කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කර දෙහිවල සත්වෝද්‍යානයට බාර දුන් වටිනා විදේශීය පක්ෂීන් වර්ග රාශියකගේ ජීවිත හා පැවැත්ම අනාරක්ෂිත වී ඇතැයි සත්ත්ව උද්‍යාන ආරංචිමාර්ග පවසයි. හොරණ ගෝණපල ප‍්‍රදේශයේ ඇති දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට අයත් ගොවිපොළේ කූඩු කිහිපයක රඳවා සිටින මෙම විදේශීය පක්ෂි කිහිපයක් මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇත. ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වටිනා හංස පැටවුන් හා මැන්ඩරිල්ලා වර්ගයේ වර්ණවත් තාරාවුන් රාශියකි. මේ වන විට ද රෝගී තත්ත්වයෙන් පසුවන පක්ෂි වර්ග කිහිපයකි. ඔවුන්ගේ ජීවිත ද අවාදානම් බව එහි ආරංචිමාර්ග පවසයි. මියගිය හංසයන්ගේ හා තාරාවුන්ගේ රෝග සම්බන්ධයෙන් වෛද්‍යවරු පවසන්නේ පණු රෝගයක් මරණයට හේතු වූ බවයි. නමුත් එම පණු රෝගය සෑදුණු ආකාරය හා මරණයට හේතු නොසොයා සත්ත්ව මළකුණු ටික අධිශීතකරණයක තැන්පත්කරගෙන ඇතැයි සේවකයෝ පවසති. සේවකයන් වැඩිදුරටත් හෙළිකරන්නේ මෙම සතුන්ගේ මරණයට හේතුව තායිලන්තයෙන් ව්‍යාපාරිකයකු ලබාදුන් විටමින් වර්ගයකින් පසු මෙම තත්ත්වය ඇතිවූ බවයි. එම ආහාර වර්ග මෙම සතුන්ට ලබා දීම සඳහා සත්ත්වෝද්‍යාන වෛද්‍යවරුන්ට ලබාදුන් කුරුළු ව්‍යාපාරිකයා කවුද යන්න සත්වෝද්‍යානය තුළ ප‍්‍රසිද්ධ රහසකි. ඔහු වෙන කවුරුවත් නොවන අතර, නීති විරෝධී ලෙස මෙරටට පක්ෂීන් ගෙන ආ ව්‍යාපාරික මහත්මයෙකි. කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු විශාල දඩයකට යටත්වීමෙන් පසු අදාල පක්ෂි වර්ග ද රාජසන්තක කෙරිණි. එම රාජසන්තක පක්ෂීන්ගේ පෙර අයිතිකරු වන මෙම ව්‍යාපාරිකයා මේ වන විට කැලණිය ප‍්‍රදේශයේ කුරුලූ ව්‍යාපාරයේ නිරත වේ. මෙම පක්ෂීන් ජාතික සත්වෝද්‍යානයට රේගුවෙන් බාරදුන් පසු නිරෝධායන කටයුතු කරන්නේ හොරණ ගෝණපල පිහිටි සත්වෝද්‍යානයට අයිති ගොවිපොළේය. මෙම පක්ෂීන්ගෙන් මෙරටට බෝවන රෝග සෑදීමේ අවදානම නැති කිරීමත් සත්වෝද්‍යානයේ ප‍්‍රදර්ශනයට පෙර කුරුලූ උණ වැනි රෝගවලින් තොර ද යන්න මෙම සතුන්ව පරීක්ෂාවට භාජනය කිරීම මෙහිදී සිදුවේ. මේ සඳහා දෙහිවල සත්වෝද්‍යානයේ වෛද්‍යවරුන් දෙදෙනකු සහ මහනුවර පේරාදෙණියේ පිහිටි සත්ත්ව හා සෞඛ්‍ය ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරු දෙදෙනක් ද යොදවා ඇති අතර ඔවුන් යටතේ මේ වන විට අදාළ පක්ෂීන් පිළිබඳව පරීක්ෂණ සිදුකෙරේ. නමුත් සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන් එම කුරුලූ විශේෂ කිහිපයක නිරෝධායන කටයුතු සඳහා මෙම කුරුලූ ව්‍යාපාරිකයාගේ සහාය ලබාගෙන ඇත. එම ව්‍යාපාරික මහත්මයා පුද්ගලිකව ගොණපල ගොවිපොළට