IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


යහපාලන අවුරුද්ද ගැන ලොකු සතුටක් හෝ අසතුටක් අපට නෑ

03_SLMA_P16_Back   

 

මෙවර මුහුණට මුහුණ හමුවීම පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියන් සමඟයි.

 

gh
යහපාලන ආණ්ඩුව ගේන්න ලොකුවට වැඩ කරපු රතන හාමුදුරුවො මොකෝ දැන් වැඩිය සද්දයක් නැත්තේ?
මාධ්‍යවලින් මට ඒ හැටි කතා කළෙත් නෑ. මම ප‍්‍රචාරාත්මක වැඩවලට ගියෙත් නෑ. ඒ වුණාට මම පහුගිය කාලය පුරාම විවිධ මට්ටමේ වැඩ සටහන් කළා.

 


කොහොමද හාමුදුරුවනේ දැන් හෙළ උරුමයේ තත්ත්වය?
මාධ්‍යයේ නම් එක එක කතා යනවා. හැබැයි ඒ කියනවා වගේ ප‍්‍රතිවිරෝධයක් හෙළ උරුමය එක්ක මට නෑ. පක්ෂයක් විදිහට හෙළ උරුමයට මම විශාල කාර්ය භාරයක් කළා. දැන් වුණත් උපදේශක මට්ටමින් මට කළ හැකි උපකාරයක් මම හෙළ උරුමය වෙනුවෙන් කරනවා. පක්ෂ කි‍්‍රයාකාරීත්වයට වඩා මම පොදු කටයුතු එක්ක තමයි දැන් කාර්ය බහුලවෙලා ඉන්නේ.

 


ඔබ වහන්සෙයි චම්පික රණවකයි අතර ආරවුලක් තියෙනවද මොකක් හරි?
 ඕනෑම පක්ෂයක පුද්ගලයො අතරෙ ප‍්‍රශ්න ආරවුල් තියෙන්න පුළුවන්නෙ. ඒත් ජාතික හෙළ උරුමය එක්ක මගේ ප‍්‍රතිවිරෝධයක් නෑ.

 


දැන් රතන හාමුදුරුවො හෙළ උරුමය එක්ක පූර්ණකාලීන ගනුදෙනුවක් ඇත්තෙම නැද්ද?
කොහොමත් පහුගිය අවුරුදු දෙක පුරාම හෙළ උරුමය එක්ක පූර්ණකාලීනව වැඩ කරනවට වඩා පොදු කටයුතුවල තමයි හිටියේ.

 

6

 

හෙළ උරුමය ගන්න තීන්දු තීරණවලට ඔබ වහන්සේ දැන් සාධකයක් නෙවෙයි ඒ කියන්නේ?
මැදිහත් විය යුතු තැනකදී ඒ සඳහා මම මැදිහත් වෙනවා.

 


ඔබවහන්සේ කතා කරන්නේ ජාතික හෙළ උරුමය සහ ඒ උදවිය එක්ක අසතුටින් වගේ?
එහෙම දෙයක් නෑ. විවිධ කතා සමාජයට යනවා. ඒත් ඒ හැටි ප‍්‍රශ්නයක් ඒ අය එක්ක මට නෑ.

 


බස්නාහිර පළාත් සභාවෙදි හෙළ උරුමයේ හිටපු ඇමැති නිශාන්ත වර්ණසිංහට ලෙඩක් වැටුණා. හාමුදුරුවො ඒ ගැන මොකද හිතන්නේ? 
ඔයවගේ ඒවා දේශපාලනයට අමුතු දේවල් නෙවෙයි. ඔතන මහ ලොකු දෙයක් නෑ.  ඕක ගැන ජනාධිපතිතුමා එක්ක සාකච්ඡුා කරලා විසඳගන්නත් තිබුණා. ඒත් ඒක දුරදිග ගියා. වැය ශීර්ෂයත් පරාද වෙනවා කියන එක ලෝකෙ පෙරළෙනවා වගේ වැඩක් නෙවෙයිනේ. ඉදිරියේදී පාර්ලිමේන්තුවෙ වුණත් ඔයවගේ දේවල් වෙන්න පුළුවන්. මොකද ජාතික ආණ්ඩුවක් තියෙද්දි මතවාද එහෙ මෙහෙ වෙන්න පුළුවන්.

