IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සේවකයාගේ කැපවීම අවශ්‍යයි

රාජ්‍ය ආයතනවල ජනතා සේවා කාර්යක්ෂම කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බත්තරමුල්ලේ සුහුරුපායේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක් අමතමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදවීමට ප්‍රධාන හේතුව අන්තර් ආයතනික සම්බන්ධතා දුරස්ථවීම බවද පෙන්වා දුන් බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අගමැතිවරයාගේ අවධානය ඉතා වැදගත්ය. එයට ප්‍රධාන හේතුව මෙරට රාජ්‍ය සේවාව සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින්නේ දුර්වර්ණ චිත්‍රයක් වන හෙයිනි.

අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට අන්තර් ආයතනික සබඳතා දුරස්ථවීම පමණක් නොව එකම ආයතනයක අංශ අතර පවතින සබඳතා ද ඉතාම දුර්වලය. ඇතැම් විට එක් ලිපිකරුවකුගේ නොපැමිණීම මුළු ආයතනයම අක්‍රිය වීමට හේතුවකි. මේ නිසා රාජකාරි කටයුත්තක් කර ගැනීමට රජයේ ආයතනයකට යාමට සිදුවීම ‘මුහුදු යාමක්’ ලෙස ඇතැමෙක් සලකති. ඒ නැවත කීයට නිවෙසට ඒමට සිදුවේදැයි සිතා ගත නොහැකි හෙයිනි.

රාජකාරි වේලාවන්හිදී සමස්ත කාර්ය මණ්ඩලයම මංගල උත්සවවලට හා වෙනත් අවශ්‍යතාවලට ආයතනයෙන් බැහැරව යාමේ සිද්ධි ඉකුත් සමයේ බහුලව වාර්තා විය. රජයේ ඇතැම් ආයතනවල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා හදිසියේම කළ ‘‘කඩා පැනීම්’’ ගැනද වාර්තා විය. රටේ ජනාධිපතිවරයාට එසේ හදිසි කඩා පැනීම් කිරීමට සිදුවීමෙන් පැහැදිලි වන්නේ දෙනු ලබන උපදෙස්, චක්‍රලේඛ, ආයතන සංග්‍රහ එලෙසින්ම ක්‍රියාත්මක නොවීම නිසා විය හැකිය. බොහෝ ආයතනවල ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉතා ප්‍රදර්ශනාත්මකව ‘‘දැක්ම’’ සහ ‘‘මෙහෙවර’’ සටහන් කර තිබුණද ඒවා ශිලා ලේඛනවලට පමණක් සීමා වූ ආයතන ද වේ.

රජයේ ඇතැම් සේවකයන් අකුරටම සිදු කරනු ලබන්නේ පැමිණීම සටහන් කිරීම හා පිටවීම සටහන් කිරීම පමණකැයි චෝදනාවකි. පැමිණීම හා පිටවීම අකුරටම සටහන් කරනු ලබන්නේ එය පඩිපත, නිවාඩු දින ගණන ආදිය සමග සම්බන්ධ හෙයිනි. එහෙත් පැමිණීම හා පිටවීම අතර ‘සේවාව’ සම්බන්ධයෙන් ඇතැම් සේවකයන් තුළ ඇත්තේ ඉතා වගකීම් විරහිත ආකල්පයකි. සේවා දායකයා පත්වන අපහසුතාව ආදිය සම්බන්ධයෙන් සේවකයා තැකීමක් නොකරන බව ඉතා පැහැදිලිය.

කොළඹ රාජ්‍ය ආයතනයකින් සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයා ඉතා දුර බැහැර ප්‍රදේශයක විය හැකිය. එහෙත් කලට වෙලාවට තම අවශ්‍යතාව ඉටු කර ගැනීමට නොහැකි වුවහොත් ඔහුට බස් නැවතුමේ රැය පහන් කිරීමට පවා සිදුවිය හැකිය. එමෙන්ම එම සේවාදායකයා යම් තැනක රාජකාරියක නිරතවන්නකු නම් ඔහු නිවාඩු දැමීම නිසා ඔහුගෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනයා ද මහත් අසීරුවට පත්වනු නියතය.
ආයතනයක යම් වගකිවයුතු පරිපාලනයක් නොපවතින්නේ නම් එම ආයතනයෙන් කාර්යක්ෂම බවක් අපේක්ෂා කළ නොහැකිය. රජයේ බොහෝ ආයතනවල ආයතන ප්‍රධානීහු දේශාපාලන පත්වීම් ලද්දෝ වෙති. ඔවුන්ට තම රාජකාරිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නැත. නිසි ඉලක්කයට තම ආයතනය මෙහෙයවීමට අසමත් මෙබදු පාලකයන් නිසා එම ආයතනයෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනයා බලවත් පීඩාවට පත් වෙති. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට නම් මෙම කාරණා සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතුය.

