IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


යුරෝපයට මරු කැඳවූ දියමන්තියේ ශාපය...

ලෝකයේ අගනාම පාෂාණය ‘‘දියමන්ති’’යයි. පිළිගැනීමක් තිබේ. එමෙන්ම තදින් වැඩි පාෂාණයද දියමන්ති නිසා වීදුරු කපා ගැනීමට වුව යොදාගන්නේද ඒවාය. එහෙත් දියමන්ති ‘‘ලූණුවලට’’ යටත්ය. ලූණු ගෑවුන කල්හි දියමන්තිය දිය කළ හැකියි. 


දියමන්තියේ වර්ණය, බර හා ස්වභාවය අනුව වටිනාකමද තක්සේරු වෙයි. ඒ සියල්ල ලෝපතල ‘‘කොහිනර්’’  (Kohinoor)  දියමන්තිය සතුව ඇති නිසා මිල කළ නොහැකි යයි පතළය. අගයත්, අලංකාරයත්, බරත් සම වුවද එය තවත් අයකුට ඔරොත්තු නොදෙන්නේ නම් හෝ කරදරයක් නම් කිසිවකුත් ඊට එකඟ නොවෙයි. එසේත් නොමැතිනම් එවන් දියමන්තියක් පාවිච්චි කරන්නාට ‘මරණය’ ළඟා වෙන ශාපයක් වේ නම් තත්ත්වය කෙසේ විය හැකිද?


ලොව හෙල්ලූ එවන් අදෘශ්‍ය මහා බලවේගයක් ඇති, ලබන්නාට ශාප දෙන දුර්ලභවූ ඉතා වටිනා නිල් දියමන්තියකි ‘‘හෝප්’’ (Hope) නමින් හඳුන්වන්නේ. එය ලොව ”අදෘශ්‍යමාරයා” නමින් දැනටමත් පතලය. ලොව වටා විවිධ රටවල් අතර කෝ්ටිපති මැණික් ව්‍යාපාරිකයන්ගේ අතින් අතට ගිය මේ අත්භූත ගුප්තජනක නිල් දියමන්තියේ (Blue Diomond) කතාවද අතිබිහිසුණු එකක්ය.
ප‍්‍රංශයේ රජකළ 14 වැනි ලූවී රජුගේ නියෝගයකට අනුව වර්ෂ 1668 දී පමණ දුර්ලභ සහ වටිනාකමින් අනූන මැණික් වර්ග මිලදී ගැනීම සඳහා ඉන්දියාවට පැමිණි ‘‘ජින් බැප්ටිස්ට් ට‍්‍රැවනියර්’’  (Jin Baptist Travoniar) නම් ප‍්‍රංශ ජාතික මැණික් සහ දියමන්ති වෙළෙන්දාට කිසියම් ව්‍යාපාරිකයකුගෙන් වටිනාකමින් රුපියල් කෝටි හතරකට පමණ වූ මැණික් හා දියමන්ති තොගයක් මිලදී ගන්නට ලැබුණේය. ඉන්දියාවේ ‘‘මහාරාජාවරුන් ඇතුළු ධන කුවේරයන් ඇසුරුකරමින් ‘‘ට‍්‍රැවනියර්’’ විසින් සිදුකරන ලද මෙම ගනුදෙනුවේදී වැඩිම අවධානයක් යොමු කරන ලද්දේ විරළ ගණයේ මිල අධික ඒවාටය. ඒ අනුව ඔහුට හමුවූ වටිනාම ‘‘මැණික’’ නිල් දියමන්තියකි. බරෙන් කැරට් 112 කින් යුත් නිල්ම නිල් පැහැයෙන් දිදුළන එහි අගය කියා නිම කළ නොහැකි බව මිලදී ගන්නා හොඳින්ම දැන සිටියේය. 