ගොස් එම පක්ෂීන්ට ප‍්‍රතිකාර සඳහා උපදෙස් ලබා දී ඇති බවත් සත්ත්වෝද්‍යාන වෛද්‍යවරුන් එම උපදෙස් මත සතුන්ට ප‍්‍රතිකාර ලබාදී ඇති බව ද හෙළිවී ඇත. මෙරටට නීති විරෝධීව පක්ෂීන් ආනයනය කිරීමේ වරදට හසුවී දඩයකට ද ලක්වූ ව්‍යාපාරිකයකුගෙන් පක්ෂීන්ගේ රෝග පිළිබඳ උපදෙස් ගැනීම මොනතරම් සදාචාරාත්මක ද? ඒ සඳහා දෙහිවල සත්්වෝද්‍යානයේ වෛද්‍යවරු ක‍්‍රියාකිරීම පිළිබඳ බලවත් සැකයක් ඇති වන බවත් එවැනි ආකාරයෙන් ක‍්‍රියාකිරීම නම් සත්වෝද්‍යානයට වෛද්‍යවරුන්ගේ සේවාව ලබාගන්නේ කුමක් සඳහාද යන්න බලවත් ගැටලූවක් බව සත්වෝද්‍යාන සේවකයෝ විමසති. ඒ වගේම රජයට වංචා කිරීම සම්බන්ධයෙන් විශාල දඩයකට යටත් වෙමින් ඔහු සතු වටිනා පක්ෂීන් ද රාජසන්තක කර තිබියදී ඔහුට අහිමි වූ පක්ෂීන් වෙනුවෙන් වෛද්‍ය හා වෙනත් උපදෙස් ලබාදෙන්නේ සද්භාවයෙන් ද යන්න ගැටලූවක් බවත් එම පක්ෂීන් සිටින ගෝණපල ගොවිපොළට වෛද්‍යවරුන් විසින් මොහුව ගෙන්වීම නීති විරෝධී බව අමුතුවෙන් පෙන්වීමට අවශ්‍ය නොමැති වුවත්, පසුගිය සති කිහිපය තුළ එම ව්‍යාපාරිකයා ගොණපල ගොවිපොළට අදාළ වෛද්‍යවරු සමග ආ ගිය බව සත්වෝද්‍යාන සේවකයන් අතර ප‍්‍රසිද්ධ රහසකි. ඒ සඳහා අවසර ලැබුණේ කෙසේ ද යන්න පරීක්ෂණයක් සිදු කළ යුතු බව සේවකයන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලති. මේ වන විට ගෝණපල ගොවිපොළේ සිටින විදේශීය පක්ෂීන් ප‍්‍රමාණය ලැයිස්තුගත කර ඇත. රුපියල් කෝටියකට අධික කුරුල්ලන් රැුක ගැනීම සඳහා යොදවා ඇත්තේ රාත‍්‍රියට එක් ආරක්ෂක නිලධාරියකු පමණි. ඒ වගේම මැකෝ වර්ග, දුර්ලභ පිංචස් වර්ග අධික වටිනාකමින් යුත් කොකටු වර්ග ද රාශියක් වේ. ඔවුන්ගේ ආරක්ෂාව ප‍්‍රමාණවත් නොවන බව සේවකයන්ගේ හැඟීමයි. ඒ සඳහා නිසි ආරක්ෂාව දැඩි කරන ලෙස ද සේවකයෝ ඉල්ලති. රේගුව විසින් සත්වෝද්‍යානයට බාර දුන් පක්ෂීන් ගණන 110කි. ඒ රාජසන්තක කළ ප‍්‍රමාණයයි. මෙම සියලූ පක්ෂීන්ගේ වටිනාකම රුපියල් ලක්‍ෂ ගණනකි. ඒ අතර සිටි රෙඞ් ස්කාර්ලට් මැකෝ යුවළක් රුපියල් ලක්‍ෂ 3කට අධික බව කුරුලූ ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරිකයෝ පවසති. මෙවැනි වටිනාකමකින් යුත් සතුන් රාශියක් අද ගෝණපල කුරුලූ ගොවිපොළේ සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා විධිමත්ව ක‍්‍රියා කළ යුතු බව සත්වෝද්‍යාන සේවකයන්ගේ මතයයි. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ භාෂ්වර සේනාංක මහතාගෙන් විමසීමේදී ඒ මහතා අප පුවත්පතට පැවසුවේ, මේ වනවිට ගෝණපල ප‍්‍රදේශයේ පිහිටා ඇති දෙහිවල සත්වෝද්‍යානයට අයිති ගොවිපොළේ ඉතාම ආරක්ෂාකාරීව රඳවා සිටින විදේශීය කුරුලූ වර්ග සෞඛ්‍ය ආරක්ෂාකාරීව පසුවන බවත්, එම සතුන් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවයි. රේගුවෙන් අත්අඩංගුවට ගෙන සත්වෝද්‍යානයට බාරදුන් මෙම සතුන් පිළිබඳව ඔවුන්ගේ සෞඛ්‍යමය යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් කිසිම වාර්තාවක් නොලැබුණු බවත්, ඒ අනුව රේගුව දැනුම්වත්කර පසුව රේගුවෙන් ලබා දුන් දුරකතන අංකයක් අනුව කතා කර එක්තරා මහත්මයකුගෙන් සතුන්ගේ සෞඛ්‍යමය යාන්ත‍්‍රණය පිළිබඳ යම් යම් උපදෙස් ලබාගත් බව ද පැවසීය. පසුව එක්තරා දිනෙක මෙම විදේශීය කුරුලූ වර්ගයක් හදිසියේම අසනීප වීම නිසා මාගේ අනු දැනුම මත අදාළ වෛද්‍යවරුන් සත්ව භාර නිලධාරීන් ඇතුළු සියලූම දෙනා එකතු වී ප‍්‍රතිකාර සඳහා පියවර ගත් බවයි. විශේෂයෙන් රටකින් රටකට රැුගෙන යා නොහැකි තත්ත්වයේ සිටි හංස පැටවුන් සම්බන්ධයෙන් පෙර සඳහන් පුද්ගලයාගෙන් උපදෙස් ගැනීමට එදින සිදුවූයේ සතුන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීමේ සද්භාවයෙන් මිස වෙනත් කිසිම කාරණාවක් නිසා නොවන බව ද භාෂ්වර මහතා පැවසීය. මේ වන විට ගොවිපොළට ආරක්ෂාව යොදා ඇති බවත්, ඉදිරි දිනෙක රන්නා ලංකා ආරක්ෂක සේවාවේ සහාය ද රැගෙන ආරක්ෂාව පුළුල් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යනුවෙන් ලංකාවේ ප්‍රකට ගැමි වහරක් තිබේ. එහි තේරුම නම් බීජයක් සිටුවීමෙන් පසු ඉන් පැළයක් හටගන්නා මූලිකම අවස්ථාවේ දී අදාළ පැළය
යක්කුරේ යනු මෙරට යක්ෂ පරම්පරාව ජීවත්වූ අවසන් ගම්මානයයි. අද යක්කුරේ කියා හඳුන්වන්නේ එදා යක්ෂ පරම්පරාව සිටි නියම ගම නොවේ. ඉහළ යක්කුරේ සහ පහළ යක්කුරේ ලෙස
ඇසළ පුණු පොහෝ දිනයෙහි පොහෝ පවුරුණු සිදුකොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළැඹි සියලු භික්ෂූන් වහන්සේ අදට යෙදෙන වප්පුර පොහෝ දිනයෙහි වස් පවාරණය කිරීම
රටක ප්‍ර ජාතන්ත්රමවාදී පාලන ක්රබමය ශක්තිමත්වීම සම්බන්ධයෙන් ශක්තිමත් ආණ්ඩු පක්ෂකයක පැවැත්ම අත්යතවශ්ය වන අතරම, පාර්ලිමේන්තු ප්රීජාතන්ත්රමවාදය තහවුර
ඉකුත් රජය මැති ඇමැතිවරන් ඇතුළු ප්‍රභූවරුන්ට ලබාදී තිබූ මෝටර් වාහන හතු පිපෙන්නාක් මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රථ ගාලේ සහ විවිධ ස්ථානවලින් මතුවීම ආර
ශ‍්‍රී ලංකාව සම්බන්ධ ඉතා වැදගත් වාර්තාවක් ලෝක බැංකුව විසින් මේ මස 10 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. ශ‍්‍රී ලංකා සංවර්ධනයේ නව තත්වය 2024 අනාගතය දක්වා විවෘත කිර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ‍්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ‍්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රේගු දැලට භසුවී දෙහිවලට ආ විදෙස් පක්ෂීන්ගේ ජීවිත අනතුරේ