දශක තුනක පටන් තිබූ කොටි ත‍්‍රස්තවාදී වසංගතය දැන් අවසන්ය. එලෙසම මීට වසර 29 කට පෙර එනම් 1985 ජනවාරි 19 වැනිි දින කොටි ත‍්‍රස්තවාදීන් විසින් පුපුරුවා දමනු ලැබූ යාල්දේවී දුම්රිය සහ දුම්රිය මග විශාල ශෝකාන්තයක් අතීතයට එක්කරලීය. එම දරුණු පිපිරවීමෙන් දිවි ගලවාගත් වීරවරුන් දෙදෙනෙකි. ඒ කපිතාන් බණ්ඩාර සහ දුම්රිය රියදුරු රැෆියෙල් ලියනගේ මහතාය. එලෙසම මෙම පිපිරුම ගැන කල්තියා ඔත්තුව ලබාදී අද ඉතා අසරණ ජීවිතයක් ගත කරන එරික් අලහප්පෙරුම මහත්මිය ද තවමත් ජීවතුන් අතර සිටියි. අද අපේ කථානායක බණ්ඩාර මහතා තම ජීවිතයේ ලද උපරිම අවදානමත් තමා කළ මෙහෙවර පිළිබඳවත් මෙලෙස කටහඬ අවදි කළේය.
මගේ ගම මාතලේ බණ්ඩාරපොළ. මං ඉපදුනේ නම් 1937 ජනවාරි 10. හමුදාවට බැඳුණේ 1956 දී. මේ සිද්ධිය මට අද වගේ මතකයි. මොකද මීට අවුරුදු 29 කට කලින් කොටි විනාශ කරපු යාල්දේවී දුම්රිය අද ආයෙත් යාපනේට යනවා. විශේෂ අරාධිතයකු ලෙස මට ආරාධනාවකුත් ලැබුණා. එදා ඒ මං ගිය අවසන් යාල්දේවී ගමනයි, අද යන ගමනයි දකිද්දි හිතට කියා ගන්න බැරි තරම් දුකක් වගේම සතුටකුත් එනවා.
ඔය සිද්ධිය වුන දිනයේ දී මං ශ්‍රී ලංකා පාබල හමුදාවෙ පනාගොඩ කපිතාන් කෙනෙකු ලෙස සේවය කළා. ඒ අතර 1985 ජනවාරි 19 දින මට සිදුවුණා යාපනය අර්ධද්වීපයේ සේවය කරන සෙබළුන්ගෙ වැටුප් අරගෙන යන්න. වැටුප් සමග තවත් අවශ්‍ය දේ රැුගෙන අපි 5.45ට කොටුවෙන් පිටත් වුණා. මට ආරක්ෂාව සඳහා නිලධාරියෙක් සමග තවත් සෙබළු 25 දෙනෙක් හිටියා. මොකද මං අරගෙන යන්නෙ සල්ලි නිසා. කොහොම හරි අපි අනුරාධපුරේ පාස් කරලා එලිෆන්ට්පාස්වලට යනකොට දවල් 1 ට 2 ට වගේ ඇති. කොහොම හරි අපි එලිපන්ට්පාස් දුම්රිය ස්ථානයට ආවම අපිට දැනගන්න ලැබුණා. එතනින් එහාට රේල් පාර සම්පූර්ණයෙන් කොටි පුපුරවලා හැරලා කියලා. පස්සෙ අපි සල්ලිත් තියෙන නිසා එලිපන්ට්පාස් හමුදා කඳවුරට ගියා. කඳවුරේ නිලධාරියා කිව්වා ”යන්න එපා” කියලා. ඒත් කවුරුත් දැනං හිටියෙ නෑ. මං ගෙනිච්චෙ පඩි සල්ලි කියලා. පස්සෙ ඒ නිලධාරියට කථා කරලා මං පඩි සල්ලි ඒ කඳවුරේ තියන්න සැලසුම් කළා. ඒ සියල්ල ඒ කඳවුරට බාර දීලා අපි දවල්ටත් කෑම කාලා හිටියා ඊළඟට මොකද්ද කරන්නෙ කියලා හිතලා. ඔය අවස්ථාවේ තමයි අර කියන කාන්තාව (එරින් අලහප්පෙරුම* කඳවුරට ආවේ. ඒ කාන්තාවගේ සැමියා දෙමළ, ඒ වගේම වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. එයා තමයි මේ කාන්තාවට කියලා තියෙන්නේ අද කොහොම හරි යාල්දේවී පුපුරුවනවා කියලා.