මැණික් තොගයද ගෙන ආපසු ප‍්‍රංශයට පැමිණි ‘‘ට‍්‍රැවනියර්’’ විසින් ඒවා 14 වැනි ලූවී රජුට පෙන්වන ලදුව රජුගේ නෙත සිත එකවරම පැහැරගත්තේ සෙසු මැණික් අභිබවා නිල් දියමන්තියයි. ඉන්දියාවේ මහාරාජාවරුන් විසින් ‘‘රාජකීය කිරීටයේ නිල් දියමන්තිය’’ලෙස හඳුන්වන ලද නීල දියමන්තිය වැඩි මිලක් ගෙවා ගත් රජු එහි විලාසිතාව වෙනස්කරමින් ඉන්දියානු මැණික් කලාවට අනුව විචිත‍්‍රවත්ව  කැප්පෙව්වේය. මුලින් එහි තිබූ කැරට් 112 ක් වූ බර ප‍්‍රමාණය පසුව කැපීම නිසා කැරට් 69ක් දක්වා අඩු වූ නමුත් වටිනාකමෙහි තත්ත්වය නම් තව තවත් ඉහළ ගියේය. 


ඉන්දියාවේ තිබෙද්දී කිසිම විටෙක කිසිම අයකුට හානියක් නොකළ මෙම නිල් දියමන්තිය නිහැඬියාව බිඳිමින් ‘‘මහා ශාපයක්’’ වෙන්නට පටන් ගත්තේ එහි ‘‘මුල් හැඩය’ වෙනස්කර බර අඩුවීමත් සමගය. ඒ අනුව පළමුව මෙහි ශාපයට ගොදුරුවූයේ 14 වැනි ලූවී රජුගේ මුණුපුරා වූ ‘‘බුලෝන්ග්’’ හි ආදිපාදවරයාය. නිරපරාදේ සිදුවූ ඔහුගේ මරණය රජුට මහත් වූ වේදනාවක් ගෙන දෙන්නක් විය. 
එයින් නොනැවතුන ශාපය ලූවී රජු පසුපස ආ අතර විරුද්ධවාදීන් හා ඒ දිනවල කරන ලද හැම සටනකදීම පරාජයට පත්වී රටද ව්‍යාකූල තත්ත්වයට පත්වෙමින් තිබිණ. රජු ‘‘මෙන්ටෙතන්’’ ආර්යාව විවාහ කරගත්තේද මේ වකවානුවේය. විවාහයත් සමඟම රජු, බිසව්, සේවක දැසිදසුන්, වැසියා ආදීන් සියල්ලෝම කැලඹිලි තත්ත්වයකට පත්ව මාලිගාව දෙදරායෑමට සමත් වූ ‘‘දියමන්තියේ ශාපය’’ රජු සිහසුනෙන් නෙරපා හැරීමටත් හේතුවක් විය. 


මේ අතර නිල් දියමන්තිය ප‍්‍රංශය වෙත ගෙන ආ ‘‘ට‍්‍රැවනියර්’’ රුසියාවේ වනගත පෙදෙසකදී රුදුරු වෘකයන්ට ගොදුරුව මරුමුවට පත්වූ බව ද වාර්තා කෙරිණි.


14 වැනි ලූවී රජුගේ රාජ්‍යත්වය අහිමි කළ නිල් දියමන්තියේ ඊළඟ හිමිකරු වූයේ 15 වැනි ලූවී රජුය. නිමක් නොමැති ශාපය නිසා රජුටද රට පාලනය කරගැනීම මහත් දුෂ්කර එකක් විය. පීඩාවිඳි, ප‍්‍රංශ ජනතාවගේ ‘‘ජනතා රැල්ල’’ හේතුවෙන් ඇරඹුණු ‘‘ප‍්‍රංශ විප්ලවය’’ නිසා රජුටත්, ඔහුගේ බිසව වූ ‘‘මාරි ඇන්ටොනයිට්’’ කුමරියටත් ගිලටීනයට ගෙලදී දිවියෙන්ද සමුගන්නට සිදුවුණේය. විප්ලවය අතරතුර නිල් දියමන්තිය රාජ්‍ය මහා භාණ්ඩාගාරයේ තිබුණ අතර 15 වැනි ලූවී රජුගේ අදුරදර්ශී පාලනයට එරෙහිව මහමඟට බැසගත් ප‍්‍රංශ ජනතාව ‘‘ඓතිහාසික බැස්ටීල්’’ බන්ධනාගාරයට පහර දී රජ මාලිගයද විනාශ කළෙන් රාජ්‍ය භාණ්ඩාගාරයටද කණකොකා හැඬුවේය. බිඳ දමන ලද එහි තිබූ වටිනා මිණිමුතු ආදිය අතර වූ නිල් දියමන්තියද සදහටම අතුරුදන් වී තිබිණ.


