IMG-LOGO

2024 ජුනි මස 29 වන සෙනසුරාදා


රජයේ රෝහල්වල ඖෂධ හිඟයකට ඉඩ තියනු එපා

ලෙඩට දුකට බෙහෙතක් නැති රටක් යනු එම රට කිසි ලෙසකින් හෝ මිනිස් වාසයට සුදුසු රටක් නොවන බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් ලෝකයෙන් ම උතුම් රට යැයි පුරවැසියා හදපිරි ගෞරවයෙන් විශ්වාස කළ උදම් ඇනූ සසිරිබර මෙසිරිලක සම්බන්ධයෙන් දිගින් දිගටම ලිවීමට සිදු වී තිබෙන්නේ රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව ය. නැත්නම් ඖෂධ ඇත්තේ ම නැති බව ය. එබඳු අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය.

මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ළමා රෝහලේ ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන ‘‘ලික්නොකේන්’’ නමැති එන්නත මාස කීපයක සිට දැඩි ලෙස හිඟව පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසන බව අප පුවත්පත වාර්තා කළේ නොබෝදා ය.

ඖෂධ හිඟය හා ඖෂධ ඇත්තේ ම නැති තත්වය සම්බන්ධයෙන් අප දිගින් දිගටම හඬ නගන්නේ එම තත්වය අප පුරවැසියාගේ ජීවිත බරපතළ අනතුරකට තල්ලු කර ඇති හෙයිනි. එය මාරාන්තික තත්වයකි. ජන ජීවිතය එබඳු අවදානම් සහගත තැනකට ඇද දැමීමට කිසිවකුට අයිතියක් නැත. එමෙන්ම එම භයංකාර තත්වය දෙස නොබැලූ දෙනෙතින් පසුවීමට කිසිදු බලධාරියකුට අයිතියක් නැත.

දරාගත නොහැකි බදු බරකින් මෙරට ජනයා පීඩා විඳිති. ආණ්ඩුව බදු පනවා තිබෙන්නේ එමගින් ලැබෙන ආදායමෙන් රටෙහි දෛනික කටයුතු පවත්වාගෙන යෑමට ය.

අඛණ්ඩව විදුලිය සැපයීමට, අඛණ්ඩව ඉන්ධන සහ ගෑස් සැපයීමට, ආනයනික ආහාර ද්‍රව්‍යවලට අවශ්‍ය වියදම් සොයා ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයක් වනුයේ බදු ආදායම වේ. මෙම ලැයිස්තුවට ඖෂධ ආනයනය කිරීම අනිවාර්යයෙන් ම ඇතුළත් විය යුතු ය. එහෙත් ඖෂධ හිඟය සම්බන්ධයෙන් එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන ප්‍රවෘත්තිවලින් පැහැදිලි වන්නේ ජන ජීවිතයට අතිශයින්ම තීරණාත්මක වන ඖෂධ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව ය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ රෝගී ස්ථානීය නිර්වින්දනය කිරීමේ දී භාවිත කරන එම එන්නත නොමැතිවීමෙන් මහනුවර ජාතික රෝහලේ විවිධ ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දැඩි ලෙස අපහසුතාවට පත්වන බව ය. එසේම පේරාදෙණිය ළමා රෝහලේ ලික් නොකේන් නමැති එම එන්නත නොමැතිවීමෙන් කුඩා දරුවන්ගේ ශල්‍යකර්ම කිරීමේ දී දැඩි ලෙස බාධාවන බව ය.

