IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


යූරියාවලට මේ තරම් බය ඇයි?

‘යූරියා  යනු ස්වාභාවිකව ජනිත වූ ‘විශ්වකර්‍ම’ අණුවකි.  ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත     කිරීමය. ඒ නිසා, යූරියා ඉතා විශාල ප්‍රමාණයක් ලෝකය පුරා කෘත්‍රිමව නිපදවේ. මෑතක් දක්වා, ගෝලීය නිෂ්පාදනයෙන් 0.1% ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙමින් පැවතුණි. ඉතිරි 99.9% ක් භාවිත කළ කිසිම රටකින් යූරියා විසවීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නැත.’

යූරියා හි කාබන් අඩංගුවේ. එබැවින් එය ‘කාබනික’ සංයෝගයකි. යූරියාවල රසායනික සූත්‍රය CH4 N2 O ය. එනම්, යූරියා අණුවක, කාබන් පරමාණුවක්, හයිඩ්‍රජන් හතරක්, නයිට්‍රජන් දෙකක් සහ ඔක්සිජන් එකක් බැගින් ඇත. යූරියා අණුවේ බරෙන් දළ වශයෙන් 20%ක් කාබන් අඩංගු වේ. නයිට්‍රජන් අන්තර්ගතය බර අනුව 46%කි.

හදිසියේම කෘත්‍රිම රසායනික’ පොහොර ආනයනය තහනම් කිරීමත්, ඒ පිළිබඳව රටපුරා ඇතිවුණ විද්වත් සාකච්ඡා සහ ගොවීන්ගේ විරෝධතා සමූහයක් රටේ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා බහුලව ප්‍රචාරය වෙමින් පවතී. එහෙත්, මේ වන තුරු ඒ සියලු‍ දේ ‘බීරි අලින්ට වීනා වාදනය කිරීමක්’ බවට පත්වී ඇත. මෙම ලිපියත් එවැනි නිෂ්ප්‍රභ උත්සාහයක් විය හැකි වුවත්, තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකාව ගොදුරුවන අවාසනාවන්ත ඉරණම පිළිබඳව අනතුරු ඇඟවීමක් කිරීම අප සතු වගකීමක් මෙන්ම යුතු කමක්ද නිසා, යූරියා පිළිබද රසායන විද්‍යාත්මක කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම උචිතය.

ඉතා වැදගත් වචන, කිසිම අවබෝධයකින් තොරව ‘නිදැල්ලේ’ භාවිත කිරීම අඥායන්ගේ ලකුණකි. එය ඉතා භයානක කාරණයකි. මන්ද, රටේ ආහාර සුරක්ෂිතභාවය පමණක් නොව මුළු මහත් ජනතාවගේ අනාගතයම බිඳ වැටීමට හේතුවිය හැකිය.

රසායනික’ සහ ‘කාබනික’ යන වචන මෙසේ වැරැදි ලෙස භාවිත කරන දෙකකි.

‘රසායනික පොහොර’ ආනයනය මුළුමනින්ම තහනම් කරන බව ප්‍රකාශ කෙරුණි. මෙලොව ඇති සියලු‍ පොහොර සෑදී ඇත්තේ රසායනික මූල ද්‍රව්‍ය වලිනි. එමනිසා, රසායනික නොවන කිසිම පොහොරක් නැත! ‘කෘත්‍රිම’ යන වචනය වෙනුවට රසායනික’ යන වචනය යෙදීමෙන් වැළකිය යුතුය.

‘කාබනික’ යන්නෙහි අර්ථය ‘කාබන් අඩංගු’ යන්නය. ඉහත සඳහන් කළ පරිදි යූරියා අණුවක කාබන් 20%ක් අඩංගුය. ඒ නිසා එය සැබැවින්ම කාබනික ද්‍රව්‍යකි. එහෙත්, යූරියා පොහොර, කෘත්‍රිමව නිපදවන නිසා එය කෘත්‍රිම පොහොරක් කියාත්, ‘කොම්පොස්ට්’ ක්‍රමයට නිපදවන පොහොර ස්වාභාවික පොහොර’ කියාත් නම් කිරීම නිවැරදිය.