දිගු කලක්ම තොරතුරක් දැනගැනීමට නොහැකිව තිබුණ ශාපලත් දියමන්තිය ගැන කිසියම් අනුමාන හෝඩුවාවක් ආවේ වර්ෂ 1830 දී පමණය. ඒ ස්පාඤ්ඤ්යේ ‘‘මාරියා ලූයිසා’’ රාජිණිය (Queen of Maria luisa) මෙම නිල් දියමන්තියට සමාන දියමන්ති මාලයක් පැළඳසිටීම සම්බන්ධවයි. එය පෙරකී ශාපලත් දියමන්තියට සියයට සියයක්ම සමානය. එවකට සුපතල ‘‘ගෝයා’’  (Goya) නම් චිත‍්‍ර ශිල්පියා විසින් සිතුවමට නගන ලද මාරියා ලූයිසා රාජිණියගේ ජීවමාන ප‍්‍රමාණයේ රූප සිතුවමක මෙම දියමන්තියට සමාන ආභරණයක් දක්නට තිබීමෙන් එය තවදුරටත් තහවුරු විය. 


ප‍්‍රංශයේ රාජ්‍ය භාණ්ඩාගාරය කැඞීමෙන් පසු කැරලිකරුවන් විසින් එය ස්පාඤ්ඤයට විකුණා හෝ රජු ස්පාඤ්ඤයේ පරෙස්සමට තබා හෝ තිබුණ නිල් දියමන්තිය, වර්ෂ 1831 වන විට අයිතිකරු වූයේ  ඕලන්ද ජාතික ‘‘විල්හෙල්ම් පැල්ස්’’ නම්  (Wilhelms þþPalz) මැණික් ව්‍යාපාරිකයාටය. පෙර කල තිබුණ ස්වභාවයෙනුත් වෙනස්වන සේ මෙහි මෝස්තරය වෙනස් කරමින් නව මුහුණුවරක් දුන් ‘‘පැල්ස්’’ එය නිවසේ ආරක්ෂා සහිතව ගබඩා කර තිබෙද්දී ඔහුගේ පුත් ‘‘හෙන්ඩි‍්‍රක් පැල්ස්’’ (Hendrick palz) විසින් සොරකම් කොට ලන්ඩනයට පළාගියේ ඉන් අනතුරුවය එහෙත් කලකට පසුව යළි ක‍්‍රියාත්මක වූ ‘‘ශාපය’’ හෙන්ඩි‍්‍රක් පැල්ස් වෙතටද මරණය උදාකළේය. එය සියදිවි නසා ගැනුමකි.


එයින් වසර කීපයකට පසුව මෙම නිල් දියමන්තිය ‘‘හෙන්රි පිලිප් හෝප්’’ නමැති ඉංග‍්‍රීසි ජාතික (Henry Philip Hope) ව්‍යාපාරිකයා සතුවූයෙන් දියමන්තියේ නාමයද ‘‘හෝප්’’ නමින් ස්ථාපිත විය. වර්ෂ 1839 වන විට ‘‘හෝප්’’ දියමන්තියට හිමිකම කීවේ හෙන්රි පිලිප් හෝප්ගේ අකල්මරණයත් සමඟම ඔහුගේ බෑණනුවන් වූ ‘‘තෝමස්’’ නමැත්තාය. මේ කාලය වනවිට හෝප් දියමන්තිය ශාප ලද්දක් බව කිසිවකුත් දැන නොසිටි අතර ශාපයක් පිළිබඳ වාර්තා ද නොවීය. එහෙයින්ම මේ අලංකාර දියමන්තිය රටවටා ප‍්‍රදර්ශන කරවමින් ජනතාව සතුටු කළ මිහිරි දැකුමක් වූයේය. අතිදුර්ලභ නිල් දියමන්තියක් ලෙසින් මිනිස් හදවත් තුළ මුල්බැසගත් ‘‘හෝප්’’ වර්ෂ 1851 වනතුරු පුරා වසර 50ක්ම නිහඬව ගත කළේය.


