IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


යහපාලන දේශපාලකයන්ගේ මහා පස් ජාවාරම

  19-Page-12-S2-05      

 

ඒ නිසාම දිස්ත්‍රික්කය පුරා පිහිටි බොරළු, වැලි, පස්, නිධිවලට වහ වැටී මුදලට කෑදර කමින්  නීති රීති පසෙක දමමින්, වනසමින් තිබීම දැක ගත හැකිව තිබේ. ගෙවී ගිය ආණ්ඩු සමයේ සිදු වූ දැවැන්ත පරිසර හානියට සමානව මේ වන විට මෙම විනාශයට එක්ව සිටින්නේ යහ පාලන රජයේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලඥයන් කීප දෙනෙකි. ඔවුන්ට රටේ පවතින නීතිය කරදයක් වී ඇති බවද පෙනී යයි. ඒ නිසාම සියලුම රාජ්‍ය නිලධාරීන් තුට්ටුවකට මායිම් නොකර සිදු කරන මෙම දැවැන්ත පරිසර හානිය පිළිබදව මේ වන විටත් රාජ්‍ය නිලධාරීන් ඇස්, කන් වසා ගෙන ඇත්තේ අදාළ දේශපාලනඥයන්ගේ වචනවලට අවනතවද, එසේ නැති නම් මුදලට සියල්ල යට දමමින් දැයි පරිසරයට ලැදි පිරිස් විමතිය පළ කරති.

3
රටේ පරිසරය සම්බන්ධ විෂය ජනාධිපතිවරයාට පැවරී තිබියදී පරිසරය රැක ගැනීමට උදව් වන්නැයි ඒ ජනාධිපතිවරයාම  ජනතාවට දැනුම් දෙන තත්වයකදී  මේ පරිසර හානිය සිදු වීම ඉවසා සිටිය නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ජනතාව චෝදනා කරති.


පුත්තලම දිස්ත්‍රික්කයේ තැනින් තැන සිදුවන පරිසර හානි උග්‍ර අතට හැරී තිබේ. ඒ සදහා නීති සකසන ආයතනවල නිලධාරීන්ද මුදලට සියල්ල අමතක කර තිබේ. නමුත් මේ නිලධාරීන්ම අහිංසක මිනිසකු තම සුළු අවශ්‍යතාවකට සිදු කරන ඇතැම් හානි මහා පරිමාණයෙන් උලුප්පා දැක්වීමට ද කටයුතු කරයි. නමුත් සුළුවෙන් කළ ද මහා පරිමාණයෙන් කළ ද ඒ සියල්ල  පරිසර හානි බව සිහිපත් කළ යුතුය.

SLTK_06.qxd
මාදම්පේ ප්‍රාදේශීය ලේකම්වරයාට අයත් බල ප්‍රදේශයක් වන 546/බී පනිරේණ්ඩාව ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි කුඩා බිංගිරියේ ඉඩමක් බොරළු කැපීමට යොදා ගැනීම සිදුව ඇත්තේ පසුගිය රජය සමයේය. ඒ පසුගිය රජයේ විදේශ කටයුතු භාරව සිටි නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ප්‍රබල ආධාරකරුවකු බව කියන පුද්ගලයා, මෙම ජාවාරම සිදු කිරීම ආරම්භ කර ඇත්තේ හිටපු ඇමතිවරයාගේ ආධාර අනුබලය යටතේ බව දැන ගන්නට තිබේ. අදාළ පුද්ගලයා සිදු කරමින් පවතින පරිසර හානියට ඒ සමයේ කුඩා බිංගිරිය ගම්මානය ඇතුළු ගම්මාන කීපයක ජනතාව යහපාලන රජය බලයට පත් වීමට ප්‍රථම  මෙම බොරළු ජාවාරමට එරෙහිව හඬ නැගීම නිසා ඒ වකවානුවේ මේ වන විට මෙම ජාවාරමට හවුල් දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ -කිසිම මොහොතක හිතන්න එපා මම බලයට පත් වුණාම ඔය එක එකාට නටන්න දෙන්නේ නෑ” යනු වෙනි. ඉන් පසුව ජනතාව සැනසුම් සුසුම් හෙළන්නට වුයේ -දැන් ඉතින් අලුත් ආණ්ඩුව ආපුහාම කාල හමාරයි, අපේ පරිසරය  බේරෙයි” යනුවෙනි.


