නායකත්වය හා හමුදා නායකත්වය හොඳ අවබෝධයකින් කි‍්‍රයා කරමින් යුද්ධය අවසන් කළ රටක් මේක. සියලූ රටවල්වලට ඒ ගැන ආදර්ශයක් දුන් රටක් මේක.

 

 

සටහන - සංජීවිකා සමරතුංග

 



අදහස් (0)

යුද සමයේ අපි සමහර ඉලක්ක ගත්තේ සති ගණන් නිරීක්ෂණය කරලා

රසල් Tuesday, 23 July 2013 02:03 AM

මනිත , ඒගොල්ලන්ට තමා මෙයා දුන්නේ නැතිවෙන්න, ඇයි දුකද?(නදී)

:       0       0

අනුරාධ. Sunday, 21 July 2013 11:20 PM

එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ත්‍රිවිධ හමුදාධිපති තුමෙනි, ඔබතුමාගේ කතාවෙන් පිළිබිඹු වන්නේ අවංක,නිහතමානී කළගුණ දන්නා කමයි.ත්‍රිවිධ හමුදාව,පොලීසිය ග්‍රාමාරක්ෂක බලකාය යන විරුවන්ගේ ජීවිත පරිත්‍යාගය,අභීතකම,කැපවීම සහ නොපසුබස්නා වීර්‍ය සමඟ බහුතරයක් ශ්‍රී ලංකාවාසීන්ගේ දිරිගැන්වීම හා කැපවීමට ඉන්ද්‍රකීලයක් සේ නොසැලුණු අතිගරු ජනාධිපති තුමාත් එතුමාට මනා ශක්තියක් වුනු ආරක්ෂක ලේකම් තුමාත් සමඟ එක්ව කල සමස්ථ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්,ඒක පුද්ගල ජයග්‍රහණයක් සේ තමාම ලකුණු දාගන්න දඟලන අවධියක ඔබතුමාගේ කතාව මසුරන් වටී.තෙරුවන් සරණින් ඔබතුමාට දීර්ඝායු වේවා!අනාගතය සාර්ථක වේවා! (දී)

:       0       0

පෙරේරා Wednesday, 24 July 2013 06:26 PM

මෙතුමා ඇත්තටම හොද නායකයෙක්, (අ)

:       0       0

සිංහ Monday, 22 July 2013 12:40 PM

මෙතුමාට එඩිතර තීරණ ගැනීමේ හැකියාව සහ ප්‍රෞඪත්වය සමග නිහතමානි මහත්මා ගතිය අගය කල යුතුයි. ඔබ හොඳම හමුදා නායකයෙක්. හරිමග ඉදිරියේදීත් තෝරා බේරා ගැනීමට ඔබට තුනුරුවන්ගේ ආශීර්වාදයෙන් හැකිවේවායි පතමි. (නි)

:       0       0

ශාන්තලාල් Friday, 26 July 2013 12:42 PM

ඔබ නීති ගරුක අවංක එඩිතර නිලධාරියෙක්. ඔබට බාර දුන් අභියෝගය අකුරට ඔබ ඉටු කළා. ඔබ ඉතිහාසයේ නොමියෙන පහන් තරුවක්.(නදී)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 24 July 2013 11:37 AM

මම 1987-90 කාලේ ඔබතුමා සමග චීන වරාය කදවුරේ සේවය කල ගුවන් බටයෙක් එදත් අදත් ඔබතුමා අපේ හමුදාවටත් රටටත් කල සේවය අපමනයි. ඔබගේ සොයුරු ශිරන්ත මැතිතුමා රොජර් මහතා ඇතුළු සියලු විරුවන් එදා අප සමග ගතකල කාලය කිසිදා අමතක නොවේ. ඔබට සුබ අනාගතයක් ඔබ වෙනුවෙන් ඔබගේ පුතා ගුවන් හමුදාවට දායාද කර ඇති මෙහි එක් පින්තුරයකින් දුටුවෙමි. ඔහුටත් සුබ පතමි.(නදී)

:       0       0

මංජුල අබුඩාබි සිට Sunday, 21 July 2013 05:27 PM

ඔබතුමා හොද සෙනවියෙක්. දක්ෂ ගුවන් නියමුවෙක්. හැබැයි ඔබ දේශපාලනය එනවා නම් මම එය අනුමත කරන්නෙ නැහැ. ඔබට දීර්ගායුෂ වේවා. (දී)

:       0       0

කුමාර් Wednesday, 24 July 2013 08:52 PM

රොෂාන් ගුණතිලක මැතිතුමනි, ඔබට අපගේ උත්තමාචාරය,(අ)

:       0       0

මනිත Monday, 22 July 2013 05:45 AM

එතකොට කොටි කොලඹට ඇවිත් බෝම්බ දාල ගියා. කටුනායකට ගහලා ගියා ගුවන් යානා වලින් ඇවිත්. ඒවට කව්ද වගකියන්නේ?(නදී)

:       0       0

චමින්ද Wednesday, 24 July 2013 09:11 PM

අවංක .මුල මතක තියන නිර්බිත නායකයෙක් (අ)

