ශ්රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ඉතිහාසය නිදහසින් පසු ආණ්ඩු ආර්ථික සංවර්ධනයේ සහ ජාතිය ගොඩනැගීමේ මාවතකට අවතීර්ණ වූ යුගය දක්වා දිව යයි. 1950 සහ 1960 ගණන්වල ජනසතු කිරීමේ ප්‍රතිපත්තිය යටතේ යටිතල පහසුකම්, උපයෝගිතා සහ නිෂ්පාදන ඇතුළු විවිධ අංශවල රාජ්‍ය ව්‍යවසාය රාශියක් පිහිටුවීමට සිදුවිය. ප්‍රවාහනය, බලශක්තිය, විදුලි සංදේශනය, වරාය, ගුවන්තොට, බැංකු සහ රක්ෂණ වැනි විවිධ ක්ෂේත්‍රවල රාජ්‍ය ව්‍යවසාය ක්‍රියාත්මක වේ. ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් ගත්කල ආර්ථීකයක් තුළ රාජ්‍ය ව්‍යවසායවල පැවතීම සාධාරණීකරණය කළ හැකි සාධක කීපයකි.
වෙළෙදපොළ බිඳ වැටීම: රාජ්‍ය ව්‍යවසාය (SOEs) පිහිටුවීමේ මූලික තාර්කිකත්වයක් වන්නේ, පෞද්ගලික වෙළෙඳපොළ සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීමට හෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ ලෙස සැපයීමට අපොහොසත් වන වෙළෙඳපොළ අසාර්ථකත්වය ආමන්ත්‍රණය කිරීමයි. උපයෝගිතා සහ යටිතල පහසුකම් වැනි ස්වභාවික ඒකාධිකාරය මගින් සංලක්ෂිත අංශවල ඒකාධිකාරී භාවිතය වැළැක්වීම, විශ්වීය ප්‍රවේශය සහතික කිරීම සහ මිල නියාමනය කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසාය (SOEs) නිර්මාණය කර ඇත.
උපායමාර්ගික කර්මාන්ත: ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථාවරත්වය හෝ තීරණාත්මක සම්පත් මත ස්වෛරී පාලනය සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකෙන උපායමාර්ගික කර්මාන්තවල ආණ්ඩු බොහෝ විට රාජ්‍ය ව්‍යවසාය පිහිටුවා ගනී. මේවාට බලශක්තිය, ආරක්‍ෂාව, විදුලි සංදේශන සහ ප්‍රවාහනය වැනි අංශ ඇතුළත් වන අතර එහිදී පෞද්ගලික අංශයේ මැදිහත්වීම ජාතික අවශ්‍යතාවලට අවදානමක් හෝ අනවශ්‍ය විදේශ බලපෑම් ඇති කළ හැකිය.
පොදු භාණ්ඩ ප්‍රතිපාදන: සමාජීය යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන පොදු භාණ්ඩ සහ සේවා සැපයීම රාජ්‍ය ව්‍යවසාය වෙත පැවරෙන්නේ පෞද්ගලික අංශයෙන් ප්‍රමාණවත් ලෙස එවැනි භාණ්ඩ සැපයීම සිදු නොකරන නිසාය. මීට අමතරව ප්‍රාදේශීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ රැකියා උත්පාදනය වැනි ප්‍රමුඛතා රාජ්‍ය ව්‍යවසාය ඇති කිරීමට හේතු වී ඇත.