අත්තනෝමතික අතළොස්සක් විසින් රට වනසාලන තුරු පැත්තකට වී බලා සිටීම නිවැරැදි විකල්පයක් ලෙස සිතන විද්වත්හු දහස් ගණනක් රට තුළ සිටිති. එහෙත්, කාගේත් වාසනාවකට මෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය මණ්ඩලය විසින් මේ කාරණය බලධාරීන්ට වටහා දීම සඳහා ඉමහත් වෙහෙසක් දරා ඇත.

එලැඹෙන ‘මහ’ කන්නයට කල් වේලා ඇතිව යූරියා නොලැබුණ හොත්, ලබන අලු‍ත් අවුරුද්ද සමයේ දී රටේ ආහාර සුරක්ෂිත භාව සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇත.

කොරෝනා වයිරසයේ දැඩි පීඩනයට හසුව දිගු කාලයක් තෙරපුණු රටවැසියන්ට, ආහාර හිඟයක දුෂ්කරතාවකට මුහුණ දීම ඉතා අපහසු වනු ඇත.

යූරියා යනු ඉතා සරල, පරිසරයේ බොහෝ සුලභව පැතිර ඇති දෙයකි. සෑම මිනිසකුම දිනකට යූරියා ග්‍රෑම් 25-30 අතර ප්‍රමාණයක් මුත්‍ර මගින් පිට කරයි. එම යූරියා ශරීරය තුළ නිපදවෙන්නේ අප ආහාරයට ගන්නා ප්‍රෝටීන දිරවීමේදීය. මව්කිරි, රුධිරය සහ දහඩියවල ද යූරියා අඩංගුය. තව ද, යූරියා සියයට 40 ක් දක්වා අඩංගු මුහුණු සහ ශරීර ආලේප ද වෙළෙඳ පොළේ බහුලය. මෙයින් පෙනී යන්නේ, යූරියා යනු ශරීරයට විශකාරී දෙයක් නොවන බවයි. එහෙත්, වෙනත් බොහෝ දෑ මෙන්ම අධික ලෙස යූරියා ශරීරගතවීම අහිතකරය.

යූරියා යනු ස්වභාවිකව ජනිත වන කාබනික සංයෝගයකි. එය ප්‍රථම වරට 1777වසරේ දී මුත්‍ර වලින් වෙන් කොට හඳුනා ගන්නා ලද අතර මේ වන විට පොහොර සඳහා වසරකට මෙට්‍රික් ටොන් මිලියන 220ක් පමණ කෘතිම ලෙස ලෝකය පුරා නිෂ්පාදනය කෙරේ. එයින්, දල වශයෙන් මෙට්‍රික් ටොන් 250,000ක්, එනම් ලෝක ධාරිතාවෙන් 0.1%ක් පමණ ලංකාවට ආනයනය කෙරේ.

නිසිලෙස භාවිත කිරීමෙන් යූරියා විෂවීමක් පිළිබඳව ලෝකයේ කිසිම රටකින් මෙතෙක් වාර්තා වී නැත. එසේ නම්, 0.1%ක් භාවිත කළ අපේ රටට පමණක් යූරියා විෂකාරකයක් වූයේ කෙලෙස දැයි අදහාගත නොහැකිය.

මෙම සියලු කාරණ කෙටියෙන් සඳහන් කළොත් එය මෙසේය.

යූරියා යනු ‘විශ්වකර්ම’ අණුවකි! හෙට ලෝකය පුරාම යූරියා තහනම් කළොත්, තව වසරක් ඇතුළත ලෝකයේ ජනග්‍රහණයෙන් අඩක් හාමතේ මියයනු ඇති බව විද්වත් මතයයි. එනම්, ලංකාවේ ජනගහනය මිලියන 10කට බසිනු ඇත.

