IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රගර් ක‍්‍රීඩකයා මැරුවේ දස වධ දීලා

55656 

 

රිය අනතුරකින් මියගිය බවට වසර තුනකට පෙර පොලිසිය තීරණය කළ සුප‍්‍රකට රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය මිනී මැරුමක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය. තාජුදීන් මරා දමා ඇත්තේ දත් කඩා, ඉළ ඇට බිඳ, පාදයේ කලවා පෙදෙසේ අස්ථි ද බිඳ, උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. වසීම්ගේ මරණය රිය අනතුරකින් වාහන ගිනි ගැනීම නිසා සිදුවූවක් නොව එය මිනීමැරුමක් බව කියාපෑමට අවශ්‍ය තරම් සාධක ඇති බව ඉරිදා ලංකාදීපය පසුගිය මාර්තු 08 වැනි දා වාර්තා කළේය.

 

khbf
වසීම් තාජුදීන් කවුද?
ඔහු නමින් මොහොමඞ් වසීම් තාජුදීන්ය. පදිංචිව සිටියේ වැල්ලවත්ත මුරුගන් පාරේ නිවසකය. හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ ඉදිරි පෙළ රගර් ක‍්‍රීඩකයකු වූ වසීම් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.


2008 දී ශ‍්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වීමට වසීම්ට අවකාශය හිමි විය. එතැන් සිට ඔහු කැපී පෙනෙන චරිතයක් විය. එම කණ්ඩායමේ උප නායකයා වීමේ වාසනාව ද වසීම්ට ලැබිණි. 2009 වසරේ දී ජනප‍්‍රියම රගර් ක‍්‍රීඩකයාට හිමි සම්මානය ලැබුණේ ද ඔහුටය.


මීට කලකට පෙර ඔහුගේ රගර් පුහුණුකරුවකු ඔහු ගැන මාධ්‍යයට කියා තිබුණේ මෙවැනි අදහසකි.


”2001 ඉඳන් 2003 වෙනකම් ශාන්ත තෝමස් විද්‍යාලයේ රගර් සෙල්ලම් කර 2004 විතර හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ සෙල්ලම් කරන්න ආවා. ඔහු 2009 හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළා. ක‍්‍රීඩකයකු ලෙස ඔහු ඉදිරියෙන්ම හිටියා. ඔහු හැමෝම එක්ක හොඳින් හිටියා. ඔහු ලංකාවේ කොඩියට හරි ආදරෙයි. තමන්ගේ රට ගැන කැපවීමෙන් සෙල්ලම් කළා. ඔහුගේ දණහිසේ පොඩි ආබාධයක් තිබුණා. ඒ නිසා වසර දෙකක් පමණ සෙල්ලම් කරන්න බැරිවුණා.”


2012 මැයි 16 වැනිදා සන්ධ්‍යාවේ වසීම් සිය නිවසින් පිටත් වූයේ නාරාහේන්පිට මිතුරකුගේ නිවසක සාදයකට සහභාගි වන බව කියමිනි.


මැයි 17 වැනිදා උදෑසනම කන වැකුණේ දුක් බර පුවතකි. ඒ අධික වේගයෙන් පැමිණි කාරයක් වේගය පාලනය කර ගත නොහැකිව  නාරාහේන්පිට ප‍්‍රදේශයේ තාප්පයක හැපී ගිනිගත් පුවතකි.


එහි රියැදුරු අසුනේ සිටි පුද්ගලයා දැවී අඟුරු වී තිබිණි. මුලින් ආරංචි පැතිර ගියේ එහි සිටියේ පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු බවයි. පසුව ආරංචි වූයේ එම සිරුර අන් කාගේවත් නොව සුප‍්‍රසිද්ධ රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන්ගේ බවයි.

 


අනතුර නාරාහේන්පිට : මුදල් පසුම්බිය කිරුලපන
කිසිදු පරීක්ෂණයක් නැතිව පොලිසිය එක හෙළා කීවේ මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවයි. වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක හැපී කාරය ගිනිගෙන මරණය සිදුවී ඇති බව පොලිසිය කීවේය. ඉන් එහා විමර්ශන සිදු නොවිණි.