ඒ ගෑනු කෙනා කිව්වා කොටි දැනගත්තොත් මං මෙහෙම ඔත්තු දුන්නා කියලා උන් මාවයි මගේ දරුවවයි මරනවා කියලා. පස්සෙ කෑම්ප් එකේ කැප්ටන් කිව්වා ”එහෙනම් ඔයාත් මේ කට්ටිය එක්ක අනුරාධපුරේ යන්න” කියලා. පස්සෙ ඒ ගෑනු කෙනත් අපි එක්ක එන්න සූදානම් වුණා ආරක්ෂාව තකා. කොහොම හරි 4.30 වගේ වෙද්දි අපිට අණ ලැබුණා කොළඹින් දැන් පාර ක්ලියර් නිසා ආපහු කොළඹ එන්න කියලා. පස්සේ අපි ගෙනිච්ච පඩි කාටවත් ගෙවන්න හම්බ වුණේ නෑ. ඒත් කොටි දන්නවා අපි පඩි ගෙනාවා කියලා. පඩි ගත්තට පස්සෙ විශාල පිරිසක් මේ කොච්චියට නගියි කියලා තමයි උන් හිතුවේ. උන් කොහොම හරි අපිටත් වඩා පඩි සල්ලි කෝ්ච්චිය පුපුරවන විදිහ සහ කෝච්චියට ඉස්සරහට යන්න බැරි වෙන්න වැඩ කරන්න දැනගෙන හිටියා. ඊට පස්සෙ මෙන්න බොලේ අපිට ප‍්‍රවෘත්තියක් ආවා කෝච්චිය ගියත් පුපුරනවා නැතත් පුපුරනවා කියලා. දැන් අපිට කෝච්චිය තියාගෙන ඉන්නත් බෑ.
කොහොම හරි අපි එන්න සූදානම් වුණා. ඒනිසා නිවාඩු යන සෙබළු සුළු පිරිසක් පමණක් නැග්ගා. ඒ අතර කොටි ප‍්‍රවෘත්තියක් යවලා තිබුණා මෙතන ඉඳන් අනුරාධපුරේ වෙනකං ස්ටේෂන්වලට යම් සංඥාවක් දීලා තිබුණා දෙමළ වැසියන්ට දුම්රියට නගින්න එපා කියලා. ඒ සංඥාව තමයි හැම ස්ටේෂමකම ගිනි ගොඩක් ගහලා තිබ්බ එක.
හැබැයි ඇවිලෙන ගිනි ගොඩක් නෙවෙයි. දුම නගිනවා විතරයි. ඒ කියන්නේ දුම නගින ගිනි ගොඩ තියෙනවා නම් යාල්දේවියට නගින්න එපා කියලා. දැන් ඉතිං අපි කෝච්චියේ එන්න පිටත් වුණා. දැන් මෙහෙම කෝච්චියේ එනකොට අවදානම් කලාපයක් ( Danger area) තියෙනවා අපිට පහු කරන්න. ඒ මුරුක්කන්ඩි යනකං තමයි. මොකද කොටි පාලනයක් තිබ්බා ඒ පැත්තේ. කොහොම හරි අවදානම් කලාපය පහු කළාම මගේ ආරක්ෂාවට සිටි නිලධාරියා කිව්වා ”මචං බය වෙන්න දෙයක් නෑ. අපි දැන් අවදානම් කලාපය පහු කළා කියලා.” ඊට පස්සේ මම ඇන්ජිමට පස්සෙ පෙට්ටියට ගිහින් ටිකක් විවේක ගන්න ලෑස්ති වුණා. කොහොම හරි ඒ පෙට්ටියෙ ඉස්සරහ කොටසෙ මම ඉන්නකොට අර කාන්තාව මට සීට් පේලි 3ක් විතර පස්සෙන් වාඩිවෙලා හිටියා. පෙට්ටි 14ක් තිබ්බ කෝච්චියේ අන්තිම මැද පෙට්ටිවල තමා කට්ටිය හිටියේ. බේරුනේ කොහොම හරි ගාඞ් පෙට්ටිය, මං හිටපු පෙට්ටියේ කොටසක් සහ ඇන්ජිම විතරයි.