පිරිසුදු යූරියාවල බැර ලෝහ අඩංගු වීමට කිසි ඉඩක් නැත. මන්ද, යූරියා නිපදවනු ලබන්නේ වායු දෙකක් ප්‍රතික්‍රියා කිරීම නිසාය.

යූරියාවල ඇති නයිට්‍රජන් සියයට 46 ප්‍රමාණයම ඉතා පහසුවෙන් ශාකවලට උරා ගත හැකිය. වෙනත් කිසිම පොහොරක (ඇමෝනියා වායුව හැර) මෙතරම් නයිට්‍රජන් ප්‍රමාණයක් අඩංගු නැත. බොහෝ කොම්පෝස්ට් පොහොරවල නයිට්‍රජන් ඇත්තේ 4-6% කි. එයද, පසට කාන්දුවන්නේ ඉතා සෙමින්ය.

යූරියා කැට, වගාවලට යෙදීම ඉතා පහසුය. ඇමෝනියා දියර වැනි දෑ පාවිච්චිය ඉතා අසීරුය.

ලංකාවේ දැනට භාවිත කරන්නේ ‘සරල’ (බාල) යූරියාය. එම යූරියා, වගාවකට යෙදූ විගස එයින් සියයට 40-50 පමණ පොළොවේ ඇති බැක්ටීරියා මගින් විනාශ කරයි. මෙය වැලැක්වීමට, බොහෝ රටවල ප්‍රතිකාර කරන ලද’ (treated) යූරියා යොදනු ලැබේ. මෙම නව යූරියා යෙදිය යුත්තේ පැරණි යූරියා මාත්‍රාවෙන් සියයට 30-40 ක් පමණි. එම නිසා මේ දෙකටම යන වියදම ආසන්න වශයෙන් සමානය.

ලංකාවේ ගොවියා පොහොර සහ වල් පැලෑටි/කෘමි නාශක ඉතා වගකීමකින් යුතුව භාවිත කිරීමට නැඹුරු විය යුතුය.

යූරියා භාවිතයෙන් පොළොව නිසරු වෙන බව කියන වැරැදි අදහසක් ජනගතවී ඇත. එය මුසාවකි. නිතරම එක දිගට එකම දෙය වගා කිරීමෙන් පස නිසරුවේ. ඒ නිසා, බෝග මාරු කිරීම හෝ කොම්පෝස්ට් ද්‍රව්‍ය විටින් විට යෙදීම කළ යුතුය.

යූරියා භාවිතයෙන් තොරව, බොහෝ භෝග සාර්ථකව වැවිය නොහැක. ගොයම්, තේ, බුලත්, මල් වර්ග, එළවළු, පලා වර්ග, හරිතාගාර වගා ආදිය මෙයින් සමහරකි.

ස්වාභාවික සහ කෘත්‍රිම පොහොර යන දෙකෙන් ශාකවලට ඇති ප්‍රයෝජන එක සමාන නොවේ. මේ දෙකම විද්‍යාත්මක සම්මිශ්‍රනයක් ලෙස භාවිත කළ යුතු බව විද්වතුන්ගේ අදහසයි.

(***)
ආචාර්ය නිමල් රාජපක්ෂ
එඩ්මන්ටන්, කැනඩාව.