වර්ෂ 1900 දී පමණ ‘‘හෝප්’’දියමන්තියේ හිමිකරු වූයේ ප‍්‍රංශ ජාතික ‘‘ජෙක්ස් වෙලට්’’ (Jecks Vellat)ය. අවුරුදු 250ක පමණ ආසන්න කාලයකට පසු ප‍්‍රංශයටම කැරකී ආ රුපියල් කෝටි පහකට පමණ මිල වූ මෙය වැඩි දින ගණනක් ඔහු අත රැඳුණේ නැත. හේතුව අඩසිය වසක දිගු නිහැඬියාව බිඳිමින් ‘‘ශාපය’’ යළි ක‍්‍රියාත්මක වීමයි. එහි ප‍්‍රතිඵලය වූයේ ‘‘ජෙක්ස් වෙලට්’’ සියදිවි නසා ගැනීමයි. ඔහුගේ අභාවයෙන් පසු ‘‘හෝප්’’ හිමිවූයේ රුසියානු ජාතික ‘‘කැනී ටොව්ස්කි’’(Kenny Towzky) ටය. එහෙත් සාහසිකයකුගේ පිහිපහරකට ගොදුරුව ‘‘කැනී’’ට නොසිතූ අයුරින් දිවියෙන් සමුගන්නට සිදුවූවාය. 


කැනීගේ අභාවය ඇවෑමෙන් එම පවුලේ අය විසින් ‘‘හෝප් දියමන්තිය’’ හබීබ් බේ’’ (Habeeb Bay) නම් මුස්ලිම් ව්‍යාපාරිකයකුට විකුණන ලදී. එය මිලදීගෙන ගෙවී ගිය දින කීපය ‘‘හබීබ් බේ’’ ඇතුළු ඔහුගේ පවුලේ සියලූම දෙනා චාරිකාවක නිරතව සිටිද්දී ‘‘ජිබ්රොල්ටාව’’ට නුදුරු මහ සයුරේදී ගිලී මිය ගියහ. අනතුරුව ඉන්දීය ජාතික ‘‘සීමන් මොනතාරිදාස්’’(Siemon Manatharidas)නම් ව්‍යාපාරිකයාගේ අතට ගිය ‘‘හෝප්’’ වැඩි මිලකට අලෙවි කරගැනීමේ වාසනාව ලබා තුර්කියේ දෙවැනි ‘‘අබ්දුල් හමීඞ්’’ (Abdul Hameed) සුල්තාන්වරයාට විකිණීගිය නමුත් පළමු හිමිකරුවූ මොනතාරිදාස්ට සහ අබ්දුල් හමීඞ් සුල්තාන්වරයාටත් මරු වසඟයට පත්වීම නම් වළකා ලිය නොහැකි වූයේය.