එම මරණය සැක සහිත බවට වෙබ් අඩවි වාර්තා කරද්දී, මරණය සැක බව බොහෝ දෙනකු කියද්දී විමර්ශන කිරීමට පොලිසිය පෙළඹුණේ නැත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ මැදිහත්වීම නිසා බව බොහෝ දෙනෙක් කීහ. එම පොලිස් නිලධාරියා මැදිහත් වූයේ එකල ප‍්‍රබලයකුගේ මැදිහත් වීම නිසා බව ද කීහ.


නිකම්ම නිකන් රිය අනතුරකින් වසීම් මිය නොගිය බව කීමට සරලම කාරණා කිහිපයක් මින් පෙර ද ඉදිරිපත් කළේය. ඉන් පළමු වැන්න නම් තරමක් පාළු ස්ථානයක ආසන්න වන්නට රිය අනතුර සිදුවීමයි. දෙවැන්න නම් ඔහු ගියේ නාරාහේන්පිට සාදයකට වීමත්, අනතුර සිදුවූයේ ද නාරාහේන්පිට වීමත්ය. සාදය තිබුණැයි කියන ස්ථානයේ සිට එම ස්ථානයට ඒමට වැඩි වේලාවක් ගත වන්නේ නැත. ඊළඟ කාරණය නම් කාරය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයේ හැපීමයි. පොලිසිය මුලින් මවා පෙන්වූ පරිදි එය මහා විශාල අනතුරක් විය යුතුය. එසේ නම් අඩු තරමේ තාප්පයේ විශාල ප‍්‍රදේශයක් කැඞී යා යුතුය. නමුත් එසේ වී නොතිබිණි. එවැනි අනතුරක දී මහා විශාල ශබ්දයක් ඇසිය යුතුය. නමුත් එවැනි ශබ්දයක් ඇසුණු කෙනෙකු ද නැත. පොලිසිය මේ සියලූ කාරණා මග හැර තිබිණි. එනම් හිතා මතා යම් සිද්ධියක් වසන් වන අන්දමට විමර්ශන සිදු කර තිබිණි. පූර්ව නිගමන මත පිහිටා පරීක්ෂණ සිදු කර තිබිණි.


අනිත් බරපතළම කාරණය නම් මියගිය රගර් ක‍්‍රීඩක වසීම්ගේ මුදල් පසුම්බිය කිරුලපන පැත්තේ තිබී හමුවීමය. වසීම් රිය අනතුරකින් මිය ගියේ නම් ඔහුගේ මුදල් පසුම්බිය තිබිය යුත්තේ ද ඔහුගේ වාහනයේ හෝ ඇඳ සිටි කලිසමේ සාක්කුවේ ය. නමුත් එය කිරුලපනට ගියේ කෙසේද? පොලිසිය ඒ ගැන විමර්ශන සිදු නොකළේය. කෙසේ වෙතත් රිය අනතුරක් සිදුවී යැයි කියන තැනට කිලෝමීටර ගණනක් දුරින් වසීම්ගේ මුදල් පසුම්බිය හමුවීම ගැන විමර්ශන සිදු කැරුණේ නැත.


සිද්ධිය වූ දිනට පසු දින එනම් 2012 මැයි 18 වැනි දා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පිරිස් මහතා (එවකට* නියෝග කළේ සිද්ධිය ගැන විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.


මුදල් පසුම්බිය එක් තැනකත්, පිළිස්සුණු සිරුර තවත් තැනකත් තිබී හමුවීමත් සමඟ පොලිසිය කළ යුතුව තිබුණේ ස්ථාන දෙක අතර සීසීටීවී පරීක්ෂා කිරීමය. එසේ වී නම් සැකකටයුතු කිසිවක් ගැන තොරතුරු සොයා ගැනීමට ඇතැම් විට හැකියාව තිබිණි. එනමුත් පොලිසිය එය කළේ නැත.


ඊළඟ ගැටලූව ලෙස මතු කළේ ගින්නෙන් බේරීමට වසීම් කිසිවක් නොකළේ ඇයි ද යන්නයි.


වසීම් ගිය කාරය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී තිබිණි. කෙතරම් දැවී තිබුණේ ද යත් වසීම් හදුනාගත නොහැකි ලෙස අඟුරු වන තුරු දැවී තිබිණි. එහි සිටියේ වසීම්ම බව හඳුනා ගත්තේ ඔහුගේ පාදයක ආබාධයක් නිසා යොදා තිබුණු යකඩ ආධාරකයක් නිසාය.


