IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රෝගින් අපහසුවට දැමීම මානව ධර්මයට එකඟද?

හිපොක්‍රටික් ප්‍රතිඥාව යනු මානව ඉතිහාසය තුළ ලියැවුණු පුරාණතම ග්‍රන්ථ වලින් එකකි. එහි ඇති මූලධර්ම වෛද්‍යවරු අද දින පවා පූජනීය කොට සලකති. හොඳම අයුරින් රෝගියාට සැලකීම රෝගියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෛද්‍ය විද්‍යාවේ රහස් ඊළඟ පරම්පරාවට ලබාදීම පිළිබඳ කරුණු එහි සඳහන්ය. 

ඇපලෝ, ඇස්ක්ලීනියස්, හයිජියා, පැනාසියා, ඇතුළු සියලු ග්‍රීක දෙවිවරුන්ගේ නාමයෙන් තමන්ගේ රාජකාරිය හැකි උපරිම අයුරින් ඉටු කරන බවට පුරාණ වෛද්‍යවරු ඒ අනුව ප්‍රතිඥා දුන්හ. ඔවුහු එම දෙවියන්ගෙන් ඊට සාක්ෂි දරන ලෙසද  ඉල්ලා සිටියෝය.

ක්‍රි පූ 460-370 කාලයේ දිවිගෙවූ ග්‍රීක වෛද්‍ය හිපොක්‍රටීස් මෙම ප්‍රතිඥාව ඔස්සේ හඳුන්වාදුන් ආචාරධර්ම පද්ධතිය යුග ගණනාවක් තිස්සේ වෛද්‍ය විද්‍යාලවල උපාධි ප්‍රදානෝත්සව වල දී භාවිතයට ගනු ලැබීය.

අලුතෙන් සේවයට එක්වන වෛද්‍යවරු ඒ අනුව දිවුරුම් දුන්හ. එම දිවුරුම කොටස් දෙකකින් යුක්ත විය. පළමු කොටස වෛද්‍යවරයාගෙන් සිය වෛද්‍ය ශිෂ්‍යයන්ට හා වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන් ගුරුවරුන්ට ඉටු විය යුතු යුතුකම් පිළිබඳවය. දෙවැනි කොටස වෛද්‍යවරයා තමන්ගේ, විනිශ්චය හා හැකියාව අනුව කිසිදු හානියක් නොකර රෝගියාට ප්‍රතිකාර කරන බවට කරන දිවුරුමකි.

1948 ජිනීවා ප්‍රකාශනයේ දී ලෝක වෛද්‍ය සංගමය හිපොක්‍රටික්  දිවුරුම කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කළේය. ඉන්පසු 1968 දී හා නැවත 1983දී වියනා සම්මුතිය, අනුව ලෝක වෛද්‍ය සංගමය එකී ප්‍රතිඥාව සංශෝධනයට ලක් කරනු ලැබීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව  හිපොක්‍රටීස් දිවුරුම අනුසාරයෙන් සකස් කළ මාර්ගෝපදේශ හා ආචාරධර්ම පද්ධතියක් ප්‍රකාශයට පත් කොට තිබේ. වෛද්‍යවරුන් දීමට නියමිත ප්‍රතිඥාවට අනුකූල කරුණු 10ක් පමණ එහි සඳහන් වේ. මගේ මූලික සැලකිල්ල මාගේ රෝගියාගේ සෞඛ්‍ය වන අතර මා මගේ වෘත්තිය මගේ රෝගියා සූරා කෑමට භාවිත නොකරමි යන අර්ථය දෙන ප්‍රතිඥාවක් ද, වෛද්‍ය වෘත්තියේ උත්තරීතර සම්ප්‍රදායයන් තමන්ගේ ශක්තියේ තරමින් ආරක්ෂා කරන බව කියැවෙන ප්‍රතිඥාවක් ද එහි ඇත. ඒ හැරුණු කොට රුඩ්යාඩ් කිප්ලින් ගේ  if යන කාව්‍යයේ ආභාෂය ලබමින් මහාචාර්ය කේ. රාජසූරිය ලියූ වෛද්‍යවරුන්ගේ හා  ආචාර ධර්ම පද්ධතියට අදාල  කව් පෙළක් ද  එහි ඇත.

හිපොක්‍රටික් ප්‍රතිඥාව හා වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය සම්බන්ධයෙන් මෙසේ කරුණු කියන්නට හේතුවූයේ  පහළොස්  වැනිදා දඹුල්ලේ වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වාර්තා වූ සිද්ධියක් නිසාය. හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු මාස පහක්  වයසැති ළදරුවකුට ප්‍රතිකාර කිරීම මඟහැරීමේ සිද්ධියක් නිසා එම දරුවාගේ මවට එකී රෝහලින් පිටව ගොස් පෞද්ගලික ස්ථානයකින් ප්‍රතිකාර ලබන්නට සිදුවී තිබේ.

වර්ජනය ක්‍රියාත්මක වුවද නේවාසික හා හදිසි ප්‍රතිකාර කටයුතු කරමින් පවතින බව රෝහලේ ප්‍රධාන හෙද පාලකවරයා කියා සිටිය ද දොස්තර වර්ජනය නිසා මාස පහක නොදරුවකු මනුෂ්‍යත්වයට නොගැළපෙන තරම් නොසැලකිල්ලට ලක්වී තිබෙන බව එම සිද්ධියෙන් පැහැදිලි වේ.

වෛද්‍යවරුන් සිය වෘත්තීය අයිතීන් දිනා ගැනීම වෙනම කරුණකි. එහෙත් ඔවුන්ගේ වර්ජනය නිසා රෝගීන් අපහසුවට පත් කිරීම මානව ධර්මයට කිසිසේත් ගැළපෙන්නක් නොවේ. අපගේ දැනුමේ හැටියට එය වෛද්‍යවරුන්ගේ උත්තරීතර ප්‍රතිඥාවට ද විරුද්ධ ක්‍රියාවකි.

මෙරට රජයේ රෝහල්වලට ප්‍රතිකාර ගැනීම සඳහා වැඩිපුර යොමු වන්නේ දුප්පත් ජනයාය. ආර්ථික වශයෙන් යම් ශක්තියක් ඇති අයට පමණක් පෞද්ගලික රෝහල් වෙත යොමුවීමේ හැකියාව ඇත. රජයේ රෝහල්වලින් ප්‍රතිකාර නොලද විට එවැනි රෝගියකුට සිදුවන්නේ මුදලක් ණයට ගෙන පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබන්නටය. ශාරීරිකව රෝගී බවට පත් වූ තැනැත්තා එවිට මානසික වශයෙන් ද රෝගියෙක් වෙයි. ණය බේරා ගැනීම සඳහා කුසගින්නේ සිටීමට ද එම රෝගියාට සිදුවේ.

ඉදිරි කාලයේ දී ගන්නා වෘත්තිය  ක්‍රියාමාර්ගවල දී රෝගීන් අපහසුවට පත් නොවන ආකාරයෙන් හා රෝගියාගේ මානව අයිතීන් ආරක්ෂා කරමින් එසේ කිරීම වෛද්‍ය වෘත්තියටත් මිනිස්කමටත් හොඳින් ගැළපේ.

(***)



අදහස් (0)

රෝගින් අපහසුවට දැමීම මානව ධර්මයට එකඟද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 75 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 757 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1294 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 175 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 408 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 576 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site