 

ඒ සිදුවීමත් එක්ක හෙළ උරුමය හෙල්ලූනා නේද?
එහෙම අමුතු හෙලවීමක් මටනම් දැනෙන්නේ නෑ. 

 


හෙළ උරුමයේ තෙබුවන පියනන්ද හාමුදුරුවොත් නිශාන්ත වර්ණසිංහගෙ සහායට හිටියෙ නෑනේ. හෙළ උරුමයේ අවුලක් නෑකියන්නේ කොහොමද?උන්වහන්සේ කිව්වෙ පුද්ගලික හේතුවක් නිසා ඒකට එන්න බැරිවුණා වගේ කතාවක්. මේ වගේ ඡුන්දයක් මේ විදිහට පැවැත්වෙයි කියලා උන්වහන්සේලා බලාපොරොත්තුවෙලා නෑ.

 


නිශාන්ත වර්ණසිංහ මේ ගැන ඔබ වහන්සේ එක්ක කතා කළාද?
ඔව් කතා කළා. අපි ඔය ගැන දිගින් දිගටම කතා කරන්නේ නැතුව ප‍්‍රයෝජනවත් දෙයක් කතා කරමුද?

 


හෙළ උරුමයේ අයගේ ප‍්‍රශ්නයක් ගැන කතා කිරීම ප‍්‍රයෝජනවත් දෙයක් නෙවෙයි කියලද ඔබ වහන්සේ කියන්නේ?
නෑ. අපි මීට වඩා ප‍්‍රයෝජනවත් ජාතික වැදගත්කමක් ඇති දෙයක් කතා කරමු. ලංකාදීප පත්තරේ වගේ ජාතික පුවත්පතක රටට වැදගත් දෙයක් කතා කරන එක නේද හොඳ. 

 


හරි එහෙනම් කියන්නකො ඔබ වහන්සේලා ගෙනාපු යහපාලන ආණ්ඩුව ගැන මොකද හිතෙන්නේ. යහපාලන ආණ්ඩුවට අවුරුද්දකුත් වෙනවනේ.......
ඔන්න ඔය වගේ වැදගත් දෙයක් ගැන කතා කරමුකො. තවදුරටත් පහුගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි සංසන්දනය කර කර ඉන්න එකේ තේරුමක් නෑ. හිටපු කට්ටිය ගියා. දැන් තියෙන්නේ අලූත් තත්ත්වයක්. දැන් බලන්න  ඕනෑ අලූත් ආණ්ඩුව වැඩ කරන්නේ කොහොමද කියලා.


තනි පුද්ගල පාලනයක් ඉවත් කරලා සමාජය නිදහස් තැනකට අපි ගෙනල්ලා තියෙනවා. ඒක හොඳටම පැහැදිලි වෙන්නෙ පොඩි සිද්ධියකට පවා දැන් සමාජය සංවේදීවෙන හැටි දැක්කම. ඉස්සර එහෙම තත්ත්වයක් තිබුණෙ නෑ. දැන් මිනිස්සු නිදහසේ ලියනවා, කියනවා, ප‍්‍රතිවිරුද්ධ අදහස් පළ කරනවා. මේ දවස්වල බලන්නකො ජනාධිපතිතුමා අර විදේශීය ගායකයාගේ ප‍්‍රසංගය ගැන කරපු ප‍්‍රකාශයට සමාජයෙන් එල්ලවෙන ප‍්‍රතිවිරෝධ අදහස්. ඉස්සර එහෙම පුළුවන්ද? ඒ වගේම ඔය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රගෙ සිද්ධිය ගත්තත් එහෙමයි. පහුගිය ආණ්ඩුව කාලෙනම් ඔය වගේ දෙයක් සාමාන්‍ය සිද්ධියක් විතරයි. දැන් එහෙම නෑ. සමාජය පොඩි දේටත් සංවේදීයි. සමාජයට හිතකර සංශෝධන බොහොමයක් යහපාලනය යටතේ රටට හිමිවෙලා තියෙනවා. ඒක පැහැදිලි වෙනසක්. 