කාරය ගිනි ගැනීමට නම් අනතුර වඩාත් විශාල විය යුතුය. වාහනය ගිනි ගනිද්දී වසීම් ඉන් බේරීමට උත්සාහ නොකළේ ඇයි දැයි ඊළඟට ප‍්‍රශ්නයක් මතු වෙයි. සිය නොකැමැත්තෙන් ගින්නකට හසු වන  ඕනෑම අයකු ඉන් බේරීමට උත්සාහ කරන බව අධිකරණ වෛද්‍ය මතයයි.


වසීම් යනු සාමාන්‍ය පුද්ගලයකු නොව හොඳ දක්ෂ රගර් ක‍්‍රීඩකයෙකි. ඔහුගේ කාය ශක්තිය ද සාමාන්‍ය කෙනකුට වඩා වැඩි විය යුතුය. ඔහු නින්දේ සිටිය ද කාරය හැපෙද්දී හෝ ඇහැරිය යුතුය. කාරයට පෙට‍්‍රල් වත්කර ගිනි නොතිබ්බා නම්, ගින්න ස්වභාවිකව ඇති වූවා නම් කාරය මුළුමනින්ම ගින්නෙන් වැසීමට තරමක කාලයක් ගත වෙයි. වසීම් වැනි දක්ෂ ක‍්‍රීඩකයකුට ගින්නෙන් බේරීමට කාරයෙන් ඉවතට පැනීමට හෝ මොන යම් දෙයක් කිරීමට හෝ එම කාලය තරමක් ප‍්‍රමාණවත්ය.


කාරය ගිනි ගනිද්දී වසීම් පණපිටින් සිටියේ නම් ඔහු ඉන් බේරීමට කිසිවක් කළ යුතු නමුත් වසීම් අඟුරු වන තුරු රියැදුරු අසුන මතට වී සිටියේ ඇයි? එසේ නම් ගිනි ගත්තේ පණපිටින් සිටි වසීම් ද? එසේ නැතිනම් කිසිවකු විසින් ඝාතනය කැරුණු වසීම්ගේ මළ සිරුරද?


කෙනකු මරා පිළිස්සුවා ද, පිළිස්සීම නිසා මැරුණා ද යන්න අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී මූලික වශයෙන්ම නිගමනය කළ හැකි එක් සාධකයකි කාබන් මොනොක්සයිඩ ශරීරගත වීම. මූලික ලෙස පිළිස්සුණු මළ සිරුරක පෙනහළු පරීක්ෂා කරද්දී කාබන් මොනොක්සයිඞ් හෝ අළු වැනි ද්‍රව්‍ය තිබීම හෝ නොතිබීම මත මරණය සිදු වූ ආකාරය ගැන අධිකරණ වෛද්‍යවරු නිගමනය කරති. ඒ අනුව සමහරුන් සිතන පරිදි ගිනිගෙන ඇත්තේ වසීම්ගේ නිසල සිරුරය.


2015 මාර්තු මාසයේ දී පොලිසිය කීවේ රගර් ක‍්‍රීඩක වසීම්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ආවේ වසර දෙක හමාරකට පමණ පසු බවයි. එහි ඇති යම් යම් දත්ත අනුව වසීම්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවාදැයි සැක සහිත බව පොලිසිය  කීවේය. ඒ අනුව වසීම්ගේ මරණය පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියට පැවැරිණි.


එම පරීක්ෂණයේ දී අනාවරණය වූයේ වසීම්ගේ මරණය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව හා අධිකරණ වෛද්‍ය වාර්තාව පරස්පර බවයි. එනම් ඉන් එක් වාර්තාවක් කිසියම් හේතුවක් නිසා කාගේ හෝ කීමට වෙනස් කළාදැයි සැකයක් මතු විය.


ඒ අනුව ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් පොලිසිය ප‍්‍රකාශ සටහන් කර ගත්තේය.


වසීම් තාජුදීන් දස වධ දී මරා දමා ඇතැයි හෙළි වූයේ ඉන්පසුය. ඔහුගේ දත්, ඉළ ඇට හා පාද කඩා දමා තිබිණි. ඔහුගේ ගෙලට උල් අයුධයකින් ඇණ ඇති බවත්, හිසට මොට ආයුධයකින් පහර දී ඇති බවත් සොයා ගෙන තිබේ.