අදහස් (5)

යූරියාවලට මේ තරම් බය ඇයි?

goviyek Wednesday, 27 October 2021 05:23 AM

ප්‍රමිතියෙන් ඉහල යුරියා වගාවට යෙදවීමෙන් ගොවියට හානියක් නොවේ. නමුත් ලංකවේ පුද්ගලික ආයතන මගින් ගෙන්වා ලබාදෙනු ලබන යුරියා නිසි ප්‍රමිතියකින් තොරවේ. නොමිලයේ ඉහල ප්‍රමිතියෙ යුරියා පොහොර ලබාදීමට කිසිදු රජයකට නොහැක. වර්තමාන රජය දේශපාලන පොරොන්දු ඉටුකිරීම සදහා ගොවියාට නොමිලයේ ලබාදෙනු ලැබුවේ ‘සරල’ (බාල) යූරියාවේ. පසුගිය මැතිවරණ වේදිකාවේ ගොවියාගෙන් චන්දය ලබාගැනීමට ලබාදුන් දේශපාලන පොරොන්දුවක් වූ නොමිලයේ පොහොර පොරොන්දුව මේ වනවිට කඩවුණු පොරොන්දුවක් බවට පත්ව තිබේ. මේවන විට ලබදෙනාවූ හෝ ලබාදීමට සැලසුම් කරන්නවූ ද්‍රව යුරියා පොහොර ගොවින් ප්‍රතික්ෂේප කලයුතුවේ.

:       1       5

gamunu Wednesday, 27 October 2021 06:10 AM

කෘෂිකර්ම අද්‍යක්ෂ ජනරාල් අජන්තද සිල්වාගේ නිගමනය අනුව නැනෝ නයිට්‍රජන් පොහොර ( ද්‍රව යුරියා ) ශාකයේ පත්‍ර මත ඉසීමෙන් නිසි ප්‍රතිපල ලැබේද ?කිසි සේත්ම නැත. ශාක පත්‍ර මතුපිට ඉතාම සිනිදු සිවියකින් එම පත්‍රය ආරක්ෂා කර තිබේ. එසේ ආරක්ස වී තිබෙනුයේ ශාකය හෝ පැලෑටිය වර්දනය සදහා සුර්යා ලෝකය ලබා ගැනීම සදහා පමණි. වාතය ලබාගැනීම සදහා පුටිකා පත්‍ර යේ යටි පැත්තේ පිහිටා ඇත. එමනිසා ජලය හෝ වෙනත් ද්‍රවයක් පත්‍ර මත පතිත වුවිට සැනෙකින් පොලව මතුපිටට පතිත වේ.පොහොර සහ ජලය ලබා ගැනීමට ශාක හෝ ඕනෑම පැල වර්ගයකට මුල් පද්දතියක් සොබාදහම මගින්ම ලබා දි ඇත. නිසි ප්‍රමිතියෙන් යුතු යුරියා ලබාදෙනවා වෙනුවට කෘෂිකර්ම අද්‍යක්ෂ ජනරාල් අජන්තද සිල්වාගේ නිගමනය අනුව නැනෝ නයිට්රටජන් පොහොර ශාක පත්‍ර මත ඉසීම පිලියමක් නොවේ. අහිංසක ගොවීන් රැවටීම බත් කන රටක සිටින දේශපාලකයන් සහ ගොවීන් වෙනුවෙන් තීන්දු තීරණ ගන්න පුද්ගලයන් හට කල හැකිද ?

:       1       4

Ranawaka Wednesday, 27 October 2021 10:08 AM

ඔබ නිවැරදියි.අපේ බොහෝ මිනිසුන්ට සත්‍යය තේරුම් ගැනීමට නොහැකිය.

:       1       5

ටී ඒ .එම්.ඩී.තෙන්නකෝන් Thursday, 28 October 2021 09:56 AM

මේක පොහොර ගැන තේරෙන භාෂාවෙන් ලියපු වැදගත්ම ලිපියක්.

:       0       1

Rasitha Thursday, 28 October 2021 11:10 AM

නමුත් ලංකවේ වගා බිම් වල ආසනික් (අදික විස) ප්‍රතිශතය වැඩි වී ගොවින් ලෙඩ උනේ කොහොමද කියන එකට උතතරයක් දෙන්න පුලුවන් නම් වඩා හොදයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 188 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 107 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 41 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3998 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12514 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 638 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38188 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site