 


ගෙවුණු යහපාලන අවුරුද්ද ගැන සීයට සියක් සතුටු වෙන්න පුළුවන්ද හාමුදුරුවනේ?
ඒ ගැන නම් මට කියන්න වෙන්නේ මධ්‍යස්ථයි කියලා තමයි. කිසිම දෙයක් ගැන සීයට සීයක් සතුටු වෙන්න බෑනේ. ඒක තමයි යථාර්ථය. ලොකු සතුටක් හෝ ලොකු අසතුටක් යහපාලන අවුරුද්ද ගැන අපට නැහැ. ආණ්ඩුවක් විදිහට ඇත්තටම මේක හරියට පටන් ගන්නේ අගෝස්තු මහ ඡුන්දෙන් පස්සෙනේ. එහෙම බැලූවම මේ ආණ්ඩුවට තාම මාස කීපයයිනේ. අලූත් ආණ්ඩුව තාම වැඩ පටන් ගත්තා විතරයි. ඔන්න දැන් තමයි ආණ්ඩුවට වැඩ තියෙන්නේ. ඉදිරි අවුරුදු තුන හතර ගැන තමයි අපි නිරීක්ෂණය කරන්න  ඕනෑ. 


අපිට වගකීමක් තියෙනවා මේ ආණ්ඩුව හරි පාරේ යවන්න. ඒකට අපි උපරිම උත්සාහයක් දරනවා. දැනට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා නම්‍යශීලීව අන් මතවලට ඇහුම්කන් දෙමින් කටයුතු කරන වග පේනවා. ඉදිරි කාලය ගැන නම් අපට අනාවැකි කියන්න බෑ. දැනට නම් නරක තත්ත්වයක් පෙන්න නෑ.

 


මේ ආණ්ඩුව ගේන්න ඔබවහන්සේ උරදීපු කෙනෙක්නේ. තාම ඔබ වහන්සෙගෙ උපදේශ මේ ආණ්ඩු අහනවද?
ඔව්. මම කියපු බොහෝ දේ ගැන ජනාධිපතිතුමත් අගමැතිතුමත් අවධානය යොමු කරනවා. විශේෂයෙන් ආර්ථික කාරණා සම්බන්ධයෙන් මම කරුණු කිව්වා. මම හිතනවා මේ ආණ්ඩුවට හොඳ ආර්ථික වැඩ පිළිවෙළක් අපට එකතුවෙලා හදන්න පුළුවන් කියලා.

 


ඔබවහන්සේලා රණවිරුවන් එක්ක සමීපව කටයුතු කළානේ. යුද්ධය ජයගන්න රණවිරුවො ධෛර්මත් කරන උත්සාහයෙන් හිිටියනේ. දැන් මේ ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරින් දඩයම් කරනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා. මේ ගැන මොකද කියන්නේ? 
බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගත්තේ එක් සිදුවීමක් මුල් කරගෙන. ඒ තමයි ප‍්‍රගීත් එක්නැලිගොඩගෙ සිදුවීම. ඒක ජාතික සහ අන්තර් ජාතික වශයෙන් කතාබහට ලක්වුණු දෙයක්. ඒ ගැන යම් සැකයක් උඩ පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ ගොල්ලො නඩුවක් නැතුව හිරේ තියාගෙන ඉන්න ආණ්ඩුවට අයිතියක් නෑ. ඒ අයට නඩු පවරලා ඒක කෙළවර කරන්න  ඕනෑ. සැකකරුවන් විදිහට දීර්ඝ කාලයක් රඳවාගෙන ඉන්න බෑ. මේ අය වැරැුදි කාරයෝ වුණොත් හිරේ යයි නැත්නම් එළියට එයි. මේවා ඉක්මනින් ඉවර කරන එක ආණ්ඩුවෙ වගකීමක්.