අන්තර් ආයතනික සබඳතා දුරස්ථවීමට හොඳම උදාහරණය වන්නේ මහා මාර්ග වේ. මහා මාර්ග අමාත්‍යාංශයෙන් පාර කාපට් කරනු ලබයි. ඊට පසුව විදුලිබල මණ්ඩලය පැමිණ එම කාපට් කළ මාර්ගයේ වළවල් හාරනු ලබයි. මහා මාර්ග අමාත්‍යාංශය එම වළවල් වසා දැමූ පසු ජලාපවහන මණ්ඩලයෙන් පැමිණ එම පාරේ කාණු කපා බට වළලනු ලැබේ. මෙම ආයතන අතර සම්බන්ධතාව ඉතා සමීපව හා අවබෝධයෙන් තිබිය යුතුය. එහෙත් වැඩ කෙරෙන ආකාරයෙන් පෙනෙන්නේ එබඳු සමීප හා අවබෝධාත්මක සම්බන්ධයක් නොතිබෙන බවය.

හේතුඵල වාදය අනුව ඵලයට ප්‍රතිකර්ම කර තේරුමක් නැත. ප්‍රතිකර්ම කළ යුතු වන්නේ හේතුවටය. රටේ ජනාධිපතිවරයාට රාජ්‍ය ආයතනවලට හදිසියේ කඩා පැනීමට සිදුවන්නේ නම් රටේ අගමැතිවරයාට රාජ්‍ය නිලධාරීන් කැඳවා රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නැයි උපදෙස් දීමට සිදුව තිබෙන්නේ නම් එයට හේතු තිබිය යුතුය. පළමුව කළ යුතු වන්නේ එම හේතු සොය ගැනීමය. ප්‍රතිකර්ම නිර්දේශ කළ හැකි වන්නේ එමගිනි.

(***)



අදහස් (10)

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සේවකයාගේ කැපවීම අවශ්‍යයි

ගැමුණු Thursday, 11 March 2021 06:43 AM

බොහෝවිට රාජ්‍ය සේවයෙන් යමක් කර ගැනීමට නම් ඔබ ඔවුන්ට ගෞරව පූර්වයෙන් කතා කළ යුතුයි.. පුද්ගලික අංශය නම් එසේ නැත. ඔවුන් අපට ගෞරවණීය ලෙස අමතා අපට අවැසි දේ යහපත් ලෙස කර දෙනු ඇත..

:       1       5

kamal Thursday, 11 March 2021 07:17 AM

රාජ්‍ය සේවය කඩිනමින් පරිගණක ගත කිරීම සහ පුද්ගලික කාරණයන් සහ ප්‍රශ්නය සදහටම විසඳාගත හැකියි. බලන්න රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකුවල සේවයේ වෙනස...

:       0       5

Darmasiri Thursday, 11 March 2021 08:02 AM

ලෝකෙම ඊමේල් වලින්, Appවලින් ගනුදෙනු කරන යුගයේ ෆයිල් එකක් අරන් යන්න පියන්ලා 10ක් ඉන්නවා. එ්ත් 2වෙනි තට්ටුවේ තියන ෆයිල් එක පහළට එන්න අවුරුද්දක් යනවා පගාවක් දීලත්.. බොරු නම් කම්කරු,ඉඩම් කන්තෝරුවට ගිහින් බලන්න..

:       0       9

de silva berlin Thursday, 11 March 2021 08:30 AM

රාජ්‍ය සේවකයාට අවශ්‍ය ගොඩනැගිලි, පරිගණක සහ යානවාහන පහසුකම් තිබෙනවා. නමුත් රජයේ ආයතනවල කාර්යක්ෂමතාවය දැනට අවුරුදු 20කට පෙර තිබුණාට වඩා විශාල ලෙස පහත වැටිලා. හොඳම උදාහරණය මෝටර් රථ සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ තැපැල් සේවය. ලෝකයේ තිබෙන හොඳම පරිගණකය ගෙනත් දුන්නත් ඒක භාවිතා කරන නිලධාරියා කම්මැලි හෝ අදක්ෂ හෝ වංචාවට බර පුද්ගලයෙක් නම් මේවා කාර්යක්ෂම වන්නේ නැත.

:       0       8

විපරමාThursday, 11 March 2021 01:00 PM

ඒක නම් ඇත්ත. ජරාවට බර වෙච්චි අය තමයි වැඩිපුර ඉන්නේ...