රෝහල්වල නොමැති ඖෂධ බොහෝ විට රෝහල අවට ෆාමසිවලින් ලබාගත හැකි ය. ඒ අශ්ප ගණන්වලට ය. රෝහල්වල කාර්ය මණ්ඩලවල ඇතැම් සාමාජිකයන් රෝහලේ ඖෂධ පිට පාරෙන් පන්නා ජාවාරම්කරුවන් අතට පත්කරන බව අනාවරණය වූයේ වරක් දෙවරක් නොවේ. ජාවාරම්කරුවෝ ද අධික මිල ගණන්වලට මෙම ඖෂධ අලෙවි කරති. ජීවිතය බේරාගත යුතු නිසා ඉඩකඩම් විකුණා දමා හෝ ජාවාරම්කරුවන් නියම කරනු ලබන මිල ගණන්වලට එම ඖෂධ මිලදී ගැනීමට ජනයා පෙළඹෙති. එබඳු වත්කමක් නොමැති ජනයා ජීවිතාශාව අතහැර මරණයට සිත් සූදානම් කර ගනිති.

අප ජීවත්වන්නේ මෙබඳු ශාපලත් පරිසරයක ය. අප එබඳු ඉරණමකට යටත් විය යුතු නැත. ජන ජීවිතය තිබෙන තැනින් අඟලක් හෝ ඔසොවා තැබීමට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඇති අකාර්යක්ෂමතාව, වංචා, දූෂණ, අක්‍රමිකතා හා මහපොළොව නුහුලන ජාවාරම් වහාම නතර කළ යුතු ය. සෙසු සියලු කටයුතු පසෙකලා මෙම කටයුත්ත පෙරට ගත යුතු බව අපි අවධාරණය කරමු.

(***)

 



අදහස් (0)

රජයේ රෝහල්වල ඖෂධ හිඟයකට ඉඩ තියනු එපා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ශ්‍රී ලංකා ණය අභියෝගය
2024 ජුනි මස 29 94 0

මහජන මුදල් රුපියල් කෝටි ගණනක් මහජන මුදල් වියදම් කොට ‘‘ආරංචිය සුබයි’’ යනුවෙන් පෝස්ටරයක් රටපුරා ප්‍රදර්ශනය කොට ඉකුත් බදාදා ජනාධිපති රනිල් වික්‍රමසිං


අධිවේගියේ වංචනිකයන්ට නීතිය දැඩිව ක්‍රියාවට නංවමු
2024 ජුනි මස 29 105 0

අධිවේගයේ අධිවේගියෙන් මුදල් සොරකමක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් විසි දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වා


අපේ කරුමේ අඬෝවැඩියාවයි
2024 ජුනි මස 28 186 0

ඔහු ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට ගෙනගිය එයින් ජාත්‍යන්තර සම්මාන දිනා ලංකාවට කීර්තිය අත්කර දුන් විශිෂ්ට ගණයේ සිනමා අධ්‍යක්ෂවරයෙකි. ලාංකේය සිනමා


දේශපාලනයේ ආර්ථිකයේ සුබ අසුබ
2024 ජුනි මස 28 129 0

මේ දිනවල රටේ සමහර තැන්වල ප්‍රදර්ශනය වූ පෝස්ටරයකින් කියවුණේ ‘සුබ ආරංචියක්’ එන බවයි. සාමාන්‍යයෙන් ඉතිහාසයේ ‘සුබ ආරංචි’ කතාව තිබුණේ කතෝලික දේවධර්ම ඉගැන


ගෙවල් කුලියට පොලු තබන මැති ඇමැතින්ට දඬුවම් නැද්ද?
2024 ජුනි මස 28 91 0

පෞද්ගලික නිවාස හිමි පුද්ගලයන්ට පවා බද්දක් පැනවෙන බවට තොරතුරු පළවෙන අතරේ මැති ඇමතිවරුන් 56ක් තමන් පදිංචිව සිටින නිල නිවෙස්වල කුලියට හිඟ තබා වාර්තා වී ත


ණය බරෙන් ගොඩ එන්න අලුත් බදු
2024 ජුනි මස 27 337 0

බදු පැනවීම් සම්බන්ධ කතා බහ සමාජය තුළ නැවත සාකච්ජාවට ලක්වෙමින් තිබෙන බව පෙනේ. මේ සම්බන්ධ මූලික සාකච්ජාවකට පෙර බදු ප්‍රතිපත්තිවල ආර්ථිකමය හා දේශපාලනමය


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 409 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1515 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3320 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site