:       0       0

සුරාන් Saturday, 27 July 2013 12:03 PM

අපේ ඉස්කෝලේ කොල්ලෙක්...නියමයි. (ස)

:       0       0

ඉන්දික Thursday, 25 July 2013 07:24 PM

මනිත, කොටි කොළඹට හරි කොහෙට හරි බෝම්බ දාපු එකට ගුවන් හමුදාව පලි නැහැ.අපේ අයට තිබුන සම්පත් වලින් තමයි ඔය ටිකවත් කලේ.මට පෙනෙන විදිහට ඔහේ ඒ කාලේ අනුරාධපුරෙන් එහාට ගිය එකෙක් නෙමෙයි.මතක තියාගන්න මට එහෙම කියන්න අයිතියක් තියන කෙනෙක්.අපේ අයට ඒවාට ඕනෑ කරන දේවල් හම්බවුනාට පස්සේ ඒවායින් වැඩ පෙන්නුවේ නැද්ද? ඔය දාලා තියන කන්නාඩි දෙක අයින් කරලා ලාංකිකයෙක් විදිහට හිතනවා.ඔහේ විතරක් නෙමෙයි අපේ දරුවොත් යු්දදේ නිසා දුක් වින්දා. දේශපාලනයයි රටයි ආරක්ෂාවයි පටලවා ගන්න එපා. (නි)

:       0       0

ප්‍රියන්ත ගාමිණී Thursday, 25 July 2013 03:28 PM

කොටි බෝම්බ දැම්මේ කොළඹට විතරක් නෙමෙයි. මේ රටේ දහස් ගනනක් මිනිසුන්ගේ හිත් වලට. අද ඒ දේවල් නැහැ. මේ දේට දායක වුන සියලු දෙනාටම අපි නය ගැතියි. අනුන්ගේ දිරපු ලනු නොකා ගුවන් හමුදාවෙන් එළියට පියනගන්න ඔබ සැබෑම වීරයෙක් බව සිංහල වංශ කතාවේ රන් අකුරින් ලියැවේවි.(නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 25 July 2013 08:31 PM

ඔබ තුමා හොද නායකයෙක් මනුස්සකම දන්නා මිනිහෙක් ඔබ සබැ වීරයෙක් මම මෙහෙම කියන්නේ හිටපු ගුවන් නිලදාරියෙක් හැටියට (දී)

:       0       0

සුනිල් ශාන්ත Sunday, 21 July 2013 02:56 PM

ඔබ වීර සෙන්පතියෙක්. සැබෑ වීරයෙක්. රටට සම්පතක්. මම හිටපු ගුවන් භටයෙක්.(නදී)

:       0       0

කෙවන් Sunday, 21 July 2013 03:21 PM

මම මොහු රූපවාහිණී වැඩසටහනකට සහබාගිවෙලා ඉන්නවා දැක්කා කාලයකට පෙර. හරිම විනීතව, බුද්දිමත් ලෙස කතා කලා. ඔබට රටට යමක් කරන්න තවත් නිරෝගී සවි බල ලැබේවා.(නදී)

:       0       0

දොන් Sunday, 28 July 2013 04:07 AM

සෙන්පතියාණෙනි ඔබට අපේ උත්තමාචාරය. ඔබේ වගේ අය රටට මහත් භාග්‍යයක්. කොතෙක් කෙලෙහි ගුණ නොදත් අය අප සමග සිටියත් ඔබ, ජනාධිපති , ආරක්ෂක ලේකම් සහ එකී නොකී අප රටට සේවය කරන අය, කරපු අය , දිවිදුන් , ආබාදිත අය අප සැවොම සදා නය ගැතියි.(නදී)

:       0       0

සත්‍යපාල Monday, 22 July 2013 11:32 PM

මනිත,ඒවාට වගකියන්න ඕනෑ ඔහෙලා වගේ අය.රටේ හැමදෙනාගේම කොන්ද කඩලා,අපගේ මානසිකත්වය බින්දුවටම බස්සලා,කොටියෝ වීරයෝ කරලා යුද්ධය දිනන්න බෑ කියලා අපි කොටියට බයකරලා තියන්න ඒ කාලේ ඕනෑතරම් කට්ටිය හිටියා.තවමත් ටික දෙනෙක් ඉන්නවා. (නි)

:       0       0

නිමල් සමරවික්‍රම Tuesday, 23 July 2013 04:34 PM

සාධාරණ මත වාදයක් ඉදිරිපත් කිරීම තුලින්ම ඔබගේ සාර්තකත්වය පේනවා. තවදුරටත් රට වෙනුවෙන් සේවය කිරීමට ඔබට ශක්තිය ලබේවා!(නදී)

:       0       0

ධම්ම Thursday, 25 July 2013 01:57 AM

"තනියම අපට යුද්ධ කරන්න බෑ". මෙහෙම නොවෙයිනේ සමහරු කියන්නේ. (නි)

:       0       0

ධම්ම Thursday, 25 July 2013 02:34 AM

මනිතට ඔක්කොම අමතක වෙලා. සත්‍යපාල හරියටම හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 24 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5628 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 806 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1386 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 124 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39139 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site