රජයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය සතියේ බ්‍රහස්පතින්දා අගමැතිවරයා හමුවිය. ඒ වන විට රටේ සිව්දෙස ඇවිළෙමින් තිබෙන විරෝධතාවයන්ගෙන් එල්ල විය හැකි අවදානම ගැන ඔව්හු අගමැතිවරයාට අනතුරු ඇඟවූහ. ඒත් අගමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ බලාපොරොත්තු නොවුණු ආකාරයකිනි.
“ඔය දේවල් අතීතයෙත් සිදුවෙලා තියෙනවා. කලබලවෙන්න තරම් දෙයක් නෑ” යයි අගමැතිවරයා කියා ඇත.
හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ මෙසේය,
“ඔවුන්ට (අගමැතිවරයා සහ ඔහුගේ උපදේශකවරුන් - දේශපාලනික අත්දැකීම් නොමැති පවුලේ සාමාජිකයන් ද ඇතුළත්ව) මේ තත්ත්වයේ බරපතලකම පේන්නේ නැහැ. ඔවුන් වැඩිය කරදර වෙන්නේ මේ ජනතාව ගැන හෝ මේ රට ගැන නෙවෙයි, තමන් ගැන. මේ තත්ත්වය අවසන් විය යුතුයි. මේ හොඳටම ඇති” යයි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
වැරදීම සහ ආරාධනය
අගමැතිවරයා ගැන ඇස ගසා ගෙන සිටිනවාට අමතරව, ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලනමය වශයෙන් සදා නොමැකෙන මතකයන් ඉතිරි කරුණු ඇති අවස්ථා කිහිපයකටම මුල පිරීය. පළමු වැන්න වූයේ අලුතින් පත්වූ අමාත්‍ය මණ්ඩලය අමතමින් ඔහු කළ කතාවයි.
එය ජාතිය ඇමතීමේ කතාවක් ලෙසින් ප්‍රචාරය කිරීමට ජනපති මාධ්‍ය අංශය පියවර ගත්තේය. එම කතාවේදී තමන්ට වැරදි දෙකක් සිදුවූ බව ජනපතිවරයා පිළිගත්තේය.
එකක් මීට බොහෝ කාලයකට පෙරම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීමය. එසේ නොකර සිටීමට හේතු වූයේ කවරක්ද යැයි ජනපතිවරයා පැවසුවේ නැත. එහෙත් එසේ නොකර සිටීමට හේතු වූයේ එවක ජනපති ලේකම් පී.බී.ජයසුන්දර, එවක භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල සහ එවක මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන තිදෙනගෙන් ඔහුට ලැබුණු උපදෙස්ය. අවසානයේ ඔවුන් සියලුදෙනාටම සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදුවිය.
නමුත්, එම තනතුරුවල සිටි සමයේ මෙම පුද්ගලයින් තිදෙනගේ ක්‍රියාකලාපයන් ගැන වගකීම ජනපතිවරයා ගතයුතුය. ජනපතිවරයා ප්‍රසිද්ධියේ කියා සිටියේ නැතත්, ඔහුගේ සොහොයුරා මෙන්ම සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද, ඔවුන් තිදෙනගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් වගවීමකට ලක්කිරීමට කටයුතු කළේ නැත. එය ජනපතිවරයා ද දන්නා දෙයකි.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට තිබුණු එක්තරා ආන්දෝලනාත්මක අදහසක් ද මෙහි සඳහන් කළ යුතුය. එනම් මහා පරිමානයෙන් මුදල් අච්චු ගැසෙමින් පැවතුණු බැවින්, වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයග්‍රහණයක් තහවුරු වන සේ, එම මුදල් යොදවා ඡන්ද මිලට ගැනීමය.
ඔහු ඇතැම් විට උද්ධමනය නැමති සංසිද්ධිය ගැන නොදන්නවා හෝ ඔහු අතට එහි සිංහල පරිවර්තනය තවමත් ලැබී නොමැතිවා වීමට ඉඩ ඇත.
ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ජෝන් හොප්කින්ස් සරසවියේ ව්‍යවහාරික ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ස්ටීව් හැන්කේට අනුව, ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 120% කි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මෙසේ සඳහන් කර තිබිණ.
“2019 වසරේ ජනපති රාජපක්ෂ බලයට පැමිණි අවස්ථාවේ සිට, ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමත්, එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල කඩාවැටීමත් නිසා, අද ආර්ථික අර්බුදයක් රටම වෙළාගෙන ඇත. දැන් ශ්‍රී ලංකාව සිටින්නේ 17 වෙනි වතාවටත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල හමුවට ගොසිනි. ශ්‍රී ලංකාව මුදල් මණ්ඩලයක් ස්ථාපිත කරගැනීමට කටයුතු නොකරන්නේ නම්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාගන්නා ප්‍රතිපාදනයන් ද, ගඟට කැපූ ඉණි මෙන් වනු ඇත”
ජනපතිවරයා පවසා සිටි ආකාරයට ඔහුට සිදුවූ දෙවනි වැරදීම නම්, රසායනික පොහොර භාවිතය තහනම් කිරීමය. කැබිනට් මණ්ඩල රැස්වීමක දී අගමැති රාජපක්ෂ මහතා විසින් ජනපතිවරයාගේ මෙම තීරණ සම්බන්ධයෙන් විරෝධය දක්වන ලද බව සඳහන් කළ යුතුය.
නමුත් එය දිගටම ක්‍රියාවට නැංවිණ. ප්‍රතිඵලය වූයේ සහල් මිල ඉහළ යාමය. එය අදටත් එසේමය. ගොවි මහතුන් පාරට බැස අරගල කරන තැනට පත්විය. එහෙත් එසේ සිදුවී මාස කිහිපයකට පසුව තමන්ට වැරදීමක් සිදුවූ බව ජනපතිවරයා පිළිගෙන තිබේ.
රජයට මුහුණදෙන්නට සිදුවූ ඉතාම බරපතල මට්ටමේ ගැටලු දෙකක්, නිසියාකාරව හසුරුවාගන්නට ඔහුට නොහැකි විය. මුලින් පිළිනොගත්ත ද දැන් ඔහු එය පිළිගෙන තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසාන වතාවට ජාතිය ඇමතූයේ ගෙවුණු මාර්තු මස 16 වැනිදාය. ඔහු එදින කීවේ මොනවා ද? පහත දැක්වෙන්නේ එදින ඔහු කළ කතාවේ සඳහන් වූ වැදගත් කරුණුය.
“මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මේ අර්බුදය නිර්මාණය කිරීමට මුල් වූවෝ අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටින්නෝය”
“ඉන්ධන සහ විදුලිබලය භාවිතය හැකිතාක් සීමා කිරීම මගින් මේ අවස්ථාවේ රටට දායකත්වයක් ලබාදෙන්නට ජනතාවටත් හැකිය. මේ තීරණාත්මක අවස්ථාවේ, එම වගකීම තිබෙන්නේ ඔබ අත බව, ඔබ ද, තේරුම්ගෙන ඇතිය යන්න මම අපේක්ෂා කරමි”
“මම දේශපාලනයට පිවිසුනේ ඔබගේ ආරාධනය මතය” යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.
දේශපාලනයට ආධුනිකයෙක්
ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ආධුනිකයෙකි.
2005 වසරේ ජනපතිවරණයේ අවසන් ජනවාරි මස 9 වැනිදා අලුයම් සමයේ ලැබෙන්නට පටන්ගෙන තිබිණ. එම ප්‍රතිඵල අනුව, මහින්ද රාජපක්ෂ පැහැදිලි ජයක් ලබා තිබූ බවට සැකයක් නොවිණ.
අරලියගහ මන්දිරයේ තරප්පුපෙල බසිමින් සිටි ඔහුට හමුවූයේ සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂය. නව රජයක් යටතේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන්නට යන්නේ ඔහු යැයි, මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂට කියා සිටියේ එතැනදීය.