පසුගිය දශක කීපය තුළ, කාර්යසාධනය පිළිබඳව ගැටලු පැවතියත්, රාජ්‍ය ව්‍යවසාය වෙළෙඳපොළ බිඳ වැටීම් නිවැරැදි කිරීම, දරිද්‍රතාව පිටුදැකීම, කාර්මීකරණය, ප්‍රදේශීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ධනය ප්‍රතිව්‍යාප්තිය වැනි සමාජ-ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ උපකරණ ලෙස භාවිතා විය. එනයින් ගත්කල ආර්ථිකය තුළ රාජ්‍ය ව්‍යවසාය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. රාජ්‍ය ව්‍යවසාය අකාර්යක්ෂමව ක්‍රියාත්මකවීම ආර්ථිකයේ විශාල පිරිවැයක් මෙන්ම වෙළෙඳපොළ තරගකාරීත්වයට අහිතකරව බලපායි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය විවිධ රේඛීය අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල විෂය පථ යටතේ ක්‍රියාත්මකය. එක් එක් විශේෂිත අංශ අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතුය. පාලන ව්‍යුහයට සාමාන්‍යයෙන් රජය විසින් පත් කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලයක් ඇතුළත් වන අතර, අදාළ අමාත්‍යාංශ, කර්මාන්ත විශේෂඥයන් සහ ඇතැම් විට කම්කරු සංගම්වල නියෝජිතයෝ ඇතුළත් වෙති.
අද වන විට රාජ්‍ය ව්‍යවසාය අභියෝග ගණනාවකට මුහුණ දී සිටී. ඒවා අතර; මූල්‍ය ශක්‍යතාවට අදාළ ගැටලු ප්‍රබලය. අකාර්යක්ෂමතාව, සේවක අතිරික්තය සහ ප්‍රමාණවත් නොවන මිලකරණ යාන්ත්‍රණය හේතුවෙන් බොහෝ රාජ්‍ය ව්‍යවසාය පාඩු පිට ක්‍රියාත්මක වීම ප්‍රධාන ගැටලුවකි.
පාලන ගැටලු: දේශපාලන මැදිහත්වීම්, වගවීම නොමැතිකම සහ දුර්වල ආයතනික පාලන ව්‍යුහයන් රාජ්‍ය ව්‍යවසායවල ක්‍රියාකාරීත්වය සහ විනිවිදභාවය අඩපණ කිරීම තවත් ප්‍රධාන කාරණයකි.
යටිතල පහසුකම් සීමා කිරීම්: යල්පැන ගිය යටිතල පහසුකම්, ප්‍රමාණවත් නොවන ආයෝජන සහ තාක්‍ෂණික යල්පැන යාම රාජ්‍ය ව්‍යවසායවල තරගකාරිත්වයට සහ කාර්යක්ෂමතාවට බාධා කරයි.
ප්‍රතිපත්ති සහ නියාමන පරිසරය: නොගැළපෙන ප්‍රතිපත්ති, නියාමන බාධක සහ නිලධාරිවාදී බාධක රාජ්‍ය ව්‍යවසායවල වර්ධනයට සහ සංවර්ධනයට බාධා කරයි. මෙම ගැටලු අතරින් රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම පාඩු ලැබීම සහ ඒ හේතුවෙන් රාජ්‍ය ඇයවැයට දැඩි බලපෑම් කරයි.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා සහ රාජ්‍ය ව්‍යවසායවල කාර්යසාධනය වැඩි දියුණු කිරීමට පසුගිය දශක කීපය තුළ බලයට පැමිණි ආණ්ඩු විවිධ ප්‍රතිසංස්කරණ පියවර යෝජනා කළ අතර ඉන් සමහරක් එවා ක්‍රියාත්මක කරන ලදී. යහපාලන රජය යටතේ තොරාගත් රාජ්‍ය ව්‍යවසායවලට අදාළව එ්වායේ කාර්යසාධනය නංවාලීම අරමුණු කොට එකඟතාවකට (statement of Cooperate Intent (SCI) එළැඹීම සිදු කරන ලදී. විශේෂයෙන් ම එහිදී වාණිජමය වශයෙන් ඉතා ඉහළ වැදගත්කමක් උසුලනු ලබන රාජ්‍ය ව්‍යවසායවලට ප්‍රමුඛතාව ලබාදුන්නේය. ඒ අනුව අදාළ රාජ්‍ය ව්‍යවසායය, එම රාජ්‍ය ව්‍යවසාය යටත්වන අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය අතර මෙම ගිවිසුම්ගත වීම සිදු විය. SCI රාජ්‍ය ව්‍යවසායවල කාර්යසාධනය, පාලනය, වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීමට මෙවලමක් වශයෙන් භාවිතා විය. එමෙන්ම පිරිවැය නිරූපිත මිල හැඩගැස්ම ද ක්‍රමවේදයක් ලෙස ක්‍රියාවට නංවන ලදී. මෙම ක්‍රමවේද පසුව බලයට පත් ආණ්ඩු අතහැර දැමූ අතර ආර්ථික අර්බුදයත් සමග පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාකච්ඡාව යළිත් ආරම්භ වී ඇත.