යහ පාලන රජය බලයට පත්ව ගත වුයේ සුළු කාලයකි. මෙම කුඩා බිංගිරිය කේන්ද්‍ර කරගනිමින් සිදුවන බොරළු ජාවාරමේ ප්‍රධාන ජාවාරම්කරු අදාළ යහ පාලන දේශපාලනඥයන් දෙදෙනෙකුට දැල දැමුවේ -මාසයට මෙච්චරක් දෙන්නම් අපි වැඬේ කරමු” යන යෝජනාවකි. අදහා ගත නොහැකි ලෙස දේශපාලනඥයන්  එක පයින් නොව දෙපයින් යෝජනාව සභා සම්මත කරන්නට වුයේ සල්ලිවලට තිබූ කෑදරකම නිසා බව කියති. 

19-Page-12-S2-09


ජනතාවට වූ පොරොන්දුව තුට්ටුවකටත් මායිම් නොකළ දේශපාලනඥයන් ජනතාවට දුන් පොරොන්දු තඹයකටත් මායිම් නොකර බොරළු කොන්ත්‍රාත්තුව  පෙරටත් වඩා හොඳින් කර ගෙන යාමට ඉඩ කඩ සකසා දී ඇත්තේ යහ පාලනයේ බල මහිමයෙන් දැයි ජනතාවට ප්‍රශ්නයක් වී ඇත. යන්න එන්නට පා පැදියක් නොතිබූ මෙම බොරළු ජාවාරම්කරු මේ වන විට ලක්ෂ 100 ඉක්ම වූ යාන වාහන කීපයක හිමිකරුවෙකි. එසේම සිතා ගත නොහැකි දේපළ රැසක හිමිකරුවෙකි. මේ පරිසර වනසන එක් පුද්ගලයකුගේ සැබෑ තත්ත්වයකි. 


ඒ සමගම ඔහු අනිකුත් පිරිස් සතුටින් තැබීමට  තුටු පඬුරු තැබීමට පසුබට වී නැති බව කියයි.  ඔහුගේ තුටු පඬුරුවලින් වැඩිම කොටස මෙම කටයුත්තේ ප්‍රධාන ජවනිකාව මෙහෙයවන දේශපාලනඥයා  සතුටු කිරීමට ලබා දෙන බව කියයි. අනික් තුටු පඬුරු ප්‍රදේශයේ සිටින රාජ්‍ය නිලධාරියාගේ සිට ඉහළම රාජ්‍ය නිලධාරියා දක්වා ලබා දීමටත් කටයුතු සලසා තිබේ. ඒ සමගම පුත්තලම දිස්ත්‍රික්කයේ කාකි ඇඳුමින් සැරසුන කිහිප දෙනකුටත් පුද පඬුරු අඩුවක් නොමැතිව ලබා දෙන බව ජනතාව පවසති. මෙයින් පෙනී යන්නේ මෙම බොරළු ජාවාරම කිසිදු මොහොතක වැටලීමක් සිදු නොවීමයි.

 

19-Page-12-S2-08

 


 පුද්ගලයන් කීපදෙනකු පරිසරය වනසා සැප විඳිද්දී වැනසූ පරිසරයේ දුක්ඛිත ඉරණමට මුහුණ දුන් ජනතාවට බීමට ජල බිඳක් නොමැතිව ළිං පතුල් දෙස බලමින් සුසුම් හෙළන්නට සිදුව තිබෙන්නේ යහ පාලනයේ අරුමය නිසාය.