:       0       2

Raveendra Thursday, 11 March 2021 09:12 AM

කවුරු බලයේ හිටියත් රාජ්‍ය සේවය යනු පිං මාමලාගෙන් මෙන්ම පිං නැන්දලාගෙන් ගහනවූ පිරිසක්ය. දිව්‍යලෝකේ පහසුකම් දුන්නත් මෙම නිවට නිහීන මිනිසුන්ගේ ආකල්ප වෙනස් නොවෙන බව ස්ථිරයි. තවද මෙවන් අකාර්යක්ෂම සේවයට බලයේ සිටින මෙන්ම බලයේ සිටි සෑම පක්ෂයක්ම බාරගත යුතුමයි. කිසිඳු පක්ෂයට අනේ අපි සුද්දවන්තයින් යැයි කීමට කොහෙත්ම නොහැකියි. දශක කීපයක සිටම රජයේ සේවයට වැඩිපුරම පැමිණියේ ඒ ඒ වකවානුවල බලයට පැමිණි පක්ෂවල ඇම්බැට්ටයින්ය, හොඳම ගොට්ටන්ය. උස නම් කම්කරු කොට නම් සිකුරිටි වැනි නිවටයන් සේවයට පැමිණෙන නමුත් ඒ ඒ දේශපාලුවන්ගේ වසුරු පිළිබඳව කටයුතු මූලික කර ගන්නා අතර උපරිමයෙන් මාසයේ ගතමනාවද ගන්නා පව්කාරයින්ය...

:       0       6

බද්රානි Friday, 12 March 2021 08:42 AM

මොනවා වුණත්, ප්‍රශ්න වලට විසඳුම් වෙනුවට, ප්‍රශ්න තලුමරන එකනේ අපි ඉතිහාසය පුරාම කලේ. මුලින්ම කල යුත්තේ, රාජ්‍ය සේවයට දේශපාලන පත්වීම් දීම නැවැත්වීමයි. එම තනතුරු සඳහා විභාග හා ප්‍රායෝගික තාක්ෂණික ක්‍රමවේද භාවිතා කළ යුතුයි. එමෙන්ම කාර්යාල හා ආයතන ආචාර ධර්ම පිළිබඳ විශේෂ පුහුණුවක් දිය යුතුයි. තනතුරු සම්බන්ධයෙන් එකිනෙකාට පැවරී ඇති රාජකාරිය පිළිබඳව චක්‍ර ලේඛ ලබාදිය යුතුයි. ආයතනය සම්බන්ධයෙන්, යෝජනා, චෝදනා හා පැමිණිලි සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශයට දැන්වීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි. රාජකාරිය පැහැර හරින හා පාගා ගන්නා සේවකයින් නිසි පරීක්ෂණ පවත්වා රාජකාරියෙන් පහකළ යුතුයි. එහෙම නැතිව ජනාධිපති, අගමැති, අමාත්‍යවරයා ආයතන තුළට පැමිණ කරන නාඩගම් අපි රූපවාහිනියෙන් නරඹා ආයතනික ගැටලුවලට පිළිතුරු සෙවිය හැකිද? ඕවා හොඳයි ගෝත්‍රික සමාජයක හෝ එවැනි රටක මෝඩ ජනතාව ඇන්දවීමට... මේවා සටකපට දේශපාලන උපක්‍රම... දකුණු ආසියාව හා අප්‍රිකාවේ සමහර රටවල මෙවැනි ක්‍රමවේද ඇතත්, සංවර්ධිත රටවල මෙවැනි දේශපාලනික විකාර සිදු නොවේ.

:       0       3

Bamunuarachchi Friday, 12 March 2021 10:47 AM

ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා..

:       0       1

Indika Saturday, 13 March 2021 10:55 AM

මානව සම්පත් කළමනාකරණය නැති රටක ප්‍රතිඵලය...

:       0       1

Deepal Nirosh Wednesday, 17 March 2021 05:05 AM

මමත් රජයේ සේවකයෙක්.., මගේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සකසා ඇගයුම්කරු වන ආයතන ප්‍රධානියා වෙත රැගෙන ගියාම ඔහු/ඇය කිව්වේ “ (මගේ නම) අපේ උසස්වීම්වලට ඔය මොනවත් බලපාන්නේ නැහැ. ඔච්චර ඕකට නැහෙන්න එපා. ලේකම්තුමා නිකන් බොරුවට මේවා ලොකුවට ගේන්න කියනවා“ කියලයි. දැන් 63යි, අදත් ඒ ආයතන ප්‍රධානියා හිටපු තනතුරේ යහතින් වැජඹෙනවා. ඉතින් එහෙම රටක මොන කාර්යක්ෂමතාවයක්ද? හැබැයි මෙතන හේතුව දේශපාලනය නම් නොවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 497 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1017 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 936 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 172 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 112 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 996 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17750 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site