කොළඹින් එන්න කියලා අපිට අණ ලැබුණ නිසා අපිට අනුරාධපුරේට කෝච්චිය ගෙනියන්න වුණා. අපි හොඳටම දන්නවා අද මේ යද්දි කෝච්චිය පුපුරුවයි කියලා. ඒ නිසාම රියදුරු මහත්තයා කිව්වා ”කරන්න දෙයක් නෑ අපි යං. හැබැයි මං කෝච්චිය 70ට 80ට විතර හයියෙන් යනවා. කිසිම බාධකයකටවත් නවත්වන්නේ නෑ. මොකද මෙච්චර වේගෙන් යද්දි පිපුරුවත් අපිට දිගටම යන්න පුළුවන්. ඒ වගේම කළුවර නිසා ලයිට් දාන්නෙ නැතුව යනවා” කිව්වා. ඒත් අලි මාරුවෙන එක පුංචි තැනක් තියෙනවා. එතනදි පමණක් මං ලයිට් දානවා” කියලත් එයා කිව්වා. මොකද දන්නවද හේතුව. එහෙ රේල් පාර කිලෝමීටර් ගණනක් තනි කෙළින් තිබුණ පාරක්. ඒක නිසා ලයිට් දැම්මොත් කොටින්ට පේනවා කියලා.
හැබැයි කොටින් දැනගෙන හිටියා එළිපන්ට්පාස් කියන්නේ අලි මාරුවෙන තැන හින්දා කෝච්චිය නවත්වයි කියලා. ඒත් රියදුරු මහත්තයා හයියෙන්ම යන නිසා එයා එතනදි විතරක් ලයිට් එක දානවා හැබැයි නවත්වන්නේ නෑ කියලා කිව්වා. කොහොම හරි එයා වේගයෙන් දුම්රිය පදවගෙන ආවා. හැබැයි අර කියපු ස්ථානයේ දී මෙයා ලයිට් එක දාපු ගමන් දැක්කා කොටි පුපුරවන්න හදනවා කියලා. මොකද එදා තිබ්බෙ රිමෝට් ක‍්‍රමයක් නෙවෙයි. වයර් දෙකක් අමුණලා තමයි බෝම්බ පුපුරවන්නේ. අනික මුන් බැරල් බෝම්බ හදලා තිබ්බේ. බෝම්බ 3 ක් සෙට් කරලා තිබ්බා.
කොහොම හරි ලයිට් එක දාපු ගමන් ඩ‍්‍රයිවර් මහත්තයා දැක්කා පළවෙනි බෝම්බය අමුණන විදිය. හැබැයි එතකොටම අපි එතනින් පාස් වුණා. ඒක නිසා පළවෙනි බෝම්බෙ පිපිරුණේ නැහැ. හැබැයි දෙවැනි සහ තුන්වෙනි බෝම්බ පිපිරුණා. මේ වෙද්දි අපි කොකාවිල් කියන ප‍්‍රදේශයේ තමයි හිටියේ.