මේ සියලූ කාරණා සොයා ගත්තේ තාජුදීන්ගේ මරණයෙන් වසර තුනකට පසුය. ඊළඟට ගැටලූව වන්නේ වසීම් මරා දැමුවේ කවුද? කාගේ උවමනාවට ද යන්නයි. ඒ ගැන ද රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අප දන්නා පරිදි වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.


පෙම් පලහිලව්වක් නිසා වසීම් මරා දැමූ බව ඔහුගේ හිතමිත‍්‍රාදීහු කියති.


වසීම්ගේ මරණය සම්බන්ධයෙන් ආරක්ෂක අංශයකට සම්බන්ධ පිරිසක් ද සැක කෙරෙන බව දැන ගන්නට තිබේ. වසීම්ගේ ඝාතනය සම්බන්ධයෙන් ළඟදීම කිහිපදෙනකු අත්අඩංගුවට පත්වනු ඇත.

m



අදහස් (0)

රගර් ක‍්‍රීඩකයා මැරුවේ දස වධ දීලා

විමුක්ති Monday, 03 August 2015 10:14 PM

මෙවන් අපරාධ කළවුන්ට නිදහසේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජීවත්වන්න හැකිද? (නි)

:       0       0

චන්දික Tuesday, 04 August 2015 04:43 AM

සත්‍ය ජය ගනී ....වැරදි කරුවන්ට නිසි දඩුවම් ලැබේවා කියා පතමි .(ම)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 August 2015 05:53 AM

වහාම එල්ලුම් ගස යලි ක්‍රියාත්මක කරන්න. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 03 August 2015 01:35 PM

අපරාධකරු කවුරු වුණත් කමක් නැහැ, එල්ලුම් ගහට යවන්න (නි)

:       0       0

අන්වර්- ගාල්ල Saturday, 08 August 2015 05:49 AM

සත්‍යනම් වහාම අත්ඩංගුවට ගන්න (නදී)

:       0       0

ටිකී Wednesday, 05 August 2015 06:21 AM

මේ තමයි ආසියාවේ ආස්චර්ය (නදී)

:       0       0

රසික Friday, 07 August 2015 04:27 AM

සත්‍ය කවරදාක හෝ ජය ගනී. මෙම අපරාධය ලොවටම හෙළිකරන්න (නි)

:       0       0

අසෝකා Monday, 10 August 2015 09:45 AM

මෙවන් අපරාධ කළ අයගේ හෘද සාක්ෂිය කෙසේ වෙතත් ස්වභාවධර්මය තුළින් ඔවුනට නිසි පරිදි දඩුවමක් ලැබේවි! (ම)

:       0       0

උක්කුන් Saturday, 08 August 2015 06:15 AM

රිය අනතුරකින් ඇට කටු බිඳෙන්නයි, ඔලුවට යකඩ වදින්නයි පුළුවන් නේද? (නදී)

:       0       0

චන්න බුවනක Monday, 03 August 2015 02:01 PM

දැන් ඔය ප්‍රබලයන්ගේ බලය නැත. රාජකාරි නොකළ ජ්‍යෙෂ්ඨයනුත් නැත. ඔවුන් සියල්ලටම දඬුවම් කළතුය. අහිංසක මිනිසාට නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැඟිය යුතුය. (නි)

:       0       0

නිරාන් Wednesday, 05 August 2015 10:56 AM

යහපාලනය කියන එක දැන් ලංකාවේ ඇති බව ආශ්චර්ය සිහිනේ ඉන්න අයට පෙන්නවා , දැනේවා (ම)

:       0       0

සමන්තිකා Wednesday, 05 August 2015 09:29 PM

රටට අවශ්‍ය වටිනා ක්‍රීඩකයෙක් මැරූ මිනිසුන්ට තරාතිරම නොබලා දඬුවම් කළයුතු වේ. නැත්නම් ඔවුන්ටත් එවැනිම ආකාරයට දඬුවම් ස්වභාව ධර්මයෙන් හෝ ලැබිය යුතු වේ. (නි)

:       0       0

ප්‍රින්ස් Monday, 03 August 2015 02:59 PM

මිනිසුනේ, දැන්වත් ඇස්හැර බලාපල්ලා! (නි)

