අප රටට අත්වී ඇති ඉරණම කැබිනට් අමාත්‍යවරුන්ට අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ඇති විවිධාකාර චෝදනාවලින් වුවද පැහැදිලි කරගත හැකියි. මෙයට හැත්තෑ හය වසරකට ඉහතදී දියුණු වෙමින් පවත්නා රටක් ලෙස නාමකරණයට ලක්වූ අප රට අද දවස වනවිට ගමනාන්තය සලකුණු කර තිබෙන්නේ ‘බංකොලොත් වූ රටක්’ යන නාම පුවරුව සමගිනි. මෙය ඉතා ඛේදනීය තත්වයක් බවත් එබඳු තත්වයක් නිර්මාණය වූයේ අහම්බයෙන් නොවන බවත් ඒකාන්ත සත්‍යයකි.
අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි විභාග කිරීමේ බරපතළ ප්‍රමාදයක් පවතින බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදි (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය වූ බවය.
කෝපා කමිටුව හමුවේ අදහස් දක්වා ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ පත්වීම් බලධාරියා අමාත්‍යවරයා වන බැවින්ද අමාත්‍යංශ ලේකම්වරුන්ගේ පත්වීම් බලධාරියා ජනාධිපති වන බැවින්ද කරුණු විමසීම සඳහා ඔවුන් කැඳවීම් කිරීමට කොමිෂන් සභාවට බලයක් නොමැති හෙයින් පැමිණිලි විභාග කිරීම ප්‍රමාද වන බවය.
කෝපා කමිටුව මෙම ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් දක්වා තිබෙන්නේ පැමිණිල්ලක් ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට කොමිෂන් සභාවකට නොහැකි නම් එය ක්‍රමයේ වැරැද්දක් බවත් එම වැරැද්ද නිවැරැදි කිරීමට කටයුතු කරන ලෙසය. එමෙන්ම කෝපා කමිටුවේ අදහස වී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ව්‍යුහය තුළ එක් සේවා නිලධාරී කාණ්ඩයකට අයත් නිලධාරීන් පමණක් නියෝජනය වීම අපක්ෂපාතී හා සාධාරණ ක්‍රියාදාමයකට බාධා විය හැකි බවය.එබැවින් මෙම තත්වය නිවැරැදි කිරීම සඳහා කෝපා කමිටුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන්ට නිර්දේශ නිකුත් කළ බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි විභාග කිරීමේ බරපතළ ප්‍රමාදයට හේතුව ඉතා පැහැදිලිය. එසේ නම් කළ යුතුව තිබෙන්නේ එම හේතුව තුරන් කිරීමය. එහෙත් සිදු වී නැත්තෙත් එයමය. එය එසේ වී තිබෙන්නේ ඇයි? ක්‍රමය නිවැරැදි නොකිරිමේ වගකීම බාරගත යුත්තේ කවුරුන්ද? වැරැදි ක්‍රමවේදය එලෙසින්ම පවත්වාගෙන යමින් එය නඩත්තු කිරීමද බරපතළ වැරැද්දකි.
අප රටට ඇති බරපතළ ප්‍රශ්නයක් වනුයේ කිසිම ක්ෂේත්‍රයකට අදාළව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීමය. ආණ්ඩු මාරුවකදී පමණක් නොව එකම ආණ්ඩුවක ඇමතිවරුන් මාරු වූ විටදී ද එතෙක් ක්‍රියාත්මක කරගෙන ආ සියලු කටයුතු අතහැර දමා අභිනව අමාත්‍යවරයාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම දක්නට ලැබෙන්නකි.
ස්ථිරසර වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරිමේ ප්‍රතිපත්තියක් නොමැති හෙයින් ඒ වගකීම ඇති නිලධාරීන්ටද ඒ සම්බන්ධ වගකීමක් නැත. තමන් ධුරයේ රැඳී සිටින කාලය කොහොමින් හෝ ගෙවා දමමින් පැලැස්තර විසඳුම් නිර්දේශ කිරීමට නිලධාරීන් පෙළඹි තිබෙන්නේ එහෙයිනි. රාජ්‍ය සේවයට අදාළ පැමිණිලි විභාග කිරීමට ඇති රටේ ප්‍රධානම ආයතනයට අත්වි ඇති දුක්ඛිත ඉරණම රාජ්‍ය සේවයේ අනාගතය සම්බන්ධයෙන් කිසිසේත්ම යහපත් නොවන බව අපි අවධාරණය කරමු.
(***)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රාජ්‍ය සේවා කොමිසම එපා නම් තීරණයක් ගන්න
Deepal Nirosh Wednesday, 07 February 2024 04:18 PM
පසුගිය පළාත් පාලන මැතිවරණ පමාව ගැන විමසන්න මැ/කො මුදල් අමාත්‍යංශ ලේකම් කැඳෙව්වා. ආවාද? ඉතින් මේ කොමිෂන් ගැන තව මොන කතාද?