තුර්කියේ සිට නැවතත් ප‍්‍රංශය බලා ගමන් ගත් ‘‘හෝප්’’ දියමන්තිය ‘‘පියරේද කාටියර්’’ (Fiary De Cartier) නම් කෝටිපති කුවේරයා අතට ගියමුත් දියමන්තියේ ‘‘ශාපය’’ පිළිබඳව කණින් කොණින් දැනගත් නිසාදෝ ඔහු එය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පදිංචිව සිටි තම හිතවත් එව්ලින් වොල්ෂ් මැක්ලීන් (Evlin Wallshmacklin) නැමැති සුපිරි ධනවත් කාන්තාවකට රුපියල් කෝටි එකහමාරකට විකුණා දැමීය. ඇමෙරිකානු ‘‘වොෂින්ටන් පෝස්ට්’’(Washington Post) පුවත්පතෙහි ප‍්‍රකාශන හිමිකරුවූ ‘‘නෙඞ් මැක්ලීන්ගේ’’ බිරිඳ වූ ‘එව්ලින්’ විසින් එය මිලදී ගැනීමත් සමගම හෝප් දියමන්තියේ ශාපය ඒ දෙසට යොමුවිය. පළමුව ඔවුන්ගේ එකම පුතා දරුණු රිය අනතුරකට ගොදුරුව මිය ගිය අතර ඇයගේ සැමියාවූ ‘නෙඞ්’ බේබදු ජීවිතයකට ඇදවැටී උමතු රෝගියකු බවටත් පත්විය 


‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතෙහි ප‍්‍රකාශන අයිතිය ද ඔහුට අහිමි වී ගියේය. තම දියණිය ද නිදිපෙති පානය කොට සියදිවි නසාගත්තේ මුළු පවුලම සීසීකඩට පත් කරමින්ය. අවසන පවුලම විනාශවී ජීවත්ව සිටි එක් මිණිපිරියක්ද දිවියෙන් සමුගත්තාය.


නොයෙකුත් දුක් පීඩා මැද ඉතිරි වූ ‘‘එව්ලින් මැක්ලින්’’ මහත්මිය වර්ෂ 1947 දී උමතු රෝගියෙකු ලෙසින් මිය යෑමෙන් පසු ඇය සතු සියලූම මැණික් සහ දියමන්ති ආදී වස්තූන් වෙන්දේසි කරනු ලැබිණ. ඒ රුපියල් එක්කෝටි දශලක්ෂයක මුදලකටය. ඒවා මිලදී ගත්තේ ඇමරිකානු ජාතික ‘‘හැරී විල්ස්ටන්’’ (Herry Wilston) නම් ව්‍යාපාරිකයෙකුය. ඔහු තමා විසින් මිලදී ගන්නා ලද විස්මිත ‘හෝප්’ දියමන්තිය ඇතුළු මැණික් වර්ග සියල්ලම ජනතා ප‍්‍රදර්ශනය සඳහා ලොව වටා යැවීය. අවුරුදු 9ක කාලයක් තිස්සේ සැතපුම් හාරලක්ෂයක පමණ දුරක් ගෙවා විවිධ රටවල විවිධ ජාතීන් පනස්ලක්ෂයකට වැඩි පිරිසකට නැරඹීමේ අවස්ථාව ලබාදී රුපියල් කෝටියකට වැඩි ආදායමක් ලැබූ ‘හැරී විල්ස්ටන්’ නම් ජනතා හිතකාමියා ඒ හැම සතයක්ම ලොව විවිධ රටවල වෙසෙන අහිංසක දුප්පත් වැසියන්ගේ සුබසාධන කටයුතුවලටත් යෙදවූයේය. 


පුදුමයකට මෙන් හෝප් දියමන්තියේ අඛණ්ඩව ආ ශාපය ඔහු වෙතට නොපැමිණි අතර ඊට හේතුව වශයෙන් තතු දත් බොහෝ දෙනා හැඳින්වූයේ ඔහු මෙයින් ලද ආදායම් ජනතාව වෙනුවෙන් වැයකළ නිසා බවයි. නැතිනම් වැඩිපුරම මෙම දියමන්තිය ඔහුගේ භාණ්ඩාගාරයේ රැඳී නොතිබුණ නිසා බවයි.


වර්ෂ 1947 දී ‘හැරී විල්ස්ටන්’’ විසින් මිලදී ගනු ලැබූ මැණික් තොගයට අයත් වූ හෝප් දියමන්තිය, මේ පොදුජන සුබසාධන ප‍්‍රදර්ශනවලින් පසු ඇමෙරිකාවේ ‘‘ස්මිත්සෝනියන්’’ ආයතනයට භාර දීමට තීරණය කළේ මෙහි ඉතිහාසය හා සැසඳීමේදී සිදුවූ ව්‍යසන අනාගතයේදී තවත් නොවන සේ තවත් අයකුගේ අතට නොයනු පිණිසය. 