එහිදි විවිධ පාර්ශ්ව රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කරනු දක්නට ලැබේ. ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම හරහා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ රාජ්‍ය මූල්‍ය බර අඩු කිරීම ඉලක්කකොට පවතී. ව්‍යවසාය පෞද්ගලීකරණය පිළිබද අදහස් දක්වන්නන්ගේ මූලිකම තර්කය වන්නේ එම ව්‍යවසාය මූල්‍යමය වශයෙන් පාඩු ලබන බවයි. ඒ අනුව ඔවුන් කල්පනා කරන්නේ රාජ්‍ය ව්‍යවසාය ලාබ ලැබීම අරමුණුකොට ආරම්භ වූ බවකි. සැබවින්ම ආයතනික වශයෙන් පාඩු ලබන්නේ අකාර්යක්ෂමතාව, දූෂණය, වංචාව, දේශපාලන අතපෙවීම් වැනි කාරණා නිසානම් එවැනි අඩුපාඩු ආමන්ත්‍රණය කළ යුතුවේ. එහෙත් මතක තබාගත යුතු මූලික කරුණක් වන්නේ ව්‍යවසාය ඇති කිරීමේ මූලික පරමාර්ථ මොනවා ද යන්න සහ පෞද්ගලීකරණයෙන් එම පරමාර්ථ කොතෙක් දුරට සපුරාගත හැකිද යන්නයි.
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පවතින්නේ යහපත් ප්‍රතිරූපයක් නොවේ. දැනට පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් සිදුකරනු ලබන ප්‍රවාහනය, පාසල් සහ සෞඛ්‍ය වැනි අංශවල ක්‍රියාකාරීත්වය මීට කදිම උදාහරණයකි. පෞද්ගලික බස් සේවාව ආරම්භකොට වසර 40කට අධික වුවත් ඒ හරහා ගුණාත්මක සේවාවක් නොලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. සවස 6 න් පසුව මගීන්ට ගමන් කිරිමට බස් රථ නොමැති තරම්ය. තවත් බොහෝ අකටයුතුකම් පවතින බව අමුතුවෙන් කිවයුතු නොවේ. පෞද්ගලික බස් සේවාව විධිමත් කිරීම සඳහා නියාමන ආයතන පිහිටුවා තිබුණ ද ඉන් සිදුවන සේවාවක් නැත. බොහොමයක් පෞද්ගලික පාසල් සහ රෝහල්වල තත්වය ද මේ හා සමාන වේ. මේ තුළින් මතු කරන ප්‍රධානතම තර්කය වන්නේ පෞද්ගලික අංශය සම්බන්ධයෙන් සාමාන්‍ය වැසියාට ඇති අත්දැකීම අමිහිරිය යන්නයි. පෞද්ගලික අංශය යටතේ දැනට ක්‍රියාත්මක අංශ නිසි නියාමනයකට නතු කිරීමට නොහැකි තත්වයක් තුළ අලුතින් පෞද්ගලීකරණය කිරීමට අපේක්ෂිත ව්‍යවසාය මහජන සුබසිද්ධියට යහපත්ව ක්‍රියාත්මක වේවි යැයි සහතිකයක් දිය හැක්කේ කාටද? විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසාය ඇති කිරීමේදී අපේක්ෂිත අරමුණුවලට හානියක් නොවන අන්දමින් මේවා නියාමනය කිරීමට ආණ්ඩුවට හැකියාවක් පවතීද? මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කළයුතුව පවතී.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය එම ව්‍යවසාය ඇති කිරීමේ පරමාර්ථවලට හානියක් නොවන අන්දමින් කළ යුතුය. ඒ සඳහා පෞද්ගලීකරණය පිළිබද පමණක් අවධානය යොමු කිරිම යෝග්‍ය නොවේ. පෞද්ගලීකරණය කිරීමට වඩාත් ම සුදුසු වන රාජ්‍ය ව්‍යවසාය සඳහා පමණක් පෞද්ගලීකරණය හඳුන්වා දීමේ වරදක් නැත. ඊට අමතරව ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ විකල්ප ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කළ යුතු වේ. ඒ අනුව ආයතනික පාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යය. ස්වාධීන මණ්ඩල පිහිටුවීම, කාර්ය සාධනය පදනම් කරගත් දිරිගැන්වීම් සහ වැඩි දියුණු කළ විනිවිදභාවයේ පියවර හරහා රාජ්‍ය ව්‍යවසාය තුළ ආයතනික පාලන භාවිතයන් ශක්තිමත් කිරීමට ප්‍රයත්න දරා ඇත.
රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPPs): රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර හවුල්කාරිත්වය දිරිමත් කිරීම සම්පත් බලමුළු ගැන්වීම, සේවා සැපයීම වැඩිදියුණු කිරීම සහ ප්‍රධාන අංශවල නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමේ මාධ්‍යයක් ලෙස යෝජනා කර ඇත.
ධාරිතා ගොඩනැගීම සහ පුහුණුව: මානව ප්‍රාග්ධන සංවර්ධනය, කුසලතා වැඩි දියුණු කිරීම සහ කළමනාකරණ පුහුණු වැඩසටහන් සඳහා ආයෝජනය කිරීම රාජ්‍ය ව්‍යවසාය හසුරුවන්නන්ගේ හැකියාව සහ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය වේ.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යම් විධිමත් ආකාරයකට සිදුකරනවාද යන්න පිළිබඳව ද මහජනතාව අතර සැකයක් පවතී. සාර්ථකව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කළ රටවලින් උගත හැකි පාඩම් එමට ය. ඒ අතරින් වැදගත්වන කරුණු කීපයකි. ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාව අවබෝධ කර ගැනීම , පැහැදිලි අරමුණු සහ උපායමාර්ගික දැක්ම , විස්තීරණ රෝග විනිශ්චය තක්සේරුව, ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීමට පෙර අභ්‍යන්තරයේ පවතින ගැටලු, මූල හේතු සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ විස්තීර්ණ රෝග විනිශ්චය තක්සේරුවක් සිදුකිරීම ඉතා වැදගත් වේ.
බහු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය, නියාමන ආයතන ශක්තිමත් කිරීම: විවිධ ආර්ථීක, සමාජීය සහ දේශපාලනික හේතු මත රජය සතු ව්‍යවසාය ස්ථාපිත කර ඇති අතර, ආණ්ඩුවල විවිධ අරමුණු සහ ප්‍රමුඛතා පිළිබිඹු කරයි. ඔවුන් වෙළෙඳපොළ අසාර්ථකත්වය ආමන්ත්‍රණය කිරීම, පොදු භාණ්ඩ සැපයීම සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම වැනි වැදගත් කාර්ය ඉටු කරයි. රාජ්‍ය ව්‍යවසාය අකාර්යක්ෂමතාව, නිලධාරිවාදය සහ වගවීම නොමැතිකම සම්බන්ධ අභියෝගවලට ද මුහුණ දෙයි. ඉදිරියට යාමේදී, රාජ්‍ය ව්‍යවසාය විනිවිදභාවයෙන්, තරගකාරීව සහ තිරසාරව සමස්ත සමාජයේම යහපත උදෙසා ක්‍රියාත්මක වන බව සහතික කළ යුතුය. මහජන අවශ්‍යතා සහ වෙළඳපොළ කාර්යක්ෂමතාව අතර සමතුලිතතාවක් ඇති කර ගැනීමට ආණ්ඩු ක්‍රියා කළ යුතු වේ. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ පෞද්ගලීකරණය යනු එක් විකල්පයක් පමණි. එය එකම විකල්පය වශයෙන් කල්පනා කිරීමෙන් බැහැරව ආණ්ඩු කටයුතු කිරීම සමස්ත ජනතාවගේ යහපතට හේතුවේ.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය එකම විසඳුමද?