 


ඔබ තමයි පළවෙනි වතාවට මහින්ද රාජපක්ෂ පරාජය කරන එක පරාජය කරනවාමයි කියලා එදා මුත්තයියා පිටියේදී සපථ කළේ. මහින්ද ගෙදර යවපු එක ගැන සතුටුද දැන්?
අපි එදා බලාපොරොත්තු වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයට පීඩනයක් එල්ල කරලා ව්‍යවස්ථා සංශෝධනය කර ගන්න. මොකද එතුමා ගිය ගමන ගැන අපට කිසිසේත්ම එකඟ වෙන්න බෑ. එතුමා ළඟ ඉඳපු සජින්වාස් ගුණවර්ධනලා වගේ අයත් රජයේ සාක්ෂිකාරයො වෙලා. එතුමලාට විරුද්ධව කරුණු කියන තැනට ඇවිත්. මහින්ද රාජපක්ෂ වටේ ඉඳපු අය ඇති තරම් නොහොබිනාකම් කරද්දී එතුමා ඒවට ඉඩ දීලා බලාගෙන හිටියා. ඒවටයි අපි විරුද්ධ වුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කිරීම ගැන අමුතු සතුටක් මට නෑ. ඒත් ඒ මොහොතේ ජයගත යුතු සමාජ අභියෝගයක් විදිහට ඒක අපි බාරගත්තා. ඔහු කොහොමටවත් හිතුවෙ නෑ ඒ වෙලාවෙ අපිට ඔහුව පරාජය කරන්න පුළුවන් කියලා. ඒ මොහොතේ ජනතාව ඉදිරියේ විශ්වාසය තහවුරු කරන්න අපිට  ඕනෑ වුණා. ඒක කරන්න පුළුවන් කියලා. ඒකයි මම දිගින් දිගට ඒ කතාව කිව්වෙ. දැන් මහින්ද මහත්තයා පරාජය කිරීම අතීත කතාවක්. මෙතනින් එහාට අපිට වෙනත් අභියෝග රැුසක් තියෙනවා. එම අභියෝගවලට මුහුණදීලා ජයග‍්‍රහණය කිරීම තමයි දැන් තියෙන්නේ. එහෙම නැති වුණොත් ජනතාවට හිතේවි මහින්ද රාජපක්ෂ හිටියා නම් මීට හොඳයි කියලා. අපි දැන ගන්න  ඕනෑ ඒ කතාව අහගන්නෙ නැති තැනට වැඩ කරන්න.

 


දැනුත් හිටි ගමන් ඇහෙනවා මහින්ද හිටියානම් මීට හොඳයි කියලා සමහරු කියනවා. 
මහින්ද රාජපක්ෂ මහත්තයට එකඟ අනුගාමිකයෝ පිරිසක් ඉන්නවනේ. එතුමා රකින්න පිරිසක් ඉන්නවා. ඒ අය ඒ වගේ කතා කියනවා ඇති.

 


මහින්ද රාජපක්ෂට වගේම ඔහු වටා සිටි පිරිසටත් ඔබේ චෝදනා එදා එල්ල වුණා. ඒත් ඒ ගොඩක් අය අද මේ ආණ්ඩුවෙ ඇමැතිවරු. ඔබ මේ ක‍්‍රමයට කොහොමද එකඟ වෙන්නේ?
පසුගිය ආණ්ඩුවට ප‍්‍රතිවිරෝධයක් ආපු පළියට ආණ්ඩුවෙ ඉඳපු සියළුම දෙනා මේ ඡුන්ද ක‍්‍රමයෙදී පරාද වෙන්නෙ නෑනේ. ඒ චෝදනා එල්ල වුනු සමහරු විශාල මනාප ප‍්‍රමාණයක් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලත් තියෙනවා. තවත් කීප දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ගත්තු එක වෙනම කාරණයක්. ¥ෂණ චෝදනා එල්ල වුණු අයට ඇමැතිකම් දීම නම් මම අනුමත කරන්නේ නෑ. ඒ අයට එරෙහිව පරීක්ෂණ පවත්වලා චෝදනා ඔප්පු වුණොත් වහාම ආණ්ඩුවෙන් අයින් කරන්න  ඕනෑ. මොන ඇමැතිකම දැරුවත් ඒ තීරණය ගන්න පසුබට වෙන්න හොඳ නෑ.