:       0       0

දුමින්ද Thursday, 06 August 2015 06:09 AM

කොටි/භීෂණ වධකාගාර තිබුන යුගය සිහිවේ (නි)

:       0       0

නිෂාද් Tuesday, 04 August 2015 05:53 AM

මෙම මරණය සම්බන්ධයෙන් රාජකාරි කළ පොලිස් නිලධාරීන් සහ වාර්තා වෙනස් කිරීමට බලපෑම් කළ ඉහළ පොලිස් නිලධාරියාගෙන් කට උත්තර ලබා ගෙන මෙම සාහසික ක්‍රියාවට සම්බන්ධ වුවන් පිලිබඳ සියලු විස්තර සමාජයට එළී කළ යුතුයි. (ම)

:       0       0

චන්දන Wednesday, 05 August 2015 11:26 PM

කවද බලමු අපරාධකාරයා? (නි)

:       0       0

තිස්ස Wednesday, 05 August 2015 11:47 PM

පවු වටිනා ජීවිතයක්! (නි)

:       0       0

අනුර Tuesday, 11 August 2015 01:29 AM

ජනාධිපතිතුමනි, වහාම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. නැත්නම් නුදුරේදීම අපේ දරුවන්ට පාරේ බැහැලා යන්නන බැරි තත්වයක් උදාවෙනවා. ඔබතුම විධායක බලතල නැතිකළා වගේ එල්ලුම්ගහ සක්‍රිය කළොත් ඉතිහාසගත වෙනවා (නි)

:       0       0

නිමල් Thursday, 06 August 2015 01:59 AM

දැන්වත් අපේ රටේ මිනිසුන්ගේ ඇස් ඇරේවා කියල පතනවා. ඔය වගේ අහිංසක කීදෙනෙක් බිලිගන්න ඇද්ද? මේවා හෙණගහන අපරාධ. නීතිය ක්‍රියාත්මක කරන්න (නි).

:       0       0

ප්‍රමිත Tuesday, 04 August 2015 10:06 AM

දක්ෂතාවය සහ හැකියාවද මරන්න හේතුව? අනේ වගකියන මහත්වරුනි, සාධාරණය ඉටුකරන්න. මේ වගේ අපරාධ වෙන්න දීලා බලා ඉන්නද අපි? (නි)

:       0       0

මොහාන් Sunday, 09 August 2015 11:38 PM

මෙහි සුළමුල අපිට ඉක්මණින්ම දැනගන්න ලැබේවා! (නි)

:       0       0

පූජා Tuesday, 04 August 2015 10:25 AM

සත්‍ය එළිදකින්න !!! ගරු ජනාධිපතිතුමනි, අප රටට දැඩි නීති ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

නිශාන්ත Monday, 10 August 2015 08:10 AM

ඔබ ඔබේ හදවතින් අහන්න........ තමන්ගේ හෘද සාක්ෂියට හඬ නගන්න කාටවත් බැහැ (ම)

:       0       0

ජයලත් Monday, 03 August 2015 06:11 PM

වහාම අත්අඩංගුවට ගන්න. (නි)

:       0       0

මොහොමඩ් Sunday, 09 August 2015 04:27 AM

අයියෝ මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

අසේල Monday, 10 August 2015 08:49 AM

සුළමුල අපිට ඉක්මණින්ම දැනගන්න ලැබේවා (අ)

:       0       0

ශාන සෞදි Monday, 03 August 2015 12:14 PM

ගරු ජනාධිපතිතුමනි, වහාම එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න.මෙවන් අයට කිසිම සමාවක් දිය නොහැක. මෙයට සම්බන්ධ සියලු දෙනාට මොන දේශපාලකයාගේ කෙනෙක් වුණත්,කාගේ කවුරු වුණත් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

කස්තුරිආරච්චි Saturday, 08 August 2015 11:38 AM

ඔබේ නෙත් වසා ඇති තිමිර පටලය විවර කර හෘද සාක්කියට එකගව හිතා බලන්න කාලය ඇවිත් ලේ සාගරයක ගිල්වා දෙමුවද සත්‍යය යටපත් කළ නොහැකි බව මිනි මරුවන්ට ඔවුන්ට සහය දුන්නන්ට දඩුවම් දෙනු (බ)

:       0       0

වජිරපාල Monday, 03 August 2015 01:02 PM

අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3712 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 437 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1057 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 95 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 183 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 242 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1034 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site