wije Tuesday, 27 February 2024 09:39 AM
මහා ඇදුරුතුමනි, ඔබගේ අදහස් ඉතාම කාලෝචිතයි..
prase Tuesday, 27 February 2024 09:51 AM
නෑ ඔබ ඇතුළු රජය හොරු ටික ගෙදර යැවීම හොඳම විසඳුම...
Thilak Tuesday, 27 February 2024 05:09 PM
ඔබතුමාගේ ලිපියක් ඉතාමත් කාලෝචිතයි... පසුගිය වසර පනහ තුළ පෞද්ගලික කරණය කරන ලද කිසිම ආයතනයක් අද වනවිට වැඩිදියුණු වී නැත. එබැවින් තවදුරටත් පෞද්ගලිකකරණය කිරීම දේශපාලකයින්ගේ කොමිස් කුට්ටි කඩාගැනීමේ වෑයමක් පමණි.
NIMALTuesday, 27 February 2024 10:38 PM
පසුගිය වසර පනහ තුළ පෞද්ගලිකකරණය කරන ලද කිසිම ආයතනයක් දියුණු නොවීමට හේතුව එම ආයතන ලබාදී තිබෙනුයේ දේශපාලන හිතවතුන්ට මිස ආයතන ගොඩනැගීමට හැකි පුද්ගලයින්ට නොවේ...!
Nuwan Tuesday, 27 February 2024 05:25 PM
ව්‍යාපාර පුද්ගලික වුවද රජයට මැදිහත් විය හැකියි. අද රාජ්‍ය ව්‍යාපාර ක්‍රියාත්මක වන්නේ සුලු පිරිසකගේ සුඛ විහරණයට වන්නේය. ශ්‍රම බලාකායෙන් 20% මේ ක්ශේත්‍රයේ හිරවී සිටියි. මේ ශ්‍රමය නිදහස් කළයුතු නොවේද?
sam Tuesday, 27 February 2024 11:26 PM
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පවතින්නේ යහපත් ප්‍රතිරූපයක් නොවේ. එය සත්‍ය වේ. එයට ප්‍රධානතම හේතුව නම් ඍජුව හෝ වක්‍රව දේශපාලකයන්. ඔවුන්ගේ ඥාතීන්, මිතුරන් එම ආයතනවල ඉහළ තනතුරු සඳහා පත්කර ඇත. ඉන්පසු එම ආයතන දේශපාලන අවශ්‍ය තත්වයන් මත පාලනය වේ. හොඳම උදාහරණය මිහින් ලංකා සහ ශ්‍රී ලංකා ගුවන් සේවය, ලංකා ටෙලිකොම් වේ. එම නිසා දශක ගණනාවක සිට පැවත එන්නා වූ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදය සහ විනිවිද බවකින් විය යුතු දේශපාලන මැදිහත්විම්වලින් තොර පුද්ගලික කරණයක් ලංකාවට අවශ්‍ය වේ. කඩාවැටුණු පාඩු ලබන්නා වූ රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමට ඉදිරියේදී රටේ බදු ගෙවන පුරවැසියන්ද කැමැති විය යුතුවේ. පුරවැසියන් අකැමැතිනම් වෙනසක් සිදුවිය යුතුම වේ. වර්තමානයේ සිදුවන්නේ මහජනමුදල්/ බදු මහජන සුබසිද්ධිය වෙනුවෙන් නොව පාඩු/ අලාබ ලබන්නා වූ ආයතන පවත්වාගෙන යාම වෙනුවෙන් යොදවා ගැනීමට නම් පාඩු ලබන්නා වූ ආයතන පිළිබඳව සහ එම ආයතන සඳහා කුමක් කරන්නේද කියා ඔවුන් දැනුවත් විය යුතුවේ..