 


හැබැයි ඔය එක පරීක්ෂණයක්වත් ඉවරයක් වෙන පාටක් නෑනේ.
මම නම් ඔය ගැන කතා කරන්න දැන් කාලය නාස්ති කරන්නෙ නෑ. හොරු අල්ලන්න කිය කියා පස්සෙන් යන්න තවත් අපට බෑ. ඒකටනෙ අපි ආණ්ඩුව වෙනස් කළේ. දැන් මේ පිළිබඳ කටයුතු කරන ආයතන ස්වාධීන කරලා තියෙන නිසා ඒ ආයතනවල අයට වගකීමක් තියෙනවා මේවා ඉක්මන් කරන්න. 

 


ඔබ වහන්සේ දැන් පාර්ලිමේන්තුවෙ ස්වාධීන මන්තී‍්‍රවරයෙක්ද?
මම පහුගිය අවුරුදු තුනේම වැඩ කළේ ස්වාධීන මන්තී‍්‍රවරයෙක් විදිහට. මම හෙළ උරුමයෙ මන්තී‍්‍රවරයෙක්. ඡන්දෙ ඉල්ලූවෙ සන්ධානෙන්. ඒත් ඒ දෙකටම නැතුව මම ස්වාධීනවයි කටයුතු කළේ. ඒත් ඒ හැම වෙලාවෙම මම හෙළ උරුමයත් එක්ක එකඟතාවයක් තිබුණා. ඉදිරියේදිත් එහෙම තමයි වැඩ කරන්නේ. 

 


හෙළ උරුමයත් කැමැතිද ඔබවහන්සේ ඒ විදිහට වැඩ කරන එකට?
මම දන්න තරමට අකමැත්තක් නෑ. මම හෙළ උරුමයට විරුද්ධව පක්ෂ හදන්නෙත් නැත්නම් ප‍්‍රශ්නයක් නෑනේ.

 


උදය ගම්මන්පිල පක්ෂයෙන් කඩාගෙන යද්දි ඔහුව පක්ෂයේ තියාගන්න ඔබ උත්සාහ කළාද? 
ඔව්. මම ඔහුව පක්ෂයේ රඳවා ගන්න උත්සාහ කළා. පැහැදිලිවම මම මහන්සි ගත්තා ඔහු යන එක වළක්වන්න. උදය ගම්මන්පිල විතරක් නෙවෙයි ශ්‍රී ලංකා එකේ ඉන්න අයත් මේ පැත්තට ගන්නනේ මම උත්සාහ කළේ.

ශාරුක්ඛාන්ලා ලංකාවට එද්දි පාරට බැස්සේ ඔබවහන්සේලා. අද එවැනි ප‍්‍රසංග ආරවුල් ගැන කතා කරන්නත් වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාට. 

ජනාධිපතිවරයා විදිහට එතුමා ඒ ගැන කතා කළා. ඒකට එතුමට වගකීමක් තියෙනවනේ. අපි ඒ ගැන තොරතුරක් දැනගෙන හිටියේ නෑ. අපි ඒ ගැන දැන ගත්තෙත් එතුමා කිව්වට පස්සේ. වැඩිහිටියෙක් විදිහට ඒ ගැන එතුමා කතා කිරීම සාමාන්‍ය දෙයක්.

 


පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට පැමිණීමේ දීමනාව විශාල වශයෙන් වැඩ කරන්න යනවලූ. ඔබවහන්සේ ඒකට එකඟද?
මම ඒ ගැන හරියටම තොරතුරු දන්නේ නෑ. සාමූහික තීරණයන් අනුව ඒක ලබාගන්නව නම් මමත් ඒක ගන්නවා. ඒක අරගෙන ජනතාවගෙ වැඩවලට යොදවන්න පුළුවන්නෙ. මට ලැබෙන හැම දේම ජනතාවටම තමයි යොදවන්නේ. ඒක නිසා ප‍්‍රශ්නයක් නෑ.