සංවර්ධනයට යැයි පවසමින් සිදු කරන මෙම ජාවාරම සදහා භු විද්‍යා හා පතල්කැනීම් කාර්යංශය මේ විනාශයන්ට වග කිව යුතුමය. මන්ද මෙම ඉඩමේ බොරළු කැපීමට දිගින් දිගටම බලපත්‍ර ලබා දෙමින් බලපත්‍ර අලුත් කිරීම නිසාය. මෙම බොරළු කැපීම සිදුවන ප්‍රදේශයේ අක්කර 20 කට ආසන්න භූමියක අඩි 100ටත් වඩා ගැඹුරට කැනීම් සිදු කරන්නට භු විද්‍යා නිලධාරීන් කුමන කැනීම් නීතිය භාවිත කර ඇත්දැයි සොයා බැලීම වගකිව යුතු ඉහළ බලධාරීන් සොයා බැලිය යුතුමය. අනෙක් බරපතළම තත්ත්වය නම් මෙම බොරළු කැපීම සිදුවන භුමියට යාබදව ඇති පනිරෙණ්ඩාව සදාහරිත වනාන්තරය පිහිටා තිබීමය. එවැනි රක්ෂිත වනාන්තරයක් ආසන්නයේ කිසිදු අයුරකින් මිටර් 100 ක දුරකට ආසන්නවීම තහනම් වුවද මේ ජාවාරම් කරුවන්ට එය බලපා නැත. ඒ රක්ෂිතයේ මිටර් 100 නොව රක්ෂිතය තුළට මේ වන විට ජාවාරම ක්‍රියාත්මකවීම නිසාය. එසේම රක්ෂිතයේ සීමා මායිම් කණු පෙරළා දමා මෙය ක්‍රියාත්මක වද්දී වන සංරක්ෂණ නිලධාරීන් සිටියේ කොහේ දැයි ප්‍රශ්න කළ යුතුව තිබේ . 

 

19-Page-12-S2-04

 


 එසේම බොරළු කැපීම සිදු වන ස්ථානයේ සිට මීටර් 100කටත් අඩු දුරකින් ප්‍රධාන මාර්ගයෙන් දකුණු පසට වන්නට ඇති රත්මල්අගාර පොල් පර්යේෂණාගාරයටත් හානියක් නොවන බවට පැවසිය නොහැක. මන්ද අඩි 100 වැඩි ගැඹුරට බොරළු තට්ටුවෙන් යටට වන්නට ඇති යපස් තට්ටුව දක්වා බොරළු කැපීම සිදුව තිබියදී සියලු_ ජල පෝෂක සිඳීයාමෙ බරපතළ අවදානමකට මෙම ප්‍රදේශ ලක් නොවෙතැයි කා හට සහතිකයක් ලබා දිය හැකි දැයි ප්‍රශ්නයකි.


කුඩා බිංගිරිය හා අනිකුත් ගම්මාන වන තඹගල්ල, මැදගම, හෙන්යාය, ගම්මාන මෙම බොරළු කැපීම නිසා බරපතළ පාරිසරික ව්‍යසනයකට ඉදිරියේදි මුහුණ දීමට සිදු වනු ඇති බව පෙනී යයි. 


 මේ  පිළිබදව අදහස් දැක්වූ හලාවත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක (එජාප)  චාමර නිශාන්ත මහතා අදහස් දක්වමින්  පවසා සිටියේ.

 

19-Page-12-S2-07

 


-මේ සිදු වෙමින් තිබෙන්නේ බරපතළම විනාශයක් ඒ තරමට හානිය කියන්න අමාරුයි. මුළු පළාතම මේ බොරළු කැපිල්ල නිසා විනාශ වන බවයි මට තේරෙන්නේ. මේ තරම් ගැඹුරට බොරළු කපන්න අවසර දීලා තියෙන්නේ ඇයි? එහෙම නැතිව කොහොමද මේ කැනීම් බලපත්‍ර අලුත් වෙන්නේ. හැම කෙනෙක්ම හදන්නේ  ජාවාරම් කරුවන් ආරක්ෂා කරන්න. මේක තමයි තත්ත්වය. _අපිවත් සල්ලිවලට ගන්න ගියා. නමුත් වැඩක් වුණේ නැහැ, යැයි පැවසීය.