කොකාවිල් කියන්නේ මෙතන වටේටම විශාල වතුර වළක් තියෙන්නේ. ඒක අලි වතුර බොන්න එන ලොකු බෝක්කුවක් වගේ. දෙවැනි බෝම්බ පුපුරද්දි ඇන්ජිමයි, ගාඞ් පෙට්ටියයි මං හිටපු පෙට්ටියේ බාගයකුත් බෝම්බෙට අහු වුණේ නෑ. කොහොම හරි පිපුරුණු සද්ද ඇහුණා. ඒත් අපි පෙට්ටි කෑලි ටික ඉස්සරහටම ගියා. තුන්වෙනි බෝම්බෙ පුපුරද්දි අපි වේගෙන් නවත්වන්නෙ නැතුව ඉස්සරහටම ගියා. කොහොම හරි අපි එන්ජිමේ ඕනෑකමට යනවත් නෙවෙයි. ආපු වේගෙට ඔහේ කිලොමීටර් 4 ක් 5 ක් ඉස්සරහටම ගියා. හැබැයි ඩ‍්‍රයිවර් මහත්තයා කරපු හොඳම වැඬේ තමයි බේරුණු අපේ පෙට්ටි 2 1/2 ඔහේ රේල් පාරෙ යන්න හැරියා. බ්‍රේක් ගැහුවෙ නැහැ. මන්ද අපි බැරි වෙලාවත් එතන නතර වුණා නම් කොටි අපිට වෙඩි තියලා මරණවා. දැන් පිපුරුම් ඉවර වුණාට පස්සෙ ලොකු වෙඩි වරුසාවක් අපිට ඇහුණා. පස්සෙ රියදුරු මහත්තයා අඳුරන ගෙයක් ළඟ නතර කළා කෝච්චිය. කොහොම හරි ඒ ගෙදර මනුස්සයා ඉන්නවද බැලූවත් කවුරුවත් නෑ. කොටි ඒ අයවත් ගෙනියලා, මොකද මේ ප‍්‍රවෘත්තියත් කියයි කියලා.
පස්සෙ පැය භාගයකට වඩා ගියපු පසු මං කිව්වා ”මගේ ළමයි ටික තමයි හිටියේ පිටිපස්සෙ පෙට්ටිවල ඒකනිසා මට ඉස්සරහට යන්න බෑ. එයාලට මොකද වුණේ කියලා මට බලන්න ඕනෑ” කිව්වා. පස්සෙ රියදුරු මහත්තය ටිකක් කතා නොකර ඉඳලා කිව්වා ”හරි එහෙනම් අපි යං” කියලා අපි පෙට්ටි ටික පසුපසට ආවා. මේ වෙනකොට හවස 6.30 ට ආසන්න වෙලා ඇති. පස්සෙ අපි බොහොම හෙමින් හෙමින් පස්සට ඇවිත් අන්තිම මීටර් 100 විතර මම බැහැලා පස්සට ඇවිදගෙන යන ගමන් කෝච්චියට එන්න කියලා සිග්නල් කළා. කොහොම හරි අපි ඒ ළඟටම ආවම විශ්වාස කරන්නත් බෑ අලි දෙන්නෙක් විතර බස්සන්න පුළුවන් ලොකු වළක් හෑරිලා බෝම්බ පිපිරීම නිසා. අර වතුර වළ ළඟට ආවත් මට මේ අඳුරේ හරියට මුකුත් පේන්නේ නෑ. ඒත් මට වතුර වළේ වටෙන් ගිහින් වටේ බැලූවා. බලද්දි මගේ ආරක්ෂාවට ආපු කවුරුවත් නෑ. කිසිම කෙනෙක් පේන්න හිටියේ නෑ.
පස්සෙ මං හයියෙන් කතා කළා. මේ වෙද්දි කෝච්චි පාරක් කියලා දෙයක් තිබ්බෙ නැහැ. පෙට්ටි විසි වෙලා ඈත තිබ්බා. කෝච්චිය පිපිරුවට පෙට්ටි එහෙම ගිනි අරන් තිබ්බෙ නෑ. සමහර පෙට්ටිවල කෑලි ගස්වල උඩ තිබ්බෙ. පෙට්ටි උඩ ගිහින් තමයි බිම වැටිලා තිබ්බෙ. පස්සෙ මම නැවත නැවත කෑ ගහලා කිව්වා මේ කතා කරන්නේ අහවල් කෙනා තුවාලවුණු අය ඉන්නව නම් කියන්න බය වෙන්න එපා කියලා. මං හමුදාවේ විදියටත් කෑගැහුවා. ඒ අතර යන්තම් දෙන්නෙක් කුසු කුසු ගානවා ඇහුණත් එළියට ආවේ නෑ.