 


පාර්ලිමේන්තුවට ආපු භික්ෂුන් වහන්සේලාගෙන් අද ඉන්නෙ ඔබ විතරයි. තනියක් එහෙම නැද්ද?
මම හැමදාම දේශපාලන චරිතයක් විදිහට තමයි කටයුතු කළේ. රට විප්ලවයකින් වෙනස් කළ යුතුයි කියන දේශපාලන විඥාණයකින් කටයුතු කළ කෙනෙක් මම. අනෙක් භික්ෂූන් වහන්සේලා ගත්තු තීරණයට වඩා මගේ අදහස වෙනස්. මම හිතන්නේ මට වඩා වැඩි වැඩ කොටසක් කරන්න පුළුවන් වෙන්නෙ පාර්ලිමේන්තුවෙ ඉඳගෙනද ඉන් පිටත ඉඳගෙනද කියලා හැමෝම දන්නවා මම රටේ සැළකියයුතු දේශපාලන චරිතයක් කියලා.

 


පසුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් වැරැුදි පාරෙම යනව නම් මේ ආණ්ඩුවත් ගෙදර යවන්න පෙරමුණ ගන්නවද?
ඔව්. ඒ ගැන කිසිම විවාදයක් නෑ. මම මේ ආණ්ඩුවට බැඳිලා නෑ. මම හැමදාම ජනතාව වෙනුවෙන් හිතන කෙනෙක්. එහෙම නැතුව ආණ්ඩුවලට  ඕනෑ විදිහට හිතන කෙනෙක් නෙවෙයි. ඒක මම ඉතිහාසය පුරාම ඔප්පු කරලා තියෙනවා.

m



අදහස් (0)

යහපාලන අවුරුද්ද ගැන ලොකු සතුටක් හෝ අසතුටක් අපට නෑ

අනුර Saturday, 09 January 2016 06:20 AM

ඔබවහන්සේ දේශපාලනය කරන එක සම්පුර්ණයෙන් වැරදියි නේද? මහන වුණේ සසර කෙටි කරගන්න මාර්ගයේ යන්න නේද? ඔය කියන කතා සහ වැඩ වැරදියි නේද? වහා නිවැරදි මාර්ගයට යොමු වෙන්න (නි)

:       0       0

අමල් Tuesday, 05 January 2016 09:08 AM

අනේ ඉතින් අපිටත් එහෙම තමයි (නි)

:       0       0

දිනේෂ් Tuesday, 12 January 2016 11:27 PM

මහලොකුවට ජනතාව ගැන හිතන කෙනක් බව ක්‍රියාවෙන්ම ඔප්පුකළා. දැන් අර කලින් සද්දේ නැහැ. (නි)

:       0       0

රාජා Tuesday, 12 January 2016 11:28 PM

අර අලුත් සඟ නීති පනත ආවහම මොනවා වෙයිද? භික්ෂුන්ට දේශපාලනයත් අකැප වේවි නේද ඒ පනත ආවහම. (නි)

:       0       0

විකී Saturday, 09 January 2016 01:32 AM

ඍජු කතා නැහැ. ලිස්සලා යන උත්තර දෙන්නේ. (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 06 January 2016 12:42 PM

කොහොමටත් තමන්ට වාසි වෙන විදියට වැඩ කරන කෙනෙක්නෙ. (බ)

:       0       0

ජනහිත Saturday, 09 January 2016 12:25 PM

අපිටත් කිසිම විශේෂ හැඟීමක් නැහැ (නි)

:       0       0

කාශ්‍යප Tuesday, 05 January 2016 11:06 AM

මට නම් හිතෙන්නේ, අහෝ අපුරුවට ජය මාවතට ගිය රටකට ගිය කලක් කියලා. (බ)

:       0       0

සජිත් Tuesday, 05 January 2016 03:31 PM

වෙන මොනවා කරන්නද ඉතින්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3307 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 375 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1020 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 179 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site