එම සමයේ කිහිපදෙනෙක්ම ආරක්ෂක ලේකම්ධූරය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවූහ. ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ ජයවර්ධන මහතාගේ උදහසට ලක්ව සිටි ජේ්‍යෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙක් ද ඔවුන් අතර විය.
ගෝඨාභය රාජපක්ෂ මහතා, සිය දිවියේ මුල්ම වතාවට ශ්‍රී ලංකාවේ දේශපාලනයට නිරාවරණය වූයේ ආරක්ෂක ලේකම් තනතුර භාරගැනීමෙන් පසුවය. එය අදටත් ඔහුගේ වෘත්තිය දිවියේ ආන්දෝලනාත්මක කාල පරිච්ඡේදයකි. එම සමයේ නම් එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෝ අනෙක් කිසිවෙක්, ගෝඨාභය රාජපක්ෂ මහතාව පාලනය කිරීමට උත්සාහ නොකළ අතර එනිසාම ඔහු තමන්ට රිසිසේ වැඩකටයුතු කරගෙන ගියේය. ඇතැම් විට අද, අගමැති රාජපක්ෂ මහතාත් ඒ ගැන පසුතැවෙනවා විය හැකිය.
සමගි ජනබලවේගයට පහර පිට පහර
වහා ක්‍රියාත්මක වීමට සහ අවශ්‍ය පියවර ගැනීමට බල කෙරෙන තැනට ජනපතිවරයා පත්කළේ පසුගිය රටට හිතැති තරුණ තරුණියන් පසුගිය දින 12 පුරාවටම සිදුකළ විරෝධතාවයන් බවට කිසිඳු සැකයක් නැත. බහුතරයක් දේශපාලකයින් මෙන් නොව ඔව්හු (විරෝධතා දක්වන තරුණ පිරිස්) සැබෑවටම තමන්ගේ රට සහ ජනතාව වෙනුවෙන් කැපව සිටින්නෝය. පෙනී සිටින්නෝය.
විපක්ෂයේ දේශපාලන පක්ෂ ඔවුන් අසලින්වත් තැබිය නොහැකිය.
උදාහරණයකට, පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන තනි විශාලතම දේශපාලන පක්ෂය වන සමගි ජනබලවේගය ගනිමු. තවමත් අවසාන කර නොමැති, යෝජනාවකට පමණක් සීමා වී තිබෙන, විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැස කවමින් සිටී. ඊට අමතරව, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට ද ඔවුන් පියවර ගෙන ඇත.
ගෙවුණු සිකුරාදා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස තවත් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළේය. මෙසේ ඉදිරිපත් කර තිබෙන සංශෝධනයන්ගේ අන්තර්ගත යෝජනා සැබැවින්ම යහපත් වුවත්, ප්‍රමුඛත්වය ලබාදිය යුතුව තිබෙන්නේ එවැන්නකටදැයි යන ගැටලුව නැගේ. බාල, තරුණ, වැඩිහිටි, මහලු, පුරුෂ, කාන්තා කිසිවෙකුටවත් වෙනසක් නැතිව, ඉන්ධන, ආහාර, ගෑස් සැපයුම් අතින්, විදුලිය කප්පාදු කිරීම් අතින්, එල්ලව තිබෙන පීඩාවලට විසඳුම කොතැනද ?
කිරීමට ඇත්තේ මහා පරිමානයෙන් උද්ඝෝෂණ සිදුකෙරෙමින් පවතින ප්‍රදේශයකට ගොස් බැලීම පමණකි. ජනතාව මුහුණදෙමින් සිටින ගැටලු සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුගමනය කරමින් සිටින ඇල්මැරුණු පිළිවෙත ඔවුන්ගේ විවේචනයට ලක්වෙමින් තිබෙන ආකාරය මොනවට හඳුනාගැනීමට එවිට හැකි වනු ඇත.