මොනව වුණත් මටත් හරිම බයයි ඒ වෙලේ. මොකද හැංගිලා හිටපු කොටියෙක් හරි වෙඩි තියයි කියලා. එන්ජින් එකත් ළඟ නෑ. මං නිකං සොහොනක ඉන්නවා වගේ කවුරුත් හිටියෙ නෑ. මං කෑගහලා කියද්දි ටික ටික කට්ටිය මරළතෝනි දෙනවා. කෙඳිරි ගාන සද්දෙ ඇහුණා. මේ වෙලාවෙ මට වෙඩි වැදුණත් කරන්න දෙයක් නෑ. මොකද මේ මිනිස්සු ගැන මං මොනවද කියන්නෙ කොළඹට. මාත් එක්ක ආපු අයනෙ මෙයාලා. කොහොම හරි තුවාල වෙලා අසාධ්‍ය තත්ත්වයේ හිටපු අය හිටියා. කොහොම හරි මං ඒ අයව උස්සගෙන අර මං හිටපු පෙට්ටි භාගයට ගෙනත් දැම්මා. ඒ වගේ සැරින් සැරේ පණ තිබ්බ කිහිපදෙනෙක් උස්සන් ඇවිත් තිබ්බා. ඩ‍්‍රයිවර් මහත්තයත් හොඳ වැඩක් කළා. ඒ වෙලේ එයා එන්න පුළුවන් ළඟටම ටික ටික කෝච්චිය ගෙනාවා. හැබැයි ඒ වෙලාවේ එතන හිටපු අනිත් ගාඞ් (මබාැර ටම්රා* දෙමළ කෙනෙක්. කිසිම උදව්වක් එයා කළේ නෑ. ඒ මදිවට හෙඞ් ගාඞ් පවා දෙමළ මනුස්සයෙක්. ඒ මනුස්සයා හොඳටම තුවාල වෙලා බේරුණත් එයත් දැන ගෙන ඉඳලා තියෙනවා මේ පිපිරවීම ගැන.
කොහොම හරි මං අර කැඩිච්ච පෙට්ටියට බේරගන්න පුළුවන් කියලා හිතුනු 28 දෙනෙක්ව උස්සලා ගිහින් දැම්මා. දැන් කට්ටිය දාල ඒ පෙට්ටි කෑල්ලත් පිරිලා. මේ වෙද්දි මටත් ගොඩක් මහන්සියි. ගෙනත් දාපු කට්ටියගෙත් ජීවිත බේරෙන්නේ නෑ කියලා හිතුන පිරිසකුත් හිටියා. සමහරුන්ගේ අත් කෑලි පිටවල් එහෙම නෑ. කොච්චර දරුණු තුවාල වුණත් ඒ මගේ ළමයි නිසා ගෙනත් දැම්මා. පුළුවන් විදියට කට්ටියව ගෙනාවට පස්සෙ අපි අනුරාධපුරේ යන්න හදද්දි එක පාරටම කවුදෝ කෙනෙක් කෑගහනවා ඇහුණා. ”මගේ නහය කැඩිලා බේරගනියෝ” කියලා. දැන් මට යන්නත් බයයි ආයේ. මොකද කොටියා කෑගහනවද දන්නෙත් නෑ. මෙලෝ දෙයක් පේන්නෙ නැති අඳුරේ. ඒත් මං ඒ කෙනා කෑගහන සද්දේ දිහාවට හොයාගෙන යන්න පිටත් වුණා. කොහොම හරි හඬ ඔස්සේ මං ඒ කෑගහපු කෙනා ළඟට ගියා. දැන් 7 පහුවෙලා. මෙහෙම බලද්දි කවුදෝ කෙනෙක් පෙට්ටියක හිරවෙලා හිටියා. පස්සේ එයා හිටපු තැනට නැගලා හිරවුණු කෙනාව ගත්තා. තව ටිකෙන් හිරවුණු අඬේට පයින් ගහලා විසි කරද්දි මගේ ඔළුවට වැටෙන්න ගියා. පස්සෙ එයා එයාගේ බෑග් අරගෙන මගේ කරට නැග්ගා. පස්සෙ තමයි මං දැක්කෙ ඒ හාමුදුරු කෙනෙක්. එයාව මං උස්සන් ඇවිත් පෙට්ටියට දැම්මා.