ඒ සංකල්පයට ගරු කිරීමක් සේ හෝප් දියමන්තියේ ශාපය නිහඬවිය. පුරා වසර 300කටත් වැඩි කාලයක් මුළුල්ලේම පෙරදිග ඉන්දියාවෙන් අරඹා යුරෝපයේ විවිධ රටවල විවිධ වූ පුද්ගලයින්ට ශාපදෙමින් මරු කැඳවා නොනවතින දිගු ගමනක් ගිය ‘‘අතිබිහිසුණු හෝප් දියමන්තිය අදත් ‘ස්මිත් සෝනියන්’ කෞතුකාගාරයේ ප‍්‍රදර්ශන කුටියකට වී ආරක්ෂා සහිතව නිහඬව බලා සිටියි. 
වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත විවිධ දේශදේශාන්තර රාජ්‍ය නියෝජනය කරන්නන්ගේ නෙත සිත පිනවමින් මන දොළ පුරවන ‘හෝප්’ දියමන්තියටම ආවේණික වූ මේ ‘‘මාරාන්තික ශාපය’’ කවදා කොහෙන්, කොහොම ලැබුණාදැයි මුළු ලොවටම අභිරහසක්ව තිබේ. එනමුත් ලෝකයේ වටිනාකමින් අනූන ‘‘කොහිනූර්’’ දියමන්තියත් ලෝකයේ බිහිසුණුකමින් අනූන ‘හෝප්’ දියමන්තියත් අද ලෝක උරුමයක් ලෙසින් ඇමෙරිකාවේ ‘‘ස්මිත් සෝනියන්’’ කෞතුකාගාරයේ මැදිරියක සිට ලෝකය බබළවන්නේ ය.   

 

 නිකවැරටිය  උබේසේකර කුමාරසිංහ

 



අදහස් (0)

යුරෝපයට මරු කැඳවූ දියමන්තියේ ශාපය...

සමන් Sunday, 03 March 2013 04:38 AM

ඉන්දියාවේ බඩුනේ. ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

අමර Friday, 01 March 2013 03:09 PM

චිත්‍රපටියක්ද (දී)

:       0       0

ආනන්ද Friday, 01 March 2013 03:09 PM

ඔය මැණික් වලත් තියෙනවාලු එක එක ශාප

:       0       0

අනුරි Monday, 25 February 2013 07:28 PM

බයත් හිතෙනවා (දී)

:       0       0

සීලා Tuesday, 26 February 2013 05:18 PM

අපේ රටේ එක තැනක් තියෙනවා. ඒ තැනට එවන්න බැරිද දවස් දෙකකට? (නි)

:       0       0

නීලා Monday, 25 February 2013 10:26 AM

මේක අපේ පාර්ලිමේන්තුව පැත්තට එවන්න බැරිද සතියකට විතර? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 28 February 2013 03:40 AM

සිත් ඇදගන්නා සුළු කතාවක්. චිත්‍රපටයකට නැඟුනා නම් නියමයි. ස්තූතියි උබේසේකර මහතාණෙනි. (නි)

:       0       0

චන්දන Sunday, 24 February 2013 09:37 PM

ඉංග්‍රීසි චිත්‍රපටියක් වගේ (දී)

:       0       0

ප්‍රේමරත්න Monday, 04 March 2013 08:13 PM

කොහිනූර් නම් ලොවපතල කහපාට දියමන්තියක් ඉන්දියාවෙන් සොරාගත් පූජා භාන්ඩයක්. එම දියමන්තිය දැන් බ්‍රිතාන්‍යයේ එලිමබත් මහරැජින සතුව පවතිනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 208 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 39 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 75 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 164 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 222 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 864 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 496 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site