මේ අතර, සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජනා කර තිබෙන විශ්වාසභංග යෝජනාවත් පවතින්නේ, පාලක පක්ෂය නියෝජනය කරමින් සිට දැන් ඉන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරමින් සිටින දේශපාලන පක්ෂ සහ පුද්ගලයින් අතරට මැදිව, විවිධ ආන්දෝලනයන් නිර්මාණය කරමිනි. එම යෝජනාව එතැනින් ඉදිරියට යාමක් දැනට නම් පෙනෙන්නට නැත.
“අපි මේ වන විට සමගි ජනබලවේගය සමග සාකච්ඡා වට 3ක් පවත්වා තිබෙනවා. අන්තර්වාර රජයකට ඔවුන්ගේ සහාය ලබාදෙන්නේ නම් පමණක්, විශ්වාසභංග යෝජනාවට අපගේ සහාය ලබාදෙන බව අප පැහැදිලිව ඔවුන්ට දන්වා තිබෙනවා” යයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ය.
මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ සහාය යෝජනාවට ලබාගත යුතුව තිබෙන්නේ යැයි පෙන්වා දුන් ඔහු, එම ප්‍රමාණය දිනාගැනීමට සමගි ජනබලවේගය අපොහොසත් බව පැවසුවේ ය. එම පක්ෂය ඉදිරිපත් කර තිබෙන 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද, පවතින්නේ එම ගැටලුවමය. එය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහායක් දිනාගැනීමට ඔවුන්ට හැකිවේ ද? එයම, කාලය ගතවන ක්‍රියාවලියකි.
තත්ත්වය තවත් ව්‍යාකූල කර තිබෙන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කර ඇතැයි කියන දැනුම්දීමකි. එය ප්‍රකාරව, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රමුඛ කමිටුවක් යටතේ කෙරුණු නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විට අවසානව ඇත. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපතිවරයාගේ බලතල කප්පාදු කිරීම අරමුණු කෙරෙන විට, නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් අරමුණු කෙරෙන්නේ ජනපතිවරයාට තව තවත් බලතල ලබාදීමටය.
කොළඹගේගේ සොයාගැනීම්
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවක දී, පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියයාම මේ වන විට මහත් බැරෑරුම් තත්ත්වයක් නිර්මාණය කර තිබෙන්නකි. තත්ත්වය තවත් බරපතල කර තිබෙන්නේ ජේ්‍යෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කර තිබෙන ප්‍රකාශයකි.
මියගිය පුද්ගලයා ඝාතන නඩුවක සැකකරුවෙක් බව ඔහු පවසා තිබේ. පොලිසියේ අදහස එය මත සිට වෙඩි තැබීම සාධාරණීකරනය කිරීම ද? එක් ජීවිතයක් නැසීමට ඔවුන්ට ටී-56 අවියකින් 36 වතාවක් වෙඩි තැබීමට සිදුව තිබිණ.
අජිත් රෝහණගේ අදහස් දැක්වීමෙන් සිදුව තිබෙන්නේ උසස් සහ කැපවීමෙන් පරිපූර්ණ නිලධාරීන් ගණනාවක් මෙරටට දායාද කළ පොලිස් සේවය අගතියට පත්වීම පමණකි. පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මෙවැනි නිලධාරීන් සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතුව ඇත. ඔවුන්ට මෙසේ ජනතාවගේ බුද්ධිය සහ පොලිසියේම අනෙක් නිලධාරීන් හෑල්ලුවට ලක්කිරීමට ඉඩ නොදිය යුතුව ඇත.
තවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයෙක් වූයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතාය. 2022 අප්‍රේල් මස 22 වැනිදා දාතමින් යුතු පිටු 5ක රහසිගත ලියවිල්ලක් විදේශයන්හි තානාපති කාර්යාල වෙත යොමුකර තිබූ කොළඹගේ, එහි ඔහුම සිදුකරගෙන තිබූ අනාවරණයක් දක්වා තිබිණ. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මෙසේ කටයුතු කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුවීම සම්බන්ධයෙන් සිදුකරමින් සිටින විමර්ශනයේ කටයුතු අවසන් කිරීමටත් පෙර හෝ ඒ සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින මහේස්ත්‍රාත් නඩු විභාගය අවසන් වීමටත් පෙරය.