ඊට පස්සෙ හාමුදුරුවො ”පොඞ්ඩක් එන්න මහත්තයා” කියලා බෑග් එක ඇරලා ටෝච් එකක් දුන්නා. මට ඒ වෙලාවේ හැටියට ඒක ඉහේ මළක් පිපුණා වගේ. හරියට කාන්තාරේ යන කෙනෙක්ට ක්ෂේම භූමියක් හම්බුණා වගේ. පස්සෙ මම ටෝච් එක අරන් ඇවිත් අර සිද්ධිය වුණු තැන හරියට බලා ගත්තා. එතකොට තමයි මං දැක්කේ වළේ ප‍්‍රමාණය. සහ විශේෂයෙන් අර වතුරේ පාවෙන මියගිය සිරුරු. වටේටම මැරුණු අයගේ සිරුරු තිබ්බා. ඒ අතර යන්තම් පණ තියෙන අයව හොයලා මං ඒ කීප දෙනෙක්වත් උඩට ගත්තා. ඒ වළට බහින්නත් බය හිතුණා. මොකද තව බෝම්බ හයිකරලද දන්නෙ නැති හින්දා. ඒත් කමක් නෑ කියලා මං තව 4 ක් 5 ක් දා ගත්තා. දැන් තව කාවවත් බලන්න බැරි නිසා මටත් ගොඩක් මහන්සියි. මොකද අසාධ්‍ය අය ඉන්න නිසා එයාලව බේරගන්න අපි අනුරාධපුරේ ඉක්මනට යන්න ඕන වුණා. ඒ හින්දා රියදුරු මහත්තයා කිව්වා මං වේගෙන් යනවා කෙලින්ම අනුරාධපුරේ නවත්වන්නෙ කියලා.
එහෙම යද්දි මට සිග්නල් එකක් හම්බවුණා ඉස්සරහා ස්ටේෂමක ප‍්‍රථමාධාර කණ්ඩායමක් ඉන්නවා බලාගෙන කියලා. ඒ අතර හෙඞ් ගාඞ් බරපතල තුවාල වෙලා පෙට්ටියට නැගලා තිබ්බා. මං එයාව ගෙනාවෙ නෑ. ඒ මනුස්සයා දැනගෙන හිටියා මේ පිපිරවීම ගැන. කොහොම හරි ඊළඟ කෑම්ප් එකේ නිලධාරියා ප‍්‍රථමාධාර සකස් කරලා තිබ්බා. මොකද අපේ කතාවලින් එයාලා දැන ගෙන හිටියා මෙහෙම කෝච්චියේ කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා ඒකේ අසාධ්‍ය අයව ගෙනාවා කියලා. පස්සේ එතනට ගියාම එයාලා ඉක්මනට සේලයින් දීලා බොන්න එහෙම දුන්නා. එත් මට එයාලා ගැනත් ටිකක් බය හිතුණා. ඒ ආපු ඩොක්ටර් දෙමළ හින්දා. ඒක නිසා මං කිව්වා ”මෙතන ඉඳලා කට්ටියවම බේරගන්න බැහැ ඒක නිසා අපි පුළුවන් ඉක්මනට අනුරාධපුරේ යනවා” කියලා.
පස්සෙ අපි ඊළඟට අනුරාධපුරේට පිටත් වුණා. අනුරාධපුරේට එද්දි අපිව ගන්න ඩොක්ටර්ලා නර්ස්ලා ගොඩක් ලෑස්ති වෙලා හිටියා. මට වෙනම කණ්ඩායමක් පිහිටුවලා තිබ්බේ මගේ ආරක්ෂාවට. මොකද සේරම තොරතුරු ගන්න පුළුවන් මගෙන් හින්දා. කොහොමහරි මම උත්සගෙන ගෙනාපු අයගෙනුත් ඒ වෙනකොට 8 දෙනෙක් මියගිහින් හිටියේ. පස්සේ එදා ? අනුරාධපුරේ රෝහලේ වෙනමම වාට්ටුවක් හමුදාවේ අයට වෙන් කළා. ඒකට ලොකු ආරක්ෂාවක් දුන්නා. පිටස්තර කාටවත් යන්න දුන්නෙ නෑ. එකම කඩි ගුලක් වගේ ඒ ගෙනාපු අයට ප‍්‍රතිකාර දෙනවා. පස්සෙ පාන්දර වෙද්දි යම් යම් සුව අය හිටියත් තවත් අය මිය ගියා. මට පහුවදා උදේ වෙනතුරු කොහෙවත් යන්න ලැබුණෙ නෑ. මොකද මට යන්නත් බැහැ. ඒ මගේ ළමයි හින්දා.