ශ්‍රි ලංකා පරිසර භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පවසා සිටියේ:
-ජාතික පාරිසරික පනතට අනුව වන රක්ෂිතයක මායිමේ සිට මීටර් 100 ක් ඇතුළත  ඕනෑම කැනීමක් සිදුවනවා නම් පරිසර බලපැම් ඇගයීම් වාර්තාවට යටත්ව අනුමැතිය ලබා ගත යුතුයි. අනික, වන රක්ෂිතයක් ආසන්නයේ කැනීමක් සිදුවනවා නම් එය යන්නේ වන රක්ෂිත ආඥා පනතට අනුව කැනීම් කිරීම, ඇතුළුවීම තහනම්, වන රක්ෂිතයේ කැනීම් කරන දෑ ඉවත් කර ගැනීම වන රක්ෂණ ආඥාපනත අනුව තහනම් නීති විරෝධියි. එවැනි නීති විරෝධි ක්‍රියාවක නිරත වුණ පුද්ගලයකු වසර පහක් බන්ධනාගාර ගත කිරීම හෝ ලක්ෂයක් දෙලක්ෂයක දඩයකට යටත් කිරීමට පවා පුළුවන්. අනික් කරුණ නම් වන රක්ෂිතයට කුමන හෝ හානියක් කර තිබේ නම් බරපතළ නීති විරෝධි වරදක්. එවැනි වරදක නිරත වන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමට හැකියාව තිබෙනවා. කුඩා වන රක්ෂිතවල පැවැත්ම ජනතාවගේ පැවැත්මට බලපානවා. භු විද්‍යා හා පතල් කැනීම් ආශ්‍රිතව යම් බලපත්‍රයක් ලබා දී තිබෙනවා නම් එය බරපතලයි. එසේම එම බලපත්‍රය නීති විරෝධියි. භූ විද්‍යාවට බෑ එවැනි බලපත්‍රයක් නිකුත් කිරීමට. මේ ආකාරයේ සදාහරිත වනාන්තරයක් ආසන්නයේ කිසිම කැනීමක් සිදු කරන්න බෑ.”

19-Page-12-S2-06


මේ සිදුවන දැවැන්ත පරිසර හානිය පිළිබදව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ වයඹ පළාත් කැනීම් ඉංජිනේරු ඩබ්ලිව්.එම්.සී.පී.කේ. ලංකා මහතා කියන කතාව මෙසේය.


-ඔය කියන ස්ථානයට  බලපත්‍රයක් ලබා දී තිබෙනවා. නමුත් මගේ නිලධාරීන් මට දන්වා සිටියේ කැනීම් බලපත්‍ර නීති උල්ලංඝනය කර නැති බවයි. නමුත් මාධ්‍ය  කියනවා නම් මේ තරම් හානියක් සිදුව ඇති බව, මම එන්නම් බලන්න යන්න. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා” යැයි පැවසීය.
කැනීම් ඉංජිනේරුවරයා පවසන ආකාරයට, බලපත්‍ර නීති උල්ලංඝනයක් සිදුව නැති බව කියයි. එසේ නම් මින් පසු පරිසර වනසන්න සතුටු වන කරුණක් තිබේ. ඒ බොරළු, පස් කැපීමට අඩි සිය ගණනක් යන තුරු ඉඩ ඇති බවයි. මේ යහපාලනයේ සැබෑව දැයි ජනතාව නැවත නැවතත් ප්‍රශ්න කරමින් සිටිති.

m



අදහස් (0)

යහපාලන දේශපාලකයන්ගේ මහා පස් ජාවාරම

සොපි Tuesday, 22 March 2016 04:24 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව ....... (නි)

:       0       0

ලසන්ත Saturday, 26 March 2016 02:05 AM

යහපාලනයද, මොන පාලනයද කියන එක නෙමෙයි ප්‍රශ්නේ, මේ ගම් වල ඉන්න මිනිස්සුමනේ මේක පටන් අරන් තියෙන්නේ,කලින් රජයත් මේකට සම්බන්ධයි, අලුත් රජයත් සම්බන්ධයි, ඒ නිසා මේක කවුරුත් හවුලේ කරල තියෙන්නේ,දැනවත් මෙය වහාම නවතා, මෙම වලවල් කුණු වලින් හෝ පුරවා, උඩින් වන වගාවක් කඩිනමින් කළ යුතුයි (බ)

:       0       0

මනෝරි Friday, 25 March 2016 03:43 AM

යහපාලනය කියල මිනිස්සු රැවට්ටුව ඔක්කොම බොරු කතා (බ)

:       0       0

අජිත් Tuesday, 22 March 2016 12:02 PM

ඔන්න දැක්ක නේද යහපාලනය යමපාලනය වෙලා තියෙන හැටි. කොහොමද වෙනස? (හේ)

:       0       0

ගීතාංජලී Tuesday, 22 March 2016 12:50 PM

යහ පාලනයට ඕවා පෙන්නේ නෑ (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site