ඔහුගේ වාර්තාවේ සඳහන් කරුණු මෙසේය.
2022 අප්‍රේල් මස 19 වැනිදා අලුයම 1ට පමණ ඉන්ධන ඉල්ලා විරෝධතා සිදුකරමින් සිටි පිරිසක් නොසන්සුන්වන්නට පටන්ගෙන තිබිණ. මෙම විරෝධතා පැවැත්වෙමින් තිබුණේ රඹුක්කන දුම්රිය ස්ථානයට යාබද දුම්රිය හරස්මාර්ගය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට ආසන්නවය.
පොලිසිය මැදිහත්ව ඉන්ධන බවුසර දෙකක් ගෙන්වා ගැනීමට සමත්විය. ඉන් එක් බවුසරයක පෙට්‍රල් ඩීසල් ලීටර 33,000ක් තිබූ අතර, අනෙක් බවුසරයේ පෙට්‍රල් ලීටර 26,000ක් තිබිණ.
නමුත් විරෝධතාකරුවෝ එක් බවුසරයක මග අවහිර කළහ. දුම්රිය හරස්මාර්ගයේ එම බවුසරය බලහත්කාරයෙන් නැවැත්වූ ඔවුහු, එහි බැටරිය ඉවත් කර, ටයර හිල් කළහ. මෙනිසා දුම්රියන් ගණනාවක ධාවනයන්ට බාධා පැමිණි අතර, මගීහු බොහෝ දෙනෙක් බරපතල ලෙසම අපහසුතාවයට පත්වූහ.
බවුසරය දුම්රිය හරස් මාර්ගයෙන් ඉවතට ගෙන ඉන්ධන පිරවුම්හලට යොමු කරන්නටත්, දුම්රිය ගමනාගමනයට අවස්ථාව සළසා දෙන්නටත් අදහසින් විසිර යන්නැයි විරෝධතාකරුවන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියේය. ඒ, අප්‍රේල් මස 19 වැනිදා සන්ධ්‍යාවේදීය.
නමුත් පිරිස විසිර නොගිය නිසා, පොලිසිය බැටන් ප්‍රහාරයක් ද, අනතුරුව කදුලු ගෑස් ප්‍රහාරයක් ද, එල්ල කළේ ය. විරෝධතාකරුවන්ගෙන් ඇතැමෙක් එයත් සමග විසිර ගිය අතර, තවත් අය නැවතත් පොකුරු ගැසී, පොලිසියට ගල්වලින් දමාගසන්නට වූහ. ඔවුහු අසළ තිබූ ත්‍රීරෝද රථයකටත් ගිනි තැබූහ.
දුම්රිය හරස් මාර්ගයේ සිරව තිබූ බවුසරයට ගිනි තැබීමටත් ඔවුහු උත්සාහ කළහ. එහිලා ඔවුන් සාර්ථක වූයේ නම් පෙට්‍රල් ලීටර 33,000ක් අඩංගු බවුසරය ගිනිගෙන විශාල ජීවිත සහ දේපළ හානියක් සිදුවන්නට තිබිණ.
විරෝධතාකරුවන් දිගින් දිගටම පොලිසියට ප්‍රහාර එල්ල කළේ ය. තෙල් බවුසරය ආරක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන්ට ද, ඔවුන්ගේ ප්‍රහාර එල්ල විය.
ළග එමින් තිබූ ඛේදවාචකයක් වළක්වාගැනීමත්, ජීවිත ආරක්ෂා කරගැනීමත් අරමුණු කරගෙන පොලිසිය අහසට වෙඩි කිහිපයක් එල්ල කළේය. රැස්ව සිටි පිරිස ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නට ගැනීම නිසා, දණහිසින් පහළට වෙඩි තැබීමට පොලිසියට අවසර ලැබිණ.