යාල්දේවී පිපිරුණු එක සිද්ධිය හිතාගන්න බැරි වුණා. මට මගේ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව ආපස්සට ගිහින් කට්ටිය ගැන බලන්න තරම් ධෛර්යයක් ආවා. ඒකට රියදුරු මහත්තයත් මට උදව් කළා. කොහොම හරි පහුවදා උදේ වෙද්දි මගේ මැණිකෙ දැනගෙන මෙහෙම කෝච්චිය පිපිරිලා කියලා. පස්සේ එයාලා අමාරුවෙන් අනුරාධපුරේ ඉස්පිරිතාලෙට කතා කරලා මං ගැන අහල නර්ස් කෙනෙක් කියලා තිබ්බා මං බේරිලා කිසිම කරදරයක් නෑ කියලා. ඇත්තටම යාපනයට යන යාල්දේවීගේ අවසන් ගමන වුණේ එයයි. එම ගමනේ දී බේරුණු එකම හමුදා නිලධාරියා වුණු බණ්ඩාර මහතා අද 83 වැනි වියේ පසුවෙනවා. බොහෝ ගරු නාම සහ පදක්කම් ලැබුණත් ඔහු ඉතා උද්යෝගයෙන් ජීවිතය ගත කරනවා. අදටත් හොඳට ඇවිදින්න දුවන්න පුළුවන්. මෙම වීරයා තම ජීවිතය ගැනවත් නොසිතා බේරගත් සෙබළු කිහිප දෙනෙක් ජීවත්ව සිටියත් මොහු කළ සේවය මිල කළ නොහැකියි.
1963 කමල නයනා මහත්මිය සමග විවාහ වූ බණ්ඩාර මහතාට දුවෙක් සහ පුතෙකු සිටිති. හමුදා සේවයේ හිටියත් මෙම සිද්ධියත් නිසා ඔහුගේ එකම පුතු වන සමිත බණ්ඩාරත් අද දුම්රිය විධායක ශ්‍රේණියේ රියදුරෙක්. එදා යාල්දේවීව හසුරවපු රැෆියෙල් ලියනගේ මහතාගේ ගෝලයෙක් වුණු සමිත මහතා තවමත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරයි.
ජීවිතයේ බොහෝ අත්දැකීම් සමග මෙවැනි මරණීය අවස්ථා විඳගෙන කපිතාන් කෙනෙකු ලෙස විශ‍්‍රාමික සුවයෙන් කල්ගෙවන බණ්ඩාර මහතා සතු අත්දැකීම් රැුසකි. පසුගිය වසරේ පලාවි දක්වා ගිය දුම්රියටත් ගිය සතියේ යාපනයට නැවතත් ගිය යාල්දේවීය සමග යාපනයට යන්න මෙතුමාට ජනපති තුමාගෙන් විශේෂ ආරාධනාවක් ලැබුණා. එදා රටම කැලඹූ යාල්දේවී පිපිරුමෙන් ඉතිරි වුණු මොහු අද වසර 29 කට පසු යන විට දැනුන හැඟීම ඔහුට ද වචනයට පෙරළිය නොහැක. එදා බෝම්බ මැද මිනී පිට්ටනියක කෑලි කැපෙන කළුවරේ මරණය සමග පොර බැදු බණ්ඩාර මහතා තම සේවය පණටත් වඩා අකුරට කළ කෙනෙකි. යුද්ධයේ අඳුරු සෙවණැලි අතර ආලෝකයක් වී ජීවත් වන බණ්ඩාර මහතා ඒ පරණ සිදුවීම් සියල්ලම නැවත නැවත බලමින් දුක්බරව මතක් කර ගනියි.
