මෙම වසරට අදාළව යෙදී ඇති රජයේ හෝ නිවාඩු දින විසි හතරෙන් විසි දෙකක්ම යෙදී ඇත්තේ සතියේ වැඩ කරන දවස් අතරටය. රජයේ නිවාඩු දින දෙකක් පමණක් සෙනසුරාදා සහ ඉරිදා දිනවලට යෙදී තිබේ. රජයේ නිවාඩු දින 24 සකස් වී ඇති ආකාරය පසුබිම් කරගත් අපූරු කතාන්දර ගණනාවක් තිබේ.
ශ්‍රී ලංකාවේ රජයේ හා බැංකු නිවාඩු දින නියම කරන්නේ 1971 අංක 29 දරන නිවාඩු පනත අනුවය. විවිධ ආණ්ඩුවලින් විවිධ නිවාඩු දින ඇතුළත් කිරීම් හා අවලංගු කිරීම සිදුකර ඇත.
නිදහස් දිනය එසේ වෙනස්කම්වලට භාජනය වූ රජයේ නිවාඩු දිනයකි. 1948 පළමු නිදහස් දිනය වෙනුවෙන් පෙබරවාරි මස 4 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. පළමු නිදහස සැමරීම වෙනුවෙන් පෙබරවාරි 10 – 11 හා 12 යන දින තුන ද රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණි. ඒ අනුව උත්සව මාලාවක් සංවිධානය විය. සිරකාරයන්ට නිදහස ලබාදීම සත්ව ඝාතන ස්ථාන වසා දැමීම වැනි කටයුතු ඒ අතර විය. බ්‍රිතාන්‍යයේ මහ රජුගේ සොහොයුරා වූ ග්ලෝස්වර් ආදිපාදවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී බ්‍රිතාන්‍යයන් ලංකාවෙන් ගෙන ගිය සිංහල රජුගේ සිහසුන හා ඔටුන්න යළි මෙරටට රැගෙනවිත් රජයට භාර දුන්නේය.
වෙසක් පොහොය නිවාඩුවද මෙරට පැවැති විවිධ ආණ්ඩු විසින් වරන්වර වෙනස් කර තිබේ. පෙර රජදවස පටන් වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස සැලකුවද පහතරට ආණ්ඩු බලය අත්පත් කරගෙන සිටි ලන්දේසින් 1770 දී තම ප්‍රදේශවල වෙසක් පොහොය දින නිවාඩුව අවලංගු කර පාස්කු ඉරිදා දිනය නිවාඩු දිනයක් ලෙස නම් කෙරිණි. සෑම ඉරිදා දිනයක්ම නිවාඩු දිනයක් ලෙස නීතිගත කරන ලද්දේද එම ලන්දේසි රජයයි. 1817 දී බ්‍රිතාන්‍ය රජයද පොහොය දින නිවාඩුව අවලංගු කර ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් කරන ලදී. පොහොය දින නිවාඩුව යළි ලබා ගැනීම සඳහා අරගලයක් කළ ඇමරිකාවේ සිට මෙරටට පැමිණි කර්නල් ඕල්කට් තුමා බ්‍රිතාන්‍යයට ගොස් එරට රජය හමුවී වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් කරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම අනුමත විය. 1885 මාර්තු 27 වැනි දින නිකුත් කළ රජයේ ගැසට් පත්‍රය මගින් වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කෙරිණි. මුල් කාලීන බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙරට සති අන්ත නිවාඩු දින නියම කර තිබුණේ නැත. ඒ වෙනුවට මසකට තිබුණේ නිවාඩු දින සතරකි. ඒ සතර පෝයටය. ලාංකිකයන් බෞද්ධ ජාතියක් ලෙස සතර පෝයටම සිල් සමාදන් වූ හෙයින් පෝය හතර නිවාඩු දින ලෙස සැලකිණි. පසුව මිෂනාරින්ගේ ඉල්ලීම් අනුව මෙම නිවාඩු දින වෙනස් කර සෙනසුරාදා දිනය හා ඉරිදා දිනය නිවාඩු දින බවට නම් කෙරිණි.