අනතුරුව උද්ගත වූ තත්ත්වයේ දී, විරෝධතාකරුවන් 17 දෙනෙක් තුවාළ ලැබූ අතර, පොලිස් නිලධාරීහු 10 දෙනෙක් ද, තුවාළ ලැබූහ. ලැබූ තුවාළ හේතුවෙන් එක් විරෝධතාකරුවෙක් ජීවිතක්ෂයට පත්විය.
පොලිසිය පමණ ඉක්මවා බලය භාවිතා කර ඇතිදැයි සහතික කරගැනීම සඳහා කමිටුවක් පත්කරන්නැයි නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා නියෝග කර ඇත. ඊට අමතරව, සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද, ස්වාධීන කණ්ඩායමක් අනුයුක්ත කර ඇත.
රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ අතර, සාමකාමීව කටයුතු කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙහි දක්වා තිබෙන ඇතැම් කාරණා සැබැවින්ම ගැටලු සහගත වන අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතීඥවරුන් දැනටමත් ඒවා මතුකර තිබේ.
තවද, සිය රහස්‍ය වාර්තාව විදේශයන්හි පිහිට තානාපති කාර්යාල වෙත යොමුකළ ද, එම සෑම විදේශ රටක්ම නියෝජනය කරන තානාපති කාර්යාලයක්ම පාහේ ශ්‍රී ලංකාවේත් පිහිටා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට අමතකව තිබූ සෙයකි. එම වාර්තාව හරහා කරුණු විකෘති කිරීමට යම් උත්සාහයක් ගැනුණේ නම්, එවැන්නක් සිදුවූවා හෝ නැතා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ මෙම ක්‍රියාකලාපය ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාලවල සැකයට බඳුන්වීම නොවැළැක්විය හැක්කකි.
පොලිසියේ හැසිරීම මුල් කරගෙන, සාමය සහ නීතිය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා කැඳවමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප්‍රේල් මස 21 වැනිදා ආඥාවක් නිකුත් කළ බව ඔහුට අමතකව තිබූ සෙයකි. මෙම සිදුවීම නිසැකවම සාකච්ඡාවට බඳුන්වනු ඇති ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසිවාරය ළඟ ළඟම එමින් තිබෙන බව ඔහුට අමතකව තිබූ සෙයකි. ඇත්තටම, මෙවන් මිනිසුන් රජයේම සිටින විට, රජයට වෙන සතුරන් කුමකට ද?
නෙත් එෆ්එම් ගුවන්විදුලි නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී, අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩි පිළිවෙතකින් අදහස් දක්වනු අසන්නට හැකි විය.
කවුරුන් අන්තර්වාර රජයක් ගොඩනැගුව ද, අගමැතිවරයා ලෙස තවදුරටත් කටයුතු කරන්නේ තමාම බව ඔහු එම සම්මුඛ සාකච්ඡාවේ දී, අවධාරණය කළේ ය.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යන්නේ කොහෙද ඇසුවාම මල්ලේ පොල් කීම
ajith Saturday, 30 April 2022 07:24 AM
යන්නේ කොහේද මල්ලේ පොල් කණ්ඩායමට (225) රටේ අර්බුද සඳහා විසඳුම් නොමැත...
mahee Monday, 02 May 2022 08:32 AM
මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් කාටවත්ම රටක් ගැන හැඟීමක් නෑ. ආණ්ඩුවට මිනිස්සු ගැන හැඟීමක් නෑ. එයාලගේ පුත්තුන්ට මොනවද අඩු...? කොල්ලෙකුට කාමර 2 ක් හදාගන්න බෑ. සිමෙන්ති 3000/- ක්. විපක්ෂයේ ඔක්කොටම රට වෙනිසියුලාවක් වුනත් කමක් නෑ.. කොහොමහරි ඡන්දයක් තියලා බලේ ගන්‍නයි ඕනේ. ඡන්දෙ එපා කියල උසාවි ගිය මිනිස්සුනේ.