මෙම දුම්රිය පිපිරීමෙන් 35ක් පමණ මිය ගිය අතර මින් 24ක්ම හමුදාවේ පුද්ගලයන් විය. කොකාවිල් හි 194 වැනි සැතපුම් කණුව අසල ලොවටම ඛේදවාචකයක් සනිටුහන් කළ යාල්දේවීය නැවත ඉපදී තල් අරණ බලා නිදහසේ සුවය සමග ගමන් කරයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාල් දේවියට බෝම්බ ගහනවා කියලා දැන දැනත් අපිට කොළඹ එන්න සිදුවුණා
රන්සක රූපසිංහ Thursday, 23 October 2014 08:50 AM
ඔබ තුමාට මගේ උත්තමාචාරය. ඔබ වගේ යහපත් මිනිසුන් තවත් මෙලොව නැතිවා. අප ඔබට හදවතින්ම ආචාර කරමු. ස්තුතියි ඔබට මහතාණෙනි. (නදී)
අමිත් Monday, 03 November 2014 06:53 AM
ඔබට දීර්ඝායුෂ (නදී)
ඉසුරන්දි Monday, 27 October 2014 04:51 AM
කොටි සුන්නද්දුලි කරලා දාන්න ඕනෑ මේ කළ විනාශයට.රටම ආපස්සට ඇද දැම්මා ඔය අවුරුදු ගානට (නි)
මනෝජ් ප්‍රියදර්ශන Thursday, 23 October 2014 11:28 AM
දිර්ඝායුෂ ලැබේවා මහත්මයායෙනි.(හේ)
ධම්ම Thursday, 23 October 2014 12:31 PM
මේ දේවල් මෙසේවත් ලියා නොතැබුවොත් අනාගත පරම්පරාව මේ ගැන දැනගන්නේ කොහොමද. ලංකාදීපයට ස්තුති කරන ගමන් කපිතාන් බණ්ඩාරට දීර්ඝායු පතමි.(හේ)
ප්‍රසාද් Friday, 24 October 2014 04:21 AM
දක්ෂ එඩිතර මහත්මයෙක්. ඔබ අපේ රටට සම්පතක්. (හේ)
නුවන් Thursday, 23 October 2014 12:50 PM
ඔත්තුව දීපු ගෑනු එක්කෙනා ගැනත් විස්තරයක් දාන්න. (නදී)
දිලුක්ෂි Thursday, 23 October 2014 03:11 AM
දිර්ඝා යූෂ ලැබේවා! (අ)
අසේල මධුසංක Saturday, 25 October 2014 05:48 PM
මේ දේවල් මෙසේවත් ලියා නොතැබුවොත් අනාගත පරම්පරාව මේ ගැන දැනගන්නේ කොහොමද. ලංකාදීපයට ස්තුති කරන ගමන් කපිතාන් බණ්ඩාරට දීර්ඝායු පතමි. !!!!!!!!!! (දී)
ආනන්ද Tuesday, 21 October 2014 03:37 PM
දිර්ඝා යූෂ ලැබේවා.(හේ)
තාරක Thursday, 23 October 2014 03:59 AM
ඔබ සියළු දෙනාම සැබෑ වීරයින්. (නදී)
චින්තක Thursday, 23 October 2014 03:23 PM
තවත් මේ වගේ දෙයක් නොවේවා.(හේ)
ශෂිමාල් Thursday, 23 October 2014 05:23 AM
කපිතාන් ජයසුන්දර මහතාට දිර්ඝායුෂ පතමි!(හේ)
අභය Thursday, 23 October 2014 04:51 PM
දිර්ඝා යූෂ ලැබේවා.(හේ)
තුල්සර Sunday, 26 October 2014 05:26 AM
එතුමා ජාතික වීරයෙකි. එතුමාට දීර්ඝායුෂ ලැබේවා (නදී)
ප්‍රියංගනී Monday, 27 October 2014 10:45 AM
ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!!!!!!!!!!!! (අ)
නදීර Thursday, 23 October 2014 06:09 AM
මේවා නම් යුද අපරාද නෙමෙයි කියල යුරෝපයේ කට්ටිය කියයි.(හේ)
ජයලාල් Thursday, 23 October 2014 07:17 AM
සිංහලයන් අතර එඩිතර සිංහලයෙක්.(හේ)
සනත් Thursday, 23 October 2014 07:20 AM
හොද සිංහලයෙක්.(හේ)