1956 පත්වූ බණ්ඩාරනායක රජය සෑම මසකට පසලොස්වක පොහොයදා මෙරට රජයේ හා බැංකු නිවාඩු දින බවට නීතියෙන් අනුමත කරන ලදී. ඒ අනුව වසරකට පොහොය නිවාඩු දින 13ක් හිමිවිය. මාස 12ක් වුවත් වෙසක් පොහොය දිනය නිමිත්තෙන් පෙර පෝය හා පසු පෝය යනුවෙන් දින දෙකක් වෙන් කිරීම නිසා පොහොය නිවාඩු දින ගණන 13ක් විය. අප අද පොදුවේ භාවිත කරන යටත් විජිත පාලනයෙන් ලැබුණු දායාදයක් වූ ග්‍රෙගෝරියානු දින දර්ශනය අනුව ලැබුණේ නිවාඩු දින කිහිපයක් පමණකි. කම්කරු දිනය, නත්තල් දිනය, නිදහස් දිනය (1948 සිට) හා ඉස්ලාම් සහ කතෝලික ආගම්වල විශේෂිත දින වශයෙනි. ඉතිරි නිවාඩු දින සියල්ලම ලැබුණේ විවිධ ආණ්ඩුවලින් ගත් තීන්දු තීරණ නිසාය.
1956 බුද්ධ ජයන්තිය වෙනුවෙන් බණ්ඩාරනායක රජය සියලුම පෝය දින නිවාඩු දින බවට පත් කළත් 1959 දී යළිත් එම නිවාඩු දින වෙනස් විය. ඒ අනුව නිදහස ලබද්දී තිබූ නිවාඩු දිනය වූ වෙසක් හා පොසොන් පෝය දිනත් දුරුතු හා උඳුවප් පොහොය දිනත් හැර සෙසු පෝය නිවාඩු අවලංගු කෙරිණි. 1965 දී බලයට පත් වූ ඩඩ්ලි සේනානායක රජය නිවාඩු දිනවල විශාල වෙනසක් සිදු කළේය. බණ්ඩාරනායක රජය මගින් පනවා එම රජය මගින්ම අහෝසි කර තිබූ පසලොස්වක පොහොය දින නිවාඩුව වලංගු කළ ඩඩ්ලි සේනානායක රජය සතර පෝයම නිවාඩු දින බවට පත් කළේය. සෙනසුරාදා හා ඉරිදට යෙදී තිබූ සති අන්තය සතර පෝය හා එයට පෙර දින වූ පෙරපෝය දිනට වෙනස් කළේය. එහෙත් මෙමගින් පරිපාලන අවුලක් ඇති වුණේය. ජාත්‍යන්තරව සම්මත සති අන්තය වූයේ සෙනසුරාදා සහ ඉරිදාය. ගුවන් හා වාණිජ කටයුතුවලදීද බැංකු කටයුතුවලදීත් ෙමම සති අන්ත ක්‍රමය මහත් කරදරයක් බවට පත්විය. ඒ නිසා 1970 දී බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩානායක රජය 1971 අංක 29 දරන පනත ගෙනැවිත් සෙනසුරාදා සහ ඉරිදා සති අන්තය බවට හා නිවාඩු දින බවට පත් කළේය. පෙර තිබූ අවුල නිවැරැදි විය. පසලොස්වක පොහොය පොදු නිවාඩු දිනයක් බවට පත්විය. නිදහස ලැබෙන අවස්ථාවේ නියම වී තිබුණු ඉස්ලාම් ආගමික නිවාඩු දවස් තුන මේ දක්වා කිසිම රජයක් වෙනස් කළේ නැත. හින්දු ආගමිකයන් වෙනුවෙන් අලුත් අවුරුද්ද හා මහාශිව රාත්‍රි හා දීපාවලි දින නිවාඩු දින වශයෙන් ඇතුළත් විය.
වර්තමානයේදී ජාතික නිදහස් දිනය ලෙස පෙබරවාරි 4 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවද අතීතයේ ඇතැම් අවුරුදුවල පෙබරවාරි 4 වැනිදා රජයේ නිවාඩු දිනයක් වූයේ නැත. ශ්‍රීලනිපයේ 1970 ආණ්ඩුව නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කළ මැයි මස 22 වැනිදා නිදහස් දිනය ලෙස සැමරීම එයට හේතුවය. 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ එතෙක් ඩොමීනියන් නිදහසක් හෙවත් බ්‍රිතාන්‍ය රැජිණගේ නියෝජිත අග්‍රාණ්ඩුකාරවරයකු ලංකාවේ ඉහළම දේශපාලන බලවතා ලෙස සිටි බැඳීම අහෝසිකර යටත් විජිත වියගහේ අවසන් ලණු පොට ද කපා ඉවත් කළේය. ඒනිසා 1972 සිට 1977 මැයි දක්වාම ශ්‍රීලනිප ආණ්ඩුව නිදහස් දිනය ලෙස සැමරුවේ මැයි 22 වැනිදාය. එකල පෙබරවාරි 4 සාමාන්‍ය වැඩ කරන දිනයක් විය.
හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය වූ සැප්තැම්බර් මස 26 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස 1960 ශ්‍රීලනිප ආණ්ඩුව විසින් නම් කරනු ලැබ තිබුණි. මෙම දිනය හැඳින් වූයේ බණ්ඩාරනායක දිනය වශයෙනි. එහෙත් 1965 පත් වූ එජාප හත්හවුල් රජය මෙම නිවාඩුව අවලංගු කළේය. 1965 සිට 1970 දක්වාම මෙම නිවාඩු දිනය අවලංගු කරන ලදී. එහෙත් යළිත් 1970 දී බලයට ආ ශ්‍රීලනිප සමගි පෙරමුණු රජය මෙම බණ්ඩාරනායක දින නිවාඩුව යළිත් වලංගු කළේය. එකල සැප්තැම්බර් 26 වැනිදා රජයේ නිවාඩු දිනයක් විය. 1977දී බලයට පත් වූ එජාප රජය බණ්ඩාරනායක සමරු දින නිවාඩුව අවලංගු කළේය. ජනරජ දිනය ලෙස මැයි 22 වැනිදාට තිබූ ගෞරවය ඉවත් කර ජාතික නිදහස් දිනය ලෙස පෙබරවාරි 4 වැනිදාට රටට නිදහස ලැබුණු දිනය සැමරීම ඇරඹුවේය. විධායක ජනාධිපතිවරයා ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රථම වරට දිවුරුම් දුන්නේද 1978 පෙබරවාරි 4 වැනිදාය. ඒ සමගම ජනවාරි 1 වැනිදාට එතෙක් යෙදී තිබූ ජාතික වීර දින නිවාඩුව මැයි 22 වැනිදාට ගෙන ගියේය. එදා සිට ජනවාරි 1 වැනිදා රජයේ නිවාඩු දිනයක් නොවේ. එහෙත් මැයි 22ට නියමව තිබූ ජාතික වීර දින නිවාඩුව ද පසු කාලීනව අහෝසි විය. මේ වනවිට මැයි 22 නිවාඩු දිනයක් ලෙස සැමරෙන්නේ නැත.
සෑම වසරකම මැද භාගයේ දී ඊළඟ වසරට හිමි රජයේ හා බැංකු නිවාඩු දින නියම කරන්නේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැතිවරයාය. මෙම කටයුත්ත ස්වදේශ කටයුතු ඇමැතිවරයාගේ රාජකාරි බලතල අතරට අයත් වේ. නිවාඩු දින නියම කරන්නේ 1971 අංක 29 දරන නිවාඩු පනතේ වගන්ති අනුවය.
(*** ප්‍රේමකීර්ති රණතුංග)
ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලුතින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ
මෙම වසරට අදාළව යෙදී ඇති රජයේ හෝ නිවාඩු දින විසි හතරෙන් විසි දෙකක්ම යෙදී ඇත්තේ සතියේ වැඩ කරන දවස් අතරටය. රජයේ නිවාඩු දින දෙකක් පමණක් සෙනසුරාදා සහ ඉරිදා ද
මෑත දශක කිහිපය තුළ සංවර්ධනය වෙමින් පවත්නා රටවල්වල දරිද්‍රතාව අවම කිරීම සඳහා බහුල ලෙස යොදාගත් මෙවලමක් ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණය හඳුනාගත හැකිය. අඩු ආදාය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ කතාවේදී ප්‍රකාශයට පත්කළ නව බදු සංශෝධන අතරින් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා වූ රැඳවුම් බද්
මෙරට සංගීතයෙහි අමරණීය පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ජීවන මංතලාවේ ඔහුට හමුවූ විවිධ චරිත සොයා යෑමේ දී අමරදේවයන්ගේ නිර්මාණාව
“ක්ලීන් ශ්‍රී ලංකා” යනු පැතිකඩ කිහිපයකින් සමන්විත වැඩසටහනකි. එය හුදු පරිසරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් පමණක් නොවේ. ක්ලීන් ශ්‍රී ලංකාවක් යන්නෙන් කුමක්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
රජයේ නිවාඩු දින පසුපස